Travel Me - suranga

​Welcome to Travel Me Suranga 🌏⛰️

​Embark on a journey to explore the hidden soul of Sri Lanka. This channel is dedicated to bringing you the perfect blend of adventure, history, and the breathtaking beauty of our island nation.

​What we explore together

​Archaeological Wonders We travel back in time to discover ancient ruins and sacred sites, uncovering the deep historical roots of Sri Lanka.

​Legends & Folklore

Every place has a story. I share the fascinating history, myths, and local legends behind every destination I visit.
​Camping & Adventure: Join me as I scout the best camping spots, from misty mountaintops to serene forest glades.

​Landscapes

Experience the magic of traveling through Sri Lanka’s most beautiful roads, capturing stunning landscapes and hidden viewpoints along the way.

​Whether you are a history buff, a nature lover, or an adventure seeker, there is something here for you. Join our community to witness the true essence of Sri Lanka through my lens.


Travel Me - suranga

ලංකාවේ තියෙන භයානකම වංගුව😱අඩි 7000ක්‌ උසින් පිහිටි ලංකාවේ ලස්සනම ගම

2 months ago | [YT] | 2

Travel Me - suranga

Rakwana | හදපාන් ඇල්ල සොයා ගිය ගමන | Hadapan Ella Falls | Sinharaja Rain forest

6 months ago | [YT] | 2

Travel Me - suranga

හැබැස්ස පුදබිම..."

ඌව පළාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, ඔක්කම්පිටිය නගරයට ආසන්නව, කුඹුක්කන් ඔය අසබඩ වර්තමානයේ වනගතව පිහිටා ඇති මෙරට අතිශය වැදගත් බෞද්ධ සිද්ධස්ථානයක් මෙන්ම පුරාවිද්‍යා ස්ථානයක් ලෙස හැබැස්ස පුදබිම හැඳින්වීම නිවැරදිය.

ක්‍රි.ව. 02වන සියවසේ දී, 'උපරජ නාග' නම් පාලකයෙකු විසින් 'උලිබිකල නක මහ විහර' යනුවෙන් අතීතයේ හැඳින්වූ මෙම සිද්ධස්ථානය ආරම්භ කළ බව සඳහන් වේ. ඒ එහි ඇති පර්වත ලිපියකට අනුවය. එම ශිලා ලිපියට අනුව උපරජ නාග යනු 'උතර මහරජුගේ' පුත්‍රයාවන අතර, 'වසභ මහ රජුගේ' (ක්‍රි.ව. 67 - 111) මුණුබුරා ය.

අක්කර ගණනාවක් පුරා පැතිරැණු දැවැන්ත පුදබිමක්වන මෙම ස්ථානයේ දැකිය හැකි සුවිශේෂීම ස්මාරකය වන්නේ කටාරම් කෙටූ ගල් ලෙනක් තුළ පිහිටුවා ඇති විශාල බුද්ධ ප්‍රතිමාවයි. ගඩොලින් සහ හුණු බදාමයෙන් නිර්මිත මෙම දැවැන්ත ප්‍රතිමාව මෑතක්වන තෙක්ම විනශයට ලක්ව තිබුණද, අද වනවිට එය සංරක්ෂණයට ලක්කර ඇති බව දැකිය හැකිය. මෙම පිළිමගෙය අතීතයේ, ගඩොලින් බැඳ ආවරණයකර සිතුවම් පවා ඇඳ තිබූ බැව් ශේෂව ඇති බදාම සහිත නෂ්ටාවශේෂ සාක්ෂි දරණු ලැබේ.

මෙම සුවිශේෂී ස්මාරකයට අමතරව දැකිය හැකි අනෙක් කැපීපෙනෙනම ඉදිකිරීම වන්නේ විශාල ස්තූපය යි. අද වනවිට අර්ධයක් පමණක් ශේෂ වී තිබුණද, අතීතයේ ඡත්‍ර සහ යූප ස්ථම්භයන් ද සහිතව අංගසම්පූර්ණව තිබූ දාගැබක් බැව් ඉතිරිව ඇති පුරාවස්තූන් අනුව ප්‍රත්‍යක්ෂ කරගත හැකිය.

බොරදම් සහිත විශිෂ්ට පාෂාණමය වට ප්‍රාකාරයක් සහිතව, සඳකඩපහනක්, මුරගල් සහ කොරවක්ගල්වලින් සමන්විත එක් ප්‍රවේශ මණ්ඩපයක් සහිත මෙහි ස්තූප මලුව දැවැන්ත සලපතල මලුවකින් ද යුක්ත බැව් කිව යුතුය.
මෙම ප්‍රමුඛ ස්මාරක ද්විත්ත්වය කේන්ද්‍ර කරගත් හැබැස්ස පුදබිම පුරාම තවත් ශෛලමය බුදු පිළිමයක්, ගල් කණු සහිත ස්මාරක ගණනාවක් මෙන්ම තවත් බොහෝ ස්මාරක සහ පුරාවස්තූන් දැකගත හැකිය.

ඌව පළාතට ආභරණයක් බඳු, ක්‍රි.ව. 01වන සියවසේ සිට අනුරාධපුර අගභාගය දක්වාම අතිශය දියුණු බෞද්ධාරාමික සංකීර්ණයක් වශයෙන් පැවති මෙම උරැම ස්ථානය මෙලෙස විනශවීමට ප්‍රධාන වශයෙන්ම හේතුවූයේ නිදන් සොරැන්ගේ සහ අනවසර මැණික් ජාවාරම්කරැවන් ගේ ක්‍රියාකලාපයන් ය.

අද වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවත්නා හැබැස්ස පුදබිම, කඩිනමින් සහ අඛණ්ඩව කැණීම්, ප්‍රතිසංස්කරණයන් මෙන්ම තහවුරැ කිරීම හරහා ගොඩනැගිය යුතු මාහැඟි උරැමස්ථානයක් ලෙස හැඳින්විය යුතුය.

8 months ago | [YT] | 23

Travel Me - suranga

1929 වනවිට බ්‍රිතාන්‍ය ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය. මෙහි පුළුල් අමානය‍යේ සහ පටු ආමානයේ මාර්ගත් යෝජිත දුම්රිය මාර්ග අතරට මාතර හම්බන්තොට මාර්ගය, මඩකලපුව සිට නින්දවූර් මාර්ගයත් කළුතර සිට අගලවත්ත දක්වා මාර්ගයත් දක්වා ඇත.

8 months ago | [YT] | 3

Travel Me - suranga

සැප්තැම්බර් 12 වන දිනට අදාළ වැදගත් දේශපාලන, සංස්කෘතික සහ ආගමික සිදුවීම්

🌍 දේශපාලනික සිදුවීම්

ජර්මනිය නැවත එක්වීම (1990)

සීතල යුද්ධයේ අවසානය සනිටුහන් කරමින්, නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය එක්සත් ජර්මනියක් බවට පත් කිරීම සඳහා වූ "Two Plus Four Agreement" ගිවිසුම අත්සන් කරන ලද්දේ මෙම දිනයේයි. මෙය ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් දේශපාලන සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා.

ස්විට්සර්ලන්තය ෆෙඩරල් රාජ්‍යයක් වීම (1848)
ස්විට්සර්ලන්තය ස්වාධීන ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් වූයේ මෙම දිනයේයි. මෙය ස්විට්සර්ලන්තයේ දේශපාලන සහ රාජ්‍ය පාලන ඉතිහාසයේ වැදගත් සිදුවීමක්.

ඉතියෝපියානු කුමන්ත්‍රණය (1974)
අධිරාජ්‍යයා වූ හයිලේ සෙලාසී (Haile Selassie) බලයෙන් පහකළ ඉතියෝපියානු කුමන්ත්‍රණය සිදු වූයේ සැප්තැම්බර් 12 වනදායි. මෙම සිදුවීමෙන් පසු ඉතියෝපියාවේ රාජාණ්ඩුව අවසන් වී මිලිටරි පාලනයක් ආරම්භ වුණා.

සංස්කෘතික සිදුවීම්
ලාස්කෝ ගුහා සිතුවම් සොයාගැනීම (1940)
ප්‍රංශයේ ලාස්කෝ ගුහා (Lascaux Cave) සොයාගනු ලැබුවේ මේ දිනයේදීයි. මෙහි ඇති වසර 17,000 කට වඩා පැරණි ගුහා සිතුවම් පුරාණ මානව සංස්කෘතිය සහ කලාත්මක හැකියාවන් පිළිබඳ ඉතා වැදගත් සාක්ෂි සපයනවා. මෙය පුරාවිද්‍යාත්මක සහ සංස්කෘතික වශයෙන් විශාල වටිනාකමක් ඇති සිදුවීමක්.

ෆ්‍රීඩ්‍රික් නීට්ෂේගේ උපත (1844)
ලෝක ප්‍රකට දාර්ශනිකයෙකු වූ ෆ්‍රීඩ්‍රික් නීට්ෂේ (Friedrich Nietzsche) උපත ලැබුවේ සැප්තැම්බර් 12 වනදායි. ඔහුගේ දර්ශනය, නූතන දර්ශනය, කලාව, සාහිත්‍යය සහ මනෝවිද්‍යාව කෙරෙහි විශාල බලපෑමක් ඇති කළා.

📿ආගමික සිදුවීම්

ආගමික දින සහ නිවාඩු

සැප්තැම්බර් 12 දිනට යෙදෙන ආගමික නිවාඩු දින වසරින් වසර වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස, සමහර වසරවලදී යෝම් කිප්පූර් (Yom Kippur) හෝ වෙනත් යුදෙව් හෝ ඉස්ලාමීය නිවාඩු දිනයක් මේ දිනට යෙදිය හැකියි. මේවා චන්ද්‍ර දින දර්ශන මත පදනම් වන නිසා දින වෙනස් වීම සාමාන්‍ය දෙයක්.

8 months ago | [YT] | 4

Travel Me - suranga

රත්නපුරේ පුංචි දඔදිව | punchi dabadiwa | rathganga temple

8 months ago | [YT] | 1

Travel Me - suranga

ඊයේ රෑ චන්ද්‍රග්‍රහණය අපිට පෙනුන හැටි .....

8 months ago | [YT] | 6

Travel Me - suranga

සම­නොළ කන්ද ගැන විදේ­ශි­ක­යන් කියූ ලස්සන කත­න්දර.
-------------------------------------------------------

සම­න්ගිර මත බුදු­ර­ජා­ණන් වහන්සේ සිරිපා ලාංඡ­නය පිහි­ටු­වන ලද්දේ ඉඳු­නිල් මැණි­කක් මත බව ජන­ප්‍ර­වා­දයේ පැවසේ. නමුත් අද එම සිරි­ප­තුල පිහිටා ඇත්තේ කළු ගලක් මතයි. යථෝක්ත ‍ඉඳුනිල් මැණිකේ ආර­ක්ෂාව සඳහා එය වැසී යන ලෙසින් මේ කළු ගල්ත­ලා­වෙන් වසා ඇති බවත්, එය නිශ්ශං­ක­මල්ල රජ­තුමා විසින් කර­වන ලද බවත් ජන­ප්‍ර­වා­දයේ පවතී.

ශ්‍රී පාද­ස්ථා­නය සොයා ගැනීම පිළි­බඳ ජන­ප්‍ර­වාද රැසක් පවතී. එයින් එකැ­කින් කියැ­වෙන්නේ නිශ්ශං­ක­මල්ල රජ­තු­මාගේ මල් උය­නක මල් හොරු ඇල්ලීම සඳහා එහි රැක සිටි අත් පා නැති කොටෙකු විසින් අල්ලා ගනු ලැබූ සුරං­ග­නා­වි­ය­කගේ පාර පෙන්නීම මත එම කොටාගේ මැදි­හ­ත්වී­මෙන් නිශ්ශං­ක­මල්ල රජ­තුමා සිරි­ප­තුල පිහිටි ස්ථානය සොයා ගත් බවකි. තවත් මත­යක් වන්නේ වළ­ගම්බා රජ­තුමා ශ්‍රීපා­ද­ස්ථා­නය සොයා ගත් බවකි. සිරිපා වන්ද­නාව ඇර­ඹුණේ කුමන කාල­ය­ක­දැයි ස්ථිර­වම කිව නොහැකි වුවත් 11 වැනි සිය­වසේ සිට සිරිපා වන්ද­නාව ඇරැ­ඹුණු බවට සාධක හමුවේ. ක්‍රි.ව. 1055 - 1110 දක්වා පොලො­න්නරු‍වේ රජ කළ මහා විජ­ය­බාහු රජ­තුමා පිහි­ටුවා ඇති අඹ­ග­මුව සෙල් ලිපි­යෙන් පැහැ­දිලි වේ.

මහා විජ­ය­බාහු රජ­තුමා ශ්‍රීපා­ද­ස්ථා­නය වෙනු­වෙන් කරන ලද සේවාව එහි සඳ­හන් වේ. එතු­මාගේ වන්දනා ගම­නින් පසු දේශීය රජ­ව­රුන් හා රාජ්‍ය නාය­ක­යන් මෙම ස්ථානය වන්දනා කළ බවට ලිඛිත සාධක බොහෝය. මේ අය අතර කීර්ති ශ්‍රී නිශ්ශං­ක­මල්ල දෙවැනි පැර­කුම්බා, තෙවැනි විම­ල­ධ­ර්ම­සූ­රිය, ශ්‍රී වීර­ප­රා­ක්‍රම නරෙ­න්ද්‍ර­සිංහ හා ශ්‍රී විජය රාජ­සිංහ යන රජ­වරු හා ජන නාය­කයෝ ද වෙති. එමෙන්ම විදේ­ශි­කයෝ ද සිරිපා වන්ද­නාවේ ගොස් විස්තර සඳ­හන් කර ඇත්තාහ.

ඈත අතී­තයේ සිටම මෙහි පැමිණි දේශ ගවේ­ෂ­ක­යන්, විවිධ ගත් කතු­ව­ර­යන්, නාවි­ක­යන් හා වෙළෙ­න්දන් වැනි අය විසින් සඳ­හන් කරනු ලැබූ කුතු­හ­ලය හා විස්මය දන­වන කතා පුවත් බොහො­ම­යකි. සිංහ­ල­යන් සම­නොළ කන්ද නමින් ද, ඉංග්‍රීසි ජාති­ක­යන් ‘ඇඩම්ස් පීක්’ යනු­වෙන් ද හඳු­න්වන සම­නොළ කන්ද මුස්ලිම් ජාති­ක­යන් විසින් ‘බබා අද­ම­ලින්’ යනු­වෙන් හඳු­න්වනු ලැබේ. හින්දු භක්ති­ක­යන් ‘ශිව නඩි පාදම්’ යනු­වෙන් හඳු­න්වන අතර පෘතු­ගී­සින් විසින් ‘පිකෝද ඇඩම්’ යන නමින් හඳු­න්වනු ලැබීය.

බුදු­ර­ජා­ණන් වහන්සේ තුන්වැනි වරට ලංකා­වට වැඩි අව­ස්ථාවේ සබ­ර­ග­මුවේ සුමන සමන් නමැති නාය­ක­යාගේ ආරා­ධ­නය පරිදි සම­නොළ කන්ද මුදුනේ ශ්‍රී පතුල පිහි­ටු­වාලූ බව සිංහල වංශ­ක­තා­වල මෙන්ම සම­න්ත­කූට වර්ණ­නාවේ ද සඳ­හන් වේ. මේ බෞද්ධ­යන්ගේ මත­යයි. මහ­න්මත් ආගම අද­හ­න්නන්ගේ විශ්වා­සය වන්නේ ආදම් පව් සේදීම සඳහා සම­නොළ කන්ද මුදුනේ තනි පාද­යෙන් සිට­ගෙන සිටි නිසා ඔහු ගේ පා සට­හන නොමැ­කෙන ලෙස එහි සට­හන් වූ බවයි. ශිව දෙවි­යන් ‘තාණ්ඩව’ නැටුම සඳහා පොළො­වට පැමිණි දිනෙහි ඔහු‍ගේ පා සට­හන සම­නොළ කන්ද මුදුනේ තැබූ බව හින්දු භක්ති­ක­යන්ගේ විශ්වා­ස­යයි.

විදේ­ශි­ක­යන්ගේ විස්තර අනුව මුලින් ම සිරිපා වන්ද­නාවේ පැමිණි විදේ­ශි­කයා මහා ඇලෙ­ක්සැ­න්ඩර් රජ­තු­මාය. ඒ බැව් පර්සි­යන් ජාතික අෂ්රාජ් නමැති කවියා පව­සයි. දහ­වැනි සිය­වසේ අව­සාන භාගයේ දී සුමා­ත්‍රාව හරහා මුහුදු ගම­න­කින් ලංකා­වට පැමිණි චීන ජාතික ‘චාඕ ජූ කුමා’ නමැති වෙළඳ අධි­කා­රි­ව­ර­යෙකු විසින් සම­නොළ කන්ද ගැනත් එව­කට සිටි රජු ගැනත් විස්ත­ර­යක් කර ඇත. ඔහු සඳ­හන් කර­නුයේ මෙම දිව­යිනේ ‘සිලන්ති’ නමින් කන්දක් ඇති බවත් එහි මුදුනේ අඩි හත­කට වඩා දිග මිනිස් පා සට­හ­නක් දක්නට ලැබෙන බවත් ය.

13 වැනි සිය­වසේ අග භාග­යේදී ‘ජෝන් ද මරි­ඤ්ඤේල්ලි” නමැති බිෂොප් වරයා ලංකා­වට පැමි­ණි­යේය. ඔහු සම­නොළ කන්ද ගැන කර ඇති විස්ත­රය අනුව සෙලාන් (සම­නොළ) කන්ද මත ස්වර්ගය ඇතැයි සම­හරු විශ්වාස කරති. උස් වූ මෙම කන්ද මුදුන සුදු වලා­කු­ළු­ව­ලින් වැසී ඇත. මෙම කන්දේ පහළ කොටසේ කදිම තැනි­ත­ලා­වක් වේ. කන්ද පාමුල ශුද්ධ ජීවිත ගෙවන පැවිද්දෝ වෙසෙති.

දේව දූත­යන් විසින් අල්ලා­ගෙන එන ලද ආදම් ‘සෙලාන්’ (සම­නොළ) කන්දේ විලට එහා­යින් මුදා හළ බවත් ආදම් ඒ අසල ගලක දකුණු ප ය තැබුව බවත් මෙම බිෂො­ප්ව­ර­යාගේ සට­හ­නෙහි තව­දු­ර­ටත් සඳ­හන් වේ. මෙම පා සට­හ­නෙහි දිග අත්ලෙන් දෙක හමා­රක් පමණ බවත් ඔහු පව­සයි. වන්ද­නාවේ ගිය සියලු දෙනාම මෙම පා සට­හන මැන්න බව මරි­ඤ්ඤේල්ලි සඳ­හන් කරයි. සම­නොළ කන්ද අවට ප්‍රදේ­ශය කෙසෙල්, පොල්. කොස් හා නොයෙ­කුත් පල­තු­රු­ව­ලින් පිරි උය­නක සිරි ගන්නා බවත් ආදම් හා ඒව මේ උයනේ ජීවත් වූ බවත් ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.

පර්සි­යානු ජාති­ක­යෙකු වන ‘ඉබ්න් තමුර් දාබ්බේ” සිරිපා වන්ද­නා­වෙන් පසු ලියූ විස්ත­ර­යක ඇත්තේ ‘සෙර­න්දිබ්” (ලංකාව) දිව­යින දිග හා පළල පර­සිංහ 80 ක් (සැත­පුම් 320 ක්) බවයි. පාරා­දී­ස­යෙන් ආදම් පන්නා ඇත්තේ මෙහි ඇති උසම කන්දක බවත් මෙම දිව­යි­නට ගොඩ බැසී­මට දින විස්ස­කට පෙර මුහුද මැදදී කන්ද දුටුව බවත් ඔහු කියා ඇත. ඔහු ද කියා ඇත්තේ මෙම කන්ද මුදුනේ ආදම්ගේ පා සට­හන ඇති බවයි. කන්ද මුදු­නෙන් විදුලි කෙටී­ම­කදී ඇති­ව­න්නාසේ ආලෝ­ක­යක් පැති­රෙන බවද ඔහු වැඩි­දු­ර­ටත් පව­සයි.

ක්‍රි.ව. 1321 - 24 කාලයේ ලංකා­වට පැමිණි ඉතාලි ජාතික ‘ඔඩො­රික්” නමැති පූජ­ක­ව­රයා හිස් දහ­යක් ඇති පුදුම කුරු­ල්ලෙකු සිටින රටක් ලෙස ලංකාව හඳුන්වා තිබේ. පූජ­ක­ව­රයා සම­නොළ කන්ද ගැනද විස්තර කර ඇත. “මෙම රටෙහි විශාල කන්දක් ඇති බවත් ආදම් තම පුත්‍රයා ගැන අවු­රුදු 100 ක් දුක් වූයේ මෙම කන්ද මුදුනේ සිට යැයි මිනි­සුන් කියන බවත්” ඔඩො­රික් පූජ­ක­ව­රයා සඳ­හන් කරයි.

අබූ අබ්දුල්ලා මහ­ම්මන් ඉබන් බතූතා නමැති ලෝක ප්‍රසිද්ධ දේශා­ට­කයා ලංකා­වට පැමිණ සිරිපා වන්ද­නාවේ ගොස් ඇත. ඔහු ලංකා­වට බැසී­මට දින නම­ය­කට පෙර සම­නොළ කන්ද දුටු බව සඳ­හන් කරයි. කන්ද නැඟී­මට පාර­වල් දෙකක් ඇති බවත් ඉන් එක පාරක් ‘ආදම්ගේ මාවත’ ලෙස හා අනික් පාර ‘ඒවගේ මාවත’ ලෙස හැඳි­න්වෙන බවත් ඉබන් බතූතා ගේ විස්ත­ර­යෙහි සඳ­හන් වේ. එකල තිබූ මාවත් ගල් පඩි කපා යකඩ කූඤ්ඤ සවි­කර තිබූ බවත් වන්ද­නාවේ යන උද­විය මෙම දම්වැ­ල්වල එල්ලී ගමන් කළ බවත් එවැනි දම්වැල් දහ­යක් තිබුණු බවත් ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.

ඉබන් බතූතා සිරිපා ලාංඡ­නය ගැන විස්තර කර­නුයේ මෙසේය. එකො­ළොස් විය­තක් දිග අපේ ආදම් පියාගේ පාද ලාංඡ­නය කඳු මුදුනේ එළි­ම­හන් තැනක වේ. වරින් වර පැමිණි චීන වන්ද­නා­ක­රු­වන් මෙම ගලෙන් මාපට ඇඟිල්ල හා අවට කොටස් කඩා­ගෙන ගොස් ‘සෙයි­කන්’නුවර සිද්ධ­ස්ථා­න­වල තබා ඇත. වන්ද­නා­ක­රු­වන් මුතු මැණික්, රත්ත­රන් හා රිදී ආදිය පූජා කොට ආදම් පියාගේ පා වැඳ ඇත. මා යන විටදී ද මැණික් ගල් කිහි­ප­යක් හා රන් රිදී කෑලි කිහි­ප­යක් ද තිබුණි. ඒවා මා සමඟ ගිය මාර්ගෝප දේශ­ක­යාට දුනිමි”

දින තුනක් සම­නොළ කන්ද මුදුනේ සිට වැඳුම් පිදුම් කර ආපසු එද්දී දුටු අරුම පුදුම ගසක් ගැන සඳ­හන් කරන ඉබන් බතූතා එම ගස ඇවි­දින ගසක් ලෙස හඳු­න්වයි. කන්ද මුදුනේ සිට බලන විට ගස කන්ද මුදුනේ තිබෙන ලෙසක් පෙනෙන බව කියන ඔහු එහි කොළ බිමට නොවැ­ටෙන බවත් ඒ නිසා කොළ­යක් අහුලා ගැනී­මට නොහැකි වූ බවත් පව­ස­මින් සම­නොළ කන්ද ගැන විස්තර අව­සන් කර ඇත.

8 months ago | [YT] | 5