🙏..ආයුබෝවන්..🙏
⭕..ඔබ සැමට සුභ දවසක්..! SIGRI TV Online Youtube නාලිකාවට සාදරයෙන් පිළිගනිමු.
⭕..ලස්සන ශ්‍රී ලංකාවක් දැකීමට සිහින දකින ඔබට රටේ තොරතුරු පිළිබඳ වෙනස්ම කෝණයකින් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු
🔺ඉතින් අප හා සමග එක්වීම ගැන ඔබ සැමට ස්තූතියි....!
SIGIRI TV online
2026 වර්ෂය සඳහා ජාතික පාසල් සහ විද්‍යාපීඨවල භෞතික සම්පත් සංවර්ධනයට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල වන රුපියල් බිලියන 13.5 ක මුදලක් වෙන් කෙරේ..
2 hours ago | [YT] | 23
View 0 replies
SIGIRI TV online
ජවිපෙ ප්‍රධාන ලේකම් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් අතර හමුවක්
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ මහතා අතර හමුවක් ඊයේ (02) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් විණි.
එහිදී විශේෂයෙන්ම මෙම හමුව සත්‍යන්ජල් පාණ්ඩේ මහතා ශ්‍රී ලංකාවේ සිය තෙවසරක ධුර කාලය අවසන් කර මෙරටින් පිටව යාමට පෙර සිදුවූ අවසන් හමුවීම ලෙස සටහන් විය.
එහිදී ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සබඳතාවය ශක්තිමත් කිරීම උදෙසා පසුගිය කාලය තුළ ගන්නා ලද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද අතර එ සඳහා නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස සත්‍යන්ජල් පාණ්ඩේ මහතා විසින් දක්වන ලද මිත්‍රශීලී දායකත්වය අගය කිරීමද සිදු කරන ලදි. එසේම දිට්වා සුළි කුණාටුව හමුවේ ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීමේදී ඉන්දියාව දැක්වූ දායකත්වයට සහ එහිදී නියෝජ්‍ය මහකොමසාරිස්තුමන් විසින් ලබදුන් දායකත්වය මෙහිදී ටිල්වින් සිල්වා සහෝදරයා විසින් ඇගයීමට ලක්කරන ලදි.
තමා 2023 වර්ෂයේ අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ හමුවීමට ඉතා ඉක්මනින් අවස්ථාව සැලසීම පිළිබඳවත් එතැන් පටන් පවත්වාගෙන ගිය ඉතා මිත්‍රශීලී සබඳතාවය පිළිබඳවත් ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ මහතා විසින් මෙම සාකච්ඡාව තුළදී සිහිපත් කරන ලදි.
ශ්‍රී ලංකාවේ සිය රාජ්‍යතාන්ත්‍රික කටයුතු නිම කර යන සත්‍යන්ජල් පාණ්ඩේ මහතාට සිය ඉදිරි කටයුතු සාර්ථකව කරගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා විසින් සිය සුබ පැතුම් එක්කරන ලදී.
2 hours ago | [YT] | 28
View 1 reply
SIGIRI TV online
නවසීලන්තයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු සහ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය විජිත හේරත් සහෝදරයා ඕක්ලන්ඩ් සහ ක්‍රයිස්ට්චර්ච් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ පැවැත්වුණු සුහද හමුව...
2 hours ago | [YT] | 7
View 0 replies
SIGIRI TV online
වේල්ලවීදිය ප්‍රාදේශීය සම්බධීකරණ කමිටු රැස්වීම ඊයේ දින (2026.06.02) සාර්ථකව පැවැත්විණි. ප්‍රාදේශීය නිලධාරීන්, ප්‍රජා නියෝජිතයන් සහ ශ්‍රී ලංකා පොලිස් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීප දෙනෙක් සහ කොළඹ මහ නගර සභාවේ සභාපතිනි රායි කැලී බර්තසායි ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ මෙම රැස්වීමේ දී ප්‍රදේශයේ සංවර්ධනය හා ආරක්ෂාව සම්බන්ධ වැදගත් කරුණු සාකච්ඡා කෙරිණි.
2 hours ago | [YT] | 2
View 0 replies
SIGIRI TV online
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය තිස්සමහාරාම “ගොවිජන සභාව” තිස්සමහාරාම සමූපකාර රැස්වීම් ශාලාවේදී නාමල් කරුනාරත්න මහතාගේ ප්‍රධානතවයෙන් ගොවිසංවිධාන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
"ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ගොවියාගේ හෙට දවස" යන තේමාවෙන් පැවති වැඩසටහනට අමාත්‍යංශයේ හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකාරක සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ විධායක සභික සුනිල් රත්නායක සහෝදරයා, තිස්සමහාරාම ප්‍රාදේශීය සභා සභාපති ජයසිරි සහෝදරයා හා ජාතික ජනබලවේගය ප්‍රාදේශීය සභා මන්ත්‍රී චමින්ද සහෝදරයා ඇතුලු මන්ත්‍රී සහෝදරවරු එක්කව සිටියහ.
ගොවිජන සභා හරහා ගම, ගොවිජනතාව අසලටම ගොස් ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කොට විසඳුම් ලබාදීමට අමාත්‍යවරයා වශයෙන් මැදිහත් වීම ප්‍රධාන අරමුණයි. ගොවිජනතාව වෙනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරමාර්ග අමාත්‍යාංශය යටතේ විශේෂ වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් හා ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන ආකාරය සහ ගොවිජනතාවට මෙහි ප්‍රතිලාභ ලැබෙන ආකාරය විමසා බැලීමක් ද මෙහිදී සිදුවෙයි.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මූලික කරගනිමින් ප්‍රාදේශීය මට්ටමින් මූලික අදියර යටතේ ගොවිජන සභා දහසක් පැවැත්වීමට නියමිතය.
2 hours ago | [YT] | 3
View 0 replies
SIGIRI TV online
ගම් දහසක වැඩ දහසක්
තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නෙටොල්පිටිය උතර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ගැමි දිරිය ප්‍රජාමුල සංවිධානය හරහා ගොවින් සදහා ලීටර් 5000 ජල ටැංකි ලබාදීම. මේ සදහා ඇසතමේන්තු මුදල රු.1,310,000.00.
2 hours ago | [YT] | 6
View 1 reply
SIGIRI TV online
ඉන්දියානු සාගර වරාය හා සැපයුම් දාම සමුළුවේදී ශ්‍රී ලංකාවේ දැක්ම ජාත්‍යන්තරයට ඉදිරිපත් කළ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා…
ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. නගරයේදී පැවැත්වෙන U.S. Forum on Indian Ocean Ports and Supply Chains ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සහභාගී විය.
සමුළුවේ (2026.06.02) දින පැවති සැසිය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන්දියානු සාගර කලාපයේ වරාය සංවර්ධනය, වරාය සහ නාවික ක්ෂේත්‍රයේ ආයෝජන අවස්තා, සැපයුම් දාම සුරක්ෂිතභාවය සහ කලාපීය සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැක්ම ඉදිරිපත් කළේය.
එහිදී ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම, ඉන්දියානු සාගර කලාපයේ වෙළෙඳ හා සමුද්‍රීය කටයුතු සඳහා රට සතු වැදගත්කම සහ කලාපීය සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉටුකරන කාර්යභාරය පිළිබඳව ද අවධානය යොමු කරන ලදී.
වරාය කළමනාකරණය හා සැපයුම් දාම ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවාද සඳහා වේදිකාවක් සපයන මෙම සමුළුව, කලාපීය හා ගෝලීය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.
2 hours ago | [YT] | 3
View 0 replies
SIGIRI TV online
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම.
=======================
මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, වෙළඳ,වාණිජ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අද දින (2026.06.03) පවත්වන ලදී.
● විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත රු.මි.44.3 ක මූල්‍ය වටිනාකමකින් යුතු සංවර්ධන යෝජනා 71 ක් සඳහා අනුමැතිය ලබා දීම.
● 2027 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ග්‍රාමීය පාලම් ව්‍යාපෘති 28ක් හා ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති යෝජනා 35 ක් සඳහා අනුමැතිය ලබා දීම.
● ප්‍රජා ශක්ති දෙවන අදියර යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති යෝජනා 332ක් සඳහා අනුමැතිය ලබා දීම.
● මොනරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණය තුළ විවෘත ශරීර සුවතා මධ්‍යස්ථානයක් ඉදි කිරීමේ යෝජනාව සාකච්ඡා කිරීම.
● නාවික හමුදා අතරමැදි කඳවුරක් ඉදිකිරීම සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට,නිල පියස ඉදිරිපිට ඇති ඌන උපයෝජිත ටකරන් තහඩු නිවාස තුන සහිත ඉඩම ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදි.
● නාගරික සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා,මහජන බැංකුව භාවිතා කරන ලද දැනට ඌන උපයෝජිත ගොඩනැගිල්ල සහ ඉඩම පවරා දීම පිළිබඳවත්.
● යෝජිත අලිමංකඩ හා වන්දම යෝජිත විදුලි වැට පිළිබඳවත්
● තණමල්විල සිත්තර ග්‍රාමයේ ජලගැලීම් අවම කිරීම සඳහා ගඟේයාය සිට කිරිඳි ඔය දක්වා කානු පද්ධතියක් ඉදිකිරීම පිළිබඳවත්
● මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිට ඇති අනවසර කඩ නිසා මතුවන ගැටලු පිළිබඳවත්,රෝහල් භූමියේ වෙසෙන සුනඛයන් නිසා ඇතිවන සෞඛ්‍ය හා අනාරක්ෂිත අවදානම් පිළිබඳවත්
● කතරගම පොදු ක්‍රීඩාංගණයේ මීටර් 400 ධාවන පථය ඉදිකිරීමේදී පවතින බාධා පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කළ අතර,
● කාපට් අතුරා සංවර්ධනය කළ යුතු මාර්ග සඳහා අනුමැතිය ලබා ගැනීම ද මෙහිදී සිදුවිය.
මැදගම සෙන්පතිගම ග්‍රාම නිලධාරි වසමේ 1984 වසරේ සිට ඉඩම් හිමිකම් කොමිෂන් සභාවට අයත් ඉඩම්හි පදිංචි පවුල් 258 ක් සඳහා මේ වන තෙක් ඔප්පු හෝ හිමිකම්පත්‍ර ලබාදී නොමැති වීම සම්බන්ධවත්,
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි කුටි බාධාවකින් තොරව පවත්වාගෙන යාම සම්බන්ධවත්,
මේ දිනවල වී වගාව සඳහා කහ වීමේ වසංගත රෝගය පැතිර යමින් පවතින බවත් ඒ තුළින් සහල් ප්‍රශ්නය සහ වන්දි ගෙවීමේ ප්‍රශ්න මතුවන බවත් සාකච්ඡා කරන ලදී.
සුදුවතුරආර වැලි ගොඩ දැමීම හා වැලි සේදීම හේතුවෙන් පරිසර ගැටලු මතුවන බවත්,
කතරගම ඇසළ පෙරහැර සඳහා පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ගේ පහසුකම් සැලසීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ සහයෝගය අවශ්‍ය වන බවත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කළ අතර පසුගිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලදී ලබාදුන් තීරණ රැසක් ද සමාලෝචනය කරන ලදි.
2 hours ago | [YT] | 2
View 0 replies
SIGIRI TV online
"Take Care - සුරැකෙමු මගතොට" (දෙවන අදියරේ පළමු වැඩසටහන)
බෝමිරිය ජාතික පාසල
2026.06.03
2 hours ago | [YT] | 4
View 0 replies
SIGIRI TV online
ජල සම්පත් මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය අද (03) දින හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණයේ දී විවෘත කරන ලදී.
එම අවස්ථාවට පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා , හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නිහාල් ගලප්පත්ති, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුල වෙළඳගොඩ,ජල සම්පත් මණ්ඩලයේ සභාපති ආර්. එස්. එස්. බණ්ඩාර, සාමාන්‍යාධිකාරී ආර්. එස්. බී. සෝමරත්න, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
ජල සම්පත් මණ්ඩලයේ කාර්යාල දැනට පවතින්නේ අනුරාධපුරය, පුත්තලම, මොනරාගල සහ යාපනයේ පමණි.
2 hours ago | [YT] | 3
View 0 replies
Load more