Muthumudalige Nissanka

Muthumudalige Nissanka (Nissh Em) is a Sri Lankan author with about twenty published books, most of which have become bestsellers in Sri Lanka. From childhood, Nissh aspired to be a filmmaker, which led him to channel his fantasies and imagination into writing. This passion for storytelling is what sparked his journey as a writer.
Publication : pothmee.com/
Goodreads: www.goodreads.com/muthumudaligenissanka
Web : pothmee.lk/muthumudalige-nissanka/
Facebook Page : www.facebook.com/Muthumudaligenissanka/
YouTube Channel : youtube.com/@MuthumudaligeNissanka


Muthumudalige Nissanka

පොත්මී ප්‍රකාශන
Whatsapp 0776882324
www.pothmee.com

1 year ago | [YT] | 55

Muthumudalige Nissanka

පොත අද සිට පොත්මී ඩොට් කොම් වෙබ් අඩවිය හරහා පොත්මී පිටු ගෘප්, හෝ පොත්මී වට්ස් ඇප් අංකය හරහා ඔබට පෙර ඇණවුම් කළ හැකියි. එළැඹෙන වෙසක් මාසය වෙනුවෙන් "රහස් පරීක්ෂක හාමුදුරුවෝ" මැයි මස පොත්මී වෙතින් නිකුත් වෙනු ඇත. ✨

1 year ago | [YT] | 37

Muthumudalige Nissanka

රහස් පරික්ෂක හාමුදුරුවෝ -

ජීවීතයේ තවත් කඩඉමක්. මම සිංහල සාහීත්‍යට 'රහස් පරීක්ෂක හාමුදුරු" නමක් ගේනවා. "ඇල්ලේ රාධ" ඒමත් නැත්නම් අපේ රහස් පරීක්ෂක හාමුදුරුවෝ.
මේ රහස් පරීක්ෂක හාමුදුරුවෝ කතා මාලාවේ මුල්ම කෘතිය. මෙයින් පසුව රහස් පරීක්ෂක හාමුදුරුවන්ගේ වික්‍රමාන්විත කතා 50කින් යුත් "රහස් පරීක්ෂක හාමුදුරුවෝ" තවත් කෘතින් 10යක් මුද්‍රණය වනු ඇති. බොහෝ විට රහස් පරීක්ෂක හාමුදුරුවෝ ඉතිරි කෘතීන් 9ය මට ලබන වසර තුන ඇතුළත නිකුත් කිරීමට හැකියාව ලැබේවී.

මෙය රූපවාහීනී නාට්‍යක ස්වරූපයෙන් නිර්මාණය කෙරුණ රහස් පරීක්ෂක කතා පහකින් යුත් කෘතියක්.

සිනමාමය ආකෘතීන් 20ස්සකට ආසන්න පොත් ප්‍රමාණයක් ලියූ මට මෙය අලුත්ම අත්දැකීමක්. මේ මම "කවදාක හෝ රූපවාහිනි තිර රචනයක් කිරීම උදෙසා ම නිර්මාණය කරන පළමු කෘතිය" - ඒ නිසාම මෙම කෘතිය කියවන ඔබටත් " ටෙලිවිෂනය ඉදිරියේ ටෙලිනාට්‍යක් බලන ආකාරයටම" දර්ශන මවා ගනිමින් එය රසවිඳීමට ලැබේවී.

- එසේම මෙය බෞද්ධ සාහිත්‍ය සහ රහස් පරීක්ෂක කතා සාහිත්‍ය එකතුකොට මා විසින් ගොඩ නැඟූ පළමු කතාව. එය සිංහල සාහීත්‍යයේ පළමු කතාවදැයි මා නොදන්නා නිසාම මා ඔබෙන් ඉල්ලීමක් කරනවා "මීට පෙර රහස් පරීක්ෂක හාමුදුරුවන් කෙනෙකු සම්බන්ධ කතාමාලාවක් සාහීත්‍ය තුළ ගොඩනැඟී ඇත්නම් ඒ ගැන පහතින් සටහනක් යොදන ලෙස".

මම නිරන්තරයෙන්ම අලුත් දෙයක් නිර්මාණය කිරීමට උත්සහා කළ කෙනෙක්. ජීවීතයේ මා ගෙවන සෑම මොහොතක්ම තවත් කෙනෙකු හෝ අදහසක් මත නොයැපී මගේම සංකල්පයක් සමාජ ගත කිරීමට උත්සහා කළ කෙනෙක්. මෙයත් ඒ හා සමාන ම අලුත් ප්‍ර‍යන්තයක්. බෞද්ධ සාහීත්‍ය සහ රහස් පරීක්ෂක කතා සන්දර්භයන් එකට මිශ්‍ර කරමින් "සිංහල සාහිත්‍ය වෙනුවෙන් රහස් පරීක්ෂක හාමුදුරුවන් කෙනෙකු " ලබා දීමේ නවමු සංකල්පයක් සහ උත්සහයක්.

සමලිංගිකත්වය, ආගමික මිථ්‍යාව, දේශපාලන, සාමාජීය අරගල, අපරාධ, භීෂණාත්මක, ප්‍රහසන වැනී විවිධ ශානරයන් හී කෘතින් අත්හදා බැලූ මට මෙය තවත් අලුත් අත්දැකීමක්. මේ අත්දැකීම තවත් ශක්තිමත් වෙන්නේ, මම තවත් දෑ සොයා යෑමට පටන් ගන්නේ, සහ මේ කෘතියෙන් සිදුවූ අඩුපාඩු සකසා ගනිමින් මීටත් වඩා වෙනස්ම පරිකල්පනයන් හබා යන්නේ ඔබෙන් ලැබෙන ආශිර්වාදය සේම මගේ කෘතීන් සදහා ලැබෙන මඩ, අපහාස සහා විවේචන තුළින්.
ඒ නිසා ඔබේ පැසසුම් සේම කෘතිය නිකුත් වීමටත් පෙරාතුව ම කිසිවෙකු හෝ "මුතුමුදලි බෞද්ධ සාහිත්‍යත් විනාශ කරන්න ඇවිත්" වැනි අභිමානවත් පෝස්ටුවක් දමා මාව දිරිමත් කළොත් මම එයිනුත් අප්‍රමාණ ලෙස සතුටු වෙනවා.🙂

රහස් පරීක්ෂක හාමුදුරුවන් මම මෙතැන් සිට ඔබට භාර කරනවා. මේ මගේ මුල්ම නාට්‍ය මාලාව. කතා 50කින් පොත් 10යකින් යුත් රහස් පරීක්ෂක හාමුදුරුවෝ මුල්ම කෘතිය..
කවදාක හො නාට්‍ය මාලාවක් ලෙස නිර්මාණය කිරීම උදෙසාම මා මෙය ලියූ නිසාවෙන් මෙම කෘතිය "රහස් පරීක්ෂක හාමුදුරුවෝ Season 01 " ලෙස ඔබ වෙතට පැමිණේවී.

පොත අද සිට පොත්මී ඩොට් කොම් වෙබ් අඩවිය හරහා පොත්මී පිටු ගෘප්, හෝ 0776882324 පොත්මී වට්ස් ඇප් අංකය හරහා ඔබට පෙර ඇණවුම් කළ හැකියි. එළැඹෙන වෙසක් මාසය වෙනුවෙන් "රහස් පරීක්ෂක හාමුදුරුවෝ" මැයි මස පොත්මී වෙතින් නිකුත් වෙනු ඇත.

සතුටින් ඉන්න, ලැබෙන හැම මොහොතක්ම සතුටින් ජීවත් වෙන්න.
ජය වේවා!
-මුතුමුදලිගේ නිශ්ශංක

1 year ago (edited) | [YT] | 23

Muthumudalige Nissanka

හොඳ පොත් කීහිපයක් තව ඉතුරු වෙලා තියෙනවා. මම හිතුවා ඒ ටික පොත්මී ගෘප් එකේ ඉන්න අයට නොමිලේ දීලා දාන්න. පොත් වැඩි කාලයක් තියාගන්න ඕන නෑ. මම පුද්ගලිකව ගොඩගහලා තියාගන්න අකමැති කෙනෙක්.

පොත්මී ආයතන 03 වෙනිදා වෙනකන් වහලා ඒ නිසා 03න් පස්සේ තෝරගන්න 10 දෙනෙක්ට පොත් යවයි. තව ඉතුරු වෙන ඒවා දහම්පාසැල් කිහිපයක් තෝරගෙන තෑගී දෙනවා.. ඒක ලේසීයි පොත්මී හරහා පෝස්ට් එකේ යවනවට වඩා.

මේ වගේ පෝස්ට් එකක් දැම්මම සාමාන්‍යෙන් කොමෙන්ට්ස් 200යකට වඩා එනවා.. එතකොට 10 දෙනෙක්ව තෝරගන්න අමාරූයි. ඒ නිසා අපි පොත්මී එකෙන් තරඟයක් තියද්දි කොමෙන්ට්ස් දාන අයට කියනවා නොම්මරයක් දාන්න කියලා. ඒ නොම්මර ටික ඔන්ලයින් ලොටරී එකකට දාල තමයි අහඹු ලෙස තෝරාගැනීමක් කරන්නේ ඒක ලේසීයි, සහ සාධාරණයි.

1-100 වෙනකන් ඉලක්කමක් පහතින් කොමෙන්ට් කරගෙන යන්න. මේ පෝස්ට් එකම පොත්මී එකෙනුත් මීට කළින් දාලා ඇති ඒකට කොමෙන්ට් කරපු අය කොමෙන්ට් කරන්න එපා.

ෂෙයා කරන්න මුකුත් ඕනා නෑ, නිකන් අංකයක් දාන්න... ජනවරී 02න් පස්සේ මම 10 දෙනෙක්ව තෝරලා පොත්මී එකට දෙන්නම්.

පොත්මි පොත් ලක්ෂයක් ප්‍රොජෙක්ට් එකෙනුත් අපි හැම සතියෙම නොමිලේ පොත් නිකුත් කරනවා.. මේ හැමදේම මගේ පුද්ගලික සහ ආයතනයේ මුදල් වලින් කරන දේවල්. අපිට ලැබෙනවා අපි දෙනවා... සරළයි.

මගේ අරමුණ පොත්මී පොත් ලක්ෂයක් තවත් කඩිනම් කිරීම. අපිට දුෂ්කර පළාත් වල පාසැල් පුස්තකාලවලටත් මේ වැඩසටහන අරගෙන ගිහින් ඒ පාසැල් වල දරුවන්ටත් නොමිලේ පොත් දෙන්න පුළුවන්නම් වටිනවා. බලමූ... දවසක පොත්මී පොත් ලක්ෂයක් "අරමුදලක්" විදියට ගොඩනගන්න.



මුතුමුදලිගේ නිශ්ශංක

1 year ago | [YT] | 50