Namalgamuwe Wijayaseela Thero

🛑 පහත subscribe බොත්තම ඔබා අප හා සම්බන්ධ වන්න...

☸️ ත්‍රිපිටකාචාර්ය්‍ය විනය විශාරද විපස්සනා කම්මට්ඨානාචාර්ය්‍ය මනෝවිද්‍යා උපදේශක කතිකාචාර්ය්‍ය අතිපූජනීය නාමල්ගමුවේ විජය සීල ස්වාමින් වහන්සේගේ සිංහල බෞද්ධ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ජීවිතයට ධර්මය යොදාගන්න ආකාරය සහ භාවනා වැඩසටහන් වැනි වටිනා ධර්ම අන්තර්ගත ඔබට නිරන්තරයෙන් ඔබට ලබාදීම සඳහා මෙම YouTube channel එක නිර්මාණය කර ඇත.

බුදු දහම පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගෙන සති සමාධිය ප්‍රඥා දියුණු කරගෙන නිවන් මඟ ගුණ පිළිවෙත් පුරන්නට කැමති සියලු දෙනාට මෙම channel එක බොහෝ උපකාරී වේ.

👉 නව ධර්ම දේශනා හා වැඩසටහන් නිතරම නැරඹීමට Subscribe කර bell icon 🔔 එක click කරන්න.

📌Location - Sri Gnanarama Meditation Center, Pannipitiya Road, Thalawathugoda.
☎️ More information - 070 4967 888, 072 4967 888 (only on WhatsApp)

Sinhala Bana | Sinhala Bana Deshana | Buddhist Meditation Sinhala | Sinhala Bhawana | Anapanasathi Bhawana Sinhala | Vipassana Bhawana | Dharma Deshana Sinhala | Buddhist Teachings Sinhala | Sri Lanka Buddhism | Sinhala Buddhist Channel



Namalgamuwe Wijayaseela Thero

🤔 දවසේ පැණය - ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන දා රාත්‍රී කාලයෙහි ආනාපානසතිය චතුර්ථ ධ්‍යානයෙන් නැගී සිට ප්‍රථම යාමය මධ්‍යම යාමය හා පශ්චිම යාමයන්හී ලබන ලද අවබෝධයන් නිවැරදිව සඳහන් වන්නේ?

3 months ago | [YT] | 31

Namalgamuwe Wijayaseela Thero

🤔දවසේ දහම් පැනය..
(නිවැරදි පිළිතුර මත klick කරන්න)

🔴 මහා බෝධිසත්වයන් ලොව්තුරා බුද්ධත්වයට පත් වීම පිණිස කුමණ සමාපත්තියකින් නැගී සිට ත්‍රිවිධ්‍යාවන් සදහා නුවණ මෙහෙයවන්නේද?

3 months ago | [YT] | 16

Namalgamuwe Wijayaseela Thero

🤔 මෙම දහම් පැනයට ගැලපෙන නිවැරදි පිළිතුරු මත click කරන්න..

🔴 දහම් පැනය - ලොව්තුරා බුදුරජාණන් වහන්සේ "සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා" සියලු සංස්කාරයෝ අනිත්‍ය බව දුක්ඛ බව දේශනා කොට සියලු සංස්කාරයෝ අනාත්මයෝ යැයි දේශනා නොකොට "සබ්බේ ධම්මා අනත්තා" යැයි සියලු ධර්මයෝ අනාත්මයෝ යැයි දේශනා කලේ කුමක් නිසාද?

3 months ago | [YT] | 14

Namalgamuwe Wijayaseela Thero

🤔 දවසේ දහම් පැනය..

පටිච්චසමුප්පාද ධර්මය හෙවත් හේතුඵල ධර්මතාවය ස්ව ශක්තියෙන් කිසිවෙකුගේ උපකාරයකින් තොරව නිරවුල්ව අවබෝධ කර ගැනීමට හැකි වන්නේ...?

3 months ago | [YT] | 19

Namalgamuwe Wijayaseela Thero

🏵️ ඉතාම කාර්යබහුල ජීවිත ගෙවන ගිහි පින්වතුන් උදෙසා විශේෂයෙන් සකස් කරන ලදුව මුල පටන් සරලව නිවන් මග වැඩීමට ප්‍රායෝගික භාවනා උපදෙස් හා ස්වාමින්වහන්සේ සමඟ දවස පුරා විශේෂිත විපස්සනා භාවනා පුහුණුව. ප්‍රායෝගිකවම විදර්ශනා භාවනාව පුරුදු පුහුණු කරමින් තම තමා තුළින් ධර්මාවබෝධය ලැබීමට මග පෙන්වමින් සිදුකරන මේ උතුම් භාවනා වැඩමුළුව අපගේ අතිපූජනීය මිරහවත්තේ ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේදී තෙමසක් පුරාවට සෑම ඉරිදා දිනකම උදෑසන 8:00 සිට සවස 4 දක්වා පැවැත්වේ.

📍ස්ථානය
ශ්‍රී ඤාණාරාම භාවනා මධ්‍යස්ථානය
පන්නිපිටිය පාර, තලවතුගොඩ.

📍location - Gnanaramaya Meditation Centre
maps.app.goo.gl/jAZixXNksf7JTZCD7

සියලුම විමසීම් +94 742300330

3 months ago | [YT] | 20

Namalgamuwe Wijayaseela Thero

ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානය සහ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය සමගාමීව විකාශනය කරනු ලබන කඨින චීවර මහපූජෝත්වසය

සජීවීව සම්බන්ධ වීමට සබැඳිය
youtube.com/@suwatha?si=3z1GWdec2gbQZjVm

1 year ago | [YT] | 35

Namalgamuwe Wijayaseela Thero

☸️ විදර්ශනා භාවනාව සිදුකරනු ලබන යෝගාවචරයන්ට විදර්ශනා සිහිය හොඳින් දියුණු කරගැනීම සඳහා උපකාර වන ප්‍රායෝගික ක්‍රම උපායන් කිහිපයක් මෙමගින් විස්තර කරනු ලැබේ. මෙම ප්‍රායෝගික ක්‍රමය අනුගමනය කිරීමෙන් හොඳින් විපස්සනා භාවනාව දියුණු තියුණු කරගැනීමට යෝගාවචරයාට අවස්ථාව උදාපත් වෙයි.


https://youtu.be/F5njK_vv-a8

1 year ago | [YT] | 9

Namalgamuwe Wijayaseela Thero

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ මෙම වප් පුන් පොහෝදා සිදුකරනු ලබන උතුම් සීල භාවනා වැඩසටහන....

1 year ago | [YT] | 21

Namalgamuwe Wijayaseela Thero

☸️ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූත පිරිස මිස්සක පව් මුදුනට වැඩම කොට ලක් දෙරණේ ලොව්තුරා බුදු සසුන පිහිටුවා වදාළ පොසොන් පුන් පොහෝදා සිදු කිරීමට බලාපොරොත්තු වන උතුම් පින්කම් පෙළහැර පහත පරිදිය.

🪔 *ජුනි 17, 18, 20 යන දිනවල විහාරස්ථානය පොසොන් කූඩු සහිත පොසොන් සැරසිල්ලෙන් සැරසීම* .

🪔 *ජුනි 20 දින සවස ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සුගන්ධ කුටිය විසිතුරු මල් සැරසිල්ලෙන් සරසා සිදු කරන විශේෂ පුෂ්පෝපහාර පූජාව.*

🪔 *ජුනි 21 දින පොසොන් පොහෝදා හිමිදිරි උදෑසන ජයසිරි මහ බෝධීන් වහන්සේට, බුදුරජාණන් වහන්සේට හා මිහිඳු මහරහතන් වහන්සේට කිරිපිඩු පූජාව, ආහාර පූජාව හා මහ සඟරුවනට හීල දානය පිරිනැමීම.*

🪔 *ජුනි 21 දින දහවල දෙතිසක් වෑංජන සහිත මහා සම්බුද්ධ පූජාව බුදු රජාණන් වහන්සේ උදෙසා පූජා කිරීම හා මහ සඟරුවනට දහවල දානය පූජා කිරීම* .

🪔 *ජුනි 21 දින සවස අනුබුදු මිහිඳු මහ රහත් චරිතාපදානය සිහිපත් කරගෙන ලොව පහළ වී වදාළ සියලු බුදු පසේබුදු මහරහතන් වහන්සේලා උදෙසා සිදුකරනු ලබන විසිතුරු මල් සැරසිලි පූජා සහිත විශේෂ පොසොන් පූජාව.*

🪔 *ජුනි 21 දින පොසොන් පොහොය දා විහාරස්ථානයේදී උතුම් උපෝසථ සීලයෙහි සමාදන්ව සීල භාවනා ප්‍රතිපත්ති පින්කම්වල නිරතවීම.*

🪔 *පොසොන් පොහෝ දා සිල් ගුණපුරන සිල් පිරිසට දහවල මහා දන් පූජා කිරීම.*

🪔 *ජුනි 22 සෙනසුරාදා දින උදෑසන පොසොන් පොහොය නිමිත්තෙන් සිදු කරන භාවනා වැඩසටහන* .

🪔 *ජුනි 22 සෙනසුරාදා දින සවස විශේෂ බෝධි පූජාව.*

🪔 *ජුනි 23 වෙනි ඉරිදා දවස පුරා සීල භාවනා වැඩසටහන් පැවැත්වීම.*

☸️ අනුබුදු මිහිඳු ගුණයෙන් සැම හදවත් සුවඳවත් වන මෙම පොසොන් සතිය තුළ ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ සිදුවන ආමිස ප්‍රතිපත්ති මහා පින්කම් පෙළහරට සහ සම්බන්ධ වී ලොව්තුරු සැනසිල්ල විඳ සැනසෙන්නට මෙත් සිතින් සිහිපත් කරමු.

*තෙරුවන් සරණයි.*

2 years ago (edited) | [YT] | 14

Namalgamuwe Wijayaseela Thero

🔴 විශේෂ එක් දින භාවනා වැඩසටහන
ජූනි මස 09 වන ඉරිදා උදෑසන දින 8.00 සිට සවස 5.00 දක්වා තලවතුගොඩ ශ්‍රි ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේදි සිදුකෙරෙන විශේෂ එක් දින විපස්සනා භාවනා සමාලෝචන වැඩසටහන. නිවන් මග සොයන ඔබට අත්වැලක් වන්නට සුවත නාලිකාව සමගින් සම්බන්ද වන්න.

2 years ago | [YT] | 22