Kaarige Channel Eka | Dharmasri Kariyawasam

A channel that will bring you interesting stories/ information about Sri Lankan history, politics, life, literature, and everything in between, as well as international topics! Subscribe for more!

contact us
dsreek@gmail.com


Kaarige Channel Eka | Dharmasri Kariyawasam

රනිල්ගේ ලන්ඩන් ගමනට වියදම මිලියන 16යි - අනුරගේ ය‍ාපනයේ උත්සවයට වියදම මිලියන 11යි - RTI පනත යටතේ ලබා ගත් විස්තරය
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය තයිපොංගල් උත්සව දිනවල යාපනයේ කොකුවිල්හි පැවැති එක උත්සවයක් සඳහා පමණක් රුපියල් එක්කෝටි දස ලක්ෂයකට අධික මුදලක් වැය කර ඇති බව තිනක්කුරල් පුවත්පත පසුගිය දාක වාර්තා කළේ ය. තොතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ලබා ගත් ඒ විස්තරය සමඟ රනිල්ගේ ලන්ඩන් ගමනට අදාළ වියදම් විස්තරය සංසන්දනය කර බැලීමට මේ වීඩියෝවෙන් ආරාධනා කෙරේ.
වීඩියෝව අද (09 සඳුදා) ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.00 සිට kaarige channel 1 යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකි ය.

3 months ago | [YT] | 104

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

ජනප්‍රිය නළුවකු, රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයකු වූ රිචඩ් ද සොයිසා පැහැර ගෙන ගොස් ඝාතනය කර අදට අවුරුදු 36යි. ඒ තිරිසන් ඝාතනය පිළිබඳ සම්පූර්ණ විස්තරය ඇතුළත් වීඩියෝව මෙතෙක් නොබැලූ අයට මේ සමඟ ඇති සබැඳියෙන් (Link) ගොස් දැන් බලන්න පුළුවන්.
https://youtu.be/lFgxVICpASQ

4 months ago | [YT] | 183

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

යාපනයේ චුන්නාකම්හි පිහිටි කදුරුගොඩ රාජමහා විහාරයට සහ බෞද්ධ සිද්ධස්ථානවලට අත් වෙමින් තිබෙන ඉරණම පිළිබඳ ව යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ් කරන අනාවරණයකි මේ.
වීඩියෝව අද (18 ඉරිදා) සවස 7.00 සිට kaarige channel 1 යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකි ය.

5 months ago | [YT] | 130

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

Father චිත්‍රපටයට පසුබිම් වූ සත්‍ය කතාව
87 – 89 භීෂණ සමය අවසන් වී මාස දෙකකට පසු ව සිදු වූ වවුල්කැලේ සමූහ මිනිස් ඝාතනය මුළු රට ම කැළඹූ සිද්ධියක් විය. ඒ මූසල අඳුරු රාත්‍රියේ පැහැර ගෙන ගිය දහතුන් දෙනාගෙන් දිවි ගලවා ගත් එක ම තරුණයා නිසා ඒ තිරිසන් සිද්ධිය කාලයේ වැලි තලාවෙන් සැඟ වී ගියේ නැත. මේ වීඩියෝවට ඇතුළත් වන්නේ චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටයට පසුබිම් වූ ඒ සත්‍ය කතාව යි.
වීඩියෝව අද (14 බදාදා) සවස 7.00 සිට kaarige channel 1 ඔස්සේ නැරඹිය හැකි ය.

5 months ago (edited) | [YT] | 140

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

සිංහල සමාජයේ ජනප්‍රිය දෙමළ මන්ත්‍රීවරයකු හෙවත් දකුණේ ජනප්‍රිය උතුරේ මන්ත්‍රී රාමනාතන් අර්චුනා පසුගිය දා කොටි සංවිධානයේ මහ විරු සැමරුමකට ගොස් සිටියදී දිට්වා සුළි කුණාටුවට අහු වුණා. ඔහු බේරා ගන්නා ලද්දේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින්. මේ ඔහු ගැන යාපනයේ සමාජ දේශපාලන ක්‍රියාකාරිකයකු වන අරුන් සිද්ධාර්ථ් තැබූ සටහනක් ඇසුරින් සැකසුණු වීඩියෝවක්.


වීඩියෝව අද (07 ඉරිදා) ලංකාවේ වේලාවෙන් සවස 7.00 සිට
kaarige channel 1 යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිට හැකියි.
https://youtu.be/up0Q1mfZZ4A?si=q9WAH...

6 months ago | [YT] | 112

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

රට තුළට කඩා වැදුණු දිට්වා සුළි කුණාටුව මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් පැහැර ගත්තේ ය. අහිමි වූ ජීවිත සංඛ්‍යාව සහ සිදු වූ භෞතික විනාසය කොතෙක් දැයි තව මත් ගණන් බලා නැත. මේ මහා ව්‍යසනය හමුවේ ස්වෙච්ඡාවෙන් ක්‍රියාත්මක වූ මහා මිනිස් බලවේගය කළ උදාර සේවය සිහිපත් කෙරෙන වීඩියෝවකි මේ.
වීඩියෝව දැන් kaarige channel 1 යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකි ය.
https://youtu.be/kSZPKaewVA8

6 months ago | [YT] | 63

Kaarige Channel Eka | Dharmasri Kariyawasam

දුර්ලභ ගණයේ කීර්තිමත් හමුදා නිලධාරියකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ ඔහු අබිරහස් අයුරින් ඝාතනය වීම ගැන විමසා බැලෙන වීඩියෝවකි මේ.
වීඩියෝව අද (26 බදාදා) ලංකාවේ වේලාවෙන් උදේ 9.00 සිට kaarige channel 1 යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකි ය.
සබැඳිය (Link) පළමු කොමෙන්ටුවේ

6 months ago | [YT] | 64