Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම
꧁━━━ ••⊰🛞⊱••━━━꧂*මහා පට්ඨාන රාජ යන්ත්‍රය,* *පිරිත් බල යන්ත්‍රය.*꧁━━━ ••⊰🛞⊱••━━━꧂*පින්වත් ඔබ සම්පූර්ණ විස්තරේ කියවා උපේක්ෂාවෙන් කටයුතු කර, ධර්ම දානයට, දායකත්වය ලබාදෙත්වා!!!*⭕. සියළු කාරණා දැනුම් දීමට පෙර මෙම යන්ත්‍ර සැකසීමට හේතු කාරණා වනුයේ, මා වසර ගානක් සිට ධර්ම දානය පිණිස හැමෝටම නොමිලේ, පට්ඨාන විභංග වාරය සජ්ඣායනාව ග්‍රන්ථය, සත්බුදු වන්දනා ග්‍රන්ථය, පටිච්චසමුප්පාදය සහ පට්ඨාන ඥාන වන්දනාව ග්‍රන්ථය, ඇතුළු ග්‍රන්ථය න් විශාල ප්‍රමාණයක්, නොමිලේ බෙදා හැරීමේ, ධර්ම දානය දැනට නැවතී ඇති බැවින්, එයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සොයාගැනීම සඳහාය. යම්කිසි කෙනෙක් වැරදි කෝණයකින් බලා උතුම් බුද්ධ ධර්මය විකුණන් කනවා කියලා දෝස නගන්නට පුළුවන. ඒ වාක්‍ය මට අදාලම නැත. හේතුව නම්, අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත්තේ චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. මේ සියලු ප්‍රතිපාදන සොයන්නේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩ කිරීම සඳහා. යම්කිසි කෙනෙක් මාගේ මේ කටයුත්තට දායක වෙනවා නම් ඔහු හෝ ඇයද ධර්ම දානය පිණිස දායකත්වයක් ලබා දුන්නා හා සමානය. ඒ මාගේ ප්‍රධාන අරමුණ වෙයි.꧁━━━ ••⊰🛞⊱••━━━꧂*අති උතුම් පට්ඨාන සූත්‍රයෙන් සිද්ධි කරවා බලගැන්වූ සියලු දේ*👇👇👇👇👇👇👇01 කර පලඳින යන්ත්‍ර ය02 නිවසේ ව්‍යාපාරික ස්ථානයේ සහ වෙහෙර විහාර වල නිදන් වස්තු හැටියට තැන්පත් කිරීමට රාමු කළ යන්ත්‍රය.03 ඔබගේ යාන වාහනවල අතුරු අනතුරු වලින් මිදීමට රාමු කළ යන්ත්‍රය 04 උතුම් පට්ඨාන රාජ තෛලය. ඉහත සඳහන් කරුණු සැමට යොදාගත හැකියි. 05 පට්ඨාන රන් තැඹිලි තෛලය06 යන්ත්‍ර සහ තෛලවලින් අටකොන ආරක්ෂාවඉහත සඳහන් මේ සියලු දේ, සහන මිලකට ලබාදීමට කටයුතු යොදා ඇත.*꧁━━━━ ••⊰🛞⊱••━━━━꧂ ⭕. *මහා පට්ඨාන රාජ යන්ත්‍රය යනු, අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සම්බුද්ධත්වයට පත්වීමෙන්, සතරවන සතියේ රුවන් ගෙයි වැඩසිට, අභිධර්ම පිටකය දේශනා කළ සේක. අභිධර්මය දේශනා වේ අවසාන ප්‍රකරණය පට්ඨාන මහා ප්‍රකරණයේ, අනන්තනය සමන්නාගත සමන්ත පට්ඨාන සජ්ඣායනාව ඇසුරින්, සූවිසි ප්‍රත්‍ය, ශබ්ද ශාස්ත්‍රානුකූලව, අංක විද්‍යානුකූලව පෙර විසූ සෘෂිවරුන් විසින් සකස් කර, පුස්කොළ පත්වල සඳහන් යන්ත්‍රයකි. මහා පට්ඨාන රාජ යන්ත්‍රය.* ⭕. *මෙම යන්ත්‍රයේ ප්‍රධාන ගුණ සහ භාවිතයන් පහත දැක්වේ:* ⭕. *සියලු ග්‍රහ අපල කරදර මෙම යන්ත්‍රය යෝග්‍ය වේ.*⭕. *ධන ලාභ හා දියුණුව: නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ තැන්පත් කිරීමෙන් ධන සම්පත් හා භව භෝග ලාභ උදා කරන බවට දැඩි විශ්වාසයක් පවතී.*⭕. *අනපේක්ෂිත ධන සම්පත්: සිතන පතන දුර්ලභ පැතුම් ඉටු කරමින් , ආර්ථික අතින් ස්ථාවර වීමට උපකාරී වේ.*⭕. *වාසනාව උදාවීම: නිවසට වාසනාව කැඳවාගෙන ඒමට සහ සියලු බාධක දුරු කර ගැනීමට උපකාරී වන ආරක්ෂාවක් ලෙස සැලසේ* ⭕. *මෙමගින් ඇස්වහ, කටවහ, හෝවහ නොවදී.*⭕ *නිවෙසට, ඇඟට, බුද්ධ ගුණය කැටිව බ්‍රහ්ම හා දේව ආකර්ෂණය ලැබී දිනෙන් දින දියුණුව ඇතිවේ. පහත් මිථ්‍යා දෘෂ්ටියෙන් ගැලවීමට මිණිපහනකි.*⭕ *ස්ත්‍රී පුරුෂ සැමට පොදුයි. කිලි නොවදී* ⭕ *ගෙවල් ආරක්ෂාවට. වැලි, ගල්,තෙල්, නූල්, මූහුදු වැලි, වතුර රැගෙන සිද්ධි කර නිවෙස වටා, වත්ත වටා අට කොන සතුන් හඬන්නට පෙර වළලන්න. පූර්ණ ආරක්ෂාව ලැබේ.*⭕ *ව්‍යාපාරික ස්ථාන දියුණුව,මුදල් ආකර්ෂණය සදහා මෙය ඉතා බලගතු යන්ත්‍රයකි.*⭕ *විශේෂයෙන්ම මෙය සර්වජන වශියක් ලෙසද භාවිත කල හැක.* ⭕. *සාම්ප්‍රදායිකව මෙම යන්ත්‍රය තඹ හෝ රන් පතක අති ගාම්සභීර සූවිසි ප්‍රත්‍ය උපයෝගී කර සකස් කරනු ලබයි. දිනපතාම පට්ඨානය සජ්ඣායනාව කරන නිවෙස්වල මිණි පහනකි. නිවසෙහි, ව්‍යාපාරික ස්ථාන, වාහන රාමු කර එල්ලා තැබීමෙන් ත්‍රිවිධ රත්නය සිහිවීමක් වන බැවින් මනසට සුවයක් ද ගෙන දේ සියලු අනතුරු වලින් මිදීමට. ප්‍රබල ආරක්ෂාවකි.* ⭕. *වින බන්ධන පුපුරවා යකුන් භූතයන් ප්‍රේතයන් ගේ දොස් දුරු කර,ආරක්ෂාව බ්‍රහ්ම රාජයාණන් වහන්සේලා ගේ පිහිට, දෙවියන් ගේ ආරක්ෂාව ලගා කරදෙන මහා පට්ඨාන රාජ යන්ත්‍රය, සූවිසි ප්‍රත්‍ය පිරිත් බල සිද්ධි යන්ත්‍රය.* ⭕. *අපේ මහාසෘෂි වූ ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද, පට්ඨාන ය, ධජග්ග පිරිත, දස මාර පිරිත, රතන සූත්‍රය, යක්ෂ භය, රෝග භය, දුර්භික්ෂ භය යන භයත්‍රයන් දුරු කිරීමට පුරාණයේ සිට යොදා ගැනේ. දරුණු යකුන්, යක්ෂණියන් ප්‍රේතයන් හා අමනුෂ්‍ය දිෂ්ටි බන්ධනය කර ඇති වින බන්ධන තම නමට, නිවෙසට,භූමියට, වතුපිටි, කුඹුරුවලට, වෙළෙඳ ව්‍යාපාර, කර්මාන්ත ආදී ස්ථානවලට කර ඇති සියලු බන්ධන මින් දුරු කළ හැකිය. බන්ධනය කර ඇති භූතයන් භේද කම්පිතව ප්‍රකම්පිතව වෙව්ලා යන තරම් ප්‍රබල වූ මෙම මහා පට්ඨාන රාජ යන්ත්‍රය ගෙල පැලඳීම ඉහත දක්වා ඇති අශුභඵල දුරු වී ශුභඵල උදාකර ගත හැකිය*මහා පට්ඨාන රාජ යන්ත්‍රය සුභ නැකැත්, අනු මා අතින්ම පත්බිඳ විද්‍යානුකූලව ඇඳ, සිද්ධි කල යන්ත්‍ර රත්නයකි. මෙම යන්ත්‍රය මෑත කාලයේ දකින්නට නොලැබෙන මාගේ ගුරු පරම්පරාවේ ඉගනීම අනුව සකස්කර ඇත. සෑම තැනම දකින්න ට තිබෙන්නේ මැෂින් වලින් අච්චු ගැසු යන්ත්‍ර ඒවායින් නම් පලක් නැත.සියළු දෙනාටම පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා කියා හදවතින්ම අධිෂ්ඨාන කර ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷සියළු විමසීම්: 071 170 4683 වට්සැප්,ඊ.ඒ. සනත් කුමාරආධ්යාත්මිකවේදී,ශාස්ත්‍රපති ගෞරව,කේ. පී. ජ්‍යෝතිෂ් විද්‍යා රත්න,(ඉන්දියා-ක්‍රිෂ්ණමුර්ති)භාරත භාෂ්කර ශිරෝමණී ගෞරව,සම්මාන ලාභිප්රවීණ ජ්‍යෝතිර්වේදි වාස්තුවේදී හස්‍ථරේඛා ශ්‍රාස්ත්‍රඥ,💦💦💦💦💦💦💦ඔන්ලයින් වට්සැප් හරහා ශාස්ත්‍රීය කටයුතු සඳහා විමසන්න 071 170 4683🔱🔱🔱🔱🔱🔱🔱
3 days ago | [YT] | 8
View 3 replies
꧁━━━•••⊰🛞⊱•••━━━꧂*බුද්ධ සාසනං තිරංතිට්ඨතු!!!*꧁━━━•••⊰🛞⊱•••━━━꧂*පටිච්චසමුප්පාදය ලිපි මාලාව*꧁━━━•••⊰🛞⊱•••━━━꧂ *අවිද්‍යාව පළමු ලිපිය *꧁━━━•••⊰🛞⊱•••━━━꧂පටිච්චසමුප්පාද ධර්ම පද්ධතිය තුළ *අවිද්‍යාව* යනු සත්වයා සංසාර චක්‍රයෙහි බැඳ තබන මූලිකම මල පුරුකයි. බුදුදහමට අනුව පටිච්චසමුප්පාදය යනු හේතුඵල දහමයි. එහි ආරම්භක අවස්ථාව ලෙස සැලකෙන්නේ අවිද්‍යාවයි. *මෙය සරලව නොදැනුවත්කම ලෙස හැඳින්විය හැකි වුවද ගැඹුරු දාර්ශනික අර්ථයෙන් ගත්කල එය පරමාර්ථ සත්‍යය වසාගෙන සිටින මෝහාන්ධකාරයයි.*අවිද්‍යාවේ ස්වභාවය සහ නිර්වචනයපාලි මූලාශ්‍රයන්හි අවිද්‍යාව නිර්වචනය කරන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳ ඇති නොදැනුවත්කම ලෙසයි.꧁━━━•••⊰🛞⊱•••━━━꧂🔥*සම්මජ්ජිට්ඨි සූත්‍රයෙහි එන පරිදි...*꧁━━━•••⊰🛞⊱•••━━━꧂*"දුක්ඛේ අඤ්ඤාණං, දුක්ඛසමුදයේ අඤ්ඤාණං, දුක්ඛනිරෝධේ අඤ්ඤාණං, දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය අඤ්ඤාණං. අයං වුච්චති ආවුසෝ අවිජ්ජා."*( දුක පිළිබඳ නොදැනීම, දුක ඇතිවීමේ හේතුව පිළිබඳ නොදැනීම, දුක නැති කිරීම පිළිබඳ නොදැනීම සහ දුක නැති කිරීමේ මඟ පිළිබඳ නොදැනීම අවිද්‍යාව නම් වේ.)*මෙම නොදැනීම හුදෙක් පොතපතේ දැනුම අඩුවීමක් නොව පංචස්කන්ධයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ස්වභාවය වටහා ගැනීමට ඇති නොහැකියාවයි. ලෝකය දෙස 'මම' සහ 'මගේ' යන දෘෂ්ටියෙන් බැලීමට පෙළඹවීම අවිද්‍යාවේ මූලික ලක්ෂණයයි.*පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුළ අවිද්‍යාවේ කාර්යභාරයපටිච්චසමුප්පාද විග්‍රහයේදී "අවිජ්ජා පච්චයා සංඛාරා" යනුවෙන් දැක්වෙන්නේ අවිද්‍යාව හේතුවෙන් සංස්කාර හෙවත් චේතනාත්මක ක්‍රියා හටගන්නා බවයි. අවිද්‍යාවෙන් මුළා වූ තැනැත්තා සැපය යැයි සිතා දුකට හේතු වන දේම කරයි. ඔහු *පින්කම් (පුඤ්ඤාභිසංඛාර),* *පව්කම් (අපුඤ්ඤාභිසංඛාර)* හෝ *ධ්‍යාන වැඩීම් (ආනෙඤ්ජාභිසංඛාර)* යන ඕනෑම ක්‍රියාවක නිරත වන්නේ තමා කියා සත්වයෙක් පුද්ගලයෙක් ඇතැයි යන මුළාව මත පිහිටාය.අවිද්‍යාව පවතින්නේ හුදෙකලාව නොවේ. එය ආශ්‍රව ධර්මයන් හා බැඳී පවතී. ꧁━━━•••⊰🛞⊱•••━━━꧂*සම්මා දිට්ඨි සූත්‍රයෙහිම සඳහන් වන පරිදි...*꧁━━━•••⊰🛞⊱•••━━━꧂*"ආසව සමුදයා අවිජ්ජා සමුදයෝ, ආසව නිරෝධා අවිජ්ජා නිරෝධෝ."*(ආශ්‍රවයන්ගේ හටගැනීමෙන් අවිද්‍යාව හටගන්නා අතර, ආශ්‍රවයන් නිරුද්ධ වීමෙන් අවිද්‍යාව නිරුද්ධ වේ.)මෙය චක්‍රීය ක්‍රියාවලියකි. *කාම ආශ්‍රව, භව ආශ්‍රව සහ අවිද්‍යා ආශ්‍රවයන් විසින් අවිද්‍යාව පෝෂණය කරනු ලබයි.* මෙය නූල් බෝලයක් පටලැවී ඇති ආකාරයට සත්වයා භවයෙන් භවයට ඇදගෙන යයි. අවිද්‍යාව සහ සෙසු ප්‍රත්‍යයන්ගේ සම්බන්ධයඅවිද්යාව නිසා සංස්කාරත් සංස්කාර නිසා විඤ්ඤාණයත් හටගන්නා ආකාරය දාමයක් මෙන් විහිදී යයි.*"අවිජ්ජායත්වේව අසේසවිරාගනිරෝධා සංඛාරනිරෝධෝ"* යන බුදු වදනට අනුව අවිද්‍යාව සහමුලින්ම ප්‍රහීණ කිරීමෙන් පමණක් මේ දුක්ඛ රැස නිරුද්ධ කළ හැකිය.*අවිද්‍යාව යනු යම් දෙයක් නොමැති තැනක ඇති බව පෙන්වන මායාවකි.* උදාහරණයකට මිරිඟුව දෙස බලා ජලය ඇතැයි සිතා දුවන මුවෙකු මෙන් පංච උපාදානස්කන්ධය තුළ *ආත්මයක්* ඇතැයි සිතා සත්වයා විවිධ කර්ම රැස් කරයි. *මෙම ක්‍රියාවලිය විස්තර කිරීමට විභංගප්පකරණයේ එන මෙම පාඨය වැදගත් වේ...**"තත්ථ කතමා අවිජ්ජා? යං අඤ්ඤාණං අදස්සනං... මෝහෝ අකුසලමූලං. අයං වුච්චති අවිජ්ජා."**මෙහි 'අදස්සනං' යනු දැකිය යුතු දේ (යථාභූත ඥානය) නොදැකීමයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ධර්මතාවන්ගේ උදය-වැය (හටගැනීම හා විනාශය) දැකීමට අවිද්‍යාව ඉඩ නොදෙයි.*අවිද්‍යාව ප්‍රහීණ කිරීමඅවිද්යාව දුරු කළ හැක්කේ විද්‍යාව හෙවත් ප්‍රඥාව උදාකර ගැනීමෙනි. එය ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් සිදු වන්නකි. පටිච්චසමුප්පාදයේ අනුලෝම පිළිවෙළින් සත්වයා බැඳෙන ආකාරයත් ප්‍රතිලෝම පිළිවෙළින් සත්වයා නිදහස් වන ආකාරයත් පැහැදිලි කෙරේ.*"අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ" - අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැතිවේ.* මෙය අර්හත් මාර්ග ඥානය උදාවීමත් සමඟ සිදුවන්නකි. අවිද්‍යාව ප්‍රහීණ වූ රහතන් වහන්සේගේ ක්‍රියාවන් තවදුරටත් 'සංස්කාර' ලෙස විපාක ලබා දීමට සමත් නොවේ. ඒවා හුදෙක් 'කිරිය' (ක්‍රියා) මාත්‍රයක් පමණක් බවට පත්වේ.*සංසාරය නමැති මහා සාගරයේ සත්වයා ගිලී සිටින්නේ අවිද්‍යාව නමැති අන්ධකාරය නිසාවෙනි. පටිච්චසමුප්පාදය තුළ අවිද්‍යාව මුලට තබා විස්තර කරන්නේ එහි ඇති ප්‍රබලත්වය නිසාය. මහා නිදාන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිදි මෙම ධර්මය ගැඹුරුය. ගැඹුරු ලෙස පෙනෙයි. අවිද්‍යාව නිසාම සත්වයා මේ ලෝකය නූල් බෝලයක් මෙන් පටලවාගෙන ඇති අතර එයින් මිදීමට නම් අවිද්‍යාව දුරු කර විද්‍යාව (ප්‍රඥාව) ලබාගත යුතුය...* *අවිද්‍යාව යනු හුදෙක් බාහිර ලෝකය පිළිබඳ දැනුමක් නොමැතිකම නොව තමාගේම චිත්ත සන්තානය තුළ පවතින ඇතිවෙමින් නැතිවෙමින් පවතින ධර්මතාවන්ගේ අනිත්‍ය බව වටහා නොගැනීමයි. එම මුළාව දුරු කිරීමම නිවනට මඟයි...* *තෙරුවන් සරණයි* !!!*දෙවි පිහිටයි* 🙏🙏🙏ධර්ම දානය පිණිස ශෙයා කරන්න
3 months ago | [YT] | 37
View 0 replies
තෙරුවන් සරණයි පින්වත් ඔබ සැමට හැකි සෑම දෙනාම බුදුගුණ වඩා එකට අධිෂ්ඨාන කරමු ලෝක සත්වයා සුවපත් වේවා කියල
4 months ago | [YT] | 51
View 2 replies
*පිංවත් ඔබට ප්‍රඥාවට පත්වෙන්න විශේෂ කාරණාවක්*සෑම තැනකම මෙය සෙයා කරන්න සබ්බ දානං ධම්ම දානං ජිනාති. ලෝකයේ උතුම්ම දානය ධර්ම දානයයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏*තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් ඔබ ප්‍රඥාවට පත්වෙන්න.* *අද සමාජයේ ප්‍රචලිත වෙලා තියෙන වාක්‍ය වන්නේ සිතන දේ වෙන්නැති බවයි. එය අමූලික මුසාවක්.* *හොඳම උදාහරණය: බෝධිසත්වයන් වහන්සේලා, සම්මා සම්බුද්ධත්වයට පාරමිතා පුරන්නේ, සිත මූලික කරගෙනයි.**භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුවත්, දේශනා කර තිබෙන්නේ.සිත ඩඩන පිළිවෙලක්* *ඒ බව පැහැදිලිව දේශනා කර තියෙනවා පැහැදිලිවම. භාවනා වඩනවා කියන්නේ සිත වැඩීමයි.* *ප්‍රඥාවෙන් මෙහෙයවීමයි. පිංවත් ඔබ ධර්ම විකෘති දේශනා වලින් මිදී,**සීල සමාධි ප්‍රඥා වැඩේවා!! උතුම් පාරමිතා* *ධර්ම උපනිශ්‍රය කර, ප්‍රාරිථනීය බෝධිය කින්, උතුම් නිර්වාණය උපනිශ්‍රය වේවා කියලා* *හදවතින්ම අධිෂ්ඨාන කර ප්‍රාර්ථනා කරනව.**සාදු!!!සාදු!!! සාදු!!!*මෛත්‍රී පාරමිතා ආශිර්වාද සමූහය පට්ඨාන සජ්ඣායනාව සමූහය මෛත්‍රී සමත විදර්ශනා සමූහය⚜️🔱⚜️🔱⚜️🔱⚜️🔱
5 months ago | [YT] | 18
*꧁━━━━••⊰🛞⊱••━━━━꧂**බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති, භාවනාව**꧁━━━━••⊰🛞⊱••━━━━꧂**සූවිසි ගුණ මෙනෙහි කිරීම**꧁━━━━••⊰🛞⊱••━━━━꧂**මේ උතුම් සූවිසි ගුණ මෙනෙහි කරමින් භාවනා කිරීමෙන් ඔබගේ ජීවිතයේ සියලුම ලෞකික ලෝකෝත්තර සැප ළඟා කර ගැනීම පිණිස හේතු වාසනා වෙනවා සත්‍යයි සහතිකයි. නමුත් ආමිස හෝ ප්‍රතිපත්ති පූජා කිරීමේදී යම් දෙයක් අපේක්ෂාවෙන් නොකරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අපේක්ෂාව මුදුන්පත් කිරීමට වෙර දරන ඔබට එහි ප්‍රතිඵලය සාක්ෂාත් කර ගැනීමට අපහසු වනු ඇත. එම නිසා පින්වත් ඔබ කිසිදු දෙයක් අපේක්ෂා නොකොට ප්‍රතිපත්තියේ පිහිටනු. එය සියල්ලෙන් ජය ගැනීමට හේතු වේ. දිනකට එක ගමනක් හෝ උදේ සවස මෙනෙහි කිරීම සිදුකරන්න**꧁━━━━••⊰🛞⊱••━━━━꧂**නව අරහාදී බුදු ගුණ ය මෙනෙහි කිරීම**꧁━━━━••⊰🛞⊱••━━━━꧂*🙏🙏🙏🙏🙏🙏🙏🙏*(01) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාග, ද්වේශ, මෝහ, නැමැති, තණ්හා සිත මුළුමනින්ම, දුරු කල හෙයින් ද අරහං නම්වන සේක.*🌼🌼🌼🌼🌼🌼🌼🌼*(02) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය තමන් වහන්සේ ගේම නූවණින් අවබෝධ කල බැවින් සම්මා සම්බුද්ධ නම්වන සේක.*🌼🌼🌼🌼🌼🌼🌼🌼*(03) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිත, කය, වචනය, පිරිසිදු කර ගත් හෙයින්, ආසවක්ඛ්‍ය ඥානයෙන් පරිපූර්ණ වූ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම්වන සේක.*🌼🌼🌼🌼🌼🌼🌼🌼*(04) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය මැනවින් පරිපූර්ණ වූ බැවින් සුගත නම්වන සේක.*🌼🌼🌼🌼🌼🌼🌼🌼*(05) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය, යන තුන් ලෝකයෙන්ම මිදුන බැවින්, ලෝක වීදූ නම් වන සේක.*🌼🌼🌼🌼🌼🌼🌼🌼*(06) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නරක නපුරු සිත්, මහා කරුණා මෛත්‍රියෙන් දමනය කළ බැවින්, පුරිස ධම්ම සාරතී නම් වන සේක.*🌼🌼🌼🌼🌼🌼🌼🌼*(07) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, මිනිසුන් සියළු ලෝකයෙන් ගලවා නිර්වාණය ට යොමු කළ බැවින් සත්ථාදේවමනුස්සානං නම් වන සේක.*🌼🌼🌼🌼🌼🌼🌼🌼*(08) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දුකින් මිදී අන් අයද දුකින් මිදවීමට චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළහ බැවින් බුද්ධ නම් වන සේක.*🌼🌼🌼🌼🌼🌼🌼🌼*(09) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, මේ සියළු ගුණ දරා සිටීමට සුදුසු වූ බැවින් භගවා නම් වන සේක.**꧁━━━━••⊰🛞⊱••━━━━꧂**දහම් ගූණ මෙනෙහි කිරීම**꧁━━━━••⊰🛞⊱••━━━━꧂*🌻🌻🌻🌻🌻🌻🌻🌻*(01) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය මුල, මැද, අංග, පිරිසිදුව දේශනා කර ඇති බැවින්, ස්වාක්ඛාත නම් වන සේක.* 🌻🌻🌻🌻🌻🌻🌻🌻*(02) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය, අවබෝධ කළ සැණින් ප්‍රතිඵල ලැබෙන බැවින්, සන්දිට්ඨික නම් වන සේක.*🌻🌻🌻🌻🌻🌻🌻🌻*(03) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, දේශනා කළ ශ්‍රී සද්ධර්මය සෑම මොහොතකටම ගැලපෙන බැවින් අකාලික නම් වන සේක.* 🌻🌻🌻🌻🌻🌻🌻🌻*(04) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය, ඕනෑම කෙනෙකුට පෙන්විය හැකි බැවින්, ඒහිපස්සික නම් වන සේක.* 🌻🌻🌻🌻🌻🌻🌻🌻*(05) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, දේශනා කළ ශ්‍රී සද්ධර්මය, තමා තුළින් දැකිය යුතු හැකි බැවින්, ඕපනයික නම් වන සේක.* 🌻🌻🌻🌻🌻🌻🌻🌻*(06) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය, තම තමන්ගේ නැණ නුවණින් දැකිය හැකි බැවින්, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීතී නම් වන සේක.* *꧁━━━━••⊰🛞⊱••━━━━꧂**සංඝ ගුණ මෙනෙහි කිරීම**꧁━━━━••⊰🛞⊱••━━━━꧂*🪷🪷🪷🪷🪷🪷🪷🪷*(01) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ, ආර්ය සංඝරත්නය, රාග ද්වේශ මෝහ නැණ නුවණින්, යුක්ත වූ බැවින්, සුපටිපන්න නම් වන සේක.*🪷🪷🪷🪷🪷🪷🪷🪷*(02) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය සංඝරත්නය, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු පුහුණු කරන බැවින්, උජුපටිපන්න නම් වන සේක.* 🪷🪷🪷🪷🪷🪷🪷🪷*(03) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය සංඝරත්නය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය, අවබෝධ කරගත් බැවින්, ඤායපටිපන්න නම් වන සේක.*🪷🪷🪷🪷🪷🪷🪷🪷*(04) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය සංඝරත්නය අවබෝධ කරගත් චතුරාර්ය සත්‍යය ධර්මය, අන් අයටද කියා දෙන බැවින්, සාමීචිපටිපන්න නම් වන සේක.* 🪷🪷🪷🪷🪷🪷🪷🪷*(05) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය සංඝරත්නය දුරක සිටියත් සිව්පසයෙන්, පූජා කරන්නට සුදුසු වූ බැවින්, ආහුනෙය්ය නම් වන සේක.*🪷🪷🪷🪷🪷🪷🪷🪷*(06)ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය සංඝරත්නය ආගන්තුකව වැඩම කළ විට, සිව් පසයෙන් පූජා කිරීමට සුදුසු බැවින්, පාහුනෙය්‍ය නම් වන සේක.*🪷🪷🪷🪷🪷🪷🪷🪷*(07) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය සංඝරත්නයට මාර්ග ඵලය සලකාගෙන, දානමානාදියෙන් පූජා කිරීමට සුදුසු බැවින්, දක්ඛිනෙයිය නම් වන සේක.*🙏🙏🙏🙏🙏🙏🙏🙏💦💦💦💦💦💦💦💦*තමන්ගේ ලෞකික ජීවිතේ නොයෙකුත් අපල කරදර බාධක මුදල් ගනුදෙනු බාධක ආදී නොයෙකුත් කරදර වලට සත්‍ය වශයෙන්ම මෙම සූවිසි ගුණ මෙනෙහි කරණ භාවනාව වඩා සත්‍යයක් ක්‍රියා කර දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. දිගටම මාස තුනක් පමණ කරන විට සියලු රෝගවලින් ආරක්ෂා වෙලා සියල්ල ජය ගනී. සත්‍යයි සහතිකයි.*💦💦💦💦💦💦💦💦*සබ්බ දානං ධම්ම දානං ජිනාති. මේ උතුම් භාවනාමය කමටහන පින්වත් හැමෝටම share කරන්න.*💦💦💦💦💦💦💦💦*තෙරුවන් සරණයි දෙවි පිහිටයි*🙏🙏🙏🙏🙏🙏🙏🙏*මෛත්‍රී පාරමිතා ආශිර්වාද සමූහය* 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️*පට්ඨාන සජ්ඣායනාව සමූහය*🪷🪷🪷🪷🪷🪷🪷🪷
7 months ago | [YT] | 17
(A) 01*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂**අනන්තනය සමන්නාගත පට්ඨාන විභංග වාරය සිංහල අරුත දැනගන්න.**꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂**හේතු ප්‍රත්‍ය විභාගය**(01)හේතු පච්චයොති*🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🔴(01) කුසලෝදම්මෝ කුසලස්ස ධම්මස්ස හේතු පච්චයේන පච්චයො කුසලාහේතූ සම්පයුත්තකානං ඛන්දානං හේතු පච්චයේන පච්චයො*සිංහල තේරුම:*කුසල ධර්මයක්: ප්‍රත්‍යොත්පන්නයෝ, කුසල ධර්මයකට හේතු ප්‍රත්‍ය ශක්තියෙන් ඉපදීමට පැවැත්වීමට උපකාර කෙරේ.කුසල හේතු තුන නම්: (අලෝභ, අදෝස, අමෝහ,): එක්ව යෙදෙන ස්කන්ධයන්ට හෙවත් වේදනා සංඥා සංඛාර විඤ්ඤාණයන්ට හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරෙයි.🔴(02) කුසලෝ දම්මෝ අබ්ය්‍යාකතස්ස ධම්මස්ස හේතු පච්චයේන පච්චයො කුසලා හේතු: චිත්ත සමුට්ඨානානං රූපානං හේතු පච්චයේන පච්චයො. *සිංහල තේරුම:*කුසල ධර්මයක් අව්‍යාකෘත හෙවත් කුසල අකුසල නොවන ධර්මයන්ට හේතු ප්‍රත්‍යයෙන් උපකාර කෙරේ. කුසල හේතු තුන සිතෙන් උපදින රූපයන්ට හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ.🔴(03) කුසලෝ ධම්මෝ කුසලස්සච අබ්ය්‍යා කතස්සච ධම්මස්ස හේතු පච්චයේන පච්චයෝ කුසලාහේතු සම්පයුත්තකානං ඛන්ධානං චිත්තසමුත්තානානංච රූපානං හේතු පච්චයේන පච්චයො. *සිංහල තේරුම:*කුසල ධර්මයක් කුසල් හා අව්‍යාකෘතයන්ට හේතු ප්‍රත්‍යයෙන් උපකාර කෙරේ. කුසල හේතු තුන එක්ව යෙදෙන ස්කන්ධයන්ට චිත්තජ රූපයද, හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරෙයි.🔴(04) අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතු ප්‍රච්චයේන පච්චයෝ. අකුසලා හේතු සම්පයුත්තකානං ඛන්ධානං හේතු පච්චයේන පච්චයො. *සිංහල තේරුම:*අකුසල ධර්මයක් අකුසල ධර්මයකට හේතු ප්‍රත්‍යයෙන්, ප්‍රත්‍ය වේ.අකුසල හේතු තුන නම්: (ලෝභ දෝස මෝහ) මේවා එක්ක හටගන්නා ස්කන්ධයන්ට (චිත්ත චෛතසිකයන්ට) හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ.🔴(05) අකුසලෝ ධම්මෝ අබ්‍යාකතස්ස ධම්මස්ස හේතු පච්චයේන පච්චයො. අකුසලා හේතු චිත්තසමුට්ඨානානං රූපානං හේතු පච්චයේන පච්චයො. *සිංහල තේරුම:*අකුසල ධර්මයක් ව්‍යාකෘත ධර්මයකට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ.අකුසල හේතු තුන, චිත්තජ රූපයන්ට හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ.🔴(06) අකුසලෝ ධම්මෝ අකුසලස්ස ච අබ්‍යාකතස්ස ච ධම්මස්ස හේතු පච්චයේන පච්චයෝ. අකුසලා හේතු සම්පයුත්තකානං ඛන්දානං චිත්තසමුට්චටානානඤච රූපානං හේතු පච්චයේන පච්චයො. *සිංහල තේරුම:*අකුසල ධර්මයක් අකුසල හා අබ්‍යාකත ධර්මයකට හේතු ප්‍රත්‍ය ශක්තියෙන්, ප්‍රත්‍යවේ. අකුසල හේතු තුන: එක්ක යෙදෙන ස්කන්ධයන්ටත්, චිත්තජ රූපයන්ටත් හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ.🔴(07) අබ්‍යාකතෝ ධම්මෝ: අබ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයො. විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා හේතු, සම්පයුත්තකානං ඛන්දානං චිත්තසමුට්ඨානාඤච රූපානං හේතු පච්චයේන පච්චයෝ. *සිංහල තේරුම:*අව්‍යාකෘත ධර්මයක්: අව්‍යාකෘත ධර්මයකට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. විපාක අව්‍යාකෘත, කිරිය අව්‍යාකෘත, හේතු තුන නම් (අලෝභ අදෝස අමෝහ) එක්ව යෙදෙන ස්කන්ධයන්ට ච්ත්තජ රූපයන්ටද, හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ.🔴(08) පටිසන්ධික්ඛනේ: විපාකාබ්‍යාකතා හේතු: සම්පයුත්තකානං ඛන්ධානංකටත්තාච රූපානං හේතු පච්චයේන පච්චයෝ. *සිංහල තේරුම:*පටිසන්ධි කාලයෙහි විපාක: අව්‍යාකෘත හේතු (අලෝභ, අදෝස, අමෝහ,) එක්ව යෙදෙන ස්කන්ධයන්ට කර්මයෙන් හටගත්තාවූ, රූපයට හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ.🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞හේතු පච්චය ඥානෙනජබ්බන්න රංසි භාසුරංසම්බුද්ධං සබ්බදස්සාවිංවන්දාමි පූජයාමහං *සිංහල තේරුම:*හේතු ප්‍රත්‍ය පිළිබඳ අවබෝධ ඤාණයෙන් සවනක් සම්බුදු රැසින් බබලන සියල්ල දක්නා ඒ සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේට වඳිමි පුදමි.🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻අනන්තනය සමන්නාගත යන් පට්ඨාන විභංග වාර පාලිය හේතු ප්‍රත්‍ය විභාගය නිමි.⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️තෙරුවන් සරණයි දෙවි පිහිටයි.💦💦💦💦💦💦💦💦සැකසුම:පට්ඨාන සජ්ඣායනාව සමූහය,මෛත්‍රී පාරමිතා ආශිර්වාද සමූහය,නිර්මාතෘ: ඊ.ඒ. සනත් කුමාර. ⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️
9 months ago | [YT] | 12
*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂* *සතිපට්ඨාන විපස්සනා භාවනා**꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*අදහස් දැක්වීම අංක 01 ලිපිය *꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*සබ්බ දානං ධම්ම දානං ජිනාති. ධර්ම අවබෝධය පිණිස සම්පූර්ණ ලිපිය කියවන්න.සතිපට්ඨාන විපස්සනා භාවනානමැති මේ පොත බෞද්ධයන් අතීතයේ පටන් බෙභෙවින් භාවිත කරන ගරු කරන මහා සතිපට්ඨාන සූත්‍රයේ අර්ථ විවරණයෙකි. මහා සතිපට්ඨාන සූත්‍රය වනාහි මෙහි අර්ථය එසේ ද මෙසේ ද මෙයින් දැක්වෙන්නේ මෙය ද අනිකක් ද කියා උගතුන්ට පවා සැක පහළ කරවන නිශ්චයකට පැමිණීමට දුෂ්කර ස්ථාන බොහෝ ඇති ඉතා ගැඹුරු සූත්‍ර ධර්මයකි. භාෂා ශාස්ත්‍ර උගෙන ඇති පමණින් සතිපට්ඨාන සූත්‍රය තේරුම් ගත නො හැකි ය. මේ සූත්‍රයට පිරිසිදු පැහැදිලි අර්ථ විවරණයක් කළ හැකි වීමට භාෂා ශාස්ත්‍ර දැනුමක් තිබිය යුතු ය. අභිධර්මය පිළිබඳ උසස් දැනුමක් ද තිබිය යුතු ය. චිරකාලයක් පවත්වන ලද යෝගාභ්‍යාසයක් තිබිය යුතු ය. බොහෝ යෝගීන් ඇසුරු කර තිබිය යුතුය. ඔවුන් හා නොයෙක් වර සාකච්ඡා පවත්වා තිබිය යුතු ය. ධර්ම ගරුකයකු විය යුතු ය.ශ්‍රී ලංකා ශෙවජින් නිකායේ මහා නායක ධුරන්ධර ආචාර්යයදෙවිනුවර ඤාණාවාසස්ථවිරයන් වහන්සේ කියන ලද සකලාඞ්ගයන්ගෙන්ම පරිපූර්ණ මහා ස්ථවිර නමකි. උන් වහන්සේ පාලි සංස්කෘත බුරුම ආදී භාෂා පිළිබඳ උසස් දැනුමක් ඇතියෙකි. අභිධර්මය පිළිබඳ විශේෂ දැනුමක් ඇතියෙකි. ත්‍රිපිටක ධර්මය ගිහි පැවිදි බොහෝ සිසුන්ට දීර්ඝ කාලයක් උගන්වා ඇති ධර්මාචාර්යවරයෙකි. දීර්ඝ කාලයක් කරන ලද යෝගාභ්‍යාසය ඇතියෙකි. කර්මස්ථානාචාර්යවරයෙකි. බුරුමයේ හා තවත් රටවල අති ප්‍රසිද්ධ අග්ග මහා පණ්ඩිතමහාසී සයාඩෝනමැති කර්මස්ථානාචාර්යය මහා ස්ථවිරයන් වහන්සේ ආදි බොහෝ යෝගාවචරයන් ඇසුරු කර ඇතියෙකි. ඔවුන් හා සාකච්ඡා පවත්වා ඇතියෙකි. විදර්ශනා භාවනාව පිළිබඳ වූ පාලි සිංහල පොත් පමණක් නොව බොහෝ බුරුම පොත් ද භාවිත කර ඇත්තෙකි. භාවනා ක්‍රම පිළිබඳ පරීක්ෂණ පවත්වා ඇතියෙකි. භාවනා ගැන අත් දැකීම් ඇතියෙකි. කරුණු මෙසේ හෙයින් දෙවිනුවර ඥාණාවාස ස්ථවිරයන් වහන්සේ සතිපට්ඨාන සුත්‍රයට අර්ථ විවරණයක් කිරීමට ඉතා සුදුසු තෙර නමකි. උන් වහන්සේ අතින් ලියවුණු මේ අගනා ධර්ම ග්‍රන්ථය නිවන් මඟ සොයන ගිහි පැවිදි පින්වතුන්ට ඉමහත් ආලෝකයක් බව කිය යුතු ය.දහම් පාසල් ආදියෙහි සතිපට්ඨාන සූත්‍රය උගන්වන ගුරුවරුන් විසින් ද පැහැදිලි පොතක් නැතිකමින් සතිපට්ඨාන සූත්‍රය උගැන්වීම දුෂ්කර වී ඇති බව නොයෙක් විට කියනු ඇසේ. සුදුසු පොතක් නැති බැවින් ශිෂ්‍යයනට ද මේ සීවටන් සුතුර අමිහිරි දහමක් වී තිබේ. ඥාණාවාස නා හිමියන්ගේ මේ ග්‍රන්ථයෙන් ඒ ගුරු ශිෂ්‍ය සැමදෙනාට ම ද මහත් පිහිටක් වනු ඇත. වයෝ වෘද්ධව සිටින අප නා හිමියන්ට තවත් මෙබඳු ග්‍රන්ථයන් සම්පාදනය කළ හැකිවීමට කාය ශක්තිය ලැබේවා! යි පතමු.මීට- ශාසනෝදයකාමි,රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයෝය.2514 /1970ජූලි මස 23 වෙනි දින,පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේදී ය.*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂* සූත්‍ර නිදානය*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*සතිපට්ඨාන විපස්සනා භාවනා*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂**නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස*පාලි🪷🪷🪷*එවං මෙ සුතං – එකං සමයං භගවා කුරූසු විහරති කම්මාදසම්මං නාම කුරූනං නිගමො. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි – “භික්ඛවො”ති. “භදන්තෙ” ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච.**꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*සතිපට්ඨානයේ අනුසස්*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂**එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛ දොමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා.*කෙටි අදහසආනන්ද ස්ථවිර වූ මා විසින් මේ සූත්‍ර දේශනාව මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කුරු රට වැසියන්ගේකම්මාස්ස දම්ම නම් නියම් ගම්හි වැඩ වසන ස්ක. එකල්හි උන්වහන්සේ “මහණනි,” යි කියා භික්ෂුන් අමතා වදාළ සේක. ඒ භික්ෂූහු, “ස්වාමීන් වහන්ස!”යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. “මහණෙනි! සත්වයන්ගේ පිරිසුදු බව පිණිස ද, ශෝකය හා හැඩීම දුරු කිරීම පිණිස ද, දුක් දොම්නස් නැසීම පිණිස ද, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස ද, නිවන් දැකීම පිණිස ද, පවතින්නා වූ යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත් ද, මෙය නිවනට යන ඒකායන මාර්ගය (එක ම මාර්ගය) වෙයි.”කුරු රට:මහා මන්ධාතු නම් සක්විති රජතුමා දඹදිව සිට චක්‍රරත්නයේ බලයෙන් පුබ්බවිදේහ ය, අපරගෝයාන ය, උතුරු කුරු ය යන මහා දිවයින් වැසි මිනිසුන්ට අවවාද දීම සඳහා එහි ගිය කල්හි දඹදිව ඉතා උතුම් රටක් ය යි අසා ඒ රජු හා දඹදිවට පැමිණි ඒ මිනිසුන්ගෙන් පූර්ව විදේහයෙන් ආ මිනිසුන් පදිංචිව සිටින ප්‍රදේශයවිදෙහ රටය යි ද අපරගෝයානයෙන් ආ මිනිසුන් පදිංචිව සිටින ප්‍රදේශයඅපරන්තය යි ද උතුරු කුරු දිවයිනෙන් ආ මිනිසුන් වාසය කරන ප්‍රදේශයකුරුරටය යි ද ව්‍යවහාර කරනු ලැබේ. කුරු රට පිහිටා ඇත්තේ උතුරු දඹදිව බටහිරටත් උතුරටත් අතරෙහි ය. කුරු නම් වූ රජ කුමරුවන් ඇතුළු මිනිසුන්ගේ නිවාසස්ථානය කුරු ජනපදය හෝ කුරු රට ය යි කියනු ලැබේ, මෙකල මෙ කුරුරටදිල්ලිය යි සලකනු ලැබේ.කම්මාස්සදම්ම නිගමය:මහා සුතසෝම ජාතකයෙහි සහ ජයද්දිස ජාතකයෙහි සඳහන් වූ පරිදි පාදයෙහි කබර සහිත වණ කැළලක් ඇති බැවින් පෝරිසාදයා හට “කම්මාස” යයි ද, කම්මාස නම් පෝරිසාද දමනය කළ ස්ථානය “කම්මාසදම්ම”ය යි ද කියනු ලැබේ. නගරාඞ්ගයන්ගෙන් අසම්පුර්ණ වූවත් සාමාන්‍ය ගමකට වඩා කඩපිල් ආදියෙන් හා ජනගහණයෙන් දියුණු වූ බැවින් මෙය නියම් ගමක් විය. එහෙයින් මේ සූත්‍රය දේශනා කළ ප්‍රදේශයටකම්මාසදම්ම නිගමය යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේට ඒ නියම් ගමෙහි වැඩ විසීමට විහාරයක් තිබුණේ නැත. එයට නුදුරු එක්තරා සිත්කලු තැනෙක මහ වන ලැහැබක් ඇත. එහි පරිභෝගයට ජලය ද ඇත. කම්මාසදම්ම නිගමය ගොදුරු ගම් කොට ගෙන ඒ වන ලැහැබෙහි වැඩ වෙසෙමින් සතිපට්ඨාන සූත්‍රය දේශනා කළ සේක.මේ මහා සතිපට්ඨාන සූත්‍රය කුරු රටෙහි දී ම දේශනා කළේ කුමක් නිසා ද? කුරුරට වාසීන්ට ගැඹුරු ධර්මයන් අසා දැන ගැනීමට සමර්ථ වූ ඥාන ශක්තිය ඇති බැවිනි. එය එසේ වූයේ එකල්හි කුරු රට වාසීහු ඍතු - භෝජනාදි සප්පායයන්ගෙන් සම්පූර්ණව ලෙඩ නැති කය හා සිත් ඇති බැවින් දියුණු වූ නුවණ ඇත්තෝ වූහ. ගැඹුරු ධර්ම කථා අසා අවබෝධ කර ගැනීමට සමත් වූහ. එහෙයින් රහත් වන තෙක් මාර්ගඵල ලැබිය හැකි කර්මස්ථාන (21) එක්විස්සක් ඇතුළත් කොට අගනා රන් බඳුනක් ලැබ එහි අගනා දෙය තැන්පත් කොට තබන්නා සේ කුරුරට වැසි පිරිස ලැබ මේ ගැඹුරු අර්ථ - අදහස් ඇති සතිපට්ඨාන සූත්‍ර ධර්මය දේශනා කළ සේක.මේ භාවනාව කලිනුත් දෙසූ බවඑරට වැසි බැල මෙහෙකරු ආදී පහත් ජනයාගේ පටන් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවු පිරිස ම සතිපට්ඨාන භාවනාවෙහි යෙදී වෙසෙති. එසේ ම සතිපට්ඨානය පිළිබඳ ධර්ම සාකච්ඡායෙහි ම නිතර යෙදෙති. එහෙයින් මේ සූත්‍රය එහි දී දේශනා කරන ලදී. මෙපමණක් නොව වෙනත් ගැඹුරු අර්ථ අදහස් ඇතිමහා *නිදාන, සාරෝපම, රුක්ඛුපම, රට්ඨපාල, මාගන්දිය, ආනෙඤ්ජසප්පාය* යන සූත්‍ර ද මෙහිදී ම දෙසූ සේක.කුරුරට වැඩි පිරිස නිතර නිතර සතිපට්ඨාන ය පිළිබඳ ධර්ම සාකච්ඡාවෙහි යෙදෙමින් එම භාවනාව කරමින් සිටින නිසා එහි දී මේ සූත්‍රය දේශනා කළ බව අටුවාවෙහි සඳහන්ව ඇත. එබැවින් සතිපට්ඨාන සංයුත්තක ආදියෙහි එන පරිදි මේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නටත් පෙර වෙන වෙන තැන්වලදීත් මේ ධර්මය සැකෙවින් දේශනා කරන ලද බව ඉතා පැහැදිලි ය. එහෙත් සතිපට්ඨාන භාවනාව එක්විසි පබ්බයකින් යුක්ත කොට සම්පූර්ණයෙන් විස්තර කොට ඇත්තේ මේ මහා සතිපට්ඨාන සූත්‍ර යෙහි ම ය.*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂* සතිපට්ඨානය*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*සැඩ පරුෂ කුළු ගොනෙකු මෙන් නානා අරමුණු කරා දුවන අකීකරු සිත නවත්වා ගෙන ඒ සිත කය ආදී කමටහන් අරමුණක බැඳ තබන සිහිය මසතිපට්ඨානනමි.තව ද, සති නම් වූ සිහිය පිහිටුවා තබන ස්ථානය වූ අරමුණු සතරසතිපට්ඨානනමි. එනම්රූප කය ය, ඒ වේදනාව ය, සරාගාදී චිත්ත ය, හා ස්කන්ධාදී ධර්ම යයන මේ සතර ය.අනු මාතෘකා:01 ඒකායන මාර්ගයේ අනුසස්02ඒකායන මාර්ගය03 සතිපට්ඨාන අරමුණු මෙනෙහි කිරීමෙන් මාර්ග-ඵල ලැබිය හැකි ය04 බණ අසමින් සතිපට්ඨානය වැඩිය හැකි බව05 තිස්ස තෙරුන් වහන්සේ දුක් සංසිඳ වූ ආකාරය06 ව්‍යාඝ්‍රයකු විසින් කනු ලැබූ තරුණ භික්ෂුවක් දුක් වේදනාව සංසිඳ වූ සැටි07 ශක්‍ර දේවේන්ද්‍රයාගේ දොම්නස සංසිඳ වූ සැටි08 සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාගේ දොම්නස පහ කළ ආකාරය09 ඤායස්ස අධිගමායනිබ්බානස්ස සච්ඡිකිරියාය*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*ඒකායන මාර්ගයේ අනුසස් *꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂**“ඉමිනාව මග්ගෙන -පෙ- අනෙකා සම්මාසම්බුද්ධා, අනෙකසතා පච්චෙක බුද්ධා, ගණනපථං විති වත්තා චාති ඉමෙ සන්තා සබ්බේ චිත්තමලෙ පවාහෙත්වා පරමවිසුද්ධිං පත්තා.”*යන මේ අටුවා පාඨයෙහි ආ පරිදි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇතුළත පහළ වූ බුදු, පසේ බුදු, ආර්ය ශ්‍රාවකයෝ සියලු කෙලෙස් මල දුරු කොට පරම විසුද්ධියට පැමිණියාහු ය යි කියන ලද්දේ නිදර්ශන මාත්‍රයක් වශයෙනි. එහි අදහස මෙසේ දත යුතු යි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇතුළත හෝ වේ වා එයට වැඩි කාලයක හෝ වේවා, කවදා හෝ වේවා අතීතයෙහි පහළ වූ ද, දැන් පහළ වන්නා වූ ද, මතු පහළ වන්නා වූ ද, සියලු බුදු, පසේ බුදු, ආර්ය ශ්‍රාවකයෝ මේ සතිපට්ඨාන මාර්ගයෙන් ම සියලු කෙලෙස් මල දුරු කොට පිරිසිදු වූහ. එහෙයින්*“එතෙන මග්ගෙන තරිංසු පුබ්බේ,**පරිස්සන්ති යෙ ච තරති ඕඝං”*යනුවෙන් සතිපට්ඨාන සංයුත්ත නාලන්දවග්ග බ්‍රහ්ම සූත්‍රයෙහි දැක්වෙන පරිදි කල්ප වශයෙන් කාල නියමයක් නොමැති ව අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයයෙහි මේ සතිපට්ඨාන මාර්ගයෙන් කාමාදී ක්ලේශ ඕඝය එතෙර කළහ. එතර කරති. එතර කරන්නාහු ය. යනු එහි තේරුම ය.දීඝ නිකාය පාථිකවග්ග සම්පසාදනීය සූත්‍රයෙහි ද“චතුසු සතීපට්ඨානෙසු සුපට්ඨිත චිත්තා”යනුවෙන් කාලත්‍රයයෙහි ම සතර සතිපට්ඨානයෙහි හොඳින් පිහිටුවන ලද සිත් ඇති ව සම්මා සම්බෝධි ඤාණය ලැබිය යුතු බව ප්‍රකාශ කොට ඇත. එහෙයින් මෙහිසත්තානං විසුද්ධියායන තන්හිසත්තානංයන සාමාන්‍ය වචනයෙන් විසුද්ධිය (පිරිසිදු බව) ට පැමිණිය හැකි නුවණ මේරු සත්වයන් ම ගත යුතු ය.🪷🪷🪷🪷🪷🪷🪷🪷තෙරුවන් සරණයි දෙවි පිහිටයි ⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️සතිපට්ඨානය පිළිබඳ ලිපි මාලාව පිළිවෙලට ඉදිරියට කියවන්න (අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ ධර්ම ග්‍රන්ථ වලින් උපුටා සකස් කරන ලදී🔔🔔🔔🔔🔔🔔🔔🔔මෛත්‍රී පාරමිතා ආශිර්වාද සමූහය 💦💦💦💦💦💦💦💦පට්ඨාන සජ්ඣායනාව සමූහය 💦💦💦💦💦💦💦💦විශ්ව අරණ සුවසේවා💦💦💦💦💦💦💦💦
1 year ago | [YT] | 9
View 1 reply
*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*°•° *උතුම් තෙරුවන් සරනයි* °•°*ලැබුවාවූ අද දිනය ඔබට යහපතක්ම වේවා!!! දස දිසාවේම සකලවිධ ලෝක සත්වයෝම සුවසේ ජීවත් වීමට හැකියාව අති වී භය හැක දුරු වී නිදුක් නිරෝගි සුවය ලැබී දීර්ඝායුෂ භූක්ති විදිමට හේතු වාසනා වේවා කියලා හදවතින්ම අධිෂ්ඨාන කර ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි!!!දෙවි පිහිටයි!!!**꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*දහසක් බොසතුන් බුදවන පිංවන්ත හිමිදිරි උදැසනෙ ශාන්ත වූද පිවිතුරු හදවතින්ම ප්‍රාර්ථනා කරන්නම් ......!! සියලුම සත්වයෝ නිදුක් වෙම්වා!!! ..නිරෝගී වෙම්වා!!! ..සුවපත් වෙම්වා!!! නිදුක් වෙම්වා!!! ..නිරෝගී වෙම්වා!!! ..සුවපත් වෙම්වා!!! නිදුක් වෙම්වා!!! ..නිරෝගී වෙම්වා!!! ..සුවපත් වෙම්වා!!!ඔබ නිදුක් වේවා!!! ..නිරෝගී වේවා!!! ..සුවපත් වේවා!!!ඔබේ හිතේ තිබෙන දුක් ගිනි නිවේවා!!! ඔබේ හිතේ තිබෙන වේදනාවන් දුරු වේවා!!!ඔබේ හිතේ තිබෙන පසුතැවීම් දුරු වේවා!!!ඔබට තිබෙන කරදර දුරු වේවා!!!ඔබට තිබෙන පීඩාවන් දුරු වේවා!!!ඔබට තිබෙන ලෙඩ රෝග දුරු වේවා!!!ඔබේ සිතේ තිබෙන බියක් වේද ඒ බිය දුරුවේවා!!!ඔබේ සිතේ තිබෙන තැතිගැනීමක් වේද ඒ තැතිගැනීම දුරුවේවා!!! ඔබ අසත්පුරුෂ ආශ්‍රයෙන් මිදේවා!!!ඔබ අකමැති දේ ඔබට දකින්නට සිදු නොවේවා!!!ඔබ අකමැති දේ ඔබට අසන්නට සිදු නොවේවා!!!ඔබ වඩන ධර්ම මාර්ගයක් වේ නම් ඒ මාර්ගය සුවසේම වැඩේවා!!!මගේ සිතේ මෙන් ඔබේ සිතේද මෛත්‍රීය වැඩේවා!!!මා මෙන්ම ඔබද ධර්මය ප්‍රිය කරත්වා!!!මා මෙන්ම ඔබද කුසල් මතු කරන පංච ශීලය ආරක්ෂා කරත්වා!!!මා මෙන්ම ඔබද නිවන් මාර්ගය නම් වූ ධර්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරත්වා!!!මේ උතුම් ධර්මය නිසා මා යම් ලෞකික සැපයක් ලබනවාද, මටත් වඩා ඔබ සැපයට පත් වේවා!!!මේ උතුම් ධර්මය නිසා මා යම් ලෝකෝත්තර සැපයක් ලබනවාද, මටත් වඩා ඔබ සැපයට පත් වේවා!!!මේ උතුම් ධර්මය නිසා මා යම් මෛත්‍රී වැඩීමේ සැපයක් ලබනවාද, මටත් වඩා ඔබ සැපයට පත් වේවා!!!මා වින්ඳා වූ යම් සැප වේදනාවක් වේද , මටත් වඩා ඔබ සැපයට පත් වේවා!!!මා වින්ඳා වූ යම් දුක් වේදනාවක් වේද , නිවන් දකින තුරු ඔබට ඒ දුක් වේදනාවන් නොලැබේවා!!!ඔබේ පිටුපස යම් සංසාරික අකුසලයක් වේද ඒ අකුසල් ඔබේ කුසල් වලින් යටපත් වේවා!!!ඔබේ පිටුපස යම් සංසාරික අකුසලයක් වේද ඒ අකුසල් දුරින්ම දුරු වේවා!!!ඔබේ සංසාරික පින් මතුවේවා!!!ඔබේ සිතේ යම් ශ්‍රේෂ්ඨ නිවන් අරමුණක් වේද ඒ අරමුණ ඒ ආකාරයෙන්ම ඉටු වේවා!!!ඔබේ සිතේ යම් ශ්‍රේෂ්ඨ නිවන් අරමුණක් වේද ඒ අරමුණ ඒ ආකාරයෙන්ම සඵල වේවා!!!ඔබේ සිතේ යම් ශ්‍රේෂ්ඨ නිවන් අරමුණක් වේද ඒ අරමුණ ඒ ආකාරයෙන්ම මුදුන්පත් වේවා!!!ඔබ සතුටට පත්වේවා!!!ලොවුතුරා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ඒ අපරිමිත මහා කරුණාවෙන් ඔබට යහපතක්ම වේවා!!!ලොවුතුරා භාග්‍යවත් වූ අරිහත් වූබුදුරජාණන්වහන්සේගේ ඒ අපරිමිත පාරමිතා බලයෙන් ඔබට යහපතක්ම වේවා!!!ලොවුතුරා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ඒ අපරිමිත ප්‍රඥා බලයෙන් ඔබට යහපතක්ම වේවා!!!ලොවුතුරා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ඒ අපරිමිත සෘධි බලයෙන් ඔබට යහපතක්ම වේවා!!!ලොවුතුරා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ඒ අනන්ත අපරිමිත ගුණ බලයෙන් ඔබට යහපතක්ම වේවා!!!සියලු කුසල් ඔබ තුලින් මතු වී මේ ජීවිතයේදීම උතුම් මාර්ගඵල අවබෝධ වේවා!!!උතුම් වූ ප්‍රණීත වූ පරම ශාන්ත වූ උතුම් නිර්වාණය ම ලැබේවා!!!සුබ උදැසනක් වෙවා!!! වාසනාවන්ත දිනයක් වෙවා!!!🪷🪷🪷🪷🪷🪷🪷🪷තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷මෛත්‍රී පාරමිතා ආශිර්වාද සමූහය පට්ඨාන සජ්ඣායනාව සමූහය විශ්ව අරණ සුවසේවා නිර්මාතෘ: ඊ. ඒ. සනත් කුමාර 🪷🪷🪷🪷🪷🪷🪷🪷
1 year ago | [YT] | 8
*පටිච්ච සමුප්පාද විවරණය 01*නමො තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සචතුරසඞ්ඛ්යකල්ප ලක්‍ෂසඞ්ඛ්‍යාතාතිදීර්ඝ කාලය මුළුල්ලෙහි පිරූ සමතිස් පෙරුම් දහම් බෙලෙන් ශ්‍රී මහා බෝධිදෘම මූලයේ දී, ශීල නමැති පෘථිවියෙහි වීර්‍ය්‍ය නමැති පාදයුග්මයෙන් සිට, සමාධි නමැති ශීලාතලයෙහි මුවහත් කරන ලද කර්මක්ෂයකරඥාන නමැති පොරොව ශ්‍රද්ධා නමැති අතින් ගෙන අතීතාදි කාලත්‍රයක් හා අවිද්‍යාදි ද්වාදශාඞ්ගයක් හා, විංශත්‍යාකාරයක් හා සන්ධිත්‍රයක් හා සතර රාශියක් හා ත්‍රිවෘත්තයක් හා මූලද්වයක් ද ඇත්තා වූ ප්‍රතීත්‍යසමුත්පාද සඞ්ඛ්‍යාත අනාදිකාලප්‍රවෘත්ත සංසාරචක්‍රය සිඳ සර්‍වඥ පද ප්‍රාප්ත වූ, මාගේ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ ශ්‍රී පාදයුග්මය අතිශය භක්තියෙන් හා ගෞරවයෙන් වැඳ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත පරම ගම්භීර ප්‍රතීත්‍යසමුත්පාද ධර්‍මය සසර දුකින් මිදී නිවන් සුවය ලබනු රිසි ධර්‍ම කාමී සත්පුරුෂ ජනයාට නිවන් මඟ දක්වනු පිණිස මාගේ නැණ පමණින් හෙළ බසින් වර්ණනා කරනු ලැබේ. ආදරයෙන් මෙය කියවා ගම්භීර ධර්මය තේරුම් ගෙන නිවන් පසක් කිරීමට උත්සාහ කෙරෙත්වා!!*පටිච්චසමුප්පාද පාළිය*“අවිජ්ජා පච්චයා සඞ්ඛාරා, සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරාමරණං සෝක පරිදේවදුක්ඛදෝමනස්සුපායාසා සම්භවන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.”මේ විභංග ප්‍රකරණයේ පටිච්චසමුප්පාද විභංගයේ එන අනේක ප්‍රකාර ප්‍රතීත්‍ය සමුත්පාද දේශනයන් අතුරෙන් පළමු වන ප්‍රතීත්‍ය සමුත්පාද දේශනය ය. මේ ගම්භීර ධර්මය දැන ගනු කැමතියන් විසින් පළමු කොට මේ පාඨය පාඩම් කරගෙන ඉදිරියට පොත කියවිය යුතු ය. එහි තේරුම මෙසේ ය:-අවිද්‍යා නමැති හේතුව නිසා සංස්කාරයෝ හටගනිති.සංස්කාරයන් නිසා විඥානය හට ගනී,විඥානය නිසා නාමරූපය හටගනී,නාමරූපය නිසා ෂඩායතනය හටගනී,ෂඩායතනය නිසා ස්පර්ශය හටගනී,ස්පර්ශය නිසා වේදනාව හටගනී,වේදනාව නිසා තෘෂ්ණාව හටගනී,තෘෂ්ණාව නිසා උපාදානය හටගනී,උපාදානය නිසා භවය හටගනී,භවය නිසා ජාතිය වේ,ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්ස්‍ය, උපායාසයෝ වෙති.මෙසේ මේ සකල දුඃඛස්කන්ධයාගේ පහළ වීම වේ.*පටිච්චසමුප්පාද යන්නෙහි තේරුම*ගින්න නිසා දුම ඇති වන්නාක් මෙන් ද ගත නිසා ගෙඩිය ඇති වන්නාක් මෙන් ද තමා නිසා පෙර නො තුබූ අන් දෙයක් ඇතිවීමට හේතු වන්නා වූ දෙයට හෙවත් ධර්මයට “පටිච්චසමුප්පාදය” යි කියනු ලැබේ.අවිද්‍යාව ඇති කල්හි ඒ අවිද්‍යාව නිසා පුණ්‍යාභිසංස්කාරාදි ත්‍රිවිධ සංස්කාරයෝ හටගනිති. එබැවින් සංස්කාරයන්ට හේතු වූ අවිද්‍යාව පටිච්චසමුප්පාදයකි. අවිද්‍යාව නිසා හටගන්නා වූ සංස්කාරයන් නිසා ද විඥානය ඇති වේ. එබැවින් සංස්කාරයෝ ද පටිච්ච සමුප්පාදයකි. සංස්කාර හේතුවෙන් හටගත් විඥානය නිසා නාමරූප හටගනී. එබැවින් විඥානය ද පටිච්චසමුප්පාදයකි. විඥානය නිසා හටගත් නාමරූපය නිසා ෂඩායතනය පහළ වේ. එබැවින් ෂඩායතනයට හේතු වූ නාම රූපය ද පටිච්චසමුප්පාදයකි. මෙසේ ස්පර්ශය ඇති වීමට හේතු වන බැවින් ෂඩායතනය ද පටිච්චසමුප්පාදයකි. වේදනාව ඇති වීමට හේතු වන බැවින් ස්පර්ශය ද පටිච්චසමුප්පාදයකි. තෘෂ්ණාව ඇති වීමට හේතු වන බැවින් වේදනාව ද පටිච්චසමුප්පාදයකි. උපාදානය ඇති වීමට හේතු වන බැවින් තෘෂ්ණාව ද පටිච්චසමුප්පාදයකි. භවය ඇති වීමට හේතු වන බැවින් උපාදානය ද පටිච්චසමුප්පාදයකි. ජාතිය ඇති වීමට හේතු වන බැවින් භවය ද පටිච්චසමුප්පාදයකි. ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍යෝපායාසයන් ඇති වීමට හේතු වන බැවින් ජාතිය ද පටිච්චසමුප්පාදයකි. ජරාමරණාදිය ද අවිද්‍යා තෘෂ්ණාවන්ට හේතු වන බැවින් පටිච්චසමුප්පාදයකි.මෙසේ අවිද්‍යාවේ පටන් ජරා මරණය දක්වා ඇති මේ ධර්ම සියල්ල ම එකිනෙකට හේතු වන බැවින් පටිච්චසමුප්පාද නම් වේ. ඒ පටිච්චසමුප්පාදය ප්‍රකාශ කරන්නා වූ “අවිජ්ජා පච්චයා සංඛාරා” යනාදි පාඨයට ද ඒ නම කියනු ලැබේ.එක් ගලක් මත එය හා බැඳී සිටින සේ අනෙක් ගලක් ද, ඒ ගල මත එය හා බැඳී සිටින සේ අනෙක් ගලක් ද, එය මත අනෙක් ගලක් ද මෙසේ උස් වී සිටින සේ එකින් එක මත තබන ලද ගල් සමූහයට වෙන් වෙන් වූ ගල් ගැන අපේක්‍ෂාවක් නො කොට කථා කරන කල්හි කුලුන ය යි ද කණුව ය යි ද කියනු ලැබේ. එහෙත් එකක් උඩ එකක් පිහිටා තිබෙන ගල් සමූහය හැර එහි කුලුනය කියා අමුතු දෙයක් නැත. සත්‍ය වශයෙන් එහි ඇත්තේ ගල් සමූහය පමණකි. එ මෙන් එකක් නිසා එය හා බැඳී පවත්නා සේ තවත් ධර්මයක් ඇති වීම් වශයෙන් නො සිඳී පැවතී ගෙන යන්නා වූ අවිද්‍යාදි ධර්ම පරම්පරාවන්ට, ධර්ම සමූහයන්ට වෙන් වෙන් වූ ධර්ම ගැන අපේක්‍ෂාවක් නැති ව කථා කරන කල්හි ස්ත්‍රිය ය, පුරුෂයා ය, දෙවියා ය යනාදි නම් කියනු ලැබේ. එහෙත් ධර්ම සමූහය - ධර්ම පරම්පරා මිස සත්‍ය වශයෙන් ඇති ස්ත්‍රියක් පුරුෂයෙක් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත.කුලුනය යි කී කල්හි සත්‍ය වශයෙන් කුලුනක් නො ලැබී එක පිට එක පිහිටි ගල් සමූහයක් ලැබෙන්නාක් මෙන් ස්ත්‍රිය ය කියා හෝ පුරුෂයා ය කියා හෝ මිනිසා ය දෙවියා ය සත්ත්වයා ය කියා හෝ කී කල්හි සත්‍ය වශයෙන් එක් එක් ධර්මයක් නිසා ඇති වන්නා වූ ධර්ම සමූහයක් ම ලැබේ. ස්ත්‍රී පුරුෂාදීහු නො ලැබෙත්. පටිච්චසමුප්පාදය යි කියනුයේ එක එකක් නිසා පවත්නා වූ ඒ ධර්ම සමූහයට ය. එබැවින් පටිච්චසමුප්පාදය අපෙන් ඈත අන් තැනක - අන් ලොවක ඇතියක් නොවේ. අප ම බව හෙවත් සත්ත්වයන් පුද්ගලයන් සැටියට ව්‍යවහාර කරන දෙය ම බව දත යුතු ය. පටිච්චසමුප්පාදය අප ම වුව ද එය සත්ත්ව පුද්ගල කථාවෙන් අපට වැසී තිබේ. වැසී තිබෙන බැවින් තේරුම් ගැනීමට - දැන ගැනීමට දුෂ්කර ගැඹුරු ධර්මයක් වී තිබේ.*පටිච්චසමුප්පාදය නො දැනීමේ දෝෂය*පටිච්චසමුප්පාදය මහා දුක්ඛස්කන්ධයකි. දුඃඛ චක්‍රයකි. එයට හසු වී සිටින්නා වූ සත්ත්වයෝ ජාති - ජරා - ව්‍යාධි - මරණාදි දුඃඛයන්ට හා ආපායික දුඃඛයන්ට ද නැවත නැවත හසු වෙමින් සෙක්කුවේ බඳින ලදු ව එය වටේ කැරකෙන ගවයන් මෙන් භවත්‍රයෙහි කැරකෙති. රෝගයක් ඇති කෙනකුට ඒ රෝගය හොඳින් හැඳින ගන්නා තුරු එයට සෑහෙන ප්‍රතිකාරයක් කරගෙන එයින් මිදිය නො හෙන්නාක් මෙන් ප්‍රතීත්‍යසමුත්පාද සංඛ්‍යාත දුඃඛ චක්‍රය හෙවත් සංසාර චක්‍රය හොඳින් හැඳින ගන්නා තුරු අවිද්‍යා තෘෂ්ණා සංඛ්‍යාත සංසාර චක්‍රයේ මූලධර්මයන් ප්‍රහාණය කොට එය සිඳ එයින් මිදී නිවනට නො පැමිණිය හැකිය. එ බැවින් තථාගතයන් වහන්සේ විසින් ආනන්ද ස්ථවිරයන් වහන්සේට -“ඒතස්ස ආනන්ද, ධම්මස්ස අඤ්ඤාණා අනනුබෝධා අප්පටිවේධා ඒවමයං පජා තන්තාකුලකජාතා ගුළාගුණ්ඨිකජාතා මුඤ්ජබබ්බජභූතා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තන්ති.”යි වදාරන ලදී.“ආනන්දය, මේ ප්‍රතීත්‍යසමුප්පාද ධර්මය නො දැනීම නිසා, අවබෝධ නො කිරීම නිසා, ප්‍රතිවේධ නො කිරීම නිසා මේ සත්ත්වයෝ (මීයන් කැපූ) නූල් පන්දුවක් සේ අවුල් වූවාහු රෙදි වියන්නන්ගේ නූල් පන්දුවක් මෙන් අවුල් වූවාහු මුඤ්ජබබ්බජ නම් වූ තණවලින් ඇඹරූ දිරා කැඩී ගිය කඹයක තණකෙඳි මෙන් අවුල් වූවාහු සැපයෙන් පහ වූ දුක්ඛයා ගේ පැවැත්ම ඇත්තා වූ අපාය හා සංසාරය නො ඉක්මවත්” යනු එහි තේරුම ය.තව ද පටිච්චසමුප්පාදය නො දත් තැනැත්තා නියම ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු නො වන බව ද ප්‍රත්‍යක්ෂාත්මභාවයේ ම ලෝකෝත්තර මාර්ගයට පැමිණෙන්නකු නො වන බව ද තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.*“යේහි කේචි භික්ඛවේ, සමණා වා බ්‍රාහ්මණා වා ජරාමරනං නප්පජානන්ති, ජරාමරණ සමුදයං නප්පජානන්ති, ජරාමරණ නිරෝධං නප්පජානන්ති. ජරාමරණ නිරෝධගාමිනිං පටිපදං නප්පජානන්ති. -පෙ- න මේතේ භික්ඛවේ, සමණා වා බ්‍රාහ්මණා වා සමණේසු වා සමණ සම්මතා, බ්‍රාහ්මණේසු වා බ්‍රාහ්මණ සම්මතා, න ච පන තේ ආයස්මන්තෝ සාමඤ්ඤත්ථං වා බ්‍රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සන්ති.”*“මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ ජරාමරණය නො දනිත් ද, ජරාමරණ හේතුව නො දනිත් ද, ජරාමරණ නිරෝධය නො දනිත් ද, ජරාමරණ නිරෝධයට පැමිණෙන්නා වූ ප්‍රතිපත්තිය නො දනිත් ද -පෙ- මහණෙනි, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශ්‍රමණයන් අතර ශ්‍රමණය යි සම්මත වූවෝ ද නො වෙති. බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණය යි සම්මත වූවෝ හෝ නො වෙති. ඒ ආයුෂ්මත්හු ලෝකෝත්තර මාර්ගය වර්තමාන ජාතියේ දී තමන් ම විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නෝ නො වන්නාහු ය” යනු එහි තේරුම යි.🪷🪷🪷🪷🪷🪷🪷🪷තෙරුවන් සරණයි දෙවි පිහිටයි පටිච්චසමුප්පාදයේ පිළිබඳ ලිපි මාලාව පිළිවෙලට ඉදිරියට කියවන්න 🪷🪷🪷🪷🪷🪷🪷🪷(අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ ධර්ම ග්‍රන්ථ වලින් උපුටා සකස් කරන ලදී🪷🪷🪷🪷🪷🪷🪷මෛත්‍රී පාරමිතා ආශිර්වාද පට්ඨාන සජ්ඣායනාව සමූහය විශ්ව අරණ සුවසේවා 🪷🪷🪷🪷🪷🪷🪷🪷
*꧁━━━━ •⊰🛞⊱•━━━━꧂**•°•°•° *උතුම් තෙරුවන් සරනයි* °•°•°•°•**ලැබුවාවූ 2025 වසර සූර්යයා මීන රාශියෙන් මේෂ රාශි ගතවී උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාට පවුලේ සැමට සහ දස දිසාවේම සකලවිධ ලෝක සත්වයෝම සුවසේ ජීවත් වීමට හැකියාව අති වී භය හැක දුරු වී නිදුක් නිරෝගි සුවය ලැබී දීර්ඝායුෂ භූක්ති විදිමට හේතු වාසනා වේවා කියලා හදවතින්ම අධිෂ්ඨාන කර ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි!!!දෙවි පිහිටයි!!!**꧁━━━━━ •⊰🛞⊱• ━━━━꧂*❤️❤️❤️❤️❤️❤️❤️❤️*ශ්‍රීමත් ශ්‍රී සුගථ තතාගත අමාමැණි ශාන්තිනායක අංගීරස මහා භාග්‍යවන්ත වූ සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේගේ අසමසම ජීවමාන වූ බුද්ධ ගුණානුභාවයෙන්,* *පිංවන්ත ඔයාට ඔබගේ පවුලේ සැමට ප්‍රාර්ථනා කරන්නම් උදාවු 2025 වසර සිංහල හින්දු අලුත් අවුරුදු උදාව සුභ හා වාසනාවන්ත වීමට**අධ්‍යාත්මය සුවපත් වේවා.!!!**ප්‍රභාෂ්වර වේවා...!!! ශක්තිමත් වේවා..!!!මුලු සිරුර ම ප්‍රකෘතිමත් වේවා...! සුවපත් වේවා...!!!**හාත්පස දසදිශාවෙන් ම කල්‍යාණමිත්‍ර ඉෂ්ටකාමී දෙවියන් ඇතුළු සියලු දෙව් බඹුන්ගේ කාරුණික ආශිර්වාදයෙන් ආරක්ෂාව, වාසනාව, සෞභාග්‍යය ම ආකර්ෂණය වේවා...!* *අධ්‍යාත්මික බලවත් බව වැඩේවා..!!! ආත්ම විශ්වාසය වැඩේවා...!සොබාදහමේ ආශිර්වාදය ලැබේවා...!!! සත්පුරුෂ කල්‍යාණමිත්‍රාශ්‍රය ම මොහොතක් පාසා ලැබේවා..!!!**ජීවිතයේ තබන සෑම පියවරකින් ම සාර්ථකත්වය ම වේවා...!**දීර්ඝායුෂ පිරි සාර්ථක, වාසනාවන්ත සුබ දවසක් වේවා...!**තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්...**ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්...**ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්...**ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්...**දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්...**දස දිශාවේ වැඩසිටින* *තථාගතයන් වහන්සේගේ ධාතූන්* *වහන්සේලාගේ ආනුභාව බලයෙන්...**නික්ලේෂී මහ රහතන්* *වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන්...**සියළු දෙව් බඹ පිරිසගේ නිති රැකවරණින්...**පින්වත් ඔබ ඇතුළුව පවුලේ සැමදෙනාමත්...**නිදුක් වෙවා...! නීරෝගි* *වේවා...!සුවපත් වේවා...!!!**කායික සුවයෙන් සුවපත් වේවා...!!!*මානසික සුවයෙන් සුවපත් වේවා...!!!**ශ්‍රද්ධාවෙන්...සීලයෙන්...දහම් දැනුමින්...ත්‍යාගයෙන්...**ප්‍රඥාවෙන්...වීර්යෙන්...සිහියෙන්...සමාධියෙන්...වැඩෙම්වා...!!!**ආයුෂයෙන්...වර්ණයෙන්...සැපයෙන්...බලයෙන්...යසසින්...කීර්තියෙන් වැඩෙම්වා...!!!**අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා...!!!**ඇසිල්ලක් පාසාම බුදු ගුණ...**දම් ගුණ...සඟ ගුණ...සිහි වේවා..!!!**කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...!!!**යන එන මග තොට... ගමන* *බිමන...නිති ආරක්ශාව රැකවරණය සැලසේවා..!!!**ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තප්රයක් පාසාම සැනසිල්ලම උදා වේවා...!!!**අප්‍රමාදීව කුසල් දහම් රැස් කිරීමේ වාසනාව උදා වේවා...!!!**ගෞතම බුදු සසුන තුල සනාතන රැකවරණය ලබන්නට පින් පුරන වාසනාවන්ත සුභ දවසක්ම වේවා...!!!**අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා...!!!**සුභ උදෑසනක් වේවා༻∞ වාසනාවන්ත සුභම සුභ නව වසක්ම වේවා!!!**තෙරුවන් සරණයි...!!!*🌞🌞🌞🌞🌞🌞🌞ඔබට තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්...ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්ශ්රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්.....🌞🌞🌞🌞🌞🌞දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්.🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞සියළු දෙව් බඹ පිරිසගේ නිති රැකවරණින්.....🌞🌞🌞🌞🌞🌞🌞🌞නිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා...🌞🌞🌞🌞🌞🌞🌞🌞කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා...🌞🌞🌞🌞🌞🌞🌞🌞ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා...🌞🌞🌞🌞🌞🌞🌞🌞ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා...🌞🌞🌞🌞🌞🌞🌞🌞අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා...🌞🌞🌞🌞🌞🌞🌞🌞ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා...කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...🌞🌞🌞🌞🌞🌞🌞🌞යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව රැකවරණය සැලසේවා...🌞🌞🌞🌞🌞🌞🌞🌞ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා...අප්‍රමාදීව කුසල් දහම් රැස් කිරීමේ වාසනාව උදා වේවා...🌞🌞🌞🌞🌞🌞🌞🌞ගෞතම බුදු සසුන තුල සනාතන රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත වසරක් වේවා... 🌞🌞🌞🌞🌞🌞🌞🌞අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා.....සුභ උපන්දිනයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..බුද්ධරතනං, ධම්මරතනං, සංඝරතනං, තින්නං රතනානං ආනුභාවේන, චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානු-භාවේන, පිටකත්තයානුභාවේන, ජිනසාවකානුභාවේන, සබ්බේ තේ රෝගා, සබ්බේ තෙ භයා, සබ්බේ තෙ අන්තරායා, සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු:- ආයුවඩ්ඪකෝ, ධනවඩ්ඪකෝ, සිරිවඩ්ඪකෝ, යසවඩ්ඪකෝ, බලවඩ්ඪකෝ, වණ්ණවඩ්ඪකෝ, සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදා,🌞🌞🌞🌞🌞🌞🌞🌞බුද්ධරතනං ධම්මරතනං සංඝරතනං තින්නංරතනානං ආනුභාවේන – බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් ගේ බලයෙන් ද,🌞🌞🌞🌞🌞🌞🌞🌞චතුරාසිති සහස්සධම්මඛන්ධානුභාවේන – අසූහාරදහසක් ධරමස්ඛන්ධයේ ආනුභාවයෙන්ද,🪷🪷🪷🪷🪷🪷🪷පිටකත්තයානුභාවේන – තුන් පිටකයේ ආනුභාවයෙන් ද,🌻🌻🌻🌻🌻🌻🌻🌻ජිනසාවකානුභාවේන – බුද්ධ ශ්‍රාවකයන්ගේ ආනුභාවයෙන් ද,🌞🌞🌞🌞🌞🌞🌞🌞සබ්බේ තේ රෝගා සබ්බේ තේ භයා සබ්බේ තේ අන්තරායා සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු – ඔබගේ සියළු රෝග බිය අන්තරායන් උවදුරු අසුභ නිමිති ද අවමංගල්‍යයන් ද විනාශ වේවා,🌞🌞🌞🌞🌞🌞🌞🌞ආයුවඩ්ඪකෝ ධනවඩ්ඪකෝ සිරිවඩ්ඪකෝ යසවඩ්ඪකෝ බලවඩ්ඪකෝ වණ්ණවඩ්ඪකෝ සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදා – අයු වැඩේවා, ධනය දියුණු වේවා, සිරිය වැඩි වේවා, යසස බලයද දියුණු වේවා, පැහැය වැඩිවේවා, සැපය තව වැඩි වේවා නිදුක් බව වේවා, සදා කල්හිම ජයම වේවා මේ සෑම මා කරණ පින්කමක් බලයෙන්ම ඔබට පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි අනන්ත සංසාරයේ පුරාවටම මා රැස්කර ගත්තාවු සියලු කුසල් සම්භාරය සත්‍ය බලයෙන් අධිෂ්ඨාන කරලා ප්‍රාර්ථනා කරනවා ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී වේවා. ඇතිවී නැති වන්නාවූ මහා භූත නිරුද්ධ වීමෙන් ශරීරයේ සියලු ශෛල සුභ ශෛල බවට පත් වේවා. සියලු රෝග අතුරුදන් වේවා. උතුම් ධර්ම අවබෝධය ලබන්නට අවැසි ප්‍රඥාව වැඩෙත්වා වීර්යය වැඩෙත්වා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා මගේ විඤ්ඤාණ බලය අරගෙන දීර්ඝායුෂ ලබත්වා ඇති වී තිබෙන සියලු අපල උපද්‍රව දුරුවේවා කායික පීඩාවන් මානසික පීඩාවන් දුරුවේවා යන එන ගමන් බිමන් වලදි සතුරු කරදර බාධක අතුරු ආන්තරාවල් නොමවේවා උතුම් තුණුරුවනෙ ආශිර්වාදය සියලු දෙවියන්ගෙ පිහිට රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පිංවත් ඔබට සෑම දෙයින්ම ඔබට යහපතක් වේවා මාගේ හදවතින්ම ආදරය කරුණාව දයාව පිරි සෙනෙහසින් කරණ ආශිර්වාදය ඔබගේ ශරීරය සුවපත් වෙනවා සත්‍යයි. යහපත්කම වේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා* 🩷🩷🩷🩷🥰🥰🥰🥰🌞🌞🌞🌞🌞🌞🌞🌞තුණුරුවනේ ආශිර්වාදයම ලැබේනවා!!! සත්‍යයි💪🪷🪷🪷🪷🪷🪷🪷🪷මෛත්‍රී පාරමිතා ආශිර්වාද සමූහය විශ්ව අරණ සුව සේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️
1 year ago | [YT] | 4
Load more
Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම
꧁━━━ ••⊰🛞⊱••━━━꧂
*මහා පට්ඨාන රාජ යන්ත්‍රය,*
*පිරිත් බල යන්ත්‍රය.*
꧁━━━ ••⊰🛞⊱••━━━꧂
*පින්වත් ඔබ සම්පූර්ණ විස්තරේ කියවා උපේක්ෂාවෙන් කටයුතු කර, ධර්ම දානයට, දායකත්වය ලබාදෙත්වා!!!*
⭕. සියළු කාරණා දැනුම් දීමට පෙර මෙම යන්ත්‍ර සැකසීමට හේතු කාරණා වනුයේ, මා වසර ගානක් සිට ධර්ම දානය පිණිස හැමෝටම නොමිලේ, පට්ඨාන විභංග වාරය සජ්ඣායනාව ග්‍රන්ථය, සත්බුදු වන්දනා ග්‍රන්ථය, පටිච්චසමුප්පාදය සහ පට්ඨාන ඥාන වන්දනාව ග්‍රන්ථය, ඇතුළු ග්‍රන්ථය න් විශාල ප්‍රමාණයක්, නොමිලේ බෙදා හැරීමේ, ධර්ම දානය දැනට නැවතී ඇති බැවින්, එයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සොයාගැනීම සඳහාය. යම්කිසි කෙනෙක් වැරදි කෝණයකින් බලා උතුම් බුද්ධ ධර්මය විකුණන් කනවා කියලා දෝස නගන්නට පුළුවන. ඒ වාක්‍ය මට අදාලම නැත. හේතුව නම්, අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත්තේ චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. මේ සියලු ප්‍රතිපාදන සොයන්නේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩ කිරීම සඳහා. යම්කිසි කෙනෙක් මාගේ මේ කටයුත්තට දායක වෙනවා නම් ඔහු හෝ ඇයද ධර්ම දානය පිණිස දායකත්වයක් ලබා දුන්නා හා සමානය. ඒ මාගේ ප්‍රධාන අරමුණ වෙයි.
꧁━━━ ••⊰🛞⊱••━━━꧂
*අති උතුම් පට්ඨාන සූත්‍රයෙන් සිද්ධි කරවා බලගැන්වූ සියලු දේ*
👇👇👇👇👇👇👇
01 කර පලඳින යන්ත්‍ර ය
02 නිවසේ ව්‍යාපාරික ස්ථානයේ සහ වෙහෙර විහාර වල නිදන් වස්තු හැටියට තැන්පත් කිරීමට රාමු කළ යන්ත්‍රය.
03 ඔබගේ යාන වාහනවල අතුරු අනතුරු වලින් මිදීමට රාමු කළ යන්ත්‍රය
04 උතුම් පට්ඨාන රාජ තෛලය. ඉහත සඳහන් කරුණු සැමට යොදාගත හැකියි.
05 පට්ඨාන රන් තැඹිලි තෛලය
06 යන්ත්‍ර සහ තෛලවලින් අටකොන ආරක්ෂාව
ඉහත සඳහන් මේ සියලු දේ, සහන මිලකට ලබාදීමට කටයුතු යොදා ඇත.*
꧁━━━━ ••⊰🛞⊱••━━━━꧂
⭕. *මහා පට්ඨාන රාජ යන්ත්‍රය යනු, අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සම්බුද්ධත්වයට පත්වීමෙන්, සතරවන සතියේ රුවන් ගෙයි වැඩසිට, අභිධර්ම පිටකය දේශනා කළ සේක. අභිධර්මය දේශනා වේ අවසාන ප්‍රකරණය පට්ඨාන මහා ප්‍රකරණයේ, අනන්තනය සමන්නාගත සමන්ත පට්ඨාන සජ්ඣායනාව ඇසුරින්, සූවිසි ප්‍රත්‍ය, ශබ්ද ශාස්ත්‍රානුකූලව, අංක විද්‍යානුකූලව පෙර විසූ සෘෂිවරුන් විසින් සකස් කර, පුස්කොළ පත්වල සඳහන් යන්ත්‍රයකි. මහා පට්ඨාන රාජ යන්ත්‍රය.*
⭕. *මෙම යන්ත්‍රයේ ප්‍රධාන ගුණ සහ භාවිතයන් පහත දැක්වේ:*
⭕. *සියලු ග්‍රහ අපල කරදර මෙම යන්ත්‍රය යෝග්‍ය වේ.*
⭕. *ධන ලාභ හා දියුණුව: නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ තැන්පත් කිරීමෙන් ධන සම්පත් හා භව භෝග ලාභ උදා කරන බවට දැඩි විශ්වාසයක් පවතී.*
⭕. *අනපේක්ෂිත ධන සම්පත්: සිතන පතන දුර්ලභ පැතුම් ඉටු කරමින් , ආර්ථික අතින් ස්ථාවර වීමට උපකාරී වේ.*
⭕. *වාසනාව උදාවීම: නිවසට වාසනාව කැඳවාගෙන ඒමට සහ සියලු බාධක දුරු කර ගැනීමට උපකාරී වන ආරක්ෂාවක් ලෙස සැලසේ*
⭕. *මෙමගින් ඇස්වහ, කටවහ, හෝවහ නොවදී.*
⭕ *නිවෙසට, ඇඟට, බුද්ධ ගුණය කැටිව බ්‍රහ්ම හා දේව ආකර්ෂණය ලැබී දිනෙන් දින දියුණුව ඇතිවේ. පහත් මිථ්‍යා දෘෂ්ටියෙන් ගැලවීමට මිණිපහනකි.*
⭕ *ස්ත්‍රී පුරුෂ සැමට පොදුයි. කිලි නොවදී*
⭕ *ගෙවල් ආරක්ෂාවට. වැලි, ගල්,තෙල්, නූල්, මූහුදු වැලි, වතුර රැගෙන සිද්ධි කර නිවෙස වටා, වත්ත වටා අට කොන සතුන් හඬන්නට පෙර වළලන්න. පූර්ණ ආරක්ෂාව ලැබේ.*
⭕ *ව්‍යාපාරික ස්ථාන දියුණුව,මුදල් ආකර්ෂණය සදහා මෙය ඉතා බලගතු යන්ත්‍රයකි.*
⭕ *විශේෂයෙන්ම මෙය සර්වජන වශියක් ලෙසද භාවිත කල හැක.*
⭕. *සාම්ප්‍රදායිකව මෙම යන්ත්‍රය තඹ හෝ රන් පතක අති ගාම්සභීර සූවිසි ප්‍රත්‍ය උපයෝගී කර සකස් කරනු ලබයි. දිනපතාම පට්ඨානය සජ්ඣායනාව කරන නිවෙස්වල මිණි පහනකි. නිවසෙහි, ව්‍යාපාරික ස්ථාන, වාහන රාමු කර එල්ලා තැබීමෙන් ත්‍රිවිධ රත්නය සිහිවීමක් වන බැවින් මනසට සුවයක් ද ගෙන දේ සියලු අනතුරු වලින් මිදීමට. ප්‍රබල ආරක්ෂාවකි.*
⭕. *වින බන්ධන පුපුරවා යකුන් භූතයන් ප්‍රේතයන් ගේ දොස් දුරු කර,ආරක්ෂාව බ්‍රහ්ම රාජයාණන් වහන්සේලා ගේ පිහිට, දෙවියන් ගේ ආරක්ෂාව ලගා කරදෙන මහා පට්ඨාන රාජ යන්ත්‍රය, සූවිසි ප්‍රත්‍ය පිරිත් බල සිද්ධි යන්ත්‍රය.*
⭕. *අපේ මහාසෘෂි වූ ලොවුතුරා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද, පට්ඨාන ය, ධජග්ග පිරිත, දස මාර පිරිත, රතන සූත්‍රය, යක්ෂ භය, රෝග භය, දුර්භික්ෂ භය යන භයත්‍රයන් දුරු කිරීමට පුරාණයේ සිට යොදා ගැනේ. දරුණු යකුන්, යක්ෂණියන් ප්‍රේතයන් හා අමනුෂ්‍ය දිෂ්ටි බන්ධනය කර ඇති වින බන්ධන තම නමට, නිවෙසට,භූමියට, වතුපිටි, කුඹුරුවලට, වෙළෙඳ ව්‍යාපාර, කර්මාන්ත ආදී ස්ථානවලට කර ඇති සියලු බන්ධන මින් දුරු කළ හැකිය. බන්ධනය කර ඇති භූතයන් භේද කම්පිතව ප්‍රකම්පිතව වෙව්ලා යන තරම් ප්‍රබල වූ මෙම මහා පට්ඨාන රාජ යන්ත්‍රය ගෙල පැලඳීම ඉහත දක්වා ඇති අශුභඵල දුරු වී ශුභඵල උදාකර ගත හැකිය*
මහා පට්ඨාන රාජ යන්ත්‍රය සුභ නැකැත්, අනු මා අතින්ම පත්බිඳ විද්‍යානුකූලව ඇඳ, සිද්ධි කල යන්ත්‍ර රත්නයකි. මෙම යන්ත්‍රය මෑත කාලයේ දකින්නට නොලැබෙන මාගේ ගුරු පරම්පරාවේ ඉගනීම අනුව සකස්කර ඇත. සෑම තැනම දකින්න ට තිබෙන්නේ මැෂින් වලින් අච්චු ගැසු යන්ත්‍ර ඒවායින් නම් පලක් නැත.
සියළු දෙනාටම පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා කියා හදවතින්ම අධිෂ්ඨාන කර ප්‍රාර්ථනා කරනව
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
🪷🪷🪷🪷🪷🪷🪷🪷
සියළු විමසීම්: 071 170 4683 වට්සැප්,
ඊ.ඒ. සනත් කුමාර
ආධ්‍යාත්මිකවේදී,
ශාස්ත්‍රපති ගෞරව,
කේ. පී. ජ්‍යෝතිෂ් විද්‍යා රත්න,(ඉන්දියා-ක්‍රිෂ්ණමුර්ති)
භාරත භාෂ්කර ශිරෝමණී ගෞරව,
සම්මාන ලාභි
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදි වාස්තුවේදී හස්‍ථරේඛා ශ්‍රාස්ත්‍රඥ,
💦💦💦💦💦💦💦
ඔන්ලයින් වට්සැප් හරහා ශාස්ත්‍රීය කටයුතු සඳහා විමසන්න
071 170 4683
🔱🔱🔱🔱🔱🔱🔱
3 days ago | [YT] | 8
View 3 replies
Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම
꧁━━━•••⊰🛞⊱•••━━━꧂
*බුද්ධ සාසනං තිරංතිට්ඨතු!!!*
꧁━━━•••⊰🛞⊱•••━━━꧂
*පටිච්චසමුප්පාදය ලිපි මාලාව*
꧁━━━•••⊰🛞⊱•••━━━꧂
*අවිද්‍යාව පළමු ලිපිය *
꧁━━━•••⊰🛞⊱•••━━━꧂
පටිච්චසමුප්පාද ධර්ම පද්ධතිය තුළ *අවිද්‍යාව* යනු සත්වයා සංසාර චක්‍රයෙහි බැඳ තබන මූලිකම මල පුරුකයි. බුදුදහමට අනුව පටිච්චසමුප්පාදය යනු හේතුඵල දහමයි. එහි ආරම්භක අවස්ථාව ලෙස සැලකෙන්නේ අවිද්‍යාවයි. *මෙය සරලව නොදැනුවත්කම ලෙස හැඳින්විය හැකි වුවද ගැඹුරු දාර්ශනික අර්ථයෙන් ගත්කල එය පරමාර්ථ සත්‍යය වසාගෙන සිටින මෝහාන්ධකාරයයි.*
අවිද්‍යාවේ ස්වභාවය සහ නිර්වචනය
පාලි මූලාශ්‍රයන්හි අවිද්‍යාව නිර්වචනය කරන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳ ඇති නොදැනුවත්කම ලෙසයි.
꧁━━━•••⊰🛞⊱•••━━━꧂
🔥*සම්මජ්ජිට්ඨි සූත්‍රයෙහි එන පරිදි...*
꧁━━━•••⊰🛞⊱•••━━━꧂
*"දුක්ඛේ අඤ්ඤාණං, දුක්ඛසමුදයේ අඤ්ඤාණං, දුක්ඛනිරෝධේ අඤ්ඤාණං, දුක්ඛනිරෝධගාමිනියා පටිපදාය අඤ්ඤාණං. අයං වුච්චති ආවුසෝ අවිජ්ජා."*
( දුක පිළිබඳ නොදැනීම, දුක ඇතිවීමේ හේතුව පිළිබඳ නොදැනීම, දුක නැති කිරීම පිළිබඳ නොදැනීම සහ දුක නැති කිරීමේ මඟ පිළිබඳ නොදැනීම අවිද්‍යාව නම් වේ.)
*මෙම නොදැනීම හුදෙක් පොතපතේ දැනුම අඩුවීමක් නොව පංචස්කන්ධයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ස්වභාවය වටහා ගැනීමට ඇති නොහැකියාවයි. ලෝකය දෙස 'මම' සහ 'මගේ' යන දෘෂ්ටියෙන් බැලීමට පෙළඹවීම අවිද්‍යාවේ මූලික ලක්ෂණයයි.*
පටිච්චසමුප්පාද ක්‍රියාවලිය තුළ අවිද්‍යාවේ කාර්යභාරය
පටිච්චසමුප්පාද විග්‍රහයේදී "අවිජ්ජා පච්චයා සංඛාරා" යනුවෙන් දැක්වෙන්නේ අවිද්‍යාව හේතුවෙන් සංස්කාර හෙවත් චේතනාත්මක ක්‍රියා හටගන්නා බවයි. අවිද්‍යාවෙන් මුළා වූ තැනැත්තා සැපය යැයි සිතා දුකට හේතු වන දේම කරයි. ඔහු *පින්කම් (පුඤ්ඤාභිසංඛාර),* *පව්කම් (අපුඤ්ඤාභිසංඛාර)* හෝ *ධ්‍යාන වැඩීම් (ආනෙඤ්ජාභිසංඛාර)* යන ඕනෑම ක්‍රියාවක නිරත වන්නේ තමා කියා සත්වයෙක් පුද්ගලයෙක් ඇතැයි යන මුළාව මත පිහිටාය.
අවිද්‍යාව පවතින්නේ හුදෙකලාව නොවේ. එය ආශ්‍රව ධර්මයන් හා බැඳී පවතී.
꧁━━━•••⊰🛞⊱•••━━━꧂
*සම්මා දිට්ඨි සූත්‍රයෙහිම සඳහන් වන පරිදි...*
꧁━━━•••⊰🛞⊱•••━━━꧂
*"ආසව සමුදයා අවිජ්ජා සමුදයෝ, ආසව නිරෝධා අවිජ්ජා නිරෝධෝ."*
(ආශ්‍රවයන්ගේ හටගැනීමෙන් අවිද්‍යාව හටගන්නා අතර, ආශ්‍රවයන් නිරුද්ධ වීමෙන් අවිද්‍යාව නිරුද්ධ වේ.)
මෙය චක්‍රීය ක්‍රියාවලියකි. *කාම ආශ්‍රව, භව ආශ්‍රව සහ අවිද්‍යා ආශ්‍රවයන් විසින් අවිද්‍යාව පෝෂණය කරනු ලබයි.* මෙය නූල් බෝලයක් පටලැවී ඇති ආකාරයට සත්වයා භවයෙන් භවයට ඇදගෙන යයි. අවිද්‍යාව සහ සෙසු ප්‍රත්‍යයන්ගේ සම්බන්ධය
අවිද්‍යාව නිසා සංස්කාරත් සංස්කාර නිසා විඤ්ඤාණයත් හටගන්නා ආකාරය දාමයක් මෙන් විහිදී යයි.
*"අවිජ්ජායත්වේව අසේසවිරාගනිරෝධා සංඛාරනිරෝධෝ"* යන බුදු වදනට අනුව අවිද්‍යාව සහමුලින්ම ප්‍රහීණ කිරීමෙන් පමණක් මේ දුක්ඛ රැස නිරුද්ධ කළ හැකිය.
*අවිද්‍යාව යනු යම් දෙයක් නොමැති තැනක ඇති බව පෙන්වන මායාවකි.* උදාහරණයකට මිරිඟුව දෙස බලා ජලය ඇතැයි සිතා දුවන මුවෙකු මෙන් පංච උපාදානස්කන්ධය තුළ *ආත්මයක්* ඇතැයි සිතා සත්වයා විවිධ කර්ම රැස් කරයි.
*මෙම ක්‍රියාවලිය විස්තර කිරීමට විභංගප්පකරණයේ එන මෙම පාඨය වැදගත් වේ...*
*"තත්ථ කතමා අවිජ්ජා? යං අඤ්ඤාණං අදස්සනං... මෝහෝ අකුසලමූලං. අයං වුච්චති අවිජ්ජා."*
*මෙහි 'අදස්සනං' යනු දැකිය යුතු දේ (යථාභූත ඥානය) නොදැකීමයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ධර්මතාවන්ගේ උදය-වැය (හටගැනීම හා විනාශය) දැකීමට අවිද්‍යාව ඉඩ නොදෙයි.*
අවිද්‍යාව ප්‍රහීණ කිරීම
අවිද්‍යාව දුරු කළ හැක්කේ විද්‍යාව හෙවත් ප්‍රඥාව උදාකර ගැනීමෙනි. එය ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් සිදු වන්නකි. පටිච්චසමුප්පාදයේ අනුලෝම පිළිවෙළින් සත්වයා බැඳෙන ආකාරයත් ප්‍රතිලෝම පිළිවෙළින් සත්වයා නිදහස් වන ආකාරයත් පැහැදිලි කෙරේ.
*"අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ" - අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැතිවේ.* මෙය අර්හත් මාර්ග ඥානය උදාවීමත් සමඟ සිදුවන්නකි. අවිද්‍යාව ප්‍රහීණ වූ රහතන් වහන්සේගේ ක්‍රියාවන් තවදුරටත් 'සංස්කාර' ලෙස විපාක ලබා දීමට සමත් නොවේ. ඒවා හුදෙක් 'කිරිය' (ක්‍රියා) මාත්‍රයක් පමණක් බවට පත්වේ.
*සංසාරය නමැති මහා සාගරයේ සත්වයා ගිලී සිටින්නේ අවිද්‍යාව නමැති අන්ධකාරය නිසාවෙනි. පටිච්චසමුප්පාදය තුළ අවිද්‍යාව මුලට තබා විස්තර කරන්නේ එහි ඇති ප්‍රබලත්වය නිසාය. මහා නිදාන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පරිදි මෙම ධර්මය ගැඹුරුය. ගැඹුරු ලෙස පෙනෙයි. අවිද්‍යාව නිසාම සත්වයා මේ ලෝකය නූල් බෝලයක් මෙන් පටලවාගෙන ඇති අතර එයින් මිදීමට නම් අවිද්‍යාව දුරු කර විද්‍යාව (ප්‍රඥාව) ලබාගත යුතුය...*
*අවිද්‍යාව යනු හුදෙක් බාහිර ලෝකය පිළිබඳ දැනුමක් නොමැතිකම නොව තමාගේම චිත්ත සන්තානය තුළ පවතින ඇතිවෙමින් නැතිවෙමින් පවතින ධර්මතාවන්ගේ අනිත්‍ය බව වටහා නොගැනීමයි. එම මුළාව දුරු කිරීමම නිවනට මඟයි...*
*තෙරුවන් සරණයි* !!!
*දෙවි පිහිටයි* 🙏🙏🙏
ධර්ම දානය පිණිස ශෙයා කරන්න
3 months ago | [YT] | 37
View 0 replies
Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම
තෙරුවන් සරණයි පින්වත් ඔබ සැමට හැකි සෑම දෙනාම බුදුගුණ වඩා එකට අධිෂ්ඨාන කරමු ලෝක සත්වයා සුවපත් වේවා කියල
4 months ago | [YT] | 51
View 2 replies
Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම
*පිංවත් ඔබට ප්‍රඥාවට පත්වෙන්න විශේෂ කාරණාවක්*
සෑම තැනකම මෙය සෙයා කරන්න සබ්බ දානං ධම්ම දානං ජිනාති.
ලෝකයේ උතුම්ම දානය ධර්ම දානයයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
*තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් ඔබ ප්‍රඥාවට පත්වෙන්න.*
*අද සමාජයේ ප්‍රචලිත වෙලා තියෙන වාක්‍ය වන්නේ සිතන දේ වෙන්නැති බවයි. එය අමූලික මුසාවක්.*
*හොඳම උදාහරණය: බෝධිසත්වයන් වහන්සේලා, සම්මා සම්බුද්ධත්වයට පාරමිතා පුරන්නේ, සිත මූලික කරගෙනයි.*
*භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුවත්, දේශනා කර තිබෙන්නේ.සිත ඩඩන පිළිවෙලක්*
*ඒ බව පැහැදිලිව දේශනා කර තියෙනවා පැහැදිලිවම. භාවනා වඩනවා කියන්නේ සිත වැඩීමයි.* *ප්‍රඥාවෙන් මෙහෙයවීමයි. පිංවත් ඔබ ධර්ම විකෘති දේශනා වලින් මිදී,*
*සීල සමාධි ප්‍රඥා වැඩේවා!! උතුම් පාරමිතා*
*ධර්ම උපනිශ්‍රය කර, ප්‍රාරිථනීය බෝධිය කින්, උතුම් නිර්වාණය උපනිශ්‍රය වේවා කියලා*
*හදවතින්ම අධිෂ්ඨාන කර ප්‍රාර්ථනා කරනව.*
*සාදු!!!සාදු!!! සාදු!!!*
මෛත්‍රී පාරමිතා ආශිර්වාද සමූහය
පට්ඨාන සජ්ඣායනාව සමූහය
මෛත්‍රී සමත විදර්ශනා සමූහය
⚜️🔱⚜️🔱⚜️🔱⚜️🔱
5 months ago | [YT] | 18
View 0 replies
Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම
*꧁━━━━••⊰🛞⊱••━━━━꧂*
*බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති, භාවනාව*
*꧁━━━━••⊰🛞⊱••━━━━꧂*
*සූවිසි ගුණ මෙනෙහි කිරීම*
*꧁━━━━••⊰🛞⊱••━━━━꧂*
*මේ උතුම් සූවිසි ගුණ මෙනෙහි කරමින් භාවනා කිරීමෙන් ඔබගේ ජීවිතයේ සියලුම ලෞකික ලෝකෝත්තර සැප ළඟා කර ගැනීම පිණිස හේතු වාසනා වෙනවා සත්‍යයි සහතිකයි. නමුත් ආමිස හෝ ප්‍රතිපත්ති පූජා කිරීමේදී යම් දෙයක් අපේක්ෂාවෙන් නොකරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අපේක්ෂාව මුදුන්පත් කිරීමට වෙර දරන ඔබට එහි ප්‍රතිඵලය සාක්ෂාත් කර ගැනීමට අපහසු වනු ඇත. එම නිසා පින්වත් ඔබ කිසිදු දෙයක් අපේක්ෂා නොකොට ප්‍රතිපත්තියේ පිහිටනු. එය සියල්ලෙන් ජය ගැනීමට හේතු වේ. දිනකට එක ගමනක් හෝ උදේ සවස මෙනෙහි කිරීම සිදුකරන්න*
*꧁━━━━••⊰🛞⊱••━━━━꧂*
*නව අරහාදී බුදු ගුණ ය මෙනෙහි කිරීම*
*꧁━━━━••⊰🛞⊱••━━━━꧂*
🙏🙏🙏🙏🙏🙏🙏🙏
*(01) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාග, ද්වේශ, මෝහ, නැමැති, තණ්හා සිත මුළුමනින්ම, දුරු කල හෙයින් ද අරහං නම්වන සේක.*
🌼🌼🌼🌼🌼🌼🌼🌼
*(02) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය තමන් වහන්සේ ගේම නූවණින් අවබෝධ කල බැවින් සම්මා සම්බුද්ධ නම්වන සේක.*
🌼🌼🌼🌼🌼🌼🌼🌼
*(03) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිත, කය, වචනය, පිරිසිදු කර ගත් හෙයින්, ආසවක්ඛ්‍ය ඥානයෙන් පරිපූර්ණ වූ බැවින්, විජ්ජාචරණ සම්පන්න නම්වන සේක.*
🌼🌼🌼🌼🌼🌼🌼🌼
*(04) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය මැනවින් පරිපූර්ණ වූ බැවින් සුගත නම්වන සේක.*
🌼🌼🌼🌼🌼🌼🌼🌼
*(05) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය, යන තුන් ලෝකයෙන්ම මිදුන බැවින්, ලෝක වීදූ නම් වන සේක.*
🌼🌼🌼🌼🌼🌼🌼🌼
*(06) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නරක නපුරු සිත්, මහා කරුණා මෛත්‍රියෙන් දමනය කළ බැවින්, පුරිස ධම්ම සාරතී නම් වන සේක.*
🌼🌼🌼🌼🌼🌼🌼🌼
*(07) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, මිනිසුන් සියළු ලෝකයෙන් ගලවා නිර්වාණය ට යොමු කළ බැවින් සත්ථාදේවමනුස්සානං නම් වන සේක.*
🌼🌼🌼🌼🌼🌼🌼🌼
*(08) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දුකින් මිදී අන් අයද දුකින් මිදවීමට චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළහ බැවින් බුද්ධ නම් වන සේක.*
🌼🌼🌼🌼🌼🌼🌼🌼
*(09) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, මේ සියළු ගුණ දරා සිටීමට සුදුසු වූ බැවින් භගවා නම් වන සේක.*
*꧁━━━━••⊰🛞⊱••━━━━꧂*
*දහම් ගූණ මෙනෙහි කිරීම*
*꧁━━━━••⊰🛞⊱••━━━━꧂*
🌻🌻🌻🌻🌻🌻🌻🌻
*(01) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය මුල, මැද, අංග, පිරිසිදුව දේශනා කර ඇති බැවින්, ස්වාක්ඛාත නම් වන සේක.*
🌻🌻🌻🌻🌻🌻🌻🌻
*(02) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය, අවබෝධ කළ සැණින් ප්‍රතිඵල ලැබෙන බැවින්, සන්දිට්ඨික නම් වන සේක.*
🌻🌻🌻🌻🌻🌻🌻🌻
*(03) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, දේශනා කළ ශ්‍රී සද්ධර්මය සෑම මොහොතකටම ගැලපෙන බැවින් අකාලික නම් වන සේක.*
🌻🌻🌻🌻🌻🌻🌻🌻
*(04) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය, ඕනෑම කෙනෙකුට පෙන්විය හැකි බැවින්, ඒහිපස්සික නම් වන සේක.*
🌻🌻🌻🌻🌻🌻🌻🌻
*(05) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ, දේශනා කළ ශ්‍රී සද්ධර්මය, තමා තුළින් දැකිය යුතු හැකි බැවින්, ඕපනයික නම් වන සේක.*
🌻🌻🌻🌻🌻🌻🌻🌻
*(06) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය, තම තමන්ගේ නැණ නුවණින් දැකිය හැකි බැවින්, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීතී නම් වන සේක.*
*꧁━━━━••⊰🛞⊱••━━━━꧂*
*සංඝ ගුණ මෙනෙහි කිරීම*
*꧁━━━━••⊰🛞⊱••━━━━꧂*
🪷🪷🪷🪷🪷🪷🪷🪷
*(01) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ, ආර්ය සංඝරත්නය, රාග ද්වේශ මෝහ නැණ නුවණින්, යුක්ත වූ බැවින්, සුපටිපන්න නම් වන සේක.*
🪷🪷🪷🪷🪷🪷🪷🪷
*(02) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය සංඝරත්නය, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු පුහුණු කරන බැවින්, උජුපටිපන්න නම් වන සේක.*
🪷🪷🪷🪷🪷🪷🪷🪷
*(03) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය සංඝරත්නය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය, අවබෝධ කරගත් බැවින්, ඤායපටිපන්න නම් වන සේක.*
🪷🪷🪷🪷🪷🪷🪷🪷
*(04) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය සංඝරත්නය අවබෝධ කරගත් චතුරාර්ය සත්‍යය ධර්මය, අන් අයටද කියා දෙන බැවින්, සාමීචිපටිපන්න නම් වන සේක.*
🪷🪷🪷🪷🪷🪷🪷🪷
*(05) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය සංඝරත්නය දුරක සිටියත් සිව්පසයෙන්, පූජා කරන්නට සුදුසු වූ බැවින්, ආහුනෙය්ය නම් වන සේක.*
🪷🪷🪷🪷🪷🪷🪷🪷
*(06)ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය සංඝරත්නය ආගන්තුකව වැඩම කළ විට, සිව් පසයෙන් පූජා කිරීමට සුදුසු බැවින්, පාහුනෙය්‍ය නම් වන සේක.*
🪷🪷🪷🪷🪷🪷🪷🪷
*(07) ඒ මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආර්ය සංඝරත්නයට මාර්ග ඵලය සලකාගෙන, දානමානාදියෙන් පූජා කිරීමට සුදුසු බැවින්, දක්ඛිනෙයිය නම් වන සේක.*
🙏🙏🙏🙏🙏🙏🙏🙏
💦💦💦💦💦💦💦💦
*තමන්ගේ ලෞකික ජීවිතේ නොයෙකුත් අපල කරදර බාධක මුදල් ගනුදෙනු බාධක ආදී නොයෙකුත් කරදර වලට සත්‍ය වශයෙන්ම මෙම සූවිසි ගුණ මෙනෙහි කරණ භාවනාව වඩා සත්‍යයක් ක්‍රියා කර දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. දිගටම මාස තුනක් පමණ කරන විට සියලු රෝගවලින් ආරක්ෂා වෙලා සියල්ල ජය ගනී. සත්‍යයි සහතිකයි.*
💦💦💦💦💦💦💦💦
*සබ්බ දානං ධම්ම දානං ජිනාති. මේ උතුම් භාවනාමය කමටහන පින්වත් හැමෝටම share කරන්න.*
💦💦💦💦💦💦💦💦
*තෙරුවන් සරණයි දෙවි පිහිටයි*
🙏🙏🙏🙏🙏🙏🙏🙏
*මෛත්‍රී පාරමිතා ආශිර්වාද සමූහය*
🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
*පට්ඨාන සජ්ඣායනාව සමූහය*
🪷🪷🪷🪷🪷🪷🪷🪷
7 months ago | [YT] | 17
View 0 replies
Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම
(A) 01
*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*
*අනන්තනය සමන්නාගත පට්ඨාන විභංග වාරය සිංහල අරුත දැනගන්න.*
*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*
*හේතු ප්‍රත්‍ය විභාගය*
*(01)හේතු පච්චයොති*
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
🔴(01) කුසලෝදම්මෝ කුසලස්ස ධම්මස්ස හේතු පච්චයේන පච්චයො
කුසලාහේතූ සම්පයුත්තකානං ඛන්දානං හේතු පච්චයේන පච්චයො
*සිංහල තේරුම:*
කුසල ධර්මයක්: ප්‍රත්‍යොත්පන්නයෝ, කුසල ධර්මයකට හේතු ප්‍රත්‍ය ශක්තියෙන් ඉපදීමට පැවැත්වීමට උපකාර කෙරේ.
කුසල හේතු තුන නම්: (අලෝභ, අදෝස, අමෝහ,): එක්ව යෙදෙන ස්කන්ධයන්ට හෙවත් වේදනා සංඥා සංඛාර විඤ්ඤාණයන්ට හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරෙයි.
🔴(02) කුසලෝ දම්මෝ අබ්ය්‍යාකතස්ස ධම්මස්ස හේතු පච්චයේන පච්චයො
කුසලා හේතු: චිත්ත සමුට්ඨානානං රූපානං හේතු පච්චයේන පච්චයො.
*සිංහල තේරුම:*
කුසල ධර්මයක් අව්‍යාකෘත හෙවත් කුසල අකුසල නොවන ධර්මයන්ට හේතු ප්‍රත්‍යයෙන් උපකාර කෙරේ.
කුසල හේතු තුන සිතෙන් උපදින රූපයන්ට හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ.
🔴(03) කුසලෝ ධම්මෝ කුසලස්සච අබ්ය්‍යා කතස්සච ධම්මස්ස හේතු පච්චයේන පච්චයෝ
කුසලාහේතු සම්පයුත්තකානං ඛන්ධානං චිත්තසමුත්තානානංච රූපානං හේතු පච්චයේන පච්චයො.
*සිංහල තේරුම:*
කුසල ධර්මයක් කුසල් හා අව්‍යාකෘතයන්ට හේතු ප්‍රත්‍යයෙන් උපකාර කෙරේ.
කුසල හේතු තුන එක්ව යෙදෙන ස්කන්ධයන්ට චිත්තජ රූපයද, හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරෙයි.
🔴(04) අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස හේතු ප්‍රච්චයේන පච්චයෝ.
අකුසලා හේතු සම්පයුත්තකානං ඛන්ධානං හේතු පච්චයේන පච්චයො.
*සිංහල තේරුම:*
අකුසල ධර්මයක් අකුසල ධර්මයකට හේතු ප්‍රත්‍යයෙන්, ප්‍රත්‍ය වේ.
අකුසල හේතු තුන නම්: (ලෝභ දෝස මෝහ) මේවා එක්ක හටගන්නා ස්කන්ධයන්ට (චිත්ත චෛතසිකයන්ට) හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ.
🔴(05) අකුසලෝ ධම්මෝ අබ්‍යාකතස්ස ධම්මස්ස හේතු පච්චයේන පච්චයො.
අකුසලා හේතු චිත්තසමුට්ඨානානං රූපානං හේතු පච්චයේන පච්චයො.
*සිංහල තේරුම:*
අකුසල ධර්මයක් ව්‍යාකෘත ධර්මයකට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ.
අකුසල හේතු තුන, චිත්තජ රූපයන්ට හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ.
🔴(06) අකුසලෝ ධම්මෝ අකුසලස්ස ච අබ්‍යාකතස්ස ච ධම්මස්ස හේතු පච්චයේන පච්චයෝ.
අකුසලා හේතු සම්පයුත්තකානං ඛන්දානං චිත්තසමුට්චටානානඤච රූපානං හේතු පච්චයේන පච්චයො.
*සිංහල තේරුම:*
අකුසල ධර්මයක් අකුසල හා අබ්‍යාකත ධර්මයකට හේතු ප්‍රත්‍ය ශක්තියෙන්, ප්‍රත්‍යවේ.
අකුසල හේතු තුන: එක්ක යෙදෙන ස්කන්ධයන්ටත්, චිත්තජ රූපයන්ටත් හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ.
🔴(07) අබ්‍යාකතෝ ධම්මෝ: අබ්‍යාකතස්ස ධම්මස්ස හේතුපච්චයේන පච්චයො.
විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා හේතු, සම්පයුත්තකානං ඛන්දානං චිත්තසමුට්ඨානාඤච රූපානං හේතු පච්චයේන පච්චයෝ.
*සිංහල තේරුම:*
අව්‍යාකෘත ධර්මයක්: අව්‍යාකෘත ධර්මයකට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ.
විපාක අව්‍යාකෘත, කිරිය අව්‍යාකෘත, හේතු තුන නම් (අලෝභ අදෝස අමෝහ) එක්ව යෙදෙන ස්කන්ධයන්ට ච්ත්තජ රූපයන්ටද, හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ.
🔴(08) පටිසන්ධික්ඛනේ: විපාකාබ්‍යාකතා හේතු: සම්පයුත්තකානං ඛන්ධානං
කටත්තාච රූපානං හේතු පච්චයේන පච්චයෝ.
*සිංහල තේරුම:*
පටිසන්ධි කාලයෙහි විපාක: අව්‍යාකෘත හේතු (අලෝභ, අදෝස, අමෝහ,) එක්ව යෙදෙන ස්කන්ධයන්ට කර්මයෙන් හටගත්තාවූ, රූපයට හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ.
🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
හේතු පච්චය ඥානෙන
ජබ්බන්න රංසි භාසුරං
සම්බුද්ධං සබ්බදස්සාවිං
වන්දාමි පූජයාමහං
*සිංහල තේරුම:*
හේතු ප්‍රත්‍ය පිළිබඳ අවබෝධ ඤාණයෙන් සවනක් සම්බුදු රැසින් බබලන සියල්ල දක්නා ඒ සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේට වඳිමි පුදමි.
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
අනන්තනය සමන්නාගත යන් පට්ඨාන විභංග වාර පාලිය හේතු ප්‍රත්‍ය විභාගය නිමි.
⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️
තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
💦💦💦💦💦💦💦💦
සැකසුම:
පට්ඨාන සජ්ඣායනාව සමූහය,
මෛත්‍රී පාරමිතා ආශිර්වාද සමූහය,
නිර්මාතෘ: ඊ.ඒ. සනත් කුමාර.
⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️
9 months ago | [YT] | 12
View 0 replies
Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම
*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*
*සතිපට්ඨාන විපස්සනා භාවනා*
*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*
අදහස් දැක්වීම අංක 01 ලිපිය
*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*
සබ්බ දානං ධම්ම දානං ජිනාති.
ධර්ම අවබෝධය පිණිස සම්පූර්ණ ලිපිය කියවන්න.
සතිපට්ඨාන විපස්සනා භාවනානමැති මේ පොත බෞද්ධයන් අතීතයේ පටන් බෙභෙවින් භාවිත කරන ගරු කරන මහා සතිපට්ඨාන සූත්‍රයේ අර්ථ විවරණයෙකි. මහා සතිපට්ඨාන සූත්‍රය වනාහි මෙහි අර්ථය එසේ ද මෙසේ ද මෙයින් දැක්වෙන්නේ මෙය ද අනිකක් ද කියා උගතුන්ට පවා සැක පහළ කරවන නිශ්චයකට පැමිණීමට දුෂ්කර ස්ථාන බොහෝ ඇති ඉතා ගැඹුරු සූත්‍ර ධර්මයකි. භාෂා ශාස්ත්‍ර උගෙන ඇති පමණින් සතිපට්ඨාන සූත්‍රය තේරුම් ගත නො හැකි ය. මේ සූත්‍රයට පිරිසිදු පැහැදිලි අර්ථ විවරණයක් කළ හැකි වීමට භාෂා ශාස්ත්‍ර දැනුමක් තිබිය යුතු ය. අභිධර්මය පිළිබඳ උසස් දැනුමක් ද තිබිය යුතු ය. චිරකාලයක් පවත්වන ලද යෝගාභ්‍යාසයක් තිබිය යුතු ය. බොහෝ යෝගීන් ඇසුරු කර තිබිය යුතුය. ඔවුන් හා නොයෙක් වර සාකච්ඡා පවත්වා තිබිය යුතු ය. ධර්ම ගරුකයකු විය යුතු ය.
ශ්‍රී ලංකා ශෙවජින් නිකායේ මහා නායක ධුරන්ධර ආචාර්යයදෙවිනුවර ඤාණාවාසස්ථවිරයන් වහන්සේ කියන ලද සකලාඞ්ගයන්ගෙන්ම පරිපූර්ණ මහා ස්ථවිර නමකි. උන් වහන්සේ පාලි සංස්කෘත බුරුම ආදී භාෂා පිළිබඳ උසස් දැනුමක් ඇතියෙකි. අභිධර්මය පිළිබඳ විශේෂ දැනුමක් ඇතියෙකි. ත්‍රිපිටක ධර්මය ගිහි පැවිදි බොහෝ සිසුන්ට දීර්ඝ කාලයක් උගන්වා ඇති ධර්මාචාර්යවරයෙකි. දීර්ඝ කාලයක් කරන ලද යෝගාභ්‍යාසය ඇතියෙකි. කර්මස්ථානාචාර්යවරයෙකි. බුරුමයේ හා තවත් රටවල අති ප්‍රසිද්ධ අග්ග මහා පණ්ඩිතමහාසී සයාඩෝනමැති කර්මස්ථානාචාර්යය මහා ස්ථවිරයන් වහන්සේ ආදි බොහෝ යෝගාවචරයන් ඇසුරු කර ඇතියෙකි. ඔවුන් හා සාකච්ඡා පවත්වා ඇතියෙකි. විදර්ශනා භාවනාව පිළිබඳ වූ පාලි සිංහල පොත් පමණක් නොව බොහෝ බුරුම පොත් ද භාවිත කර ඇත්තෙකි. භාවනා ක්‍රම පිළිබඳ පරීක්ෂණ පවත්වා ඇතියෙකි. භාවනා ගැන අත් දැකීම් ඇතියෙකි. කරුණු මෙසේ හෙයින් දෙවිනුවර ඥාණාවාස ස්ථවිරයන් වහන්සේ සතිපට්ඨාන සුත්‍රයට අර්ථ විවරණයක් කිරීමට ඉතා සුදුසු තෙර නමකි. උන් වහන්සේ අතින් ලියවුණු මේ අගනා ධර්ම ග්‍රන්ථය නිවන් මඟ සොයන ගිහි පැවිදි පින්වතුන්ට ඉමහත් ආලෝකයක් බව කිය යුතු ය.
දහම් පාසල් ආදියෙහි සතිපට්ඨාන සූත්‍රය උගන්වන ගුරුවරුන් විසින් ද පැහැදිලි පොතක් නැතිකමින් සතිපට්ඨාන සූත්‍රය උගැන්වීම දුෂ්කර වී ඇති බව නොයෙක් විට කියනු ඇසේ. සුදුසු පොතක් නැති බැවින් ශිෂ්‍යයනට ද මේ සීවටන් සුතුර අමිහිරි දහමක් වී තිබේ. ඥාණාවාස නා හිමියන්ගේ මේ ග්‍රන්ථයෙන් ඒ ගුරු ශිෂ්‍ය සැමදෙනාට ම ද මහත් පිහිටක් වනු ඇත. වයෝ වෘද්ධව සිටින අප නා හිමියන්ට තවත් මෙබඳු ග්‍රන්ථයන් සම්පාදනය කළ හැකිවීමට කාය ශක්තිය ලැබේවා! යි පතමු.
මීට- ශාසනෝදයකාමි,
රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයෝය.
2514 /1970
ජූලි මස 23 වෙනි දින,
පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේදී ය.
*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*
සූත්‍ර නිදානය
*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*
සතිපට්ඨාන විපස්සනා භාවනා
*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*
*නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස*
පාලි🪷🪷🪷
*එවං මෙ සුතං – එකං සමයං භගවා කුරූසු විහරති කම්මාදසම්මං නාම කුරූනං නිගමො. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි – “භික්ඛවො”ති. “භදන්තෙ” ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච.*
*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*
සතිපට්ඨානයේ අනුසස්
*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*
*එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛ දොමනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා.*
කෙටි අදහස
ආනන්ද ස්ථවිර වූ මා විසින් මේ සූත්‍ර දේශනාව මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කුරු රට වැසියන්ගේ
කම්මාස්ස දම්ම නම් නියම් ගම්හි වැඩ වසන ස්ක. එකල්හි උන්වහන්සේ “මහණනි,” යි කියා භික්ෂුන් අමතා වදාළ සේක. ඒ භික්ෂූහු, “ස්වාමීන් වහන්ස!”යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. “මහණෙනි! සත්වයන්ගේ පිරිසුදු බව පිණිස ද, ශෝකය හා හැඩීම දුරු කිරීම පිණිස ද, දුක් දොම්නස් නැසීම පිණිස ද, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස ද, නිවන් දැකීම පිණිස ද, පවතින්නා වූ යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත් ද, මෙය නිවනට යන ඒකායන මාර්ගය (එක ම මාර්ගය) වෙයි.”
කුරු රට:
මහා මන්ධාතු නම් සක්විති රජතුමා දඹදිව සිට චක්‍රරත්නයේ බලයෙන් පුබ්බවිදේහ ය, අපරගෝයාන ය, උතුරු කුරු ය යන මහා දිවයින් වැසි මිනිසුන්ට අවවාද දීම සඳහා එහි ගිය කල්හි දඹදිව ඉතා උතුම් රටක් ය යි අසා ඒ රජු හා දඹදිවට පැමිණි ඒ මිනිසුන්ගෙන් පූර්ව විදේහයෙන් ආ මිනිසුන් පදිංචිව සිටින ප්‍රදේශයවිදෙහ රටය යි ද අපරගෝයානයෙන් ආ මිනිසුන් පදිංචිව සිටින ප්‍රදේශයඅපරන්තය යි ද උතුරු කුරු දිවයිනෙන් ආ මිනිසුන් වාසය කරන ප්‍රදේශයකුරුරටය යි ද ව්‍යවහාර කරනු ලැබේ. කුරු රට පිහිටා ඇත්තේ උතුරු දඹදිව බටහිරටත් උතුරටත් අතරෙහි ය. කුරු නම් වූ රජ කුමරුවන් ඇතුළු මිනිසුන්ගේ නිවාසස්ථානය කුරු ජනපදය හෝ කුරු රට ය යි කියනු ලැබේ, මෙකල මෙ කුරුරටදිල්ලිය යි සලකනු ලැබේ.
කම්මාස්සදම්ම නිගමය:
මහා සුතසෝම ජාතකයෙහි සහ ජයද්දිස ජාතකයෙහි සඳහන් වූ පරිදි පාදයෙහි කබර සහිත වණ කැළලක් ඇති බැවින් පෝරිසාදයා හට “කම්මාස” යයි ද, කම්මාස නම් පෝරිසාද දමනය කළ ස්ථානය “කම්මාසදම්ම”ය යි ද කියනු ලැබේ. නගරාඞ්ගයන්ගෙන් අසම්පුර්ණ වූවත් සාමාන්‍ය ගමකට වඩා කඩපිල් ආදියෙන් හා ජනගහණයෙන් දියුණු වූ බැවින් මෙය නියම් ගමක් විය. එහෙයින් මේ සූත්‍රය දේශනා කළ ප්‍රදේශයටකම්මාසදම්ම නිගමය යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේට ඒ නියම් ගමෙහි වැඩ විසීමට විහාරයක් තිබුණේ නැත. එයට නුදුරු එක්තරා සිත්කලු තැනෙක මහ වන ලැහැබක් ඇත. එහි පරිභෝගයට ජලය ද ඇත. කම්මාසදම්ම නිගමය ගොදුරු ගම් කොට ගෙන ඒ වන ලැහැබෙහි වැඩ වෙසෙමින් සතිපට්ඨාන සූත්‍රය දේශනා කළ සේක.
මේ මහා සතිපට්ඨාන සූත්‍රය කුරු රටෙහි දී ම දේශනා කළේ කුමක් නිසා ද? කුරුරට වාසීන්ට ගැඹුරු ධර්මයන් අසා දැන ගැනීමට සමර්ථ වූ ඥාන ශක්තිය ඇති බැවිනි. එය එසේ වූයේ එකල්හි කුරු රට වාසීහු ඍතු - භෝජනාදි සප්පායයන්ගෙන් සම්පූර්ණව ලෙඩ නැති කය හා සිත් ඇති බැවින් දියුණු වූ නුවණ ඇත්තෝ වූහ. ගැඹුරු ධර්ම කථා අසා අවබෝධ කර ගැනීමට සමත් වූහ. එහෙයින් රහත් වන තෙක් මාර්ගඵල ලැබිය හැකි කර්මස්ථාන (21) එක්විස්සක් ඇතුළත් කොට අගනා රන් බඳුනක් ලැබ එහි අගනා දෙය තැන්පත් කොට තබන්නා සේ කුරුරට වැසි පිරිස ලැබ මේ ගැඹුරු අර්ථ - අදහස් ඇති සතිපට්ඨාන සූත්‍ර ධර්මය දේශනා කළ සේක.
මේ භාවනාව කලිනුත් දෙසූ බව
එරට වැසි බැල මෙහෙකරු ආදී පහත් ජනයාගේ පටන් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවු පිරිස ම සතිපට්ඨාන භාවනාවෙහි යෙදී වෙසෙති. එසේ ම සතිපට්ඨානය පිළිබඳ ධර්ම සාකච්ඡායෙහි ම නිතර යෙදෙති. එහෙයින් මේ සූත්‍රය එහි දී දේශනා කරන ලදී. මෙපමණක් නොව වෙනත් ගැඹුරු අර්ථ අදහස් ඇතිමහා *නිදාන, සාරෝපම, රුක්ඛුපම, රට්ඨපාල, මාගන්දිය, ආනෙඤ්ජසප්පාය* යන සූත්‍ර ද මෙහිදී ම දෙසූ සේක.
කුරුරට වැඩි පිරිස නිතර නිතර සතිපට්ඨාන ය පිළිබඳ ධර්ම සාකච්ඡාවෙහි යෙදෙමින් එම භාවනාව කරමින් සිටින නිසා එහි දී මේ සූත්‍රය දේශනා කළ බව අටුවාවෙහි සඳහන්ව ඇත. එබැවින් සතිපට්ඨාන සංයුත්තක ආදියෙහි එන පරිදි මේ මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නටත් පෙර වෙන වෙන තැන්වලදීත් මේ ධර්මය සැකෙවින් දේශනා කරන ලද බව ඉතා පැහැදිලි ය. එහෙත් සතිපට්ඨාන භාවනාව එක්විසි පබ්බයකින් යුක්ත කොට සම්පූර්ණයෙන් විස්තර කොට ඇත්තේ මේ මහා සතිපට්ඨාන සූත්‍ර යෙහි ම ය.
*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*
සතිපට්ඨානය
*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*
සැඩ පරුෂ කුළු ගොනෙකු මෙන් නානා අරමුණු කරා දුවන අකීකරු සිත නවත්වා ගෙන ඒ සිත කය ආදී කමටහන් අරමුණක බැඳ තබන සිහිය මසතිපට්ඨානනමි.
තව ද, සති නම් වූ සිහිය පිහිටුවා තබන ස්ථානය වූ අරමුණු සතරසතිපට්ඨානනමි. එනම්රූප කය ය, ඒ වේදනාව ය, සරාගාදී චිත්ත ය, හා ස්කන්ධාදී ධර්ම යයන මේ සතර ය.
අනු මාතෘකා:
01 ඒකායන මාර්ගයේ අනුසස්
02ඒකායන මාර්ගය
03 සතිපට්ඨාන අරමුණු මෙනෙහි කිරීමෙන් මාර්ග-ඵල ලැබිය හැකි ය
04 බණ අසමින් සතිපට්ඨානය වැඩිය හැකි බව
05 තිස්ස තෙරුන් වහන්සේ දුක් සංසිඳ වූ ආකාරය
06 ව්‍යාඝ්‍රයකු විසින් කනු ලැබූ තරුණ භික්ෂුවක් දුක් වේදනාව සංසිඳ වූ සැටි
07 ශක්‍ර දේවේන්ද්‍රයාගේ දොම්නස සංසිඳ වූ සැටි
08 සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාගේ දොම්නස පහ කළ ආකාරය
09 ඤායස්ස අධිගමායනිබ්බානස්ස සච්ඡිකිරියාය
*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*
ඒකායන මාර්ගයේ අනුසස්
*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*
*“ඉමිනාව මග්ගෙන -පෙ- අනෙකා සම්මාසම්බුද්ධා, අනෙකසතා පච්චෙක බුද්ධා, ගණනපථං විති වත්තා චාති ඉමෙ සන්තා සබ්බේ චිත්තමලෙ පවාහෙත්වා පරමවිසුද්ධිං පත්තා.”*
යන මේ අටුවා පාඨයෙහි ආ පරිදි සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇතුළත පහළ වූ බුදු, පසේ බුදු, ආර්ය ශ්‍රාවකයෝ සියලු කෙලෙස් මල දුරු කොට පරම විසුද්ධියට පැමිණියාහු ය යි කියන ලද්දේ නිදර්ශන මාත්‍රයක් වශයෙනි. එහි අදහස මෙසේ දත යුතු යි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇතුළත හෝ වේ වා එයට වැඩි කාලයක හෝ වේවා, කවදා හෝ වේවා අතීතයෙහි පහළ වූ ද, දැන් පහළ වන්නා වූ ද, මතු පහළ වන්නා වූ ද, සියලු බුදු, පසේ බුදු, ආර්ය ශ්‍රාවකයෝ මේ සතිපට්ඨාන මාර්ගයෙන් ම සියලු කෙලෙස් මල දුරු කොට පිරිසිදු වූහ. එහෙයින්
*“එතෙන මග්ගෙන තරිංසු පුබ්බේ,*
*පරිස්සන්ති යෙ ච තරති ඕඝං”*
යනුවෙන් සතිපට්ඨාන සංයුත්ත නාලන්දවග්ග බ්‍රහ්ම සූත්‍රයෙහි දැක්වෙන පරිදි කල්ප වශයෙන් කාල නියමයක් නොමැති ව අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයයෙහි මේ සතිපට්ඨාන මාර්ගයෙන් කාමාදී ක්ලේශ ඕඝය එතෙර කළහ. එතර කරති. එතර කරන්නාහු ය. යනු එහි තේරුම ය.
දීඝ නිකාය පාථිකවග්ග සම්පසාදනීය සූත්‍රයෙහි ද“චතුසු සතීපට්ඨානෙසු සුපට්ඨිත චිත්තා”යනුවෙන් කාලත්‍රයයෙහි ම සතර සතිපට්ඨානයෙහි හොඳින් පිහිටුවන ලද සිත් ඇති ව සම්මා සම්බෝධි ඤාණය ලැබිය යුතු බව ප්‍රකාශ කොට ඇත. එහෙයින් මෙහිසත්තානං විසුද්ධියායන තන්හිසත්තානංයන සාමාන්‍ය වචනයෙන් විසුද්ධිය (පිරිසිදු බව) ට පැමිණිය හැකි නුවණ මේරු සත්වයන් ම ගත යුතු ය.
🪷🪷🪷🪷🪷🪷🪷🪷
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️
සතිපට්ඨානය පිළිබඳ ලිපි මාලාව පිළිවෙලට ඉදිරියට කියවන්න
(අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ ධර්ම ග්‍රන්ථ වලින් උපුටා සකස් කරන ලදී
🔔🔔🔔🔔🔔🔔🔔🔔
මෛත්‍රී පාරමිතා ආශිර්වාද සමූහය
💦💦💦💦💦💦💦💦
පට්ඨාන සජ්ඣායනාව සමූහය
💦💦💦💦💦💦💦💦
විශ්ව අරණ සුවසේවා
💦💦💦💦💦💦💦💦
1 year ago | [YT] | 9
View 1 reply
Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම
*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*
°•° *උතුම් තෙරුවන් සරනයි* °•°
*ලැබුවාවූ අද දිනය ඔබට යහපතක්ම වේවා!!! දස දිසාවේම සකලවිධ ලෝක සත්වයෝම සුවසේ ජීවත් වීමට හැකියාව අති වී භය හැක දුරු වී නිදුක් නිරෝගි සුවය ලැබී දීර්ඝායුෂ භූක්ති විදිමට හේතු වාසනා වේවා කියලා හදවතින්ම අධිෂ්ඨාන කර ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි!!!දෙවි පිහිටයි!!!*
*꧁━━━━ •••⊰🛞⊱•••━━━━꧂*
දහසක් බොසතුන් බුදවන පිංවන්ත හිමිදිරි උදැසනෙ ශාන්ත වූද පිවිතුරු හදවතින්ම ප්‍රාර්ථනා කරන්නම් ......!!
සියලුම සත්වයෝ නිදුක් වෙම්වා!!! ..නිරෝගී වෙම්වා!!! ..සුවපත් වෙම්වා!!!
නිදුක් වෙම්වා!!! ..නිරෝගී වෙම්වා!!! ..සුවපත් වෙම්වා!!!
නිදුක් වෙම්වා!!! ..නිරෝගී වෙම්වා!!! ..සුවපත් වෙම්වා!!!
ඔබ නිදුක් වේවා!!! ..නිරෝගී වේවා!!! ..සුවපත් වේවා!!!
ඔබේ හිතේ තිබෙන දුක් ගිනි නිවේවා!!!
ඔබේ හිතේ තිබෙන වේදනාවන් දුරු වේවා!!!
ඔබේ හිතේ තිබෙන පසුතැවීම් දුරු වේවා!!!
ඔබට තිබෙන කරදර දුරු වේවා!!!
ඔබට තිබෙන පීඩාවන් දුරු වේවා!!!
ඔබට තිබෙන ලෙඩ රෝග දුරු වේවා!!!
ඔබේ සිතේ තිබෙන බියක් වේද ඒ බිය දුරුවේවා!!!
ඔබේ සිතේ තිබෙන තැතිගැනීමක් වේද ඒ තැතිගැනීම දුරුවේවා!!!
ඔබ අසත්පුරුෂ ආශ්‍රයෙන් මිදේවා!!!
ඔබ අකමැති දේ ඔබට දකින්නට සිදු නොවේවා!!!
ඔබ අකමැති දේ ඔබට අසන්නට සිදු නොවේවා!!!
ඔබ වඩන ධර්ම මාර්ගයක් වේ නම් ඒ මාර්ගය සුවසේම වැඩේවා!!!
මගේ සිතේ මෙන් ඔබේ සිතේද මෛත්‍රීය වැඩේවා!!!
මා මෙන්ම ඔබද ධර්මය ප්‍රිය කරත්වා!!!
මා මෙන්ම ඔබද කුසල් මතු කරන පංච ශීලය ආරක්ෂා කරත්වා!!!
මා මෙන්ම ඔබද නිවන් මාර්ගය නම් වූ ධර්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරත්වා!!!
මේ උතුම් ධර්මය නිසා මා යම් ලෞකික සැපයක් ලබනවාද, මටත් වඩා ඔබ සැපයට පත් වේවා!!!
මේ උතුම් ධර්මය නිසා මා යම් ලෝකෝත්තර සැපයක් ලබනවාද, මටත් වඩා ඔබ සැපයට පත් වේවා!!!
මේ උතුම් ධර්මය නිසා මා යම් මෛත්‍රී වැඩීමේ සැපයක් ලබනවාද, මටත් වඩා ඔබ සැපයට පත් වේවා!!!
මා වින්ඳා වූ යම් සැප වේදනාවක් වේද , මටත් වඩා ඔබ සැපයට පත් වේවා!!!
මා වින්ඳා වූ යම් දුක් වේදනාවක් වේද , නිවන් දකින තුරු ඔබට ඒ දුක් වේදනාවන් නොලැබේවා!!!
ඔබේ පිටුපස යම් සංසාරික අකුසලයක් වේද ඒ අකුසල් ඔබේ කුසල් වලින් යටපත් වේවා!!!
ඔබේ පිටුපස යම් සංසාරික අකුසලයක් වේද ඒ අකුසල් දුරින්ම දුරු වේවා!!!
ඔබේ සංසාරික පින් මතුවේවා!!!
ඔබේ සිතේ යම් ශ්‍රේෂ්ඨ නිවන් අරමුණක් වේද ඒ අරමුණ ඒ ආකාරයෙන්ම ඉටු වේවා!!!
ඔබේ සිතේ යම් ශ්‍රේෂ්ඨ නිවන් අරමුණක් වේද ඒ අරමුණ ඒ ආකාරයෙන්ම සඵල වේවා!!!
ඔබේ සිතේ යම් ශ්‍රේෂ්ඨ නිවන් අරමුණක් වේද ඒ අරමුණ ඒ ආකාරයෙන්ම මුදුන්පත් වේවා!!!
ඔබ සතුටට පත්වේවා!!!
ලොවුතුරා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ඒ අපරිමිත මහා කරුණාවෙන් ඔබට යහපතක්ම වේවා!!!
ලොවුතුරා භාග්‍යවත් වූ අරිහත් වූ
බුදුරජාණන්වහන්සේගේ ඒ අපරිමිත පාරමිතා බලයෙන් ඔබට යහපතක්ම වේවා!!!
ලොවුතුරා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ඒ අපරිමිත ප්‍රඥා බලයෙන් ඔබට යහපතක්ම වේවා!!!
ලොවුතුරා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ඒ අපරිමිත සෘධි බලයෙන් ඔබට යහපතක්ම වේවා!!!
ලොවුතුරා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ඒ අනන්ත අපරිමිත ගුණ බලයෙන් ඔබට යහපතක්ම වේවා!!!
සියලු කුසල් ඔබ තුලින් මතු වී මේ ජීවිතයේදීම උතුම් මාර්ගඵල අවබෝධ වේවා!!!
උතුම් වූ ප්‍රණීත වූ පරම ශාන්ත වූ උතුම් නිර්වාණය ම ලැබේවා!!!
සුබ උදැසනක් වෙවා!!! වාසනාවන්ත දිනයක් වෙවා!!!
🪷🪷🪷🪷🪷🪷🪷🪷
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
🪷🪷🪷🪷🪷🪷🪷🪷
මෛත්‍රී පාරමිතා ආශිර්වාද සමූහය
පට්ඨාන සජ්ඣායනාව සමූහය
විශ්ව අරණ සුවසේවා
නිර්මාතෘ: ඊ. ඒ. සනත් කුමාර
🪷🪷🪷🪷🪷🪷🪷🪷
1 year ago | [YT] | 8
View 1 reply
Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම
*පටිච්ච සමුප්පාද විවරණය 01*
නමො තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
චතුරසඞ්ඛ්‍යකල්ප ලක්‍ෂසඞ්ඛ්‍යාතාතිදීර්ඝ කාලය මුළුල්ලෙහි පිරූ සමතිස් පෙරුම් දහම් බෙලෙන් ශ්‍රී මහා බෝධිදෘම මූලයේ දී, ශීල නමැති පෘථිවියෙහි වීර්‍ය්‍ය නමැති පාදයුග්මයෙන් සිට, සමාධි නමැති ශීලාතලයෙහි මුවහත් කරන ලද කර්මක්ෂයකරඥාන නමැති පොරොව ශ්‍රද්ධා නමැති අතින් ගෙන අතීතාදි කාලත්‍රයක් හා අවිද්‍යාදි ද්වාදශාඞ්ගයක් හා, විංශත්‍යාකාරයක් හා සන්ධිත්‍රයක් හා සතර රාශියක් හා ත්‍රිවෘත්තයක් හා මූලද්වයක් ද ඇත්තා වූ ප්‍රතීත්‍යසමුත්පාද සඞ්ඛ්‍යාත අනාදිකාලප්‍රවෘත්ත සංසාරචක්‍රය සිඳ සර්‍වඥ පද ප්‍රාප්ත වූ, මාගේ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ ශ්‍රී පාදයුග්මය අතිශය භක්තියෙන් හා ගෞරවයෙන් වැඳ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත පරම ගම්භීර ප්‍රතීත්‍යසමුත්පාද ධර්‍මය සසර දුකින් මිදී නිවන් සුවය ලබනු රිසි ධර්‍ම කාමී සත්පුරුෂ ජනයාට නිවන් මඟ දක්වනු පිණිස මාගේ නැණ පමණින් හෙළ බසින් වර්ණනා කරනු ලැබේ. ආදරයෙන් මෙය කියවා ගම්භීර ධර්මය තේරුම් ගෙන නිවන් පසක් කිරීමට උත්සාහ කෙරෙත්වා!!
*පටිච්චසමුප්පාද පාළිය*
“අවිජ්ජා පච්චයා සඞ්ඛාරා, සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සෝ, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරාමරණං සෝක පරිදේවදුක්ඛදෝමනස්සුපායාසා සම්භවන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.”
මේ විභංග ප්‍රකරණයේ පටිච්චසමුප්පාද විභංගයේ එන අනේක ප්‍රකාර ප්‍රතීත්‍ය සමුත්පාද දේශනයන් අතුරෙන් පළමු වන ප්‍රතීත්‍ය සමුත්පාද දේශනය ය. මේ ගම්භීර ධර්මය දැන ගනු කැමතියන් විසින් පළමු කොට මේ පාඨය පාඩම් කරගෙන ඉදිරියට පොත කියවිය යුතු ය. එහි තේරුම මෙසේ ය:-
අවිද්‍යා නමැති හේතුව නිසා සංස්කාරයෝ හටගනිති.
සංස්කාරයන් නිසා විඥානය හට ගනී,
විඥානය නිසා නාමරූපය හටගනී,
නාමරූපය නිසා ෂඩායතනය හටගනී,
ෂඩායතනය නිසා ස්පර්ශය හටගනී,
ස්පර්ශය නිසා වේදනාව හටගනී,
වේදනාව නිසා තෘෂ්ණාව හටගනී,
තෘෂ්ණාව නිසා උපාදානය හටගනී,
උපාදානය නිසා භවය හටගනී,
භවය නිසා ජාතිය වේ,
ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්ස්‍ය, උපායාසයෝ වෙති.
මෙසේ මේ සකල දුඃඛස්කන්ධයාගේ පහළ වීම වේ.
*පටිච්චසමුප්පාද යන්නෙහි තේරුම*
ගින්න නිසා දුම ඇති වන්නාක් මෙන් ද ගත නිසා ගෙඩිය ඇති වන්නාක් මෙන් ද තමා නිසා පෙර නො තුබූ අන් දෙයක් ඇතිවීමට හේතු වන්නා වූ දෙයට හෙවත් ධර්මයට “පටිච්චසමුප්පාදය” යි කියනු ලැබේ.
අවිද්‍යාව ඇති කල්හි ඒ අවිද්‍යාව නිසා පුණ්‍යාභිසංස්කාරාදි ත්‍රිවිධ සංස්කාරයෝ හටගනිති. එබැවින් සංස්කාරයන්ට හේතු වූ අවිද්‍යාව පටිච්චසමුප්පාදයකි. අවිද්‍යාව නිසා හටගන්නා වූ සංස්කාරයන් නිසා ද විඥානය ඇති වේ. එබැවින් සංස්කාරයෝ ද පටිච්ච සමුප්පාදයකි. සංස්කාර හේතුවෙන් හටගත් විඥානය නිසා නාමරූප හටගනී. එබැවින් විඥානය ද පටිච්චසමුප්පාදයකි. විඥානය නිසා හටගත් නාමරූපය නිසා ෂඩායතනය පහළ වේ. එබැවින් ෂඩායතනයට හේතු වූ නාම රූපය ද පටිච්චසමුප්පාදයකි. මෙසේ ස්පර්ශය ඇති වීමට හේතු වන බැවින් ෂඩායතනය ද පටිච්චසමුප්පාදයකි. වේදනාව ඇති වීමට හේතු වන බැවින් ස්පර්ශය ද පටිච්චසමුප්පාදයකි. තෘෂ්ණාව ඇති වීමට හේතු වන බැවින් වේදනාව ද පටිච්චසමුප්පාදයකි. උපාදානය ඇති වීමට හේතු වන බැවින් තෘෂ්ණාව ද පටිච්චසමුප්පාදයකි. භවය ඇති වීමට හේතු වන බැවින් උපාදානය ද පටිච්චසමුප්පාදයකි. ජාතිය ඇති වීමට හේතු වන බැවින් භවය ද පටිච්චසමුප්පාදයකි. ජරා මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්‍මනස්‍යෝපායාසයන් ඇති වීමට හේතු වන බැවින් ජාතිය ද පටිච්චසමුප්පාදයකි. ජරාමරණාදිය ද අවිද්‍යා තෘෂ්ණාවන්ට හේතු වන බැවින් පටිච්චසමුප්පාදයකි.
මෙසේ අවිද්‍යාවේ පටන් ජරා මරණය දක්වා ඇති මේ ධර්ම සියල්ල ම එකිනෙකට හේතු වන බැවින් පටිච්චසමුප්පාද නම් වේ. ඒ පටිච්චසමුප්පාදය ප්‍රකාශ කරන්නා වූ “අවිජ්ජා පච්චයා සංඛාරා” යනාදි පාඨයට ද ඒ නම කියනු ලැබේ.
එක් ගලක් මත එය හා බැඳී සිටින සේ අනෙක් ගලක් ද, ඒ ගල මත එය හා බැඳී සිටින සේ අනෙක් ගලක් ද, එය මත අනෙක් ගලක් ද මෙසේ උස් වී සිටින සේ එකින් එක මත තබන ලද ගල් සමූහයට වෙන් වෙන් වූ ගල් ගැන අපේක්‍ෂාවක් නො කොට කථා කරන කල්හි කුලුන ය යි ද කණුව ය යි ද කියනු ලැබේ. එහෙත් එකක් උඩ එකක් පිහිටා තිබෙන ගල් සමූහය හැර එහි කුලුනය කියා අමුතු දෙයක් නැත. සත්‍ය වශයෙන් එහි ඇත්තේ ගල් සමූහය පමණකි. එ මෙන් එකක් නිසා එය හා බැඳී පවත්නා සේ තවත් ධර්මයක් ඇති වීම් වශයෙන් නො සිඳී පැවතී ගෙන යන්නා වූ අවිද්‍යාදි ධර්ම පරම්පරාවන්ට, ධර්ම සමූහයන්ට වෙන් වෙන් වූ ධර්ම ගැන අපේක්‍ෂාවක් නැති ව කථා කරන කල්හි ස්ත්‍රිය ය, පුරුෂයා ය, දෙවියා ය යනාදි නම් කියනු ලැබේ. එහෙත් ධර්ම සමූහය - ධර්ම පරම්පරා මිස සත්‍ය වශයෙන් ඇති ස්ත්‍රියක් පුරුෂයෙක් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත.
කුලුනය යි කී කල්හි සත්‍ය වශයෙන් කුලුනක් නො ලැබී එක පිට එක පිහිටි ගල් සමූහයක් ලැබෙන්නාක් මෙන් ස්ත්‍රිය ය කියා හෝ පුරුෂයා ය කියා හෝ මිනිසා ය දෙවියා ය සත්ත්වයා ය කියා හෝ කී කල්හි සත්‍ය වශයෙන් එක් එක් ධර්මයක් නිසා ඇති වන්නා වූ ධර්ම සමූහයක් ම ලැබේ. ස්ත්‍රී පුරුෂාදීහු නො ලැබෙත්. පටිච්චසමුප්පාදය යි කියනුයේ එක එකක් නිසා පවත්නා වූ ඒ ධර්ම සමූහයට ය. එබැවින් පටිච්චසමුප්පාදය අපෙන් ඈත අන් තැනක - අන් ලොවක ඇතියක් නොවේ. අප ම බව හෙවත් සත්ත්වයන් පුද්ගලයන් සැටියට ව්‍යවහාර කරන දෙය ම බව දත යුතු ය. පටිච්චසමුප්පාදය අප ම වුව ද එය සත්ත්ව පුද්ගල කථාවෙන් අපට වැසී තිබේ. වැසී තිබෙන බැවින් තේරුම් ගැනීමට - දැන ගැනීමට දුෂ්කර ගැඹුරු ධර්මයක් වී තිබේ.
*පටිච්චසමුප්පාදය නො දැනීමේ දෝෂය*
පටිච්චසමුප්පාදය මහා දුක්ඛස්කන්ධයකි. දුඃඛ චක්‍රයකි. එයට හසු වී සිටින්නා වූ සත්ත්වයෝ ජාති - ජරා - ව්‍යාධි - මරණාදි දුඃඛයන්ට හා ආපායික දුඃඛයන්ට ද නැවත නැවත හසු වෙමින් සෙක්කුවේ බඳින ලදු ව එය වටේ කැරකෙන ගවයන් මෙන් භවත්‍රයෙහි කැරකෙති. රෝගයක් ඇති කෙනකුට ඒ රෝගය හොඳින් හැඳින ගන්නා තුරු එයට සෑහෙන ප්‍රතිකාරයක් කරගෙන එයින් මිදිය නො හෙන්නාක් මෙන් ප්‍රතීත්‍යසමුත්පාද සංඛ්‍යාත දුඃඛ චක්‍රය හෙවත් සංසාර චක්‍රය හොඳින් හැඳින ගන්නා තුරු අවිද්‍යා තෘෂ්ණා සංඛ්‍යාත සංසාර චක්‍රයේ මූලධර්මයන් ප්‍රහාණය කොට එය සිඳ එයින් මිදී නිවනට නො පැමිණිය හැකිය. එ බැවින් තථාගතයන් වහන්සේ විසින් ආනන්ද ස්ථවිරයන් වහන්සේට -
“ඒතස්ස ආනන්ද, ධම්මස්ස අඤ්ඤාණා අනනුබෝධා අප්පටිවේධා ඒවමයං පජා තන්තාකුලකජාතා ගුළාගුණ්ඨිකජාතා මුඤ්ජබබ්බජභූතා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තන්ති.”යි වදාරන ලදී.
“ආනන්දය, මේ ප්‍රතීත්‍යසමුප්පාද ධර්මය නො දැනීම නිසා, අවබෝධ නො කිරීම නිසා, ප්‍රතිවේධ නො කිරීම නිසා මේ සත්ත්වයෝ (මීයන් කැපූ) නූල් පන්දුවක් සේ අවුල් වූවාහු රෙදි වියන්නන්ගේ නූල් පන්දුවක් මෙන් අවුල් වූවාහු මුඤ්ජබබ්බජ නම් වූ තණවලින් ඇඹරූ දිරා කැඩී ගිය කඹයක තණකෙඳි මෙන් අවුල් වූවාහු සැපයෙන් පහ වූ දුක්ඛයා ගේ පැවැත්ම ඇත්තා වූ අපාය හා සංසාරය නො ඉක්මවත්” යනු එහි තේරුම ය.
තව ද පටිච්චසමුප්පාදය නො දත් තැනැත්තා නියම ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු නො වන බව ද ප්‍රත්‍යක්ෂාත්මභාවයේ ම ලෝකෝත්තර මාර්ගයට පැමිණෙන්නකු නො වන බව ද තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.
*“යේහි කේචි භික්ඛවේ, සමණා වා බ්‍රාහ්මණා වා ජරාමරනං නප්පජානන්ති, ජරාමරණ සමුදයං නප්පජානන්ති, ජරාමරණ නිරෝධං නප්පජානන්ති. ජරාමරණ නිරෝධගාමිනිං පටිපදං නප්පජානන්ති. -පෙ- න මේතේ භික්ඛවේ, සමණා වා බ්‍රාහ්මණා වා සමණේසු වා සමණ සම්මතා, බ්‍රාහ්මණේසු වා බ්‍රාහ්මණ සම්මතා, න ච පන තේ ආයස්මන්තෝ සාමඤ්ඤත්ථං වා බ්‍රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සන්ති.”*
“මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ ජරාමරණය නො දනිත් ද, ජරාමරණ හේතුව නො දනිත් ද, ජරාමරණ නිරෝධය නො දනිත් ද, ජරාමරණ නිරෝධයට පැමිණෙන්නා වූ ප්‍රතිපත්තිය නො දනිත් ද -පෙ- මහණෙනි, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ශ්‍රමණයන් අතර ශ්‍රමණය යි සම්මත වූවෝ ද නො වෙති. බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණය යි සම්මත වූවෝ හෝ නො වෙති. ඒ ආයුෂ්මත්හු ලෝකෝත්තර මාර්ගය වර්තමාන ජාතියේ දී තමන් ම විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නෝ නො වන්නාහු ය” යනු එහි තේරුම යි.
🪷🪷🪷🪷🪷🪷🪷🪷
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
පටිච්චසමුප්පාදයේ පිළිබඳ ලිපි මාලාව පිළිවෙලට ඉදිරියට කියවන්න
🪷🪷🪷🪷🪷🪷🪷🪷
(අති පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ ධර්ම ග්‍රන්ථ වලින් උපුටා සකස් කරන ලදී
🪷🪷🪷🪷🪷🪷🪷
මෛත්‍රී පාරමිතා ආශිර්වාද
පට්ඨාන සජ්ඣායනාව සමූහය
විශ්ව අරණ සුවසේවා
🪷🪷🪷🪷🪷🪷🪷🪷
1 year ago | [YT] | 8
View 2 replies
Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම
*꧁━━━━ •⊰🛞⊱•━━━━꧂*
*•°•°•° *උතුම් තෙරුවන් සරනයි* °•°•°•°•*
*ලැබුවාවූ 2025 වසර සූර්යයා මීන රාශියෙන් මේෂ රාශි ගතවී උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාට පවුලේ සැමට සහ දස දිසාවේම සකලවිධ ලෝක සත්වයෝම සුවසේ ජීවත් වීමට හැකියාව අති වී භය හැක දුරු වී නිදුක් නිරෝගි සුවය ලැබී දීර්ඝායුෂ භූක්ති විදිමට හේතු වාසනා වේවා කියලා හදවතින්ම අධිෂ්ඨාන කර ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි!!!දෙවි පිහිටයි!!!*
*꧁━━━━━ •⊰🛞⊱• ━━━━꧂*
❤️❤️❤️❤️❤️❤️❤️❤️
*ශ්‍රීමත් ශ්‍රී සුගථ තතාගත අමාමැණි ශාන්තිනායක අංගීරස මහා භාග්‍යවන්ත වූ සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේගේ අසමසම ජීවමාන වූ බුද්ධ ගුණානුභාවයෙන්,* *පිංවන්ත ඔයාට ඔබගේ පවුලේ සැමට ප්‍රාර්ථනා කරන්නම් උදාවු 2025 වසර සිංහල හින්දු අලුත් අවුරුදු උදාව සුභ හා වාසනාවන්ත වීමට*
*අධ්‍යාත්මය සුවපත් වේවා.!!!*
*ප්‍රභාෂ්වර වේවා...!!! ශක්තිමත් වේවා..!!!මුලු සිරුර ම ප්‍රකෘතිමත් වේවා...! සුවපත් වේවා...!!!*
*හාත්පස දසදිශාවෙන් ම කල්‍යාණමිත්‍ර ඉෂ්ටකාමී දෙවියන් ඇතුළු සියලු දෙව් බඹුන්ගේ කාරුණික ආශිර්වාදයෙන් ආරක්ෂාව, වාසනාව, සෞභාග්‍යය ම ආකර්ෂණය වේවා...!* *අධ්‍යාත්මික බලවත් බව වැඩේවා..!!! ආත්ම විශ්වාසය වැඩේවා...!සොබාදහමේ ආශිර්වාදය ලැබේවා...!!! සත්පුරුෂ කල්‍යාණමිත්‍රාශ්‍රය ම මොහොතක් පාසා ලැබේවා..!!!*
*ජීවිතයේ තබන සෑම පියවරකින් ම සාර්ථකත්වය ම වේවා...!*
*දීර්ඝායුෂ පිරි සාර්ථක, වාසනාවන්ත සුබ දවසක් වේවා...!*
*තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්...*
*ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්...*
*ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්...*
*ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්...*
*දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්...*
*දස දිශාවේ වැඩසිටින* *තථාගතයන් වහන්සේගේ ධාතූන්* *වහන්සේලාගේ ආනුභාව බලයෙන්...*
*නික්ලේෂී මහ රහතන්* *වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන්...*
*සියළු දෙව් බඹ පිරිසගේ නිති රැකවරණින්...*
*පින්වත් ඔබ ඇතුළුව පවුලේ සැමදෙනාමත්...*
*නිදුක් වෙවා...! නීරෝගි* *වේවා...!සුවපත් වේවා...!!!*
*කායික සුවයෙන් සුවපත් වේවා...!!!*මානසික සුවයෙන් සුවපත් වේවා...!!!*
*ශ්‍රද්ධාවෙන්...සීලයෙන්...දහම් දැනුමින්...ත්‍යාගයෙන්...*
*ප්‍රඥාවෙන්...වීර්යෙන්...සිහියෙන්...සමාධියෙන්...වැඩෙම්වා...!!!*
*ආයුෂයෙන්...වර්ණයෙන්...සැපයෙන්...බලයෙන්...යසසින්...කීර්තියෙන් වැඩෙම්වා...!!!*
*අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා...!!!*
*ඇසිල්ලක් පාසාම බුදු ගුණ...*
*දම් ගුණ...සඟ ගුණ...සිහි වේවා..!!!*
*කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...!!!*
*යන එන මග තොට... ගමන* *බිමන...නිති ආරක්ශාව රැකවරණය සැලසේවා..!!!*
*ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තප්රයක් පාසාම සැනසිල්ලම උදා වේවා...!!!*
*අප්‍රමාදීව කුසල් දහම් රැස් කිරීමේ වාසනාව උදා වේවා...!!!*
*ගෞතම බුදු සසුන තුල සනාතන රැකවරණය ලබන්නට පින් පුරන වාසනාවන්ත සුභ දවසක්ම වේවා...!!!*
*අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා...!!!*
*සුභ උදෑසනක් වේවා༻∞ වාසනාවන්ත සුභම සුභ නව වසක්ම වේවා!!!*
*තෙරුවන් සරණයි...!!!*
🌞🌞🌞🌞🌞🌞🌞
ඔබට තුණුරුවනේ අනන්ත ගුණානුභාව බලයෙන්...
ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාව බලයෙන්
ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අනන්ත අනුහසින්
ශ්‍රී පාද පද්මයේ අසිරිමත් ආනුභාව බලයෙන්
දළදා සමිඳුන්ගේ සත්‍යානුභාව බලයෙන්.....
🌞🌞🌞🌞🌞🌞
දස දිශාවේ වැඩසිටින තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්
නික්ලේෂී මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්.
🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞
සියළු දෙව් බඹ පිරිසගේ නිති රැකවරණින්.....
🌞🌞🌞🌞🌞🌞🌞🌞
නිදුක් වෙවා... නීරෝගි වේවා... සුවපත් වේවා...
🌞🌞🌞🌞🌞🌞🌞🌞
කායික සුවයෙන් සුවපත් වේවා... මානසික සුවයෙන් සුවපත් වේවා...
🌞🌞🌞🌞🌞🌞🌞🌞
ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. දහම් දැනුමින්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...වැඩෙම්වා...
🌞🌞🌞🌞🌞🌞🌞🌞
ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන් වැඩෙම්වා...
🌞🌞🌞🌞🌞🌞🌞🌞
අල්පමාත්‍ර අකුසල සිතුවිල්ලක් සිත තුල පහල නොවේවා...
🌞🌞🌞🌞🌞🌞🌞🌞
ඇසිල්ලක් පාසාම බුදු ගුණ.. දම් ගුණ.. සඟ ගුණ.. සිහි වේවා...
කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය නිති සැලසේවා...
🌞🌞🌞🌞🌞🌞🌞🌞
යන එන මග තොට.. ගමන බිමන.. නිති ආරක්ශාව රැකවරණය සැලසේවා...
🌞🌞🌞🌞🌞🌞🌞🌞
ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා සැනසිල්ල උදා වේවා...
අප්‍රමාදීව කුසල් දහම් රැස් කිරීමේ වාසනාව උදා වේවා...
🌞🌞🌞🌞🌞🌞🌞🌞
ගෞතම බුදු සසුන තුල සනාතන රැකවරණය ලබන්න්ට පින් පුරන වාසනාවන්ත වසරක් වේවා...
🌞🌞🌞🌞🌞🌞🌞🌞
අනන්ත බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා.....
සුභ උපන්දිනයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
බුද්ධරතනං, ධම්මරතනං, සංඝරතනං, තින්නං රතනානං ආනුභාවේන, චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානු-භාවේන, පිටකත්තයානුභාවේන, ජිනසාවකානුභාවේන, සබ්බේ තේ රෝගා, සබ්බේ තෙ භයා, සබ්බේ තෙ අන්තරායා, සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු:- ආයුවඩ්ඪකෝ, ධනවඩ්ඪකෝ, සිරිවඩ්ඪකෝ, යසවඩ්ඪකෝ, බලවඩ්ඪකෝ, වණ්ණවඩ්ඪකෝ, සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදා,
🌞🌞🌞🌞🌞🌞🌞🌞
බුද්ධරතනං ධම්මරතනං සංඝරතනං තින්නංරතනානං ආනුභාවේන – බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් ගේ බලයෙන් ද,
🌞🌞🌞🌞🌞🌞🌞🌞
චතුරාසිති සහස්සධම්මඛන්ධානුභාවේන – අසූහාරදහසක් ධරමස්ඛන්ධයේ ආනුභාවයෙන්ද,
🪷🪷🪷🪷🪷🪷🪷
පිටකත්තයානුභාවේන – තුන් පිටකයේ ආනුභාවයෙන් ද,
🌻🌻🌻🌻🌻🌻🌻🌻
ජිනසාවකානුභාවේන – බුද්ධ ශ්‍රාවකයන්ගේ ආනුභාවයෙන් ද,
🌞🌞🌞🌞🌞🌞🌞🌞
සබ්බේ තේ රෝගා සබ්බේ තේ භයා සබ්බේ තේ අන්තරායා සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු – ඔබගේ සියළු රෝග බිය අන්තරායන් උවදුරු අසුභ නිමිති ද අවමංගල්‍යයන් ද විනාශ වේවා,
🌞🌞🌞🌞🌞🌞🌞🌞
ආයුවඩ්ඪකෝ ධනවඩ්ඪකෝ සිරිවඩ්ඪකෝ යසවඩ්ඪකෝ බලවඩ්ඪකෝ වණ්ණවඩ්ඪකෝ සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදා – අයු වැඩේවා, ධනය දියුණු වේවා, සිරිය වැඩි වේවා, යසස බලයද දියුණු වේවා, පැහැය වැඩිවේවා, සැපය තව වැඩි වේවා නිදුක් බව වේවා, සදා කල්හිම ජයම වේවා
මේ සෑම මා කරණ පින්කමක් බලයෙන්ම ඔබට පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි අනන්ත සංසාරයේ පුරාවටම මා රැස්කර ගත්තාවු සියලු කුසල් සම්භාරය සත්‍ය බලයෙන් අධිෂ්ඨාන කරලා ප්‍රාර්ථනා කරනවා ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී වේවා. ඇතිවී නැති වන්නාවූ මහා භූත නිරුද්ධ වීමෙන් ශරීරයේ සියලු ශෛල සුභ ශෛල බවට පත් වේවා. සියලු රෝග අතුරුදන් වේවා. උතුම් ධර්ම අවබෝධය ලබන්නට අවැසි ප්‍රඥාව වැඩෙත්වා වීර්යය වැඩෙත්වා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා මගේ විඤ්ඤාණ බලය අරගෙන දීර්ඝායුෂ ලබත්වා ඇති වී තිබෙන සියලු අපල උපද්‍රව දුරුවේවා කායික පීඩාවන් මානසික පීඩාවන් දුරුවේවා යන එන ගමන් බිමන් වලදි සතුරු කරදර බාධක අතුරු ආන්තරාවල් නොමවේවා උතුම් තුණුරුවනෙ ආශිර්වාදය සියලු දෙවියන්ගෙ පිහිට රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පිංවත් ඔබට සෑම දෙයින්ම ඔබට යහපතක් වේවා මාගේ හදවතින්ම ආදරය කරුණාව දයාව පිරි සෙනෙහසින් කරණ ආශිර්වාදය ඔබගේ ශරීරය සුවපත් වෙනවා සත්‍යයි. යහපත්කම වේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා*
🩷🩷🩷🩷🥰🥰🥰🥰
🌞🌞🌞🌞🌞🌞🌞🌞
තුණුරුවනේ ආශිර්වාදයම ලැබේනවා!!! සත්‍යයි💪
🪷🪷🪷🪷🪷🪷🪷🪷
මෛත්‍රී පාරමිතා ආශිර්වාද සමූහය
විශ්ව අරණ සුව සේවා
❤️❤️❤️❤️❤️❤️❤️❤️
1 year ago | [YT] | 4
View 1 reply
Load more