Welcome to Life is Life — a space where words, stories, and imagination come together to celebrate every shade of life.
Here, we believe that life isn’t just meant to be lived — it’s meant to be felt, understood, and expressed. We explore the beauty, struggles, and emotions that make life truly meaningful.
🌼 Motivational stories & life lessons — to lift your spirit and give hope.
🌈 Heart-touching poems & reflections — to inspire your inner voice.
📘 Creative writing & thoughts — to remind you how powerful words can be.
🌟 Fun and meaningful kids’ stories — filled with imagination and morals.
💡 Knowledge and learning videos — to open your mind and spark curiosity.
Discover inspiration, imagination, and meaning in every story and every word — because life is not perfect, but it’s still wonderful… and life is life. 🌻
#LifeIsLife #Motivation #Poetry #Stories #Inspiration #LifeLessons #Knowledge
Life Is Life - ජීවිතයට ජීවිතයෙන්
කණ්නාඩි යුගලය 👓
තරුණයෙක් නිතරම පැමිණිලි කළේ මිනිසුන් තමාව නොසලකා හරින බවයි. ඔහු විශ්වාස කළේ අනෙක් අය රළු, ආත්මාර්ථකාමී සහ අසාධාරණ බවයි.
දිනක්, මහලු ගුරුවරයෙක් ඔහුට කණ්නාඩි යුගල දෙකක් ලබා දුන්නේය.
"පළමු යුගලය පළඳින්න," ගුරුවරයා පැවසීය.
ඔහු එසේ කළ විට, සෑම කෙනෙකුම කෝපයෙන් හා මිත්‍රශීලී නොවන බවක් පෙනෙන්නට තිබුණි. තරුණයා දවස පුරාම කලබල විය.
ඊළඟ දවසේ, ගුරුවරයා ඔහුට දෙවන යුගලය පළඳින්නැයි පැවසීය.
මෙවර, මිනිසුන් කරුණාවන්ත, ඉවසිලිවන්ත සහ සැලකිලිමත් ලෙස පෙනුනි. තරුණයාට වඩා හොඳ දවසක් තිබුණි.
ව්‍යාකූල වූ ඔහු ඇසුවේ, "මිනිස්සු මෙතරම් වෙනස් ලෙස පෙනෙන්නේ ඇයි?" යනුවෙනි.
ගුරුවරයා සිනාසෙමින් පිළිතුරු දුන්නේ, "මිනිස්සු වෙනස් වුණේ නැහැ. ඔබ ඔවුන් දෙස බැලූ ආකාරය සහ හිතන විදිය පමණක් වෙනස් විය."
මිනිසුන් තේරුම් ගැනීමට, ඔවුන්ගේ හැඟීම් සහ දෘෂ්ටිකෝණ දැකීමට උත්සාහ කරන්න. තමන් හිතන සිතුවිල්ල වෙනස් වූ විට මේ ලෝකය සුන්දර ලෙස පෙනෙයි 🌱
#life #quotes #ideas #love #happy #sad #motivation #enjoy #CalmVibes #success #quoteoftheday #motivationspeaker #life #quotes #ideas #love #happy #sad #motivation #enjoy #CalmVibes #success #quoteoftheday #motivationspeaker
1 week ago | [YT] | 0
View 0 replies
Life Is Life - ජීවිතයට ජීවිතයෙන්
🌸 අසෙනිය මල්🌸
32 කොටස
මේ ජීවිතය සිහිනයෙන් ඇවිදින ගමනක් ලෙසින් නිර්වචනය කල නොහැකිය. බොහෝ අමිහිරි අත්දැකීම් ජීවිතය සිඹින්නේ පියෙවි සිහියෙන් පසුවද්දීමය. මේ දෝමනස්සයන් සියල්ලද විඳින්නේ ප්‍රකෘතියෙන්ම මිස ස්වප්නයෙන් නොවන බව පවින්ත දනී.
එහෙත් ගමන කොතරම් නීරස වුවත් වන්දනීය බැඳීම් වලට අතර මඟ තාවකාලිකව සමුදිය හැකි නොවේ. ආදරය පිළිබඳව කොතෙක් පාඩම් උගත මුත් ඒ දයාබර න්‍යායට පිටුපෑමේ ශක්යතාවයක් මට තවම ලැබිලා නැහැ.
තරු ලොවට එළඹී වැඩ සිටියි. ජීවිතයෙන් තවත් දවසක් මිලානව යමින් ඇත. වාට්ටුවට තමාට පසුව පැමිණි රෝගීන් පවා බොහෝමයක්ද සුවය ලබා නිවෙස් කරා ගිය බව දනී. තමාද දැන් බොහෝ දුරට සුවය ලබා ඇති බව සැබවි. ඒත්, මේ චිත්ත අසහනයට ඖෂධ වලින් සහනයක් ලබා ගත නොහැකිය. එකම පිළිසරණ ඇයගේ හදවතේ මෘදු මොලොක් ඉඩක් ලැබීම පමණක්ම බව හැඟේ.
දැන් ඉදිරියට ගෙවෙන සෑම තත්පරයක්ම අවිනිශ්චිතය. හිස්ය. මට කොහොමටවත්ම හිතාගන්නට බැහැ. ආදරය මෙතරම්ම අචින්ත්‍ය උනේ කොහොමද කියලා. මාව මෙතරම්ම සංවේදී කරපු අන්තානන්ත දුකට පත් කරපු තවත් යුගයක් මේ කෙටි ජීවිත කාලය තුල මෙතුවක්ම තිබුනේ නැහැ.
කොතෙක් සෙව්වත් සැනසීමක් ලබාගත නොහැකි ලොවක හිමිවන්නේ දුකම පමණක් බව දනී. පාළුව තනිකම හුදකලාව විතරක්ම හදවත රිදවන කලක සතුට කියලා දෙයක් මෙලොව නොතිබුණා නම් අමිත යැයි සිතීම අසාධාරණ නැත. කොයි කොහොම උනත් හුස්ම රැඳෙන අවසාන මොහොතේ අන්තිම තත්පරය දක්වාම මේ ළයාන්විත සෙනෙහසට අලඟු තැබිය හැකි තවත් ආදර වරෙන්තුවක් සදාකාලිකවම මැවිය හැකි නොවේ.
නෙතේ කඳුලක් නැගෙතොත් මා හඬා වැටෙන්නේ නිබඳවම ඒ සතත සත්‍යය සුරංගනාවියකට තේරුම් ගන්නට අපොහොසත් වූ අභාග්‍යයටය.
පවින්ත අපහසුවෙන් ඇවිද යමින් වාට්ටුවෙන් එපිට කොරිඩෝරය වෙත පිවිසුනේය. මේ රාත්‍රිය බොහෝ ඝනඳුරුය. හුදකලාය.
මෙලොව සර්ව සම්පූර්ණ ජීවිතයක් ලබන්නේ ඉතාමත්ම කලාතුරකින් බොහෝමත්ම අහම්බයකට වාසනාවකට පමණි. ප්‍රශ්ණයෝ පැමිණෙන විටද පැමිණෙන්නේ එක පසු පස නොව එක පිටම වග බැඳගෙනය. ගොනා අනින්නේද ගහෙන් වැටුනු මිනිහාටමය. ගහෙන් වැටුනු මිනිසාට ගොනා ඇන්නද කම් නැත. ඒ මිනිසා මරණයට පත්වී සිටී නම්. එහෙත් ගහෙන් වැටී පණ අදිමින් සිටින මිනිසෙකුට ගොනා ඇනීම මොන තරම් පවක්ද...?
පවින්තට තවත් මේ තනිය හුදකලාව ඉවසිය නොහැකිය. ඔබේ සුවඳ පිරුණු මගේ ජීවිතය පුරාවට සිහිවටන ලෙස අද ඉතිරිව ඇත්තේ මොනවාද...? ජීවිතේ එකම එක වතාවක් හදවතින් දෙපාරක් ඉපදිය නොහැකි වූ වරදට මෙතරම්ම අඩන්තේට්ටම් කිරීම හොඳද...? දුගතියට අයුක්තියට ආශිර්වාද කරන ලොවක සාධාරණය හිස දරා දුක ලබන්නට බිහිවීම ශාපයක් ලෙස හැඟේ. කමක් නැහැ රත්තරං. ඒත් මම මේ දුක දරාගෙන ප්‍රකෘතියෙන් ජීවත් වෙන්න පුලුවන් අන්තිම තත්පරය වෙනතුරාවටම ඔබේම නාමයෙන් ඉවසන්නම්!
හ්ම්...! ඒ මුවින් පිටවූ එකම සුසුම නොවේ. පවින්ත විශාල ගල් කණුව දැඩිව මිරිකා ගනිමින් දත් තද කරගත්තේය. තමාට නිබඳවම මහත් උනන්දුවෙන් සාත්තු කරන හෙදිය පැමිණියහොත් පිණිබාන්නට මෙසේ එළිමහනේ සිටීම පිළිබඳව අනන්ත දොස් පවරන බව දනී. නෝක්කාඩුකම් කිරීමේ සීමාවක් නැත. ලෙංගතු කම සාත්තු සේවිකාවක සතු උතුම් ගුණයක් බව පියෙවි ඇත්ත. ඒත් ඇය තමා විෂයෙහි දක්වන සැලකිල්ල තුල ඉන් ඔබ්බට විහිදුනු තවත් විශේෂිත කිසිවක් සැඟව ඇතැයි සිතේ.
අපිට සෙනෙහස කියලා දෙයක් හඳුන ගන්න පුලුවන්. අභ්‍යන්තරය විනිවිද දැකිය නොහැකි වුවද සියල්ලක්ම පිළිබඳ කිඳුරු සිහින කොදෙව්වක අතරමංව හුදකලා වන්නට අවසර දී ඇත. සාංසාරික පුරුද්දකට යටත්ව සිදුවන දේ කිසිවක්ම නැතැයි කියා සම්භාවිතාවකින් තොරව නිත්‍යතාවෙන්ම පැවසිය නොහැකිය.
මේ හදවතේ සසල වීම පිළිබඳ තතු විනිශ්චය කිරීමට තවත් මානවිකාවක තුරුලට ළංකරගත නොහැකි වීමට පැහැදිලි හේතුවක් තිබිය යුතුය. එසේ නම් දෛවය වුවත් මෙතරම් එරෙහිව නැඟී සිටීම යුක්ති සහගත නැත. අනුචිත ලොවක වුවත් ආත්මයට උචිත නොවන දැරිය නොහැකි අපමණ දුක් ගින්දරක තනිවීම අවාසනාවකි. මා දන්නේ නොදන්නා බොහෝ දේ අතරට ඔබව මට අමතක කරනු බැරි ලෙසින් ජීවිතයට දැඩිව බද්ධ වී ඇති බවයි.
මේ ජීවිතය අපට අහිමි වූයේ කවදාද...? කවුරුන් නොදනිතත් ඒ දිනය මා පමණක් හොඳින් නිශ්චිතවම දනී. ඔබ මා හදවතට පිවිසියේ කිසිවෙකුගේ උවමනාවකට හෝ විශේෂිත වූ පෙළඹවීමකින් හෝ නොවේ. ආයිමත් කවදාටවත්ම කයින් යන්නට බැරි, ඒත් සිතින් පමණක් යා හැකි ඉමිහිරි තොටුපලවල් කොතරම් තියෙනවාද...?
ඒ ජීවිතය තමන්ටම කියලා අයිතිව තිබූ දඟකාර ළමාවියට යළි එළඹිය හැකි වූවා නම්...! ඒ ශූන්‍යත්වයේ සැහැල්ලුව මොනතරම් සැපතක්ද...?
ඒත් කාලය කොතරම් දේ වෙනස් කරනවාද...? කොතරම් නම් නවමු විපර්යාස හඳුන්වා දෙනවාද...? ඉස්සර වැස්සට වතුර පිරුණාම කඩදාසි ඔරුවක් පා කර ලබනා සතුට දැන් ලැබිය නොහැක්කේ මන්ද...? මටත් හොර රහසේම ටිකින් ටික සෙමින් සෙමින් අනුක්‍රමයේදී මගේ මුලු ජීවිතයම මටම ආගන්තුකව ඔබ සන්තකයට නතුකරගත් අපූරුව...!
මේ ළයාන්විත සෙනෙහෙබර දයාබරත්වය දෝරේ ගලා උතුරන සංලග්නතා කතාව මා ඔබට තේරුම් කරලා පැහැදිලි කරලා දෙන්නේ කොහොමද...? ඒ සුඛිත මාධුර්යය ඔබට තේරුම් ගන්නට පුලුවන් නම්...!
එහෙනම් මේ ජීවිතය මොනතරම් සුන්දරයිද කියලා මට කොහොමටවත්ම හිතා ගන්න බැහැ? ඒත් මට එච්චර තෘප්තිකර වාසනාවකට හිමිකම ලැබිලා නැති සැටි! දැන් මේ වෙනුවෙන් තවදුරටත් දිගින් දිගටම පශ්චාත්තාප වීමේ සාරවත් ප්‍රතිඵලයක් කොහේ හෝ යට ගියාවේවත් තිබෙනවාද...?
පවින්ත ගල් බිත්තියට අතමිට මොළවා දැඩි පහරවල් කීපයක් ගසන්නට වුණි.
❛❛පවින්ත, ඇත්තටම ඔයාට මේ මොකද වෙලා තියෙන්නේ ආ...?❜❜
ඇගේ වේගවත් ස්වරය අභියස පවින්ත එකවර ගසින් වැටුනු මිනිසෙකු සේ යථා ලොවට පිවිසියේය. නිදහසට කරුණක් සොයාගන්නට ළඟපාතක නැත.
❛❛ඇයි මේ කියන දේ නාහා පොඩි ළමයෙක් වගේ වැඩ කරන්නේ. ලෙඩෙක් පරිස්සම් වෙන විදිහද මේ...?❜❜
(අනුකම්පාව පිරුණු දයාබරත්වයෙන්.)
❛❛නෑ මිස් මට දැන් සනීපයි. එච්චරම අමාරුවක් නැහැ.❜❜
පවින්ත අපහසුවෙන් ඇඹරුණි.
❛❛ඒක තීරණය කරන්න පවින්ත ඩොක්ටර් කෙනෙක්ද?❜❜
ඒ වදන් හමුවේ පවින්ත නිරායාසයෙන්ම ගොලුවිය. ඇගේ මුහුණේ යාම්තමට සිනහවක් සටහන්ව ඇත.
තමාත් දිනෙක වෛද්‍යවරයෙකු වීමට සුබ සිහින දුටුවා නොවේද...? ඒත්, අද ඒ තමා සුන්දර යැයි හඟින්නට උත්සාහ දැරූ සියළුම අහිංසක අපේක්ෂාවන් යලි හුස්ම පෙවිය නොහැකි තරමටම මිය ගොසිනි.
❛❛නෑ නෑ මිස් එපා! මට තනියෙම යන්න පුලුවන්❜❜
ඇය තම දෑත් අල්වා ගන්නට සැරසෙත්ම පවින්ත ඉවතට දුරස් වන්නට වුණි.
❛❛මම දන්නවා ඒක. කෝ දෙන්න.❜❜
(දඟකාර නෝක්කාඩුවක අමනාපයක් සමඟින්)
ඇය බලෙන්ම තම වමත ගෙන ඇගේ උරහිස මත මෘදුව තබා ගත්තාය. අනතුරු ඇගේ සුකුමල සුරත මා බඳ වටා යවා මට තුරුළු වූයේ මගේ අනවසරයෙනි.
❛❛හරි! දැන් ඉතිං යමු.❜❜
ඒ හුරතල් කටහඬට එරෙහිව කිසිත් තෙපලන්නට ලෝභ සිතුණි. ඇත්තෙන්ම තවමත් පූර්ණ සුවය ලබා නැති වම් පාදයේ උලුක්කුවට එය පියෙවි සහනයක් ලෙස හැඟේ.
❛❛පවින්ත මට ඇත්ත කියන්න. ඔයාගේ හිතේ මොකක් හරි ලොකු කියාගන්න බැරි ප්‍රශ්ණයක් තියෙනවා නේද...?❜❜
මොහොතකට මුලු පරිසරයම කෑලි කපන දැඬි නිහැඬියාවක ගිලුණි.
❛❛ප්‍රශ්ණ හදවතේ තෙරපගෙන හිටියම මිනිස්සු පිස්සෝ වෙනවා පවින්ත.❜❜
❛❛සත්තකින්ම ඒ වෙනුවෙන් මට උදව් කරන්න පුලුවන් නම් ස්ථීරවම බොහෝම සතුටින් ඒ තීරණයට එකඟ වෙනවා.❜❜
❛❛ඒ හැඟීම් මට කියන්න ඉතිං.❜❜
ඒ අතිශය සෙනෙහසින් කීරී ගැසුනු ඇගේ නෙතෝදකයන් දෙස පවින්ත සානුකම්පාවෙන් බලා සිටියේය.
(ඇත්තටම මා පිස්සෙක් උනා නම්...! කොච්චර හොඳද...?)
සතියකට විරාමයක්....
Life is Life Page එක follow කරලා ඔබත් ඒ අහිංසක, සංවේදී, සුන්දර ආදර කතාවේ කොටස්කරුවෙක් වෙන්න.
#life #quotes #ideas #love #happy #sad #motivation #enjoy #CalmVibes #success #quoteoftheday #motivationspeaker #AseniyaMal #NewNovel #HeartfeltStory #SriLankanNovel #SinhalaNovels #LoveAndLife #Shortstory #Novels
1 week ago | [YT] | 0
View 0 replies
Life Is Life - ජීවිතයට ජීවිතයෙන්
මේ ආත්මය තුලදීම
එකම එක නිමේෂයකින් ⏳
ජීවිතයට පැවසිය නොහැකි තරම්
බොහෝ චමත්කාරජනක මාධූර්යයන්
කොතෙකුත් කියාදී, ඒ ලස්සන යැයි
හඳුනාගත් ලොව තුලදීම
දයාබර කඳුලක් තිළිණ දී 😢
මගේ ජීවිතය ජීවත් කරවීමට
මට තියෙන අයිතියත්
මගේ ආත්මයෙන් පැහැරගෙන,
දිවි ඇති තුරාවටම
මතක සුවඳක් විතරක්ම ඉතිරි කරලා
සදහටම සමුගන්න එපා.! 🥺
#life #quotes #ideas #love #happy #sad #motivation #enjoy #CalmVibes #success #quoteoftheday #motivationspeaker #life #quotes #ideas #love #happy #sad #motivation #enjoy #CalmVibes #success #quoteoftheday #motivationspeaker
1 week ago | [YT] | 2
View 0 replies
Life Is Life - ජීවිතයට ජීවිතයෙන්
🌸 අසෙනිය මල්🌸
31 කොටස
ජීවිතය මල් යහනාවකැයි පවසන බොහෝ පිරිසක් අතර මැදම කටු යහනාවක කල්ගෙවන අතලොස්සක්ද සිටී. හමුවීම සතුටට මල් යහනාවක් නම් වෙන්වීම දුකට කටු යහනාවකි. එහෙත් පළමුව තමා සිතා සිටියේ මේ අරුතෙහි විලෝමය නොවේද...? දැන් කුමුදුනීට ජීවිතය ගෙන යන්නට නිශ්චිත බලාපොරොත්තුවක් ඇත. ඔහුගේ හදවත නිවැරදිව ස්පර්ශ කෙරුවේ දැන්ය.
එහෙත් කෙසේවත් පහසුවෙන් තවමත් තම හීලෑවුණු සිත සනසවාගත නොහැකිය. ඒ පළිගැනීමේ පව වාවාගත නොහැකිය. පෙර දින ඒ අවාසනාවන්ත රාත්‍රිය ගෙවා දැමුවේ මහත්ම අපහසුවෙනි. උණු කඳුළු සලමිනි. නිදි වැරීමේත් ශෝක වීමේත් අසීමිත විඩාව නෙත් වල තවමත් මොනවට සටහන්ව ඇත.
නංගීද රෑ පුරාවටම තමා සමඟ නොනින්දේ පසුවූවාය. අතොරක් නැතිව ඇය පවා දිගින් දිගටම තමාට කල ශාප කිරීම වෙසෙසින්ම සාධාරණ බව දනී. මගේම කුරිරු වීම මගේම ආත්මයට කරපු දෝහි කමක් වුණු සැටි.!
කුමුදුනී අද උදෙන්ම උසස් අධ්‍යාපන ආයතනයට පැමිණියේ ජීවිතය ජීවත් කරවීම පිණිස සතත බලාපොරොත්තුවක් ලබා ගැනීම පිළිබඳ සුවිශාල වූ විශ්වාසයක් සහිතවය. හමුවීමට කොතරම් උවමනාවක් තිබුණත් ඊයේ අචලා ආවේ නැත. අද බොහෝ විට ඔබගේ පිංසාර රුව දකින්නට ලැබීමේ සම්භාවිතාවක් ඇත. ඒ අකුටිල මුහුණ දැකගැනීමේ නොපැවරුණු දැඩි අවශ්‍යතාවයක්ද ඇත. තනිවම මේ පෙරමඟ බලා සිටින්නේ ඔහු වඩිනා තුරාවටය. උසස් අධ්‍යාපන ආයතනය දැන් දැන් ළමයින් එක්කෙනා දෙදෙනාගෙන් පිරෙමින් පවතී. තමාගේ සිතෙත් පිරිමින් පිළිබඳව නොපැහැදිලි ආකල්පය ක්‍රම ක්‍රමයෙන් පැහැදිලි වන ලෙසක් හැඟේ. එදා පිළිකුල් සහගත හැඟීමෙන් පිරී තිබුණු පැස තුල අද සුන්දර දසුන් ප්‍රතිනිර්මාණය වෙමින් ආත්මීය බලාපොරොත්තු දළු ලා වැඩෙමින් කොතෙකුත් තැන්පත් වෙමින් ඇත. අඩුක් කරන්නට ඉඩ කඩ මදි තරම්.
තම දයාබර මිතුරිය පැමිණෙමින් සිටි අචලාව දුරදීම හඳුනාගත් කුමුදුනී ඇය වෙත දිව ගියාය.
අචලා පසුවූයේ තම හොඳම මිතුරිය වුවත් ඈ සමඟ මනාපයකින් නොවේ. නිදහස් අකලංක ජීවිතයකට මෙතරම්ම අඩන්තේට්ටම් කිරීම පුණ්‍යවන්ත ක්‍රියාවක් නොවේ. ජීවිතය තුල සෑම භාවයකම දරාගත හැකි උපරිම වූ සීමාවක් ඇත. ඒ කඩ ඉමෙන් එහා ලෝකය තුල ප්‍රකෘතියෙන් කල්ගෙවිය හැකි කිසිවෙකුවත් නැත.
පවින්තගේ වුවත් මානසික තත්වය එතරම් සුභදායක හෝ සුභවාදී හෝ නොවීය. රිය අනතුරකින් තුවාල ලැබූ බව පැවසුවද ඒ සඳහා වක්‍රෝතී පසුබිම කුමුදුනීගේ වියෝව බව දනී. ඔහු දුගතිගාමියෙකු වූවා නම් කිසිවිටකවත් තමා ඇයට පෙරැත්තය කරන්නේ නැත. කපටි වංචනිකයෙකු පැරදවීම ඉතා අසීරුය. මෙල්ල කිරීමත් උගහටය. එහෙත් අහිංසක සුගතිගාමියෙකු පිස්සෙකු කිරීමට පහසුවෙන්ම පුලුවන. තමා කණගාටු වන්නේ එබැවිනි.
❛❛ඇයි අචලා ඊයේ ආවේ නැත්තේ...? මම කොච්චර පාලුවෙන්ද හිටියේ...❜❜
❛❛ආනේ මේ මොනවා වෙලාද අතට?❜❜
ඉදිරියට දුව ආ කුමුදුනී අචලාගේ දකුණත ගනිමින් සෙනෙහසින් තෙපලාය. එහෙත් අචලා නිහඬව ඉවත බලාගෙනය. මුනිවත රකිනු වස් ගොළු වෙලාය. ඇගේ මුහුණේ වෙනදා නිබඳවම දකින්නට ලැබෙන ඒ නිරවුල් පැහැදිලි විසිරුණු සුහද සිනහව අද කොහේදැයි දක්නට නැත.
❛❛මොකෝ මේ? මූණ අමුතු කරගෙන අද කතා නැත්තේ...?❜❜
❛❛කොච්චර දැඩිව හිතුවත් තමන් කරන හැම දෙයක්ම නිවැරදි වෙන්නේ නැහැ. හරියි කියන්න පුලුවන් වැරදියි කියලා අර්ථ දැක්විය නොහැකි දේවල් විතරමයි.”
(උද්වේගකර ආවේගයෙන්.)
❛❛ඇයි මේ...? මොකෝ උදේ පාන්දරම තරහින්...?❜❜
කුමුදුනී විශ්මයෙන් ඇසුවාය. අචලා ලේසියෙන් කෝපවන්නියකද නොවන බව දනී.
❛❛කුමුදුනී මම මේ උඹෙන් අහන අන්තිම වතාව. උඹට ඕනා වෙලා තියෙන්නේ අර අහිංසකයව මරා ගන්නද? ඇත්තටම ඔය හදවත ගලක්ද? මෘදු දයා ගුණයක් චුට්ටක්වත්ම නැත්ද?❜❜
(අහිතවත් ස්වරයෙන්.)
කුමුදුනී තුෂ්ණිම්භූතව අසරණ දෑසින් අචලා දෙස බලා සිටියාය. මා ගැන මගේ මේ දැවෙන හඬන විඳින පසුතැවෙන හදවත ගැන අවංකවම දන්නේ මා පමණයි. මිතුරිය මින්පෙර කිසිම දිනක මෙතරම් දරදඬු රළු පරළු ලෙස තමාට බැණ වැඳී නැත. කවදාවත් කුමන මොහොතකවත් මේ විදිහට දරුණු වාග්ප්‍රහාරයකින් පහර දෙමින් දෝෂාරෝපණය කොට නැත. තමා පැමිණියේ මේ අත්මීය අතපසු වීමේ වරද ඇයට පවසා පහදා දී හදවතේ දැවෙන ගින්න සිසිල් කරගෙන සිත සැහැල්ලු කරගන්නටය. සැනසෙන්නට ආධාර පතමිනි. ඒත් දැන් තත්වය සහමුලින්ම වෙනස් වී ගොස් ඇත. මේ බව කලින්ම ඇයට දැනගන්නට ආරංචි වුනේ කොහොමද?
නිහඬව නිසොල්මනේම බිම බලාගෙන සිටි ඇගේ නෙත් කඳුලින් පිරී බොඳ වුණි. තව ටිකකින් මේ කඳුළු බිංදු දෙක ගිලිහිලා වැටේවී.!
❛❛කුමුදුනී, මේ බලපන්. උඹේ හිත රිදෙන දෙයක් මගේ අතින් කියවුනා නම් මට සමාවෙයන්. මම කතා කලේ ආපු ආවේගයට මිසක් උඹ එක්ක වෛරයකින් නොවේ.❜❜
මිතුරියගේ කඳුලින් පිරි සුසුම් හෙලන ශෝකී මුහුණ දුටු අචලාගේ හදවත කඩා සැලුනාය.
ප්‍රතිඵලය උනේ කඳුළු උල්පත කඩා හැලීමේ වේගය වැඩිවීම පමණි. ඇය මිතුරියගේ දුක්ඛිත මුහුණ තමා වෙතට හරවා ගත්තාය.
❛❛ඉතිං නාඬා කඳුළු පිහිදා ගන්න. ලොකු අක්කා නැති වෙච්ච වේදනාව දන්නේ උඹ විතරනේ. ඉතිං කාටවත් කුමු වැරදියි කියන්න බැහැ. දැන් මාත් එක්ක තරහ නැහැ නේද කියපන්.❜❜
ඇය ඇගේ දෙකොපුල් මත ගලන කඳුළු බිඳු පිසදැමුවාය.
❛❛අක්කා කෙනෙක්ගෙන් මට දැන් වැඩක් නැහැ අචලා. මට කියන්න ඇත්තට මොකක්ද වෙලා තියෙන්නේ කියලා...❜❜
තවමත් ඉකි ගැසීම නතර වී නැත.
මේ පසුබිම මත පවින්ත පිළිබඳව නැවත ඇයට කියනවාදැයි අචලා නිහඬ තත්පරයක් තුල යළි හැඟුවාය. මඟ විවෘත කොට ඇත. නොකියා සිටීම නුසුදුසුය.
❛❛පවින්ත ඇක්සිඩන්ට් වෙලා කුමු...❜❜
❛❛මොනවා දෙයියනේ...! ඇක්සිඩන්ට් වෙලා...?❜❜
කෑ ගසාගෙන ඇය කතාව අතර මැදට පැන්නාය.
❛❛ඔව් කුමු. හොඳ වෙලාවට තමයි මමයි නංගියි ක්ලබ් ගිහින් එනකොට අපිට හම්බ උනේ. මගේ මේ අත තුවාල උනෙත් එතනදී ඒ වෙලාවෙයි.❜❜
සැහැල්ලු පහත් ස්වරය මෘදුය.
❛❛මංකොල්ල කාරයෝ වගයකට අහුවුනයි කියලා කිව්වත් මම හිතන්නේ ඒ බොරු. උඹ ගැන හිතේ අමාරුවට බීලා තමයි මොනවා හරි වෙන්න ඇත්තේ.❜❜
අනේ දෙවියනේ! ඔහු මොනතරම් උතුම් සත්පුරුෂයෙක්ද...? මගේ වරදත් කුරිරුකමත් ලෝකයෙන් වසන් කරගෙන මට පැවරිය යුතු දොස් නිර්දෝෂී ඔබ පිටම පටවාගෙන ඇති සැටි.! මෙතරම්ම ශ්‍රේෂ්ඨ මිනිසෙකුට දෝහී වීමේ අභාග්‍යයට සමාව ලැබිය හැකිවත් වන්දි ගෙවිය හැකිවත් නොවේ.
මිතුරිය සත්‍යය සිදුවීම පිළිබඳ හාංකවිසියක්වත් දන්නේ නැත. තවත් නම් ඉවසා සිටිය නොහැකිය. කුමුදුනීගේ හදවත වේදනාවෙන් පැලී යන්නට එයි. මේ මොහෙතේ මේ වස්තු විෂය සම්බන්ධයෙන් අචලාගෙන් ලැබිය හැකි සහනයක් හැර වෙනත් කිසිඳු පිළිසරණක් නැත.
❛❛මට පවින්ත ගැන ලොකු විස්තරාත්මක කතාවක් කියන්න තියෙනවා. මගේ හදවතේ ගලන වේදනාව වාෂ්ප කරන්න උදව් වෙන්න පුලුවන් උඹට විතරමයි. එන්න...❜❜
කඳුළු පිසදා ගනිමින් කුමුදුනී වටපිට බැලුවාය.
❛❛අපි අර මැයි ගහ යටට යමුද...?❜❜
මිතුරියගේ මේ සංවේදී ආයාචනාත්මක ඇරයුම පිළිබඳව අචලා දරාගත නොහැකි මවිතයෙන් ඈත බලාසිටින්නට වුණි.
සතියකට විරාමයක්....
Life is Life Page එක follow කරලා ඔබත් ඒ අහිංසක, සංවේදී, සුන්දර ආදර කතාවේ කොටස්කරුවෙක් වෙන්න.
#life #quotes #ideas #love #happy #sad #motivation #enjoy #CalmVibes #success #quoteoftheday #motivationspeaker #AseniyaMal #NewNovel #HeartfeltStory #SriLankanNovel #SinhalaNovels #LoveAndLife #Shortstory #Novels
1 week ago | [YT] | 0
View 0 replies
Life Is Life - ජීවිතයට ජීවිතයෙන්
🌸 අසෙනිය මල්🌸
30 කොටස (Part 02)
අම්මා වේලාසනින්ම කා බී නින්දට වැටුනේ දවසක් මුලුල්ලේ දැවුනු වෙහෙසට විශ්‍රාම දීමේ සැහැල්ලුවෙන් බව තිලානි දනී. දැන් මධ්‍යම රාත්‍රිය එළඹ ඇත. මුලු ලෝකයම ගිලගත් ඝනඳුරත් සමඟ බොහෝ පිරිසක් මේ වන විට සනහස් නින්දට ගොඳුරු වී ඇත. තවමත් නිදි නොලැබ සිටින අතලොස්ස අතරට යටගියාවේ බොහෝ අතීත ආවර්ජනයන් ශෝකී පටල වල බැඳී වියකී මිලින වී ශේෂ වී යන්නට පුලුවන් හොඳ පසුබිමක් සපයා දී තිබේ. අක්කා තවමත් රෑ කෑමට පැමිණියේ නැත. තමාද නිරාහාරව බලාසිටින්නේ අක්කා එකතු වන තුරුය. තවත් බලා සිටින්නට බැරිම තැන තිලානි කුස්සියෙන් සමුගෙන කුමුදුනී සොයා ගියාය.
තවමත් ලිපිය කියවනවාවත්ද...?
කාමරයට ළංවත්ම සෙමින් ඇසුණු ඉකි ගැසීම ඇසී කලබල වූ තිලානි තැති ගත්තාය. ඇයව එකහෙළාම නොඅවසරයෙන්ම ක්ෂණයකින් කාමරය තුලට තල්ලු කෙරිණ. කාමරයට පිවිසීමත් සමඟම අක්කාගේ විලාශය දැක බොහෝ විමතියට පත්වුණි.
❛❛ඇයි අක්කේ මේ අඬන්නේ...?❜❜
❛❛අනේ අක්කේ මොකද කියන්නකෝ...?❜❜
කුමුදුනී නංගී දෙස හිස ඔසවා හෝ හරවා හෝ බැලුවේවත් නැත. පිළිතුරු ලෙස ලැබුනේ එකම දේ නම් තව තවත් කඳුළු සැලීමේ ඉකි ගැසීමේ ශෝක වීමේ තීව්රතාවයත් වේගයත් වැඩිවීම පමණකි. අක්කා මෙතරම්ම සංවේගජනක ලෙස හඬා වැළපීමට හේතුව කිමද...? කුමුදුනී අසලටම ගිය තිලානි සඟවාගෙන සිටින ඇගේ උණු කඳුලින් තෙත බරිතව රතු වී ගිය රෝස මුහුණ තමා වෙතට හරවා ගනිමින් ඇඳේ වාඩි විය.
❛❛මේ බලන්න අක්කේ, අක්කට මට කියන්න බැරි දෙයක් නැහැනේ...❜❜
❛❛අම්මට ඇහැරෙයි. ඉතිං නාඩා කියන්න මොකක්ද වෙලා තියෙන ප්‍රශ්ණය කියලා...❜❜
තිලානි ඉතාමත්ම මෘදු ලෙස තෙපලා.
එහෙත් කුමුදුනීගේ මුවින් එකදු වචනයක්වත් ගිලිහුනේ නැත. නිහඬව මේ මහා සන්තාපයේ උපත නංගී වෙත දිගු කල ඈ යළි ඉවතට හැරී දිගටම පසුතැවෙමින් වැළපෙන්නට වුණි.
අක්කාව මෙතරම්ම සංවේදී කල සියුම් රහස කුමක්ද...? කඳුලින් තෙමුනු කොළ පොදිය අතට ගත් තිලානි ලිපියක් ලෙස කුරුටු ගා තිබූ කඳුළු වස්සවන දුකෙහි උල්පත කියවන්නට යුහුසුලු විය.
දෙවියනේ මා මොනතරම් කුරිරු ගැහැණියක්ද...? මා නුවමනා පරිශ්‍රයක අවංක නිදොස් පුද්ගලයෙකු අභියස ඕනාවට හුඟාක්ම වැඩියෙන් දරුණු උනේ රෞද්‍ර උනේ අසමාන ලෙස වාග් ප්‍රහාරයෙන් උපහාසයටද අපහාසයටද පත් කරමින් හැකි සෑම අවස්ථාවකදීම හැකි උපරිමයෙන් පළිගත්තේ කොතරම් අයුක්ති සහගත ලෙසද...?
නෑඹුල් හදවතක් නිස්කාරණයෙන් දවා තවන්නට තරම් මගේ හදවත අවිහිංසකද අකාරුණිකද වූයේ ඇයි...? ඔහු අසාමාන්‍යය යැයි හැඟිය යුතු උත්තම ගණයේ ශ්‍රේෂ්ඨතම මිනිසෙකි. එවන් තරුණ ජීවිතයක් මෙතරම්ම රිදවීම වෙනුවෙන් මේ ආත්මය පුරාවටම මැකිය නොහැකි සදාතනික කලු පැල්ලමක් ආධ්‍යාත්මයේ නොඅනුමානවම ඉතිරිවෙනු ඇත.
කුමුදුනීගේ නෙතු පිස දමන්නට පිස දමන්නට නොනවත්වාම කඳුළු වැසි වස්සවයි. එක බිඳුවක් අඟ තවත් කඳුළු කැට අනන්තවත් පොකුරු ගැසී තෙරපෙමින් කඩා පනින්නට බලා හිඳින්නේ අර මහා අපරාධයේ විත්ති කරුවන් මෙනි.
තමා හෙදි පුහුණුවට යෑමෙන් ප්‍රගුණ කල හික්මීමේද කොහෙත්ම ඵලක් සිදු වී නැත. තමාගේ හදවතේ කිසිඳු ලතෙත් බවක් හෝ කරුණා දයා ගුණයක් හෝ තිබී නැත. ඔහු දෙයියන්ගේ නාමයෙන් තමාට තිත්ත වචනයෙන් බැණ වැදී තිබුණා නම් දුකක් නැත. සිත සනසා ගන්නට තිබුණි. එහෙත් මා කල වරදකට ඔබ ඔබේ ජීවිතයෙන් වන්දි ගෙවන්නට සැරසී තිබීම මොනතරම් හදවත සසල කරන්නක්ද...?
ජීවිතයක් මෙතරම්ම ආත්මීය වේදනාවකට පත් කොට හේතු විරහිතව රිදවීම කිසිදා මේ භවය අතර තුරදී සමාව දිය හැකි සමාව ලැබිය යුතු වරදක් නොවේ. ඉතිං මා නොතැවී හිඳින්නේ කෙසේද? සුපිපි මලකින් සුපවිත්‍ර චේතනාවෙන් රොන් උරන්නට තැතනූ සැරසුනු අකුටිල ඹබරෙකුට ක්‍රෝධයෙන් වෛර කිරීම කිසිසේත්ම සාධාරණීකරනය කල හැකිද...?
❛❛අනේ අක්කේ...!❜❜යි.
කෑගසමින් ලිපිය කියවා අහවර වූ මොහොතේම කඳුළු පුරවාගත් දෑසින් යුතු තිලානි කුමුදුනී දෙස කම්පාවෙන් බැලුවාය.
සතියකට විරාමයක්....
Life is Life Page එක follow කරලා ඔබත් ඒ අහිංසක, සංවේදී, සුන්දර ආදර කතාවේ කොටස්කරුවෙක් වෙන්න.
#life #quotes #ideas #love #happy #sad #motivation #enjoy #CalmVibes #success #quoteoftheday #motivationspeaker #AseniyaMal #NewNovel #HeartfeltStory #SriLankanNovel #SinhalaNovels #LoveAndLife #Shortstory #Novels
1 week ago | [YT] | 0
View 0 replies
Life Is Life - ජීවිතයට ජීවිතයෙන්
🌸 අසෙනිය මල්🌸
30 කොටස (Part 01)
ලෝකේ මල් කොච්චර තිබුණත් ඒ මල් කොතරම් ලස්සන උනත් ඉන් ඵලක් නැත. තමන් ආශාවෙන් පතන, වන්දනාමානව පුදන්නට පෙරුම් පුරන, එකම එක චමත්කාරජනක සුවඳවත් පුංචිම පුංචි මලක් අහිමි වෙතොත් ඒ ජීවිතයේදී කිසිදා සදාකල්හිම සතුට කියන සැපත ළඟා කරගෙන සැනසිය හැකි නොවේ. මා යථාර්ථයට ශාප කරන්නට තරම් වෛරක්කාරයෙකු වන්නේ නැහැ. එහෙත් තාරුණ්‍යය මේ අභාග්‍යය වෙනුවෙන් සෑම මොහොතක් මොහොතක් පාසාම ශෝක වෙනවා. කඳුළු සලනවා. හඬන කඳුළු වියලෙන්නට මත්තෙන් යළි යළිත් පසු තැවෙනවා. ඒ අවාසනාවේ අවසානය මරණය දක්වාම දුක්වෙනවා. කවුරුවත්ම වෙනුවෙන් නොවේ. ඔබේම නාමයෙන් පමණක්!
(එන්න එන්නම ලිපියේ අවසානය සංවේදීත්වයේ උපරිම භාවමය හැඟීම් අවුස්සා ස්පර්ශ කරමින් ඇත. මේ දෙනෙත් නොනවත්වාම කඳුලින් පිරීතිරී පොකුරු ගැසී හදවත කඩා වැගිරෙන්නේ එබැවිනි.)
ඔබට මාව රවටන්නට උවමනාවක් තියේවී කියලා හිතන්නට අමාරුයි. කමක් නැහැ. මේ දුක ඉවසගෙන මට ජීවත් වෙන්න පුලුවන් උපරිම කාලය තාක්කල් දක්වා මා ජීවතුන් අතර රැඳෙන්නම්.! ඔබට සදා ජය.! බුද්ධිමත් ඔයාට කවමදාකවත් වරදින්නේ නැහැ.
ඒත් බුද්ධිමත් මට වැරදුනා. ඒ පරාජයට හේතුව සොයන්නට වෙහෙසක් නොයතත් මා ඒ පිණිස කිසිදු ප්‍රයත්නයක් දරන්නේ නැහැ. මොකද එතකොට මට අප්‍රසන්න වුවද වේදනාවෙන් හඟින්නට සිදුවන්නේ, ඒ මා ඕනාවටත් වඩා අහිංසක අවංක වුන එකම ජීවිතයකට විතරක්ම ආදරය කල නිසා කියන හේතුව හදවතට එකඟව පිළිගන්න හදවතේ යුක්තිය මොනම විටකවත් ජීවිතයට ඉඩ නොදෙන නිසා.
රත්තරං ඔයාට මට එරෙහි වෙන්නට අයිතියක් තියෙනවා. ඒත් මට ඔයාව දැක ගන්නට තිබෙන නිදහස මට ඔබ වෙනුවෙන් දුක් වීමට තිබෙන ආත්මීය අවශ්‍යතාවය මගෙන් අවිහිංසකව උඳුරා ගන්නට සූදානම් වෙන්නට එපා.!
❛❛ප්ලීස්...❜❜ මට ඔය පුංචි අහිංසකයි කියලා මට හිතෙන සුන්දර සුරංගනාවියකගේ සිරි පරදන මුහුණ තත්පර ගනනකට හෝ දැක ගන්නට වාසනාව ලබාදෙන්න.
මේ ජීවිතයේදී හදවතේ තීරණය අභියස අකාරුණික ලෝකයෙන් මා ඉල්වා සිටින එකම එක අවිහිංසක යාච්ඥාව එයයි.! මගේම ජීවිතයට මා කල අසාධාරණය ගැන මට ආත්මය සමාව දෙන්න.!
බොහෝ දුර යන්නට පෙරුම් පිරූ ගමනක් අකාලයේ අභාග්‍යමත් ලෙස අතරමඟ නතරකර දමා සදාතනික කඳුළු කතරක තනි වී සුසුම් කෙම්බිමක් සොයමින් අතරමං වෙන්නට තරම් මා අවාසනාවන්ත වූයේ ඇයි? එතරම් කුරිරු ලෙස ජීවිතය මගෙන් දාමරිකව පළිගන්නට මා සතු වූ මා මත පැවරෙන දෝෂයේ චෝදනාව කුමක්ද...?
මට හිතෙන්නේ එකම එක දෙයයි. මා දුක් උනා තවමත් මදි ඇති. මා පෙර ආත්මයේ බොහෝ පව් කර ඇති. මගේ පව් ගෙවෙන්නට නම් මා තව තවත් වේඳනා විඳිය යුතුමයි. ඉතිං මගේ පුංචි වස්තුව මාව තව තවත් ඔබට ඇති තරම් පදම් හඬවන්න. රිඳවන්න. නොමරා මරන්න. මර මරා ජීවත් කරවන්න. කවදා හෝ දිනක පුංචිම පුංචි සැනසීමක් ලබා ගැනීමේ අන්ත අසරණ අනන්ත අහිංසක අත්‍යන්ත ඉවසුම් බලාපොරොත්තුවකට, අමාරුවෙන් අපහසුව අමතක කොට ප්‍රාණය පොවමින් මා බලා හිඳින්නම් කුමරියනි.
ඒ දවස මගේ මරණයට දවසකට මත්තෙන් හෝ ලබා දෙන්නට තරම් ඔබ කාරුණික වන්න. වනු මැනවි...!
මගේ ජීවිතය තිබෙන තුරු මට මේ ආත්මයේදී නම් ඔයාට බනින්නට බැහැ. මොකද සමහර විට ඔබ මගේ හදවත ඒ සොඳුරුතම අයුරින් පරිච්චින්න නොකරන්නට මේ කඳුළු මාධුර්යයේ චමත්කාරය සඳහටම නොලබන්නට නොවිඳින්නට තිබුණා. ඇත්තටම අද මට මගේම ජීවිතය ගැන තීරණ ගැනීමට ඇති අතිශය ආත්මීය හිමිකමත් අහිමි වෙලා. ජීවිතය මෙතරම්ම උදාසීන ලෙස කාලය නොගෙවන අවකාශයක් තුල සිරවුනු තවත් යුගයක් කිසිදා මෙතෙක් හමු වී නැත. එහෙත් මා තීරණයක් ගත යුතුවම තිබුණා. වරද කාගේ වුවත් අද මා තනිවම ඒ වරදට මගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නට නිගමනය කලා.
මට ඔබට, හදවතට අකමැත්තෙන් වුවත් සිතට එකඟව එකක් අවධාරණයෙන් කිවයුතුව ඇත. ඔබට මට පහර දෙන්නට අවස්ථාවක් ලැබුණු සෑම මොහොතකදීම මගේ දුර්වලතාවයක් යැයි ලොව හැඟි අව්‍යාජ පවිත්‍ර ආදරය නිසාවෙන් මගේ ආධ්‍යාත්මයෙන් ඔබ දැඩි ලෙස ඔබ පළිගත්තා.
සමහර විට මා මෙතෙක් කල් ඔබට කලේ මහත් කරදරයක් වන්නට ඇත. මා තවත් ඔබට කිසිදු ඔබ කරදර යැයි නිර්වචනය කරන කිසිත් කරන්නේ නැත. දැඩිව අල්ලා රඳවා ගැනීමට හැකි සුසුමක්වත් නැති පුද්ගලයෙකු අප්‍රමාණ අසීමිත දුක් කරදර විඳිනවා මිස තවකෙකුට හිරිහැර යැයි හැඟෙන මොනවත්ම කරන්නට අකමැතිය.
මා ඔබෙන් දැඩිව ඉල්ලා සිටින්නේ නැහැ. එහෙත් ඔබට හැකිනම් මට මගේ ජීවිතය ජීවත් කරවන්නට තීරණාත්මක හිමිකම ත්‍යාගය කරන්න.! සොඳුරු යැයි දකින්නට තවත් එකදු පැතුමක් නැති මා මැරුම් කන්නට වුවද බිය නැත. ඒත් ඔබට මේ සත්‍යයේ තතු පසක් කරන්නට ඔබ නිවසට පැමිණ ඔබව අපහසුතාවයට පත් කරන්නට තරම් මා හද අකාරුණික නොමැත.
ජීවත් වීම ප්‍රශ්ණයක් වෙන්නේ ජීවිතය ජීවත් කරන්නවුන්ට පමණි. හිස් අවකාශයක තනි වී අත්‍යන්තයකට සුසුම් හෙලන්නට මරණය තරම් තවත් සැපතක් නැත.
ඇත්තටම මා දුක්විඳින්නේ මට මගේම හෘද සාක්ෂියට එරෙහි වී ද්‍රෝහි වීමට ඇති නොහැකියාව නිසා නේද කියලා යළි යළිත් පසු තැවෙමින් සිතෙනවා. දකින දකින කෙනා පස්සෙන් ගිහින් හැමෝවම මුලා කරන්නට තරම් මේ හදවතටත් අමන වෙන්නට පුලුවන් උනා නම් මට මෙච්චරටම දුකක් නැති බව හොඳින්ම දන්නවා.
මට වඩාත්ම ඇති කණගාටුව නම් මේ වැදගත් කරුණ බුද්ධිමත් මගේ පුංචි ප්‍රියාවියටත් තවමත් තේරුම් ගන්නට බැරුව මාව තව තවත් රිදවීම පිළිබඳවයි.
අද මා මගේම ජීවිතයේ තිබූ සුලු සුලු වැරදි වෙනුවෙන් මගේම අධ්‍යාත්මයට මගේම මනෝකායෙන් මම නොසෑහෙන්නට බැණ වදිමි. පසු තැවෙමි. එවන් ව්‍යාධියක උපත සිදු උනේ කොහොමද කියලා මා පමණක් හොඳින්ම දනී. එදා ඒ කුඩය අමතක වී දමාගිය සෞන්දර්යාත්මක සිදු වීමේ දෛවෝපගත සරදමක අතපසු වීම නොවන්නට ජීවිතය මෙතරම්ම ළබැඳි වෙනසකට මඟපාදා හැරවූ කඳුලකට තුඩු දුන් විපර්යාසය කොහෙත්ම ළංවන්නේ නැත.
එහෙත් ඒ මෘදු සුවඳ හමන නැවුම් අතීතය අද මා අත දිගු කර ඇල්විය හැකි සිනහවේ මායිමෙන් බොහෝ එපිටය. ස්පර්ශය ලබන්නට තරම් වාසනාව නොලබා උඩින් පැන පසුකරගෙන පැමිණි කිසිදාක යළි ළඟා විය නොහැකි ගෙවුනු කඩඉමක් පිළිබඳ යළි ආපසු හැරී බැලීමේදී දෙනෙත කඳුළු සයුරක ගිලී අතරමං වන හදවත කීරී ගැසෙන පශ්චාත්තාපය දරන්නේ කොහොමද...?
ඒත් කමක් නැහැ. කවදා හෝ ඉදිරියෙන් ඉදිරියට දියුණුවෙන් දියුණුවට ජයග්‍රහණයෙන් විජයග්‍රහණයට පියවර තබන ඔබේ ජීවිතයේදී කිසියම් තීරණාත්මක මොහොතක කිනම් දවසකදැයි මා නිශ්චිතවම නොදන්නා ඒ සොඳුරුතම සොඳුරු නිමේෂයේ ❛❛අනේ මගේ පස්සෙන් නොනවත්වාම ආපු මෙහෙමත් පිස්සෙක් හිටිය නේද?❜❜කියලා හදවතින් එකම එක සිනා කඳුලක් හෙලන්නට වාසනාව ලැබේවි.! ඒත් එදාට මගේ අවාසනාවට මා ජීවතුන් අතර ඉන්න එකක් නැහැ.
කුමුදුනී මා සෑම කටයුත්තක්ම කලේ ඔබ වෙනුවෙනි. සංගීත කණ්ඩායමට නොබැඳෙන ලෙස ආයාචනා කලේත් රුපියල් විසිදහසක මුදලක් තෑගී කරන්නට සිතුවේත් සුපවිත්‍ර චේතනාවෙන් සහේතුකවය. මා නිබඳවම කැපවුනේ ඔබේ ජීවිතය සැපවත් කිරීම පිණිස බව දැඩිව කිවයුතුය. සෑම ප්‍රයත්නයකම පැහැදිලි අරුතක් තිබුණා නම් ඒ ඔබව සතුටු කිරීම හැරුණු කොට ආත්මාර්ථකාමී පටු හැඟීමක් මුල්කරගත් අවශ්‍යතාවයක් කවදාවත්ම තිබුනේ නැහැ.
මා අහන්නේ එකම දෙයයි. සිත්පිත් නැත්තවුන් සිටින ලොවක අසරණ වන්නට "අසෙනිය හදවතක්" සතුව ඉපදෙන්නට තරම් මා අවාසනාවන්ත පව්කාරයෙක් උනේ ඇයි කියලා...?
මගේ රත්තරං වස්තුව පුංචි කුමරියනි, මෙච්චරටම දුක්විඳින්නට උණු කඳුළු හෙලන්නට වේදනා විඳින්නට පසු තැවෙන්නට හඬ හඬා වැළපෙන්නට මා කරපු වරද මොකක්ද කියලා මට කරුණාකරලා අනුකම්පාවෙන් කියන්න...?
එතකොටවත් මට සතුටින් සදාතනිකවම හඬන මේ දෙනෙත් සදහටම වසා ගන්නට ප්‍රසන්න පුලුවන්කම ලැබේවි...!
මම එකම එක පොරොන්දුවක් දෙන්නම්...!
❛❛මගේ මේ අවාසනාවන්ත ජීවිතය, ඔබ වෙනුවෙන් හදවතේ ජනිත අසමාන දුක ඉවසිය හැකි අවසාන තත්පරය දක්වාම ඔබේ නාමය පිණිස ජීවත් කරවීමට හුස්ම ගන්නම්.!❜❜
මේ පුනරුත්පත්තිය සත්‍යය නම් මතු උපදින උපදින සෑම ආත්මභවයක් පුරාවටම ඔබටම පමණක් ආදරය කරන ඔබවම පමණක් පතන පවින්ත ලියනගේ.
පසුව ලියමි.
මා බොහෝ දේ පවසා ඔබ වෙහෙසට පත් කලා නම් මට සමාවන්න.! අකුටිල හදවතක විවරණයට එරෙහිවිය හැකිද...? මාගේ අවාසනාව මීට වඩා වැදගත් ලිපියක් ලියන්නට මට අවසර තබා නැත.
අන්තිම තත්පරයේදී අවසාන වතාවට ආත්මීය ඉල්ලීමක් ඉතාමත්ම කරුණාවෙන් අයදිමි.
මේ ආත්මය තුලදීම එකම එක නිමේෂයක් තරම් වූ මොහොතකින් ජීවිතයට පැවසිය, පැසසිය නොහැකි තරම් බොහෝ චමත්කාරජනක මාධූර්යයන් කෙතෙකුත් කියාදී ඒ ලස්සන යැයි හඳුනාගත් ලොව තුලදීම දයාබර කඳුලක් පිළිණ දී මගේ ජීවිතය ජීවත් කරවීමට මට තියෙන අයිතියත් මගේ ආත්මයෙන් පැහැරගෙන, දිවිය පුරාවටම මතක සුවඳක් විතරක්ම ඉතිරි කරලා සදහටම සමුගන්නට හදන්න එපා...!
මගේ හදවතේ පුංචිම පුංචි බලාපොරොත්තු පුංජයක් මහා විශාලව දල්වලා එය සදාකාලික අඳුරු ගුහාවකට රැගෙන ගොස් මගේ මුලු ලොවම ඝනඳුරට බිලිදීලා සදහටම සැඟව යන්නට උත්සාහ දරන්නට එපා...!
දිවි ඇති තුරාවටම හුස්ම ගන්නා අතරම ගෙවෙන සෑම තත්පරයකම මැරී මැරී උපදින්නට තවත් මට ඉඩ තියන්නට එපා...! එපා...!! එපා...!!! නවතිමි.
කුමුදුනී දෝතින්ම ලිපිය ළමැදට තුරුළු කරගෙන ඇඳෙහි මුනින් අතට දිගාවී කඳුළු සලන්නට වුණි.
සතියකට විරාමයක්....
Life is Life Page එක follow කරලා ඔබත් ඒ අහිංසක, සංවේදී, සුන්දර ආදර කතාවේ කොටස්කරුවෙක් වෙන්න.
#life #quotes #ideas #love #happy #sad #motivation #enjoy #CalmVibes #success #quoteoftheday #motivationspeaker #AseniyaMal #NewNovel #HeartfeltStory #SriLankanNovel #SinhalaNovels #LoveAndLife #Shortstory #Novels
1 week ago | [YT] | 0
View 0 replies
Life Is Life - ජීවිතයට ජීවිතයෙන්
පුංචි තණකොළ ගහකින් 🌱
“රාක්ෂයෝ කවුද...?
ආරක්ෂකයෝ කවුද...?”
කියලා අහන්න.
එය කියාවි...
“මුවෝ තමයි රාක්ෂයෝ...🦌
සිංහයා තමයි අපේ ආරක්ෂකයා...” කියලා.
ඒ නිසා,
හරි කවුද... වැරදි කවුද...
කියන තීරණයට කලින්,⚖️
කතාව කියන්නේ කවුද කියලා
හොඳට හිතලා බලන්න...
#life #quotes #ideas #love #happy #sad #motivation #enjoy #CalmVibes #success #quoteoftheday #motivationspeaker #life #quotes #ideas #love #happy #sad #motivation #enjoy #CalmVibes #success #quoteoftheday #motivationspeaker
2 weeks ago | [YT] | 3
View 0 replies
Life Is Life - ජීවිතයට ජීවිතයෙන්
ජීවිතය කියන්නේ අමුතු ගමනක්…💔
අපි මේ ලෝකෙට එන්නේ කිසිම දෙයක් නැතුව හිස් අතින්,🤲
අවසානයේ පිටවෙලා යන්නෙත් හිස් අතින්,
ඒත් ඒ දෙක අතරේ...⏳
ජීවත් වෙනවා කියලා
මුලු ජීවිත කාලෙම
අල්ලාගන්න බැරි අසීමිත දේවල් පස්සේ අපි දුවනවා...
#life #quotes #ideas #love #happy #sad #motivation #enjoy #CalmVibes #success #quoteoftheday #motivationspeaker #life #quotes #ideas #love #happy #sad #motivation #enjoy #CalmVibes #success #quoteoftheday #motivationspeaker
2 weeks ago | [YT] | 0
View 0 replies
Life Is Life - ජීවිතයට ජීවිතයෙන්
🌸 අසෙනිය මල්🌸
29 කොටස
රාත්‍රී දහය කාමරයේ කුඩා මේසය මත ඇති පුංචි ඔරලෝසුවේ වෙනදාට වඩා වෙනස් උස් හඬකින් වැදුනේ මේ දැන්ය. දීර්ඝ කාලාන්තරයකට පසුව බොහෝ කාලයක් තිස්සේ මහත් ඕනාකමින් බලාපොරොත්තු වූ ආදර වැස්සේ යතාර්ථයේ වැහි බිඳු සෙනෙහසේ මහපොළව සිපගනු දැනේ.
හානේ...! මේක ලියලා තියෙන්නේ මාසයකට විතර කලින්නේ. ලියුම තැපෑලට එවලත් සති තුනකට වැඩියි. ජීවිතයට හුඟාක්ම සමීපස්ථ එකඟතාවලට අහිතවත් බලපෑම් බලපවත්වන්නට තරම් මේ විශ්වයේ නපුරු තීරණ දරදඬු වන්නේ කිමද...?
නංගීගේ අමතක වීම සුලු අතපසුවීමක් ලෙස සැහැල්ලුවෙන් තකන්නේ හෝ හඟින්නේ හෝ කෙලෙස...? මේ දයාබර නිමන්ත්‍රණය තවත් සතියකට කලින් ලැබුනා නම්! තමා අතට පත්වන්නට සිදුවූ ප්‍රමාදය නොවන්නට ඔහු තවත් දවසකට දුක්වීමේ අවාසනාව ශූන්‍ය වන්නට තිබුණි.
ඔහු බොහෝ දිනකට පෙර ලිපියේ ලියා ඇති සතත පොරොන්දුව ඇත්තෙන්ම අද වන විට ඔප්පු කොට පෙන්වා ඇත. ඒ මොහොතේ ඔබ මා වෙනුවෙන් කැප වෙද්දී ඔබගේ ජීවිතය පිළිබඳවවත් අල්ප මාත්‍ර සැලකිල්ලක් නොදැක්වූ බව දනී. සම්පූර්ණ කැපකිරීම් සියල්ලම කලේ තමා පිණිස බව කුමුදුනීට තවත් අමුතුවෙන් විච්ඡේදනය කර පරීක්ෂා කර බැලිය යුතු රහසක් නොවේ.
❛❛මොකද නිකන් ඒ පාර භාවනාවක් පටන් ගත්තා වගේ කල්පනා කර කර ගොළු උනේ ..? උඹ බොරුවට ගෙදර අයට හිතින් බැණ බැණ අප්සෙට් ගියාට මම විස්තර දැනගත්තේ එයාගෙන්.❜❜
රජිත යළි සිනිසුණි.
❛❛ඇත්තටම පවින්ත, කවුද බං ඒ කටකාර කෙල්ල?❜❜
සිදුවී ඇති උභතෝකෝටිකය දැන් සහමුලින්ම පවින්තට පැහැදිලිය. තම සෙලියුලර් දුරකථනය මෝටර් රථයේ තිබී තුෂාරී විසින් රැගෙන යන්නට ඇත. සමහර සම්භාවනාවන් බොහෝ විට සුන්දර වන්නේ නැත.
❛❛ඒ අපේ නංගිගේ යාලුවෙක් බං.❜❜
පවින්ත ඇඟට පතට නොදැනී නොසැලකිල්ලෙන් මෙන් පැවසීය.
❛❛ආ හා! ඔය අහු වෙන්නේ අපිට නොකියපු තවත් හොර.❜❜
පොකුරු ගැසී විහිදෙන සෝපාහායක්.
❛❛කඳුලක තනි වුණු මගේ අහිංසක හදවත ගැන හොඳින්ම දන්න උඹ තවත් මාව හඬවන්නේ රිඳවන්නේ අසරණ කරන්නේ නැතුව හිටපන් රජිත.❜❜
❛❛හා හරි හරි. ඒ කතා වලින් වැඩක් නැහැ. ඉතිං කියපන්කෝ මොකක්ද මේ වෙච්ච කරදරේ සුල මුල කියලා.❜❜
❛❛ඇයි තුෂාරිගෙන්ම අහගත්තේ නැද්ද?❜❜
❛❛එයා තුෂාරිද? එයත් එක්ක කතා කරන්න ඉතිං අමුතුවෙන් ඉගෙනගෙන එන්න ඕනා.❜❜
රජිත උපහාසයෙන් කියා ඉවත බලා ගත්තේය.
❛❛පවින්ත මට එකේ ඉඳලා විස්තර ඔක්කොම සම්පූර්ණයෙන්ම කියන්න ඕනා. මොකද මේක ලේසියෙන් අත් හරින්න හොඳ ❛❛ඇක්සිඩන්ට්❜❜ එකක් නොවේ.❜❜
මිතුරා මේ සංවේදී ඇබැද්දිය පිළිබඳව කිසිත්ම නොදන්නා බව ස්ථීරය. සම්පූර්ණ සත්‍යය සහමුලින්ම නොසඟවා පැවසිය යුතුව ඇත. සැබෑ මිතු දමේ නාමයෙන් අත්දුටු සිද්ධියේ සියල්ල මිතුරා හා බෙදා ගැනීමේ සාධාරණ අයිතියක් ඇත. පුද්ගලික අවශ්‍යතා මත ඔහු සතු ඒ හිමිකමට බොරු කිරීම යුක්ති ගරුක නොවන බව දනී.
එහෙත් ඔහු තම ප්‍රියාවිය පිළිබඳ කුමන විරූපී චින්තනයක් ඇති කරගන්නට ඉඩ ඇත්ද? කුමුදුනී හැසිරුනු විලාශය කොහෙත්ම අනුමත කල නොහැකිය. මිතුරා ඇය පිළිබඳ අප්‍රසන්න දෘෂ්ඨි කෝණයකින් බලන්නට පෙළඹුණහොත්!? පවින්ත සිදු වූ සෑම සිදුවීමක්ම එකින් එකට සීරුවෙන් රජිතට පැහැදිලි කර දුන්නේය.
❛❛හහ්!... එහෙනම් උඹ උඹගේ ජීවිතේ ගැනවත් නොසලකා ඒකිගේ ජීවිතෙයි පිරිසිදු කමයි දෙකම බේරලා දීලත් උඹගේ ඔලුව පැලිලා ලේ ගලද්දී බෙහෙත් ටිකක්වත් නොදා තනියෙම එව්වා.❜❜
අපරිමිත කේන්තියෙන් තරහින් කෝපයෙන් මිතුරා පිණිස සැබවින්ම ඇති වූ වේදනාවෙන් හා ලැබූ අවධානම පිළිබඳ කම්පනයෙන්.
❛❛චික්! මම නම් හිතුවේ නැහැ ඒකි ඔය වගේ ජරා කෙල්ලෙක් කියලා.❜❜
❛❛රජිත කුමුදුනීට ඔහොම කතාකරන්ට එපා.❜❜
(දුක මුසු දැඩි අමනාපක්.)
❛❛ඇත්ත කොච්චර තිත්ත උනත් කියනකොට පිළිගන්න ඕනා පවින්ත. හොඳටම පැහැදිලි දෙයක් පිළිබඳව දෙපාරක් හිතන්න යන එක මෝඩකමක්.❜❜
❛❛කෙල්ලෙක්ගේ බාහිර සුන්දරත්වය කොච්චර දිව්‍යාංගනාවක් තරම් ලස්සන උනත් වැඩක් නැහැ බං ගැහැණියකට උණුවන හදවතක් ලැබිලා නැතිනම්. ඒකිට බනින එකට උඹට තරහ ගන්න දෙයක් නැහැ. වැරද්ද කවුරු කලත් වැරද්දමයි. ඒකි කරපු මේ කැත වැඩේ උඹට කොහොමටවත්ම සාධාරණීකරණය කරන්න බැහැ පවින්ත. කාටවත්ම හරියි කියන්න පුලුවන් කමක් නැහැ.❜❜
❛❛ෂික්! කෙලෙහි ගුණ නොදන්න ජරා ජාතිය. ඇයි කුණුහරුපෙන් නොබැන්නේ පට්ට බැල්ලිට.❜❜
❛❛රජිත ඇති ඇති! නවත්තපන් හොඳ හිතින්.❜❜
ඉවසීමේ සීමාව උපරිමය ඉක්මවා අන්තයටම ගිය පවින්ත තවත් අසා සිටිය නොහැකිව යටි ගිරියෙන් කෑගැසීය. රෝහලම ගිගුම් දුන් දෝංකාරාත්මක හඬින් කම්පනයට පත්ව ඉවත බලා සිටි රජිතට ක්ෂණයකින් තිගැස්සී පවින්ත දෙස බැලුනි. මේ හදිසි අදිසි අවිනිශ්චිත විලාපය කුමක්දැයි නේවාසික රෝගියෝ සියල්ලන්ම තම තමන්ගේ ඇඳන් වලින් හිස ඔසවා බැලුවෝය. රජිත මෙතෙක් වේලා තෙපලේ කළ්‍යාණ මිතුදමේ ආවේගයෙනි.
❛❛උඹ මගේ හොඳම යාලුවා බව ඇත්ත. ඒ උනත් කුමුදුනීට තව එක වචනයකින් හරි බනින්න හිතේ අදහසක් තියෙනවා නම් කරුණාකරලා මට තවත් වද දෙන්නේ නැතුව මෙතනින් පලයන්.❜❜
පවින්ත ඉවත බලාගෙන කීය.
තවත් මොහොතකුදු නොරැඳුනු රජිත කිසිත් වචනයකිනිදු නොතෙපෙලා එක හෙලාම යන්නට හැරුණි. චේතනාව පැහැදිලි වුවද ප්‍රතිඵලය ජුගුප්සාජනක නම් ඉන් ඵලක් නැත. මිතුදමින් පහදා දුන් සතත සත්‍යයට එරෙහි වී අභූත චෝදනාවකින් බැණ වැදීමට එකඟ විය නොහැකිය.
අවංක වීම නිග්‍රහවට ලක්වන පසුබිමක වංකවීමේ අවශ්‍යතාවය නොදැන සිටීම දුර්වල කමක් ලෙස පිලිගත යුතුය. ඒ අඩුව හැඟවීම කෝපයෙන් දරාගත නොහැකි වචන වෙඩි තැබීමට තරම් සාධාරණ යැයි පිළිගත හැකි කරුණක් නොවේ. රජිත වේගවත් දිගු අඩි උස් හඬින් තබමින් නිහඬවම සමුගන්නට වුණි.
❛❛රජිත පොඩ්ඩකට හිටපන්.❜❜
නිවුනු සැහැල්ලු ස්වරය.
❛❛ඇයි මොකද?❜❜
නතර වුවද මිතුරා දෙස හිස හරවා බැලුවේ නැත.
❛❛මම දන්නවා රජිත මාත් එක්ක චුට්ටක්වත් තරහ නැති බව. කොච්චර බැන්නත් හොඳ යාලුවෙක් අමනාප වෙන්නේ නැහැ. උඹෙන් මට ලොකු උදව්වක් කෙරෙන්න ඕනා.❜❜
❛❛අනේ ප්ලීස්... මට එකම එක පොරොන්දුවක් විතරක් වෙයන්❜❜
එක්වරම රජිතව පවින්ත වෙතට යොමු වුණි. අසරණව ගිය උවන බැගෑපත් ආයාචනයක් කරනු පෙනේ.
❛❛මොකක්ද?❜❜
අසීමිත කුතුහලයක් ඇතත් නොසැලකිල්ලද නොවුවමනාවද ව්‍යාජයෙන් හුවා දක්වමින් රජිත ඇසීය.
සමහර විට මගේ ජීවිතය අතර අතීතයේ සිදුවූ සුලු අතපසුවීමක බරපතල අත්වැරැද්දක් නොවන්නට අද මා මෙතරම්ම අවාසනාවන්තයෙක් නොවන්නට තිබුණා. ගෙවුනු කාලයේ පුංචිම පුංචි ඒ නිමේෂයේ සොඳුරුතම මොහොත යළි කවමදාකවත් නොලැබෙන බව දන්නවා. ඒත් මම ඔබට කිසිවිටකවත් මරණයේදීවත් දොස් නොකියමි. ඔබ හමුනොවන්නට මගේ ජීවිතයේ අර සුලු අත්දැකීම් ඇබිත්තවත් නොලබන්නට තිබුණා.
මා ඔබව හමුවන්නට පෙරුම් පුරමින් යැද්දේ මගේ ජීවිතයේ මෙතුවක් කල් කවුරුවත්ම නොදත් කාටවත්ම නොකියූ පුංචිම පුංචි ගැඹුරු සුන්දර වරදක ආත්මීය කතාවක් අකුරු කරන්නට. ඒත් මා වැනි ආත්මය අවංකත්වයෙන් දමනය කරගත්තෙකුට සානුකම්පිත හැඟීමක් ඇති කරගන්නට තරම් සුරංගනාවියකගේ හදවත මෘදු වුනේ නැහැ. ඉතිං ඒ අවාසනාවන්ත අභාග්‍යය පිණිස මා මොනවා කරන්නද...?
තමන් පිළිබඳව චරිත සහතිකයක් තමා විසින්ම ලියා දිය හැකිද...? හදවත කොතරම් නිර්දෝෂි වුවත් ඒ සඳහා අත්සන් තැබීමේ වගකීම අවංකත්වයේ නාමයෙන් භාරගත නොහැකිය. මේ විෂමාචාර සමාජය තුල තවත් ඉගෙන ගතයුතු දේ බොහෝ ඇති බව ඇත්තකි. අනුදත් සත්‍යයට වඩා උතුම් වූ සත්‍යයක්ද නැතැයි නිත්‍යතාවයෙන්ම විශ්වාසවත් ලෙස සිතීම අසාධාරණය.
කොයි කොහොම වුවත් හදවතක් පැහැදිලිව හඳුනා ගැනීමේ වාසනාව පැසුනු බුද්ධිමත් යුවතියකට හිමිවිය යුතුමය. ඒත් ඒ අහිමි වූ සැපතට සීතල කඳුලක් හෙලන්නට තරම්වත් දැන් මගේ දෙනෙත් අසරණ වැඩිය.
ඔහු මේ පවසන්නේ මොනවාද...? විනිවිඳින අභ්‍යන්තරය තුල කම්පාව, චිත්ත සංවේගය ආදී දුකෙහි සියලු ප්‍රතිමූර්තීන් ඇත. හදවතක ගැඹුරු පතුලෙන්ම නැගෙන ශෝක සන්තාපය පහසුවෙන් තේරුම් ගන්නටද වටහා ගන්නටද පැහැදිලිව වෙන්කර හදුනාගන්නටද පුලුවන.
දෙවියනේ! මා එදා සිට අද දක්වාම නොසෑහෙන්නට රිදවූයේ මෙතරම්ම අහිංසක අසරණ අවංක අකලංක උතුම් හදවතක්ද...? ඒ කුරිරු වරදේ පවට කිසිදා වන්දි ගෙවිය හැකි නොවේ. දෙකොපුල් තෙත් කරමින් සිපගන්නට බලා සිටි උණුසුම් කඳුළු බිඳු දෙක පිසදමාගත් කුමුදුනී යළිත් පරක් මිස තෙරක් නොපෙනෙන දීර්ඝ ලිපියේ කඳුළු අතර දෙනෙත රැඳෙව්වාය.
හදවතක කුරිරු බව වැටහෙන්නේ ඒ දරුණු බව නිසා වේදනා විඳින වෙනත් නොකලැල් සිතකට පමණි. ඇත්තටම කුමුදුනී ඔයත් බොහෝම අවිහිංසකයි. අකාරුණිකයි. මා ඔබට බැගෑපත් ආයාචනයක් නිරන්තරයෙන්ම කලා. ඔබව හමුවන්නට මගේ හදවතේ අවනඩුව විනිශ්චය කරන්නට පුංචිම පුංචි එකම එක තත්පරයක් දෙන්න කියලා. නමුත් ඇයි ඔබ ඒ පූජනීයද භාවමයද වන්දනාවට නිග්‍රහ කරමින් ඉවත බලාගෙන මා හඬවන්නට තරම් බොහෝම අසාධාරණ ලෙස දාමරික උනේ...?
ඒත් මා ඔබ සමඟ චුට්ටක්වත් තරහ නැහැ. ඔය රත්තරං මුහුණ ඔය සුන්දර නෙතෝදකයන් මට සදාතනිකවම මතක තියෙනකම් මා කොහොමද වස්තුව ඔයාට එරෙහි වෙලා මගේම ජීවිතයට සමු දෙන්නේ!
මරණයට බියවන්නේ ජීවත් වන්නවුන් පමණි. තරයේ වැළඳගන්නට තවත් ජීවිතයක් නැතිදාට අපි සතුටින් මරණය තුරුළු කරගනිමු. මා දන්නේ මගේ ජීවිතයේ නෙතු පියාගන්නට කලින් මට ලබන්නට පුලුවන් දැනට ඉතිරිවෙලා තියෙන්නේ එකම එක සතුටයි. ඒ මගේ නිදොස් බව එළිදක්වන එක. ඔබ මට අවනතව කොහෙත්ම එකඟ නොවන බව දන්නව. දරාගත නොහැකි බලාපොරොත්තුවක් නොවන නිසා සමහර විට ඒ පැතුම මට ඉටු කරගන්නට පුලුවන් වෙයි. එසේ උනොත් එදාට ඇත්තටම මා බොහෝ සතුටු වෙනවා. ඒත් ඒ සාධාරණ හිමිකමේ මොලොක් සැපත විඳගන්නට තරම් මට වාසනාවක් තිබුණොත්? මරණය අවිනිශ්චිතයි. දැන් මගේ ජීවිතය ඊටත් වඩා අවිනිශ්චිතයි!
මම ජීවිතේ දෙපාරක් ඉපදුනේ නැහැ රත්තරං. මැරෙනවා නම් මැරෙන්නෙත් එකම එක පාරයි. ඉතිං ඒ සොඳුරු මරණය ඔබ පිණිස ලබාගත යුතුනම් මා මොහොතකටවත් මැලිවෙන්නේ නැහැ. මට නොසිතෙන දෙයක් නැහැ. හදවත දවන අමුතු නුහුරු නුපුරුදු දැවිල්ලක් බඳු- හරියටම විස්තර කරන්න නියමාකාරයෙන්ම අමාරු වේදනාව මා ඉවසන්නේ කොහොමද...?
මෙලොව සෑම පුද්ගලයෙකුටම ඉවසිය හැකි දේවලුත් ඉවසිය නොහැකි දේවලුත් ඉවසිය හැකි සීමාවකුත් ඉවසිය නොහැකි සුන්දර වැරදිත් තියෙනවා. හදිස්සියෙන්වත් අර සීමාව ඉක්මවා ගියහොත් ඒ පුද්ගලයාට ජීවිතෙන් පලා යන එක කොහොමටවත්ම අපහසු කර්තව්‍යයක් නොවේ. මට හිතෙන්නේ මාත් දැන් ඒ තත්වෙට ආසන්න වෙලා කියලා.
අපි හුඟාක් වෙලාවට යෝධ බොරු වලටත් බොරු කාරයන්ටත් රැවටෙනවා. ඒත් පැහැදිලි සත්‍යය තේරුම් ගන්නට හරිම අමාරුයි. කල්ගත වෙනවා. ඒක ඔයාගෙත් මගෙත් අපි දෙන්නගෙම අවාසනාව. වැඩිපුරම මගේ අභාග්‍යය!
ඔයාට තේරුම් ගන්නට බැහැ. මේ හදවත පෙළන සාතිශය සාංකාව සහමුලින්ම සුවපත් කල හැක්කේ ඔබට උණුවන හදක් හිමි වී මා සැනසුවොත් පමණයි. ඉතිං රත්තරං මගේ අලසව ගමන් කල ඒකාකාරී ජීවිතයට සොඳුරුතම අරමුණක් පෙන්වලා මාව අන්තානන්ත දුරුකතරක අතරමං කරන්නට සැරසෙන්නට එපා. හිතන්නවත් එපා!
සතියකට විරාමයක්....
Life is Life Page එක follow කරලා ඔබත් ඒ අහිංසක, සංවේදී, සුන්දර ආදර කතාවේ කොටස්කරුවෙක් වෙන්න.
#life #quotes #ideas #love #happy #sad #motivation #enjoy #CalmVibes #success #quoteoftheday #motivationspeaker #AseniyaMal #NewNovel #HeartfeltStory #SriLankanNovel #SinhalaNovels #LoveAndLife #Shortstory #Novels
2 weeks ago | [YT] | 2
View 0 replies
Life Is Life - ජීවිතයට ජීවිතයෙන්
🌱 *බීජ දෙක*🌱
බීජ දෙකක් එකම සාරවත් පසෙහි එක ළඟ වැතිර සිටියේය.
පළමු බීජය මෙසේ පැවසීය,
“මට වැඩෙන්න ඕන. මට හිරු එළිය දෙසට ළඟා වී ශක්තිමත් ගසක් වීමට අවශ්‍යයි.”
එබැවින් එය අඳුරු පොළොව හරහා තල්ලු වී, වැස්සට මුහුණ දී, සුළඟින් බේරී, සෙමින් වර්ධනය වීමට පටන් ගත්තේය.🌳
දෙවන බීජය මෙසේ පැවසීය,
“වැස්ස අධික නම් කුමක් කළ යුතුද? සුළඟ මාව බිඳ දැමුවහොත් කුමක් කළ යුතුද? සියල්ල ආරක්ෂිත යැයි හැඟෙන තුරු මම බලා සිටිමි.”
එබැවින් එය බිම වැළලී, චලනය වීමට බිය විය.🌧️
දින ගෙවී ගියේය. ඉන්පසු එක් උදෑසනක, ආහාර සොයන කුරුල්ලෙකු දෙවන බීජය සොයාගෙන එය අනුභව කළේය.
මේ අතර, පළමු බීජය වර්ධනය වෙමින් පැවතුනි. සෘතු වෙනස් විය, කුණාටු පැමිණ ගියේය, නමුත් කාලයත් සමඟ එය අන් අයට සෙවන, පලතුරු සහ නවාතැන් ලබා දුන් උස ගසක් බවට පත්විය.
"ඉදිරියට යාමට නම් ධෛර්යය අවශ්‍ය වේ." 💪
“සියලු දේවල් වලින් පරිපූර්ණ කාලය” එනතෙක් බලා සිටීමෙන් අපට ඉහලට යාමට තිබෙන අවස්ථාව අඩු විය හැකිය.
මාර්ගය අවිනිශ්චිත වූ විට පවා, ඉදිරියට යාමට අවශ්‍ය ධෛර්යය ඇත්නම් කුඩා පියවර කිහිපයකින් පවා ඉහලට යාමට හැකිය.
#life #quotes #ideas #love #happy #sad #motivation #enjoy #CalmVibes #success #quoteoftheday #motivationspeaker#life #quotes #ideas #love #happy #sad #motivation #enjoy #CalmVibes #success #quoteoftheday #motivationspeaker
2 weeks ago | [YT] | 1
View 0 replies
Load more