The most trusted Beauty & Skincare Source / YouTube channel in Sinhala!
Join the ever expanding ´Madu Talks´ community where I share ´how to´ tips & tricks, mainly luxury products I tried (that you may end up liking as well), and discuss various other educational & esoteric topics that may be of significance.
ලෝකයේ සිංහල භාෂාව කතා කරන්නන් අතර වඩාත්ම විශ්වාසදායක රූපලාවන්‍ය විශේෂඥ උපදෙස්, නිෂ්පාදන සමාලෝචන සහ වැඩදායී මාර්ගෝපදේශ ඇතුලත් යූ ටයුබ් නාලිකාව!
දවසින් දවස වැඩි දියුණු වෙන `මදූ ටෝක්ස්´ online community එකට අදම එකතු වෙන්න ...
FOR ALL BUSINESS INQUIRIES PLEASE CONTACT : madu.talks@gmail.com
Madu Talks
මෙන්න මේකට උත්තර දෙන්න බලන්න! (。♥‿♥。) ඕගොල්ලෝ කැමති light weight, වඩාත් දියර ස්වභාවයෙන් තියන, active ingredients වැඩියෙන් තියන SERUM එකක් පාවිච්චි කරන්නද, නැත්නම් ටිකක් ගනකමින් වැඩි, ක්‍රීම් ස්වභාවයෙන් තියන, හමේ තෙතමනය රඳවා ගන්න උදව් වෙන MOISTURIZER එකක් පාවිච්චි කරන්නද? 🌸
1 day ago | [YT] | 6
View 1 reply
Madu Talks
Book Recommendation 📚
මේ තියෙන්නේ මේ දවස්වල මම කියවන බොහොම රසවත් පොතක්! 📖☕ අවුරුදු ගණනාවක් මේ පොත ගෙදර පොත් රාක්කෙ තිබුනත්, දැන් තමයි ඒක කියවන්න අතට ගත්තේ.. මේ තමයි 1940 වසරේ මාටින් වික්‍රමසිංහ කතුවරයා විසින් ලියන ලද ``අපේ ගම´´කෘතිය. අපේ වයසේ, අලුත් පරම්පරාවල් වල අය මේ පොත වැඩිය කියවලා නැතුව ඇති... නමුත් කියවන්න වටින ඉතාමත් රසවත් පොතක්!
අපි පොඩි කාලේ මේ ගැන වැඩිය අහලා, කියවලා තිබුනේ නැතත් මට හිතෙනවා මේක අද පරම්පරාවටත් අදාළ විදිහට ලියවුන පොතක් කියලා.
🤍🌿 මාටින් වික්‍රමසිංහ, එතුමාගේ ගැමි ජීවිතයේ උණුසුම් සහ බොහෝ විට හාස්‍යජනක ළමා මතකයන් හරහා, ජන ක්‍රීඩා සහ විවිධ ජාතික ආගමික උත්සව වලදී මිනිසුන් එකමුතු කළ චාරිත්‍ර වාරිත්‍ර, විශ්වාසයන් සහ තොවිල් උත්සව දක්වා සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික සංස්කෘතිය ගැන බොහොම ලස්සන චිත්‍රයක් කියවන්නාගේ මනසේ ඇති කරනවා..
පැරණි සිරිත් විරිත් සරලව විස්තර කිරීමට වඩා, ඒවා පිටුපස ඇති ගැඹුරු සමාජ හා සංස්කෘතික වටිනාකම ඔහු පාඨකයින්ට පෙන්නලා දෙනවා. වර්තමානයේ වැඩිදෙනෙක්ගේ මෙම ජාතික සම්ප්‍රදායන් නොසලකා හැරීමේ නූතන ප්‍රවණතාවයට මේ පොත අභියෝග කරනවා කියලා මට හිතෙනවා.
අතීතයේ ඉඳන් පැවතගෙන ආ චාරිත්‍ර වාරිත්‍ර, තොවිල් පවිල්, ආගමික අවස්ථා වල පන්සල් වල පැවති විවිධ උත්සව පොළවල් යනාදිය, අනවශ්‍ය දේවල්, අදට නොගැලපෙන දේවල් කියලා නූතන සමාජය විසින් ප්‍රතික්ෂේප කිරීම, බොහෝ විට ඒවා හරහා ප්‍රජාවගේ එකමුතුව, අනන්‍යතාවය සහ අයිතිවාසිකම් ගොඩනැගීමේදී සිදුවුණ වැදගත් කාර්යභාරයටද බලපෑ බව මාටින් වික්‍රමසිංහයන් මේ පොත හරහා පෙන්වා දෙන බවක් පේනවා.
මට හිතෙනවා ඉතාමත් ආකර්ශනීය කථාන්දර සහ සංස්කෘතික වටිනාකමකින් යුතු, "අපේ ගම", තරුණ පාඨකයන්ට දුරස්ථ බවක් පෙනෙන්නට තිබුණත්, අද තරුණ පරම්පරාව කියවිය යුතුම පොතක් කියලා `` අපේ ගම ´´. 🌾📚✨ ඉතින් අවස්තාවක් ලැබුන වෙලාවක කියවලා බලන්න!
6 days ago | [YT] | 20
View 2 replies
Madu Talks
✨ පහත ඒවායින් මොන වර්ගයේ content මගේ චැනල් එකේ post කරනවටද ඕගොල්ලෝ වඩාත් කැමති ?
1 week ago | [YT] | 11
View 3 replies
Madu Talks
ජුනි මාසේ කියන්නේ සාමාන්‍යයෙන් රස්නි කාලයක්! ☀️ හම ලස්සනට තියාගන්න නම් නිතරම දියර වර්ග පානය අත්‍යවශ්‍යයි. හැමතිස්සෙම වතුර බොන්න අකමැති අය , ඔය කඩවල් වල තියන, සීනි අධික soft drinks විතරක් බොන්න යන්නේ නැතුව, තැඹිලි වතුර, herbal Tea, Strawberry juice වගේ healthy විකල්ප ට්‍රයි කරලා බලන්න!
ඖෂධීය තේ (herbal Tea) වල, සමස්ත යහපැවැත්මට උදව් වෙන antioxidants අන්තර්ගතයි, තැඹිලි වතුර, ස්වභාවිකවම විජලනය වළක්වාලන්න ඇති හැකියාව වගේම electrolytes වලින් සමන්විත පානයක්. ඉන් අපේ හමට ලැබෙන වාසි කියා නිම කරන්න බැරි තරම්! Strawberry juice වල විටමින් C බහුලව අඩංගු වෙනවා. හමට විටමින් C වලින් තියන ප්‍රයෝජන මගේ Beauty Inside Out වැඩසටහන් මාලාව බැලුවනම් ඕගොල්ලෝ හොඳින් දන්නවා ...ලස්සන නිරෝගී පෙනුමක් ඇති හමක් සඳහා විටමින් C වලින් ලැබෙන්නේ පුදුම සහයක්!
හම ලස්සන කරගන්න ඕනේ නම් ඒ සඳහා කරන්න පුළුවන් සරලම සහ වැදගත්ම දෙයක් තමයි හොඳින් දියර වර්ග පානය කිරීම! ඒ සඳහා දියර වර්ග තෝරාගන්න කොට, මේ වගේ healthy පානයක් තෝරාගන්න අමතක කරන්න එපා! 🍓🥥🍵
ඉතින් මොනවද මීට අමතරව ඕගොල්ලෝ මේ දවස්වල බොන්න කැමති clean & healthy drink options ?
Lots of love,
Madu Talks!
1 week ago | [YT] | 26
View 0 replies
Madu Talks
🌿 ''CLEAN BEAUTY'' isn´t just a trend! Its a Mindset!
Madu..✨ https://youtu.be/Bp924G6NUA4
7 months ago | [YT] | 12
View 0 replies
Madu Talks
✨ Day to Night Looks with Warm Neutrals ✨ #eyeshadow #MaduTalks
ලංකාවේ හමට ගැලපෙන ලස්සන Eye Shadow looks 2ක් සඳහා පියවරෙන් පියවර guide එකක්👇:
Prep:
ඉස්සරවෙලාම eye lid එක සූදානම් කරන්න, eye cream ඉතාම ස්වල්පයක් ඇහිබැමට පහලින් eye lid එක මත යන්තමින් තවරන්න (dab, don’t rub) අවශ්‍ය නම් - විශේෂයෙන්ම evening look එකකට, බොහොම තුනීවට eye lid එක මත eye shadow primer චුට්ටක් ආලේප කරන්න (පාට තදින් හිටින්නත්, දිගු වෙලාවක් රඳා පවතින්නත්).
1. Day Look 🌞
හමේ පාටට හුරු බොහොම ´soft nude´ පාටක් eye lid එක මත ආලේප කරන්න
ඊට වඩා චුට්ටක් තද පාටකින් යුතු, light to medium දුඹුරු පැහැයකට හුරු Light Taupe පාටකින් crease එක කලර් කරන්න.
(Eye shadow ආලේප කරන කොට, පාට තද ඉරි ලෙස නොපෙනෙන සේ, නිතරම blend කරන්න වග බලා ගන්න
ඉහතින් පල කරපු Day Look පින්තූරයේ පෙනෙන විදිහට Inner corner එකේ ´champagne shimmer´ නැත්නම් දිලිසෙන champagne පාට ලාවට ආලේප කරන්න.
ඕගල්ලන්ට කැමති නම් eye liner එකක් පාවිච්චි කරලා line කරන්න නැත්නම් ඇහි පිහාටු වල Mascara ආලේප කරලා Day Look එක complete කරන්න
2. Evening Look 🌙
කලින් Day Look එකම touch-up කරලා අපි Evening Look එකක් කරන්න නම්, ඒ Crease එකේ තව ටිකක් Warm Brown (ගොඩාක්ම තද දුඹුරු නෙමෙයි) පාටක් ආලේප කරන්න.
Eye lid එකේ මැද, ඉහතින් පල කරපු Evening Look පින්තූරයේ පෙනෙන විදිහට, bronze shimmer පාට තවරන්න ( press with finger tipv/ ඇඟිලි තුඩින් පාට ප්‍රෙස් කරන විදිහට තවරන්න)
Outer corner එකේ Dark Brown (තද දුඹුරු) පාට eye shadow කලර් එකෙන් චුට්ටක් smudge කරන්න.
දැන් eye liner ආලේප කරන්න
ඉතින් ඕගොල්ලොත් මේ ක්‍රමයට ඉතාම පහසුවෙන් ලංකාවේ හමට ගැලපෙන විදිහට Day Look එකකින් Evening Look එකකට Eye shadow apply කරලා බලන්න ...
💖 Madu Talks YouTube Channel
9 months ago | [YT] | 16
View 2 replies
Madu Talks
පරම්පරා ගණනාවක් ඇයටම සුවිශේෂී සුන්දරත්වයෙන් සහ රංගන දක්ෂතාවයෙන් රිදී තිරය ආලෝකවත් කරමින් ගෞරවනීය ලෙස රටක් වසඟ කල ජාතික වස්තුවක්! සිංහල සිනමා ඉතිහාසයේ නොනිමෙන තරුවක්! ✨🎬
තිරය අභිබවා ගිය පෞරුෂයක්! Her passing marks the end of an era, but her legacy will live on, in every frame, every line, every memory..
Thank you for the beautiful stories, the spark, and the inspiration..
May your light continue to shine beyond..
ඔබ තුමිය උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසේවා!!!
Rest in peace, beautuiful star. 🌹
MaduTalks YouTube Channel
#malani #malanifonseka
1 year ago (edited) | [YT] | 15
View 2 replies
Madu Talks
Good Morning හැම දෙනාටම 😁 !!! ඔන්න අද ප්‍රශ්නය! මගේ Beauty Inside Out : Part 5 වැඩසටහන ඕගොල්ලෝ බැලුවනම්, මේ ප්‍රශ්නයට උත්තර දෙන එක බොහොම පහසු දෙයක්!💕
පහත සඳහන් ප්‍රකාශ වලින්, වඩාත් නිවැරිදි තොරතුරු ඇතුලත් ප්‍රකාශය කුමක්ද ?
1 year ago | [YT] | 33
View 1 reply
Madu Talks
මේ ප්‍රශ්නයට උත්තර දෙන්න බලන්න..😁 මගේ Beauty Inside Out වැඩසටහන දිගටම බලනවා නම් ඕගොල්ලන්ට මේකට උත්තර දෙන්න බැරි නැහැ ...💕 ප්‍රශ්ණය : Glycerin / Squalane / Hyaluronic Acid / Urea කියන අමු ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදනයකින් ඔබේ සමට වැඩියෙන්ම බලාපොරොත්තු විය හැක්කේ පහත සඳහන් ගැටළු වලින් කුමන ගැටලුව සඳහා සහනයක්ද ..?
1 year ago | [YT] | 32
View 1 reply
Madu Talks
මගේ Beauty Inside Out වැඩසටහන් මාලාව මෙතෙක් බැලුවා නම් ඕගොල්ලන්ට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වෙන්නේ නැහැ..💕
ප්‍රශ්නය: සාමාන්‍යයෙන් හම පිරිසිදු කිරීමේදී (cleanse කිරීමේදී), කෙනෙක් තෝරාගත යුත්තේ මේ දෙවර්ගයෙන් කුමන ආකාරයේ cleanser එකක්ද ..?
1 year ago | [YT] | 34
View 0 replies
Load more