Indika Koralage

කඩුපහර
Emilia sonchifolia
🌱කඩුපහර සෙ.මි. 40 දක්වා උසට හෝ බිම දිගේ වැවෙන කුඩා බහු වාර්ෂික පැළෑටියකි.
🌱කඳේ අග්‍රස්ථය බෙහෙවින් අතු බෙදෙමින් සෘජුව වර්ධනය වේ.
🌱වෘන්ත රහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. ළපටි කොළ හැර අනෙක් කොළ තරමක් වීණාකාර වන අතර පත්‍ර අගය තරමක් අණ්ඩාකාරය. පත්‍රයක් දිගින් සෙ.මි. 10 ක් සහ පළලින් සෙ.මි. 4.5 දක්වා වර්ධනය වේ.
🌱ශීර්ෂක පුෂ්ප මංජරිවල හට ගන්නා මල් රෝස පැහැතිය. කලාතුරකින් සුදු මල් පිපෙන අවස්ථාද දැක ගත හැකිය.
🌱ඵලය කුඩා ආයත හැඩැති ධාන්‍යයකි. බීජයට සම්බන්ධව සියුම් සුදු කේශර රාශියකින් යුක්තය බූමණියක් පිහිටා ඇත. බීජ සුළං මගින් ව්‍යාප්තවී යෑමට මෙම බූමණිය උපකාර වේ.
🌱දේශීය ශාකයක් වන කඩුපහර Asteraceae උද්භිද කුලයට අයත් ශාකයකි.
🌱මෙම Emilia උද්භිද ගණයටම අයත් මෙවැනිම හැඩරුව සහිත දේශීය සහ ආවේනික ශාක විශේෂ 7 ක් පමණ ලංකාවෙන් වාර්ථා වී ඇති අතර ඒවාද අඩුවැඩි වශයෙන් ඖෂධ සඳහා භාවිතා කරනවා විය හැකියි.
🌱හොරි, වණ තුවාල, දද, කුෂ්ඨ, සුළු කැපුම් සීරුම්, පත්තෑ, ගෝනුසු, ගරුඬ වැනි සතුන්ගේ විෂ ආදියට ප්‍රතිකාර කිරීමටත් ග්‍රහණි, අතීසාර, මාන්දම්, සෙංගමාල වැනි රෝග අවස්ථාවන්ට අත් බෙහෙත් ලෙස යෙදීමටත් සම්පූර්ණ කඩුපහර ශාකයම භාවිතා කරයි. කඩුපහර විශේෂයෙන් විෂ නාශක ගුණයෙන් යුක්ත බව දක්වා ඇත.
🌱කැපුම් තුවාල සඳහා කඩුපහර, අමුකහ, මැටිපලා (නොපීදුණු බුලත් කොළ), අමුඉඟුරු සහ සුදුලූණු සමව ගෙන කොටා තලතෙලින් මලවා බඳී. හොරි, වණ, දද, කුෂ්ඨ ආදියට කඩුපහර තැම්බූ ජලයෙන් සේදීම ගුණය. සුළු කැපුම් සීරුම් අවස්ථාවලදී ලේ නැවැත්වීමට කඩුපහර කොළ තලා තුවාලය මත එලයි. තුවාල පෑහීමට සහ ලේ වහනය නැවැත්වීමට කඩුපහර, දෙහි, මදු, ඔලිඳ, කරල්සැබෝ, කටුපිල, හාතාවාරිය යන ශාකවල දලු සමව ගෙන කහ, ලුණු සමඟ කොටා මලවා බඳී. පත්තෑ, ගෝනුසු, ගරුඬ වැනි සතකු දෂ්ට කළ විට කඩුපහර හාල්පානු වතුරින් තම්බා අඹරා දෂ්ට මුඛයේ ගෑම සහ කඩුපහර ශාකය ඇල්දියෙන් අඹරා ආලේප කිරීම සිදු කරයි.
🌱ගැමියන් කඩුපහර කොළ මැල්ලුමක් ලෙස හා කැඳ සඳහා භාවිතා කරයි. කුසගිනි මඳ විට මෙම කොළ ව්‍යංජනය ගුණදායක ය. කල්වම් පළා මැල්ලුමට සහ සලාදයක් ලෙස කොළ කෑමට ගත හැකිය.
මූලාශ්‍ර - ඖෂධීය ශාක සංග්‍රහය සහ wikipedia

1 year ago | [YT] | 0

Indika Koralage

රස පළතුරකින් පිළිකා මාරයා
දුරලමු......


මේ ලිපියෙන් , ඔබ වෙත ගෙන එන්නේ අද වන විට පිළිකා නාශකයක් ලෙස ලොව මවිත කර ඇති ඒ සුන්දර පළතුර කටු අනෝදා පිළිබඳවයි.
කටු අනෝදා ගෙඩියේ ඇති පිළිකා නාශක හැකියාව ගැන පසුගිය කාලයේ අන්තර්ජාලයේ මෙන්ම පුවත් පත් වලද ආන්දෝලානාත්මක ලෙස ප්‍රචාරය වුනු බව ඔබත් මමත් දන්නා කරුණක්.ඉතින් ඒ ගැන ඇත්ත නැත්ත සොයා බලමු
රට විසාලාවක් වන පමණට හැම පවුලකම පිළිකා හෝ දියවැඩියා මාරයා ගිලගෙන තිබුනද, අවාසනාවට දිවා රාත්‍රී ෆාමසි සහ රෝහල් පෝලිමේ ප්‍රතිකාර යදින්නන් මිස රෝගය වළක්වා ගැනීමට රාජ්‍ය මට්ටමෙන් හෝ පෞද්ගලිකව කිසිවෙකු වෑයමක් දරන බවට සේයාවක් වත් දකින්නට නැත.
මේ පිළිබඳව වැඩිහිටියෙකු සමඟ මා කල කතා බහකට ලද පිළිතුරක් මේ..
''එයාට අපි කටු අනෝදාත් ගෙනිච්චා මහරගමට..කෝ වැඩක් නැහැ..ඕවා හරියන දේවල් නොවේ..''
පිළිකාවක් ශරීරය පුරා පැතිරී, ඒ වෙනුවෙන් බටහිර විකිරණ සහ කිමෝ ප්‍රතිකාර වල අතුරු ආබාධ වලින් මරණ මංචකයේ සිටින කෙනෙකුට ''කටු අනෝදා’’ යුෂ වලින් පන පොවන්නට නොහැක..එය කල හැක්කේ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයාට පමණයි.
නමුත් නිතර ආහාරයට ගැනීමෙන් සිරුරු තුල පිළිකා සෛල වැඩීම වලක්වා අනාගත පරපුර නිරෝගී කිරීමේ හැකියාව කටු අනෝදා තුල ඇත. අවාසනාවට අපේ අය සර්පයා අල්ලාගෙන ඇත්තේ වැරදි පැත්තෙනි.
දියුණු වෙමින් පවතින අපේ රට වැනි වැසි වනාන්තර සහ ජෛව විවිධත්වය සහිත ඝර්ම කලාපිය රටවල ශාක ඇසුරින් රෝග සුව කිරීමේ ඇති හැකියාව ගැන ඉව අල්ලමින් සිටින බටහිර ලෝකය, ඇස ගැටෙන සියලු ශාක පර්යේෂණ වලට ලක් කරමින් ඒවායේ ඇති ඖෂධිය ගුණ සොයා යමින් සිටි.
ඔවුන්ගේ ඉව කටු අනෝදා ශාකය වෙත හැරුනේ කටු අනෝදා නිතර ආහාරයට භාවිතා කරන මෙක්සිකෝවේ ඇතැම් පලාත්වල පිළිකා අඩු බව ඉව වැටීමෙන් පසුයි.
ශාකයේ විවිධ කොටස් නිස්සරණය කිරීමෙන් අධි සංයුතියකින් acetogenins, quinolones යන ස්වභාවික පිළිකා සෛල නාශක, ප්‍රතිඔක්සිකාරක වාගේම alkaloids සොයා ගන්නට ඔවුන් සමත් වී තිබෙනවා. පිළිකා වැලැක්වීම පමණක් නොව පැතිරී යාමට පෙර මුල් කාලයේ පිළිකා සුව කිරීමේ හැකියාවක්ද කටු අනෝදා වලට ඇති බව තමා ඔවුන් පවසන්නේ.
මේ පළිබඳ ව සොයා යාමේදී හමුවූ ඇතැම් තොරතුරු වලට අනුව මැක්සිකොවේ පිළිකා රෝගය සඳහා කටු අනෝදා ආශ්‍රිතව නිපදවා ඇති එක්තරා ඖෂධයක් ඖෂධ මාෆියාව නිසා වෙළඳ පොලට එක් කිරීමට බලධාරීන් අසමත් වී තිබෙනවා.
ඖෂධ මාෆියාවට අනුබල දෙන ලොව පුරා පිළිකා මර්ධන ව්‍යාපාර (cancer research charities ) සතර අත දිවුරමින් පවසන්නේද කටු අනෝදා වල මොන ආකාරයක වත් පිළිකා මර්ධන හැකියාවක් නැති බවක්.. ඒ පිළිකාව දුරලූ දා වුන්ගේ බඩ ගෝස්තරයට පහර වැදෙන නිසාවෙනි..දී කිරට බළල්ලුත් සාක්කිලු......
පිළිකා මර්ධනයට අමතරව කටු අනෝදා වල ඇති වෙනත් සෞක්‍යමය ප්‍රතිලාභ ලියා නිම කිරීමට බැරි තරම්ය. විටමින් සි අධික කටු අනෝදා සිරුර ධුලකහරනයටත්, ප්‍රතිශක්තිය වර්ධනය කිරීමටත් සමත්. ලවන අධික නිසා පාචනය, වමනය වැනි දියර පිටවන අවස්තාවලදී ලවන සමතුලිත තාවය පවත්වා ගැනීමට (Electrolyte Balance)උදව් වන කටු අනෝදා හදවත් රෝග සහ වෙනත් හේතුන් මත ඇතිවන ඉදිමුම් වලදී ශරීරයෙන් දියර පිටකර (Diuretic) ඊට ප්‍රති විරුද්ධව ක්‍රියා කරයි.
ආහාර මාර්ගයේ රෝග වලට ඉතා ගුණැති කටු අනෝදා බොහෝ අය පිඩා විඳින ගැස්ට්‍රයිටිස් රෝගයටද කදිම විසඳුමකි.
මල බද්ධය වළක්වාලීමටත් අන්තර පිරිසිඳු කර ආහාර මාර්ගය පිරිසිඳු කිරීම නිසා වෙනත් ආකාරයකින් අන්තර පිළිකා වලක්විමටද දායක වෙයි.
වේදනා නාශක ගුණ සහිත කටු අනෝදා පාප්පයක් සාදා තුවාල, වේදනා දෙන අස්ථි සන්ධි වල ආලේපයෙන් වේදනාවන් සමනය කර ගත හැකියි. ප්‍රති ආසාධන සහ ප්‍රති ජිවකමය ගුණ බහුල කම නිසා නිතර ආහාරයට ගැනීමෙන් බැක්ටීරියා, වෛරස මෙන්ම දිලිර ආසාදන වලින් ද වැළකීමට පුළුවන්.
වකුගඩු සහ මුත්‍රාශයේ ගල් ඉවත් කිරීමට සමත් අපේ දේශීය ආහාර විසල් ගොන්න අතරට එක්වන තවත් සුපිරි යෝධයෙක් ලෙසත් කටු අනෝදා හඳුන්වන්නට පුළුවන්. හේනේ කුඹුරේ තද හිරු රැසේ වැඩ කල අත්ත මුත්තලා අතර මෙවන් ආබාධ සොයා ගැනීම නැති තරම් දුලබ වුයේ ගෙවතු වල යහමින් පැවති නිතර අතුරුපසට එක්වුණු කටු අනෝදා වලට පින්සිදු වන්නට නොවෙන්නට යයි කිව හැක්කේ කාටද?
කටු අනෝදා වල ආහාරයට ගන්නා පළතුරට වඩා ගුණ ඇති බව පැවසෙන්නේ ශාක පත්‍ර, කඳේ පොතු සහ ඇට වලයි. ඇතැම් පර්යේෂණ වාර්තා වලට අනුව දැනට භාවිතා කරන කිමෝ තෙරපි වලට වඩා සිය ගුණයක පමණ පිළිකා නැසීමේ බලයක් කටු අනෝදා පත්‍ර වල තිබෙනවා.
කටු අනෝදා කොළ 10ක් පමණ වතුර දමා හිදෙන්න තම්බා ගන්නා තේ කෝප්පයක ප්‍රමාණයේ සාරය මසකට දෙතුන් වතාවක් පානය කිරීමෙන් පිළිකා ඇතුළු බොහෝ රෝග වලින් වැළකී සිටිය හැකි බව කියවෙනවා.
වේදනාකාරී ගවුට් (Gout ) රෝගය උග්‍ර වන අවස්ථා වලදී මෙන්ම Rheumatoid Arthritis රෝගයට ඉහත සඳහන් ප්‍රතිකාරය දවසට දෙපාරක් දින කීපයක් භාවිතා කිරීමෙන් රෝග ලක්ෂණ අඩු කර ගැනීමට පුළුවන්. වේදනා නාශක ගුණ කොළයේ බහුලව ඇති නිසා සන්ධි ප්‍රදාහ සහ නිදන්ගත කොන්දේ වේදනා වලටද මේ ප්‍රතිකාරය භාවිතා කරන්නට පුළුවන්.
කටු අනෝදා කොළ සිහින්ව ඇල්දියෙන් අඹරා එක්සිමා (ECZEMA ) වැනි ආසාත්මික හේතුන් මත ඇතිවන සමේ රෝග මත ආලේප කිරීමෙන් කැසීම වළක්වා ගැනීම මෙන්ම ආසාත්මිකතාවය අඩු කර ගැනීමටත් හැකි බව පැවසෙනවා.මිට අමතරව කටු අනෝදා කොළ සාරයේ රුධිරගත සීනි අඩු කිරීමට සහ රුධිර පීඩනය අඩු කිරීමෙන් හදවත් රෝග වළක්වා ගැනීමේ හැකියාවක්ද පවතිනවා.
හිසකෙස් වලට ගුණැති කටු අනෝදා කොළ ඇල් දියෙන් අඹරා හිසේ ගැල්වීමෙන් උකුණන් සහ හිස්හොරි වඳ කර , අකලට හිසකෙස් ගැලවීම වලක්වා නිරෝගිමත් කෙස් කළඹක් පවත්වා ගන්නටත් පුළුවන්.
අපට වටින්නේ නැතිවාට කටු අනෝදා වල අගය බටහිර ජාතිකයින් නම් හොඳින් වටහාගෙන තිබේ. තමන්ගේ වටපිටාවෙන් සොයා ගත නොහැකි මේ ඖෂධය වියලු පත්‍ර , වියළා කුඩු කරන ලද පත්‍ර, පෙති, කරල් වශයෙන් හෝ මදය පාප්පයක් ලෙස සකසා (Frozen Pulp)අධි ශීතකරණ තුල තබා ගෙන පරිහරණයට ගැනීමට අද වෙන විට ඔවුන් පෙළඹිලා.
මේ සා ගුණ ඇති කටු අනෝදා අද වන විට අපේ ගෙවතු වලින් අතුරුදහන්වීම කණගාටුවට කරුණක් . පළතුරක් වශයෙන් පමණක් නොව පවස නිවන බීමක් හෝ වෙනත් රසවත් අතුරුපස සඳහා යොදා ගනිමින් ඕනෑම වයසක කෙනෙකුගේ ආහාරයට කටු අනෝදා පහසුවෙන් එකතු කල හැකියි. එතරම් ඉඩක් නොයන මේ පළතුරු ගස, මතු පරපුරේ ඉරණම වෙනස් කල හැකි විශ්ම කර්ම ඖෂධයකි...
කටු අනෝදා රැක ගැනීමේ සටනට එක්වන්න..ඔබත් අදම ගෙවත්තේ කටු අනෝදා පැලයක් සිටුවන්න.
උපුටා ගැනීමකි .
ස්තුතිය මුල් හිමිකරුට

1 year ago | [YT] | 4

Indika Koralage

දෙළුම් යනු අත්බෝම්බයකි

එසේනම් ආයුධය පලතුරෙන් නම් කරන්නේ ඇයි? ඔබ අද අත්බෝම්බයක් විවෘත කළහොත් පුපුරණ ද්‍රව්‍ය ආවරණයේ ඇතුළත කුඩා කැබලි බෝල ඔබට පෙනෙනු ඇත. කැබලි දෙළුම් බීජ අනුකරණය කරයි - සෑම බීජයක්ම නව ගසක් සඳහා ඇති විභවය, සෑම කැබලියකටම පහරකෑමට ඇති හැකියාව. දෙළුම් ගෙඩියක හැඩැති සහ දෙළුම් ගෙඩියක් මෙන් නිර්මාණය කර ඇති අතර, මිනිසුන් කිහිප දෙනෙකු එකවර මරා දැමීමට භාවිතා කරන ආයුධයක් සශ්‍රීකත්වයේ පුරාණ ඵලය ලෙස නම් කිරීම ඇත්තෙන්ම උත්ප්‍රාසජනක ය.

12 වන සියවසේ ඇන්ග්ලෝ-නෝමන් පොම් ගර්නේට් වලින් ආරම්භ වූ අපේ ඉංග්‍රීසි දෙළුම් පැරණි ප්‍රංශ භාෂාවෙන් පුම් ග්‍රෙනේට් බවට පත් විය. මෙම pume grenate අවසානයේ නවීන ප්රංශ භාෂාවෙන් pomme grenade බවට පත් විය. Pomme අත්බෝම්බය, ඇත්ත වශයෙන්ම, හරියටම අත්බෝම්බයක් හෝ අත්බෝම්බයක් මෙන් පෙනේ, මෙය අහම්බයක් නොවේ.

නිරිතදිග ආසියාවට ආවේණික වූ දෙළුම් ගස් දැන් ලොව පුරා වගා කරනු ලබන අතර, තේ හෝ රතු වයින් වලට සාපේක්ෂව ප්‍රතිඔක්සිකාරක මට්ටම් සමඟ, පලතුරු යුෂ කොලෙස්ටරෝල් අඩු කිරීමට සහ පිළිකා වර්ග කිහිපයක් වළක්වා ගැනීමට යතුර ලෙස බොහෝ අය විසින් ප්‍රකාශ කරනු ලැබේ. එය දෙළුම් රසය සහ මිශ්‍ර බීම සඳහා රතු පැහැයක් ලබා දීමට භාවිතා කරන කොක්ටේල් ඇසුරුමක් වන ග්‍රෙනඩින් වල ද පෙන්වයි.



https://youtu.be/GVBlClA5Xew

1 year ago | [YT] | 0

Indika Koralage

"දත්කැටියා" ඖෂධීය ශාකය

තෙත් කලාපයේ සුලභව හමුවන දත්කැටිය ශාකය අඩියක් පමණ උසට වැඩෙන පඳුරක ස්වරූපය ගන්නා කුඩා පැළෑටියකි.

සර්ප දෂ්ට කිරීම්, පාචනය, පිස්සු බලු විෂ, අතීසාර, කුසගිනි මදිකම, ගෙඩි, වණ, පිළිකා ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, මුල්, පොතු සහ එකවර සම්පුර්ණ පැළෑටියමත් භාවිතා කරයි. සියළු සර්ප විෂ සඳහා ශාකය සහමුලින් ගෙන කොටා යුෂ ගෙන හීනටි හාලෙන් කැඳ පිස එළඟිතෙල් දමා බොන්නට දෙයි. මෙහි මුලෙහි පිළිකා මර්ධනය කළ හැකි රසායනික සංඝටක අඩංගු බව පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇති බව සඳහන්.

මුගටියකු සහ නාගයකු අතර ඇතිවන සටනකදී නාගයා පැරදුණු පසු, මුගටියා තම ශරීරයට ඇතුල්වූ නාග විෂ මර්ධනය කර ගැනීම සඳහා දත්කෑටිය ගස් සොයමින් ඒවායෙහි මුල් සපමින් යන බව ජනප්‍රවාදවල සඳහන් වේ.

1 year ago | [YT] | 2

Indika Koralage

නගරයේ දකින්නවත් නැති ගමේ පලතුර - එරමිණියා

4 years ago | [YT] | 1

Indika Koralage

වනයේ අක්මා මිතුරා

4 years ago | [YT] | 1

Indika Koralage

දිය තිප්පිලි මෙච්චර ගුණයි කියලා දැනන් හිටියද? Diya Thippili Plant Sinhala

4 years ago | [YT] | 1