නිවාරනා universly clinic

personal tarot reading
076 731 4869


නිවාරනා universly clinic

අසනීප දවස්වල මගෙ ඇබ්බැහිය හිත relax වෙන්න❤️..ඔයාලාගෙ hobby එක මොකක්ද..free time එකක අහලා කියන්නකො..
youtube.com/shorts/6m4Fxw7Fxd...
‪@Twinsdiry‬

1 week ago | [YT] | 6

නිවාරනා universly clinic

මේක ලියන්නෙම තවත් දරුවෙක්ට එහෙම නොවෙන්න..

"මට තුන්වෙනි පාර A/ L ලිව්වොත් කැම්පස් යන්න බැරිවෙයිද මිස්.." ඒ දරුවා ඊයේ මාත් එක්ක කතා කලේ අඬ අඬ..


පලවෙනි වතාව උසස්පෙළ විභාගයට පෙනී ඉදලා,කැම්පස් යන්න අවස්තාව ලැබිලත්,ඊලග වාතාව නැවත වරක් එක්සෑම් එකට පෙනී සිටියොත් මීට වඩා රිසාල්‍ට් එකකින් කැම්පස් යන්න ලැබෙයි කියලා හිතලා,දෙවනි වතාවත් එක්සෑම් එක ලියනවා..ඉගෙනීමට ඉතාම දක්ශ දරුවෙක්..

නමුත්,දරුවගෙ අවාසනාවකට,මවගෙ පියාගෙ විරසකයක් ඇතිවෙනවා.මේක දික්කසාදය දක්වා මේ දෙමව්පියෝ රැගෙන යනවා..

"මිස් මගෙ තාත්තයි අම්මයි වෙන් වෙලා ඉන්නෙ.දෙවෙනි පාර එක්සෑම් එකට ලෑස්ති වෙනකොට මං උසාවි ගානෙත් ගියා.මගෙ ඔලුවට නිදහසක් තිබුනෙ නැහැ.මං එක්සෑම් එක හිතුවෙ නැති විදියට ෆේල් උනා..(හරිම හැඟීම්බරව කිව්වෙ)

ඒ දරුවා කතා කලේ වේදනාවෙන්..දැනට දරුවා ඉන්නෙ අම්මා ළග..මාත් එක්ක වේදනාවෙන් ඒ කතාව කියන්න,තරම් කොච්චර අසරණ ඇතිද..

විවාහය ඇතුලෙ ප්‍රශ්න තියෙන්න පුලුවන් ..ඒත් දෙන්නා දරුවන්ගෙ අනාගතය ගැන හරි හිතලා සම්මුතියකට එන්න..එහෙමත් බැරිනම් ඒ පීඩනය දරුවො මත පටවන්නෙ නැතිව ගෞරවාන්විතව සමු ගන්න..නැවත දරුවන්ගෙ දෙමව්පියන් විදියට කතා කරන්න පුලුවන් මට්ටමින්..දරුවන්ගෙ ලෝකය,අනාගතය,දියුනුව රදාපවතින්නෙ එයාලගෙ මානසික මට්ටම අනුව..ඔයාලගෙ ජීවිතේ සැනසීම ඇතිකරගන්න දරුවන්ගෙ මානසිකත්වය දුර්වල කරන එක හරි වැරදියි..මොකද මුලු ජීවිත කාලෙටම දරුවන්ට ඒක බලපානවා..

ඔයත් එහෙම දරුවෙක්නම් පුතේ,ඒ අම්මයි තාත්තයි අරන් ආව ජීවිතේ..ඔයාට තියෙන්නෙ ඊට වඩා ලස්සන ජීවිතයක්..ඒකෙ අඩිතාලම තමයි අධ්‍යාපනය ..කවුරු හිටියත් නැතත් ,මොන දුක විදලා හරි ,හොදින් ඉගෙන්ගන්න..දවසක පුතාට සතුටින්ම ඉන්න ඒක හේතුවක් වෙනවා..අම්මා තාත්තා අතර මොන දේ උනත් ,දවසක එයාලව ආදරෙන් බලාගන්න පුලුවන් ස්තාවරයකට එන්න..එතකොට ඔයාට දුක් වෙන්න පසුතැවෙන්න හේතු නැහැ..පුතා දිනලා ඉවරයි..

හරිම දරුනු විදියට හිතට වේදනාවක් ඇති කරපු මුනගැසීමක් ඒක මට

නිවාරනා 👑️✍️

1 week ago | [YT] | 151

නිවාරනා universly clinic

"අක්කෙ මගෙ girl friend මං මොන දේ කලත් සැක කරනවා.එයාම දුක හිතලා අඬනවා.මේකට මොකද මං කරන්නෙ" කියලා එක පිරිමි ලමයෙක් ඇහුවා.."

මේ වචන ටික කියන්න කිව්වා..එයාලා දැන් හොඳින්..☺️❤️

ඔයාලත් අහලා බලන්නකෝ..my new lyrics
ඔයාලගෙත් මේ වගේ partner කෙනෙක් ඉන්නවනම් try කරලා බලන්න..

https://youtube.com/watch?v=ZlkMz3Mib...
‪@Twinsdiry‬

2 weeks ago | [YT] | 22

නිවාරනා universly clinic

කරදරයක් නෙමෙයිනම් ,නිවාඩු වෙලාවක අහලා මේ you tube chanel එකsubscribe කරලා support එකක් දෙන්න..කලාවට කැමති ඔයාට..❤️ මගේ අලුත් පද රචනා..☺️🙃 විනෝදෙට කරන වැඩක්..කැමති අය එන්න..අලුත් වැඩක්..ඔයාගෙ ජීවිත කතාව නැත්නම් ඔයාගෙ ආදර කතාව ගීතයකට ගොඩනගන්න කැමති ඔයාටත් ආරාධනා කරනවා..ආදරෙයි ❤️
‪@Twinsdiry‬https://youtu.be/6A_2MffVQzY?si=4t4xh...

2 weeks ago (edited) | [YT] | 46

නිවාරනා universly clinic

ඒ වචනම මට gift එකක්..ආශිර්වාදයක්..බොහොම ස්තුතියි මිස් ඒ ඇගයීමට සහ සිතිවිල්ලට..❤️🙏 ඔයාව ඉක්මනින් සුවපත් වෙන්න හදවතින්ම ප්‍රාර්තනා කරනවා.

2 weeks ago | [YT] | 54

නිවාරනා universly clinic

ඔයා වැරදි තීරණ අරන් ජීවිතය වරද්දගෙන තියෙන්න පුලුවන්..වැරදි තෝරාගැනීම් කරලා විඳවනවා වෙන්න පුලුවන්..ඔයාට තියෙන්නෙ එක දවසක් උනත් ,දැන් ඉදන් හරිම තෝරාගැනීම් කරන්න ..වැරදි තෝරාගැනීම් ඉවත් කරන්න..මේක මිනිස්සුම නෙමෙයි.ඔයාගෙ වැරදි සිතිවිල්ලක්,අවබෝදයක් වෙන්නත් පුලුවන් .

ඔයාගෙ සිතිවිලි ඔයාට ආදරනීයව,ශුබවාදීව තියාගන්න..එතකොට ජීවිතේ හොද දේවල් ගොඩක් ඔයා වටා රැදිලා තියෙයි..ඔයාට තාමත් වෙලාව තියෙනවා..

වර්තමානයෙන් පටන් අරන් අනාගතයයි වර්තමානයයි ලස්සන කරගන්න ඔයාට තවමත් පුලුවන් මොන තත්වෙක හිටියත්.. ❤️

"ඔව් ඔයාට පුලුවන් "

නිවාරනා 👑️✍️

2 weeks ago | [YT] | 319

නිවාරනා universly clinic

ඊයෙ මම දැකපු දෙයක් එක්ක මේක කියන්න හිතුනෙ..නිදහස් වෙලාවක කියවන්න,ඔයාට වටීවි..මේක ජම්බු කතාවක් උනාට ජම්බු කතාවක්මත් නෙමෙයි ☺️

ගෙදර ඉස්සරහා ජම්බු ගහේ උඩම අත්තෙ,උපරිම පැහිච්ච ගෙඩි හතක් තියෙන්න ඇති..ආයෙ ගහටම ගෙඩි නැහැ..මං සාමාන්‍යයෙන් ජම්බු කන්නෙ නැහැ..ඊයෙ මට හිතුනා ගහ හොල්ලලා ඒ ගෙඩි ටික කඩන්න..😊

එක පොකුරක ගෙඩි පහයි.තනිවම එක එක තිබුනු ගෙඩි දෙකයි..මුලින් තනියම තිබුනු ගෙඩියක් වැටුනා ,දෙවනියට ඉතිරි තනි ගෙඩියවත්,මං කොච්චර ගහ පීඩනයට පත් කලත් අර පොකුරෙ එක ගෙඩියක්වත් මට කඩන්න බැරි උනා..විශේෂ දේ මේ සිද්දිය නෙමෙයි..

ජම්බු ගෙඩියක් සෝදගෙන ඇවිත් කන ගමන් මට ආව සිතිවිල්ල..😊

අර ජම්බු පොකුරෙ තිබුනු ඔක්කොම ගෙඩි පුපුරලා,හොදටම ඉදිලා.තනියම තිබුනු ගෙඩි ඩැමේජ් වෙලත් නැ,ලස්සනයි..ටිකක් පොඩියි ..ඒත් ඒ ගෙඩි දෙකෙන් එකක් වැටුනා ඩැමෙජ් ගෙඩි ටිකයි,තනිවම තිබුනු එක ගෙඩියකුයි ඒ විදියටම තිබුනා..(මං හෙල්ලුවනම් ගහත් බිම කියලා හිතන්න එපා ඉතිම් ☺️ කතාව අහන්නකො)

අපි ජීවත් වෙද්දි අපිට පව්ලක් තියෙනවා..මේ පව්ල් ඒකකය ඇතුලෙ ජීවත් වෙන අය සමගියෙන් ආදරෙන් ඉන්නවනම්,ඔයාලා කොච්චර ආර්තිකයෙන් දුර්වල උනත් ,සෞඛ්‍ය තත්ත්වය දුර්වල උනත් ,උගත්කම් නැති උනත් කිසිම කුනාටුවකට බැහැ ඔයාලව විනාශ කරන්න ,වට්ටන්න..හරියට අර ජම්බු පොකුර වගේ..

තනි තනියම ජීවිතේ ඉස්සරහට යද්දි පව්ල කියන ඒකකයෙන් ඈත් වෙද්දි මිනිස්සු අනාරක්ශිතයි..ඉක්මනින් කුනාටු වලට අහු වෙලා විනාශ වෙලා යනවා.විශේෂයෙන් ගැහැනු ලමයි..අර තනියම තිබිලා බිම වැටුනු ජම්බු ගෙඩිය වගේ..

මොන හේතුවකට හරි ඔයා පව්ල කියන ඒකකයෙන් අයින් වෙලා තනියම ජීවත් වෙන කෙනෙක්නම් කුනාටු වලට හසු නොවී,දන්නවද ඔයා කොච්චර ශක්තිමත්ද කියලා..ඔයා තමන්ගෙ ආරක්ශාව තමන්ම හදාගත්ත කෙනෙක්..ඔයාගෙ හිත හරිම ප්‍රබලයි ශක්තිමත්,බුද්ධිමත් කෙනෙක්..ලෙහෙසියෙන් කෙනෙක්ට ඔයා වගේ වෙන්න බැහැ..නොවැටී තිබුනු තනි ජම්බු ගෙඩිය වගේ.

මට කියන්න ඕන උනේ..ආදරනීය ශක්තිමත් පව්ලක් ඉන්න ඔයා හරිම වාසනාවන්තයි..❤❤️❤️රැක ගන්න ඒ බැඳීම්..ආදරනීය වෙන්න තව තවත්..

එහෙම පව්ලක් නැති ඔයා ඊට වඩා වාසනාවන්තයි..මොකද ඔයා මේ ලෝකෙ,මිනිස්සු,ජීවිතේ ගැන දන්න වෙන කෙනෙක් නැහැ..තමන් තමන්ටම අත දීලා නැගිටපු නැගිටින කෙනෙක්..ඉතින් එහෙම වටින අවස්තා,ඒ අභියෝග ලේසියෙන් කෙනෙක්ට ලැබෙන්නෙ නැහැ.ඔයා ජයග්‍රාහී සටන්කාමියෙක්..ඉතින් ඔයා ඔයාට ආදරේ කරන්න..හරි ලස්සනට බලාගන්න පරිස්සම් කරගන්න..කොච්චර කුනාටු ආවත් ගසාගෙන නොයන්න..❤️..තනිකම ආශිර්වාදයක් ඔයා ඔයාටම අරන් ආව..ඒක ආයුධයක් කරගන්න..විනාශ වෙන්න පාර හදාගන්නෙ නැතිව..


ඉතින් ඔය සිතිවිල්ල ඔයාලත් එක්ක ශෙයාකරගන්න හිතුනා..ඉතින් ඒ සිතිවිල්ලට පස්සෙ අනිත් ජම්බු ටික පව් හිතිලා කැඩුවෙ නැහැ ☺️ ❤️

ඉතින් මේක ජම්බු කතාවක් නෙමෙයි..හොදින් හිතුවොත් ජීවිතේට වැදගත් යමක්..❤️

ඔයාලා මෙතනින් කොතනද ඉන්නෙ..මමනම් දෙකම..මට ආදරනීය ශක්තිමත් පව්ලකුත් තියෙනවා..ජීවිතේ ආපු සමහර කුනාටු වලට තනියම ශක්තිමත්ව මුහුන දීලත් තියෙනවා✨️⚡

ඔන්න ඉතිම් තනියම ඉද්දි මට හිතට එන සිතිවිලි..ජම්බු ගෙඩිටික දන්නවනම් මං හිතපු ඒවා 😁(තනියම ඉද්දි හිත එක්ක කතා කරන්න,වටින ලස්සන කතා කියලා දෙනවා ❤️)

ජයම වේවා ඔයාට..
නිවාරනා 👑️✍️

2 weeks ago | [YT] | 150

නිවාරනා universly clinic

ඔයත් මේ special මිනිස්සු අතර ඉන්නවනම් මේක ඔයාට ⚡✨️

බ්‍රෑන්ඩඩ් ෆෝන් එකක් ඔයා ලග තියෙනවනම්,ඔයාට පුලුවන්ද ගෙදර අනිත් අය ලග තියෙන නෝමල් චාජර් එකෙන් චාර්ජ් කරගන්න..පුලුවන්ම උනත් එක්කො ෆෝන් එක ස්ලෝ චාර්ජ් වෙන්නෙ,නැත්නම් ෆෝන් එක ටික කාලයක් යද්දි ඩැමේජ් වෙනවා ඔයා දිගටම ඒ චාජර් එක පාවිච්චි කලොත්

ෆෝන් එක කැඩුනොත් සෑහෙන වියදමක් යනවා ඔයාට නැවත හදාගන්න..සමහර පාට්ස් හොයාගන්නත් නැති වෙන්න පුලුවන්..සීමිත නිසා..එහෙම උනාට ඔයාට හිතෙන්න ගන්නවා මේක බ්‍රෑන්ඩඩ් උනාට වැඩක් නැහැ.අපරාදෙ ගත්තෙ වැඩක්ම නැති ෆෝන් එකක් කියලා.ඒත් ඔයා දන්නෙ නැහැ අනිත් අය ගන්න හීන මවන ෆෝන් එකක් තමයි ඔයා ලග තියෙන්නෙ කියලා.

ඔයාගෙ ජීවිතෙත් එහෙමයි..ඔයා මේ විශ්වයෙ ස්පෙශල් බ්‍රෑන්ඩ් එකක්..බලන්න ඔයාගෙ ඇතුලාන්තය,ඔයාගෙ ඇතුලාන්තයේ වත්පොහොසත්කම,බාහිර වත්පොහොසත්කම ඕනෙ කෙනෙක්ට මොන සිටුවේශන් එකක හිටියත් හදාගන්න පුලුවන් ..ඒත් ආත්මය ඇතුලෙන් එන වත්පොහොසත්කම ලේසියෙන් හදාගන්න බැ.හැදෙන්නෙ නැ..ඉතින් ඔයා පොහොසත් මනුස්සයෙක්..මනුස්සකමින් පිරුනු..ඔයා ලෙහෙසියෙන් යාලුකම් ඇතිකරගන්නෙනැ..ජීවිතේට මිනිස්සු ලං කරගන්නෙ නැ..අහංකාරයි කියනවා නෙමෙයි..මිනිස්සු ආශ්‍රය කලත් ඔයාට දැනෙන හොද ගතිගුන නැතිනම් ඔයාගෙන් නිරායාසයෙන්ම එයාලා අයින් වෙනවා..

මොකද...අර බ්‍රෑන්ඩඩ් ෆෝන් එකට නෝමල් චාර්ජර් එක පාවිච්චි කලොත් ෆෝන් එක ඩැමේජ් වෙනවා වගේ,ගතිගුන යහපත් නැති මිනිස්සු ලං උනාම ඔයා විනාස වෙන නිසා..ඔයා ඩැමේජ් උනොත් ලේසියෙන් ගොඩ ගන්නත් බැරි නිසා..

හැබැයි අර ෆෝන් එකට එන ඔරිජිනල් චාර්ජර් එක හම්බ වෙනවා වගේ..ඔයාගෙ වයිබ් එකට ගැලපෙන කෙනෙක් මේ ලෝකෙ කොහේ හරි ඉන්නවා.යාලුවෙක්,හිතවත්කමක්,ආදරේ කරන කෙනා,දරුවෙක් වෙන්නත් පුලුවන් ,මේ කවුරු උනත්,ඔයාගෙ ජීවිතේ එයා ඉන්නවනම් ඔයා වාසනාවන්තයි..එයාව පරිස්සම් කරගන්න..එයා ඔයාව අනිවාර්යයෙන් ම පරිස්සම් කරනවා..

මෙයා අඳුන ගන්න ලෙහෙසියි..සතුටෙදි නැතත්,දුකේදි,කරදරේදි ඔයා ලගින්ම ඉන්නවා,වචනෙන් හරි.වැටෙන්න දෙන්නෙ නැහැ.වරදින්න පාර පෙන්නන්නෙ නැහැ.මෙයා එක්ක කතා කලත් ඔයාට දැනෙන්න ගන්නවා ඔයාගෙ දුර්වල එනර්ජි ශක්තිමත් වෙනවා කියලා.ඔයාව රවට්ටන්නෙ නැහැ.දුර්වල කරන්නෙ නැහැ.වේදනාවට පත්කරන්නෙ නැහැ.එයා ඉද්දි ඔයාගෙ ජීවිතේම වෙනස් වෙනවා.

ඉතින් ඔයාට ගැලපෙන,ඔයා එක්ක ඉන්න මිනිස්සු අඩු වෙන්න පුලුවන් ,ඒක ඔයාගෙ වරදක් නෙමෙයි..ඔයා කොලිටි මනුස්සයෙක් ..ඒකයි

විශේෂත්වය කරදරයක් කියලා දකින්න එපා,හොද ගතිගුන කරදරයක් කියලා හිතන්න එපා,බැඳීම් අඩුබව කර්ම දෝශයක් කියලා දකින්න එපා

හැමවෙලාවෙම ඔයා ඔයාට සහ මේ විශ්වයට ආශිර්වාදයක්.විශේෂත්වය ඇතුලෙ සරලව ජීවත් වෙන්න,සැහැල්ලුවෙන්..ඒක ඔයාට ලැබුනු ත්‍යාගය..
ජයම වෙන්න ඕනෙ ඔයාට ❤️

නිවාරනා 👑️✍️

3 weeks ago | [YT] | 594

නිවාරනා universly clinic

ටිකක් හිතන්න..අද ඔයා මිනිස්සු ටිකක් වැඩිපුර ගැවසෙන තැනකින් යනවා.මිනිස්සු සීයක් දෙසීයක්..ඔයාට කීදෙනෙක් මතකද

නැත්නම් පොඩි කාලෙ අත්දැකීම් වලින් කොච්චර දේවල් මතකද

වැටිලා,ලොකු තුවාලයක් වෙලා,අඩපු හැටි

ඔයා ඊයෙ ස්පීච් එකක් පාඩම් කලානම් ඒක අද මතකයි..ඒත් ඊයෙ දවසම ඔයා කතා කරපු වචන මතකද...

ගොඩක් අය කියනවා "මට මොනවා හරි වෙලා හැමදේම අමත උනානම් සැනසීමෙන් ඉන්න තිබුනා "කියලා

ඔව් ලේසියෙන් අමතක කරන්න පුලුවන් ..

බලන්න උඩින් කිව්ව අවස්තා..ඔයාට මතක තියෙන්නෙ ඔයා අවදානයක් දීපු දෙයක් ,අවදානය දීලා හිත ඇතුලට ගත්ත දෙයක්..වේදනාව හෝ සතුටට හේතු උනු නිසා ,හිතේ තියාගෙන ඒ හැගීමට යන්න නොදී තියාගෙන හිත හිත හිටපු දෙයක්..මෙහෙම දේවල් දීර්ග කාලීනව හිතේ පැලවෙනවා කාලයක් යද්දි ඔයාට නොදැනීම..ඔයාටවත් හිතුවත් අයින් කරගන්න බැහැ ඊට පස්සෙ..ඇබ්බැහි නිර්මානය වෙන්නෙ මේවගෙන්..

සතුටට හේතු උනු කාරනයක්නම් එහෙම හිතුවට කමක් නැහැ.තමන්ගෙ ජයග්‍රහණයක් දියුනුවක් වගේ

හැබැයි අපි පුරුදු වෙලා ඉන්නෙ අනවශ්‍ය දේවල් හිත ඇතුලෙ දාගෙන පරිස්සම් කර කර විදවන්න..

දුක හිතෙන,වේදනාවක් ඇතිවෙන,පීඩනයක් ඇතිවෙන,ඔයාට නරකක් වෙන කිසිම හැගීමක් හිත ඇතුලෙ ඇති උනත් තියාගෙන පරිස්සම් කරන්න එපා.දැකලා ඉවත් කරන්න ඇතිවන මොහොතෙම..හරියට දුර්ගන්ධය තියෙන දේවල් ඔයා ගෙදර ඇතුලෙ තියාගන්නෙ නැහැනෙ..අන්න ඒ වගෙ..

ඔයාගෙ හිත ශොපින් බෑග් එකක් කියලා හිතන්නකො..ඒකට දානවා හදුන්කූරක්,දැන් බෑග් එකම සුවදයි..ඊට පස්සෙ දානවා කුනු වෙච්ච එලවලු ..දැන් බෑග් එක හරිම ගඳයි..

ඔයා හිත ඇතුලට ගන්නවා ඔයාගෙ ආගම ඇතිවෙන්නෙ භක්තියක් පහන් සිතිවිල්ලක් අවබෝදයක්..ඒත් එක්ක ඔයාගෙ සිතිවිලි වෙනස් වෙලා ජීවිතේ සුවඳ වෙනවා.ලස්සන වෙනව.ඔයා හිත ඇතුලට ගන්නවා ඔයාට වේදනා දුන්නු දෙන කෙනෙක්..ඔයාගෙ සිතිවිලි ඒ අනුව වෙනස් වෙලා ඔයාගෙ ජීවිතේම අපායක් වෙනවා

හොද දේ උනත් අවශ්‍ය පමනට වඩා හිතේ තියාගැනීමෙන් වෙන්නෙ ,හඳුන්කූරු සුවද උනත් වැඩි උනාම ගඳක් බවට පරිවර්තනය වෙනවා..ඒ වගේමයි හොද සිතිවිල්ල උනත් පමනට වඩා හිතේ තියාගෙන පරිස්සම් කිරීමට යෑමෙන් ඔයාව විකෘති වෙන්න පුලුවන් .

හිත ලග සිකියුරිටි එකක් තියාගන්න..ඒක තමයි අවබෝදය..අවබෝදයෙන් සිතිවිලි ඉවත් කරන්න,ඇතුලට ගන්න..

නිතරම හිත ෆිල්ටර් එකක් කරගන්න..සිතිවිලි යනවා එනවා පිරිසිදු වෙනවා ඒ සිස්ටම් එකට..

ඔයාට සැනසීම ,සතුට කියන දේ ඉතුරු වේවි..

ඉපදෙන මැරෙන මිනිස්සු උනාට, ඒ අතර කාලය ජීවත් වෙන්න ඕනි..ඒ කාලය ප්‍රයෝජනවත් විදියට ජීවත් වෙන්න මේ වචන ටිකත් ,උදව්වක් වේවි..

නිවාරනා 👑️✍️

3 weeks ago | [YT] | 265

නිවාරනා universly clinic

අපි හැමෝම පුරුදු වෙලා ඉන්නෙ ලැබෙන්නෙ නැති දේවල් වෙනුවෙන් "නහින්න"..☺️

එයාට ඒ දේ තියෙනවා මටත් තිබුනනම්,එයා සතුටින් මටත් සතුටින් ඉන්න තිබුනනම් කියලා අපි හිතනවා..

ඉතින් ඇයි බැරි සතුටින් ඉන්න..සතුට හොරු අරන් යන්නෙ නැහැනෙ..ඒක තියෙන්නෙ ඔයා ලඟ..

නැති දේවල් සීයයක වටිනාකමට වඩා,හොදින් හිතුවොත් ඔයාට ලැබිච්ච මිලකල නොහැකි දෙයක් අනිවාර්යයෙන් ම තියෙනවා..ඒක හොයාගන්න..ප්‍රයෝජනයක් ගන්න..අන්න එතකොට ඔයාට ඔයාව මුනගැහෙනවා..ඔයාගෙ සතුටත් හම්බවෙනවා..

ඔයා කියන්නෙ ඔයා,ඔයාට සම කරන්න වෙන කවුරුත් නැහැ..ඉතින් ඔයා ඔයාටම සතුටක්,වයිබ් එකක්,පැටන් එකක්,පැශන් එකක් ,හීනයක් නිර්මානය කරගන්න..ඒක ලස්සනට පාටකරගන්න..අනිවාර්යයෙන් ම ඒක බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙනවා..හරියටම කිව්වොත් ඒක ඔයාගෙ අනන්‍යතාව ..ඒ විදියට අනන්‍යතාව හදාගත්ත සුප්‍රකට මිනිස්සු ඕනෙ තරම් ඉන්නවා..එයාලා හැමෝම අනිත් අයට වඩා වෙනස්..තමන්ට නොලැබුනු දේ පැත්තකට දාලා ලැබුනු දේවල් හොයපු,ප්‍රයෝජන ගත්ත මිනිස්සු..එයාලා අද ජීවතුන් අතර නැතත් ,එයාලගෙ අනන්‍යතාව මේ විශ්වයේ තියෙනවා..

ඔයාටත් තියෙනවා එහෙම හැකියාවක්..අනිවාර්යයෙන් ම තියෙනවා ලැබිච්ච විශේෂ දෙයක්..ඒක හඳුනගෙන ,ඉලක්කයක් හදාගෙන ,ඉලක්කයට යන්න..ඒක ඕනම ක්ෂේත්‍රයක් වෙන්න පුලුවන් ..

"සමහරවිට ඒ විශේෂත්වය ඔයාගෙ ජීවිතයම දවසක වෙනස් කරාවී"❤️🙏
ඔයාට ජයම වේවා..

නිවාරනා 👑️✍️

3 weeks ago | [YT] | 859