Crazy Madz Diaries

ආයුබෝවන්! 🌍 I’m Madz — a Sri Lankan exploring the world and sharing every adventure in Sinhala.

From Singapore streets to European cities, from hidden food spots to real migration guides — this is your go-to channel if you want to travel smarter, live bolder, and see the world through a Sri Lankan lens.

🎒 Travel vlogs | 🍜 Food reviews | ✈️ Migration & visa guides | 👨‍👩‍👧 Family travel | 🌏 Life abroad

New videos every week.

Subscribe and join the journey — අපි එකට ලෝකේ බලමු!


Crazy Madz Diaries

🚨 Crazy Madz Diaries SPECIAL CONTEST 🚨

🎁 Lucky draw නෙමෙයි… Value එකට prize!


ඔන්න Crazy Madz Diaries තවත් වෙනස්ම තරගයක් කරන්නයි යන්නේ ❤️
මෙවර කුසපත් ඇදීමෙන් ජයග්‍රාහකයෝ තේරෙන්නෙ නෑ.


වටිනාම අදහස් තියෙන අයට තමයි තිළිණය 🧠🔥


👉 ඔයා කරන්න තියෙන්නේ මෙච්චරයි 👇


1️⃣ Crazy Madz Diaries YouTube channel එකට යන්න
2️⃣ ඔයාට කැමති video එකක් (හෝ කිහිපයක්) බලන්න
3️⃣ අපේ content ගැන ඔයාගේ අවංක අදහස කියන්න



💬 අපි ඇත්තටම දැනගන්න කැමති දේවල්👇
• ඔයා Crazy Madz content වලින් බලාපොරොත්තු වෙන්නෙ මොනවද?
• ඒ බලාපොරොත්තු අපි fulfill කරනවද?
• තව improve වෙන්න ඕන දේවල් මොනවද?
• Future එකේ බලන්න කැමති new content ideas / formats මොනවද?

හොඳයිද නරකයිද කියලා ඇත්තම කියන්න 🙌

Suggestions, criticisms, complaints – ඔක්කොම welcome 💯


👉 Idea ගණනට වඩා quality එක තමයි වැදගත්!
AI Use කරලා Ideas ගෙඩිය පිටින් Paste කරන්නත් එපා. 🤣🤣


🏆 ජයග්‍රාහක තේරෙන්නේ මෙහෙමයි


අදහස් අතරින් වටිනාම අදහස් 5ක් අපි තෝරගන්නවා
💰 එක් අදහසකට රුපියල් 5,000/- මුදල් ත්‍යාගයක්


📌 එක් අයෙකුට අදහස් කිහිපයක් හෝ එකකට වඩා යොමු කරන්න පුළුවන්
📝 අදහස් යොමු කරන්න පුළුවන්
• මේ post එකට comment එකක් ලෙස
• හෝ පහළ තියෙන Google Form එකට submit කරලා


Google Form: forms.gle/1wucvuEcjT8fbzA7A


⏰ අදහස් බාරගන්නා අවසාන දිනය
📅 2026 – February 15
(Late submissions accept කරන්නේ නෑ 🚫)






❤️ Crazy Madz Diaries කියන්නේ ඔයාලා එක්කම build කරන journey එකක්
ඒ journey එක improve කරන්න ඔයාගේ අදහසත් වැදගත්


👉 එහෙනම් delay නොකර
YouTube එක බලලා, comment එක දාලා, prize එකට try එකක් දාන්න! 🔥🎁

2 months ago | [YT] | 2

Crazy Madz Diaries

Crazy Madz Giveaway 2026 – WIN an Insta360 Ace Pro!

ඔන්න අපේ චැනල් එකට සබ්ස්ක්‍රයිබර්ස්ලා 3000ක් එකතුවෙලා. එ් නිසා අපි හිතුවා තෑග්ගක් දෙන්න. තෑග්ග තමයි ඔය Insta 360 Ace Pro action කැමරාව.

සහභාගි වෙන්න කරන්න තියෙන්නෙ👇
✅ Crazy Madz Diaries YouTube channel එක subscribe කරන්න
✅ Crazy Madz Facebook page එක like කරන්න
✅ මේ post එක හෝ Crazy Madz video එකක් share කරන්න
පෝස්ට් ෂෙයා කරද්දි #CrazyMadzGiveAway2026 hashtag එක පාවිච්චි කරන්න එතකොට තමයි අපිට අදුනගන්න පුලුවන්.

එක් අයෙකුට කැමති තරම් ෂෙයා කරන්න පුලුවන්. එහෙනම් දැන්ම වැඩේ පටන්ගන්න

YouTube: youtube.com/@CrazyMadz
facebook: www.facebook.com/crazymadzfans
instagram: www.instagram.com/crazymadz1

📢 ජයගන්නා පුද්ගලයා ප්‍රකාශ කරන්නේ: 2026 පෙබරවාරි 4 නිදහස් දවසේ.

තෑග්ග තැපැල් කරන්න පුලුවන් ලංකාවේ හෝ සිංගප්පූරුවේ ලිපිනයකට විතරයි.

ඔබේ ආදරය සහ සහයෝගය වෙනුවෙන් ස්තූතියි ❤️
Crazy Madz Diaries

4 months ago | [YT] | 17

Crazy Madz Diaries

NAS එක හදන්න ඕන කරන හාඩ් දෙකක් ආවා.
මේක ගත්තෙ ටිකක් අඩුවට Lazada එකෙන්, දැන් තියෙන්නෙ SSD ටික එන්න විතරයි. ඒකත් ආවට පස්සෙ බලමු NAS එක හදලා කොහොමද කියලා

10 months ago | [YT] | 7

Crazy Madz Diaries

නාස් එකක් හදන්න යන්නෙ. UGREEN DXP 2800 බලමු කොහොමද කියලා ඉස්සරහට

10 months ago | [YT] | 8

Crazy Madz Diaries

The Legend of the Descending Dragon – “Hạ Long”
ජනප්‍රවාදයේ විදිහට වියට්නාමයේ හැලොංබේ හැදුන හැටි.

ඉස්සර වියට්නාමය කියනලා රටක් විදිහට නම් කරන්න කලින් මේ ප්‍රදේශය ආක්‍රමණය කරන්න උතුරේ ඉදලා ආක්‍රමණිකයෝ ඇවිල්ලා තියෙනවා. මේ ආක්‍රමණිකයෝ ඇවිල්ලා තියෙන්නෙ බෝට්ටු වලින්.

මෙහෙම බෝට්ටු වලින් එන ආක්‍රමණිකයෝ ටික නවත්වන්න කරපු උපක්‍රමයක් විදිහට තමයි හැලොං බේ නිර්මාණය වෙලා තියෙන්නෙ.

ජනප්‍රවාදයේ හැටියට මේ පලාත බාරව ස්වර්ගයේ හිටපු Jade Emperor (Ngọc Hoàng) මේ ආක්‍රමණිකයෝ මුහුදෙන් එනවා දැක්කට පස්සෙ භූමියේ ආරක්ෂාවට මකරෙක්ව පොලවට එවලා තියෙනවා. තනියම නෙමෙයි මකර පැටවු ටිකකුත් එක්ක තමයි එවලා තියෙන්නේ.

ආක්‍රමණිකයෝ එන්නෙ මංකොල්ල කන්න නිසා එයාලා එනකොටම මකරා අහසින් මතුවෙලා ගින්දර පිඹින ගමන් මැණික් රන් ආභරණ මුහුදට විසකරලා තියෙනවා.

මේවා මැජික් බලයක් තිබ්බ ආභරණ කියලා තමයි කියන්නෙ.
මේ ආභරණ මුහුදට වැටෙනවාත් එක්කම ගින්දරට අහුඋන දේවල් කලුගල් වෙලා තැනින් තැනට වැටිලා පුංචි දූපත් නිර්මාණය උනාලු. මේ දූපත් ලග ලග හැදුන නිසාත් ආක්‍රමණික නැව් ගල් වැටිලා විනාශ උන නිසාත් එයාලට වියට්නාම් භූමිය අල්ලගන්න බැරිවෙලා තියෙනවා.

ඊට පස්සෙ මකරු ටික ස්වර්ගයට යන්නෙ නැතිව මේ භූමියේම පදිංචි වෙන්න තීරණය කෙරුවලු. එතකොට ඒ භූමිය සහ මිනිස්සු ආරක්ෂා කරන්න පුලුවන් නිසා.

මෙතන මේ දූපත් පිහිටලා තියෙන විදිහට වංකගිරියක් වගේ තමයි පේන්නෙ. හැමතැනම එක වගේ තමයි පේන්නෙ. මකරුන්ගේ ගින්දරින් සහ අළු වලින් මේවා හැදුන නිසා මේ අදුරු පැහැය හැලොං බේ එකට ලැබිලා තියෙනවා කියලා තමයි කතාවේ විදිහට තියෙන්නෙ.

මෙතන තවත් දේවල් තියෙනවා මකර අම්මා මුලින්ම පහලට ආපු තැන Ha Long කියලා හදුන්වනවා

මකර පැටව් ආපු තැන Bái Tử Long නමින් හදුන්වනවා ඒ කියන්නෙ මකර දරුවන්ට වන්දනාමාන කරන්න කියන එක

ඒ වගේම තමයි මකරාගේ වලිගේ මුහුදේ වැදිච්ච තැන Bạch Long Vĩ කියලා හදුන්වනවා.

ඒ වගේම තමයි සමහර තැන් ගැන ජනප්‍රවාදයේ මෙහෙමත් කියනවා

karst limestone islands මෙතන තමයි අහසින් වැටුන මකරාගේ ආභරණ ගල්වුන දූපතක් කියලා විශ්වාස කරන්නෙ

ඒවගේම තමයි මේ හැලොං බේ මකරුන්ගේ දායාදයක් කියලා තමයි කියන්නෙ.

කොහොම උනත් හැලොං බේ කියන්නෙ යුනෙස්කෝ එකේ ලෝක උරුමයක් කියලා නම් කරපු තැනක්. අපිටත් ඉතිං පුලුවන් උනා ඒ අතීත මකරුන් දායාද කරපු තැනක තිබ්බ නැවක රාත්‍රියක් ගත කරන්න.

ඉතිං මේ වගේ රස කතා දැනගන්න CrazyMadz Follow කරලා තියාගන්න.

11 months ago (edited) | [YT] | 5

Crazy Madz Diaries

Ho Chi Minh Airport
ඔන්න හොචිමින් වලට ආවා

11 months ago | [YT] | 16

Crazy Madz Diaries

Singapore to Vietnam
මෙන්න මෙහෙමයි අපි පිටත් උනේ වියට්නාමෙට යන්න.
මුලින්ම හොචිමින් ගිහින් එතනින් ධනං වලට Fly කරන්න ඕන

11 months ago | [YT] | 19

Crazy Madz Diaries

ඔන්න එහෙනම් දවස් 16ක් සුන්දර වියට්නාමය බලන්න සැරසෙමු. දුකට හේතුව මේපාර අපේ සුද්දයියලා නැති එක තමයි🥲

11 months ago | [YT] | 9

Crazy Madz Diaries

90mm Macro එකෙන් ගත්ත පලවෙනි පින්තූරය. සිංගප්පූරු බත් කූරා

11 months ago | [YT] | 7

Crazy Madz Diaries

Macro ලෝකයට එබෙන්න යන්නෙ දැන්

1 year ago | [YT] | 10