SIGIRI TV online

🙏..ආයුබෝවන්..🙏

⭕..ඔබ සැමට සුභ දවසක්..! SIGRI TV Online Youtube නාලිකාවට සාදරයෙන් පිළිගනිමු.

⭕..ලස්සන ශ්‍රී ලංකාවක් දැකීමට සිහින දකින ඔබට රටේ තොරතුරු පිළිබඳ වෙනස්ම කෝණයකින් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු

🔺ඉතින් අප හා සමග එක්වීම ගැන ඔබ සැමට ස්තූතියි....!


SIGIRI TV online

මිල්කෝ ආයතනය විසින් එම ආයතනයේ ව්‍යාපාරික මහත්ම මහත්මීන් අගය කිරීම සහ ඔවුන් දිරි ගැන්වීම වෙනුවෙන් සංවිධානය කොට තිබූ සම්මාන ප්‍රධානෝත්සවය අද දින පැවැත්වුන.

පාඩු ලබමින් තිබූ මිල්කෝ ආයතනය වත්මන් ආණ්ඩුව යටතේ ලාබ ලබන ආයතනයක් බවට පත්ව ඇත.ඒ වෙනුවෙන් කැපවී ක්‍රියා කල සියලු දෙනාට ස්තූතිය පිරිනමන අතර ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය වෙනුවෙන් නිෂ්පාදන වැඩිකිරීම කෙරෙහි අවධානය යොමු කිරීමේ ඇති වැදගත්කම අවධාරණය කරන ලදී.

12 hours ago | [YT] | 109

SIGIRI TV online

සමුපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන් මඟ සහ සැලසුම් පිළිබඳව සමූපකාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කමිටුව සමඟින් වූ සාකච්ඡාවක් අද (20) දින පාර්ලිමේන්තුවේදී පැවැත්විණ.

12 hours ago | [YT] | 86

SIGIRI TV online

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

සියවසක් පුරා විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ප්‍රජා සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් ඇගයීමට

මහජන සෞඛ්‍ය සේවාව අභිමානවත් ඉතිහාසයක්, විශ්වාසවන්ත වර්තමානයක් සහ සුපැහැදිලි අනාගතයක් සහිත ක්ෂේත්‍රයක්

- සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

වත්මන් රජය ආරම්භ කළ ආරෝග්‍යා වැඩසටහන තුළ ප්‍රජා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමන පිළිබඳ පැහැදිලි දැක්මක් තිබෙනවා.

- සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ක්ෂේත්‍ර සෞඛ්‍ය ඒකකය ලෙස 1926 වසරේදී ආරම්භ වූ කළුතර ජාතික සෞඛ්‍ය ඒකකය පිහිටුවීම සමඟ මෙරට මහජන සෞඛ්‍ය සේවාව ආරම්භ විය. අද වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 362කට වඩා විශාල ජාලයක් බවට පත්ව ඇති මහජන සෞඛ්‍ය සේවාවේ මූලික ශක්තිය වන්නේ මහජන සෞඛ්‍ය කණ්ඩායමයි. එම කණ්ඩායම තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH), පවුල් සෞඛ්‍ය නිලධාරී (PHM) සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ආදී ක්ෂේත්‍ර නිලධාරීන් කැපී පෙනෙන සේවාවක් ඉටුකරන අතර, ඔවුන් ප්‍රජාව සමග සෘජු සම්බන්ධතා ගොඩනගා ගනිමින්, ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් සෞඛ්‍ය සේවාවේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් දායකත්වය සපයයි.

ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංගමය විසින් සංවිධානය කළ මෙම සැමරුම් උත්සවයේදි සියවසක් පුරා මෙරට ප්‍රාථමික සේඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ප්‍රජා සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් ඇගයීමට ලක් කිරීමද සිදු කෙරිණි.

එමෙන්ම ශත සංවත්සර සමරු ග්‍රන්ථය, ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය සේවාවේ අනාගත දිශාව ඇතුළත් ධවල පත්‍රිකාව ඇතුළු ප්‍රකාශන කිහිපයක් එළිදැක්වීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ මහජන සෞඛ්‍ය සේවාව අභිමානවත් ඉතිහාසයක්, විශ්වාසවන්ත වර්තමානයක් සහ සුපැහැදිලි අනාගතයක් සහිත ක්ෂේත්‍රයක් බවයි.

මාතෘ සෞඛ්‍යය පිළිබඳව සිදු කළ මැදිහත්වීම නිසා මාතෘ මරණ සංඛ්‍යාව 2500 සිට 25 දක්වා අඩු මට්ටමකට ගෙන ඒමට හැකිව තිබෙන බවත්, සජීව උපත් 1000කට 200ක් පමණව තිබූ ළදරු මරණ සංඛ්‍යාව 05-06 දක්වා අඩු කරගෙන තිබෙන අතරම, මැලේරියා වංසගතයෙන් ලක්ෂයක් මිය ගිය රටක එම රෝගය තුරන් කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අපේ රට ප්‍රජා සෞඛ්‍ය සේවාවේ කොපමණ ජයග්‍රහණ අත් කරගෙන තිබෙනවාද යන්න පෙන්වීමට මෙම ජයග්‍රහණ ප්‍රමාණවත් බව පැවසූ අමාත්‍යවරයා පහළ සහ මැදිආදායම් ලබන රටකට ප්‍රජා සෞඛ්‍ය සේවාව කොපමණ ගුණාත්මක ලෙස ඉදිරියට ගෙන යා හැකිද යන්න පිළිබද අප රටටම ආවේණික ආදර්ශයක් රට තුළම නිර්මාණය කර තිබෙන බවද පෙන්වා දුන්නේය.

මෙවන් සුවිසල් ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වුයේ ඒ වෙනුවෙන් වෙහෙස වී වැඩ කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිසා බව වැඩිදුරටත් සඳහන් කළ අමාත්‍යවරයා ඒ වෙනුවෙන් මෙන්ම මෑතකාලීනව ඇති වූ සියලු වසංගත සහ ආපදා තත්ත්වවලදීද ප්‍රජා සෞඛ්‍ය සේවාවේ කාර්ය මණ්ඩල සිදු කළ සුවිශාල කැපවීම කෘතවේදීව සිහිපත් කළේය.

මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය Rajesh Sambhajirao Pandav මහතා පෙන්වා දුන්නේ ඉදිරි ශතවර්ෂයට මුහුණ දීමේදී අතීත සාර්ථකත්වයන් පමණක් අඛණ්ඩව පවත්වාගෙන යාම ප්‍රමාණවත් නොවන බවත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර බෝ නොවන රෝග, වැඩිහිටි ජනගහණයේ ඉහළ යාම, මානසික සෞඛ්‍ය අවශ්‍යතා දේශගුණික අවදානම් සහ වසංගත තත්ත්වෙ හමුවේ නව අවශ්‍යතා රැසක් මතුව ඇති බවයි.

නුසුදුසු ආහාර රටා, ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකම සහ මත්පැන් භාවිතය වැනි සාධක නිසා බෝ නොවන රෝග ඉහළ යමින් පවතින බවත් මෙම අවදානම් හුදෙකලා සිදුවීම් නොවන අතර ඒවා සමාජ, ආර්ථික සහ පාරිසරික සාධක මඟින් ගොඩනැගෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සංවර්ධන හවුල්කරුවන් ලෙස ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය සහ ජනතාවගේ යහපවැත්ම සහතික කිරීම වෙනුවෙන් අඛණ්ඩව බැඳී සිටින බව වැඩිදුරටත් සඳහන් කළ ඒ මහතා, මහජන සෞඛ්‍ය සේවාවේ අභිමානවත් සියවසක ගමන් මග අගයමින් පරිවර්තනීය ඉදිරි ගමනක් වෙනුවෙන් සුබපැතුම් එක් කළේය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ වත්මන් රජය යටතේ ආරම්භ කර තිබෙන ආරෝග්‍යා වැඩසටහන තුළ, වෙනස් වන සංසිද්ධීන් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉදිරියට යන්නේ කෙසේද යන්න පිළිබඳ ඉතාමත් වැදගත් දැක්මක් සහ ක්‍රියාකාරිත්වයක් පවතින බවයි.

ප්‍රජා සෞඛ්‍ය සේවාව සඳහා ආයෝජනය කරන්නේ අඩුවෙන් බවට කතාබහක් පැවතුණද, මෙවර ආරෝග්‍යා වැඩපිළිවෙළ යටතේ අංක එකේ වැඩසටහන වන්නේ ප්‍රජා සෞඛ්‍යය බවත්, එයින් මෙරට සෞඛ්‍ය පද්ධතියේ පරිවර්තනයක්, සාධාරණභාවයක් සහ තාක්ෂණය කාර්යක්ෂම ලෙස භාවිත කිරීමක් පිළිබිඹු කෙරෙන බවද පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේළි, සර්වෝදය ව්‍යාපාරයේ සභාපති ප්‍රජා වෛද්‍ය විශේෂඥ වින්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීහුද උත්සව සභාව ඇමතූහ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුද, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහුද, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරු, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු සහ ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංගමයේ ලේකම් සන්තුෂ්‍යා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු ප්‍රජා සෞඛ්‍ය සේවා විශේෂඥ වෛද්‍යවරු සහ නිලධාරීහුද, ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුනිසෙෆ් (UNICEF) ආයතනය වැනි ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

13 hours ago | [YT] | 83

SIGIRI TV online

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ 2027 අයවැය පූර්ව සාකච්ඡා ජනපති ප්‍රධානත්වයෙන්

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ ඇති ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව (DFAR), ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA), ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA), ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව (CFHC), ලංකා ධීවර සංස්ථාව (CFC), සීනෝර් පදනම, මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ඇතුළු ආයතන විසින් 2026 වසරේ සිදු කරන ලද පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්වල ප්‍රගතිය පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.

මෙරට මත්ස්‍ය නිෂ්පාදන ඉහළ නැංවීම සහ අපනයනය, ජනතාවගේ ප්‍රෝටින් අවශ්‍යතාව තහවුරු කිරීම සහ ධීවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වැඩසටහන්හි ප්‍රගතිය සහ 2027 වසරේ සැලසුම් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, මයිලඩි ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘතිය, ගන්දර ධීවර වරායේ සංවර්ධන කටයුතු, රැකව ධීවර නැංගුරම්පොළ ඉදි කිරීම, කරෛයිනගර් බෝට්ටු අංගනය නවීකරණය සහ ප්‍රතිසංස්කරණය ඇතුළු ප්‍රධාන ව්‍යාපෘතිවල සහ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳව ද සාකච්ඡා විය.

එමෙන්ම, දිට්වා ආපදාවෙන් විනාශ වූ ධීවර වරාය ඉදිකිරීම මෙන්ම ධීවර ජනතාවගේ ජීවනෝපාය මාර්ග යථාවත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය සහ පීඩාවට පත් ධීවර ජනතාවට බෝට්ටු සහ දැල් ආම්පන්න ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 189ක ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියේ ප්‍රගතිය ද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.

තවද, ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ක්‍රියාත්මක භාවිතයෙන් ඉවත් කළ බෝට්ටු සහ අනෙකුත් ෆයිබර් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ද අවධානය යොමු කරනු ලැබිණි.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපොන්සු, කපිල ජනක බණ්ඩාර,
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාස යන මහත්වරු, මුදල් අමාත්‍යාංශයේ සහ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

13 hours ago | [YT] | 28

SIGIRI TV online

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට!
චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදලක් පැහැරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

13 hours ago | [YT] | 38

SIGIRI TV online

ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම, සත්ත්ව සුභසාධනය තහවුරු කිරීම සහ වීදි සතුන්ගේ ගහනය පාලනය කිරීම වෙනුවෙන් වඩාත් විධිමත් හා කඩිනම් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව එක්සත් රාජධානියේ ප්‍රමුඛ පෙළේ සත්ත්ව සුභසාධන සංවිධානයක් වන 'Battersea' සහ ජාත්‍යන්තර සහකාර සත්ත්ව කළමනාකරණ සන්ධානය (ICAM - UK) නියෝජනය කරන විශේෂ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ජූලි 21 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

13 hours ago | [YT] | 17

SIGIRI TV online

අද වීඩියෝව බලලා ඉවර නම් ඔබේ අදහස අපට කියන්න. Upul Abeyawickrama ගේ විග්‍රහය සමඟ ඔබ එකඟද? 👍 ඔව් ❤️ නැහැ 💬 හේතුව Comment කරන්න.

17 hours ago | [YT] | 0

SIGIRI TV online

මහජන දිනය දැනුවත් කිරිම

19 hours ago | [YT] | 215

SIGIRI TV online

මෙරට ආර්ථිකය අර්බුදයෙන් මිදී ඉදිරියට යමින් පවතින පසුබිමක, රටේ තිරසාර සංවර්ධනය තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම රාජ්‍ය අංශයක් මෙන්ම වගවීමෙන් යුතු කළමනාකරණ ගණකාධිකරණ පද්ධතියක් අත්‍යවශ්‍ය යි. ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරගනිමින් තරඟකාරී සහ බලසම්පන්න ආර්ථිකයක් ගොඩනැගීමේ අවස්ථාව රට හමුවේ තිබෙන අභියෝගයක්.

"අර්බුදය, ස්ථාවරත්වය සහ වර්ධනය, කළමනාකරණ ගිණුම්කරණ කෝණයෙන්" (Crisis, Stability and Growth: A Management Accounting Lens) යන තේමාවෙන්
ශ්‍රී ලංකා සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CMA Sri Lanka) විසින් සංවිධානය කළ CMA ශ්‍රී ලංකා ජාතික කළමනාකරණ ගිණුම්කරණ සමුළුව 2026 අමතමින් ජූලි 20 වැනිදා කොළඹ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ අදහස් පළ කළා.

19 hours ago | [YT] | 66

SIGIRI TV online

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2026 වසරේ රජයේ ආයෝජන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 49ත් 54ත් අතර ප්‍රමාණයකින් යුත් Standard මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 14,400ක අයවැය ප්‍රතිපාදන වෙන් කළා.

කෙසේ වෙතත්, 2025–2026 මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ මගී ප්‍රවාහන බස් රථ සඳහා නව ආරක්ෂිත පිරිවිතර හඳුන්වා දුන්නා.

ඒ අනුව, නගරාන්තර හා දුරගමන් සේවා සඳහා Deluxe මාදිලියේ වායුසමනය කළ බස් රථ යොදාගත යුතු බවට හඳුනාගෙන ඇති බැවින්, දැනට වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ Standard මාදිලියේ බස් රථ 600ක් වෙනුවට වඩාත් සුවපහසු Deluxe මාදිලියේ වායුසමනය කළ බස් රථ 600ක් මිලදී ගැනීමට ඉදිරි පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබුණා.

19 hours ago | [YT] | 323