Vidusara Online is your go-to science education platform, offering expert discussions, scientific reviews, and fascinating stories based on history and research. Join us for insightful conversations with doctors, scientists, and professors as we explore the wonders of science. Subscribe for evidence-based knowledge from Sri Lanka’s trusted science magazine!
Vidusara Online
දශක 4ක් පුරා ලාච්චුවක සැඟවී තිබූ ඇන්ටාක්ටිකාවෙන් හමු වූ පළමු ඩයිනොසෝර අස්ථිය.
British Antarctic Survey හෙවත් බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ආයතනයේ ලාච්චුවක වසර හතළිහකට ආසන්න කාලයක් තිස්සේ අමතක වී තිබූ ෆොසිලයක්, ඇන්ටාක්ටිකා මහාද්වීපයෙන් සොයාගත් ප්‍රථම ඩයිනසෝර අස්ථිය ලෙස විද්‍යාඥයින් විසින් මේ වනවිට තහවුරු කර තිබෙනවා. අලුත් ම පර්යේෂණ හරහා අනාවරණය වී ඇත්තේ මෙය පෘථිවිය මත ජීවත් වූ විශාලතම ඩයිනසෝර විශේෂයක් වන 'ටයිටනොසෝර්' (Titanosaur) ගණයට අයත් ඩයිනසෝරයෙකුගේ වලිගයේ අස්ථියක් බවයි.
මෙම අස්ථි කොටස මුලින් ම සොයාගනු ලැබ ඇත්තේ 1985 වසරේ දෙසැම්බර් මාසයේ දී ඇන්ටාක්ටිකාවේ ජේම්ස් රොස් දූපතේ සිදුකළ භූ විද්‍යාත්මක ගවේෂණයක දී භූ විද්‍යාඥ ආචාර්ය මයික් තොම්සන් විසින්. එකල ඔහු මෙය 'විශාල උරගයෙකුගේ කශේරුකාවක්' ලෙස තම සටහන් පොතේ දක්වා තිබූ අතර, එහි සැබෑ අනන්‍යතාව හඳුනාගැනීමට නො හැකි වීම නිසා දශක ගණනාවක් පුරා ලාච්චුවක සුරක්ෂිත ව තැන්පත් කර තිබුණා. පසුකාලීන ව, එම ආයතනයේ පාෂාණධාතු විද්‍යාඥ ආචාර්ය මාක් එවන්ස් විසින් මෙම ෆොසිලය යළි නිරීක්ෂණය කරන ලදු ව, ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ මහාචාර්ය පෝල් බැරට් ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් සමග එක්ව කළ අධ්‍යයන මඟින් මෙය ටයිටනොසෝරයෙකුගේ අස්ථියක් බව නිශ්චිත ව ම තහවුරු කෙරෙනවා.
ටයිටනොසෝරයන් යනු දිගු ගෙලක් සහ දිගු වලිගයක් සහිත, පාද හතරකින් ගමන් කළ, දැවැන්ත ශාක භක්ෂක ඩයිනසෝර විශේෂයක්. ඔවුන්ගෙන් සමහරක් ටොන් 60ක් පමණ බරින්...
Full Article :- tinyurl.com/bd33d6hr
#vidusaralk #vidusaraonline #vidusara #antarcticdinosaur #titanosaur #FossilDiscovery #paleontology #britishantarcticsurvey #dinosaurfossil #antarcticaadventures #ScienceNews #newdiscovery
16 hours ago | [YT] | 126
View 2 replies
Vidusara Online
පුල්මුඩේ ඛනිජ වැලි නිධිය
ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටි පුල්මුඩේ ප්‍රදේශයේ ලෝකයේම අවධානය දිනාගත් සුවිශේෂී ඛනිජ නිධියක් තිබේ. මේ පුල්මුඩේ කළු රත්තරන් හෙවත් බර ඛනිජ වැලි නිධිය නිර්මාණය වූයේ කෙසේද යන්න අපි විමසා බලමු. ත්‍රිකුණාමලයේ නිලාවේලි සිට කෝකිලායි කලපුව දක්වා කිලෝමීටර් 7 කට වඩා විහිදෙන මේ වෙරළ තීරය, ලෝකයේ පවත්නා ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු ඛනිජ වැලි සහිත ද්විතියක අවසාදිත තැන්පතුවක් (Placer deposit) ලෙස භූ විද්‍යාඥයින් විසින් හඳුන්වනු ලැබේ. මේ වැලි නිධියේ උපත සිදුවන්නේ අදින් වසර මිලියන ගණනාවකට පෙරයි. අපේ රටේ මධ්‍යම කඳුකරය නිර්මාණය වන්නේ ප්‍රාග් කේම්බ්‍රියානු (Precambrian) යුගයට අයත් විපරීත පාෂාණවලිනි. මේ පාෂාණ කාලාන්තරයක් තිස්සේ ජීර්ණය සහ ඛාදනය වීමෙන්, ඒවායේ තිබූ ඛනිජ කොටස් යාන් ඔය සහ මහවැලි ගඟ වැනි ගංඟා ඔස්සේ මුහුදට එකතු වී තිබේ.
මේ පිළිබඳව තවදුරටත් විද්‍යාත්මක පසුබිම දැනගන්න ජූනි 24 විදුසර බලන්න.
විදුසර විද්‍යා සඟරාව නිවසටම ගෙන්වාගැනීමට ඔබේ නම සහ ලිපිනය 0775872638 වෙත WhatsApp කරන්න.
#vidusara #vidusaraonline #pulmoddai #mineralsands #GeologyFacts #placerdeposit #precambrian #EarthScience
1 day ago | [YT] | 118
View 0 replies
Vidusara Online
ලොව ප්‍රබලතම අංශු ත්වරකය නවීකරණ කටයුතු සඳහා 2030 දක්වා වසා දැමේ.
ලෝකයේ විශාලතම සහ ප්‍රබලතම අංශු ත්වරකය (Particle Accelerator) ලෙස සැලකෙන, ස්විට්සර්ලන්තයේ පිහිටි න්‍යෂ්ටික පර්යේෂණ සඳහා වූ යුරෝපීය සංවිධානය හෙවත් CERN හි පිහිටි 'Large Hadron Collider' (LHC), වසර හතරක පුළුල් නවීකරණ කටයුත්තක් සඳහා මේ වන විට තාවකාලික ව වසා දමා තිබෙනවා. පසුගිය ජුනි 29 වැනිදා සිට මෙහි මෙහෙයුම් කටයුතු අත්හිටුවා ඇති අතර, අදාළ යාවත්කාලීන කිරීම්වලින් අනතුරු ව 2030 වසරේ දී එය නැවතත් සක්‍රීය තත්ත්වයට පත් කිරීමට නියමිතයි.
තෙවන දීර්ඝ කාලීන වසා දැමීම (Long Shutdown 3 - LS3) ලෙස හැඳින්වෙන මෙම කාලසීමාව තුළ දී, යන්ත්‍රයේ සංවේදීතාව සහ ධාරිතාව එහි මුල් සැලසුමට වඩා දස ගුණයකින් ඉහළ නැංවීමට විශේෂඥයන් අපේක්ෂා කරනවා. මෙම නවීකරණයෙන් අනතුරුව යන්ත්‍රය නැවත සක්‍රීය වන විට එය 'High-Luminosity Large Hadron Collider' (HiLumi LHC) ලෙස නම් කෙරෙනු ඇති බව ද සඳහන්. මෙම යාවත්කාලීන කිරීමේ ප්‍රධාන අරමුණක් වන්නේ යන්ත්‍රයේ දීප්තිය දස ගුණයකින්...
Full Article :- tinyurl.com/23kaju2p
#vidusaralk #vidusaraonline #vidusara #CERN #LHC #HiLumiLHC #ParticlePhysics #Physics #Science #QuantumPhysics #LargeHadronCollider #Upgrade
1 day ago | [YT] | 159
View 9 replies
Vidusara Online
හැකරැල්ලන්ගේ සම්භවය සිතුවාට වඩා පැරණියි.
හැකරැල්ලන්ගේ පරිණාමයේ මෙතෙක් පැවති හිදැස් පුරවමින් සිදුකරන ලද අධ්‍යයනයකින් මොවුන්ගේ සම්භවය සිදුව ඇත්තේ අදින් වසර මිලියන 460කට පමණ ඉහත දී බව අනාවරණය වී තිබේ. එම කාලය, අද වන විට හමු වී තිබෙන පැරණිතම හැකරැලි ෆොසිල වලට වඩා වසර මිලියන 35ක් පමණ පැරණි කාලයකි. එසේම, එය, පෘෂ්ඨවංශීන් භූමිය මතට පිවිසෙන්නට මිලියන 80කට පමණ පෙර සහ ඩයිනොසෝරයන් පෘථිවිය මතබිහිවන්නට වසර මිලියන සිය ගණනකට පෙර කාලයකි. නූතන හැකරැලි විශේෂ අසූවකට අධික ප්‍රමාණයකගේ DNA සහ දැනට අනාවරණය වී ඇති අතීත හැකරැලි ෆොසිල 29ක භෞතික ලක්ෂණ භාවිත කරමින් හැකරැල්ලන්ගේ පරිණාමීය ඉතිහාසය පිළිබඳ මේ අධ්‍යයනය සිදු කර තිබේ.
මේ පිළිබඳව තවදුරටත් විද්‍යාත්මක පසුබිම දැනගන්න ජූනි 24 විදුසර බලන්න.
විදුසර විද්‍යා සඟරාව නිවසටම ගෙන්වාගැනීමට ඔබේ නම සහ ලිපිනය 0775872638 වෙත WhatsApp කරන්න.
#Vidusara #vidusaraonline #VidusaraLK #HorseshoeCrab #Evolution #fossils #LivingFossil #ancientspecies #MarineBiology #paleontology
2 days ago | [YT] | 102
View 0 replies
Vidusara Online
ස්විෆ්ට් දුරේක්ෂය මුදාගැනීමේ මෙහෙයුම දියත් කිරීම අද
NASA ආයතනය විසින් පෘථිවි වායුගෝලයට ඇද වැටෙමින් පවතින සිය 'ස්විෆ්ට්' (Neil Gehrels Swift Observatory) අභ්‍යවකාශ දුරේක්ෂය බේරා ගැනීම සඳහා වන ඓතිහාසික මෙහෙයුම අද දින දියත් කිරීමට නියමිතව තිබෙනවා. මෙහෙයුම දියත් කිරීම සඳහා ඊයේ දිනය යොදාගෙන තිබුණත් එය අද දිනට කල් දැමුණේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්.
2004 වසරේ දී අභ්‍යවකාශගත කරන ලද ස්විෆ්ට් දුරේක්ෂය, විශ්වයේ සිදුවන ප්‍රබලතම පිපිරීම් වන ගැමා-කිරණ විදාරණයන් නිරීක්ෂණය කිරීම සඳහා නිර්මාණය කරන ලද්දක්. එහි මූලික මෙහෙයුම් කාලය වසර දෙකක් ලෙස සැලකුව ද, මේ වන විට දශක දෙකකට ආසන්න කාලයක් පුරා විශිෂ්ට සේවාවක් ඉටු කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෑතක දී සූර්යයාගේ ක්‍රියාකාරීත්වය ඉහළ යාම හේතුවෙන් පෘථිවි වායුගෝලයේ ඉහළ ස්ථරය ප්‍රසාරණය වීම නිසා දුරේක්ෂය මත ඇති වන වායුගෝලීය ඝර්ෂණය ඉහළ ගොස් ඇති අතර, මුලින් කිලෝමීටර 600ක පමණ උන්නතාංශයක පැවති දුරේක්ෂය...
Full Article :- tinyurl.com/2brd6n49
#vidusaralk #vidusaraonline #vidusara #SwiftTelescope #NASA #LINK #SpaceRescue #RoboticMission #KatalystSpace #PegasusRocket #Stargazer #SpaceTechnology
2 days ago | [YT] | 70
View 0 replies
Vidusara Online
කුරුලු උණ වෛරසය ඔස්ට්‍රේලියාවටත් පැතිරේ.
කුරුලු උණ වෛරසය හෙවත් H5N1 ලෙස හැඳින්වෙන වෛරසය වැළැඳුණු පක්ෂියෙකු පසුගිය සනියේ ඔස්ට්‍රේලියාවෙන් හමුවීමත් සමඟ, එම වෛරසය ලෝකයේ සෑම මහාද්වීපයකින්ම හමු වී තිබේ. බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයට ගිනිකොන දිගින් කිලෝමීටර 700ක දුරින් පිහිටා ඇති ප්‍රදේශයක වෙරළකින් හමු වූ මේ පක්ෂියා පර්යටනය කරන සමුද්‍රීය පක්ෂියෙකි. මේ පක්ෂියා දුඹුරු ස්කුවා පක්ෂියෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඇන්ටාක්ටික් කලාපයේ සිට පර්යටනය කර ඇති බව විශ්වාස කෙරේ. කුරුලු උණ ඉතා වේගයෙන් ව්‍යාප්ත විය හැකි වෛරසයක් වන අතර එය සාමාන්‍ය පක්ෂීන් අතර මෙන්ම කුකුලන් අතර ද වේගයෙන් ව්‍යාප්ත වේ.
මේ පිළිබඳව තවදුරටත් විද්‍යාත්මක පසුබිම දැනගන්න ජූනි 24 විදුසර බලන්න.
විදුසර විද්‍යා සඟරාව නිවසටම ගෙන්වාගැනීමට ඔබේ නම සහ ලිපිනය 0775872638 වෙත WhatsApp කරන්න.
#Vidusara #vidusaraonline #VidusaraLK #BirdFlu #H5N1 #australia #AvianFlu #PandemicPreparedness #WildlifeHealth #VirusSpread #Antarctica
2 days ago | [YT] | 64
View 0 replies
Vidusara Online
බ්‍රසීලයට ඔබ්බෙන් මුහුදේ නව සාගර ජීව විශේෂ 31ක් සොයාගැනේ
බ්‍රසීල වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු කලාපයේ සිදු කළ සාගර ජීව විද්‍යාත්මක ගවේෂණයක දී, සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ නව සාගර ජීවී විශේෂ 31ක් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත් ව තිබෙනවා. ඉතා කෙටි කාලයක් තුළ මෙතරම් නව විශේෂ ප්‍රමාණයක් සොයා ගැනීම සහ හඳුනා ගැනීම නව වාර්තාවක් විය හැකි බවයි පර්යේෂකයන් පවසන්නේ.
Schmidt Ocean Institute හි මෙහෙයවීම යටතේ Falkor too නම් පර්යේෂණ නෞකාව විසින් මෙම ගවේෂණය සිදු කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය සහ ජපානය යන රටවල් නියෝජනය කරමින් ජාත්‍යන්තර විශේෂඥයින් විසි හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මීට සහභාගී වී සිටියා. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී තිබුණේ සාගරයේ මැද ස්තරයයි (ocean midwater). එනම් සාගර පත්ල සහ හිරු එළිය වැටෙන මතුපිට ස්තරය අතර පිහිටි අඳුරු කලාපයයි. පෘථිවියේ ජීවත් වීමට සුදුසු අවකාශයෙන් 90%ක් පමණ ආවරණය කරන මෙම කලාපය, ලෝකයේ විශාලතම මෙන් ම තවමත් නිසි පරිදි ගවේෂණයට ලක් නොවූ වාසස්ථානයක් ලෙස සැලකෙනවා.
මෙම ගවේෂණයේ දී සොයාගත් නව විශේෂ 31 අතර විවිධ වූ අපූරු සාගර ජීවීන් රැසක් අයත් වනවා. ඒ අතරට කකුළුවන්ට සහ පොකිරිස්සන්ට නෑකම් කියන 'ඇම්ෆිපොඩ්' (amphipod) විශේෂයක්, වේගයෙන් ගමන් කරන පණුවෙකු (gossamer worm), ජෙලිෆිෂ් (jellyfish) විශේෂ නවයක් මෙන් ම කොරල්පර හා ජෙලිෆිෂ් ගණයට අයත් සයිෆොනොෆෝර් (siphonophores) විශේෂ හතක් ඇතුළත් වනවා. ඊට අමතර ව, දීප්තිමත් පිහිනුම් අවයව සහිත...
Full Article :- tinyurl.com/4h6jxm83
#vidusaralk #vidusaraonline #vidusara #NewSpecies #MarineBiology #OceanDiscovery #Brazil #SchmidtOceanInstitute #Midwater #DeepSea #Biodiversity
3 days ago | [YT] | 144
View 1 reply
Vidusara Online
දුම්බර කටු හීන් මීයා 🐀🍃
(Dumbara Valley Spiny Mouse)
2004 වර්ෂයේ මාර්තු මාසයේ දී, ශ්‍රී ලංකාවේ නකල්ස් කඳු වැටියේ උතුරු මායිමේ පුවක්පිටිය නම් කුඩා නිම්නයේ, කුඹුරක් අසල වනාන්තර මායිමක වනජීවී පර්යේෂණ සඳහා අටවා තිබූ වළ උගුලකින් (pitfall trap) එතෙක් වාර්තාවී තිබූ විශේෂ වලට සමාන නො වන කුඩා මීයෙකු අල්ලා ගැනීමට පර්යේෂකයන් පිරිසකට හැකි විය. ඉන්පසු ඔවුන් එම ක්‍රමයම යොදාගනිමින් තවත් නිදර්ශකයක් ද සපයා ගන්නා ලදි. දෙදෙනාම ගැහැණු සතුන් වූ අතර, ශරීර ප්‍රමාණය කුඩා දරුවෙකුගේ අත්ලකට වඩා විශාල නොවීය. කටු සහිතආරක්ෂක රෝම ආවරණයෙන් පිටතට පැමිණි දුඹුරු-අළු පැහැති කන්පෙතිවලින් සමන්විතවූ මෙම සතුන් ශරීරයට වඩා තරමක් දිගු සිහින්, නිරුවත් වලිගයක් ද සහිත විය.
මෙවැනි සතුන් ගැන වැඩි විස්තර දැන ගැනීමට විදුසර බලන්න.
අපගේ WhatsApp චැනලයට එකතුවෙන්න අමතක කරන්න එපා🤗
>>>>tinyurl.com/37kdmfsp
#Vidusara #vidusaraonline #VidusaraLK #animals #DumbaraValley #SpinyMouse #SriLanka #NewSpecies #KnucklesMountainRange #WildlifeResearch #mammals #Biodiversity
4 days ago | [YT] | 137
View 2 replies
Vidusara Online
ලොව ප්‍රථම වතාවට ට්‍රිලියනපති ධනවතෙක් පසුගියදා බිහිවුණා. ඒ ඊලොන් මස්ක්. එසේනම් ලොව වාර්තාගත පළමු බිලියනපතියා සහ මිලියනපතියා කවුද? ඔවුන් ධනවත් වූයේ කෙසේද? වර්තමානයෙහි තාක්ෂණික සමාගම්වල හිමිකරුවන් අතේම මෙතරම් විශාල ධනයක් ඒකරාශී වෙන්නේ ඇයි? ට්‍රිලියනපතියන් බිහි කෙරෙන අනාගත ව්‍යාපාරික ක්ෂේත්‍ර මොනවාද? එසේනම් මේ සියලුම දේ ගැන ඔබට මේ වීඩියෝවෙන් දැනුවත් විය හැකියි.
Watch Full Video:- https://youtu.be/MNROrvLd6Rc
Elon Musk has made history as the world's FIRST trillionaire. 💰
But who were the first millionaire and billionaire? How did they build their fortunes? Why do modern tech founders control so much wealth? And what industries will create the next trillionaires?
This video explores the fascinating evolution of wealth – from the first millionaires to the age of trillionaires.
#vidusaraonline #sciencewatch #Trillionaire #ElonMusk #Billionaire #Wealth #Finance #Money #Business #TechBillionaires #Economy #Documentary
5 days ago | [YT] | 191
View 1 reply
Vidusara Online
අති බිහිසුණු ඝාතක මකුණා🪲🐞
-ASSASSIN BUG-
ඝාතක මකුණාගේ උරස් ඛණ්ඩවල වම් හා දකුණු ලෙස ගන්ධයක් සහිත ආරක්ෂක ස්‍රාව ඇති කරන ග්‍රන්ථි පිහිටා ඇත. ස‍්‍රාවයේ ගන්ධය විලෝපිකයන් පලවා හරී. මේ හැරුණු විට, විලෝපිකයන් තමාට ආසන්න යැයි ඝාතක මකුණාට හැඟණු විට, ඌ තම හිස විලෝපිකයා දෙසට හරවා තුණ්ඩයෙන් වේදනාකාරී ස්‍රාවයක් විදී, සමීප වෙමින් සිටි විලෝපිකයා වේදනාවෙන් පෙලෙන අතර, තාවකාලික අන්ධභාවයට ද පත් වේ.
BUGS WORLD පිළිබඳව තවදුරටත් විද්‍යාත්මක පසුබිම දැනගන්න විදුසර බලන්න.
විදුසර විද්‍යා සඟරාව නිවසටම ගෙන්වාගැනීමට ඔබේ නම සහ ලිපිනය 0775872638 වෙත WhatsApp කරන්න.
#scienceupdates #Vidusara #VidusaraLK #science #vidusaraonline #AssassinBug #Insect #Predator #Entomology #DefenseMechanism #NatureFacts #Wildlife #Bug #InsectWorld
1 week ago (edited) | [YT] | 110
View 0 replies
Load more