Chiranjeewani Astrology

Chiranjeewani astrology | චිරංජීවණී ජ්‍යොතිෂ සේවය

සියලුම ජ්‍යොතිෂය කටයුතු සදහා අමතන්න.
ගෞරව ශාස්ත්‍රවේදී දෛවඥ මිහිරාජ් සිසිල
---------------------------------------------------
Contact : +94 719340715
Whats App : +94 719340715

පේස් බුක් පේජ් එකට පහල ලින්ක් එකෙන් Like කරන්න
www.facebook.com/profile.php?id=100082665344672&am…

Like 👍 comment 🖊️Share
අපව Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Thanks...

#chiranjeewani #chiranjeewaniastrology #lagnapalapala #2024lagnapalapala #astrology #astrologysinhala

@chiranjeewaniastrology



Chiranjeewani Astrology

ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් නිදුක් නිරෝගී, සතුට පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
Wishing you and your loved ones a blessed and peaceful Vesak Day.

1 week ago | [YT] | 47

Chiranjeewani Astrology

ලෝකවාසී සියලුම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට සුබ හජ්ජි උත්සවයක් වේවා!
Wishing you a blessed and peaceful Hadji Festival.🕌✨

#HajjMubarak #EidAlAdhaMubarak #EidMubarak #BlessedEid #HajjSeason #PeaceAndBlessings #EidCelebration

2 weeks ago | [YT] | 17

Chiranjeewani Astrology

01. රැකියාව
ග්‍රහ ගෝචරය මීන ලග්න හිමියන්ගේ වෘත්තීය සහ ආර්ථික ක්ෂේත්‍රයන්හි නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි. රැකියා ස්ථානවල මෙතෙක් පැවති අවිවේකී බව සහ බාධාකාරී තත්ත්වයන් මඟහැරී යයි. සමහරුන්ට තමන් බලාපොරොත්තු වූ පරිදි වඩාත් යහපත් රැකියා මාරුවීම් හෝ උසස්වීම් ලැබීමට අවස්ථාව උදාවේ. අනවශ්‍ය වියදම් පාලනය කරගැනීමට හැකි වන අතර, ඉතිරිකිරීම් වර්ධනය කරගත හැකිය. කලක් තිස්සේ ඇණහිට තිබූ මුදල් සහ හිඟ මුදල් පවා නැවත ලැබීමේ වාසනාව පවතී.

02.පවුල් ජීවිතය
ගෘහ ජීවිතයේ සාමය, සතුට සහ සමගිය අත්කර දෙන කාල වකවානුවකි.පවුලේ වැඩිහිටියන්ගේ ආශීර්වාදය සහ සහයෝගය නොඅඩුව ලැබේ. නිවස තුළ ආගමික නැඹුරුවක් සහ සාමකාමී වටපිටාවක් ගොඩනැඟේ. සමාජයීය වශයෙන් කරන ලබන පොදු කටයුතුවලදී කැපී පෙනෙන චරිතයක් බවට පත්වන අතර, අවට සිටින අයගෙන් ගරුබුහුමන් සහ නොමඳ සහයෝගය හිමි වේ.

03.අධ්‍යාපනය සහ බුද්ධිමය වර්ධනය
මීන ලග්න හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම පර්යේෂණ සහ නිර්මාණාත්මක කටයුතුවල නිරත වන්නන්ට මෙම කාලය ඉතා ශුභ දායක වේ. ඥානකාරක ගුරුගේ බලපෑම නිසා බුද්ධිමත් තීරණ ගැනීමට හැකි වන අතර, උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත්, විභාගවලින් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමටත් මඟ පෑදේ.

04.සෞඛ්‍ය තත්ත්වය
සෞඛ්‍ය පැත්තෙන් ගත් කළ මානසික සහනය සහ සැනසීම උපරිමයෙන් ලැබෙන කාලයකි. පැවති ශාරීරික පීඩාවලින් සහ අසනීපවලින් ක්‍රමයෙන් සුවය හිමි වේ. එසේ වුවද, ශරීරයේ බර වැඩිවීම වැනි තත්ත්වයන්ගෙන් ප්‍රවේශම් වීම සඳහා නිසි ආහාර පාලනයක් සහ ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගැනීම සුදුසුය.

විමසීම්:
Chiranjeewani.lk
076 963 0715 / 071 934 0715

2 weeks ago | [YT] | 12

Chiranjeewani Astrology

මෙම ග්‍රහ මාරුව කුම්භ ලග්න හිමියන්ගේ ආර්ථික සහ වෘත්තීයමය අංශයන්හි නව පිබිදීමක් ඇති කරයි.
01.රැකියාව
රැකියා ස්ථානවල පැවති නොසන්සුන්කාරී වටපිටාව දුරස් වන අතර, ඉහළ නිලධාරීන්ගේ ප්‍රසාදය දිනා ගනිමින් තනතුරු තාන්න මාන්න සහ වගකීම් ලැබීමට මඟ පෑදේ. නව ව්‍යාපාර ඇරඹීමට මෙන්ම පවතින ව්‍යාපාර පුළුල් කිරීමට ද මෙය ඉතා සුබ කාලයකි. බුද්ධිමත් තීරණ මත ආයෝජනය කිරීමෙන් නොසිතූ මූල්‍යමය ප්‍රතිලාභ අත්කර ගත හැකිය. කෙසේ උවත් ඒරශ්ටික කාල සීමාව නිසා ඔබ බෙහෙවින් කල්පනා කාරීව කටයුතු සිදු කල යුතුම කාල සීමාවක් බවට පත්වේ.

02.පවුල් ජීවිතය
මේ කාල වකවානුව ඔබට ඒ තරම් සුභ කාල වකවානුවක් වන්නෙ නැ. සභදතා බිද වැටීම් ඇති වන කාල පරිච්ඡේදයක් බවට පත්වේ. මේ නිසා කුම්භ ලග්න හිමියනි ඔබ ඉතා ඉවසීමෙන් හා කල්පනාකාරීව වැඩ කටයුතු සිදු කලයුතුවේ. සභදා බිද වැටිමත් සමග මානසික බිද වැටීම් හා සෞඛ්‍ය පිරිහීම ඇති වන කාල පරිච්ඡේදයක් බවට පත්වේ.

04.සෞඛ්‍ය තත්ත්වය
දකුනු කකුල ආශ්‍රිතව රෝග පීඩා ඇතිවේ. ගමන් බිමන් යාමේ දි උවද හදිසි අනතුරු ඇති වීමේ ඉඩකඩ අත. අමාශය ආශ්‍රිතව රෝග පීඩා ඇතිවේ ඒ නිසා කලට වේලාවට ආහාර ගත යුතුයි. හිස සම්බන්දයෙන් කල්පනා කාරී වන්න.

විමසීම්:
Chiranjeewani.lk
076 963 0715 / 071 934 0715

2 weeks ago | [YT] | 7

Chiranjeewani Astrology

ගුරු හංස යෝගය නම් ප්‍රබල ග්‍රහ යෝගය ඔබට බලපානු ඇත. ග්‍රහ ගමනත් සමඟ මකර ලග්න හිමියන්ගේ ආර්ථික තත්ත්වයෙහි යම් ස්ථාවරත්වයක් අපේක්ෂා කළ හැකිය.

01.රැකියාව
අතපසු වී තිබූ ධන මාර්ග නැවත විවෘත වන අතර, බුද්ධිමත් ලෙස කරනු ලබන ආයෝජනවලින් දිගුකාලීන ප්‍රතිලාභ හිමි වේ. රැකියා ස්ථානයේ මෙතෙක් පැවති බාධාකාරී වටපිටාව මඟහැරී යන අතර, තමන්ගේ දක්ෂතාවලට නිසි ඇගයීමක් සහ උසස්වීම් ලැබීමේ ප්‍රවණතාවක් පවතී.බොහෝ දෙනා ඔබගේ ගුණ වැයුම් සිදු කරන කාල සීමාවක් බවට පත් වේ.

02.පවුල් පසුබිම
පවුලේ සමගිය සහ සතුට කය වර්ධනය වන බාල සොහොයුරන් සොහොයුරියන්ට හෝ අවිවාහක මකර ලග්න හිමියන්ට සුදුසු සහකරුවෙකු හෝ සහකාරියකභ

මුණගැසීමට මෙන්ම විවාහ මංගල්‍යයන් ස්ථිර වීමට මින් මඟ පෑදේ. නෑදෑ හිතමිතුරන් අතර පලුදු වී තිබූ සබඳතා නැවත ශක්තිමත් වන අතර, සමාජයෙන් ගරුබුහුමන් සහ පිළිගැනීම හිමි වේ.

03.අධ්‍යාපනය
ඥානයට අධිපති ගුරු ග්‍රහයාගේ ආශීර්වාදය හේතුවෙන්, අධ්‍යාපන කටයුතුවල නිරත වන දරු දැරියන්ට මෙන්ම උසස් අධ්‍යාපනය ලබන අයට ද මෙම කාලය ඉතා ශුභ දායක වේ. මතක ශක්තිය සහ තර්කන ඥානය වර්ධනය වන බැවින් තරඟ විභාගවලින් ඉහළ ජයග්‍රහණ
සෞඛ්‍ය පැත්තෙන් ගත් කළ, පැවති නිදන්ගත රෝගාබාධවලින්, චර්ම රෝග වලින් යම් සහනයක් ලැබෙනු ඇත.

විමසීම්:
Chiranjeewani.lk
076 963 0715 / 071 934 0715

2 weeks ago | [YT] | 17

Chiranjeewani Astrology

01. ධන වාසනාව සහ උරුමයන්
මෙම කාලය ලෙහෙසියෙන් සහ මහන්සියකින් තොරව ඔබට ධනය ළඟා කර දෙන ඉතාම වාසනාවන්ත කාලසීමාවකි. පිය පාර්ශවයෙන් ඔබට ලැබීමට තිබූ පාරම්පරික දේපළ හෝ උරුමයන් කිසිදු බාධාවකින් තොරව නිරායාසයෙන්ම ඔබට හිමි වනු ඇත.මීට අමතරව, රක්ෂණ වන්දි මුදල්, ලොතරැයි වාසනාව මෙන්ම විවිධ අමතර ආදායම් මාර්ග හරහා ද මුදල් හදල් ලැබීමට විශාල ඉඩකඩක් පවතී.
උච්ච ගුරුගේ සුභ දෘෂ්ටිය ඔබේ 2 වැන්න හෙවත් ධනස්ථානය වෙත වැටීම සුවිශේෂී තත්ත්වයකි. මේ කාලයේදී ඔබට යම් යම් අංශ වෙනුවෙන් මුදල් වියදම් වීමට පටන් ගත්තද, වියදම් පාර්ශවය ඉහළ යනවාට සරිලන පරිදි මුදල් ලැබීම් අතින් කිසිදු අඩුවක් සිදු නොවේ. එබැවින් ඔබේ බැංකු ඉතුරුම් සාර්ථකව වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසේ.සමාජයේ හෝ වෘත්තීය ක්ෂේත්‍රයේ ඔබට විරුද්ධව තිබූ රහස් කුමන්ත්‍රණ සහ සතුරු බලවේග සියල්ලෙන් ජය ගැනීමටත්, එම සතුරු කුමන්ත්‍රණ ඔබට වාසිදායක ලෙස වෙනස් කර ගැනීමටත් මේ හරහා පුදුමාකාර හැකියාවක් ලැබෙනු ඇත.

02. නිවාස, දේපළ සහ රැකියාව
කේන්ද්‍රයේ 4 වැන්න හෙවත් නිවාස හා දේපළ ස්ථානය වෙත දෘෂ්ටිය වැටීම නිසා භෞතික සම්පත්වල දියුණුවක් ඇති වේ.අලුත් වැඩියා කටයුතු වෙනුවෙන් සාර්ථක ලෙස මුදල් ආයෝජනය කිරීමට අවස්ථාව උදා වේ. ඔබ දැනට රැකියාවක නිරත වන්නෙකු නම්, වෘත්තීය කටයුතුවලදී ගන්නා හදිසි සහ නොසලකා හරින සුළු තීරණ නිසා රැකියාව පවා අහිමි වීමේ අවදානමක් පවතී. එබැවින් රැකියා ස්ථානයේදී තීරණ ගැනීමේදී ඉතාමත් බුද්ධිමත් වන්න.

03. අධ්‍යාපනය සහ විදේශ ගමන්
කේන්ද්‍රයේ 12 වැන්නට වැටෙන දෘෂ්ටිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු අයට ඉතාම යහපත් වේ. තරඟ විභාගවලින් ඉහළින්ම ජයග්‍රහණය කිරීමට ඉඩකඩ සැලසෙන අතර, උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට, විශේෂයෙන්ම පර්යේෂණ ක්ෂේත්‍ර (Research), ගුප්ත විද්‍යාවන්, නීතිය හෝ වෛද්‍ය විද්‍යාව හදාරන අයට ඉතාම විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගත හැක. විදේශ රැකියා හෝ විදේශ අධ්‍යාපනය සඳහා උත්සාහ කරනු ලබන ධනු ලග්න හිමියන්ට, යම් යම් බාධා මධ්‍යයේ වුවද තමන්ගේ බලාපොරොත්තු සාර්ථකව ළඟා කර ගැනීමට හැකි වෙයි.

04. සෞඛ්‍යය සහ මානසික තත්ත්වය
ලග්නාධිපති ග්‍රහයා 8 වැන්නේ ගමන් කරන බැවින් සෞඛ්‍යය ගැන වෙනදාට වඩා දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය.උදරයේ අමාරු (බඩේ රෝග), අක්මාව ආශ්‍රිත රෝගී තත්ත්වයන් හෝ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම (දියවැඩියාව) වැනි රෝගී තත්ත්වයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න.පවතින රෝගී තත්ත්වයන් වෙනුවෙන් කලට වේලාවට වෛද්‍ය උපදෙස් සහ ඖෂධ ලබා ගැනීමට වගබලා ගත යුතුය. නැතහොත් ජීවිත අවදානමක් වුවද ඇති වීමට ඉඩකඩ පවතී. සමහර අවස්ථාවලදී සිතේ නොසන්සුන්කම, තීරණ ගැනීමේදී ඇතිවන දෙගිඩියාවන් හෝ දැඩි කම්මැලිකමක් නිර්මාණය විය හැක. එබැවින් රැකියා මාරුවීම් වැනි ඕනෑම වැදගත් තීරණයක් ගැනීමේදී හොඳින් සිතා බලා, විශ්වාසවන්ත වැඩිහිටියෙකුගෙන් හෝ විශේෂඥයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

විමසීම්:
Chiranjeewani.lk
076 963 0715 / 071 934 0715

2 weeks ago | [YT] | 15

Chiranjeewani Astrology

01.ධනය සහ මූල්‍ය තත්ත්වය
වෘශ්චික ලග්න හිමියන්ගේ ධන කාරකයා වන ගුරුගේ ගෝචරයත් සමඟ ඔබගේ මූල්‍ය තත්ත්වයේ කැපී පෙනෙන වෙනස්කම් සිදුවිය හැකිය. අවහිර වී තිබූ ආදායම් මාර්ග නැවත විවෘත වන අතර, අලුත් ආදායම් මාර්ග පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැක. ඉතිරි කිරීම් වර්ධනය කර ගැනීමට සහ පැරණි ණය බේරීමට සුදුසුම කාලයකි. දිගුකාලීන ආයෝජනවලින් ලාභ ලැබිය හැකි වුවද, හදිසි සහ අවදානම් සහගත මූල්‍ය ගනුදෙනුවලින් වැළකී සිටීම නුවණට හුරුය.

02.රැකියාව සහ ව්‍යාපාර
රැකියා සහ වෘත්තීය මට්ටමින් මෙම කාලය තුළ මිශ්‍ර ඵල අපේක්ෂා කළ හැකිය.රැකියා ස්ථානයේ මෙතෙක් පැවති බාධා ඉවත්වී, ඔබගේ දක්ෂතාවලට නිසි ඇගයීමක් සහ උසස්වීම් ලැබීමට ඉඩකඩ ඇත. විදේශ රැකියා බලාපොරොත්තුවෙන් සිටි අයට හෝ රැකියා වෙනසක් අපේක්ෂා කළ අයට සුභදායී ආරංචි ලැබේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලැබිය හැකි අතර, ව්‍යාපාර පුළුල් කිරීමට සැලසුම් සකස් කිරීමට හොඳම කාලයකි.

03. අධ්‍යාපනය සහ බුද්ධිය
ගුරු 5 වැන්නාධිපති වන බැවින්, සිසුන්ට සහ පර්යේෂණ ක්ෂේත්‍රවල නිරත අයට මෙම කාලය ඉතා සුභයි. උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වන සිසුන්ට තිබූ බාධා ඉවත් වේ.තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණවලින් ඉහළ ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වෙයි. ධාරණ ශක්තිය සහ බුද්ධිය වර්ධනය වන කාලයකි.

04. පවුල් ජීවිතය සහ සබඳතා
පවුලේ සාමය සහ සතුට රැක ගැනීමට මෙම ග්‍රහ මාරුව උපකාරී වේ. විවාහ අපේක්ෂාවෙන් සිටි තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු ඉටුවන අතර, මංගල යෝග උදා වේ.දරු ලාභ අපේක්ෂාවෙන් සිටි අයට සුභ පණිවිඩ අසන්නට ලැබෙන කාලයකි. සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමටත්, ප්‍රභූවරුන්ගේ ඇසුර ලැබීමටත් අවස්ථාව සැලසේ.

05. සෞඛ්‍ය තත්ත්වය
පොදුවේ ගත් කල සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතිනු ඇත.පැරණි රෝගාබාධවලින් සුවය ලැබීමට මඟ පෑදේ.කෙසේ වුවද, ආහාර පාලනය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන්ම තරබාරුකම හෝ අක්මාව ආශ්‍රිත සුළු ආබාධ මතු වීමට ඉඩ ඇති බැවින් සමබර ආහාර වේලක් ලබා ගැනීමට වගබලා ගන්න.

විමසීම්:
Chiranjeewani.lk
076 963 0715 / 071 934 0715

2 weeks ago | [YT] | 5

Chiranjeewani Astrology

මහා බලසම්පන්න මෙන්ම ජ්‍යොතිෂයේ අතිශය සුභඵල දෙන ග්‍රහයෝගයක් වන 'ගුරු හංස යෝගය' බලවත් වීමත් සමඟ, ඔබ මෙතෙක් නොසිතූ ආකාරයේ සුවිශේෂී දියුණුවක් ළඟා කර ගැනීමට මඟ පෑදේ. විශේෂයෙන්ම ආර්ථිකමය වශයෙන් ස්ථාවරත්වයක් ගොඩනැඟෙන අතරම, සමාජයීය මෙන්ම වෘත්තීය ක්ෂේත්‍රයන්හිද කැපී පෙනෙන ප්‍රගතියක් මෙම කාල වකවානුව තුළ අත්කර ගත හැකිය.


01. රැකියාව සහ වෘත්තීය ක්ෂේත්‍රය
රැකියා කටයුතුවල නිරත වන්නන්ට මෙම කාල සීමාව තුළ උසස්වීම් ලැබීමට හෝ වගකීම් සහිත ඉහළ තනතුරු හිමි වීමට වැඩි ඉඩකඩක් පවතී. රැකියා ස්ථානය තුළ මෙන්ම පොදුවේ සමාජය තුළද ගෞරවය, ප්‍රශංසාව මෙන්ම නායකත්වය නිතැතින්ම හිමි වන කාලයකි. ඔබ මෑතකදී අලුතින් රැකියාවක් ආරම්භ කළේ නම් හෝ නව ව්‍යාපාරික කටයුත්තකට අත ගැසුවේ නම්, මෙම ග්‍රහ බලය උපකාරී කරගනිමින් ඉන් උපරිම ඵල නෙලා ගැනීමටත්, කෙටි කලකින්ම ස්ථාවරත්වයට පත්වීමටත් ඔබට අවස්ථාව සැලසේ.

02. ධනය සහ මූල්‍ය තත්ත්වය
සුභවාදී ගුරු ග්‍රහයාගේ පූර්ණ දෘෂ්ටිය කේන්ද්‍රයේ දෙවැන්න හෙවත් ධනස්ථානය වෙත යොමු වීම හේතුවෙන් මූල්‍ය තත්ත්වය බෙහෙවින් යහපත් අතට හැරේ. බලාපොරොත්තු නොවන විවිධ මාර්ගවලින් අමතර ආදායම් මාර්ග බිහි වන අතර, මෙතෙක් කල් පැවති ණය තුරුස්වලින් නිදහස් වීමට මඟ පෑදේ.අනවශ්‍ය වියදම් පාලනය කරගනිමින්, අනාගතය වෙනුවෙන් සාර්ථක ලෙස මුදල් ඉතිරි කර ගැනීමට ද මේ හරහා ඉඩකඩ සැලසේ.

03. ගෘහ ජීවිතය, පවුලේ සතුට සහ දේපළ
ගුරු ග්‍රහයාගේ සුභවාදී ගමන සහ දෘෂ්ටිය මත පවුල් ජීවිතයේ මෙන්ම භෞතික සම්පත්වලද විශාල දියුණුවක් දැකිය හැකිය. කේන්ද්‍රයේ 4 වැන්නට වැටෙන සුභ දෘෂ්ටිය හේතුවෙන්, අලුතින් ඉඩකඩම්, නිවාස මිලදී ගැනීමට හෝ වාහනයක් හිමිකර ගැනීමට සිහින මැවූ අයගේ එම බලාපොරොත්තු සාර්ථකව ඉටු කරගත හැක.පදිංචි ස්ථානයේ හෝ පවුල් පරිසරය තුළ මෙතෙක් පැවති අවුල් සහගත තත්ත්වයන් මඟහැරී ගොස් වඩාත් සුවපහසු මෙන්ම සාමකාමී වටපිටාවක් ගොඩනැඟේ. පවුලේ සාමාජිකයන් අතර සහජීවනය සහ සමගිය වර්ධනය වේ. විවාහ අපේක්ෂාවෙන් පසුවන අයට ගුණවත්, සමාජයේ පිළිගැනීමක් ඇති සහකරුවෙකු හෝ සහකාරියක මුණගැසීමේ වාසනාව පවතී. තිබූ බාධා ඉවත්වී විවාහ මංගල්‍යයන් ස්ථිර වීමට ද මෙම ග්‍රහ බලය දැඩි සේ උපකාරී වේ.

විමසීම්:
Chiranjeewani.lk
076 963 0715 / 071 934 0715

2 weeks ago | [YT] | 7

Chiranjeewani Astrology

ජ්‍යෝතිෂ විද්‍යාවේ ධනය, ප්‍රඥාව සහ දියුණුව නියෝජනය කරන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයාගේ රාශි සංක්‍රමණය ලග්න රාශි දොළහටම පොදුවේ බලපාන ප්‍රධානතම ග්‍රහ චලිතයකි. බුධ ග්‍රහයා අධිපතිත්වය දරන, බුද්ධිමත් මෙන්ම සැලසුම්සහගත කන්‍යා ලග්න හිමියන්ගේ ජීවිතවලට මෙම ගුරු මාරුව සුවිශේෂී බලපෑමක් එල්ල කරනු ලබන අතර, එය ඔවුන්ගේ ජීවිතයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන්නක් වනු ඇත.

01.කන්‍යා ලග්නය සහ ගුරුගේ දායකත්වය
කන්‍යා ලග්න හිමියන්ට ගුරු ග්‍රහයා යනු කේන්දර සටහනේ සිව්වැන්න (ගෘහ ජීවිතය, දේපළ, මව) සහ හත්වැන්න (විවාහය, හවුල් ව්‍යාපාර) යන කේන්ද්‍රස්ථාන දෙකකට අධිපති බලගතු ග්‍රහයා වේ. එබැවින් ගුරු මාරුව සිදුවන ආකාරය අනුව කන්‍යා ලග්න හිමියන්ගේ පෞද්ගලික ජීවිතයේ මෙන්ම සමාජීය ජීවිතයේ ද කැපී පෙනෙන වෙනස්කම් රැසක් සිදුවේ.

02.රැකියාව සහ ව්‍යාපාරික ජයග්‍රහණ.
රැකියා ක්ෂේත්‍රය තුළ පැවති අවිනිශ්චිතභාවය සහ බාධා කිරීම් කෙමෙන් මඟහැරී යන කාලයකි. තමන් කරන කැපකිරීම්වලට නිසි ඇගයීමක් සහ ප්‍රසාදයක් හිමි වේ. විශේෂයෙන්ම හවුල් ව්‍යාපාරවල නිරත වන්නන්ට සහ වෙළඳ ක්ෂේත්‍රයේ අයට නව ගිවිසුම්වලට එළඹීමටත්, ඉන් ඉහළ ලාභ ලැබීමටත් වාසනාව පවතී. නව රැකියා අපේක්ෂාවෙන් සිටි අයට තම සුදුසුකම්වලට සරිලන රැකියා අවස්ථා උදා වේ.

03.ධන ලාභ සහ නිවාස, දේපළ වාසනාව
ආර්ථික වශයෙන් පැවති බාධා අවහිරතා දුරුවී, ස්ථාවර ආදායම් මාර්ග ගොඩනැඟේ. කලක් තිස්සේ ප්‍රශ්නයක්ව පැවති ණය ගනුදෙනුවලින් නිදහස් වීමට මඟ පෑදේ. එමෙන්ම නිවාස සිහිනය සැබෑ කර ගැනීමට, අලුත් වාහනයක් මිලදී ගැනීමට හෝ පවතින ඉඩකඩම් දේපළවල වටිනාකම වර්ධනය කර ගැනීමට මෙම කාලය තුළ කන්‍යා ලග්න හිමියන්ට වැඩි ඉඩකඩක් පවතී.

04.විවාහ ජීවිතය සහ සබඳතා අලුත් වීම.
අවිවාහක කන්‍යා ලග්න හිමියන්ට විවාහ මංගල්‍යයන් ස්ථිර වන ඉතාමත් සුභ කාලයකි. තමන්ට ගැළපෙන, සමාජීය වශයෙන් පිළිගත් සහකරුවෙකු හෝ සහකාරියක සමීප වීමේ භාග්‍යය පවතී. විවාහක අය අතර පැවති මතභේද සහ සිත් රිදවීම් දුරුවී, අන්‍යෝන්‍ය අවබෝධය සහ ආදරය වර්ධනය වන වටපිටාවක් නිර්මාණය වේ.

05.අධ්‍යාපනය සහ මානසික සුවය.
තාර්කික බුද්ධියක් ඇති කන්‍යා ලග්න හිමියන්ගේ ශාස්ත්‍රීය කටයුතුවලට ගුරුගේ ආශිර්වාදය නොඅඩුව ලැබේ. නව විෂයන් හැදෑරීමටත්, පර්යේෂණ කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබීමටත් හැකි වේ. ගත වූ කාලයේ පැවති අධික මානසික වෙහෙස සහ කාංසාව මඟහැරී, මනසට සැහැල්ලුවක් සහ ආගමික නැඹුරුවක් ඇති වන කාලයකි.


සමස්තයක් ලෙස ගත් කළ, මෙම ගුරු මාරුව කන්‍යා ලග්න හිමියන්ගේ ජීවිතයට ස්ථාවරත්වය සහ සැනසීම ළඟා කර දෙන කදිම අවස්ථාවකි. තමන්ගේ සහජ දක්ෂතාවය වූ සැලසුම්සහගත බව සහ ඉවසීම පෙරදැරි කරගෙන ක්‍රියා කිරීමෙන්, මෙම කාලය තුළ උපරිම සුභඵල නෙළා ගැනීමට කන්‍යා ලග්න හිමියන්ට අවස්ථාව උදා වනු ඇත.

විමසීම්:
Chiranjeewani.lk
076 963 0715 / 071 934 0715

2 weeks ago | [YT] | 16

Chiranjeewani Astrology

ජ්‍යෝතිෂ විද්‍යාවේ ප්‍රධානතම සුභ ග්‍රහයා ලෙස සලකනු ලබන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයාගේ රාශි සංක්‍රමණය, විශ්වයේ සිදුවන සුවිශේෂී ග්‍රහ චලිතයකි. නව බලාපොරොත්තු, දියුණුව සහ වාසනාව කැඳවන මෙම ගුරු මාරුව, රවි ග්‍රහයා අධිපතිත්වය දරන සිංහ ලග්න හිමියන්ගේ ජීවිතවලට කෙසේ බලපානු ඇත්දැයි විමසා බැලීම කාලීන වශයෙන් ඉතා වැදගත් වේ.

01.සිංහ ලග්නය සහ ගුරුගේ සුභ දෘෂ්ටිය
රාජකීය පෞරුෂයකට හිමිකම් කියන සිංහ ලග්න හිමියන්ට ගුරු ග්‍රහයා යනු පූර්ව පින් බලය සහ බුද්ධිය මෙහෙයවන ග්‍රහයා වේ. ගුරු මාරුව සිදුවන ස්ථානය අනුව සිංහ ලග්න හිමියන්ගේ කේන්දර සටහන්වල සුවිශේෂී මෝගල්‍ය සහ ධන යෝග උදාවීමට නියමිතය. පසුගිය කාලවකවානුවේ පැවති අවහිරතා මඟහැරී, දියුණුව කරා යන මාවත මෙයින් විවර වේ.

02.රැකියාවේ ප්‍රගතිය සහ වෘත්තීය අභිමානය
සිංහ ලග්න හිමියන්ගේ සහජ නායකත්ව ගුණය කැපී පෙනෙන කාලයකි. රැකියා ස්ථානවල පැවති ගැටලු, සතුරු කරදර සහ අභියෝග මැඩපවත්වා ඉහළ නිලධාරීන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. රැකියාවේ උසස්වීම් මෙන්ම, විදේශ රැකියා සිහිනයක් තිබූ අයට ඒ සඳහා සුභදායක පරිසරයක් නිර්මාණය වේ. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුතු අයට නව ආයෝජන මඟින් ඉහළ ලාභාංශ අත්කර ගත හැකිය.

03.ආර්ථික ස්ථාවරත්වය සහ වාසනාව
ආර්ථික පැත්තෙන් පැවති තදබද ගතිය කෙමෙන් දුරස්වී, නව ආදායම් මාර්ග කරා යොමුවීමට අවස්ථාව සැලසේ. උත්සාහයේ තරමටම ප්‍රතිඵල ලැබෙන බැවින් මූල්‍යමය ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට හැකි වේ. පිය පාර්ශවයෙන් හෝ පාරම්පරික දේපළවලින් යම් ලාභ ප්‍රයෝජන අත්වීමේ වාසනාව ද පවතී.

04.ගෘහ ජීවිතය සහ මංගල යෝග
පවුල් ජීවිතය තුළ සාමය සහ සමඟිය වර්ධනය වන අතර, කලක් තිස්සේ පැවති පවුලේ අර්බුද නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබේ. අවිවාහක සිංහ ලග්න හිමියන්ට ඉතා සුභ මංගල යෝග උදාවන කාලයකි. විශේෂයෙන්ම තමන්ට ගැළපෙන, ගුණවත් සහ බුද්ධිමත් සහකරුවෙකු හෝ සහකාරියක මුණගැසීමේ අවස්ථාව මෙයින් උදාකර දෙයි.

05.අධ්‍යාපනය සහ දරුවන්ගේ දියුණුව
සිංහ ලග්න හිමි දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල කැපී පෙනෙන දියුණුවක් දැකිය හැකිය. උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම, බාහිර ප්‍රායෝගික විෂයන් කෙරෙහි ද දක්ෂතා දැක්වීමට ඔවුහු සමත් වෙති. එමෙන්ම දරුවන් අපේක්ෂාවෙන් සිටින අයට ද දරු සුරතල් බැලීමේ වාසනාව උදාවන සුභ කාල පරිච්ඡේදයකි.


සමස්තයක් ලෙස ගත් කළ, මෙම ගුරු මාරුව සිංහ ලග්න හිමියන්ගේ ජීවිතයට නව ජවයක් සහ සෞභාග්‍යයක් ළඟා කර දෙන පෙරළිකාරී කාලයකි. තමන්ගේ සහජ හැකියාවන් සහ බුද්ධිය නිසි පරිදි කළමනාකරණය කර ගනිමින්, උත්සාහයෙන් කටයුතු කිරීමෙන් ජීවිතයේ අතිශය සාර්ථක ඵල නෙළා ගැනීමට සිංහ ලග්න හිමියන්ට මෙයින් මඟ පෑදෙනු ඇත.

විමසීම්:
Chiranjeewani.lk
076 963 0715 / 071 934 0715

2 weeks ago | [YT] | 24