Hi guys!
Thanks for visiting my channel! 💕
On this channel, I'm sharing about study tips, life inspiration and my day today life experience videos in hope to motivate other students to study better and face their lives strong.
Thank you for supporting me and stay tuned for more vlogs.
🐻 About me:
Name: Gimhani Senarathne (Gimi)
Born: 1997
Country: Sri Lanka
Believe in your dreams and work hard for achieve those 👑..
Love,
GIMI 🕊️
Gimi's Diary
"ඇයි අපිට බැරි හැම මනුස්සයෙක්ටම කරුණාවන්ත වෙන්න ??"
ඊයෙ office එකේ රෑ 8.30 වගේ වෙනකන් ඉන්න වුණා. ඒ අන්තිම වෙලාවෙ ආපු වැඩක් නිසා. ඇත්තටම ඒ ඉන්න වුණ එක ගැන මේ මොහොත වෙද්දි මට හුඟක් සතුටුයී..
මොකද මට කෙනෙක්ගෙ ඇතුළාන්තෙ ගැන කතාවක් අහන්න ලැබුණා.. හුඟක් වෙලාවට මිනිස්සු මං එක්ක විවෘත වෙනවා. මං දන්නෙ නෑ ඒක ජීවිතේ ලැබුණු ආශිර්වාදයක්ද කියලා. කාලයක් මං counselling කරන්න ආසාවෙන් හිටියා. ඒත් මං තේරුම් ගත්තා මට ඒක දරාගන්න බෑ කියලා. ඒ නිසා මං Counselling & Psychology diploma එකක් විතරක් කරලා ඒ ගමන අත් ඇරියා..
ඒ කෙනාට අපේ office එකේ හුඟක් දෙනෙක් අකමැතියී.. ඇත්තටම එයාගෙ වැඩ අවුල්. පිස්සු කරන්නෙ. එහෙම එක එක ඒවා කතාවෙන අවස්ථා වල මාත් හිනාවෙලා තියෙනවා. මාත් 'අයියෝ පිස්සු එයාට' කියලා තියෙනවා. මට ඊයෙ ඇත්තටම මං ගැන ලැජ්ජ හිතුණා..
'ඇයි මං එහෙම කළේ' කියලා මං හිතුවා.. ඒත් okay.. මං ඒකෙන් මගෙ ජීවිතේටම දෙයක් ඉගෙනගත්තා.. ආයි කිසිම දවසක මං කිසිම මනුස්සයෙක්ට, කිසීම දෙයක් කියන්නෙ නෑ.. මොකද එහෙම හැසිරෙන්න එයාලට එයාලගෙම හේතු ඇතී...
වැඩ ටික හරියට focus කරන්න බැරිවෙන්න තරම් එයාට එයාගෙ ජීවිතේ ප්‍රශ්න ඇතී.. දන්නවා job එකෙන් ගෙවන පඩිය අරගෙන වැඩේ හරියට නොකරන එක වැරදියී.. ඒත්,, එයාගෙ ඔළුවෙ තියෙන ඒ ප්‍රශ්න කන්දරාවත් එක්ක ඒ කෙනා ඒක overcome කරන එක එයාගෙ දෙයක්.. හැබැයී එහෙමයී කියලා එයාව විවේචනට කරන්න පරිබාහිරින් ඉන්න මට, කොහෙත්ම අයිතියක් නෑ කියලා මං හොඳටම ඊයෙ තේරුම් ගත්තා.
‼️ප.ලි.
ජීවිතේ අපි හැමෝගෙම ඇතුළාන්තෙ ප්‍රශ්න තියෙනවා. ඒවා ගෙදර ප්‍රශ්න, ළමයින්ගෙ ප්‍රශ්න, පවුලෙ ප්‍රශ්න, අසනීපයක් ඔය ඕන එකක් වෙන්න පුළුවන්. ඒ හැමදේමත් එක්ක තමයී අපි අපේ අනිත් දේවල් කරන්නෙ..
ඇත්ත අපි ඒ ප්‍රශ්න office එකට යද්දි office එකේ දොර ගාවින් දාලා තමයී ඇතුළට යන්න ඕන.. ඒ වුණත් සමහර ප්‍රශ්න අපේ ආත්මයත් එක්ක බද්ධ වෙලා තියෙන්නෙ.. එහෙම වුණහම ඒවා අපේ ආත්මයෙන් වෙන් කරන්න බෑ..
අන්න ඒ නිසා අපි ඇතුළාන්තය නොදන්න හැම මනුස්සයෙක්ටම වැඩිපුර කරුණාවන්ත වෙන්න. මොකද එයා එයාගෙ මුළු ආත්මයම පුපුරු ගහන ප්‍රශ්නයක ඒ මොහොතෙ ඉන්නවා වෙන්න පුළුවන්... අපි දන්නෙ නෑ.. අපිට අයිතියක් නෑ එහෙම කෙනෙක්ව තවත් තලන්න. අපි එහෙම කෙනෙක්ගෙ හිතට තවත් පීඩනයක් කරනවා කියන්නෙ එක අතකට අපි කරන්නෙ මහ පවක්..
ඒ වගේම කවදාහරී දවසක ඔයාට එහෙම ප්‍රශ්නයක් එක්ක office යන්න වුණොත්,,, අමාරුම නම් sick leave එකක් ගන්න. නැත්නම් ඔයාගෙ හිතේ තියෙන හැඟීම් පොඩ්ඩක් calm කරගෙන office එකට යන්න. ඒක ඔයා ඔයාටම කරන ලොකුම ලොකු උදව්වක්...
අපේ ඇස් ඉස්සරහට මුණ ගැහෙන හැමෝගෙම වගේ අපි ඇතුළාන්තෙ දන්නෙ නෑ.. ඒ මිනිස්සු මොනා එක්ක struggle කරනවද කියලා අපි දන්නෙ නෑ... ඉතින් ගෙවෙන හැම මොහොතකම, ඇතුළාන්තය නොදන්න ඒ හැම මනුස්ස ජීවිතයකටම කරුණාව විතරක්ම දක්වන්න....
ඉතින් ඔයාට හුඟාක් ස්තූතියී,, මගේ ජීවිතේට තදින්ම කාවදින විදිහට මට මේ පාඩම ඉගැන්නුවට..
මම ඔයාලගෙ ආදරණීය ගිමී….
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය..
✍🏻ගිමීගේ ඩයරිය | 23.05.2026
#studywithgimi #gimhani_senarathne #positivevibes #fyp #ගිමීගේඩයරිය #kindness #bekind #bekindalways
2 weeks ago | [YT] | 183
View 4 replies
Gimi's Diary
Exam ළඟ වුණත්, පාඩම් කරන්න හිතෙන්නෙ නැද්ද ??
මං හිතන්නෙ ඉගෙනගන්න හැම කෙනෙක්ටම වගේ තියෙන ලොකුම ලොකු ප්‍රශ්නයක් තමයී මේ. ඉගෙනගන්නත් ඕන, exam එකත් ළඟ එනවා.. ඒ ඔක්කොමත් දැනගෙන සමහර වෙලාවට පාඩම් කරන්න ගියහම පාඩම් කරන්න කම්මැලියී. එහෙම නැත්නම් හිතෙන්නෙ නෑ. කල් දානවා..
ඉතින් ඕක අමුතු දෙයක් නෙමෙයි. හුඟක් වෙලාවට මටත් නිතරම වගේ වෙන දෙයක්. මේ දැනුත් ඒක එහෙම වෙලා තියෙන නිසයී, මටත් එක්කම මං මේ article එක ලියන්නෙ 🙈.. ඔයාලත් අනිවාරෙන්ම මේ සිද්ධියට මුහුණ දීලා ඇතී..
මට දැනෙන විදිහට නම් මේකට බලපාන මූලිකම හේතුව තමයී, අපිට අපි ඉන්න තැන ගැන හරි idea එකක් නැතිකම. ඒ කියන්නෙ අපිට idea එකක් නෑ ඒ exam එක ගොඩදාන්න නම් අපි මොනාද ඇත්තටම කරන්න ඕන කියලා.
ඒක හරියට නිකන්, අපේ ඔළුවෙ මහා හුඟක් දේවල් කරන්න තියෙනවා. හැබැයි ඒවා එකක්වත් හරියට අපි plan එකකට අරගෙන නෑ. ඒ නිසාම අපේ target එකට direction එකක් නෑ.
අර කතාවකුත් තියෙන්නෙ,,, "නොදැන ගියොත් අතරමඟ, දැනගෙන ගියොත් කතරගම" කියලා.. අන්න ඒ වගේ එකක් තමයි..
ඉතින් අද අපි බලමු කොහොමද පාඩම් වැඩ කරන්න පටන් ගන්න කලින් අපි ඉන්න තැන ගැන හරියටම idea එකක් ගන්නෙ කියලා.
ඔයාලටත් පුළුවන් මේ steps ටික follow කරන්න. විෂයයන් කීපයක් තියෙනවා නම් මේකට ටික වෙලාවක් යයී.. හැබැයී විශ්වාස කරන්න ඒ යන වෙලාව නාස්තියක් නම් නෙමෙයී.. සම්පූර්ණ ආයෝජනයක්..
👉🏻 ඔයාට ඉස්සරහට ළඟම එන exam එකේ විෂයයන් ඔක්කොටම අදාළ පොත් ළඟට අරගන්න. Soft copies නම් තියෙන්නෙ ඒ folders open කරගන්න. දැන් ඔයා ගාව ඔයාට ළඟ එන exams වලට අදාළව ඕන කරන lecture materials, අච්චු පොත්, papers ඔක්කොම තියෙනවා.
👉🏻 දැන් ඒ ඒ විෂයයට අදාළව A4 කොළයක් හෝ ෆුල්ස්කැප් එකක් අරගන්න. ඒ එක එක විෂයය නමින් එක කොළයක් වෙන් කරන්න.
👉🏻 ඔයා ඒ ගත්ත කොළේ තීරු 5කට බෙදාගන්න. පළවෙනි තීරුව පාඩම් වල නම් විදිහට නම් කරගන්න.
අනිත් තීරු ඔයාලට පුළුවන්; notes, short notes (ඔයා short notes ගහන කෙනෙක් නම්), past papers, model papers.... ඔය වගේ ඔයා කරන්න ඕන වැඩ අනුව බෙදාගන්න.
👉🏻 ඊළඟට ඔයා කරන්න ඕන ඒ sheets fill කරගන්න එක.
💁🏻♀️ වැඩිපුර පැහැදිලි කරගන්න ලේසි වෙන්න අපි උදාහරණයක් අරන් කතා කරමූ...
අපි හිතමු econ කියලා.
Econ වල තීරු ටික යන්නෙ මේ විදිහට නම්;
1. පාඩම්
2. Class notes
3. short notes
4. past papers
දැන් අපිට කරන්න තියෙන්නෙ පාඩමෙන් පාඩමට මේ තීරු වල තියෙන දේවල් අපි ළඟ තියෙනවද/ අපි ඒ දේවල් කළාද කියලා බලලා mark කරගන්න එක.
මේ අන්තිම step එක කරලා, සම්පූර්ණයෙන්ම sheets ටික fill වුණාට පස්සෙ අපිට හරි idea එකක් එනවා අපි දැන් ඉන්නෙ කොතනද කියන දේ ගැන.
ඒ විතරක් නෙමෙයි, අපි මේ වෙනකන් මොනාද කරලා තියෙන වැඩ සහ අපිට තව මොනාද කරන්න තියෙන්නෙ කියලත් අපිට දැනගන්න පුළුවන්කම ලැබෙනවා..
ඉතින් මේක මේ විදිහටම හදන්න ඕන කියලා දෙයක් නෑ. ඔයාට පහසු විදිහට හදාගන්න ඔයාට පුළුවන්.. වැදගත් වෙන්නෙ අපි දැනට ඉන්න තැන ගැන overall හරි idea එකක් ගන්න එකයී... මොකද ඒකෙන් අපේ වැඩ ටික පටන් ගන්නෙ කොතනින්ද කියන එක ගැන අපිට හිතන්න ඉඩක් ලැබෙනවා..
ඊළඟ සතියෙ article එකෙන් අපි කතා කරමූ, කොහොමද මේ ටික පාවිච්චි කරලා ඉතිරි වෙලා තියෙන කාලෙත් එක්ක Study Plan එකක් හරියටම හදාගන්නෙ කියලා.
ඉතින් ඔයාටත් පාඩම් වැඩ මඟ ඇරුණ නම්, එන්න අපි අද ඉඳලා පටන් ගමූ... ගෙවුණු කාලෙ ගැන දුක් නොවී, ඉස්සරහට පුළුවන් උපරිමෙන් මහන්සි වෙලා exam ටික ගොඩදාමූ...
එන්න අපි අපිට ඒ මඟ ඇරුණු තැනින් පටන් ගමූ...
මම ඔයාලගෙ ආදරණීය ගිමී....
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
©️ Study with Gimi
#studywithgimi #gimhani_senarathne #positivevibes #fyp #ගිමීගේඩයරිය #studytime
#studymotivation #motivation #studytips
2 months ago | [YT] | 64
View 4 replies
Gimi's Diary
ඔයාට හිතපු A/L result එක ලැබුණෙ නැද්ද?
මුලින්ම ඔයාලා බලාපොරොත්තු වුණ ප්‍රතිඵල ලැබුණු හැම නංගි කෙනෙක්ටම, මල්ලි කෙනෙක්ටම මං හරිම ආදරෙන් සුභ පතනවා..
මං දන්නවා ඔයාලා දැනටමත් ඔයාලගෙ ඊළඟ පියවර ගැන සැලසුම් කරලා ඇතී. නැත්නම් මේ වෙද්දිත් කරන ගමන් ඇත්තේ.. ඔයාලගෙ ආදරණීයයන් ඔයා ගැන හුඟාක් ආඩම්බර වෙනවා ඇතී.. ඉතින් ඔයාලා හැමෝටම මගෙන් සුභ පැතුම..
හැබැයි, අද මේ article එක මං ලියන්නේ ඔයාලා බලාපොරොත්තු වුණ ප්‍රතිඵල ලැබුණෙ නැති නංගිලා මල්ලිලා වෙනුවෙන්. මොකද මේ එක exam එකක ප්‍රතිඵල ටිකක් එහෙ මෙහෙ වුණා කියලා ඔයාලගෙ ජීවිතේ කඩා වැටෙන්නෙ නෑ කියන එක මට එයාලා එක්ක බෙදාගන්න ඕන.. ඔයාලගෙ වචනෙන් කියනවා නම් සමහර වෙලාවට ජීවිතෙත් පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවනෙ. එහෙමයී කියලා අපිට ජීවිතේ give up කරන්න බෑනේ..
ඉතින් අපි බලමු ඊළඟට ඔයාලට කරන්න පුළුවන් මොනවද කියලා..
💁🏻♀️ Option 01 - ආයිමත් A/L කරමූ
විශ්වාස කරන්න, ඔයා දෙයක් එක අත් නොහරින තාක් ඔයා fail වෙන්නෙ නෑ. ඔයා fail වෙන්නෙ ඔයා ඔයාගෙ target එක අත් ඇරියොත් විතරයි.
ගිය පාර ඔයාගෙ අතින් වුණ වැරදි මොනාද කියලා හොයාගෙන, ඒ වැරදි අඩුපාඩු මේ පාර හදාගමූ. ගිය පාරටත් වඩා මහන්සි වෙලා වැඩ කරලා මේ පාර කොහොමහරි A/L exam එක හුඟක් ඉහළින් ගොඩදාමූ..
ඔයා දැන් කරපු stream එක ඔයාට ගැළපෙන්නෙ නෑ කියලා හිතනවා නම් අපි වෙන stream එකකින් A/L කරමූ.. මොකද සමහර වෙලාවට අපිට ගැළපෙනම දේ තෝරගන්න වෙන්නෙ අත්දැකීම් වලින්.
💁🏻♀️ Option 02 - German tech එකේ වගේ course එකක් කරමූ.
ඔයාලා technical පැත්තට දක්ෂ කෙනෙක් නම්, මං හිතන්නෙ German Tech කියන්නෙ ඔයාලට වෘත්තීය ජීවිතේට ආරම්භයක් ගන්න හොඳම තැනක්. මොකද හරි විදිහට පුහුණුවක් එක්ක, හරි දැනුමක් එතනින් ලැබෙන නිසා කවදහරී ඔයාට ඔයාගෙම ව්‍යාපාරයක් පටන් ගන්න ලොකූ පන්නරයක් ලැබෙනවා..
මං German Tech එක ගැන ලොකූ විස්තරයක් දන්නෙ නෑ. හැබැයී ඔයත් මෙතනින් course එකක් කරන්න හිතනවා නම් සතියෙ දවසක උදේ වරුවක රත්මලානෙ එයාලගෙ office එකට ගිහින්, එයාලව මුණ ගැහිලම හැම විස්තරයක්ම අරගන්න.
💁🏻♀️ Option 03 - රට යන්න උත්සාහ ගමූ.
ඔයාලා කවදහරී පිට රටක job එකක් කරන්න ආසාවෙන් හිටියා නම්,, කවදාහරි දවසක රට යන්නම ඕන කියලා dream එකක් තිබ්බා නම්,, ඔයාට පුළුවන් ඒ දේට උත්සාහ කරන්න.
ඔයාලට යම්කිසි වියදමක් දරන්න පුළුවන් නම් මේ වැඩේ තවත් ලේසි වෙයී.. ටිකක් කට්ටක් කන්න පුළුවන් නම් කොරියන් වගේ language එකක් ඔයාලට කරන්න පුළුවන්. ඒ මාර්ගෙන් ඔයාලට ඊට පස්සෙ කොරියා වගේ රටකට ගිහින් හොඳට මුදල් උපයන්න පුළුවන්. ටික කාලයක් මහන්සි වෙලා වැඩ කරලා අවුරුදු 3කින් වගේ සැළකිය යුතු මුදලක් ඉතිරි කරගත්තොත් ඔයාට ඔයාගෙම ව්‍යාපාරයක් පටන් ගන්න වුණත් පුළුවන්.
ඔයාට හොයලා බලලා ඔයා ආස වෙන රටකට වුණත් ඔයාට try කරන්න පුළුවන්.. ඒ ගැන හොඳට self research එකක් කරන්න.
💁🏻♀️ Option 04 - Private degree එකක් හරී professional qualification එකක් හරී කරමූ.
ඔයාලගෙ අම්මලට ඔයා වෙනුවෙන් යම්කිසි සැලකිය යුතු මුදලක් වියදම් කරන්න පුළුවන්කමක් තියෙනවා නම්, අනිවාර්යයෙන්ම මේ option එක ඔයාට හුඟක් වැදගත්. මොකද ඔයාගෙ A/L results පොඩ්ඩක් මදි වුණත්, ඔයාගෙ O/L results වලින් ඔයාලට private degree එකක් හරි professional qualification එකක් හරි කරන්න පුළුවන්.
මුලින්ම ඔයා A/L කරපු විෂයයන් එක්ක බලලා, ඔයා කවදහරි කරන්න කැමති job එක ගැන හිතන්න. සමහර විට ඒ දේ ඔයාගෙ A/L විෂයයන් මතම නෙමෙයී ඔයාගෙ passion එක මතත් තීරණය කරන්න පුළුවන්..
ඊළඟට ඔයා කරන්න ඕන ඔයා කරන්න හිතන degree එක ගැන හරී professional qualification එක හරී ගැන හොඳට හොයලා බලන එක. ඒකෙ අන්තර්ගතය කොයි වගේද, ඒකෙන් පස්සෙ මොනාද තියෙන opportunities, කොච්චර කාලයක් යනවද, වියදම කොච්චරක්ද..
Google, Chatgpt වගේ දේවල් පාවිච්චි කරලා ඔයාට මේ self research එක තනියමම කරන්න පුළුවන්..
💁🏻♀️ Option 05 - Job එකක් කරන ගමන් බාහිර උපාධියක් හරී, professional qualification එකක් හරි කරමූ..
ඔයාගෙ පවුලෙ ආර්ථික අපහසුතා තියෙනවා නම්, ඉතින් අම්මලට කරදර නොකර ඔයාලට පුළුවන් මේ option එකට යන්න. හැබැයි ඒක පොඩි challenge එකක්. ඒත් විශ්වාස කරන්න ඔයා හිතුවොත් ඔයාට අනිවාරෙන්ම මේ දේ කරන්න පුළුවන්..
Company එකක entry level එකේ පොඩි job එකක් කරන ගමන්, අතට යම්කිසි මුදලකුත් උපයන ගමන්ම ඔයාලට ඔයාලගෙ qualifications හදාගන්න පුළුවන්. මේක මුලදි පොඩි challenge එකක් වගේ දැනෙයී, ඒත් ටික දවසක් යනකොට අනිවාර්යයෙන්ම ඔයාලා ඒකට හුරු වේවී..
විශ්වාස කරන්න,, experience එක ගන්න ගමන්ම ඔයා හරියට qualifications ටික හදාගත්තොත් අවුරුදු 5ක් වගේ යද්දි ඔයාට ඔයාගෙ ජීවිතේම turn කරන්න පුළුවන්..
💁🏻♀️Option 06 - ඔයාගෙම business එකක් පටන් ගමූ.
ඔයාට හැකියාවක් තියෙනවා නම් යම්කිසි දෙයකට. ඔයාට හිතෙනවා නම් ඔයාට අනිවාරෙන්ම දක්ෂ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙන්න පුළුවන් ඔයාට ලැබුණු හොඳම අවස්ථාව.
ඉතින් නංගී මල්ලී මේ පුංචි දේවල් ටික හොඳට හිතට ගන්න..
🤗 ජීවිතේ මෙහෙම අසමත් වුණ පළවෙනි කෙනා ඔයා නෙමෙයී
🤗 ඔයාලා, මට අපි හැමෝටම තියෙන්නෙ වෙනස් විදිහෙ කාල රාමු. ඒ කියන්නෙ පළවෙනි පාර exam ගොඩදාපු අය ඉන්නකොට, දෙවෙනි තුන්වෙනි පාර exam ගොඩදාන අයත් මේ ලෝකෙ ඉන්නවා.. ඒ තමයී එයාගෙ time frame එක. එහෙමයී කියලා එයා ජීවිතේ පරාජිතයෙක් වෙන්නෙ නෑ..
🤗 එක පාරක් ඔයා අසමත් කියන්නෙ, ඔයා අදක්ෂයෙක් කියන එක නෙමෙයී.. ඔයා ඒ දේ එක පාරක් උත්සාහ කළා කියන එකයී..
🤗 හැමදේම වෙන්නෙ හොඳටයි කියන දේ මතක තියාගන්න.. දන්නවද හැම අඳුරු වළාකුළකම රිදී රේඛාවක් තියෙනවා.. අපි ඒක් හොයාගමූ..
අදම අපි පටන් ගමූ. ගෙදර අය පොඩ්ඩක් බනියී. වටේ අයගෙන් පොඩ්ඩක් නෝක්කාඩු අහන්න වෙයී.. තවත් සමහරු මෝඩයෙක් ගාණට ඔයා දිහා බලයී.. කමක් නෑ.
අපි ඔය ඔක්කොම ගල් මුල් ටික එකතු කරන් හදමු ශක්තිමත් බලකොටුවක්.. අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ඒ දේ කරන්න. ඒ වෙනුවෙන් ඔයාට ඔයාගෙ විශ්වාසයයි කැපවීමයි විතරයි ඕන.. මං විශ්වාස කරනවා එක පාරක් හරි fail වුණහම තමයී මනුස්සයෙක් එයාලගෙ ජීවිතේ හරි ගාණට පදම් වෙන්න්නෙ කියලා.. ඒ වගේම එහෙම මිනිස්සු තමයී තවත් කෙනෙක්ව තේරුම් ගන්නෙත් කියලා..
ඉතින් එන්න අපි ඔයා වෙනුවෙන් මේ game එක පටන් ගමූ.. ඔයාගෙ හීන වෙනුවෙන් අපි කොහොමහරී මේ දේ කරමූ..
මම ඔයාලගෙ ආදරණීය ගිමී....
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
#studywithgimi #gimhani_senarathne #positivevibes #fyp #ගිමීගේඩයරිය #alevelsrilanka #examresults
2 months ago | [YT] | 57
View 0 replies
Gimi's Diary
කලින්ම ලැබුණු, ජීවිතේ හොඳම උපන්දින තෑග්ග..
Cinnamon Life එකට මං join වෙන්නෙ 2024 නොවැම්බර් 1. ඒක සැලසුම් නොකරපු අහම්බයක්. හැබැයී මේ මොහොත වෙද්දි මං දන්නවා ඒ දේ මගේ ජීවිතේ වෙන්නම තිබුණු සිදුවීමක් කියලා..
සාමාන්‍යයෙන් මං තදින්ම විශ්වාස කරනවා මේ ලෝකෙ අපිට වෙන්න තියෙන සමහර සිදුවීම්, අපිට මේ ලෝකෙ මුණ ගැහෙන්න තියෙන සමහර මිනිස්සු, අපි මේ ලෝකේ වෙනුවෙන් මොනාද තෑගි කරන්නෙ වගේ දේවල් අපි ඉපදෙනකොටමයී තීරණය වෙලා තියෙන්නෙ කියලා.. ඒ වගේම ඒ දේවල් විවිධ හේතු නිසා වෙනස් වුණත්, ඒ වෙන්න ලියැවිලා තියෙන දේ අනිවාරෙන්ම වෙනවා..
හරී.. දැන් මේ අතුරු කතා ඇතී... 🙈
ඊයෙ Cinnamon Life එකේ 2025 Financial Year එකේ Annual Get Together එක.. ඒ event එක මගේ ජීවිතේට මේ තරම්ම වටිනාකමක් එකතු කරන දවසක් වෙයී කියලා මං කිසිම දවසක හිතලා තිබුණෙ නෑ..
මං මගෙ මුල්ම 'Aurum' එකට ගියෙ 2025 මාර්තු 18. එදා හුඟක් අයට awards ලැබුණා.. Rockstar of the Year/Month/Quarter, Leader of the Month/Year/Quarter, Director of the Year.. ඔය වගේ awards හුඟාක්... ඒ moment එක පුදුම තරම් සතුටු පිරුණු මොහොතක්..
හැමෝටම හුඟාක් සතුටින් අත්පුඩි ගහන ගමන් මං හිතුවා දවසක මටත් මෙහෙම තෑග්ගක් ලැබුණොත් කියලා.. ඒක එදා ඒ දවසෙ එහෙම්මම දැනිලා ඉඳහිට සමහර දවස් වලදි මතක් වුණා.. Townhall meeting වලදි වගේ. මොකද ඒ award එක හරි ලස්සනයී 🙈.. ඒ නිසා මගේ නම ගහපු එහෙම award එකක් මටත් ඕන වගේ මට පොඩ්ඩක් හිතිලා තිබුණෙ..
ඉතින් ඔන්න කොහොමෙන් කොහොම හරී,,,
'ROCKSTAR OF THE YEAR 2025' award එක ගන්න මට පුළුවන් වුණා.. 💖✨🧿
මට මේ award එක පුදුම තරම් විශේෂයී.. ඒකට හේතු කීපයක් තියෙනවා..
💫මේ වෙද්දි මං Cinnamon Life එකට Join වෙලා අවුරුද්දයී මාස 5යී,,, ඒ වෙලත් මං 2025 අවුරුද්දෙ 'ROCKSTAR OF THE YEAR' වුණා කියන්නෙ, ඒක මගෙ career එකේ මං ලබපු ලොකුම ලොකු ජයග්‍රහණයක්..
මොකද ඒ දෙයින්ම ඔප්පු වෙනවා, මෙච්චර පිරිසක් අපේ office එකේ ඉඳලත්, මං මෙච්චර අඩු කාලයක් මේ organization එක ඇතුළෙ ඉඳලත්, මං significant දෙයක් අපේ company එක වෙනුවෙන් කරලා කියලා..
ඒක මට ලැබෙන පුදුම තරම් වටින සහතිකයක්.. සනාථ කිරීමක්.. වටිනාකමක්..
💫 ඔයාලටත් දැන් හිතෙනවා ඇතී ඇත්තටම මං මොනාද ඒ තරමටම කළේ කියලා..
මට දැනෙන විදිහට, අවුරුදු ගාණක් ඉස්සරහට වටින ලොකූම දේ කියලා මට තේරෙන්නෙ මං හදපු Hotel Budget Model එක. ඒක මං හැදුවෙ blank excel sheet එකකින් පටන් අරන්. මං join වෙලා මාස 6ක් වෙද්දි මං ඒ model එක හැදුවා..
මං hotel industry එකෙන් ආපු කෙනෙක් නොවුණත්, මං ඒ දේ කළා. මං දන්නවා ඒ නිසා කී දෙනෙක්ට පුදුම තරම් ලේසියක් වුණාද, ඉස්සරහට කී දෙනෙක්ට පුදුම තරම් ලේසියක් වෙනවද කියලා..
ඇත්තටම ඒකට ස්තූතිවන්ත වෙන්න ඕන මගෙ කලින් බොස්ට. මොකද Hotel Industry එකේ හෝඩිය මට කියලා දුන්නෙ එයා.. ඒ පාඩම මට තාමත් මතකයී.. ඒ තමයී Hotel Industry එකේ මගෙ අඩිතාලම.. ඒකත් එක්ක තමයී මේ හැමදේම ටිකෙන් ටික ගොඩනැගුණේ..
මට දැනුණු ලොකුම දේ මේ දේ වුණාට, මං ඊට වඩා තව ගොඩාක් significant දේවල් මේ අඩු කාලෙදි කරලා.. මගෙන් වෙලා..
💫 මං ගැන කතා කරපු වචන.
Award එක ලැබෙන්නෙ කාටද කියලා announce කරන්න කලින් Excom member කෙනෙක් ඒ winner ගැන කතා කරනවා. එයා ඇයි මේ award එක ලබන්න සුදුසුම කෙනා වෙන්නෙ කියලා එයා එතනදි කියනවා..
මං ගැන මගෙ ගුරුවරයෙක් ඇරෙන්න, මෙහෙම stage එකක් ඉස්සරහදි කරපු පළවෙනි කතාව තමයී ඒ.. ඒක කළේ මගෙ කලින් බොස්. ඒක ගැන මං පුදුම තරම් සතුටුයී.. මොකද මං දන්නවා Cinnamon Life එකේ මාව හොඳටම read කළේ එයා.. මගෙ talent එක දැකලා, මාව groom කළේ එයා. මං මේ දැන් experience කරන, මේ opportunity එක ගන්න මාව encourage කළේ එයා.. ඇත්තටම එයා Boss කෙනෙක් නෙමෙයී,, ඇත්තම Leader කෙනෙක්..
හුඟක් අය කිව්වා exactly එයා මාව describe කළා කියලා...
ඒ කතාවෙ වචන ගැන අපි වෙන දවසක කතා කරමූ... මොකද ඒ තරමටම ඒ හැම පුංචි වචනයක්ම මට පුදුම තරම් වටිනවා.. මොකද මං මේ කාලෙ පුරාවට කරපු දේවල් වල trailer එකක් බලන්න ඊයෙ ඒ වචන නිසා මට පුළුවන් වුණා..
💫 ආදරණීය wishes..
මට wish කරපු හුඟාක් අය, මං එක්ක closely වැඩ කරපු නැති අය පවා කිව්වේ,, 'Gimi, this is well deserved, you’ve earned it' කියලා.. ඉතින් මට පුදුම තරම් සතුටුයී.. මොකද මේක ලබන්න මං සුදුසුයී කියලා තව හුඟක් දෙනෙකුත් සාක්ෂි දරනවා... ඒ හැම ආදරණීය සුභ පැතුමකටම, හැම ආදරණීය වැළඳගැනීමකටම හුඟාක් ස්තූතියී..
💫 මගේ වෘත්තීය ජීවිතේ Finance කියන chapter එක මේ තරම් ලස්සනට ඉවර කරන්න පුළුවන් වුණ එක..
ඔයාලා මේ වෙද්දිත් Study with Gimi පවුලෙ සාමාජිකයෙක් නම් දන්නවා, මං Finance වලින් Revenue වලට 2026 අවුරුද්දෙ මුල මාරු වුණා කියලා..
ඉතින් මට මාරම සතුටුයී, මගේ ඒ Finance Journey එක අවසන් කරපු එක, මට මේ වගේ award එකකින් කරන්න පුළුවන් වුණු එක.. ඒ ගැන මං පුදුම තරම් ස්තූතිවන්ත වෙනවා.. ඒක මගේ ජීවිතේ මට ලැබුණු දුර්ලභ ආශිර්වාදයක් වගේ මට දැනෙන්නෙ..
ඉතින් ඔන්න ඔහොම තමයී මේ award එකේ කතාව... Finally මාත් මගෙ නම ගහපු award එකක් ගත්තා 🙈🌸🧿...
‼️ප.ලි.
ඔයා කරන දේ, ඔයාගෙ වෘත්තිය, ඔයාගෙ job එක හරීම ආදරෙන් කරන්න.. ඔයා කරන දේට අසීමිතව ආදරේ කරන්න. ස්තූතිවන්ත වෙන්න..
ඔයාගෙ වටේ ඉන්න මිනිස්සුන්ට ආදරේ කරන්න. කාරුණික වෙන්න. උදව් කරන්න. එයාලා හොඳින්ද බලන්න. ඔයා දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්න. එයාලගෙ සාර්ථකත්වයෙදි අවංකවම සතුටු වෙන්න.. අත්පුඩි ගහන්න..
ලොකු, පොඩි ඕනම මනුස්සයෙක් එක්ක අවංකව හිනාවෙලා කතා කරන්න. කොයිම වෙලාවකවත් ලොක්කො, පොඩ්ඩො කියලා බෙදන්න එපා..
ඔයා කරන වැඩ හැමවෙලේම ඔයා නැති දවසක වුණත්, කවදාහරී තවත් කෙනෙක්ට පහසුවක් වෙන විදිහට කරන්න. ලේසි කරන්න පුළුවන් දේවල් ලේසි කරන්න. ඒ වෙලාවෙ ඒ වෙනුවෙන් ඔයා ලොකු මහන්සියක් වුණත්, ඔයා ඒ කරන දේ නිසා තව හුඟාක් දෙනෙක්ට පහසුවක් වෙන එක ගැන කොච්චර හොඳද කියලා හිතලා හැමවෙලේම සතුටු වෙන්න..
Office එකේ ගෙවෙන හැම මොහොතකම කාගෙම හරි මූණකට, හිනාවක්, සැහැල්ලුවක් අරගෙන එන්න පුළුවන් මනුස්සයෙක් විදිහට ඒ වෙලාව ගත කරන්න....
කිසිම දෙයක් ආපස්සට බලාපොරොත්තු නොවී,, ඔයා ඒ company එකේ ඉන්න ටික කාලෙදි ඔයාට දෙන්න පුළුවන් උපරිමේ ඒ company එක වෙනුවෙන් දෙන්න..
🧿✨ මේ වගේ හීන දකින ඔයාලා හැම කෙනෙක්ගෙම හැම හීනකයක්ම, ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා මං ආදරෙන් ප්‍රාර්ථනා කරනවා...
මම ඔයාලගෙ ආදරණීය ගිමී....
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
#studywithgimi #gimhani_senarathne #positivevibes #fyp #ගිමීගේඩයරිය #hardworkpaysoff #Cinnamonlife #careerachievement
2 months ago | [YT] | 429
View 35 replies
Gimi's Diary
Breakup එකකට පස්සෙ හිත හදාගන්නෙ කොහොම ද ???
මේ article එක ලියන්නෙ ඊයෙ Q & A එකේ ආපු comment එකක් වෙනුවෙන්.. එකම විදිහෙ ප්‍රශ්න ගොඩක් ඇවිත් තිබුනු නිසා තමයී, හැමෝටම උදව්වක් වෙයී කියලා හිතලා article එකක් විදිහට ලියන්න හිතුවේ..
Article එක නම් ටිකක් දිගයී.. හැබැයී මේ වචන වලට මනුස්සයෙක්ගෙ ජීවිතේ heal කරන්න පුළුවන්. ඒ තරම් magical. ඒ නිසා ඔයත් මේ වගේ දෙයක් මේ වෙද්දි go through කරනවා නම් හෙමින් හෙමින් මේ වචන කියවන්න..
✨ මට විශ්වාසයී,, ඔයා ආයිමත් නැඟිටිනවා.. ඔයාගෙ හීන වෙනුවෙන් ඔයා වැඩ කරන්න පටන් ගන්නවා..
මේක සම්පූර්ණයෙන්ම මට දැනෙන විදිහ, මගේ opinion එක. ඒකට දේවල් එකතු කරන්න, වැරදියි කියලා හිතෙන තැන් නිවැරදි කරන්න, හැමදාමත් වගේ අපේ comment තීරුව ඔයාලට විවෘතයී...
‼️ Relationships කියන්නෙ මං දකින විදිහට පුදුම තරම් සංකීර්ණ දෙයක්.
Relationships නැතුව මේ ලෝකෙ ජීවත්වෙන්න බෑ..
හැබැයී too much attach වෙන්නෙ නැතුව relationships තියාගන්න තරම් අපි සූක්ෂම වෙන්න ඕන. එක අතකට අපි මිනිස්සුන්ට එහෙම ඇබ්බැහි වෙන්නෙ අපි දන්නෙවත් නැතුව. ඒක වුණේ කොයි මොහොතෙද කියලවත් අදහසක් අපි ගාව නෑ..
අපිටත් නොදැනීම අපි සමහර මිනිස්සුන්ට ඇබ්බැහි වෙනවා.. ඒක කාලෙන් කාලෙට වෙනස් වෙන්න පුළුවන්. අපි දැන් ඇබ්බැහි වෙන කෙනෙක්, තව ටික කාලෙකින් අපේ ජීවිතෙන් මඟ ඇරිලා යනකොට. සමහර විට සමහර ඇබ්බැහිවීම් ජීවිත කාලෙම තියෙන්න වුණත් පුළුවන්...
ඒ නිසා relationship එකකට යනකොට, හැමවෙලේම මතක තියාගන්න ඕන දෙයක් තමයී, මිනිස්සු ඕනම මොහොතක වෙනස් වෙන්න පුළුවන්. මිනිස්සුන්ගෙ හැඟීම් වෙනස් වෙන්න පුළුවන්. එහෙම දෙයක් දවසක වුණොත්, අපි ඒ දේ accept කරන්න තරම් ශක්තිමත් වෙන්න ඕන කියන එක.
ඒ වගේම ඒ දේ accept කරලා, එතනින් move on වෙන එක අනිවාර්‍යයයී කියන දේ..
Relationship එකක තියෙන්න ඕන basic rule එක මං විශ්වාස කරන විදිහට මේ දේ තමයී. එතකොට මිනිස්සුන්ට mentally down නොවී ජීවිතේ හදාගන්න හරිම පහසුයී..
‼️Relationship එක ලොකූ කාලයක් නම්..
සමහර වෙලාවට, සමහර relationships කොයි තරම් strongද කියන එක කාලයත් එක්ක මනින්න බෑ.. මොකද සමහර දේවල් සෑහෙන කාලෙක ඉඳලා තිබුණා වගේ තදින්ම දැනෙන්නෙ මනස ඇතුළට. එහෙම බැඳීම් හරි අඩුයී.. ඒත් එහෙම බැඳීම් වුණත් තියෙන්න පුළුවන්. හරියට meant to be කියන්නෙ..
ඒත් හුඟක් වෙලාවට සුලබව වෙන්නෙ කාලයත් එක්ක, ටිකෙන් ටික relationships build up වෙන එක. දෙන්නෙක් mentally attach වෙන එක. දෙන්නට දෙන්නා නැතුවම බැරි වෙන එක. වැඩිපුර වෙලාවක් එකට ඉන්න ඕන එක.
එතකොට With time, most relationships become stronger.
‼️ඔයාගෙ partner නිසා ඔයාව වෙනස් කරගන්න එපා..
අපි මිනිස්සු විදිහට අපේම ඇඟේ තියෙන ගති ලක්ෂණ තියෙනවා. ඒවා නිරායාසයෙන්ම අපේ ඇඟෙන් එන දේවල්. අපි හැසිරෙන විදිහ, අපි කරන්න ආස දේවල්, අපේ personality එක, අපි මිනිස්සු ආශ්‍රේ කරන විදිහ, අපි ලෝකෙ දිහා දකින විදිහ වගේ එකී නොකී මෙකී හුඟාක් දේවල් අපිත් එක්ක බැඳිලා තියෙනවා..
ඇත්තටම බැලුවොත් ඔයාට ඔයා විදිහට, සැනසීමේ, කිසිම ආයාසයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ඒ විදිහටම විතරයී..
හැබැයී සමහර වෙලාවට, අපි කරන ලොකුම ලොකු වැරැද්දක් තමයී 'එයා නිසා මං වෙනස් වුණා' කියන දේ. දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි අපිවම මරාගන්න එක තමයී ඒ කරන්නෙ.. මට නම් ඒ ගැන දැනෙන්නෙ එහෙමයී.. මං මං නොවන තාක් මට ජීවිතයක් නෑ..
කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක හරීම ආත්මාර්ථකාමී කතාවක් කියලා. ඒත්, අපි අපිටම ආදරේ නොකර කොහොමද දෙයියනේ තව මනුස්සයෙක්ට ආදරේ කරන්නෙ ???
මනුස්සයෙක්ට මුලින්ම තමන්ව බලාගන්න පුළුවන් වෙන්න ඕන. තමන්ට ආදරේ කරන්න පුළුවන් වෙන්න ඕන. තමන්ගෙ මානසික සැනසීම රැකගන්න පුළුවන් වෙන්න ඕන.
ඊට පස්සෙ තමයී එයාට, අනිත් මිනිස්සුන්ට ආදරේ කරන්න පුළුවන් වෙන්නෙ.
ජීවිතේ කවදාමහරි දවසක ඔයාගෙ partner ඔයාගෙ ඇඟ ඇතුළෙ තියෙන මනුස්සයව වෙනස් කරන්න උත්සාහ කළොත්, වෙනස් කරන්න කිව්වොත්, ඔයාගෙ ජීවිතේට restrictions දැම්මොත්,,,
දහස් වාරයක් හරී හොඳට හිතලා බලන්න මේ කෙනා එක්ක මං මගේ ජීවිතේ ඉතිරි හරිය බෙදාගන්නවද නැද්ද කියලා...
ඔයාට ඔයා විදිහටම ආදරේ කරන්න, ඔයාව ඔයා විදිහටම accept කරන්න පුළුවන් මනුස්සයෙක් නම් ළඟ රැඳේවි. නැත්නම් ඔයාගෙ ජීවිතෙන් එයාට අත ඇරෙන්න ඉඩදෙන්න. විශ්වාස කරන්න ඒ තමයී ඔයාලා දෙන්නටම වෙන්න පුළුවන් හොඳම දේ..
මූලිකවම relationship එකකදී මේ දේවල් ටික ඔළුවෙ තියාගන්න උත්සාහ කරන්න..
හරී එහෙම වෙලත් හිතන්න, කවදාමහරි දවසක මොනාමහරි දෙයක් නිසා ඔයාට breakup එකකට මුහුණ දෙන්න වෙනවා.. මේ වෙද්දිත් ඔයා ඒ නිසා suffer කරනවා නම්, මේ දේවල් ටික try කරන්න ඔයාට පුළුවන්..
❤️🩹 හිතන්න..
දවසක්, දෙකක්, සතියක්, මාසයක් හරී කමක් නෑ අරගෙන මේ දේ කරන්න. එයා එක්ක ඔයා හිටපු කාලෙ ගැන හිතන්න. ඒ කාලෙදි ඔයා හිටියෙ ඇත්තටම සතුටින්ද කියලා හිතන්න. මොනා නිසාද ඔයාලා breakup වුණේ කියලා හිතන්න. ඒකට හේතු ගණනාවක් තියෙන්න පුළුවන්..
ඔහොම හොඳට හිතලා, breakup එක ගැන clarity එකක් හදාගන්න. එතකොට ඔයාට ඒ දේ accept කරන්න පුළුවන් තරමට ඔයාගෙ ඔළුව ටික ටික හැදෙනවා...
❤️🩹 Emotions හිර කරගෙන ඉන්න එපා..
සමහර වෙලාවට දේවල් worst වෙන්නෙ අපි අපේ emotions හංගන් ඉන්න නිසා. අපි උත්සාහ කරනවා ඒ දැනෙන දේ හංගන් සාමාන්‍ය විදිහට ජීවත්වෙන්න. ඒත් ඒක හරිම අමාරු දෙයක්.
ඒ නිසාම සමහර විට අපිට mentally recover වෙන්න බැරි වෙනවා..
ඔයාට අඬන්න ඕන නම් අඬන්න. විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවා නම් එයා එක්ක ඔයාට දැනෙන දේ ගැන කතා කරන්න. ලියන්න. බලි කුරුටු ගාන්න. හිත හැදෙන තැනකට යන්න..
අත්දැකීමෙන් මං දන්න දෙයක් තමයී, අපේ සමහර emotions වලට හොඳම බෙහෙත අඬන එක කියලා. කෙනෙක්ට මේක එහෙම නොවෙන්න පුළුවන්. හැබැයී හිතට බර වැඩි දෙයක් හිතේ තියෙනකොට, කොහෙටහරී ගිහින් හොඳට ඇඬුවහම හිතට, මනසට පුදුම තරම් සැහැල්ලුවක් දැනෙනවා...
❤️🩹 Practice self love
ඔයාට මඟ ඇරුණු ලොකුම දේ ආයිමත් ජීවිතේට පුරුදු කරන්න පටන් ගන්න. ටිකෙන් ටික දවසින් දවස ඔයාට ආදරේ කරන්න පටන් ගන්න.
කණ්ණාඩියක් ඉස්සරහට යන්න. දකින්න ඔයාගෙ ලස්සන. කට පුරා හොඳට හිනාවෙන්න. ලස්සනට අඳින්න. Healthy විදිහට කෑම ගන්න. අලුත් positive hobbies හදාගන්න. මඟ ඇරුණු යාළුවො මුණ ගැහෙන්න. මඟ ඇරුණු studies ඔයාගෙ හීන වෙනුවෙන් පටන් ගන්න. Job එකට focus කරන්න.
ඔයාට ආදරේ නැති කෙනෙක් ඔයාගෙ ජීවිතෙන් අයින් වුනු එක කොයිතරම් නම් හොඳද කියලා හිතන්න. ඒ වගේ තීරණයකට එකඟ වෙන්න පුළුවන් වුණු එක ගැන ඔයාටම ස්තූතිවන්ත වෙන්න.
විශ්වාස කරන්න, දවස් ටිකෙන් ටික ගෙවෙද්දි ඔයාට දැනෙයී ඔයාගෙ ජීවිතේ වෙනස. මානසිකව, කායිකව වගේම ආධ්‍යාත්මිකවත් ඔයාට ලොකුම ලොකූ වෙනසක් දැනෙන්න ගනීවි..
❤️🩹 සමාවදෙන්න..
දන්නවද අඬන එක ඇරුණහම අපේ හිත් සුවපත් කරන්න පුළුවන් පුදුමාකාර බලයක් තියෙන දෙයක් තමයී මේ 'ඇත්තටම සමාවදෙනවා' කියන දේ.. හිතන්න එයා තමයී ඔයාගෙ හිත කැඩුවෙ කියලා, කමක් නෑ සමාවදෙන්න. ආදරෙන්, ඇත්තටම සමාවදෙන්න..
එහෙම නැත්නම් හිතන්න ඔයා නිසයී එයාගෙ හිත කැඩුණෙ කියලා, ඒත් ඔයාට ආදරෙන් සමාවදෙන්න. මොකද මිනිස්සු හැමෝම අතින් වැරදීම් වෙනවා. නොගැළපෙන තැන් අසීමිත වුණහම අයින් වෙන්නම වෙනවා. ඉතින් ඔයා, ඔයා වෙනුවෙන් ගත්ත ඒ තීරණේට ඔයාට සමාවදෙන්න.
❤️🩹 කාර්‍යබහුල වෙන්න..
ඔයාගෙ studies එක්ක, job එකත් එක්ක, අලුත් positive hobbies එක්ක කාර්‍යබහුල වෙන්න.. Meditate කරන්න. ඔයා අදහන ආගමක් එක්ක පොඩ්ඩක් මුහුවෙන්න..
ඔයා කාර්‍යබහුල වෙනවත් එක්කම ටිකෙන් ටික, ඔයාටත් නොදැනීම ඔයාගෙ attention එක ඔයාගෙ හීන වලට යනවා. ඒක ටිකෙන් ටික වෙන දෙයක්. ටිකෙන් ටික ඒ දේට ඔයාව හුරු කරවන්න..
ඔයාගෙ හීන හැබෑ කරගන්න, ඔයාට හයියක් වෙන්න..
❤️🩹 Communications නවත්තන්න
ඔයා තාමත් එයාට කතා කරනවා නම්, එයාගෙ FB, Whatsapp, වෙන profiles වලට ගිහින් එයා ගැන හොයනවා නම් ඒක නවත්තන්න. මොකද තුවාලයක් වුණු ගමන් ඒ තුවාලෙ පෑරෙන්න තියෙන අවස්ථාවන් හුඟාක් වැඩියී..
ඒ නිසා හැමවෙලේම ඒ තුවාලෙ පෑරෙන්න පුළුවන් අවස්ථා අවම කරගන්න. මඟ ඇරවගන්න. එතකොට heal වෙන්න හරීම ලේසියී...
❤️🩹 කාලයට ඉඩදෙන්න
එක පාර හොඳ වෙන්නෙ නැති හුඟාක් දේවල් කාලයත් එක්ක සුව වෙනවා.. හැබැයී ඒ වෙනුවෙන් ප්‍රමාණවත් කාලයක් දෙන්න.
මේ කිව්ව හැම පුංචි දෙයක්ම කරන ගමන්, heal වෙන්න ඔයාට ඇති තරම් කාලය දෙන්න. අඬන්න ඕන වුණහම අඬලා ඇවිත් හිනාවෙලා ඉන්න. ඔයාට දැනෙයී කාලයත් එක්ක ටිකෙන් ටික ඔයාගෙ කඳුළු වියැලෙනවා. ඔයාගෙ හිත ටිකෙන් ටික සුවපත් වෙනවා..
හොඳ කරන්න බැරි හුඟාක් තුවාල හොඳ කරන්න, කාලයට පුළුවන්..
❤️🩹 Counselling
මේ හැමදේමත් උත්සාහ කරලා, ඔයාට ඒත් heal වෙන්න අමාරු නම් අනිවාරෙන්ම counselling යන්න.
ඒක ඔළුවට පුදුමාකාර තරම් අස්වැසීමක්. අපේ ජීවිතේ අපිට තේරුම් බේරුම් කරගන්න බැරි ගොඩක් තැන් මේ counselling නිසා හරීම ලස්සනට, අපූරුවට තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙනවා..
එක session එකකට රු. 3,000ක් වගේ වෙන හොඳ තැන් ඇති. නැත්නම් ගොඩක් towns වල 'සුමිත්‍රයෝ' foundation එක තියෙනවා. එතන counselling කරන්නෙ free. ඒ වගේම government hospitals වලත් ඇතී.. ඒ service එක කොහොමද කියන්න නම් මං දන්නෙ නෑ.. (දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් ඒ ගැන සඳහන් කරන්න. තව කෙනෙක්ට ලොකුම ලොකු උදව්වක් වේවී..)
හොඳට මතක තියාගන්න Counselling යනවා කියන්නෙ ලැජ්ජා වෙන්න ඕන කරුණක් නෙමෙයී.. ඒකත් මේ අපේ ලංකාවෙ මිනිස්සු අතර තියෙන පුදුමාකාර තරම් ඔලමොට්ටල, පදනමක් නැති මතයක්.. දියුණු රටවල් වල මිනිස්සු අවුරුද්දකට එක සැරයක් හරී counsellor කෙනෙක් මුණ ගැහිලා එයාලගෙ ඔළුව නිරවුල් කරගන්නවා.. ඒ නිසා counselling යන්න හිතෙනවා නම්, ඒ ගැන දෙපාරක් හිතන්න එපා..
❤️🩹 'ඔව්, ඔයාට පුළුවන් ආයිමත් නැඟිටින්න'
ඔයාව විශ්වාස කරන්න. අඬන්න. බිමටම වැටෙන්න. හැබැයී ඊළඟ මොහොතේ ශක්තිමත්ව නැඟිටින්න. ජීවිතේ වාරු නැතිව වැටෙන හැම මනුස්සයෙක්ටම ආයිමත් තනියම නැඟිටින්න පුළුවන් තරමෙ පුදුමාකාර ශක්තියක් එයාලා ළඟම තියෙනවා..
අපි කරන්න ඕන අපිවම විශ්වාස කරලා, ඒ ශක්තිය එළියට ඇඳලා ගන්න එක විතරයී..
විශ්වාස කරන්න,,, ඔයාගෙ ජීවිතේ, ඔයාගෙ හොඳම version එක ඔයාට හොයාගන්න පුළුවන් වෙන්නෙ මෙන්න මේ වගේ කඩාවැටීමකින් පස්සෙමයී... ඉතින් එන්න අපි ඔයාගෙ 'BEST VERSION' එක හොයාගමූ... ඔයාට පුළුවන් තනියම ඔයාගෙ ජීවිතේ ලස්සන කරන්න...
මම ඔයාලගෙ ආදරණීය ගිමී....
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
©️ Study with Gimi
#studywithgimi #gimhani_senarathne #positivevibes #fyp #ගිමීගේඩයරිය #breakuphealing #moveon #selflove #HealingJourney #letgo
2 months ago | [YT] | 63
View 1 reply
Gimi's Diary
අග පිපි මල්..
මං ජීවිතේ පළවෙනි වතාවට තමයී සුමිත්‍රා රාහුබද්ධගෙ පොතක් කියෙව්වෙ. කාලෙක ඉඳලා වුවමනාවක් තිබුණත්, ඒක කියවුණේම නෑ.. මගෙ ළඟම කෙනෙක්ගෙ වචනයක් නිසා කොහොමහරී මං සුමිත්‍රා රාහුබද්ධගේ මේ පොත අරගත්තා.. මං දැන් හරී ආසයී ඇගේ පොත් වලට..
ඒක ටිකක් වෙනස් විදිහෙ කතාවක්..
ආයිමත් වතාවක් මේ සමාජෙ මොන වැරැද්ද සිද්ධ වුණත් කෙලින්ම ඇඟිල්ල දිගු කරන්නෙ ගැහැණියටම විතරක්දෝ කියලා මට සැකයක් ආවා.. එක අතකට ඒක හිත සසල කරවන දෙයක්.. ඇයි ගැහැණු පිරිමි දෙපාර්ශවයම එකතු වෙලා කරන වැරැද්දකට ගැහැනියක් වීතරක් තනියම දඬුවම් විඳින්නෙ ??
ඔව්,, මේ සමාජය එහෙමයී.. ගැහැණුන්ව හරි හරියට හංවඩු ගහනවා..
ඇය නමින් 'අමා වෛද්‍යසේකර'... මානසිකව නොසෑහෙන්ම දුක් වින්ඳත්, මට හිතෙන විදිහට එයා තනියමම එයාගෙ ජීවිතේ සාර්ථකත්වයට අරගෙන ගියා.. ගැහැණියක් ඒ තරමටම ශක්තිමත් කියලා ඇය ඔප්පු කළා.. ඒත් ඇය බිඳුණු ගැහැණියක්..
"අහස ගුගුරා අකුණු පුපුරා
මගේ හිත වැන්දඹු වුණා
වසාගත් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්නට යන්නෙමි..."
ඉතින් ඔයත් පොත් කියවන කෙනෙක් නම්, අනිවාරෙන්ම මේ පොත කියවලා බලන්න.. ජීවිතේ ගැන වෙනස් විදිහකට හිතන්න පොළඹවන පොතක්...
ඔයා මේ පොත කියවපූ කෙනෙක් නම්, ඔයාට ඒ ගැන දැනුණු හැඟීම් වලට අපේ comment තීරුව විවෘතයී...
මම ඔයාලගෙ ආදරණීය ගිමී....
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
©️ Study with Gimi
#studywithgimi #gimhani_senarathne #positivevibes #fyp #ගිමීගේඩයරිය #bookreview #පොතක්ගැන
2 months ago | [YT] | 47
View 3 replies
Gimi's Diary
2 months ago | [YT] | 27
View 8 replies
Gimi's Diary
විවාහ වෙන්න ඕන ඔයාට ඕන කාලෙදි මිසක්, මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලින් බේරෙන්න නෙමෙයී..
මං දන්නවා මගෙ වයස ඉන්න හුඟක් දෙනෙක් අසීමිතව මේ ප්‍රශ්නෙ නිසා පීඩා විඳිනවා... ඉතින් මට හිතුණා මේ ගැන අපි කතා කරන්න ඕන කියලා..
අපි මේ ගැන scenario 2කට කතා කරමූ...
💁🏻♀️ ඔයාට partner කෙනෙක් ඉන්නවා නම්;
තැනකට ගියහම දෙමව්පියොන්ගෙ ඉඳලා ගෙදර අල්ලපු කෙනා වෙනකන්ම අහන්නෙ,,
"කවද්ද wedding එක??"
"දැන් බඳින්නත් කාලෙ හරිනෙ. දැන්ම බැන්ඳ නම් ඉවරනෙ"
"දැන්ම බඳින්නෙ නැතුව, කවදද ඔයාලා ළමයි හදන්න හිතන් ඉන්නෙ"
ඔය වගේ කරදරකාරී ප්‍රශ්න මහ හුඟක්. ඔයාලත් සමහර විට මේ වගේ ප්‍රශ්න වලට උත්තර බඳිනවා ඇතී..
💁🏻♀️ ඔයාට තාමත් partner කෙනෙක් නැත්නම්;
ඔයාට මංගල යෝජනා මේ වෙද්දිත් එනවා ඇති.
හුඟක් දුරට ඔයා කොයිතරම් සතුටින් හිටියත්, එයාලා ඒ ගැන තැකීමක් නොකර දිගින් දිගටම ඔයාට වද දෙනවා ඇතී.
"ඔහොම ඉඳලම නාකි වෙන්නද හදන්නෙ"
"ඔයාලගෙ වයස අනිත් අයට දරුවොත් ඉන්නවා. අපි කවද්ද අපේ මුණුපුරෙක් මිනිපිරියක් දකින්නෙ"
"ඔහොම ගියොත් නම් ගෙදරටම නාකි වෙයි"
ඔය වගේ හිසරදකාරී කතා ගොඩයී..
‼️ ඔය දෙකටම මං දන්න විදිහට දෙමව්පියොත් මැදිහත් වෙනවා. තේරුමක් ඇතුව හෝ නැතුව.
කොහොමත් පුංචි කාලෙ ඉඳලම අම්මත් නැතුව, කිසිම මැදිහත් වීමකුත් නැතුව නිදහසේ හරියට හැදුණු කෙනෙක් විදිහට මං නම් දකින්නෙ මේක ඇත්තටම දෙමව්පියො විදිහට කරන ඉතාමත් අනවශ්‍ය මැදිහත් වීමක් විදිහකට (සමහර විට මං ඒ ගැන දකින විදිහ වැරදී ඇතී. සමහර විට මං open minded වැඩි ඇතී.. ඔයාලගෙ අදහස් මේ ගැන comment තීරුවෙ එකතු කරන්න..)..
මොකද දෙමව්පියෙක්ට වුණත් අයිතියක් නෑ එයාලගෙක, දරුවෙක්ව වුණත් මානසික පීඩනයකට තල්ලු කරලා දාන්න.
දරුවො උස්මහත් වෙලා නම්, එයාලා එයාලගෙ ගමන එයාලගෙ විදිහට යනවා නම්, එයාලා මුදලුත් පුළුවන් තරම් උපයනවා නම්, එයාලට අයිතියක් තියෙනවා එයාලා ගැන තීරණය කරන්න.
මං දකින විදිහට ලංකාවෙ වුවමනාවටත් වඩා දෙමව්පියො දරුවොන්ගෙ ජීවිත වලට අත පොවනවා. අඩුම දරුවො වැඩිහිටියො වුණහමවත් එයාලා කළ යුතු දේ තීරණය කරන්න ඔවුන්ට ඉඩදෙන්න.
අනිත් දේ මං දකින විදිහට ඒක පුදුම තරම් අසාධාරණ අත පෙවීමක්..
මොකද අපි හැමෝටම විවිධාකාර අරමුණු තියෙනවා. ඒ ජීවිතේ සම්බන්ධයෙන්, අධ්‍යාපනය සම්බන්ධයෙන්, අපේ හීන සම්බන්ධයෙන්, අපේ මානසික නිදහස සම්බන්ධයෙන්.
ඉතින් ඒ දේවල් වලට බාධා කරලා, ලෝකෙ සියල්ලටම කලින් කළ යුතු දේ විවාහය වගේ හැසිරෙනවා නම්... ඒ ගැන මොනාද කිව යුත්තේ කියලා මම නම් ඇත්තටම නොදනිමී.
🔴 සමහර දෙමව්පියො කියනවා මේ තමයි බඳින්න ඕන වයස කියලා.. එයාලගෙ විදිහට ඒක එහෙම වෙන්න ඇතී..
ඒත් මං විශ්වාස කරන විදිහට (අපේ වයසෙ බහුතරයක් දෙනත් මේ දේට එකඟයී මං දන්න තරමින්), බඳින වයස කියන්නෙ, මානසිකව, මූල්‍යමය වශයෙන් අපි ඊට සූදානම් දවස මිසක් ඒ එක නිශ්චිත ඉලක්කමක් නෙමෙයී..
🔴 ඒ වගේම අපි උපයන වැටුප අපිට හිතෙනවා නම් අපිට ප්‍රමාණවත් නෑ කියලා, ඇයි අපි දෙන්නෙක් විදිහට suffer කරන්න විවාහ වෙන්නෙ ????
අම්මලා හුඟක් වෙලාවට කියනවා අපිත් ඒ කාලෙ අමාරුවෙන් තමයි ජීවත් වුණේ. අපි දෙන්නම එකතු වෙලයි මේ දැන් ඉන්න තැනට ආවෙ... ඔය වගේ කතා.
ඉතින් ඒ දේ සමහර ජීවිත වලට ඒ දේ වලංගු වුණාට සමහර ජීවිත වලට ඒ දේ වලංගු වෙන්නෙ නෑ නේද ??
මොකද මං විශ්වාස කරනවා තම තමන්ගෙ ආසාවෙ විදිහට පොල් සම්බෝලයි බතුයි හරි කාලා ඉන්නත් සල්ලි තියෙන්න ඕන. මොකද උද්ධමනය එක්ක හැමදේම උඩු යටිකුරු වෙලා තියෙන්නෙ..
🔴 අනිත් දේ සමහර අම්මලා තාත්තලා දැන්ම ඉඳලම මුණුපුරු මිණිපිරියො ගැන කතාව 🤷🏻♀️..
අනේ ඒ අයට කියන්න ඕන තරම් චූටි දරුවො ඉන්න ළමා නිවාස ලංකාවෙ තියෙනවා. ඒ දරුවොන්ට අම්මෙක් තාත්තෙක්ගෙ ආදරයක් නෑ. එහෙව් එකේ ආච්චි අම්මා, සීයා කෙනෙක්ගෙ ආදරයක් කියන්නෙ හීනයක්.
දරුවෙක්ට ආදරේ දෙන්න තමන්ගෙ ලෙයින්ම උපදින්න ඕන කියලා එකක් නෑ. පිනකුත් සිද්ධ කරගන්න ගමන්, ඔයාලගෙත් ආසාව ඉටු කරගන්න යන්න එහෙම තැනකට. ලැබෙන පින, මානසික සුවය අසීමිත වේවී.
‼️ප.ලි.
🍃 නොසෑහෙන්න මේ කතා නිසා මානසිකව පීඩා විඳින ඔයාලා වෙනුවෙන්,,
තමන්ගෙම කියලා වාහනයක් ගන්න ඔයා හීන දකිනවා ඇති. ඔයාගෙම කියලා ඉඩමක්, ගෙයක් වෙනුවෙන් ඔයා හීන දකිනවා ඇතී. හැබැයි අද කාලෙ හැමදේම ගණන් වෙනකොට ඒ දේවල් කොහොම කරම්දෝ කියලා හිත හිත වද වෙනවා ඇති.
Wedding එකේ අඳින ඇඳුමෙ ඉඳලා, හැම පුංචි වියදමක්ම ඔයා තනියමම දරාගන්නත් ඕන ඇතී. ඒ හැමදෙයක් ගැනමත් වදවීමක් හිතේ කොනක අනිවාර්‍යෙන්ම ඇතී.. මොකද අද කාලෙ හැටියට පුංචිම පුංචි සරලම සරල වෙඩිමක් වුණත් රු. ලක්ෂ 5කට වඩා මිල අධිකයී..
ඉතින් මේ දේවල් කොහොම වුණත්,,,
ජීවිතේ ඔයාගෙ plan එක ඔයා දන්නවා නම්, ඔයා සතුටින් ඉන්න ඔයා කරන්න ඕන මොනාද කියලා ඔයා දන්නවා නම්, ඔයාගෙ ගමන කොහෙටද, කවදද යන්න ඕන කියලා ඔයාගෙ ඔළුවෙ තියෙනවා නම්,,,
ඉතින් හැමදාමත් කළා වගේ මේ බහුබූත කතා මේ කනෙන් අහලා අනිත් කනෙන් පිට කරන්න.. මොකද සුරංගනා කතා කියන්න හුඟක් කට්ටිය හිටියට ජීවිතේ ඉස්සරහට යද්දි ඔයාලගෙ උදව්වට ඔය කවුරුත් එන්නෙ නෑ.
අම්මලට නම් තේරුම් කරන්න උත්සාහ කරන්න....
ඒකත් කරලා කරලා හෙම්බත් වෙලා නම් නිහඬ ප්‍රතිපදාව අනුගමනය කරන්න. ඔයා ඔයාගෙ විදිහට ඔයාගෙ ගමන යන්න. ඔයා වැරදි නැත්නම් අම්මලා කෙසේ වෙතත් ස්වභාව දහම ඔයත් එක්ක ඉඳීවි.
🍃නොදැනුවත්ව නොසෑහෙන්න කතා කියලා දරුවො පෙලන දෙමව්පියොන්ට,,
ඔයා දකිනවා නම් අවුරුදු විසි ගාණක ඔයාගෙ දරුවා පිළිවෙළට ජීවත්වෙනවා. එයා වෙනුවෙන් උපයනවා. එයාගෙ අනාගතේ වෙනුවෙන් ඉතිරි කරනවා.. මානසිකව නිදහස් මනුස්සයෙක් වගේ ජීවත්වෙනවා,,,, ඉඩදෙන්න ඒ දරුවට එයාගෙ විදිහට එයාගෙ ජීවිතේ ඉතිරි හරිය තීරණය කරන්න.
සතුටු වෙන්න එයාට හොඳ partner කෙනෙක් ඉන්නවා නම්. මොකද අද කාලෙ රැවිටිලිකාරයො, බොරුකාරයො, අසහනකාරයො පිරිලා ඉන්න ලෝකෙක ඔයාගෙ දරුවටත්, ඔයාගෙ බිරිඳ/සැමියා වගේ සහකරුවෙක් ලැබිලා ඉන්න එක ගැන.
ඉතින් අම්මේ, තාත්තේ....
ඔවුන්ගෙ ජීවිත වලට අනවශ්‍ය විදිහට අත පෙවීමක් නොකිරීමට තරම් මනසින් පරිණත වෙන්න. එය එසේත් නොවේ නම්, ඔවුන්ගෙ ඉතිරි සියලු හීනයක්ම වෙනුවෙන් ඔවුන්ට අවැසි මුදල් ලබාදෙන්න තරම් මූල්‍යමය අතින් ඔබ ශක්තිමත් වෙන්න.
#studywithgimi #gimhani_senarathne #positivevibes #fyp #ගිමීගේඩයරිය #yourlifeyourrules #marriagepressure
2 months ago | [YT] | 47
View 2 replies
Gimi's Diary
'හැමදේම එපා වෙලා වගේ දැනෙනවද'
අපි හැමෝම කාර්‍යබහුල මිනිස්සු. ජීවිතේ එක එක අරමුණු පස්සෙ අපි දුවනවා. සමහර වෙලාවට අපි සාර්ථක වෙනකොට, සමහර වෙලාවට අපි ගත්ත සම්පූර්ණ උත්සාහයම අපතෙ යනවා..
ඒ තමයී ජීවිතේ හැටී..
අපේ ජීවිත ඇතුළෙ මේ විදිහෙ එක එක දේවල් වෙනකොට, අපේ ජීවිත වලට පරිබාහිර ලෝකෙත් මේ වගේ එක එක සිදුවීම් වෙනවා. හිතන්න ආසන්නතම අත්දැකීම ඉරාන-ඇමරිකා ආරවුල. ඒ නිසා අපේ රටේ අපි මුහුණ දීලා තියන ප්‍රශ්න..
මේ හැමදේමත් එක්ක සමහර වෙලාවට ඔයාටත් දැනිලා ඇතී 'හැමදේම එපා වෙලා වගේ' හැඟීමක්..
කලාතුරකින්, කාලෙකට සැරයක් එහෙම දැනෙන එක හරීම සාමාන්‍ය දෙයක්. එහෙම දැනෙන වෙලාවට කොහොමද ඒක overcome කරන්නෙ ??
🌀හිතන්න.
පොඩි වෙලාවක් අරගන්න. කොහේ හරි නිදහස් තැනක ඉඳගන්න. මේ වෙනුවෙන් ඔයා හිතන්න දවස් ගාණක් ගත්තත් කමක් නෑ. හොඳට, නිවී සැනසිල්ලේ හිතලා බලන්න ඇයී ඔයාට මෙහෙම දැනෙන්නෙ කියලා.
ඔළුවෙ පටලැවිලා තියෙන නූල් බෝලෙ ලිහාගන්න.
🌀ලියන්න / කතා කරන්න.
ඔයා තරමටම ඔයාව තේරුම් ගන්න කෙනෙක් මේ ලෝකෙ ඉන්නවා නම් ඔයාට පුළුවන් එයා එක්ක ඔයාට මේ දැනෙන විදිහ ගැන කතා කරන්න.
එහෙම නැත්නම් ඔයාට පුළුවන් ලියන්න. මං විශ්වාස කරන විදිහට ලේසිම, හොඳම විදිහ තමයී මේ. මොකද ඔයා තරම්ම ඔයාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියලා හිතලා, වෙන කෙනෙක් එක්ක කතා කරලා හිත රිද්දගන්නවට වඩා හුඟක් ලේසියී මෙහෙම ලියන එක.
🌀සැලැස්මක් තියාගන්න.
ඔයාගෙ ඔළුවෙ තියෙන පටලැවිලි ටික ලෙහාගත්තට පස්සෙ හදාගන්න පොඩි සැලැස්මක්. ඒක දිගු කාලීන සැලැස්මක් වෙන්න ඕන නෑ. ඒක මේ අවුරුද්දට විතරක් අදාළ වෙන සැලැස්මක් කරගන්න.
මේ මේ දේවල් තමයී ඔයා මේ අවුරුද්ද ඇතුළත් ඉවර කරන්නෙ කියල idea එකක් තියාගන්න. ඔයාට Journal එකක් තියෙනවා නම්, මේ ගැන ඒකෙ note එකක් දාගන්න.
එතකොට ඔයාට clear direction එකක් පේනවා.
🌀One thing at a time.
ඔයා කාලෙකින් නම් ඔයාගෙ හීන වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්නෙ, මේ දේ ඔයාට හුඟාක් වැදගත්.
මොකද අපි එක පාර වැඩ ගොඩාක් දාගත්තොත්, ආයිමත් අපේ ඔළුවට එපා වුණු ගතිය දැනෙන්න ගන්නවා. ආයිමත් පරණ තැනට වැටෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා..
ඒ නිසා, ටිකෙන් ටික පටන් ගන්න. පොඩි පොඩි goals තියාගන්න. Goals ගොඩක් mix කරගන්නෙ නැතුව එක එක, ටිකෙන් ටික කරන්න.
🌀Focus on what you can control
අපේ ජීවිත වලින් පරිබාහිරව තියෙන හුඟක් දේවල් අපිට control කරන්න බෑ. හැබැයී හුඟක් වෙලාවට අපි වැඩිපුරම stress වෙන්නෙ, ඒ පරිබාහිර දේවල් නිසා..
ඒ නිසා ගෙවෙනෙ හැම මොහොතකම ඔයාට control කරන්න පුළුවන් දේවල් ගැන විතරක්ම focus කරන්න.
උදාහරණෙකට ගත්තොත්;
දැන් අපි මුහුණ දීලා ඉන්න තත්ත්වෙ හිතන්නකො. ඒක මුළු ලෝකයක්ම මුහුණදෙන තත්ත්වයක්. ඒ දේවල් 100%ක්ම අපේ control එකේ නෑ. ඉතින් ඒ දේවල් නිසා ඇයි අපි stress වෙන්නෙ ??
මං දන්නවා ඒක කියන තරම් ලේසි නෑ. ඒත් අපිට පුළුවන් නම් අපෙන් බාහිර දේවල් වෙනුවට අපේ control එකේ තියෙන දේවල් ගැන විතරක් focus කරන්න, ජීවිතේ හරිම සැහැල්ලුයී..
🌀IGNORE judgements.
ජීවිතේ අපි කොහොම, කොයි විදිහට ගෙව්වත් මිනිස්සු අපිව judge කරනවා. එහෙම නොකර අපිව අපිම විදිහට පිළිගන්න මිනිස්සු ඉන්නෙ, අතේ ඇඟිලි 10ටත් අඩුවෙන්.
ඒ නිසා, කිසිම කෙනෙක්ගෙ විනිශ්චයන් වලට අනුව ඔයාගෙ plans වෙනස් කරන්න එපා. එක එක අයගෙ judgements නිසා ඔයාගෙ මනසට එපා වෙලා වගේ හැඟීමක් ඇතිවෙන්න ඉඩදෙන්න එපා. හැමවෙලේම උත්සාහ කරන්න, අනිත් අයගෙ විනිශ්චයන් වලින් තොරව ස්වාධීනව ඉන්න උත්සාහ කරන්න..
ඉතින් මෙහෙම article එකක් ලිව්වෙ, Study with Gimi අපේ පවුලෙ සාමාජිකයෙක්ගෙ ඉල්ලීමක් නිසා. මං හිතනවා එයාට වගේම, තවත් හුඟක් අයට මේ article එක උදව්වක් වෙයී කියලා..
ජීවිතේ කියන්නෙ පුංචි ගමනක්,, ඒ නිසා එපා වෙලා කියන හැම මොහොතකම කණ්ණාඩියක් ගාවට ගිහින් හොඳට, ලස්සනට හිනාවෙන්න. ඔයාට ඔයා ආදරෙයී කියලා කියන්න.. කොහොමහරී මේ ජීවිතේට මූණ දෙමූ කියලා ඔයාටම ආදරෙන් කියන්න..
විශ්වාස කරන්න, ඉපදිලා මේ ලෝකෙ මෙච්චර කාලයක් ජීවත්වුණු ඔයාට ජීවිතේ ඉතිරි පොඩි ගමන අමාරු වෙන්නෙ නෑ.... අනිවාරෙන්ම ඔයාට පුළුවන්..
මම ඔයාලගෙ ආදරණීය ගිමී....
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
©️ Study with Gimi
#studywithgimi #gimhani_senarathne #positivevibes #fyp #ගිමීගේඩයරිය #keepgoing
2 months ago | [YT] | 104
View 3 replies
Gimi's Diary
'Let Them Theory'
ඔයාලා අහලා තියෙනවද 'Let Them Theory' එක ගැන ??
මාත් මුලින්ම මේ වචන 03 අහනකොට මට මේ ගැන කිසීම idea එකක් තිබුණෙ නෑ. දවසක් අහම්බෙන් ටික් ටොක් එකේ Mel Robbinsගෙ video එකකින් තමයී මේ ගැන ඇහුවෙ.
ඊට පස්සෙ මං ටිකක් ඒ ගැන හෙව්වා. මොකද මට දැනුණු විදිහට මේ theory එක අපිට practice කරන්න පුළුවන් නම්, ජීවිතේ අපිට හුඟාක් දේවල් ලේසි වෙනවා.
ඉතින් සරලවම මේකෙන් කියන්නෙ අනිත් අයට ඕන දෙයක් කරන්න, හිතන්න ඉඩදීලා, ඔයා ඔයාගෙ ජීවිතේ ඔයා කැමතී විදිහට විඳින්න කියන එකයී. මොකද දන්නවද, මිනිස්සු හුඟක්ම අසතුටින් ඉන්නෙ තමන් නිසා නෙමෙයී. ඒ එයාලගෙ වටේ ඉන්න අනිත් අය නිසා.
හිතන්නකො, පුංචි කාලෙ ඉඳලා ඔයා අසතුටින් හිටියෙ මේ වගේ දේවල් නිසා නෙමෙයිද කියලා..
😐 ඔයාගෙ අම්මා,තාත්තා ඔයාට වඩා නංගිට මල්ලිට ආදරේ වගේ දැනුණු නිසා
😐 යාළුවා ඔයා එක්ක තරහ වුණු නිසා
😐 Teacher ස්කෝලෙදි ඔයාට වඩා එයාගෙ පන්ති එන ළමයින්ට විශේෂයෙන් සළකපු නිසා
😐 කැම්පස් එකේදි lecturerගෙන් නොසෑහෙන්න නෝක්කාඩු අහන්න වුණු නිසා
😐 Office එකේදි bossට බය නිසා
😐 ඔයාගෙ partnerට ඔයාගෙ සමහර දේවල් නොතේරෙන නිසා
ඔන්න ඔය වගේ නොයේකුත් දේවල් නිසා නෙමෙයිද ඔයා හුඟක් දවස් වල අසතුටින්, දුකින් ඉඳලා තියෙන්නෙ ???
හිතලා බලන්න පුංචි වෙලාවක් අරන් ඔයා අසතුටින් හිටපු දවස් කීයෙන් කීයක් ඇත්තටම ඒ ඔයා නිසාද කියලා..
ඉතින්,,
'Let them Go'..
ඒ ඒ අයට කැමතී විදිහකට හිතන්න, කරන්න, react කරන්න ඉඩදෙන්න. ඔයා ඔයාගෙ පාඩුවේ, ඔයාගෙ මනස නිරවුල්ව තියාගෙන ජීවත්වෙන්න..
දන්නවා,,, බැඳීම් හුඟක් එක්ක ජීවත්වෙන මිනිස්සුන්ට මේ දේ කරන්න හරිම අමාරුයී. හැබැයී උත්සාහ කළොත් බැරි නෑ.. අනිවාර්‍යෙන්ම පුළුවන්..
හැමවෙලේම මතක තියාගන්න, ඔයාගෙ ජීවිතේ සතුටෙ යතුර ඔයා ගාවම විතරක් තියාගන්න.. එතකොට ජීවත්වෙන්න හරිම ලේසියී..
මම ඔයාලගෙ ආදරණීය ගිමී....
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
©️ Study with Gimi
#studywithgimi #gimhani_senarathne #positivevibes #fyp #ගිමීගේඩයරිය #LetThemTheory
2 months ago | [YT] | 161
View 2 replies
Load more