Pramesh Wickramasinghe 🇱🇰
Mental Poverty Activitist | Award Winning Business Journalist & Author | Corporate Trainer


Big Boss

ධනවත් වෙනවා කියන එක ඉතිරි කිරීම, සකසුරුවම, මූල්‍ය විනය වගේ දේවල් එක්ක විතරක් ළඟා කරගන්නා පුළුවන් දෙයක් නෙමෙයි. ඒක් ඉන් එහාට ගිහිල්ලා තමන්ගේ සිතිවිලි සහ හැඟීම් උසස් සංඛ්‍යාතයකට ගෙන එමින් ළඟා කරගත යුතු දෙයක්.
⁨ඉතින්, තමන්ගේ ශක්ති කලාපය වැඩි දියුණු කරමින් ධනවතුන් දැනටමත් ජීවත්වන ඉහල මට්ටමේ කම්පන සංඛ්‍යාතයට තමන්ව සුසර කරන්නේ කොහොමද? මුදල් ආකර්ෂණය සඳහා අවශ්‍ය vibration එක තමන් තුළ ගොඩනගාගන්නේ කොහොමද කියන දේ මේ ජර්නලය හරහා ඔබ ඉගෙනගන්නවා.
මේක කියවන්නම නෙමෙයි, කියවන්න වගේම ලියන්න තියෙන පොතක්. මේක ජර්නලයක්. දින 60 ක් ඇතුලේ ඔබේ ධනවත් මනස ගොඩනගාගන්න අවශ්‍ය දෛනික අභියෝග ලබාදෙමින්, ක්‍රියාකාරකම් ලබාදෙමින් ඔබව මෙහෙයවන ජර්නලයක්.
ධනවතුන් තමන්ගේ මුදල් ප්‍රශ්නවලින් ගැලවිලා තමන්ගේ මූල්‍ය සාර්ථකත්වය අත්පත් කරගන්න පාවිච්චි කරන ජර්නලින් ක්‍රමවේදය දැන් මේ ජර්නලය හරහා ඔබටත් පුහුණු කරන්න පුළුවන්. ලංකාවේ පළමු Money EQ ජර්නලය වන 'My Money EQ Journal' දැන් ඔබට ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්.
මෙහිදී 20% ක වට්ටමක් යටතේ ඇණවුම් කිරීමට ඔබට අවස්ථාව තිබෙනවා වගේම ඔබ ඇණවුම් කරන පොත කුරියර් මාර්ගයෙන් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා.
පොතේ සාමාන්‍ය මිල රු.2100 ක් පමණක් වන අතර, වට්ටම් සහිත මිල රු.1680 ක් පමණයි. ඊට අමතරව කුරියර් ගාස්තු රු.350 ක් අදාල වෙනවා.
WhatsApp මගින් ඔබට පොත ඇනවුම් කළ හැකි අතර ඔබේ ඇණවුම තහවුරුයි නම්, 'EQ Journal' ලෙස පණිවුඩයක් සහ පහත විස්තර අප වෙත එවීම සිදු කළ යුතුයි.

🔴ඔබ එවිය යුතු විස්තර
1. ඔබේ නම
2.පොත ලැබිය යුතු ලිපිනය
3. දුරකථන අංකය
4. පළාත, දිස්ත්‍රික්කය, සහ ආසන්නතම නගරය

අපගේ WhatsApp අංකය : 076 064 1620

3 weeks ago | [YT] | 88

Big Boss

සුප්‍රසිද්ධ ලේඛක මාර්ක් මැන්සන් එක තැනකදි කියනවා,
ඔබ කොට මනුස්සයෙක් නිසා, තවමත් ගැහැනු ළමයෙක්ව date කරන්න බැරිවීම ගැන පසුතැවෙනවනම්, ප්‍රශ්නය තියෙන්නේ ඔබ කොට වීමේ නෙමෙයි. ඔබව මනින එකම මිම්ම 'උස' බවට ඔබ පත් කරගෙන සිටීමෙයි කියලා.

අපි හැමෝම එන්නේ අඩුපාඩු සහිතව. දුර්වලතා සහිතව. 100% ක් පරිපූර්ණ මිනිස්සු කවුරුවත් ලෝකයේ නැහැ.
එහෙම තත්වයකදී,
ඔබට පවුලෙන් ලැබුණු විශාල වත්කමක් නැතිවෙන්න පුළුවන්.
- නමුත් ඒක ඔබේ දියුණුවට බාධාවක් වෙන්නේ ඔබේ දියුණුව ගොඩනැගිය හැකි එකම මිම්ම බවට පවුලෙන් පැමිණිය යුතු ඒ වත්කම පත් කරගත්තොත් සහ ඔබ සතුව තියෙන හැකියාවන් ඔබේ දියුණුව ගොඩනැගිය හැකි මිම්මක් බවට පත්කර නොගත්තොත් විතරයි.

ඔබට ඔබේ කාර්‍යාලයේ අනික් අය වගේ පැහැදිලිව කතා කිරීමේ හැකියාවක් නැතිවෙන්න පුළුවන්.
- නමුත් ඒක ඔබේ promotion එකට බාධාවක් වෙන්නේ, leadership, coordination වගේ ඔබේ අනික් හැකියාවන් වුණත් ඔබ promotion එක ලබාගන්න භාවිත කරන්න පුළුවන් කියලා නොදැක්කොත් විතරයි.

ඔබට අනික් අයට වගේ දිග, නීරෝගී කොණ්ඩයක් නැතිවෙන්න පුළුවන්.
- නමුත් ඒක ඔබ ගැන ඔබට අසම්පූර්ණව දැනිලා මානසිකව කඩාවැටෙන්න හේතුවක් වෙන්නේ, ඔබේ පෙනුම, ලස්සන මනින එකම සංකේතය කොණ්ඩය කියලා ඔබ හිතුවොත් විතරයි.

ජීවිතයේ පැවරුම, මට මොනවද නැත්තේ කියලා අසමින්, ඒවා නැති නිසා මට අහිමි වී දේවල් ගැන පසුතැවීම නෙමෙයි. ජීවිතයේ පැවරුම මට මොනවද තියෙන්නේ කියලා බලමින්, ඒවා පාවිච්චි කරලා නැති දේවල් ගොඩනගාගන්න එක.

අවුරුද්දේ මාස 5 ක් ඉවරයි.මේ අලුත් මාසේ ඉඳන්, ඔබ ළඟ තියෙන දේවල් මොනවද කියලා බලන්න.ඉතිරි මාස 7 ම ඒ දේවල් පාවිච්චි කරලා, නැති දේවල් ගොඩනගාගන්න! දිනන්නේ එහෙමයි. පසුතැවීම් නැතුව ජීවත් වෙන්නේ එහෙමයි👊
“Happy June Everyone!”

1 month ago | [YT] | 201

Big Boss

සුප්‍රසිද්ධ ලේඛක මාර්ක් මැන්සන් එක තැනකදි කියනවා,
ඔබ කොට මනුස්සයෙක් නිසා, තවමත් ගැහැනු ළමයෙක්ව date කරන්න බැරිවීම ගැන පසුතැවෙනවනම්, ප්‍රශ්නය තියෙන්නේ ඔබ කොට වීමේ නෙමෙයි. ඔබව මනින එකම මිම්ම 'උස' බවට ඔබ පත් කරගෙන සිටීමෙයි කියලා.

අපි හැමෝම එන්නේ අඩුපාඩු සහිතව. දුර්වලතා සහිතව. 100% ක් පරිපූර්ණ මිනිස්සු කවුරුවත් ලෝකයේ නැහැ.
එහෙම තත්වයකදී,
ඔබට පවුලෙන් ලැබුණු විශාල වත්කමක් නැතිවෙන්න පුළුවන්.
- නමුත් ඒක ඔබේ දියුණුවට බාධාවක් වෙන්නේ ඔබේ දියුණුව ගොඩනැගිය හැකි එකම මිම්ම බවට පවුලෙන් පැමිණිය යුතු ඒ වත්කම පත් කරගත්තොත් සහ ඔබ සතුව තියෙන හැකියාවන් ඔබේ දියුණුව ගොඩනැගිය හැකි මිම්මක් බවට පත්කර නොගත්තොත් විතරයි.

ඔබට ඔබේ කාර්‍යාලයේ අනික් අය වගේ පැහැදිලිව කතා කිරීමේ හැකියාවක් නැතිවෙන්න පුළුවන්.
- නමුත් ඒක ඔබේ promotion එකට බාධාවක් වෙන්නේ, leadership, coordination වගේ ඔබේ අනික් හැකියාවන් වුණත් ඔබ promotion එක ලබාගන්න භාවිත කරන්න පුළුවන් කියලා නොදැක්කොත් විතරයි.

ඔබට අනික් අයට වගේ දිග, නීරෝගී කොණ්ඩයක් නැතිවෙන්න පුළුවන්.
- නමුත් ඒක ඔබ ගැන ඔබට අසම්පූර්ණව දැනිලා මානසිකව කඩාවැටෙන්න හේතුවක් වෙන්නේ, ඔබේ පෙනුම, ලස්සන මනින එකම සංකේතය කොණ්ඩය කියලා ඔබ හිතුවොත් විතරයි.

ජීවිතයේ පැවරුම, මට මොනවද නැත්තේ කියලා අසමින්, ඒවා නැති නිසා මට අහිමි වී දේවල් ගැන පසුතැවීම නෙමෙයි. ජීවිතයේ පැවරුම මට මොනවද තියෙන්නේ කියලා බලමින්, ඒවා පාවිච්චි කරලා නැති දේවල් ගොඩනගාගන්න එක.

අවුරුද්දේ මාස 5 ක් ඉවරයි.මේ අලුත් මාසේ ඉඳන්, ඔබ ළඟ තියෙන දේවල් මොනවද කියලා බලන්න.ඉතිරි මාස 7 ම ඒ දේවල් පාවිච්චි කරලා, නැති දේවල් ගොඩනගාගන්න! දිනන්නේ එහෙමයි. පසුතැවීම් නැතුව ජීවත් වෙන්නේ එහෙමයි👊
“Happy June Everyone!”

1 month ago | [YT] | 95

Big Boss

කෙනෙක් ඔබේ ඔළුවට තුවක්කුවක් කියලා කිව්වොත්, කිලෝමීටර් 10 ක් දිව්වේ නැත්නම්, ඔබව මරනවා කියලා, ඔබ තීරණය කරනවා ජීවිතය බේරාගන්න කිලෝමීටර් 10 ක් දුවන්න. හැබැයි ඔබ ඒ කිලෝමීටර් 10 දුවන්නේ, අකමැත්තෙන්. වේදනාවෙන්. පීඩනයෙන් වගේම ජීවිතය ගැන අවිනිශ්චිතතාව‍යකින්. නමුත් කිසිම කෙනෙකුගේ බලපෑමක් නැතිව ඔබ ඔබේ fitness හදාගන්න කිලෝමීටර් 10 ක් දුවනවා කියලා හිතුවොත්, දුවන්න තියෙන ආසාවට ඔබ දුවනවා කියලා හිතුවොත්, අර කලින් කිලෝමීටර් 10 ම ඔබ කැමැත්තෙන් දුවනවා. උද්‍යෝගයෙන් දුවනවා. සුබ ප්‍රතිඵල අපේක්ෂාවෙන් වගේම ඔබ ගැන ආඩම්භරයෙන් දුවනවා.

ජීවිතයේ ගොඩක් අය දුවන රේස් එකත්, අර තුවක්කුව ඔළුවට තිබ්බම දුවන රේස් එක වගේ තමයි. අම්මට ඕන වුණ හීනය, දෙමව්පියන්ගේ කැමැත්ත, හස්බන්ඩ්ගේ බලකිරීම, අසල්වැසියන්ගේ, නෑදෑයන්ගේ pressure එක වගේ දේවල් එක්ක තමයි ගොඩක් අය තමන්ගේ දිවීම තෝරගෙන තියෙන්නේ. ඉතින් ''Life sucks'' කියලා හිතෙන එක පුදුමයක් නෑ.

ජීවිතය අපිට දුවන්න කිලෝමීටර් කීයක් තියෙනවාද කියලා අපි හරියටම දන්නේ නෑ.ඒක කීය වුණත්, ඒ ප්‍රමාණය සංතෝශයෙන් දුවන්න තරම් නිර්භීත වෙන්න. ඔළුවට තියපු සමහර තුවක්කු අයින් කරලා ඔබට අවශ්‍ය රේස් එක විතරක් දුවන්න. වැරදි කඳු වෙනුවට ඔබේ කන්ද පමණක් නගින්න.
''Someday, you’ll be grateful to yourself''

1 month ago | [YT] | 160

Big Boss

''මම ආස කරන බිස්නස් එක කොහොමහරි පටන්ගත්තා'' කියන හැඟීම ඔබට තියෙනවානම්, මතක තියාගන්න ඒක හරිම 'ස්ථාවර' කලාපයක්. ඒ තැනට ගියාම, ඔබට ඔබ දිනුවා වගේ දැනෙනවා. ජීවිතේ ලොකුම සිහිනයක් සාක්ෂාත් වුණා වගේ දැනෙනවා. ඒක එක පැත්තකින් හොඳයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි තව පැත්තකින් ඒක නරකයි. මොකද එතැනින් පස්සේ බොහොමයක් දෙනා ඉන්නේ දිනුවා කියන හැඟීමේ නිසා, ව්‍යාපාරය ඉදිරියට ගොඩනගලා කොතනටද ගෙනියන්න ඕන කියන ඉලක්කය, සැලැස්ම, හැඟීම ඇති කරගන්නේ නෑ. අපේ මනස එක ජයග්‍රහණයකට පස්සේ 'ස්ථාවරත්වය'(Stability) කියන මානසික සීමාවට ආවම ඊළඟ දිනුම් කණුවට අවදානය දෙන්නේ නෑ. ඒ නිසා ගොඩක් වෙලාවට ව්‍යාපාර පටන්ගන්නවා විතරයි, ඉන්පස්සේ ඉදිරියට යන්නේ නෑ.

අපි මිනිස්සු දිරිමත් කරන්න ඕනේ, බිස්නස් පටන්ගන්න විතරක්ම නෙමෙයි, ඒවා වර්ධනය කරලා ඉස්සරහට ගෙනියන්න. රජය සහ වගකිව යුතු ආයතන ක්‍රමවේද හදන්න ඕනේ, බිස්නස් පටන්ගන්න ප්‍රමාණය වැඩි කරන්න විතරක් නෙමෙයි, ඒවා වර්ධනය කරලා ඉදිරියට ගෙන යා හැකි පසුබිම හදන්න.

කෙනෙක් මෙහෙයවන සමාජ මාධ්‍ය පිටුවක ඉඳලා ජාතික තලයේ වැඩසටහන් දක්වා කරන අපි කරන ''තමන්ගේ සිහින ව්‍යාපාරය පටන්ගන්න'' කියන පොසිටිව් යෝජනාව වුණත් ''තමන්ගේ සිහින ව්‍යාපාරය ගොඩනගන්න'' කියන තැනට අපි මාරු කළ යුතුව පවතිනවා. අපි කරන්නේ ව්‍යාපාරයක්නම්, ආරම්භය ජයග්‍රහණය වෙනුවට සැතපුම් කණුවක් ලෙස පමණක් දකින්නට පුහුණු විය යුතු වෙනවා. එතැනට ඉලක්ක කළොත්, බොහෝ ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ ස්ථාවරත්වයේ මානසිකත්වය නිසා මිය යාම නතර වෙනවා❤️

1 month ago | [YT] | 107

Big Boss

ජීවන යුද්ධය මැද්දට ගියාම තේරෙනවා, හොඳ වැටුපක් එක්ක, ඔබ පුටුවක් එක්ක, වඩා හොඳ තැනකින් උපයන්න පටන්ගන්න එක නෙමෙයි 'ගේම්' එක. ඒ ඉපැයීම ක්‍රමිකව වැඩි දියුණු කරන එක(Scale up) තමයි 'ගේම්' එක. විද්ව විද්‍යාලයෙන් ඔබ ලබන උපාධියට පුළුවන්, උපයන්න වඩා හොඳ තැනක් ඔබට තෝරා දෙන්න. නමුත් එතැනින් පටන්ගෙන ඔබේ ඉපැයීම වැඩි දියුණු කරනකොට නොවරදවාම උපාධිය පමණක් එතැනට ප්‍රමාණවත් නැහැ කියලා වැටහෙන්න පටන්ගන්නවා. ඒක පමණක් ප්‍රමාණවත් කියලා හිතපු වෘත්තිකයෝ උපාධිය පමණක් අතැතිව ජීවිත කාලයම මූල්‍යමය වශයෙන් අස්ථාවර ජීවිත ගත කරනවා.
මේ තත්වය මග හරින්නනම්, විශ්ව විද්‍යාලය තුළ ගෙවෙන ඒ තීරණාත්මක වසර කිහිපය, උපාධිය පමණක්ම නෙමෙයි වෘත්තිමය ලෝකය ඉල්ලන අත්‍යාවශ්‍ය හැකියාවන්, නිසැගියාවන් ගොඩනගන්නටත් කැප කරන්නම ඕනේ. ඉපැයීම වැඩි දියුණු කළ හැකි විභවය තමන් තුළ ගොඩනගාගන්න මහන්සි වෙන්න ඕනේ.
මෙන්න මේ තීරණාත්මක කාරණාව ඇතුළු තව බොහෝ දේ විමසීමට ලක් කරන්න, පසුගියදා රුහුණු විශ්ව විද්‍යාලයෙන් ආරාධනා ලැබුණා. රුහුණු විශ්ව විද්‍යාලයේ Zero Plastic කණ්ඩායම මගින් සූදානම් කළ මේ සැසිය Zero Plastic කණ්ඩායමේ ස්වේච්ඡා සේවකයන් වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. පැය තුනක තුළ, පරිවර්තනීය ක්‍රියාකරකම්ද සහිතව වඩාත් උද්වේගකර සැසියක් නිමාව දුටුවා.
තමන්ගේ වැඩ කොටසට අමතරව සමාජ වැඩ කොටස වෙනුවෙන් අවධානය දෙන සමාජ සේවකයන් වෙනුවෙන් අවශ්‍ය මගේ දායකත්වය සැපයීම මම නිරන්තරවම ආසාවෙන් කරන දෙයක්. නිශ්ශංක ද සිල්වාගේ නායකත්වය යටතේ ක්‍රියාතමක් වන Zero Plastic සමූහයේ දක්ම මෙන්ම සමාජ පරිවර්තනය ගන හොඳින්ම දන්නා නිසා, මේ කටයුත්ත වඩාත් කැමැත්තෙන් භාරගත් වැඩක්!
සම්පත්ලාභීන් ලෙස එක්වුණු රුහුණු විශ්ව විද්‍යාලයේ සියළුම විද්‍යාර්ථීන්ට මෙන්ම සමාජ සේවකයන් වෙනුවෙන් ඉදිරි මෙහෙයුම් සඳහා සුබ පැතුම්!

1 month ago (edited) | [YT] | 104

Big Boss

මුදල් කියන්නේ කාසියක් හෝ නෝට්ටුවක් විතරක්ම නෙමෙයි.ඒක ඊට එහාට ගිය, energy එකක්! ශක්තියක්! ඉතින් ඒ ශක්තිය හරියට හඳුනාගන්න, ඒ ශක්තියට සුසර වෙන්න, ඒ ශක්තියට අනුගත වෙන්න කොහොමද වැඩ කරන්න ඕනේ කියන එක ලෝකය පුරා ඉන්න පුද්ගල සංවර්ධන පුහුණුකරුවන් කතා කරනවා. මේ ගැන කතා කරන විෂයයට අපි 'Money EQ' කියලා කියනවා. පහුගිය කාලය පුරාවටම මගේ සැසිවල, වැඩසටහන්වල වාඩිවෙලා හිටපු හැම ශ්‍රී ලාංකිකයෙක්ටම මේ ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑ. ඔබ මේ විෂයේ වටිනාකම සහ බලපෑම ගැන හොඳින්ම දන්නවා.

ඉතින් ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය හොයන අයට, මූල්‍ය නිදහස ගැන වද වෙන අයට අපි ලබාදෙන අලුත්ම tool එක තමයි 'My Money EQ Journal' කියලා කියන්නේ. මේක කියවන පොතක් නෙමෙයි. මේක ලියන පොතක්. ඔබේ මුදල් ආකර්ෂණය කරගැනීමේ ශක්තිය ඉහළ නංවන, ඔබේ මූල්‍ය කම්පනය ඔසවන්න සකසා තිබෙන ජර්නලයක්. මේකෙ දෛනික අභියෝග තියෙනවා. උපාය සහ උපක්‍රම තියෙනවා. ක්‍රියාකාරකම් සහ තව බොහෝ දේ තිබෙනවා. ඒ සියල්ලන්ගෙන්ම දින 60 ක් ඇතුළේ ඔබට මුදල් ගැන ‘හිතෙන’ විධිය සහ ඔබ මුදල් ගැන ‘හිතන’ විධිය වෙනස් වෙන්න තමයි මේ ජර්නලය සකසා තිබෙන්නේ.

ලංකාවේ පළමු Money EQ ජර්නලය විධියට, මේ මැයි මාසයේ ජර්නලය ඉතාම සීමිත පිටපත් ප්‍රමාණයකින්(ඉතා ඉක්මනින්) වෙළඳපොළට නිකුත් වෙනවා.ඒ වගේම pre orders භාරගැනීම අපි ඉක්මනින්ම ආරම්භ කරනවා.
එහෙනම් ලෑස්ති වෙන්න! ඔබේ මුදල් මනස වෙනස් කරගන්න❤️

‘My Money EQ Journal’ - මුදල් මවන ධනවතුන්ගේ ජර් කලාව📔
“Get ready to have your journal that builds the money mindset”

1 month ago | [YT] | 168

Big Boss

ධනවත් වීම ගැන උනන්දු හැමෝටම සුබ පුවතක්.අද සවස 6 ට💰
Stay tuned!

1 month ago | [YT] | 66

Big Boss

අද තරම් ඔබ තරුණ දවසක් ඔබේ ජීවිතයේ නැවත කවදාවත්ම එන්නේ නෑ.හෙටත් හිරු පායනවා.අලුත් දවසක් උදාවෙනවා.ඔබ සුපුරුදු පරිදි හෙටත් ඔබේ වැඩ රාජකාරීන් ආරම්භ කරනවා.නමුත් මතක තියාගන්න, 'ඔබ නැවත ජීවිතයේ නොලබන වඩාත්ම තරුණ දවස අදයි' කියන සත්‍යය කිසිසේත්ම වෙනස් වෙන්නේ නෑ.

"You think you have time"
"ඔබ හිතනවා ඔබට කාලය තියෙනවා කියලා"
අපි ජීවිතයේ කරන වැරද්ද මොකක්ද කියන ප්‍රශ්නයට බුදුන් පවා එහෙම පිලිතුරු දුන්නා.ඇත්තටම අපි එහෙම හිතන නිසාම, අපි ජීවත් වීම කල් දානවා.අලුත් වැඩකට අත තියන්න තවත් කාලය ඉල්ලනවා.තව ටිකක් කල් ගිහිල්ලා වෙනස් වෙනවා කියලා හිතනවා.නමුත් මේ ගෙවී යන්නේ ඔබට reverse කරන්න බැරි ජීවිතයේ ක්‍රියාශීලීම පැය 24 කියලා ඔබට අමතක වෙනවා.

අද දවස වැඩවලින් පිරී ගියාට කමක් නෑ.රාජකාරිය විතරක් නෙමෙයි එක දිගට එක පෙලට තව වැඩ 4 ක්, 5ක් schedule කරගත්තට කමක් නෑ.ඒ අතරමැද්දේ හැකිනම්, ඔබ කැමැත්තෙන් ඉන්න, නමුත් ආදරෙයි කියන්න බයවෙලා ඉන්න සහකරුවාට ආදරය ප්‍රකාශ කළත් කමක් නෑ.අද රෑට ඔබ ඔබේ ශක්තිය ඕනෑවටත් වඩා පාවිච්චි කලා කියන හැඟීමෙන් නින්දට ගියාට කමක් නෑ.

මොකද හැමදාම අපිට මහන්සි වෙන්න බෑ.කාලය ඉවර වෙනවා.දැන් මට ඉස්සර වගේ දුවන්න බෑ කියලා තේරෙන දවසක් එනවා.එදාට ජීවිතය ගැන තෘප්තිමත් හැඟීමකින් දුවන්නනම්, ඔබේ ජීවිතයේ වඩාත්ම තරුණ දවස්වල ඔබට කළ හැකි උපරිමය ඔබ කළා කියන එක ඔබටම තහවුරු කරගන්න වෙනවා❤️

1 month ago | [YT] | 270

Big Boss

සමහර මිනිස්සු ඉන්නවා, ඔවුන් කොයි මොහොතේත් තමන්ට ඕනෑ කරන මුදල්වලට අමතරව, අමතර මුදලක් කොයි වෙලාවෙත් පසුම්බියේ රඳවාගෙන ඉන්නවා. වෙන මොකටවත් නෙමෙයි, අසරණ මනුස්සයෙක් හමුවුණොත් දෙන්න.කාටහරි අවශ්‍යතාවයක් ආවොත් උදව්වක් කරන්න.බැලූ බැල්මට ඔවුන් ඊළඟ ආත්මය සැලසුම් කරනවා වගේ පෙණුනට, ඒක එහෙමම නෙමෙයි.ඔවුන් දන්නවා තවකෙක්ට උදව් කරනකොට, තවකෙක් ඔසවා තබනකොට තමන්ගේ සංඛ්‍යාතයේත් කොයිතරම් වෙනසක් වෙනවද කියලා.තමන් ගැනත් තමන්ට කොච්චර ලොකුවට දැනෙන්න පටන්ගන්නවද කියලා.

තමන්ගේ ජීවිතය පමණක් ඔසවාගන්න පැය 24 ම වෙහෙස මහන්සි වෙන මිනිහෙක් වෙන එක පහසුයි.ඒත් මම හිතන්නේ නෑ, ඒකෙන් මහා ලොකු බලපෑමක් අනුන්ටවත්, තමන්ටවත් කරන්න පුළුවන් කියලා.අද මම ජීවිත කීයක් බේරාගන්නවද, අද මම ජීවිත කීයක් ගොඩදානවද, වෙනස් කරනවද කියන හැඟීමෙන් අවදි වෙන මිනිහෙක් වුණාම තමයි, සැබෑ ලෙසම අපි දරන උත්සහයෙන් බලපෑමක් වෙන්න පටන්ගන්නේ.අපි වටේ ඉන්න ජීවිත වෙනස් වෙන්න ගන්නේ.ඒ වගේම තවත් ජීවිත වෙනස් කරන්න තරම් මට බලයක් තියෙනවා කියන හැඟීම ඔබට දැනිලා, ඔබට ඔබ ගැන ලොකුවට හිතිලා, ඔබේ ජීවිතයත් පරිවර්තනය වෙන්න පටන්ගන්නේ.

අද උදේ 8ට වැඩ පටගත්ත වෙලාවේ ඉඳලා, වැඩ ඉවර වෙන වෙලාව වෙනකල් ඔබව විතරක් ඔසවා ගන්න වැඩ නොකර, උදව් අවශ්‍ය අයට අත දෙන්න තරම් ලොකු මිනිහෙක් වෙන එක ඔබේ තීරණයක්.

ඔබෙන් උදව් අවශ්‍ය එකම එක මනුස්සයෙක්ට හරි කාලය, මුදල් හෝ අවධානය දෙන්න තරම් නිහතමානී වෙන එක ඔබේ තීරණයක්.
කඩා වැටිලා ඉන්න මනුස්සයෙක්ට එකම එක වචනයකින් හරි මේ පැය 24 ඇතුළේ හයියක් වෙන්න උත්සහ කරන එක ඔබේ තීරණයක්.
හැබැයි මතක තියාගන්න, ඒ තීරණය ඔබට ඔබ ගැන හිතෙන විධිය කණපිට පෙරලනවා. ඒ තීරණයෙන්, 'ජීවිත ගොඩක් ඔසවා තබලා තමනුත් ඉහලට යන සීමිත මිනිසුන්ගේ කුලකයට' ඔබ access ලබාගන්නවා❤️

1 month ago | [YT] | 190