Welcome to the Official YouTube Channel of Hon. Arun Hemachandra – Deputy Minister of Foreign Affairs and Foreign Employment, Sri Lanka.
This channel provides an official window into the diplomatic engagements, international forums, high-level meetings, and media interactions of Hon. Arun Hemachandra.
Stay updated on key events, state visits, bilateral and multilateral dialogues, press briefings, and public addresses related to Sri Lanka’s foreign policy and international cooperation.
🔔 Subscribe for verified updates, behind-the-scenes moments, and exclusive insights into Sri Lanka’s evolving role on the global stage.
#OfficialChannel #SriLankaDiplomacy #ArunHemachandra
The Official Voice of Arun Hemachandra
විගමණික ශ්‍රමික ප්‍රජාවගේ පහසුව වෙනුවෙන් විදේශ සේවා කාර්යාංශයේ අංශ කිහිපයක් නව ස්ථානයකට...
මෙහෙවර පියස ගොඩනැගිල්ලෙහි ස්ථාපිත කාර්‍යංශයේ අංශ සිමන්ත්‍රා ගොඩනැගිලි පරිශ්‍රය වෙත ගෙන ඒමෙ සමාරම්භක උත්සවය අද දින පැවැත්විණි. විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් අංශ 11ක් නව සේවා ස්ථානයේ ස්ථාපිත කරන ලදී.
විගමණික ප්‍රජාවට වඩාත් පහසු සේවාවක් ලබා ගැනීමට හැකිවන පරිදි මෙම සේවා ස්ථානයෙහි
අංශ, ප්‍රධාන කාර්යාලයට ඉතා ආසන්න ස්ථානයකට ගෙන ඒමට කටයුතු කෙරිණි. එමගින් නව ස්ථානයෙන් සේවා ලබා ගැනිමේ දි විගමනික ප්‍රජාවට ප්‍රධාන කාර්යාලය හා ඉක්මනින් සම්බන්ධ විමට හැකි වීම ද විශේෂිත වේ.
ඒ අනුව, එම අංශ ප්‍රධාන කාර්යාලයට ආසන්නයේ, බත්තරමුල්ල, ගනහේන, අංක 465 දරණ ස්ථානයේ (සිමන්ත්‍රා ගොඩනැගිල්ලේ) ස්ථාපිත කරන ලදී.
එලෙස ස්ථාපිත කරන ලද අංශ වනුයේ,
1.සුභසාධන අංශය
2.ප්‍රත්‍යානුකලන අංශය
3.විදේශ සබඳතා II අංශය
4.ව්‍යාපාර ගැටළු නිරාකරණය කිරිමේ ඒකකය
5.ආයතනික හා කර්මාන්ත පුහුණු අංශය
6.පර්යේෂණ අංශය
7.අලෙවිකරණ අංශය
8.නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සමාජ සංවර්ධන)
9.ජ්‍යෙෂ්ඨ කළමනාකරු (සමාජ සංවර්ධන)
10.IM Japan ඒකකය
ඒ අනුව 2025.08.01 දින සිට ඉහත අංශවල සේවාවන් නව ස්ථානයේ සිට ලබාගැනීමට විගමණික ප්‍රජාවට අවස්ථාව හිමිවේ.
புலம்பெயர்ந்த தொழிலாளர் சமூகத்தின் வசதிக்காக, வெளியுறவு சேவை பணியகத்தின் பல துறைகள் புதிய இடத்திற்கு மாற்றப்பட்டுள்ளன...
மெஹேவர பியச கட்டிடத்தில் நிறுவப்பட்ட பணியகத்தின் துறைகளை சிமந்த்ரா கட்டிட வளாகத்திற்கு மாற்றுவதற்கான தொடக்க விழா இன்று நடைபெற்றது. வெளியுறவு மற்றும் வெளிநாட்டு வேலைவாய்ப்பு பிரதி அமைச்சர் கௌரவ அருண் ஹேமச்சந்திராவின் தலைமையில் புதிய பணியிடத்தில் 11 துறைகள் நிறுவப்பட்டன.
புலம்பெயர்ந்த சமூகம் மிகவும் வசதியான சேவைகளைப் பெறும் வகையில், இந்த பணியிடத்தின்
துறைகளை தலைமை அலுவலகத்திற்கு மிக அருகில் உள்ள இடத்திற்கு கொண்டு வர நடவடிக்கை எடுக்கப்பட்டது. புதிய இடத்திலிருந்து சேவைகளைப் பெறும்போது புலம்பெயர்ந்த சமூகம் தலைமை அலுவலகத்தை விரைவாகத் தொடர்பு கொள்ள முடியும் என்பதும் சிறப்பு.
அதன்படி, மேற்கூறிய பிரிவுகள் தலைமை அலுவலகத்திற்கு அருகில் உள்ள எண் 465, கணஹேன, பத்தரமுல்லை (சிமந்த்ரா கட்டிடம்) இல் நிறுவப்பட்டன.
இவ்வாறு நிறுவப்பட்ட பிரிவுகள்,
1. நலன்புரி பிரிவு
2. ஒருங்கிணைப்பு பிரிவு
3. வெளிநாட்டு உறவுகள் II பிரிவு
4. வணிக சிக்கல் தீர்க்கும் பிரிவு
5. பெருநிறுவன மற்றும் தொழில்துறை பயிற்சி பிரிவு
6. ஆராய்ச்சி பிரிவு
7. சந்தைப்படுத்தல் பிரிவு
8. துணை பொது மேலாளர் (சமூக மேம்பாடு)
9. மூத்த மேலாளர் (சமூக மேம்பாடு)
10. IM ஜப்பான் பிரிவு
அதன்படி, வெளிநாட்டில் வசிக்கும் சமூகம் 2025.08.01 முதல் புதிய இடத்திலிருந்து மேற்கண்ட பிரிவுகளின் சேவைகளைப் பெற வாய்ப்பு கிடைக்கும்.
#විදේශසේවාකාර්යාංශය
#විගමණිකප්‍රජාව
#අලුත්සේවාස්ථානය
#අරුන්හේමචන්ද්‍ර
#බත්තරමුල්ල #විදේශරැකියා
#ශ්‍රිලංකාව
#සේවාවලගුණාත්මකභාවය
#ජනතාවටපහසුසේවාවක්
#IMJapan
#ForeignEmployment
#MigrantWorkers
#NewServiceLocation
#ArunHemachandra
#Battaramulla
#SemantraBuilding
#SLBFE
#SriLanka
#PublicService
#OverseasJobs
#MigrantSupport
#IMJapan
11 months ago | [YT] | 1
View 0 replies
The Official Voice of Arun Hemachandra
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහලේ සෞඛ්‍ය පහසුකම් නවීකරණය සහ නව හෘද විශේෂඥ ඒකකයක් ඉදිකිරීම සදහා පියවර
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ජූලි 28 වන දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල අධීක්ෂණය කළේය. එහිදී රෝහලේ වත්මන් සෞඛ්‍ය පහසුකම් සෙවීම, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සහ දිගු කාලීන ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීම සිදු කරන ලදි.
මෙම වසර සඳහා රුපියල් මිලියන 150 ක මුදලක් වෙන් කර ඇති අතර, එය ශල්‍ය කාමර, කාර්ය මණ්ඩල නේවාසිකාගාර, රෝහල් මුළුතැන්ගෙය සහ අනෙකුත් නවීකරණ කටයුතු සඳහා යෙදවීමට නියමිතය.
තවත් වැදගත් පියවරක් වශයෙන්, කාලයක් තිස්සෙ ඉදිකිරීම් ඇනහිට තිබූ හදිසි අනතුරු ඒකකය නැවත ගොඩනගීමේ කටයුතුද ආරම්භ කිරීමට තීරණය කර ඇත. මෙය දිස්ත්‍රික්කයේ හදිසි සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සඳහා ඉතාමත් වැදගත් වේ.
එසේම, ජපන් රජයේ සහයෝගිතාවෙන් JICA ආයතනය මගින් ක්‍රියාත්මක කරන නව ව්‍යාපෘතියක් යටතේ, රුපියල් බිලියන 4.2 ක නව හෘද විශේෂඥ ඒකකයක ඉදිකිරීම ආරම්භ කිරීමට නියමිතය. මෙම ඒකකය නැගෙනහිර පළාතේ හෘද රෝග සේවාවන් ව්‍යාප්ත කිරීම සඳහා විශාල පියවරක් ලෙස සැලකේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ, දිගු කාලයක් පුරා පවතින මරණ පරීක්ෂණාගාරයේ ශීතකරණ ගැටළුව සඳහා වහාම විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවය.
මෙම අධීක්ෂණය සඳහා රෝහල් අධ්‍යක්ෂක, වෛද්‍ය උපදේශකවරුන්, වෛද්‍යවරුන් සහ නිලධාරීන් එක්වූ අතර, මහජනතාව සමඟ ද සෘජුව සම්බන්ධ වී ඔවුන්ගේ අදහස් හා යෝජනා විමසීම ද සිදුවිය.
අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් මෙහිදී රෝහල් කාර්ය මණ්ඩලය සඳහාද කෘතඥතාවය ප්‍රකාශ කළේය.
#GovernmentInitiative #ArunHemachandra #JICA #JapanSriLanka #InternationalCooperation #HealthInfrastructure #HospitalRenovation #EmergencyUnit #CardiologyUnit #MedicalFacilities
11 months ago | [YT] | 1
View 1 reply
The Official Voice of Arun Hemachandra
IM Japan ආයතන සභාපති විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා හමුවෙයි.
ශ්‍රී ලාංකික තරුණ තරුණයින් සදහා වන රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ නංවා ගැනීම ගැනත් සාකච්ඡා වෙයි.
IM Japan ආයතනයේ සභාපති කිමුරා හිසයොෂි මහතා හා එහි කළමනාකරණ අධ්‍යක්ෂක ෆුකගාවා මසහිකෝ මහතා , සාමාන්‍යාධිකාරී හිදෙටකා තමුරා මහතා සහ සම්බන්ධතා කළමනාකාරවරිය වන අතුසකේ ශිගේඔකා මහත්මිය අද දින විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා හමුවිය.
මෙම සාකච්ඡාවේදී ,
• කුසලතා සහිත පුහුණු ශ්‍රමිකයින්
• භාෂා හැකියාව හා පුහුණු කටයුතු වැඩිදියුණු කිරීම තුළින් රැකියා අපේක්ෂිතයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම
• රැකියා සදහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම සහ ආයතන අතර සහයෝගීතාව වර්ධනය
• විධිමත් විදේශ රැකියා සදහා යොමු කිරීම තුළින් දරිද්‍රතාව අවම කිරීම
• ලාංකීය තරුණ තරුණයින් සදහා රැකියා ප්‍රමාණය වැඩි කිරීම
• තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම
• නැවත මව් රටට පැමිණෙන ශ්‍රමිකයින් සමාජය තුළ හැඩගැස්වීම
ජාතික ජනබලවේග රජය ලෙස, සදාචාරාත්මක, විනිවිදභාවයෙන් සහ ජනතාව කේන්ද්‍ර කරගත් විදේශ රැකියා රාමුවක් ගොඩනැගීමට අපි කැපවී සිටින බවත්, විදේශ ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවයත්, ඔවුන්ගේ කුසලතා සංවර්ධනය සහ දිගුකාලීන ජාතික ප්‍රතිලාභ සහතික කිරීම සඳහා මෙවැනි ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
#SriLankaJapanRelations
#IMJapan
#YouthEmpowerment
#SkilledMigration
#ForeignEmployment
#ArunHemachandra
#SriLankanYouth
#JobOpportunitiesAbroad
#SriLankaJobs
#InternationalCooperation
#SkillsDevelopment
#EthicalMigration
#StrongerTogether
#SriLanka
11 months ago | [YT] | 1
View 1 reply
The Official Voice of Arun Hemachandra
🇨🇳🇱🇰 චීන මහජන විමුක්ති හමුදාවේ 98 වන සංවත්සරය සමරමින්...
චීන තානාපති H.E. Qi Zhenhong මහතාගේ ආරාධනයෙන් සන්නද්ධ හමුදා දින සැමරුම සදහා විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා සහභාගී විය.
මෙය ශ්‍රී ලංකාව සහ චීනය අතර අන්‍යෝන්‍ය තාන්ත්‍රික සුහදතාවය සහ දිගුකාලීන සහයෝගීතාවය තවදුරටත් ශක්ත්මත් කරන හෝරාවක් විය
#ChinaSriLankaRelations #DiplomaticTies #ArunHemachandra #98thPLAAnniversary #ChinaSriLankaFriendship #MilitaryDayCelebration #QiZhenhong #SriLankaForeignAffairs
11 months ago | [YT] | 1
View 1 reply
The Official Voice of Arun Hemachandra
ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් සාකච්ඡා
ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග සහ නිරිතදිග ආසියාතික කටයුතු සඳහා අධ්‍යක්ෂ ජනරාල් Shingo Miyomoto මහතා සහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akira Ishimoto මැතිතුමා සමඟ එක්ව, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා සාකච්ඡාවක් පැවැත්විය.
මෙහිදී JICA අරමුදල් මත පදනම් වූ සංවර්ධන ව්‍යාපෘති, විදේශ රැකියා අවස්ථා වැඩි කරගැනීම, ආයෝජන හා සංචාරක ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවත්නා දිගුකාලීන සහ විශ්වාසනීය සබඳතාව තවදුරටත් ශක්‍තිමත් වනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
#SriLankaJapanRelations
#SriLankaDiplomacy
#JapanSriLanka
#JICAProjects
#ForeignEmployment
#InternationalCooperation
#SriLankaDevelopment
#JapanSupport
#BilateralTalks
#InvestmentOpportunities
#TourismDevelopment
#SriLankaNews
#JapanEmbassy
#ArunHemachandra
#GlobalPartnership
11 months ago | [YT] | 1
View 1 reply