සසර කළ පින් ඇතත්, වත්මන් විෂමාරම්මණ විෂමාකල්ප හමුවේ වියලී යන සාධු ජනයාගේ සැදැහැති සිත නිර්මල සදහම් අමාදියෙන් තෙමා යලි විකසිත කරවා අමා නිවන් දොර වෙත පෙළගස්වනු වස් තිළිණ කරන විද්‍යුත් සදහම් යාත්‍රාවයි.
"දසබලසෙලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති "
දසබලධාරි බුදුරජාණන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා නිවන නම් වූ මහා සයුර කෙලවර කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැමැති සිසිල් දිය දහරින් යුතු, උතුම් සම්බුද්ධ වචනය නැමැති සදහම් ගංගාව අපමණ ලෝක සත්වයාගේ සසර දුක් ගිනි නිවලමින් බොහෝ කල් ගලා බසිනා සේක්වා!
සාධු! සාධු! සාධු!
Chiththa Vivekashramaya - චිත්ත විවේකාශ්‍රමය
පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!
පොසොන් පෝය
pitaka.lk/books/pohoya-varnanava/8.html
1 day ago | [YT] | 57
View 0 replies
Chiththa Vivekashramaya - චිත්ත විවේකාශ්‍රමය
1 week ago | [YT] | 306
View 10 replies
Chiththa Vivekashramaya - චිත්ත විවේකාශ්‍රමය
📖 පට්ඨානය මුල සිට සරලව ඉගෙන ගැනීමට අනර්ඝ අවස්ථාවක්!
අතිපූජනීය ගලේවෙල ඤාණදස්සන ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලබන පට්ඨාන දේශනා මාලාව සඳහා ඔබටත් සම්බන්ධ වීමට මෙත් සිතින් ආරාධනා කරමු.
මෙම දේශනා මාලාව තුළින් අභිධර්මයේ ගැඹුරුතම කොටස වන පට්ඨානය පිළිබඳ ක්‍රමානුකූලව, සරලව හා පැහැදිලිව අධ්‍යයනය කිරීමේ අවස්ථාව හිමි වේ.
🗓️ ආරම්භය: ජුනි මස 06 වන සෙනසුරාදා
💻 මාධ්‍යය: Zoom
🔴සජීවීව සම්බන්ධ වීමට කැමති අය
1️⃣ නම
2️⃣ WhatsApp අංකය
📧 thripitaka.lesson@gmail.com වෙත එවන්න.
🙏 ධර්මය ප්‍රිය කරන ඔබගේ මිතුරන් අතර මෙම පණිවිඩය බෙදා හරින්න.
#පෞරාණිකථේරවාදය
#PuranikaTherawadaya
#පට්ඨානය
#Pattana
#අභිධර්මය
#Abhidhamma
#Buddhism
#TheravadaBuddhism
#DhammaStudy
#ZoomDhammaClass
#PatthanaStudy
#LearnAbhidhamma See less
3 weeks ago | [YT] | 103
View 6 replies
Chiththa Vivekashramaya - චිත්ත විවේකාශ්‍රමය
පින්බර වෙසක් පොහොය දිනයක් වේවා!
1 month ago | [YT] | 257
View 6 replies
Chiththa Vivekashramaya - චිත්ත විවේකාශ්‍රමය
සමතිංසති පාරමිතම්භරණං ,
වර බෝධිමූලේ චතු සච්චදසං,
පරමිද්ධිගතං නර දේව හිතං,
තිභවූපසමං පණමාමි ජිනං.
සමත්‍රිංශත් පාරමිතාවන් රැස් කළා වූ උත්තම වූ බෝධි මූලයේ දී සිවුසස් දැක වදාළා වූ පරම සෘද්‍ධියට පැමිණ ඇත්තා වූ දෙවිමිනිසුන්ට හිත වූ භවත්‍රයෙන් මිදුණා වූ ජිනයන් වහන්සේ වඳිමි.
සාධු සාධු සාධු
1 month ago | [YT] | 262
View 8 replies
Chiththa Vivekashramaya - චිත්ත විවේකාශ්‍රමය
සුචිපරිවාරිතං සුරුචිරප්පභාගි රත්තං, සිරිවිසයාලයං ගුපිත මින්ද්‍රියේහුපේතං,
රවිසසි මණ්ඩලප්පභූති ලක්ඛණෝපචිත්තං, සුරනර පූජිතං සුගත මාදරං නමාමි.
රාගාදි කෙලෙස් මල නැති හෙයින් ශුද්‍ධ වූ ආර්‍ය්‍යයන් විසින් පිරිවරන ලද්දා වූ අතිශයින් ශෝභාවත් වූ ශරීර කාන්තියෙන් රඤ්ජිත වූ ප්‍රඥා පුණ්‍ය සංඛ්‍යාත ශ්‍රී සමූහයාට වාසස්ථාන වූ ආරක්ෂා කරන ලද චක්ෂුරාදි ඉන්ද්‍රියයන් ගෙන් යුක්ත වූ සූර්‍ය්‍යමණ්ඩල චන්ද්‍ර මණ්ඩලාදි ලක්ෂණ වලින් විචිත්‍ර වූ පතුල් ඇත්තා වූ දෙවිමිනිසුන් විසින් පුදන ලද්දා වූ සුගතයන් වහන්සේ ආදරයෙන් වඳිමි.
1 month ago (edited) | [YT] | 379
View 10 replies
Chiththa Vivekashramaya - චිත්ත විවේකාශ්‍රමය
යො පාදපංකජ මුදුත‍්තල රාජිකෙහි, ලොකෙහි තීහිවිකලෙහි නිරාකුලෙහි,
සම‍්පාපුණෙ නිරුපමෙය්‍ය තමෙව නාථො, තං සබ‍්බලොකමහිතං අසමං නමාමි.
යම් බුදුවරයන් වහන්සේ කෙනෙක් අවිකල වූ ද නිරාකුල වූ ද පාදපත්ම නමැති මෘදු තලයෙහි හටගත්තා වූ එකසිය අටක් චක්‍ර ලක්ෂණයන් කරණ කොට තුන්ලෝ වැසියන් හා උපමා නො කළ යුතු බවට පැමිණි සේක් ම ය. සකල ලෝකවාසීන් විසින් පුදන ලද්දා වූ අසම වූ ඒ ලෝකනාථයන් වහන්සේ වඳිමි.
1 month ago | [YT] | 324
View 12 replies
Chiththa Vivekashramaya - චිත්ත විවේකාශ්‍රමය
පින්බර අධි වෙසක් පොහොය දිනය අදයි
#ChiththaVivekashramaya
#චිත්තවිවේකාශ්‍රමය
1 month ago | [YT] | 371
View 15 replies
Chiththa Vivekashramaya - චිත්ත විවේකාශ්‍රමය
ගුණෙහි යො සීල සමාධි පඤ‍්ඤා විමුත‍්ති ඤාණප‍්පභුතිහි යුත‍්තො
ඛෙත‍්තං ජනානං කුසලත්‍ථිකානං තමරියසංඝං සිරසා නමාමි
යම් පුද්ගල සමූහයක් සීල සමාධි ප්‍රඥා විමුත්ති ඥානාදී ගුණයෙන් යුක්තද පින් කැමති ජනයා හට පින් කෙතක් බඳු වූ ඒ ආර්‍ය මහා සංඝරත්නයට මම වඳිමි
සාධු සාධු සාධු
ගාථාව සජ්ඣායනාව ශ්‍රවණය සඳහා
⬇️
youtube.com/shorts/CAZCRmJHay...
2 months ago (edited) | [YT] | 637
View 19 replies
Chiththa Vivekashramaya - චිත්ත විවේකාශ්‍රමය
අපවත් වී වදාළ අතිපූජනීය නා උයනේ අරියධම්ම නාහිමියන් වහන්සේගේ සුපින්බර ජන්ම දිනය අදයි.
බුදුසසුන බැබළ වූ මහා යතිවරයාණන් වහන්සේට සම්බුද්ධ රාජ්‍යය ලැබීම පිණිසම අප රැස්කල සියළුම කුසල් අනුමෝදන් කරමු.
සාධු! සාධු! සාධු!
2 months ago | [YT] | 817
View 63 replies
Load more