Tea & Truth Podcast

Tea & Truth Podcast – UK Business, Immigration & Community Insights

Welcome to the Tea & Truth Podcast your hub for real conversations on UK entrepreneurship, immigration updates, career growth, finance, culture, and personal development. Each episode features UK entrepreneurs, industry experts, professionals, and creators sharing practical advice, real experiences, and success stories that guide and inspire our community.

What we cover:
• UK immigration news & visa tips
• Business & entrepreneurship guidance
• CV, LinkedIn & career growth
• Finance, tax advice
• Startup funding & innovation
• Sri Lankan community stories
• Motivational talks & live Q&As

Perfect for entrepreneurs, professionals, students, and anyone building a future in the UK.

Our Links:
TikTok: www.tiktok.com/@teaandtruthpodcast_uk
Instagram: www.instagram.com/tea_and_truth_podcast/
Facebook: www.facebook.com/teaandtruthpodcast/

Subscribe and join the Tea & Truth family — learn, grow, and succeed together. 🇬🇧☕🔥


Tea & Truth Podcast

We are live now 🔴 @all
The True Healing Power of Authentic Sri Lankan Ayurveda 🌿🇬🇧

13 hours ago | [YT] | 0

Tea & Truth Podcast

නොවැලක් විය හැකි හේතුවක් නිසා අද live podcast එක ලබන සතියට කල්දමන ලදී. 😢
ස්තුතියි...

2 days ago | [YT] | 0

Tea & Truth Podcast

අපි කවුරුත් දන්නවනේ කාලය කාටවත් නවත්තන්න බෑ කියලා. අපි මේ රටවල් වලට වෙලා හම්බකරලා, ගොඩනැඟිලා ආපහු යනකන්... සමහරවිට අපේ අම්මලට තාත්තලට බලන් ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා කරන්න තියෙන යුතුකම කල් දාන්න එපා.

4 days ago | [YT] | 0

Tea & Truth Podcast

🎧 Tea & Truth Podcast - Episode 59! ☕
The True Healing Power of Authentic Sri Lankan Ayurveda 🌿🇬🇧

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ආයුර්වේදය කියන්නේ තවත් එක Wellness Trend එකක් විතරයි කියලා. හැබැයි ඒක ඊට වඩා ගොඩක් ගැඹුරු, රෝග මුලින්ම උපුටා දාන සුවිශේෂී විද්‍යාවක්. අපි අපේ දේවල් අමතක කරලා වෙනත් දේවල් පස්සේ යද්දි, ලන්ඩනයේ ඉඳන් අපේ නියම ශ්‍රී ලාංකික ආයුර්වේදයේ බලය ලෝකයටම අරගෙන යන "Ayu Ayurveda and Wellness Clinic" ගැන කතා කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ.

ඔබත් UK වල ඉඳන් විවිධ ලෙඩ රෝග වලට Treatments අරගෙනත් තවම හරියටම ප්‍රතිඵලයක් ලැබුණේ නැති කෙනෙක්ද? එහෙමත් නැත්නම් නියම ආයුර්වේද ප්‍රතිකාරවලින් ලැබෙන සැබෑ සුවය ගැන දැනගන්න කැමති කෙනෙක්ද? එහෙනම් මේ Episode එක ඔබ අනිවාර්යයෙන්ම බලන්නම ඕනේ! 🫣

📌 අපි එදාට කතා කරන්නේ මොනවා ගැනද?
✅ The Origin Story - ලන්ඩනයේ "Ayu Ayurveda and Wellness Clinic" එක ආරම්භ කරන්න මුලපිරුවේ කොහොමද සහ ඒ ගමනේ අභියෝග මොනවාද?

✅ Breaking the Myths - ආයුර්වේදය කියන්නේ නිකම්ම Massage එකක් නෙවෙයි! සාමාන්‍ය තැන්වලින් මේ Clinic එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි පැහැදිලි කරනවා.

✅ Treatments & Services - සායනයට වැඩිපුරම එන්නේ මොන වගේ ලෙඩ රෝග තියෙන රෝගීන් ද? UK වල ඉන්න අපිට ලබා ගන්න පුළුවන් සේවාවන් මොනවාද?

✅ Societal Misconceptions - ආයුර්වේදය සම්බන්ධයෙන් ඇත්තටම අපිට වැරදුණේ කොතැනද? මේ ගැන සමාජයේ තියෙන වැරදි මත අපි නිවැරදි කරගන්නේ කොහොමද?

✅ Success Stories & Feedback - සාර්ථක ප්‍රතිකාර ලබාගත් රෝගීන්ගේ සැබෑ Success stories සහ ඔවුන්ට ලැබුණු පුදුම සහගත ප්‍රතිඵල ගැන අත්දැකීම්.

📅 Save the Date! / අමතක නොකර සෙට් වෙන්න!
🗓️ 2026-06-11 වෙනි බ්‍රහස්පතින්දා
🕘 රාත්‍රී 9.00 ට (UK Time)
🎥 YouTube & Facebook Live
🔗 Live Link: youtube.com/live/I0ZH4XNvDjU

අපි Live ආපු ගමන් Notification එකක් ගෙන්න ගන්න දැන්ම අපේ YouTube චැනෙල් එක Subscribe කරලා තියාගන්න.
බ්‍රහස්පතින්දා හමුවෙමු! 👋

4 days ago | [YT] | 1

Tea & Truth Podcast

🇬🇧 🏠 UK ගෙවල් මිල පිට පිට තුන්වෙනි මාසෙටත් බහී! ලංකාවෙන් ආපු අපිට මේක වාසියක්ද? අවාසියක්ද? මෙන්න සම්පූර්ණ විග්‍රහය!

අද උදේම ඇහැරිලා සුපුරුදු පරිදි තේ එකක් බොන ගමන් phone එක බලද්දී මගේ යාලුවෙක් එවල තිබ්බ artical එකක් කියවන්න ගත්ත. එක දාල තිබ්බේ Guardian පත්තරේ. බලද්දී ඇස් දෙක උඩ ගිය news එකක් දැක්කා. 2026 අවුරුද්දේ මැදට එද්දී අපේ ලංකාවේ අය වැඩිපුරම කතා වෙන මාතෘකාව මොකක්ද? වෙන මොකක්වත් නෙවෙයි, මේ දවස්වල UK වල 'Property Ladder' එකට ගොඩවෙන්නේ කොහොමද කියන එකයි. හැබැයි ඔන්න අලුත්ම වාර්තා කියන්නේ වෙනස්ම කතාවක්!

දැන් ලන්ඩන් වල Zone 4 හෝ Zone 5 වල, නැත්නම් මීඩ්ලන්ඩ්ස් (Midlands) පැත්තේ පුංචි ගෙයක් ගන්න හීන දකිමින්, හැම සතයක්ම එකතු කරන අපේ ලාංකිකයින්ට මේක ඉතාම තීරණාත්මක කාලසීමාවක්. මැයි මාසයේදී විතරක් නෙවෙයි, ඊට කලින් මාස දෙකෙත් UK නිවාස වෙළඳපොළේ මිල ගණන් පහළ බැසීමක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ මිල පහත වැටීම පිටුපස තියෙන සැබෑ ආර්ථික විද්‍යාව සහ ඒකෙන් බ්‍රිතාන්‍යයේ ජීවත් වන අපේ ලාංකික සංක්‍රමණිකයින්ට වෙන බලපෑම මොකක්ද කියන එක ගැනයි.

බොහෝ දෙනෙක් හිතන්නේ ගෙවල් මිල බහිද්දී ඒක හැමෝටම සතුටු වෙන්න පුළුවන් කාරණාවක් කියලා. 'අන්න ගෙවල් මිල බැහැලා, ඉක්මනටම ගෙයක් ගමු' කියලා හිතලා හදිසි වෙන්න කලින්, මේ මිල බැසීමට හේතුව මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. හැලිෆැක්ස් (Halifax) ආයතනයේ අලුත්ම දත්ත වලට අනුව, මේ මිල පහත වැටීමට ප්‍රධානම හේතුව මැදපෙරදිග පවතින දේශපාලන අස්ථාවරභාවය, විශේෂයෙන්ම ඉරාන යුද බිය සහ ඒ ආශ්‍රිත අවිනිශ්චිතතාවයයි.

යුද්ධය තියෙන්නේ වෙන කොහේ හරි වුණාට, ඒකේ රිපල් ඉෆෙක්ට් (Ripple Effect) එක කෙලින්ම වදින්නේ බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය වැසියාගේ මුදල් පසුම්බියටයි. ඉන්ධන මිල ඉහළ යාම, උද්ධමන බලාපොරොත්තු වැඩි වීම සහ ඒ නිසාම බැංකු මඟින් මෝටිගේජ් පොලී අනුපාත (Mortgage Rates) ඉහළ දැමීම මේකට ප්‍රධානතම හේතු විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක ලංකාවෙන් ඇවිත් මෙහේ පදිංචි වෙලා ඉන්න අපිට බලපාන්නේ කොහොමද?

අපි දත්ත සහ සංඛ්‍යාලේඛන දෙසට හැරී බැලුවොත්, තත්ත්වය වඩාත් පැහැදිලි වෙනවා. හැලිෆැක්ස් (Halifax) බැංකුවේ වාර්තා වලට අනුව 2026 මැයි මාසයේදී බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය නිවසක මිල 0.1% කින් බලාපොරොත්තු නොවූ ලෙස පහළ ගොස් තිබෙනවා. විශ්ලේෂකයින් බලාපොරොත්තු වුණේ මැයි මාසයේදී මිල 0.1% කින් ඉහළ යනු ඇතැයි කියා වුණත්, සිදු වී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මේ අනුව දැනට UK වල සාමාන්‍ය නිවසක මිල පවතින්නේ පවුම් 298,806 මට්ටමකයි.

මේක එක මාසෙක විතරක් සිද්ධ වුණ දෙයක් නෙවෙයි. මේක පිට පිටම සිදුවුණු තුන්වෙනි මාසික පහත වැටීමයි! පසුගිය මාර්තු මාසයේදී මිල 0.5% කින්ද, අප්‍රේල් මාසයේදී 0.1% කින්ද මිල ගණන් පහත වැටුණා. හැබැයි වාර්ෂික පදනමින් (Annual Basis) බැලුවොත්, පසුගිය වසරේ මැයි මාසයට වඩා මේ වසරේ මැයි මාසයේ මිල 0.5% ක සුළු වර්ධනයක් පෙන්වනවා. හැලිෆැක්ස් හි උකස් අංශයේ ප්‍රධානී ඇමැන්ඩා බ්‍රයිඩන් (Amanda Bryden) පවසන පරිදි, මෑතකදී මෝටිගේජ් අනුපාත සුළු වශයෙන් අඩු වුවද, ඉහළ උද්ධමන අපේක්ෂාවන් හේතුවෙන් ණය ගැනීමේ පිරිවැය වසරේ ආරම්භයට වඩා තවමත් ඉහළ මට්ටමක පවතිනවා.

අනෙක් පැත්තෙන්, සුප්‍රකට 'Nationwide' ආයතනය තමන්ගේම වෙනස් ක්‍රමවේදයක් (Methodology) භාවිත කරමින් කල වාර්තාවලිනුත් පෙන්වා දෙන්නේ මැයි මාසයේදී මේ වසරේ ප්‍රථම වතාවට මාසික නිවාස මිල පහත වැටීමක් සිදුවී ඇති බවයි. මේ දත්ත වලින් පැහැදිලි වෙන්නේ සමස්ත UK නිවාස වෙළඳපොළම යම් කිසි මන්දගාමී වීමකට ලක්ව ඇති බවයි.

දැන් අපි බලමු මේ හැමදේටම වඩා අපිට රිදෙන තැන, එනම් මෝටිගේජ් පොලී අනුපාත (Mortgage Rates) ගැන. 'Moneyfacts' ආයතනයේ දත්ත වලට අනුව, පසුගිය බ්‍රහස්පතින්දා වන විට සාමාන්‍ය වසර දෙකක ස්ථාවර මෝටිගේජ් පොලී අනුපාතිකය (Two-year fixed mortgage rate) 5.66% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මතක තියාගන්න, මේ වසරේ මාර්තු මාසය ආරම්භයේදී මේක පැවතුණේ 4.83% ක් වගේ මට්ටමකයි! ඒ වගේම සාමාන්‍ය වසර පහක ස්ථාවර මෝටිගේජ් පොලී අනුපාතිකය (Five-year fixed-rate mortgage) 4.95% සිට 5.62% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොලී අනුපාත මෙච්චර වැඩි වෙද්දී, ගෙවල් මිල 0.1% කින් හෝ 0.2% කින් අඩු වුණා කියලා අපිට ලැබෙන සෙතක් තියෙනවාද? ලංකාවේ අපේ අය සාමාන්‍යයෙන් ලන්ඩන් නුවරින් පිටත, ඒ කියන්නේ බර්මින්හැම් (Birmingham), කොවෙන්ට්‍රි (Coventry), ලීඩ්ස් (Leeds) හෝ මැන්චෙස්ටර් (Manchester) වගේ පළාත් වල පවුම් 200,000 ක විතර ගෙයක් ගන්න බලනවා කියා සිතමු. පොලී අනුපාතිකය 4.8% සිට 5.6% දක්වා වැඩි වෙද්දී, මාසිකව බැංකුවට ගෙවන්න වෙන වාරිකය (Monthly Repayment) පවුම් සිය ගණනකින් වැඩි වෙනවා. මේ නිසා මිල සුළුවෙන් බැස්සට, සැබෑ මිලදී ගැනීමේ පිරිවැය (Affordability) තවමත් පවතින්නේ දැඩි පීඩනයකයි.

OnTheMarket හි සභාපති ජේසන් ටෙබ් (Jason Tebb) පවසන්නේ වර්තමාන වෙළඳපොළ මිලදී ගන්නන්ගේ වාසියට (Buyers' Market) හැරී ඇති බවයි. වෙළඳපොළේ ඕනෑතරම් නිවාස විකිණීමට තිබෙන (Plenty of stock) නිසා, මිලදී ගන්නන්ට තේරීම් කිරීමට වැඩි අවස්ථාවක් ලැබී තිබෙනවා. ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් යන දෙපාර්ශවයම දැන් යථාර්ථවාදී මාවතකට අවතීර්ණ වෙමින් පවතිනවා.

නමුත් මේ තත්ත්වය ඇන්ටනි රොබට්ස් (Antony Roberts) වතු ඒජන්සියේ විකුණුම් ප්‍රධානී ඇමී රෙනෝල්ඩ්ස් (Amy Reynolds) හඳුන්වන්නේ 'ගැළපීමක් නොමැති වෙළඳපොළක්' (Mismatch) විදිහටයි. දැනට වෙළඳපොළේ ඉන්නේ 'ප්‍රවේශමෙන් කටයුතු කරන, තීරණ ගැනීමට මැලි විකුණුම්කරුවන්' සහ 'මිල පාලනය කිරීමට උත්සාහ කරන, දැඩි ලෙස කෑෂ් බර්ගන් කරන ගැනුම්කරුවන්' පිරිසක් පමණයි. මේ නිසා වෙළඳපොළේ ගනුදෙනු සිදුවීම (Transactions) සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

එමෙන්ම, එක්සත් රාජධානියේ උද්ධමනය (UK Inflation) අප්‍රේල් මාසයේදී 2.8% දක්වා මන්දගාමී වී තිබුණා. එය වසරකට වැඩි කාලයකින් වාර්තා වූ අඩුම අගයයි. මේ සඳහා ගෘහස්ත බලශක්ති මිල සීමාව (Household Energy Price Cap) අඩු කිරීම උපකාරී වුණා. නමුත් ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ ඉදිරි මාසවලදී උද්ධමනය නැවතත් ඉහළ යා හැකි බවයි. මොකද එන ජූලි මාසයේ ඉඳන් ගෘහස්ත බලශක්ති මිල සීමාව 13% කින් ඉහළ ගොස් වසරකට පවුම් 1,850 ක් වීමට නියමිත නිසයි. මේකෙන් තේරෙන්නේ ඉදිරියට අපේ එදිනෙදා ජීවන පිරිවැය (Cost of Living) තවත් වැඩි වෙන්න නියමිතයි කියන එකයි.

මෙන්න බ්‍රිතාන්‍යයේ ජීවත් වන ලාංකිකයින් සඳහා අපෙන් ප්‍රායෝගික උපදෙස් කිහිපයක්:

📍 හදිසි වෙන්න එපා (Do Not Panic Buy): ගෙවල් මිල තවදුරටත් ස්ථාවර මට්ටමක පවතින නිසා, ඉක්මන් වී තීරණ ගන්න එපා. හොඳින් වෙළඳපොළ ගවේෂණය කරන්න (Property Hunting).

📍 මෝටිගේජ් උපදෙස් ලබාගන්න (Broker Advice): පළමු වරට නිවසක් මිලදී ගන්නන් (First-time buyers) මේ දවස්වල ඉතාම සුළු වශයෙන් ක්‍රියාත්මක වන නිසා, ඔබට හොඳ මෝටිගේජ් බ්‍රෝකර් කෙනෙක් හරහා බැංකු කිහිපයකින්ම 'Decision in Principle' (DIP) ලබාගෙන සංසන්දනය කරන්න පුළුවන්.

📍 මිල සාකච්ඡා කරන්න (Strong Negotiation): දැනට පවතින්නේ ගැනුම්කරුවන්ගේ වෙළඳපොළක් නිසා (Buyers' Market), විකුණන්නා ඉල්ලන මිලටම (Asking Price) එකඟ නොවී, මිල ගණන් අඩු කර ගැනීමට දැඩි ලෙස සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම 'Chain-free' ගැනුම්කරුවෙක් නම් ඔබට ලොකු වාසියක් තියෙනවා.

📍 ජීවන පිරිවැය කළමනාකරණය: ඉදිරියේදී බලශක්ති බිල්පත් 13% කින් වැඩි වන නිසා, මෝටිගේජ් වාරික වලට අමතරව මාසිකව ස්ථාවරව ඉතිරි කරගත හැකි මුදල නිවැරදිව ගණනය කරගන්න.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, UK වල ගෙයක් ගන්න එක කියන්නේ හීනයක් නෙවෙයි, හැබැයි ඒක නිවැරදි සැලසුමකින් සහ ඉවසීමකින් කරන්න ඕන වැඩක්. මිල මතුපිටින් අඩු වුණාට, බැංකු පොලිය වැඩි නිසා සාක්කුවට දැනෙන බර සමානයි. ඉතින්, ඔයාලා හිතන්නේ මොකක්ද? මේක ගෙවල් ගන්න හොඳම කාලෙද, නැත්නම් තව ටිකක් බලාගෙන ඉන්න එක හොඳයිද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න!.

---------------------------

Dinesh Nisshanka - Tea & Truth Podcast
තවත් මේවගේ වැදගත් තොරතුරු දැනකියා ගන්න අපේ Tea & Truth Podcast පේජ් එක Follow කරලා තියාගන්න Tea & Truth Podcast Youtube Channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා

--Tea & Truth Podcast --

1 week ago | [YT] | 4

Tea & Truth Podcast

පහුගිය දවස් ටිකේම වෙසක් සතියනේ තිබුණේ මචං. ලංකාවේ හිටියා නම් අම්මාවයි තාත්තාවයි දාගෙන, තව ඉඩ තිබ්බොත් ගමේ උනුත් දාගෙන වෙසක් බලන්න යනවනේ. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ හිටියා නම් මේ කාලෙට අවුරුද්දට නෑගම් එහෙමත් යනවා. ඒත් දැන් අපි UK වල ජීවත් වෙනකොට අපේ අඩුව ලංකාවේ ගෙදරට කොච්චර දැනෙනවා ඇද්ද.

සමහරවිට ඔයාගේ අම්මා හරි තාත්තා හරි දැන් ලංකාවේ තනියම ඉන්නවා වෙන්න පුළුවන්. අනිත් සහෝදරයෝ එයාලව බලාගත්තත්, ඔයා තරම් හොඳට එයාලව තේරුම් අරන් බලාගන්න කෙනෙක් නැතුව ඇති කියලා ඔයාගේ හිතට නිතරම වද දෙනවා ඇති.

ඉතින් අන්න ඒ හිඩැසට සහනයක් වෙන්න, ප්‍රායෝගික යෝජනාවකුත් අරගෙන මේ එන බ්‍රහස්පතින්දා අපේ Podcast එකෙන් කතා කරමු. අපි දුරින් හිටියත්, කොහොමද අපේ යුතුකම් සහ ආදරය එයාලට අඩුවක් නැතුව ලබා දෙන්නේ කියලා මේකෙන් අපි කතා කරන්නයි සූදානම් වෙන්නේ. ❤️

රට ඉන්න අපි හැමෝටම ගොඩක් වැදගත් වෙන මාතෘකාවක් නිසා අනිවාර්යයෙන්ම වැඩ ටික ඉවර කරලා මේකට සෙට් වෙන්න මචං! 👊

🎙️ මාතෘකාව: අපි දුරින් හිටියත් අපේ දෙමාපියන්ව ආදරයෙන් රැකබලා ගනිමු! (Supporting our parents back home with love, care, and responsibility from abroad)
🗓️ දිනය: 2026 ජූනි 04 බ්‍රහස්පතින්දා
⏰ වේලාව: රාත්‍රී 9.00 ට (UK Time)
🔴 Live On: YouTube සහ Facebook

🔗 Live එකට සෙට් වෙන්න ලින්ක් එක:
youtube.com/live/3u0emYaQzwA?feature=share

විදෙස්ගත වෙලා ඉන්න අනිත් යාලුවන්ටත් මේක බලන්න අනිවාර්යයෙන්ම Share කරපන්. බ්‍රහස්පතින්දා රෑ 9ට සෙට් වෙමු! ✨

1 week ago | [YT] | 0

Tea & Truth Podcast

🚨 Hanta ද? ඉබෝලද? ලෝක යුද්ධද? ලෝකේ ඇත්තටම Reset වෙන ගමන්ද මේ? 🌍🔥

කවදාහරි හිතිලා තියෙනවද මේ ලෝකේ එකපාරටම මොකද වෙන්නේ කියලා? කොරෝනා ඉවරවෙද්දිම යුද්ධ, ඒ අස්සේ ආයේ අලුත් වෛරස් ගැන කතා ඇහෙනවා. මේ ඔක්කොම අහම්බයක්ද? නැත්නම් ලෝකේ අලුත් වෙන, ඒ කියන්නේ "Global Reset" වෙන ගමන්ද? 🤔

මතුපිටින් පේන ප්‍රවෘත්තිවලින් එහාට ගිහින්, ලෝක දේශපාලනයේ (Geopolitics) හැංගුණු කතා, "Disease X" අවදානම සහ අනාගතයේ අපිට මුහුණ දෙන්න වෙන සැබෑ තත්ත්වයන් ගැන කතා කරන්නයි මේ සූදානම.

මේ සංකීර්ණ තත්ත්වය විග්‍රහ කරගන්න, හුරුපුරුදු අපේ මිත්‍ර දමිත් කේතක අපි එක්ක එකතු වෙනවා. වෙනදා වගේම සුපුරුදු අඟහරුවාදා සුපුරුදු කොඩි එක්ක ගෙනෙන මේ ගැඹුරු සාකච්ඡාවට ඔයාලටත් සජීවීව (Live) සම්බන්ධ වෙන්න පුළුවන්.

🗓️ Next Tuesday (June 2nd)
⏰ 9:30 PM onwards
🎙️ Stay tuned to Tea & Truth Podcast!

📌 (චැනලය Subscribe කර, Notification Bell එක On කර තබාගන්න!)

🔗 Live Link: youtube.com/live/jrz_ZJxa2Ts?feature=share

#TeaAndTruth #GlobalReset #FuturePredictions #Geopolitics #SinhalaPodcast #WorldNews #DiseaseX #PodcastLK

1 week ago | [YT] | 3

Tea & Truth Podcast

Tea & Truth Coffee Meetup - 07: Success Story! ⚖️🇬🇧☕

2026 වසරේ අපේ 7 වෙනි Coffee Meetup එකත් ඉතාමත් සාර්ථකව අවසන් කළා! එක්සත් රාජධානියේ මානව අයිතිවාසිකම් (UK Human Rights) සහ ඒ හා සම්බන්ධ නීතිමය පසුබිම ගැන සාකච්ඡා කරපු මේ හමුවීම ඇත්තටම හැමෝටම ගොඩක් වැදගත් වුණා.

අද දවසේ අපේ Special Guest විදිහට සම්බන්ධ වෙලා, අපේ අයිතිවාසිකම් සහ නීතිමය රාමුව ගැන ඉතාමත් පැහැදිලි මගපෙන්වීමක් ලබාදුන්නේ Avishka Meemanage මහත්මයා. තමන්ගේ වෘත්තීය මට්ටමේ අත්දැකීම් අපේ සාමාජිකයින් එක්ක බෙදාගැනීම ගැන අපේ හෘදයාංගම ස්තූතිය පුද කරනවා.

ඒ වගේම අද දවසේ සජීවීව අපිත් එක්ක එකතු වුණු සියලුම සාමාජිකයින් පිරිසටත් ගොඩක් ස්තූතියි. ඔයාලා අහපු ප්‍රායෝගික ප්‍රශ්න නිසාම මේ සාකච්ඡාව හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා අපි විශ්වාස කරනවා.

ඔබටත් මානව අයිතිවාසිකම් සහ නීතිමය ගැටලු සම්බන්ධයෙන් තවදුරටත් උපදෙස් හෝ සහය අවශ්‍ය නම්, Avishka Meemanage ව පහත ලින්ක් එක ඔස්සේ සම්බන්ධ කරගන්න පුළුවන්:

calendly.com/vmdsolicitors-vmd

UK වල ඉන්න අපේම ශ්‍රී ලාංකිකයින්ට නිවැරදි තොරතුරු බෙදාගන්න මේ වගේ අවස්ථාවන් ඉදිරියටත් අපි සංවිධානය කරනවා.

ඊළඟ Coffee Meetup එකෙන් නැවතත් ඉක්මනින්ම හමුවෙමු!

Stay connected, learn & grow together!
— Tea & Truth Podcast Team

1 week ago | [YT] | 0

Tea & Truth Podcast

මේ දවස්වල UK වල බිත්තර තම්බන්න තරම් රස්නයක් තියෙන්නේ. සුපුරුදු පරිදි රස්සාවටත් යනවා. ඉතින් ඔය රස්නේ අස්සේ කාර් එකේ ඒ.සී (AC) එක වැඩ නැති උනහම තමා කාර් එක එපා වෙන්නේ.

ඔය ඔක්කොම ජරමර අස්සේ ඉඩක් ලැබුණු වෙලාවට, අපි බොහෝවිට හිතන්නේ එකම දෙයයි. ඒ තමයි "කොහොමද මම මගේම කියලා දෙයක් පටන් ගන්නේ?" කියන එක.

UK ඇවිත් අවුරුදු ගාණක් මහන්සි වෙලා, අමතර ශිෆ්ට් (Extra shifts) කරලා අපි ගොඩක් වෙලාවට හිතන්නේ සාම්ප්‍රදායික කෝනර් ෂොප් (Corner shop) එකක් හරි, ටේක්අවේ (Takeaway) එකක් හරි පටන් ගන්න.

හැබැයි අපි හිතනවට වඩා වෙනස් විදිහට හිතලා, බර්මින්හැම් (Birmingham) වල ගරාජ් එකකින් පටන් ගෙන පවුම් බිලියනයක (£1 Billion) ව්‍යාපාරයක් ගොඩනගපු වයස අවුරුදු 19ක කොල්ලෙක්ගේ කතාවක් අද අපි කතා කරමු.

අද අපි විමර්ශනය කරන්නේ Gymshark ආයතනයේ ව්‍යාපාරික කතාවයි. ඒ වගේම ඩිජිටල් යුගයේ ව්‍යාපාර ලෝකය වෙනස් කළ Wise සහ Monzo වැනි දැවැන්තයන්ගේ උදාහරණත් මේ හරහා අපි තේරුම් ගනිමු. UK වල ඉන්න ශ්‍රී ලාංකිකයෙක් විදිහට මේ කතාවෙන් ඔබට ගන්න පුළුවන් ප්‍රායෝගික පාඩම් මොනවාද කියලා අපි බලමු. 🚀

Startups යනු මොනවාද? (හැඳින්වීම) 🏢
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි "සාමාන්‍ය බිස්නස් එකකුයි, Startup එකකුයි අතර තියෙන වෙනස මොකක්ද?" කියන එක.

- සාමාන්‍ය ව්‍යාපාරයක්: ඔබ ලන්ඩන් වල ටූටිං (Tooting) වල සිල්ලර කඩයක් දැම්මොත්, එහි වර්ධනය රඳා පවතින්නේ ඒ අවට ඉන්න පාරිභෝගිකයන් මත පමණයි. කඩ 10ක් දාන්න නම්, ඒ හා සමානව ලොකු වියදමක් දරන්න වෙනවා.

- Startup එකක්: Startup එකක ප්‍රධානම ලක්ෂණය තමයි සීඝ්‍ර වර්ධනය (Scalability). ඔවුන් නිර්මාණය කරන්නේ එකවර ලක්ෂ ගණනකට සේවය ලබා දිය හැකි ආකෘතියක්. උදාහරණයක් විදිහට මෘදුකාංගයක් (Software) හෝ App එකක් හැදුවොත්, එය එක්කෙනෙකුට විකුණන්න යන මහන්සියම තමයි ලක්ෂයකට විකුණන්නත් යන්නේ.

හැබැයි මෙහි අවදානම (Risk) ඉතා වැඩියි. සංඛ්‍යාලේඛන වලට අනුව ලොව පුරා Startups වලින් 90% ක්ම පළමු අවුරුදු කිහිපය තුළ අසාර්ථක වෙනවා. නමුත් සාර්ථක වන ඉතිරි 10% මුළු ලෝකයම වෙනස් කරනවා.

සාම්ප්‍රදායික කර්මාන්ත කඩාකප්පල් කිරීම (Disruptive Innovation) 💳
Disruptive Innovation කියන්නේ පවතින පරණ, කම්මැලි, මිල අධික ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරලා අලුත් සහ ලාභදායී ක්‍රමයක් හඳුන්වා දීමයි.

- Wise (පෙර TransferWise): අපි හැමෝම ලංකාවට සල්ලි යවද්දී UK වල High-street බැංකු වලින් (Barclays, HSBC වගේ) කැපෙන ගාස්තු සහ ඔවුන් දෙන අඩු විනිමය අනුපාත (Exchange rates) ගැන දන්නවා. මේ ගැටලුව දැකපු එස්තෝනියානු ජාතිකයින් දෙන්නෙක් ලන්ඩන් වලදී Wise ආරම්භ කළා. ඔවුන් Peer-to-peer තාක්ෂණය හරහා ජාත්‍යන්තර මුදල් හුවමාරු ගාස්තු 80% කින් පමණ අඩු කළා. අද වන විට මිලියන 16කට අධික පිරිසක් Wise භාවිතා කරනවා.

- Monzo: UK වල බැංකුවක ගිණුමක් අරින්න අපි කොච්චර කට්ටක් කෑවාද? ලියකියවිලි උස්සන් ගිහින් රස්තියාදු වෙන්න ඕනේ. හැබැයි Monzo බැංකුව මේක වෙනස් කළා. ඔවුන් කිසිම භෞතික ශාඛාවක් (Branches) නැතිව, සම්පූර්ණයෙන්ම App එකක් හරහා බැංකු සේවය දුන්නා. අද UK වල මිලියන 9කට වඩා පිරිසක් අර ලස්සන 'Coral Pink' පාට Monzo කාඩ් එක පාවිච්චි කරනවා. ඔවුන් විශාල බැංකු වල ඒකාධිකාරය බිඳ දැමුවේ පාරිභෝගිකයාට අවශ්‍ය පහසුව ලබා දෙමිනුයි.

නවීන අලෙවිකරණය සහ පාරිභෝගික මනෝවිද්‍යාව (Gymshark කතාව) 🏋️‍♂️
අපි දැන් බලමු අපේ ප්‍රධාන මාතෘකාව වන Gymshark ආයතනය ගැන. 2012 දී බර්මින්හැම් වල පීසා හට් (Pizza Hut) එකක ඩිලිවරි කරපු වයස 19ක බෙන් ෆ්‍රැන්සිස් (Ben Francis) තමන්ගේ අම්මගේ ගරාජ් එකේ මහන මැෂිමෙන් ජිම් යන අයට හරියට ෆිට් වෙන ඇඳුම් මහන්න ගත්තා.

සාමාන්‍යයෙන් ලොකු සමාගම් රූපවාහිනී දැන්වීම් වලට මිලියන ගණන් වියදම් කරද්දී, බෙන් කළේ වෙනස්ම දෙයක්.

- Social Media සහ Influencers: ඔහු ඒ කාලේ අලුතින් ජනප්‍රිය වෙමින් හිටපු YouTube සහ Instagram Fitness Influencers ලට තමන්ගේ ඇඳුම් නොමිලේ යැව්වා. ඒ අයට සල්ලි දුන්නේ නෑ, ඇඳුම් විතරයි යැව්වේ. මේක අද අපි දකින Influencer Marketing වල ආරම්භක අවධියයි.

- ප්‍රජාවක් ගොඩනැගීම (Building Communities): Gymshark නිකම්ම ඇඳුම් වික්කේ නෑ. ඔවුන් තරුණ පරම්පරාවට අවශ්‍ය වුණු 'Lifestyle' එකක් හෙවත් ජීවන රටාවක් වික්කා. ඔවුන් UK, USA වල විවිධ නගර වල Pop-up stores දාගෙන පාරිභෝගිකයින්ව මුහුණට මුහුණ මුණගැසුණා.

- ප්‍රතිඵලය: මේ පාරිභෝගික මනෝවිද්‍යාව තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට 2020 වන විට Gymshark පවුම් බිලියන 1 ඉක්මවූ (Unicorn status) සමාගමක් බවට පත් වුණා.

මූල්‍යකරණය (Funding Strategies) 💰
අපි බිස්නස් එකක් පටන් ගන්න හිතනකොටම මුලින්ම යන්නේ බැංකුවකට ණයකට (Bank Loan) ඉල්ලුම් කරන්න. හැබැයි මේ දැවැන්ත Startups ලෝකයේ සල්ලි හොයන්නේ වෙනත් ක්‍රම වලටයි.

- Angel Investors (දේවදූත ආයෝජකයින්): මේ කියන්නේ තමන්ගේ පෞද්ගලික ධනය, අලුතින් පටන් ගන්න ව්‍යාපාර වලට ආයෝජනය කරන ධනවත් පුද්ගලයින්ටයි. ව්‍යාපාරයේ අවදානම වැඩි කාලයේදී මුදල් දෙන නිසා ඔවුන්ට ව්‍යාපාරයෙන් සැලකිය යුතු කොටසක් (Equity) හිමි වෙනවා.

- Venture Capitals (VC): ව්‍යාපාරය යම් මට්ටමකට දියුණු වුණාට පස්සේ, විශාල ආයෝජන සමාගම් මිලියන ගණනින් මුදල් යොදවනවා. 2020 දී General Atlantic කියන VC සමාගම Gymshark හි 21% ක කොටස් මිලදී ගත්තේ පවුම් මිලියන 200කට ආසන්න මුදලක් යොදවමිනුයි.

- Crowdfunding: මේක හරිම අපූරු ක්‍රමයක්. මහජනතාවගෙන් මුදල් එකතු කිරීම! Monzo බැංකුව 2016 දී Crowdcube වේදිකාව හරහා තත්පර 96ක් ඇතුළත පවුම් මිලියනයක (£1m) ආයෝජනයක් මහජනතාවගෙන් (පවුම් 10, 50 යෙදවූ සාමාන්‍ය මිනිසුන්ගෙන්) ලබා ගත්තා.

අසාර්ථක වීමේ අවදානමෙන් ගැලවීම: Scale up වීමේ අභියෝග ⚠️
බිස්නස් එකක් හිටිහැටියේ ලොකු වෙද්දී (Scaling up) එන අභියෝග සුළුපටු නෑ. Gymshark ආයතනයටත් මේ දේ වුණා.

- 2015 Black Friday ඛේදවාචකය: Gymshark ආයතනයේ ජීවිතේ අමාරුම දවසක් තමයි 2015 Black Friday දවස. ඔවුන්ගේ Website එක හැදිලා තිබුණේ පරණ Magento පද්ධතියකින්. එකපාරටම පාරිභෝගිකයින් ලක්ෂ ගණනක් Website එකට ආවම මුළු පද්ධතියම Crash වුණා.

- පාඩුව: මේ නිසා පැය ගණනාවක් Website එක වැඩ කළේ නෑ. ඔවුන්ට පවුම් 100,000 කට (ලක්ෂයකට) වඩා විකුණුම් අහිමි වුණා. ඊටත් වඩා පාරිභෝගික විශ්වාසය බිඳ වැටුණා.

- විසඳුම සහ නැවත නැගිටීම: මෙතැනදී බෙන් ෆ්‍රැන්සිස් හැංගුණේ නෑ. ඔහු පෞද්ගලිකවම පාරිභෝගිකයින් සිය ගණනකට තමන්ගේ අතින්ම සමාව ඉල්ලා ලියුම් (Handwritten letters) ලිව්වා. ඒ වගේම ඔවුන් වහාම තමන්ගේ තාක්ෂණය Shopify Plus වැනි අතිශය දියුණු, ඕනෑම තදබදයකට ඔරොත්තු දෙන (Scalable) පද්ධතියකට මාරු කළා.

අසාර්ථක වීමක් කියන්නේ අවසානය නෙවෙයි, එය ඊළඟ විශාල පිම්මට ගන්නා පියවරක් බව ඔවුන් ඔප්පු කළා.

UK ශ්‍රී ලාංකිකයින්ට ගත හැකි ප්‍රායෝගික පාඩම් 💡
- තාක්ෂණය වැළඳගන්න: ඔබ කරන සේවාව (Cleaning, Catering, Tutoring) කුමක් වුණත්, එය Social media සහ ඩිජිටල් ක්‍රම හරහා ප්‍රවර්ධනය කරන්න.

- Community එකක් හදන්න: ලංකාවේ අය විතරක් නෙවෙයි, UK වල ඉන්න විවිධ ජාතීන් ඉලක්ක කරගෙන ඔබේ භාණ්ඩ හෝ සේවා වලට කැමති ප්‍රජාවක් (Community) අන්තර්ජාලය හරහා ගොඩනගන්න.

- විකල්ප ආයෝජන ගැන හිතන්න: බැංකු ණය ගැනම නොහිතා, ඔබේ අදහස (Idea) හොඳ නම් Crowdfunding හෝ Angel investors ලා ගැන අධ්‍යයනය කරන්න.

ඔබත් UK වල ඉඳන් ඔබේම ව්‍යාපාරයක් පටන් ගන්න හීන දකින කෙනෙක්ද? Gymshark කතාවෙන් ඔබ ගත්තු වටිනාම පාඩම මොකක්ද? පහළින් Comment එකක් දාගෙනම යන්න. 👇

Dinesh Nisshanka - Tea & Truth Podcast
තවත් මේවගේ වැදගත් තොරතුරු දැනකියා ගන්න අපේ Tea & Truth Podcast පේජ් එක Follow කරලා තියාගන්න
Tea & Truth Podcast Youtube Channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා
--Tea & Truth Podcast --
#uksrilankans #ukbusiness #foryouシpage

2 weeks ago | [YT] | 2