Thapowanaya(සිත නිවෙන තැන)

තපෝවනය (සිත නිවෙන තැන)
තෙරුවන් සරණයි..
සිත නිසාම අප්‍රමාණ දුකකට මුහුණ පාන්න සිදු වෙනවා,සිතෙන් මිදෙන්නට එකම මාර්ගය බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මයයි,එය හැරෙන්න වෙන කිසිවක් නොමැත,විඤ්ඤාණ මායාවට කොටුවෙලා ඉන්න තාක් කල් දුකින් නිදහස් වෙන්නේ නෑ,විඤ්ඤාණ මායාව කියන්නේ සම්මුති ලෝකයට අයිති දෙයක්,එතන හට ගන්නේම දුකක්මයි,විඤ්ඤාණ මායාව නැමැති ලෝකයෙන් නිදහස් වෙන්නට නම් ප්‍රඥාව පහළ විය යුතුමයි,ප්‍රඥාව පහළ වෙන්න නම්,සත්‍යය බුද්ධ දර්ශනය ශ්‍රවණය කරන්නම වෙනවා, සත්‍යය ධර්මය ශ්‍රවණය කරමින් තමන් උතුම් ගුණ ධර්ම වඩමින්, ගුරු උපදෙස් මත නිවැරදි මාර්ගයේ වීරීය වැඩිය යුතුමයි, විඤ්ඤාණ මායාව හට ගන්නේ (නාම රූප)නිසයි, නාමයේත් රූපයෙත් දෙයක් කෙනෙක් නැති බවත්,එසේ නම් මැවෙන විඤ්ඤාණය තුල දෙයක් කෙනෙක් ඇත්තේම නැති මායාවක්ම බව අවබෝධ වීමෙන්, ගුණධර්ම වඩමින්,ප්‍රඥාවෙන්, නුවණැසින් මායාව දැක, දුක ගෙවා සංසාර දුකින් මිදී,ස්වභාව ධර්මය බවට පත් වෙලා යනවා.

www.facebook.com
www.facebook.com/Thapowanaya

whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063