Hasindu Liyanarachchi



Hasindu Liyanarachchi

🙏🙏🙏
🌺🌼🌸
තෙරුවන් සරණයි!!!
දෙවි රැකවරණයි!!!

☸️මැදින් පුර පසලොස්වක පෝය දිනයේ වැදගත්කම☸️

සම්මා සම්බුදු රජාණන් වහන්සේ තම බුද්ධත්වයෙන් පසු සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කෘතගුණ සැලකිම සඳහා වැඩම කිරීම

කිඹුල්වත් නුවරට වැඩමකොට පෙළහැර පෑමෙන් පැහැදුන පිය සුද්ධෝදන රජුට දහම් දෙසීම හා තෙවන වරටත් සුධොවුන් රජු බුදුන් වහන්න්සේ ට වන්දනා කිරීම

යශෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය දේශනා කිරිම

රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම

4 months ago (edited) | [YT] | 2

Hasindu Liyanarachchi

🙏🙏🙏
🌺🌼🌸
තෙරුවන් සරණයි!!!
දෙවි රැකවරණයි!!!

ප්‍රීතිමත් මහා ශිව රාත්‍රී දිනයක් වේවා!ශිව දෙවියන් විසින් ලෝකාන්ධකාරය දුරුකොට, ආලෝකය උදාකල දිනය ස්මරණය කරනු වස් මහා ශිව රාත්‍රි දිනය ලෙසින් හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන අද දිනයේ, සිත්තුළ ඇති මෝහාන්ධකාරය දුරු කරගනිමින් හෙට දිවිමග ආලෝකමත් කරගැනීමට අප සැම අදිටන් කරගමු!

මහාශිව රාත්‍රිය. ✴️
දින ලෝවපුරා බැතිමතුන් ශිව දෙවියන් වෙනුවෙන් පුජා පවත්වන දිනය, මහා ශිවරාත්‍රි දිනයයි.

එදිනට පෙර නිර්මාංශ වී නා පිරිසිදුව 108 පුජාව කරන්න. මෛත්‍රී භාවනාව කර ශිවදෙවියන්ට පිංදෙන්න. ශිවදෙවියන්ව සතුටු කිරිමට නර්තන පුජාව කරන්න.🙏
ඔබසැමට මහා දෙවියන්ගේ පිහිට ලැබේවා !🙏🙏🙏

Copied: Lord Ganesha and Fengshui

4 months ago | [YT] | 0

Hasindu Liyanarachchi

🟦🟨🟥⬜️🟧🟦
🟦🟨🟥⬜️🟧🟨
🟦🟨🟥⬜️🟧🟥
🟦🟨🟥⬜️🟧⬜️
🟦🟨🟥⬜️🟧🟧

4 months ago | [YT] | 0

Hasindu Liyanarachchi

🙏🙏🙏
🌺🌼🌸
තෙරුවන් සරණයි!!!
දෙවි රැකවරණයි!!!

2026/02/01 දිනයේදී යෙදී තිබුණු නවම් පුන් පොහොය දිනයේ වැදගත්කම.

☸️🙏නවම් පුන් පොහෝ දින ශාසනික වැදගත්කම.🙏🏻☸️

දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්බුද්ධ චරිතාපදානයේත්, සම්බුද්ධ ශාසනයේත් ශ්‍රේෂ්ඨතම සංසිද්ධීන් රැසක් සිදු වුණ සුපූජනීය දිනයක් ලෙස නවම් පුන් පොහෝ දින හැඳින්විය හැකි ය. සම්බුදු සසුන ශෝභාවත් කළ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත්, ධර්ම පුරෝහිත මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක ය. එමෙන් ම ගෞතම සසුනේ ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදු වූයේත්, තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාළේත් අද වන් නවම් පුන් පොහෝ දිනක දී ම ය. පන්සාලිස් වසක් පුරාවට සදහම් අමා වැස්සෙන් තුන්ලොව නිවා සනසාලූ භාග්‍යවතුන් වහන්සේ, බුදු කිස නිමවා පිරිනිවන් පෑම පිණිස ආයු සංස්කාරය හළ වදාළේත් මෙවන් පොහෝ දිනක දී ම ය. එනයින් බලන කල නවම් පුන් පොහෝ දිනය බොදුනුවන්ගේ සිත් සැදෑ බැතියෙන් කුළු ගන්වන වැදගත් ශාසනික දිනයකි.

ප්‍රථම මහා සංඝ සන්නිපාතය හා අගසව් තනතුරු පිරිනැමීම

උරුවෙල කාශ්‍යප – නදී කාශ්‍යප – ගයා කාශ්‍යප යන තුන් බෑ පුරාණ ජටිලයන් දහසක් පිරිවර සමඟින් ආදිත්තපරියාය සූත්‍රය අසා නිකෙලෙස් මහරහතන් වහන්සේලා බවට පත් වූ සේක.

සාරිපුත්ත – මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ප්‍රමුඛ දෙසිය පනහක් පිරිවර රහතුන් සමඟ එක්දහස් දෙසිය පනහක් මහරහතන් වහන්සේලාගෙන් වේළුවනය ඒකාලෝක විය. තරු පිරිවැරූ පුන්සඳ මඬලක් සේ එහි වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ, දම් සෙනෙවි සාරිපුත්තයන් වහන්සේත්, මහා ඉර්ධිලාභී මොග්ගල්ලානයන් වහන්සේත් සම්බුදු සසුනේ භද්‍ර වූ අග්‍ර ශ්‍රාවක යුගල බවට පත් කළ සේක. මින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ අබියස දී විවරණ සිරි ලබා පැතුම් පරිදි ශ්‍රාවක පාරමී ඤාණය සපුරා උන්වහන්සේලා අගසව් තනතුරු ලද බව බුදුරජාණන් වහන්සේ සඟ පිරිසට පහදා දුන් සේක.

සච්ච විභංග සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ අග්‍රශ්‍රාවකයින් වහන්සේලාගේ ගුණ කීර්තනය කොට වදාළේ මෙලෙසින් ය.

“පින්වත් මහණෙනි, සාරිපුත්ත මොග්ගල්ලානයන් ගෞරවයෙන් ඇසුරු කරන්න. සේවනය කරන්න. ප්‍රඥාවන්ත වූ ඒ දෙනම සබ්‍රහ්මචාරීන් වහන්සේලාට නිවන් මගට අනුග්‍රහ කරන්නෝ ය. සාරිපුත්තයන් ශාසනික දරුවන් බිහි කරන මව වැනි ය. සෝතාපත්ති ඵලය පිණිස හික්මවයි. මොග්ගල්ලානයන් දරුවන් වඩන කිරි මව් වැනි ය. ඉහළ මාර්ග ඵලයන්හි හික්මවයි.”

(භජථ භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ, සේවේථ භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානෝ. පණ්ඩිතා භික්ඛූ, අනුග්ගාහකා සබ්‍රහ්මචාරිනං. සෙය්‍යථාපි ජනෙත්ති, යදිදං සාරිපුත්තෝ. සෝතාපත්ති ඵලේ විනේති. සෙය්‍යථාපි ජාතස්ස අපාදේතා, යදිදං මොග්ගල්ලානෝ. උත්තමත්ථේ.)

එමෙන් ම පැවිදි ශ්‍රාවකයින් වූ භික්ෂූන්ට ආදර්ශවත් චරිත දෙක ලෙස භාග්‍යවතුන් වහනසේ පෙන්වා වදාළේ ද අගසව්වන් වහනසේලා ම ය. සම්බුදු මුවින් අපමණ පැසසුම් ලද සාරිපුත්ත – මොග්ගල්ලාන මුනිවරයන් වහන්සේලා අග්‍රශ්‍රාවක බවට පත් වූයේ අද වන් නවම් පුන් පොහෝ දිනක දී ය.

ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම

නවම් පුන් පොහෝ දින අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානයෙන් පසු භාග්‍යවතුන් වහන්සේ රැස්ව සිටි සඟ පිරිසට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළ සේක. සම්බුද්ධත්වයෙන් පසු පළමු වසර විස්ස තුළ හෙවත් ප්‍රථම බෝධියෙහි ශාසනය පිරිසිදු ව නිකැළැල් ව අර්බුදවලින් තොර ව පැවතුණි. රහතන් වහන්සේලා සුලභ, විමුක්තිකාමී අල්පරජස්ක ශ්‍රාවකයින් වැඩ සිටි ඒ අවධියේ විනය ශික්ෂාපද පැනවීමට කරුණක් ඉදිරිපත් නො වී ය. භික්ෂූන්ගෙන් එබඳු වැරදි අඩුපාඩු සිදු නොවූ බැවිනි. එබැවින් මුල් අවුරුදු විස්ස තුළ ශ්‍රාවකයන්ගේ හික්මීම පිණිස වදාළේ ඕවාද ප්‍රාතිමෝක්ෂය යි. එනම් පහත ගාථා රත්නයන් ය.

1. ඛන්තී පරමං තපෝ තිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
නහි පබ්බජිතෝ පරූපඝාතී
සමණෝ හෝති පරං විහේඨයන්තෝ

“ඉවසීම තමයි පරම තපස කියා කියන්නේ. ඒ අමා මහ නිවන සියල්ලට ම වඩා උතුම් බව, බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා. අනුන් නසන කෙනා පැවිද්දෙක් වෙන්නේ නෑ. අනුන් ව වෙහෙසන කෙනාත් පැවිද්දෙක් වෙන්නේ නෑ!”

2. සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං

“සියලු පව් නොකිරීමත්, කුසල් දහම් උපදවා ගැනීමත්, තමන්ගේ සිත පිරිසිදු කිරීමත් යන මේවා බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය යි!”

3. අනූපවාදෝ අනුපඝාතෝ – පාතිමොක්ඛේ ච සංවරෝ
මත්තඤ්ඤුතා ච භත්තස්මිං – පන්තං ච සයනාසනං
අධිචිත්තේ ච ආයා්ගෝ – ඒතං බුද්ධානසාසනං

“අන් අයට නින්දා අපහාස නොකිරීමත්, අනුන්ට පීඩා නොකිරීමත්, ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුතු වීමත්, භෝජනයේ පමණ දැනගෙන වැළඳීමත්, දුර ඈත සෙනසුන් සේවනය කිරීමත්, සමථ විදර්ශනා භාවනාවේ යෙදීමත් යන මේ කරුණු තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය වන්නේ!”

විපස්සී, සිඛී, වෙස්සභූ ආදී දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල දී මෙම අවවාද ප්‍රාතිමෝක්ෂය පිරිනිවන් පානා තුරු ම ඒ ශාස්තෘන් වහන්සේලා විසින් උදෙසන ලදී. එනමුත් කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සිව්බුදුවරයන්ගේ ශාසනවල දී ඕවාද ප්‍රාතිමෝක්ෂය උදෙසන ලද්දේ සම්බුද්ධත්වයෙන් පසු මුල් අවධියේ දී පමණි. ප්‍රථම බෝධියෙහි පැවිදි ශ්‍රාවකයන්ගේ තිබූ නිර්මල, විමුක්තිකාමී, පාරිශුද්ධ ස්වභාවය ක්‍රමයෙන් දුර්වල වී දුර්වලතා ඉස්මතු විය. එවිට බුදුරජාණන් වහන්සේ ආනිසංශ දහයක් පිණිස විනය ශික්ෂා පද පනවා, අඩ මසකට වරක් ඒවා උදෙසමින් පොහොය කිරීමට අනුදැන වදාළහ. එය හඳුන්වන්නේ ආණා ප්‍රාතිමෝක්ෂය නමිනි.

භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම

පන්සාලිස් වසක් පුරා දිනකට පැය 2ක් පමණක් විවේක ගනිමින්, දෙව් – මිනිසුන්ට අපමණ සෙත සැලසූ භාග්‍යවතුන් වහන්සේ සිය අසූවෙනි වියෙහි දී චාපාල නම් චෛත්‍යය ස්ථානය වෙත වැඩම කොට අග්‍රඋපස්ථායක ආනන්ද හිමියන් අමතා මෙසේ වදාළ සේක.

“පින්වත් ආනන්දය, ඡන්ද, චිත්ත, විරිය, විමංසා යන සතර ඍද්ධිපාද වැඩූ කෙනෙකුට කැමති නම් ආයුකල්පයක් වුව ද (වසර 120ක් හෝ ඊට මඳක් වැඩියෙන්) ජීවත් විය හැකි ය.”

තෙවරක් ම මේ අදහස ප්‍රකාශ කළ මුත්, ආනන්ද හිමියන්ගේ සිත පාපී මාරයා විසින් ග්‍රහණය කරගෙන සිටි බැවින්, සිහි එළවාගත නොහැකිව “එසේ වැඩ සිටින්නැ”යි ආරාධනා කළ නොහැකි විය. ඉන් පසු ආනන්ද හිමියන් ඉවතට ගිය කල්හී, පාපී මාරයා පෙනී සිට බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පානා ලෙස ආරාධනා කළේ ය. මින් තුන් මසකට පසු පිරිනිවන් පානා බව වදාළ භාග්‍යවතුන් වහන්සේ ‘ඉදිරි තුන් මස පමණක් සමාපත්තියට සමවැද ඉන් පසු නොසමවදින්නෙමී.’ යි සිහි නුවණින් යුතුව ආයු සංස්කාරය අත්හැරි සේක. එකෙණෙහි ම මහා භූමි චලනයක් සමඟින් අකුණු ගැසීම් ද සිදු වූ අතර ආනන්ද හිමියන් පැමිණ භූමි චලනයට හේතු විමසා දැනගෙන කල්පයක් වැඩ සිටින ලෙස ආරාධනා කළේ ය. එනමුත් ආයු සංස්කාරය හළ බැවින් තව තුන් මසකින් පිරිනිවන් පානා බව වදාරා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවට වැඩම කළ සේක. එහි රැස් වූ භික්ෂූන් අමතා සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වදාරා, එම භික්ෂූන්ට අන්තිම අවවාදය ද කළ සේක. ඉන් පසු පාවා නගරය පසු කරගෙන කුසිනාරා නුවර මල්ල රජවරුන්ගේ උපවර්තන නම් සල් උයනට වැඩම කොට යමක ශාල වෘක්ෂයන් අතරෙහි පනවන ලද ආසනයෙහි සැතපුණ සේක. එකල්හී දෙව්බඹ පිරිස අහසෙහි දිව්‍යමය සුගන්ධයන්ගෙන් ද පුෂ්පයන්ගෙන් ද දිව්‍ය සංගීතාදියෙන් ද පූජෝපහාර දැක්වූහ. පිරිනිවන් මංචකයේ සැතපී සිටි භාග්‍යවතුන් වහන්සේ තමන් වෙත පැමිණි සුභද්‍ර නම් පරිභ්‍රාජකයා අමතා මෙසේ දේශනා කළ සේක.

“සුභද්‍රය, ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්නට ලැබෙන බුද්ධ ශාසනයක පමණයි පළමු ශ්‍රමණයා වන සෝතාපන්න ශ්‍රාවකයාත්, දෙවන ශ්‍රමණයා වන සකදාගාමී ශ්‍රාවකයාත්, තුන්වෙනි ශ්‍රමණයා වන අනාගාමී ශ්‍රාවකයාත්, සතරවෙනි ශ්‍රමණයා වන රහතන් වහන්සේත් පහළ වන්නේ.”

එම දම් දෙසුම අවසානයේ දී සුභද්‍ර තෙරුවන් සරණ ගොස් පැවිද්ද හා උපසම්පදාව ලබා සුළු මොහොතකින් සව් කෙලෙසුන් නසා අරහත්වයට පත් විය. එසේ සම්මුඛී අවසන් ශ්‍රාවකයා බිහි වූ පසු භාග්‍යවතුන් වහන්සේ අවසන් බුද්ධ අවවාදය මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, අවසන් වරට ඔබ අමතමි. සියලු සංස්කාර වැනසෙන සුලු ය. අප්‍රමාදී ව ධර්මාවබෝධ කර ගන්න.” (භන්දදානි භික්ඛවේ ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ.)
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධ්‍යානයේ පටන් නිරෝධ සමාපත්තියට ද නිරෝධ සමාපත්තියේ පටන් ප්‍රථම ධ්‍යානයට ද අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සමවැදී එයින් නැගිට යළි සතර වන ධ්‍යානයට සමවැදී සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව ප්‍රකට කරමින් නිරුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. ඒ පිණිස ආයු සංස්කාරය අත්හැර වදාළේ අද වන් නවම් පුන් පොහෝ දිනක දී ය.

🙏භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය අපත් ඒ අනිත්‍ය ධර්මතාව මෙනෙහි කරමින් ධර්මාවබෝධයට අප්‍රමාදී වෙමු.🙏🏻

🟦🟨🟥⬜️🟧🟦
🟦🟨🟥⬜️🟧🟨
🟦🟨🟥⬜️🟧🟥
🟦🟨🟥⬜️🟧⬜️
🟦🟨🟥⬜️🟧🟧

5 months ago | [YT] | 1

Hasindu Liyanarachchi

🙏🙏🙏
🌺🌼🌸
තෙරුවන් සරණයි!!!
දෙවි රැකවරණයි!!!

https://youtu.be/-YO8LPPrpYI?si=-CpXP...

5 months ago (edited) | [YT] | 1

Hasindu Liyanarachchi

🙏🙏🙏
🌺🌼🌸
තෙරුවන් සරණයි!!!
දෙවි රැකවරණයි!!!

ලක්වාසී ලෝවාසී සියලුම දෙනාට සුබ තෛපොංගල් දිනයක් වේවා!!!

සූර්ය මාස සංක්‍රාන්තිය ජනවාරි 14 බදාදා සවස 15:07 න් මකර
රවි.

තෛපොංගල් හෙවත් සූර්ය මකර සංක්‍රාන්තිය - தைப்பொங்கல்
--- • --- • --- • --- • --- • --- • --- • --- • --- • --- • --- • ---

සූර්යයා යනු විශ්වය විසින් අපට දායාද කල අනූපමේය වස්තුවය. සූර්යයා නොසිටින්නට පෘථිවි තලය තුළ ජීවයක් නොතිබෙන්නට ඉඩ තිබුනි. මෙලොව පවත්නා සියලු ස්වාභාවික දෑ හි නිර්මාපකයා සුර්යයාය. සූර්යාලෝකයට නිසා ශාකපත්‍රවල ප්‍රභාසංස්ලේෂණය වීමෙන් ලෝක ප්‍රජාවට ආහාරද ලැබෙන්නේය. ආලෝකයද ප්‍රාණ වායුවද ජීවයද ලබාදෙන්නේ සුර්යයාය.

තෛපොංගල් උත්සවය පවත්වනු ලබන්නේ සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් සූර්යයාට ස්තූතිවීම නිමිති කරගෙනය. ආදිකාලීන ඉන්දීය ජනතාව අස්වැන්න නෙලාගැනීමෙන් පසු ඒ කාර්යය සදහා මහෝපකාරී වූ හිරුට සහ ගවයන්ට කෘතඥතාව පුදකිරීම පිණිස තෛපොංගල් උත්සවය පවත්වා තිබේ.

සංස්කෘතික වැදගත්කම

"තෛ" යනු හින්දු දිනදර්ශනය අනුව දහවන මාසයයි. සිංහල අපි දුරුතු නවම් මැදින් යනාදී ලෙස චන්ද්‍රමාස ක්‍රමයට දින ගණින්නා සේ හින්දු ජනතාව මේෂය මුල්කරගෙන සූර්යමාස ක්‍රමයට දින ගණිති. ඒ අනුව අප්‍රේල් 14 හෝ 15 ඔවුන්ගේ නව වසර උදා වේ. දහවන මාසය ආරම්භ වන්නේ ජනවාරි 14 හෝ 15 ය. එනම් සූර්‍යයා කුම්භයෙන් මකරයට සංක්‍රාන්ති වන දවසයි. මෙදින සූර්යයා උතුරු දෙසට ගමන් කිරීමද ඇරඹේ. (උත්තරායනය)

"පොංගල්" යනු උතුරන කිරිවලට අලුත් සහල් මිශ්‍ර කර සාදන ආහාරයකි. රසගැන්වීම සදහා හකුරු, ගිතෙල් සහ මුද්දරස්පලම් ද එකතු කරනු ලැබේ. ඒ අනුව තෛපොංගල් යනු දහවන මාසයේ මුල කිරි ඉතිරවීම යන අර්ථය අපට ගතහැක. කිරි ඉතිරවීමේදී දමිල වැසියන්ගෙ මුවින් පිටවන "ඤායිරු පෝට්රෝම් ඤායිරු" යන්නෙන් "හිරු දෙවියන්ට ප්‍රශංසා වේවා!" ලෙස ද "පොංගලේ පෝට්රෝම්" යනුවෙන් "කිරෙන් සහලෙන් ප්‍රශංසා වේවා!" ලෙසද ඔවුන්ගේ අස්වැන්න ලබා ගන්නට සහාය වූ සූර්යයාට ස්තූතිවන්ත වේ.

ජෝතිෂීය වැදගත්කම

තෛපොංගල් උත්සවයේ ජ්‍යොතිෂීය වැදගත්කමක්ද වේ. හින්දු භක්තිකයින් මකර සංක්‍රාන්තියට විශේෂ තැනක් ලබාදීම මා හට සුළු ගැටළුවක් වී තිබුණි. මන්ද යත් අනෙක් සංක්‍රාන්ති උත්සව සැමරීමක් නැති හෙයිනි. ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී මා ලත් දැනුම අනුව ඉන්දියනුවන් අතීතයේ සිටම ජ්‍යොතිෂය මුල් කරගනිමින් කටයුතු කල අය වෙති. ඒ අනුව ජන්ම කුණ්ඩලීනය හෙවත් හඳහන ප්‍රධාන තැනක් ගනී.

හඳහනක භාව (කොටු) දොළොසක් ඇති අතර ඒ එක් එක් භාවයකින් ජීවිතයේ එක් එක් පැතිකඩ හෙලිදරව් කරයි. ජන්ම පත්‍රයේ දසවන භාවය කර්මස්ථානය වේ. එනම් පුද්ගලයෙකුගේ පියා ගැන හා ජීවනෝපාය (රැකියාව) ගැන කියන ස්ථානයයි. විශ්ව කුණ්ඩලීනය අනුව සූර්යයා මකරය හෙවත් දසවන රාශියට ගමන් කරන්නේ ජනවාරි මැදය. මකරය හිමි ශනි (සෙනසුරු) කෘෂිකර්මාන්තයට අධිපති ග්‍රහයා ලෙසද සැළකේ.. (අවශ්‍යනම් රෝම සහ ග්‍රීක දේවකතා ඔස්සේද මෙය පැහැදිලි කළ හැක)

සමරන රටවල්

තෛ පොංගල් උත්සවය වැඩිමනක්ම සමරන්නේ ඉන්දියාවේ වන අතර අති උත්කර්ෂවත් ආකාරයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ සමරනු ලබයි. එසේම අන්ද්‍රා, කේරල, කර්ණාටක, තෙලංගනා යන ප්‍රාන්තද ජයටම සමරයි. ඉන්දියාවෙන් බැහැරව ගත් කළ තෛ පොංගල් උත්සවය බහුලව සමරන්නේ දමිල ජනතාව වැඩියෙන් වෙසෙන ශ්‍රී ලංකාව, මැලේසියාව, සිංගප්පූරුව, කැනඩාව සහ ඇමෙරිකාව යන රටවලය.

තෛපොංගල් උත්සවය දින හතරක් පුරා පැවැත්වේ. ඒවා භෝගී පොංගල්, සූර්ය පොංගල්, මාට්ටු පොංගල් සහ කානුම් පොංගල් වේ.

භෝගී පොංගල්

භෝගී පොංගල් යනු පරණ අවුරුද්දෙ අවසන් දවසයි. එදින දෙවියන්ගෙ නායකයා වූ ඉන්ද්‍රට පුදපූජා පවත්වයි. එසේම ගේදොර පිරිසිදු කිරීම, අලුත් අවුරුද්දට ඇඳුම් පිළියෙල කිරීම ආදියද සිදුකරයි. සූර්ය පොංගල් දවසට සූදානම් වෙමින් කිරි උතුරවන ස්ථානය අලංකාරවත් කරයි. හොඳින් හිරු එළිය වැටෙන හරි හතරැස් භූමියක් තෝරාගෙන මැටිවලට අමු ගොම කලවම් කර භූමිය මදින අතර, හතර කොනේ කෙසෙල් කැන් සහිත කෙසෙල් ගස් හතරක් සිටුවයි. කෙසෙල් ගස් අතරමැද නූල් ගැට ගසා ඒවයෙ අඹ කොළ එල්ලති.

තෛ පොංගල්

දෙවෙනි දවස සූර්ය පොංගල් වේ. එදිනට හින්දු කාන්තාවන් උදෑසනම අවදි වී පිරිසිදුව වර්ණවත් ඇඳුමින් සැරසී සූර්ය ගේ ඉදිරිපිට අතුගා කෝලම් රටා අඳියි. මේ සදහා වර්ණවත් කළ හාල් පිටි සහ කඩල පිටි යොදාගනී. ඉන්පසු ඒ රටාව මැද පොල්ගෙඩියක් සිටවූ රිදී හෝ පිත්තල කළසක් තබයි. කළසේ කට අඹ පත්‍රවලින් සහ කුංකුමෙන් සරසයි. අවසානයේ රටාව මත ගිතෙල් පහන් දල්වයි. මින් සංකේතවත් කරන්නේ ලක්ෂ්මිය හෙවත් සශ්‍රීකත්වයයි.

කලින් සූදානම් කරගත් ස්ථානයක කිරි කළයක් උතුරුවා ඊට අලුත් සහල් දමා පොංගල් සාදති. කිරි උතුරා යාමේදී කාන්තාවන් දිවෙන් සුරුවම්බාන හඬක් පිටකරති. තව "ඤායිරු පෝට්රෝම් ඤායිරු", "පොගලේ පෝට්රෝම්", "පොංගලේ පොංගල්" ආදී වශයෙන් වාක්‍යන් හඬනගයි. රසින් සුවඳින් අනූන පොංගල් බතේ අග්‍රභාගය සූර්ය දෙවියන්ට පූජා කෙරේ..

මාට්ටු පොංගල්

හින්දු ආගමට අනුව හිරු "සූර්ය භගවාන්" නම් දෙවි කෙනෙකු ලෙස සළකන අතර ගවයා යනු "ශ්‍රී කාමධේනූ" නම් සිතූපැතූ සම්පත් ලබාදෙන දිව්‍යමය වස්තුවක් ලෙස සළකනු ලැබේ. "මාට්ටු" යනු දමිල බසින් ගවයා හඳුන්වන නමයි.

සරුසාර අස්වැන්නක් ලබාගැනීමට සූර්යයා මෙන්ම ගවයාද මහෝපකාරී වේ. එය සංකේතවත් කරමින් ධවල පැහැ ගවයෙක්ව හොඳින් පිරිසිදු කර මල්වලින් සරසා, සුවඳ දුම් අල්ලා, කුංකුම තිලක තබා උක් ද කිරිද කෙසෙල්ද පූජා කරති. (කන්න දෙයි) එසේම ගවයන්ගේ ඇස්වහ කටවහ දුරුකිරීමක්ද සිදුකරයි..

කානුම් පොංගල්

සිංහල අවුරුද්දට නෑගම් යන්නා සේ දමිල අයද නෑගම් යන දවස කානුම් පොංගල් ලෙස හඳුන්වයි. මේ සදහා ගෙදරදීම හදන රසකැවිලි වර්ග තෑගි ලෙස නෑයන්ට ලබාදේ.

තෛපොංගල් යනු සශ්‍රීකත්වයෙ ඒකීයත්වයේ හා සමඟියේ උත්සවයයි. යාපනය ඇතුළුව ලෝකවාසි සියලුම දමිල ජනතාවට සාමය, සමඟිය වැඩෙන සෞභාග්‍යමත් තෛපොංගල් උත්සවයක් ප්‍රාර්ථනා කරමු.

|චතුර රුවන් වීරක්කොඩි

5 months ago | [YT] | 1

Hasindu Liyanarachchi

🙏🙏🙏
🌺🌼🌸
තෙරුවන් සරණයි!!!
දෙවි රැකවරණයි!!!

දුරුතු මස පෝය ජනවාරි 02 සිකුරාදා අපරභාග 06:53 පසළොස්වක ලබා ජනවාරි 03 සෙනසුරාදා අපරභාග 03:32 ගෙවේ.

2026 නව වසරේ ප්‍රථම පොහෝ දිනයයි. උදා වූ 2026 නව වසර ඔබ සැමට ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් රැකවරණින්,සියලු දෙවිදේවතාවුන්වහන්සේලාගේ රැකවරණින්, සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

දුරුතු පොහොයේ වැදගත්කම ..🌸🌼

1. බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම.

2. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම.

3. බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම.

4. බුදුන් වහන්සේ දහසක් ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම.

5. බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම.

උදාවන දුරුතු පුර පසළොස්වක පොහොය දිනයට ශාසන ඉතිහාසය තුළ ඉතා වැදගත් තැනක් හිමි වෙයි. බුදුරජාණන් වහන්සේ විසින් උරුවෙල් දනව්වේ සිටි දහසක් වූ තුන්බෑ ජටිල පිරිස දමනය කරනු ලැබීමෙන් පසුව ප්‍රථම වරට ලංකාවට වැඩමවීම හා එහිදී යක්ෂ ගෝත්‍රිකයින් දමනය කිරීම කේශ ධාතු නිධන්කොට මහියංගණ දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහ රජු ගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ දහසක් රහතන් වහන්සේලා ද සමඟ රජගහ නුවරට වැඩමවීම, මිය ගිය ඤාති ප්‍රේතයන්ට පින් අනුමෝදනා කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගණ චෛත්‍යය අසල දී රජ බවට පත් කරවීම යනාදිය දුරුතු පොහොය දිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම් අතර ප්‍රමුඛස්ථානයෙහිලා සැලකිය හැකි ය.

☸️ යක්ෂ නාග අසමගිය දුරු කිරීම

බුද්ධත්වයෙන් නව වැනි මාසයේ දී දුරුතු පුර පසළොස්වක පොහොය දිනෙක බුදුරජාණන් වහන්සේ මහියංගණයෙහි මහවැලි ගඟ අසබඩ යොදුන් තුනක් දුරින් පිහිටි මහානාග වනෝද්‍යානයට වැඩම කරවීමේ පුවත මහාවංසයෙහි පළමු පරිච්ඡේදයෙහි දැක්වෙන්නේ මෙසේ ය.

බොධිතො නවමෙ මාසෙ
ඵුස්සපුණ්ණමියං ජිනො
ලංකාදීපං විසොධෙතුං
ලංකාදීප මුපාගමි

එදින මහානාග වනෝද්‍යානයෙහි යක්ෂ ගෝත්‍රිකයන් ගේ මහා සමුළුවක් පැවතිණ. ඒ වන විට ලක්දිව ඉතා බලසම්පන්න ව සිටියේ රාවණ සමයේ සිට පැවත ආ යක්ෂ ගෝත්‍රිකයින් ය.

මෙරට ප්‍රාග් ඓතිහාසික පුරවැසියන් ලෙස හඳුන්වා දිය හැකි වන්නේ නාග ගෝත්‍රිකයන් ය. මෙම දෙපිරිස අතර කාලාන්තරයක පටන් පැවැති අසමගිය දුරු කිරීම බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රථම ලංකාගමනයෙහි ප්‍රධාන අරමුණ විය. මේ සඳහා ලක්දිවට වැඩමවන ලෙස බුදුරජාණන් වහන්සේට ඇරයුම් කළේ සුමන සමන් දිව්‍යරාජයා වන බව ද බෞද්ධයෝ විශ්වාස කරති.

☸️ මහියංගණ සෑය ඉදිකිරීම

දැනට මහියංගණ චෛත්‍යය පිහිටි ස්ථානයෙහි පත්කඩය අතුරා වැඩසිටි බුදුරජාණන් වහන්සේ යක්ෂ සේනාව දමනය කිරීම සඳහා ධර්මය දේශනා කළ හ. එම බණ ඇසු ඉතා විශාල පිරිසක් ධර්මාවබෝධය ලැබූහ. යක්ෂ ගෝත්‍රිකයන් රුදුරු ගති පැවතුම් ඉවතලා යහපත් පිරිසක් බවට පත්වීම ද මෙහිදී ඉතා වැදගත් වෙයි.

බණ අසා සෝවාන් බවට පත් වූ සුමන සමන් දිව්‍ය රාජයා විසින් “ස්වාමීනි අපට පූජාර්හ වස්තුවක් දුන මැනවැ”යි, ආයාචනා කරන ලදී. බුදුරජාණන් වහන්සේ ඔහුට කේශ ධාතු මිටක් දී පෙරලා උරුවෙල් දනව්ව බලා වැඩම වූහ. ඉක්බිති සුමන සමන් දිව්‍ය රාජයා බුදුරදුන්ගේ කේශධාතුන් වහන්සේ ස්වල්පය රන් කරඬුවක තැන්පත් කොට සත් රියනක් උස සෑයක නිධන් කළේ ය. එම සෑය ඉදිකළේ එදා බුදුරදුන් ධර්මය දේශනා කරමින් වැඩ සිටි ස්ථානයේ ම ය. මෙසේ ලෝකයේ ප්‍රථම දාගැබ වූ මහියංගණ දාගැබ බුදුරදුන් ජීවමාන ව සිටියදී ම නිර්මාණය කොට පූජෝපහාර දැක්වීමේ ගෞරවය සුමන සමන් දිව්‍ය රාජයාට හිමි වෙයි.

මෙකී මහියංගණ සෑය හෙවත් මියුගුණ සෑය ලොව ප්‍රථම බෞද්ධ සංකේතය වන අතර, ප්‍රථම ථූප මූර්තිය ද වේ. මියුගුණ සෑය එදා පටන් යක්ෂ, නාග දෙපිරිස ගේ ම වන්දනාමානයට ලක් විය.

☸️ කඤ්චුක චෛත්‍යය

පසු කාලයක සැරියුත් මහරහතන් වහන්සේ ගේ අතවැසි වූ සරභූ රහතන් වහන්සේ විසින් කුසිනාරා නුවර පිරිනිවී බුදුරදුන් ගේ ශ්‍රී දේශය ආදාහනය කළ චිතකයේ ගී‍්‍රවා ධාතූන් වහන්සේ ගෙන නිධන් කොට මියුගුණ සෑය වටකොට දොළොස් රියන් චෛත්‍යයක් ඉදි කරන ලදහ. එය පළමු චෛත්‍යය වට කොට කළ හෙයින්”කඤ්චුක චෛත්‍යය” නම් විය.

පසුකාලීන ව දේවානම්පියතිස්ස රජු ගේ සොහොයුරකු වු උද්ධ චූලාභය රජු මහානුභාව සම්පන්න වූ මෙම මනෝහර මියුගුණ සෑය දැක බෙහෙවින් තුටුපහටු වී දොළොස් රියන් සෑය වසා තිස් රියන් කොට සෑයක් කරවීය. දුටුගැමුණුූ රජු එම තිස් රියන් සෑය වසා අසූ රියන් උස්කොට කඤ්චුක චෛත්‍යයක් කරවීය. ඉන් පසු නොයෙක් කාල පරිච්ඡේදවල දී ගරාවැටුණු මෙම චෛත්‍යය ධාතුසේන, සිරිසඟබෝ , අග්බෝ. පරාක්‍රමබාහු ආදි ශ්‍රේෂ්ඨ නරවිරුවන් විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදහ.මේ වනවිට ලෝකයා ගේ වන්දනාමානයට යෝග්‍ය වන අයුරින් මියුගුණ සෑයෙහි සියලු ප්‍රතිසංස්කරණයන් නිමකොට තිබේ. අද අප දකින මියුගුණ සෑය බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිහිපත් කරවන ප්‍රබලතම සාධකයක් වනු ඇත.

☸️ ප්‍රථම ආරාම පූජාව

ප්‍රථම ලංකාගමනයෙන් පසු බුදුරජාණන් වහන්සේ මගධයේ අධිපති බිම්බිසාර මහ රජු ගේ ආරාධනයෙන් උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේලා ද සමඟ රජගහ නුවරට වැඩම කළහ. "කිංසච්චගවේසී ව" සිටි සමයේ බිම්බිසාර මහ රජු කළ ඉල්ලීම ඉටු කිරීම එහි වැඩමවීමට හේතුවයි. එහිදී බිම්බිසාර මහරජු බුදුරදුන් හමුවීමට පැමිණියේ විසි දහසක් පමණ වූ පිරිසක් ද පිරිවරාගෙන ය. බුදුරදුන් රජු ප්‍රමුඛ පිරිසට ධර්මය දේශනා කළ අතර, මෙය බිම්බිසාර මහ රජුගේ ප්‍රාර්ථනා පහම ඉටු වූ අවස්ථාව විය. පසුව බිම්බිසාර මහරජු වේළුවනාරාමය බුද්ධ ප්‍රමුඛ මහ සඟනට පූජා කළේ ය. මෙම ප්‍රථම ආරාම පූජාවෙන් පසු වාසය සඳහා ආරාම පිළිගැනීම යෝග්‍ය බව බුදුරදුන් භික්ෂූන් වහන්සේලා සඳහා නියම කළේ ද මෙම දුරුතු මහේ දී ය.

6 months ago | [YT] | 0

Hasindu Liyanarachchi

ලක්වාසී ලෝවාසී සියලුම දෙනාට සුබ නත්තලක් වේවා!!!

✝️නත්තල් උත්සවය

සෑම වසරක ම දෙසැම්බර් මස 25 වන දින නත්තල් දිනය වශයෙන් සලකනු ලබයි. එසේ සමරන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියයි. වර්තමානයේ දී ඇතැම් පිරිස් මෙය ප්‍රීති උත්සවයක් සේ පමණක් සිතා සමරනු ලබනයි. අප නත්තලේ සැබෑ අරුත වටහා ගත යුතුය.ලෝකයට සාමයේ පණිවිඩය ලබා දුන් දිනය,නත්තල් දිනයයි.
කිතු උපතින් සියවස් කිහිපයක් යනතුරුත් කිතුනු සමාජයේ නත්තල් උත්සවය උත්සවාකාරයෙන් පවත්වා නැත.එයට හේතුව උපන්දින සමරන්නන් මිත්‍යා දෘෂ්ටිකයන් සේ ජුදා වරුන් විසින් විශ්වාස කිරීමයි.ක්‍රිස්තියානිය යුරෝපයේ පැතිර යාම වේගවත් වීමත් සමග යුරෝපයේ පැවති සෙසු ආගමික උත්සව වල ද ආභාෂය ලබා නත්තල් උත්සවය බිහි විය.
නත්තල යන වදන, "නතාල" නම් පෘතුගීසි වචනයෙන් ද "නතාලිස්" නම් ලතින් වචනයෙන් ද බිඳී පැමිණි බව විශ්වාස කරයි. එම වචන වලින් "උපත" යන අර්ථය ලබා දෙනු ලබයි.
දෙසැම්බර් මස 24 වන දින මධ්‍යම රාත්‍රියේදී ජේසු කුමරුන් ගව ලෙනක උපන් බවත්, උන්වහන්සේගේ මව මරිය තුමිය වන අතර පියා ජුසේ තුමාණන් වේ.
ජන සංගණනයකට බෙත්ලෙහෙමට පැමිණි අවස්ථාවේදී ගවලෙනක් තුළ ජේසු බිලින්දාගේ උපත සිදු වී ඇත.
ජේසුස් වහන්සේ යනු මනුෂ්‍යත්වය ලබා ගත් දේව පුත්‍රයා වේ.එතුමාගේ මනුෂ්‍යයෙකු ලෙස ඉපදීම නත්තල් උත්සවයේ දී සමරනු ලබයි.
ජේසුතුමන් සාමයේ කුමාරයා ලෙස ලෝකවාසී කිතුනු බැතිමතුන් සලකන අතරඋන්වහන්සේගේ දේශනා හා ප්‍රාතිහාර්යයන් ද,හේතු කරගෙන ජුදා නායකයෝ උන්වහන්සේට විරුද්ධ විය.

සෑම වසරකම දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රියේ දේවස්ථානයට රැස්වන කිතුනු බැතිමතුන් ජේසු උපත උත්සවාකාරයෙන් සමරනු ලබයි.
එදිනට දුගී ජනතාවට ආහාර පාන, ඇඳුම් පැළඳුම් මෙන් ම තෑගිබෝග බෙදාදීම සිදු කරයි.

නත්තල් උත්සවයට දින ගණනාවකට පෙර කිතුනු බැතිමතුන් ඉතා ආශාවෙන් සූදානම් වේ .එනම් දේවස්ථානය හා නිවස සැරසීම,ගවලෙන් සෑදීම හා නත්තල් ගස් අලංකාර කිරීමආදිය වේ.
එම දිනට අලුත් ඇඳුම් පැළඳුම්වලින් සැරසීම මෙන්ම, ප්‍රණීත ආහාරපාන පිළියෙල කිරීම ද ඔවුන්ගේ චාරිත්‍රයකි.
නත්තලට බොහෝ දෙනා සුබපැතුම්පත් හුවමාරු කරයි. එසේම නත්තල් සීයා දකින්න ලැබෙන්නේ නත්තල් කාලයේදීමය.

·මෙම උත්සව සමයේ නත්තල් කැරොල් ගී,නත්තල් නාට්‍ය හා නත්තල් ආශ්‍රිත චිත්‍රපට දකින්න පුළුවනි.

· ඒ වගේම මේ කාලයේ දක්නට ලැබෙන විශේෂ චාරිත්‍ර වන්නේ,දුප්පතුන් සදහා දානමාන දීම, කුඩා දරුවන් වෙනුවෙන් තෑගි බෝග හා ඇඳුම් පැළඳුම් බෙදා දීම ය.

Copied (Google සැකසුම:සුරංගි වීරසේකර, අශානි රත්නසූරිය)

6 months ago | [YT] | 0