welcome to Karma Youtube channel.
This channel is discussed the current issues of the Buddhism and bhuddhist philosophy. and also this will focus on the different situations regarding the country and we will try to give the solutions for them in the view of Buddhist philosophy.
if you like to watch our videos, please subscribe and stay with us. Thank you ...
☸️සම්බුදු සසුන වනසන අධර්මයට එරෙහිව අප හා එකතුවන්න☸️
👉කර්ම නාලිකාවේ වට්සැප් චැනලයට එකතුවන්න whatsapp.com/channel/0029VaeQHJiDuMRjPSeBsM34
👉 Fb - www.facebook.com/galagama.hamuduruwo.3?mibextid=Zb…
(Galagama Kusaladhamma thero)
www.facebook.com/profile.php?id=61554675761781&…
(අධර්මයට එරෙහි බොදු සව් එකමුතුව)
👉වට්සැප් 0786050853 (Galagama Kusaladhamma Thero)
ඇමතුම් ගැනීමට පෙර voice massage එකක් යොමු කරන්න
👉අධර්මයට එරෙහි වට්සැප් සමූහයට එකතුවන්න.
chat.whatsapp.com/Bth6t7HOCROEE8ABkDBg14
Contact 0786050853 (Only watsapp)
Email - galagamak2@gmail.com
Karma
දහස්_ගණනක සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරි ගිය මත්තල අංගීරස මහ සෑ පුදබිමේ පිංකම අවසානයේ...
තවමත් සිය ගණනක් සෑ ගර්භයේ පූජා වස්තු තැන්පත් කිරීමට පෝලිම්වල...
නෙල්ලිගල හාමුදුරුවෝ Nelligala Hamuduruwo නායක හාමුදුරුවන්ගේ මේ උතුම් විහාර කර්මාන්තයේ සියළු කටයුතු කඩිනමින් අවසන් කිරීමට සියළු ශක්තිය ලැබේවා...
6 days ago (edited) | [YT] | 318
View 33 replies
Karma
නිවිතිගල #සාසනාරක්ෂක මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලාගේ සහ සියලු දහම් පාසල් ගුරුවරුන්ගේ එකමුතුවෙන් සංවිධානය කළ වැඩසටහනේදී අධර්මවාදී කණ්ඩායම් සහ විජාතික බලවේග පිළිබඳවත් අප විසින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් සිදුකළ දැනුවත් කිරීමේ වැඩසටහන....
මේ සඳහා අප වෙත ආරාධනාවන් සිදුකළ අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේකම්, නොරගල්ලේ සෝරත නායක ස්වාමින් වහන්සේට මෙවන් කාලෝචිතය වැඩසටහනක් වෙනුවෙන් අප වෙත ආරාධනා කිරීම පිළිබඳව ගෞරවණීය ස්තුතියි පුදකර සිටිමි..
2 weeks ago (edited) | [YT] | 264
View 14 replies
Karma
මන්නාරම #සිලාවතුර විල්පත්තු විජයතිලක විහාරස්ථනයට අඩුපාඩුවක්ව පැවති *උනු වතුර ශවර් යන්ත්‍රයක්* දැනට අසනීපව සිටින විහාරස්ථනයේ විහාරාධිපති, මහවිලච්චියේ විමල නායක ස්වාමින් වහන්සේ වෙත පූජා කිරීම.
මේ වෙනුවෙන් අපගේ #සදහම්_සුරක්ෂා_පදනම වෙත දායකත්වය දැක්වූ පිංවතුන්ට මෙලොව නිඳුක් නිරෝගීසුව දීර්ෂායුෂ පිණිසත්, සසර කෙලවර උතුම් වූ නිවන් සුව පිණිසත් මේ පිංකම හේතු වාසනා වේවා...
Sadaham Suraksha Foundation
3 weeks ago | [YT] | 452
View 23 replies
Karma
මන්නාරම_සිලාවතුර සිංහල මහා විද්‍යාලයේ දරුවන්ට අපෙන් ත්‍යාග, ගුරුවරු 8කට වියළි ආහාර.... 😊🩷🏝️
අපගේ "සදහම් සුරක්ෂා පදනම" මගින් සිදුකල *උතුරු පලාතේ මන්නාරම, සිලාවතුර ගම්මානයේ ඉතාමත් දුෂ්කරව දිවි ගෙවන අසරණ සිංහල මිනිසුන් උදෙසා ජල යෝජනා ක්‍රමයට හා පාසලේ ජල ෆිල්ටර් සවි කිරීමට සමගාමීව එහි ඉගෙනුම ලබන අපේම දරුවන් වෙනුවෙන් ත්‍යාග ලබාදීම*
මේ වෙනුවෙන් දායකත්වය ලබාදුන් අජිත් නිශාන්ත මහත්මා ඇතුළු සැමට පුණ්‍යානුමෝදනා කරමි. උතුම් චතුරාර්ය සත්‍ය අවබොධය පිණිස, උතුම් නිවන් සුව පිණිසම මේ පිංකම හේතු වේවා... බොහොමත්ම පිං.
Sadaham Suraksha Foundation
3 weeks ago | [YT] | 309
View 24 replies
Karma
උතුරේ #සිලාවතුර_සිංහල_ගම්මානයට_අපෙන් සහල් සහ වියළි ආහාර ද්‍රව්‍ය...
අපගේ "සදහම් සුරක්ෂා පදනම" මගින් සිදුකල *උතුරු පලාතේ මන්නාරම, සිලාවතුර ගම්මානයේ ඉතාමත් දුෂ්කරව දිවි ගෙවන අසරණ සිංහල මිනිසුන් උදෙසා ජල යෝජනා ක්‍රමයට සමගාමීව වියලි ආහාර පාර්සල් ලබාදීම.*
මේ වෙනුවෙන් දායකත්වය ලබාදුන් සැමට පුණ්‍යානුමෝදනා කරමි. උතුම් චතුරාර්ය සත්‍ය අවබොධය පිණිස, උතුම් නිවන් සුව පිණිසම මේ පිංකම හේතු වේවා... බොහොමත්ම පිං.
3 weeks ago | [YT] | 284
View 14 replies
Karma
#කාෂ්ඨක_සිලාවතුර_බිමෙන් ජලය මතුවීම...
ගම්මානයේ අනෙකුත් නළලින්වල ලුණු වතුර මිශ්‍ර ජලය පැවතියද අපගේ මෙම නළළිඳෙන් පිරිසිදු ජලය මතුවීම හාස්කමක් මෙනි....
දින 3ක අපේ සිලාවතුර වැඩසටහන...
#මන්නාරමසිලාවතුර_ගම්මානයේ_මූලික අවශ්‍යතාවක්ව පැවති ජල_ගැටලුව සූර්‍ය බල නල ලිඳක් ඉදිකිරීමෙන් අවසන් කිරීම. අප සදහම් සුරක්ෂා පදනම සමඟ එක්වූ දායක පිංවතුන්ගේ ශක්තියෙන් මෙම කටයුත්ත සිදුකල අතර මේ වෙනුවෙන් මා සමඟ ඒකාත්මික වූ පිංවත් සියළු දෙනාට පුන්‍යානුමෝදනාව...
වැඩි විස්තර පසුව සඳහන් කරමි...
මෙම ජල ව්‍යාපෘතිය වෙනුවෙන් නල ලිං කාර්මිකයන් සම්බන්ධ කරමින් අපට ශක්තියක් වූ උතුරු පලාත් සංඝනායක, ගල්ගමුවෙ සන්තබෝධි නායක ස්වාමින් වහන්සේට ද නායක ස්වාමින් වහන්සේගේ සම්බන්ධීකරණය මත අප වෙත සූර්‍ය පැනල් සහ වතුර මෝටරය ලබාදුන් අනුරාධපුර ඩීප් ටෙක් ආයතනයේ තිලිණ මහත්මයා ද සිහිපත් කරමි.
ගම්වාසීන් වෙනුවෙන් මෙම කටයුත්ත සිදුකර දෙන ලෙස අපට සිහිපත් කරමින් මෙම ගම්මානය වෙනුවෙන් මහත් කැපවීමකින් කටයුතු කරන සිලාවතුර විල්පත්තු විහාරස්ථනයේ විහාරාධිපති මහවිලච්චියේ විමල ස්වාමින් වහන්සේද සිහිපත් කරමි.
සැමට මේ සිදුකළ පිංකම නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා
3 weeks ago (edited) | [YT] | 271
View 25 replies
Karma
සංවාදයකට_ආරාධනා කල #විජිතකුමාර සහ අරුණ_ගමගේ ආචාර්‍යවරුන් වෙත පිළිතුරු...
"ලාංකීය භික්ෂු භූමිකාව හා විනය පිටකයේ එන භික්ෂු භූමිකාව සංදර්භ දෙකක් බැවින් සංවාද කිරීමට කරුණක් නොමැති බවත් අපගේ ස්ථාවරයයි"
වාද විවාද කිරීම වෙනුවට ස්වකීය ශාස්ත්‍රීය ඥාණය අධර්මවාදී මතවාදයන්ට එරෙහිව හා ධර්ම ශාස්ත්‍රීය උන්නතිය උදෙසාම යොදවන ලෙස සිහිපත් කරමි
1 month ago | [YT] | 183
View 30 replies
Karma
සුගන්ධ_කුටියෙන්_කවර්_කරන_භික්ෂූන්_එක්ක_වෛරය
මේ_මිනිස්සුන්ට මොනතරම් වෛරයක් භික්ෂුව ගැන ඇතිද? බුදු හාමුදුරුවන්ට ජීවමාන සඥ්ඥාවෙන් පූජාකල කුටියකට ඉර්ෂ්‍යාවෙන් සිදුකරන ද්වෙශ සහගත ප්‍රකාශ. මේක භික්ෂූන්ට පූජා කල එකක් නෙමෙයි මෝඩ මිනිසුනේ. කිසිවක් සොයා නොබලාසිදුකරන මෙවන් පහත් පල කිරීම් වලට සත්‍ය කතාව කියන්නටත් ඒවා රිපොර්ට් කරන්නටත් යම් බුද්ධි මට්ටමක් ඇති බෞද්ධයා පියවර ගතයුතුය.
"සුගන්ධ කුටි පූජාව" (හෙවත් ගන්ධ කුටි පූජාව) යනු බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරන ලද, ඉතා ඉහළ ආනිශංස ගෙන දෙන "ආමිස පූජාවක්" සහ "විහාර දානයක්" ලෙස ත්‍රිපිටකයේ පැහැදිලිවම සඳහන් වේ.
මෙය පසුකාලීනව සමාජයට එකතු වූ මිථ්‍යාවක් හෝ ධර්මයට පටහැනි සංකල්පයක් නොවේ. ඒ පිළිබඳ ඓතිහාසික සහ ත්‍රිපිටකගත පදනම පහත පරිදි විග්‍රහ කළ හැක:
1. ඓතිහාසික පසුබිම සහ "ගන්ධ කුටිය"
බුදුරජාණන් වහන්සේ වැඩසිටි ප්‍රධාන සහ පෞද්ගලික කුටිය බෞද්ධ සාහිත්‍යයේ හැඳින්වෙන්නේ "ගන්ධ කුටිය" (සුවඳවත් වූ කුටිය) යන නමිනි.
බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම ප්‍රථමයෙන්ම ගන්ධ කුටියක් (සුගන්ධ කුටියක්) ඉදි කර පූජා කරන ලද්දේ අනේපිඬු සිටුතුමා විසිනි. ඒ සුප්‍රකට ජේතවනාරාමයේදීය.
බුදුරජාණන් වහන්සේ එම පූජාව සතුටින් පිළිගත් අතර, එම කුටිය තුළ වැඩසිටිමින් ධර්මය දේශනා කළහ. එබැවින් ජීවමාන බුදුරදුන්ට කුටියක් පූජා කිරීම උන්වහන්සේ ජීවමාන සමයේදීම අනුදැන වදාළ සම්ප්‍රදායකි.
2. ත්‍රිපිටක මූලාශ්‍ර සහ ආනිශංස
සුගන්ධ කුටි පූජාව අයත් වන්නේ "සේනාසන පූජාව" හෙවත් විහාර දානය යටතටයි. විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ, සේනාසනක්ඛන්ධකයේ විහාර දානය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත:
> "විහාරදානං සංඝස්ස - අග්ගං බුද්ධේන වණ්ණිතං"
> (සංඝයාට විහාර පූජා කිරීම බුදුරජාණන් වහන්සේලා විසින් අග්‍ර යැයි වර්ණනා කරන ලදී).
>
සීතලෙන්, උෂ්ණයෙන්, වැස්සෙන්, පිනි බිඳුවලින් සහ වන සතුන්ගෙන් ආරක්ෂා වී භික්ෂූන් වහන්සේලාට සහ බුදුරදුන්ට සමථ-විපස්සනා භාවනාවල නිරත වීමට කුටියක් පූජා කිරීම ලෞකික දානයන් අතරින් ඉතා උසස්ම දානයක් බව එහි වැඩිදුරටත් දැක්වේ.
3. වර්තමානයේ සිදුකරන සුගන්ධ කුටි පූජාව
අද වන විට ජීවමාන බුදුරජාණන් වහන්සේ නමක් නොමැති බැවින්, වර්තමාන බෞද්ධයන් විහාරස්ථානවල හෝ නිවෙස්වල සංකේතාත්මකව ඉතා අලංකාර කුටි නිර්මාණය කර, එය බුදුරදුන් වැඩසිටින "සුගන්ධ කුටිය" ලෙස සලකා මල්, පහන්, සුවඳ දුම් පූජා කරති.
මෙය බුදු දහමේ ඉගැන්වෙන "උද්දේසික පූජාව" (බුදුරදුන් උදෙසා කරන නිර්මාණවලට කරන පූජාව) යටතට ගැනේ.
සිත පහදවාගෙන (ශ්‍රද්ධාවෙන්) මෙවැනි ආමිස පූජාවක් සිදු කිරීමෙන් ලැබෙන පින ජීවමාන බුදුරදුන්ට කරන පූජාවකට සමාන බව "මාමෙව පූජයන්ති" යනුවෙන් ධර්මයේ සඳහන් වේ.
4. ප්‍රායෝගික සමතුලිතතාව (ආමිසය සහ ප්‍රතිපත්තිය)
සුගන්ධ කුටි පූජාව ඉතා උතුම් ආමිස පූජාවක් වුවද, බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් අවධාරණය කළේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව (ධර්මය ප්‍රායෝගිකව හැසිරීම) උසස් බවයි.
කොතරම් අලංකාර සුගන්ධ කුටියක් නිර්මාණය කර පූජා කළද, එම පූජාව සිදු කරන පුද්ගලයා තුළ හෝ සමාජය තුළ අභ්‍යන්තර ස්වයං විනයක්, මෛත්‍රියක් සහ සදාචාරයක් ගොඩනැගෙන්නේ නැත්නම් එම පූජාවේ නියම ඵලය අත්විඳිය නොහැක. එබැවින් සුගන්ධ කුටියක් පූජා කරන අතරතුර, තම සිත නමැති කුටියද කෙලෙසුන්ගෙන් තොර සුවඳවත් කුටියක් බවට පත් කරගැනීම සැබෑ බෞද්ධයාගේ අරමුණ විය යුතුය.
✍️ සටහන - Galagama hamuduruwo - Kusaladhamma
1 month ago | [YT] | 217
View 42 replies
Karma
*ඉදිරියේදි තවත් උතුරෙ ඉඩම් අහිමි වෙනවාසිංහලයාට?.*
මුල්ලිකුලම් ඉඩම්: නාවික හමුදාව අල්ලාගෙන සිටින අක්කර 753ක් නිදහස් කිරීමට පියවර – නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුරෙයි රවිහරන් විසින් මුල්ලිකුලම් ජනතාවගේ නාවික හමුදාව අල්ලාගෙන සිටින ඉඩම් වහාම නිදහස් කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.
ඒ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ මුල්ලිකුලම් ප්‍රදේශයේ නාවික හමුදාව භාරයේ ඇති අක්කර 1,012කින් අක්කර 753ක් නිදහස් කිරීමට පියවර ගන්නා බවයි.
මන්නාරම් දිස්ත්‍රික්කයේ හමුදා පාලනය යටතේ පවතින ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාව අද (25.05.2026) මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී රවිහරන් සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ අමාත්‍ය උපදේශක කාරක සභා රැස්වීම්වලදී මුල්ලිකුලම් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන් දැඩිව අවධාරණය කළ බවයි.
එමෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්ද මුල්ලිකුලම් ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇති බවද ඔහු පැවසීය.
2026.05.22 දින පාර්ලිමේන්තුවේ පැවති වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න අවස්ථාවේදීද තමන් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කරමින් එම ඉඩම් වහාම ජනතාවට ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව රවිහරන් මහතා කියා සිටියේය.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යවරයා මන්නාරමට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකරන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව සංවිධානය කර තිබේ.
මුල්ලිකුලම් ජනතාව 1990 වසරේදී තම මුල් වාසස්ථානවලින් අවතැන් වූ බවත්, 2002 වසරේදී යම් පිරිසක් නැවත පදිංචි කළද, 2007 වසරේදී නැවත අවතැන් වූ බොහෝ පවුල් තවමත් තම මුල් භූමිවල නැවත පදිංචි කර නොමැති බවත් ඔහු පැවසීය.
වර්තමානයේ එම ජනතාව සිලාවතුර හා කායකුලි වැනි ප්‍රදේශවල තාවකාලිකව ජීවත් වන බවද සඳහන් කෙරිණි.
රවිහරන් මහතා චෝදනා කළේ මුල්ලිකුලම් ජනතාවගේ මුල් වාසස්ථාන, කුඹුරු, වැව් හා වෙරළබඩ ඉඩම් නාවික හමුදාව විසින් තවදුරටත් අල්ලාගෙන සිටින බවයි.
අවතැන් ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද නිවාස 150කින් බොහෝ නිවාසවල නාවික හමුදා පවුල් පදිංචිව සිටින බවද ඔහු පැවසීය.
තවද මුල්ලිකුලම් ධීවරයින් භාවිත කළ මුහුදු බඩ ප්‍රදේශද නාවික හමුදා පාලනය යටතේ පවතින බැවින් ධීවර ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව ඔහු කියා සිටියේය.
2016 වසරේදී නාවික හමුදාව විසින් නිදහස් කළ බව කියන අක්කර 77ක් ජනතාවට නොදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවත්, ඒ හේතුවෙන් ජනතාවට එම ඉඩම් භාවිත කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඔහු සඳහන් කළේය.
එබැවින් නාවික හමුදාව විසින් නිදහස් කරන ඉඩම් සෘජුව ජනතාවට භාරදීමට පියවර ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
“පසුගිය ආණ්ඩු මෙන් නොව මෙම ආණ්ඩුව ජනතාවගේ ඉඩම් නිදහස් කරයි කියලා ජනතාව විශ්වාස කරනවා. ඒ විශ්වාසය ආරක්ෂා කරලා ජනතාවගේ ඉඩම් වහාම නිදහස් කරන්න,” යනුවෙන් රවිහරන් මහතා පැවසීය.
ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ මුල්ලිකුලම් ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී රවිහරන් දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළ බවයි.
එමෙන්ම නාවික හමුදාව පාලනය කරමින් සිටින අක්කර 753ක් නිදහස් කිරීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා ක්ෂේත්‍ර පරීක්ෂණ හා සාකච්ඡා මේ වනවිටත් සිදුකරමින් පවතින බවත් ඔහු පැවසීය.
නීතිවිරෝධී ක්‍රියාකාරකම් සහ වනාන්තර විනාශ වීම වැළැක්වීම සඳහා සමහර ඉඩම් තාවකාලිකව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තබන බවද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, ජනතාවට භාවිත කළ නොහැකි ආකාරයෙන් පවතින ඉඩම් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගෙන ඒවා ජනතාවට ප්‍රයෝජනයට ගත හැකි ලෙස කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
1 month ago | [YT] | 169
View 57 replies
Karma
ඊයේ සවස උත්කර්ශවත් අන්දමින් අවසන් කල *"දහම් සිසු අභිමන් 2026* සිරි නිවාස දහම් පාසලේ දරුවන්ගේ වාර්ෂික ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය.
මේ දරුවන් 150ක් වෙනුවෙන් ලක්ෂයකට අධික මුදලකින් ත්‍යාග මිලදී ගැනීම සිදුකලේ අපගේ *සදහම් සුරක්ෂා පදනමේ* මුදලිනි.
එසේම මෙම දරුවන් වෙනුවෙන් සෑම ඉරිදා දිනකම 8000කට ආසන්න මුදලකින් දිවා ආහාරය පිරු නමනුයේ ද අප පදනමයි.
ඒ සඳහා සියළු මූල්‍ය ශක්තිය පිංවත් ඔබයි. වර්ෂ ගනනක් පුරා අපගේ පිංකම් වෙනුවෙන් දායක වන ලොව පුරා දායක පිංවතුන්ගේ මුදල් මේ සඳහා යොදවනු ලැබිනි.
*පදනම වෙනුවෙන් යම් හෝ මුදලකින් දායක වූ සියලු පිංවතුන්ට* මෙය අනුමෝදන් වන්නට හැකී.. බොහොමත්ම පිං හැමෝටම.
ආරාධනාව මත, අප හට මහත් ශක්තියක් වෙමින් අපගේ "දහම් සිසු අභිමන් 2026" අපේ දරුවන්ගේ ත්‍යාග සහ සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය වෙනුවෙන් වැඩමවා වදාල ගෞරවණීය මහා සංඟරත්නයට ගෞරවණීය පුණ්‍යානුමෝදනාව. පැමිණි ආරාධිත අමුත්තන් වන අධ්‍යාපන කලාප කාර්‍යාලයේ නියොජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය, ධර්මාලෝක විදුහලේ විදුහල්පති උපුල් සර්, දිප්පිටිගල විදුහල්පතිණිය, පොලිස් ස්ථානාධිපතිතුමන්, බෞද්ධ කටයුතු සමායෝජක ලක්ෂ්මන් මහත්මා, ගුරු සංගමයේ සභාපති චමින්ද මහත්මා, ප්‍රා.ලේ. කාර්‍යාලයේ සංස්කෘතික අංශයේ මහත්ම මහත්මියන්ට මාගේ කෘතඥ්ඥතා පූර්වක ස්තූතිය පුදකර සිටිමි... 🩷
1 month ago | [YT] | 252
View 12 replies
Load more