Welcome to Travel Me Suranga 🌏⛰️
Embark on a journey to explore the hidden soul of Sri Lanka. This channel is dedicated to bringing you the perfect blend of adventure, history, and the breathtaking beauty of our island nation.
What we explore together
Archaeological Wonders We travel back in time to discover ancient ruins and sacred sites, uncovering the deep historical roots of Sri Lanka.
Legends & Folklore
Every place has a story. I share the fascinating history, myths, and local legends behind every destination I visit.
Camping & Adventure: Join me as I scout the best camping spots, from misty mountaintops to serene forest glades.
Landscapes
Experience the magic of traveling through Sri Lanka’s most beautiful roads, capturing stunning landscapes and hidden viewpoints along the way.
Whether you are a history buff, a nature lover, or an adventure seeker, there is something here for you. Join our community to witness the true essence of Sri Lanka through my lens.
Travel Me - suranga
ලංකාවේ තියෙන භයානකම වංගුව😱අඩි 7000ක් උසින් පිහිටි ලංකාවේ ලස්සනම ගම
2 months ago | [YT] | 2
View 0 replies
Travel Me - suranga
Rakwana | හදපාන් ඇල්ල සොයා ගිය ගමන | Hadapan Ella Falls | Sinharaja Rain forest
6 months ago | [YT] | 2
View 0 replies
Travel Me - suranga
6 months ago | [YT] | 4
View 1 reply
Travel Me - suranga
https://youtu.be/AUsTo_dBqmg
7 months ago | [YT] | 21
View 0 replies
Travel Me - suranga
හැබැස්ස පුදබිම..."
ඌව පළාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, ඔක්කම්පිටිය නගරයට ආසන්නව, කුඹුක්කන් ඔය අසබඩ වර්තමානයේ වනගතව පිහිටා ඇති මෙරට අතිශය වැදගත් බෞද්ධ සිද්ධස්ථානයක් මෙන්ම පුරාවිද්‍යා ස්ථානයක් ලෙස හැබැස්ස පුදබිම හැඳින්වීම නිවැරදිය.
ක්‍රි.ව. 02වන සියවසේ දී, 'උපරජ නාග' නම් පාලකයෙකු විසින් 'උලිබිකල නක මහ විහර' යනුවෙන් අතීතයේ හැඳින්වූ මෙම සිද්ධස්ථානය ආරම්භ කළ බව සඳහන් වේ. ඒ එහි ඇති පර්වත ලිපියකට අනුවය. එම ශිලා ලිපියට අනුව උපරජ නාග යනු 'උතර මහරජුගේ' පුත්‍රයාවන අතර, 'වසභ මහ රජුගේ' (ක්‍රි.ව. 67 - 111) මුණුබුරා ය.
අක්කර ගණනාවක් පුරා පැතිරැණු දැවැන්ත පුදබිමක්වන මෙම ස්ථානයේ දැකිය හැකි සුවිශේෂීම ස්මාරකය වන්නේ කටාරම් කෙටූ ගල් ලෙනක් තුළ පිහිටුවා ඇති විශාල බුද්ධ ප්‍රතිමාවයි. ගඩොලින් සහ හුණු බදාමයෙන් නිර්මිත මෙම දැවැන්ත ප්‍රතිමාව මෑතක්වන තෙක්ම විනශයට ලක්ව තිබුණද, අද වනවිට එය සංරක්ෂණයට ලක්කර ඇති බව දැකිය හැකිය. මෙම පිළිමගෙය අතීතයේ, ගඩොලින් බැඳ ආවරණයකර සිතුවම් පවා ඇඳ තිබූ බැව් ශේෂව ඇති බදාම සහිත නෂ්ටාවශේෂ සාක්ෂි දරණු ලැබේ.
මෙම සුවිශේෂී ස්මාරකයට අමතරව දැකිය හැකි අනෙක් කැපීපෙනෙනම ඉදිකිරීම වන්නේ විශාල ස්තූපය යි. අද වනවිට අර්ධයක් පමණක් ශේෂ වී තිබුණද, අතීතයේ ඡත්‍ර සහ යූප ස්ථම්භයන් ද සහිතව අංගසම්පූර්ණව තිබූ දාගැබක් බැව් ඉතිරිව ඇති පුරාවස්තූන් අනුව ප්රත්යක්ෂ කරගත හැකිය.
බොරදම් සහිත විශිෂ්ට පාෂාණමය වට ප්රාකාරයක් සහිතව, සඳකඩපහනක්, මුරගල් සහ කොරවක්ගල්වලින් සමන්විත එක් ප්‍රවේශ මණ්ඩපයක් සහිත මෙහි ස්තූප මලුව දැවැන්ත සලපතල මලුවකින් ද යුක්ත බැව් කිව යුතුය.
මෙම ප්රමුඛ ස්මාරක ද්විත්ත්වය කේන්ද්‍ර කරගත් හැබැස්ස පුදබිම පුරාම තවත් ශෛලමය බුදු පිළිමයක්, ගල් කණු සහිත ස්මාරක ගණනාවක් මෙන්ම තවත් බොහෝ ස්මාරක සහ පුරාවස්තූන් දැකගත හැකිය.
ඌව පළාතට ආභරණයක් බඳු, ක්‍රි.ව. 01වන සියවසේ සිට අනුරාධපුර අගභාගය දක්වාම අතිශය දියුණු බෞද්ධාරාමික සංකීර්ණයක් වශයෙන් පැවති මෙම උරැම ස්ථානය මෙලෙස විනශවීමට ප්‍රධාන වශයෙන්ම හේතුවූයේ නිදන් සොරැන්ගේ සහ අනවසර මැණික් ජාවාරම්කරැවන් ගේ ක්‍රියාකලාපයන් ය.
අද වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවත්නා හැබැස්ස පුදබිම, කඩිනමින් සහ අඛණ්ඩව කැණීම්, ප්‍රතිසංස්කරණයන් මෙන්ම තහවුරැ කිරීම හරහා ගොඩනැගිය යුතු මාහැඟි උරැමස්ථානයක් ලෙස හැඳින්විය යුතුය.
8 months ago | [YT] | 23
View 0 replies
Travel Me - suranga
1929 වනවිට බ්‍රිතාන්‍ය ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය. මෙහි පුළුල් අමානයයේ සහ පටු ආමානයේ මාර්ගත් යෝජිත දුම්රිය මාර්ග අතරට මාතර හම්බන්තොට මාර්ගය, මඩකලපුව සිට නින්දවූර් මාර්ගයත් කළුතර සිට අගලවත්ත දක්වා මාර්ගයත් දක්වා ඇත.
8 months ago | [YT] | 3
View 0 replies
Travel Me - suranga
සැප්තැම්බර් 12 වන දිනට අදාළ වැදගත් දේශපාලන, සංස්කෘතික සහ ආගමික සිදුවීම්
🌍 දේශපාලනික සිදුවීම්
ජර්මනිය නැවත එක්වීම (1990)
සීතල යුද්ධයේ අවසානය සනිටුහන් කරමින්, නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය එක්සත් ජර්මනියක් බවට පත් කිරීම සඳහා වූ "Two Plus Four Agreement" ගිවිසුම අත්සන් කරන ලද්දේ මෙම දිනයේයි. මෙය ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් දේශපාලන සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා.
ස්විට්සර්ලන්තය ෆෙඩරල් රාජ්‍යයක් වීම (1848)
ස්විට්සර්ලන්තය ස්වාධීන ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් වූයේ මෙම දිනයේයි. මෙය ස්විට්සර්ලන්තයේ දේශපාලන සහ රාජ්‍ය පාලන ඉතිහාසයේ වැදගත් සිදුවීමක්.
ඉතියෝපියානු කුමන්ත්‍රණය (1974)
අධිරාජ්‍යයා වූ හයිලේ සෙලාසී (Haile Selassie) බලයෙන් පහකළ ඉතියෝපියානු කුමන්ත්‍රණය සිදු වූයේ සැප්තැම්බර් 12 වනදායි. මෙම සිදුවීමෙන් පසු ඉතියෝපියාවේ රාජාණ්ඩුව අවසන් වී මිලිටරි පාලනයක් ආරම්භ වුණා.
සංස්කෘතික සිදුවීම්
ලාස්කෝ ගුහා සිතුවම් සොයාගැනීම (1940)
ප්‍රංශයේ ලාස්කෝ ගුහා (Lascaux Cave) සොයාගනු ලැබුවේ මේ දිනයේදීයි. මෙහි ඇති වසර 17,000 කට වඩා පැරණි ගුහා සිතුවම් පුරාණ මානව සංස්කෘතිය සහ කලාත්මක හැකියාවන් පිළිබඳ ඉතා වැදගත් සාක්ෂි සපයනවා. මෙය පුරාවිද්‍යාත්මක සහ සංස්කෘතික වශයෙන් විශාල වටිනාකමක් ඇති සිදුවීමක්.
ෆ්රීඩ්රික් නීට්ෂේගේ උපත (1844)
ලෝක ප්‍රකට දාර්ශනිකයෙකු වූ ෆ්රීඩ්රික් නීට්ෂේ (Friedrich Nietzsche) උපත ලැබුවේ සැප්තැම්බර් 12 වනදායි. ඔහුගේ දර්ශනය, නූතන දර්ශනය, කලාව, සාහිත්‍යය සහ මනෝවිද්‍යාව කෙරෙහි විශාල බලපෑමක් ඇති කළා.
📿ආගමික සිදුවීම්
ආගමික දින සහ නිවාඩු
සැප්තැම්බර් 12 දිනට යෙදෙන ආගමික නිවාඩු දින වසරින් වසර වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස, සමහර වසරවලදී යෝම් කිප්පූර් (Yom Kippur) හෝ වෙනත් යුදෙව් හෝ ඉස්ලාමීය නිවාඩු දිනයක් මේ දිනට යෙදිය හැකියි. මේවා චන්ද්‍ර දින දර්ශන මත පදනම් වන නිසා දින වෙනස් වීම සාමාන්‍ය දෙයක්.
8 months ago | [YT] | 4
View 1 reply
Travel Me - suranga
රත්නපුරේ පුංචි දඔදිව | punchi dabadiwa | rathganga temple
8 months ago | [YT] | 1
View 0 replies
Travel Me - suranga
ඊයේ රෑ චන්ද්‍රග්‍රහණය අපිට පෙනුන හැටි .....
8 months ago | [YT] | 6
View 0 replies
Travel Me - suranga
සමනොළ කන්ද ගැන විදේශිකයන් කියූ ලස්සන කතන්දර.
-------------------------------------------------------
සමන්ගිර මත බුදුරජාණන් වහන්සේ සිරිපා ලාංඡනය පිහිටුවන ලද්දේ ඉඳුනිල් මැණිකක් මත බව ජනප්රවාදයේ පැවසේ. නමුත් අද එම සිරිපතුල පිහිටා ඇත්තේ කළු ගලක් මතයි. යථෝක්ත ඉඳුනිල් මැණිකේ ආරක්ෂාව සඳහා එය වැසී යන ලෙසින් මේ කළු ගල්තලාවෙන් වසා ඇති බවත්, එය නිශ්ශංකමල්ල රජතුමා විසින් කරවන ලද බවත් ජනප්රවාදයේ පවතී.
ශ්‍රී පාදස්ථානය සොයා ගැනීම පිළිබඳ ජනප්‍රවාද රැසක් පවතී. එයින් එකැකින් කියැවෙන්නේ නිශ්ශංකමල්ල රජතුමාගේ මල් උයනක මල් හොරු ඇල්ලීම සඳහා එහි රැක සිටි අත් පා නැති කොටෙකු විසින් අල්ලා ගනු ලැබූ සුරංගනාවියකගේ පාර පෙන්නීම මත එම කොටාගේ මැදිහත්වීමෙන් නිශ්ශංකමල්ල රජතුමා සිරිපතුල පිහිටි ස්ථානය සොයා ගත් බවකි. තවත් මතයක් වන්නේ වළගම්බා රජතුමා ශ්‍රීපාදස්ථානය සොයා ගත් බවකි. සිරිපා වන්දනාව ඇරඹුණේ කුමන කාලයකදැයි ස්ථිරවම කිව නොහැකි වුවත් 11 වැනි සියවසේ සිට සිරිපා වන්දනාව ඇරැඹුණු බවට සාධක හමුවේ. ක්‍රි.ව. 1055 - 1110 දක්වා පොලොන්නරුවේ රජ කළ මහා විජයබාහු රජතුමා පිහිටුවා ඇති අඹගමුව සෙල් ලිපියෙන් පැහැදිලි වේ.
මහා විජයබාහු රජතුමා ශ්‍රීපාදස්ථානය වෙනුවෙන් කරන ලද සේවාව එහි සඳහන් වේ. එතුමාගේ වන්දනා ගමනින් පසු දේශීය රජවරුන් හා රාජ්‍ය නායකයන් මෙම ස්ථානය වන්දනා කළ බවට ලිඛිත සාධක බොහෝය. මේ අය අතර කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල දෙවැනි පැරකුම්බා, තෙවැනි විමලධර්මසූරිය, ශ්‍රී වීරපරාක්රම නරෙන්ද්‍රසිංහ හා ශ්‍රී විජය රාජසිංහ යන රජවරු හා ජන නායකයෝ ද වෙති. එමෙන්ම විදේශිකයෝ ද සිරිපා වන්දනාවේ ගොස් විස්තර සඳහන් කර ඇත්තාහ.
ඈත අතීතයේ සිටම මෙහි පැමිණි දේශ ගවේෂකයන්, විවිධ ගත් කතුවරයන්, නාවිකයන් හා වෙළෙන්දන් වැනි අය විසින් සඳහන් කරනු ලැබූ කුතුහලය හා විස්මය දනවන කතා පුවත් බොහොමයකි. සිංහලයන් සමනොළ කන්ද නමින් ද, ඉංග්‍රීසි ජාතිකයන් ‘ඇඩම්ස් පීක්’ යනුවෙන් ද හඳුන්වන සමනොළ කන්ද මුස්ලිම් ජාතිකයන් විසින් ‘බබා අදමලින්’ යනුවෙන් හඳුන්වනු ලැබේ. හින්දු භක්තිකයන් ‘ශිව නඩි පාදම්’ යනුවෙන් හඳුන්වන අතර පෘතුගීසින් විසින් ‘පිකෝද ඇඩම්’ යන නමින් හඳුන්වනු ලැබීය.
බුදුරජාණන් වහන්සේ තුන්වැනි වරට ලංකාවට වැඩි අවස්ථාවේ සබරගමුවේ සුමන සමන් නමැති නායකයාගේ ආරාධනය පරිදි සමනොළ කන්ද මුදුනේ ශ්‍රී පතුල පිහිටුවාලූ බව සිංහල වංශකතාවල මෙන්ම සමන්තකූට වර්ණනාවේ ද සඳහන් වේ. මේ බෞද්ධයන්ගේ මතයයි. මහන්මත් ආගම අදහන්නන්ගේ විශ්වාසය වන්නේ ආදම් පව් සේදීම සඳහා සමනොළ කන්ද මුදුනේ තනි පාදයෙන් සිටගෙන සිටි නිසා ඔහු ගේ පා සටහන නොමැකෙන ලෙස එහි සටහන් වූ බවයි. ශිව දෙවියන් ‘තාණ්ඩව’ නැටුම සඳහා පොළොවට පැමිණි දිනෙහි ඔහුගේ පා සටහන සමනොළ කන්ද මුදුනේ තැබූ බව හින්දු භක්තිකයන්ගේ විශ්වාසයයි.
විදේශිකයන්ගේ විස්තර අනුව මුලින් ම සිරිපා වන්දනාවේ පැමිණි විදේශිකයා මහා ඇලෙක්සැන්ඩර් රජතුමාය. ඒ බැව් පර්සියන් ජාතික අෂ්රාජ් නමැති කවියා පවසයි. දහවැනි සියවසේ අවසාන භාගයේ දී සුමාත්‍රාව හරහා මුහුදු ගමනකින් ලංකාවට පැමිණි චීන ජාතික ‘චාඕ ජූ කුමා’ නමැති වෙළඳ අධිකාරිවරයෙකු විසින් සමනොළ කන්ද ගැනත් එවකට සිටි රජු ගැනත් විස්තරයක් කර ඇත. ඔහු සඳහන් කරනුයේ මෙම දිවයිනේ ‘සිලන්ති’ නමින් කන්දක් ඇති බවත් එහි මුදුනේ අඩි හතකට වඩා දිග මිනිස් පා සටහනක් දක්නට ලැබෙන බවත් ය.
13 වැනි සියවසේ අග භාගයේදී ‘ජෝන් ද මරිඤ්ඤේල්ලි” නමැති බිෂොප් වරයා ලංකාවට පැමිණියේය. ඔහු සමනොළ කන්ද ගැන කර ඇති විස්තරය අනුව සෙලාන් (සමනොළ) කන්ද මත ස්වර්ගය ඇතැයි සමහරු විශ්වාස කරති. උස් වූ මෙම කන්ද මුදුන සුදු වලාකුළුවලින් වැසී ඇත. මෙම කන්දේ පහළ කොටසේ කදිම තැනිතලාවක් වේ. කන්ද පාමුල ශුද්ධ ජීවිත ගෙවන පැවිද්දෝ වෙසෙති.
දේව දූතයන් විසින් අල්ලාගෙන එන ලද ආදම් ‘සෙලාන්’ (සමනොළ) කන්දේ විලට එහායින් මුදා හළ බවත් ආදම් ඒ අසල ගලක දකුණු ප ය තැබුව බවත් මෙම බිෂොප්වරයාගේ සටහනෙහි තවදුරටත් සඳහන් වේ. මෙම පා සටහනෙහි දිග අත්ලෙන් දෙක හමාරක් පමණ බවත් ඔහු පවසයි. වන්දනාවේ ගිය සියලු දෙනාම මෙම පා සටහන මැන්න බව මරිඤ්ඤේල්ලි සඳහන් කරයි. සමනොළ කන්ද අවට ප්‍රදේශය කෙසෙල්, පොල්. කොස් හා නොයෙකුත් පලතුරුවලින් පිරි උයනක සිරි ගන්නා බවත් ආදම් හා ඒව මේ උයනේ ජීවත් වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
පර්සියානු ජාතිකයෙකු වන ‘ඉබ්න් තමුර් දාබ්බේ” සිරිපා වන්දනාවෙන් පසු ලියූ විස්තරයක ඇත්තේ ‘සෙරන්දිබ්” (ලංකාව) දිවයින දිග හා පළල පරසිංහ 80 ක් (සැතපුම් 320 ක්) බවයි. පාරාදීසයෙන් ආදම් පන්නා ඇත්තේ මෙහි ඇති උසම කන්දක බවත් මෙම දිවයිනට ගොඩ බැසීමට දින විස්සකට පෙර මුහුද මැදදී කන්ද දුටුව බවත් ඔහු කියා ඇත. ඔහු ද කියා ඇත්තේ මෙම කන්ද මුදුනේ ආදම්ගේ පා සටහන ඇති බවයි. කන්ද මුදුනෙන් විදුලි කෙටීමකදී ඇතිවන්නාසේ ආලෝකයක් පැතිරෙන බවද ඔහු වැඩිදුරටත් පවසයි.
ක්‍රි.ව. 1321 - 24 කාලයේ ලංකාවට පැමිණි ඉතාලි ජාතික ‘ඔඩොරික්” නමැති පූජකවරයා හිස් දහයක් ඇති පුදුම කුරුල්ලෙකු සිටින රටක් ලෙස ලංකාව හඳුන්වා තිබේ. පූජකවරයා සමනොළ කන්ද ගැනද විස්තර කර ඇත. “මෙම රටෙහි විශාල කන්දක් ඇති බවත් ආදම් තම පුත්‍රයා ගැන අවුරුදු 100 ක් දුක් වූයේ මෙම කන්ද මුදුනේ සිට යැයි මිනිසුන් කියන බවත්” ඔඩොරික් පූජකවරයා සඳහන් කරයි.
අබූ අබ්දුල්ලා මහම්මන් ඉබන් බතූතා නමැති ලෝක ප්‍රසිද්ධ දේශාටකයා ලංකාවට පැමිණ සිරිපා වන්දනාවේ ගොස් ඇත. ඔහු ලංකාවට බැසීමට දින නමයකට පෙර සමනොළ කන්ද දුටු බව සඳහන් කරයි. කන්ද නැඟීමට පාරවල් දෙකක් ඇති බවත් ඉන් එක පාරක් ‘ආදම්ගේ මාවත’ ලෙස හා අනික් පාර ‘ඒවගේ මාවත’ ලෙස හැඳින්වෙන බවත් ඉබන් බතූතා ගේ විස්තරයෙහි සඳහන් වේ. එකල තිබූ මාවත් ගල් පඩි කපා යකඩ කූඤ්ඤ සවිකර තිබූ බවත් වන්දනාවේ යන උදවිය මෙම දම්වැල්වල එල්ලී ගමන් කළ බවත් එවැනි දම්වැල් දහයක් තිබුණු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
ඉබන් බතූතා සිරිපා ලාංඡනය ගැන විස්තර කරනුයේ මෙසේය. එකොළොස් වියතක් දිග අපේ ආදම් පියාගේ පාද ලාංඡනය කඳු මුදුනේ එළිමහන් තැනක වේ. වරින් වර පැමිණි චීන වන්දනාකරුවන් මෙම ගලෙන් මාපට ඇඟිල්ල හා අවට කොටස් කඩාගෙන ගොස් ‘සෙයිකන්’නුවර සිද්ධස්ථානවල තබා ඇත. වන්දනාකරුවන් මුතු මැණික්, රත්තරන් හා රිදී ආදිය පූජා කොට ආදම් පියාගේ පා වැඳ ඇත. මා යන විටදී ද මැණික් ගල් කිහිපයක් හා රන් රිදී කෑලි කිහිපයක් ද තිබුණි. ඒවා මා සමඟ ගිය මාර්ගෝප දේශකයාට දුනිමි”
දින තුනක් සමනොළ කන්ද මුදුනේ සිට වැඳුම් පිදුම් කර ආපසු එද්දී දුටු අරුම පුදුම ගසක් ගැන සඳහන් කරන ඉබන් බතූතා එම ගස ඇවිදින ගසක් ලෙස හඳුන්වයි. කන්ද මුදුනේ සිට බලන විට ගස කන්ද මුදුනේ තිබෙන ලෙසක් පෙනෙන බව කියන ඔහු එහි කොළ බිමට නොවැටෙන බවත් ඒ නිසා කොළයක් අහුලා ගැනීමට නොහැකි වූ බවත් පවසමින් සමනොළ කන්ද ගැන විස්තර අවසන් කර ඇත.
8 months ago | [YT] | 5
View 1 reply
Load more