In this channel you can watch music, WhatsApp secrets, Face book secrets, celebrity gossip. Join us to gain knowledge


Sinha Sri

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සිදුකරන වෛද්‍ය පරීක්ෂණ මාලාවක් සඳහා පසුගිය (15) වනදා සිංගප්පූරුව වෙත ගොස් ඇති බව වාර්තා වේ. එම පරීක්ෂණ සිදු කිරීම සඳහා එළඹෙන බදාදා (18) වනදා ඔහුව රෝහල්ගත කිරීමට නියමිත බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සංචාරය සිදුවී ඇත්තේ ඔහුට එරෙහිව පවතින නඩු කිහිපයක් මේ වනවිට අධිකරණයේ විභාග වෙමින් තිබෙන අතර අධිචෝදනා ගොනු වීමේ අවදානමක්ද පවතින පසුබිමකය.
වෛද්‍ය පරීක්ෂණ හා අවශ්‍ය ප්‍රතිකාර කටයුතු අවසන් වූ පසුද ඔහු තවත් සති දෙකක් හෝ තුනක් පමණ කාලයක් රෝහල තුළම රැඳී විවේක ගැනීමට ඉඩ ඇති බව හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.
මේ අතර, පසුගිය ජනවාරි 28 වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අයථා UK සංචාර නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කර තිබුණේ එම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු මේ වනවිට සියයට 90ක් පමණ අවසන් වී ඇති බවයි.
තවත් මාසයකට අඩු කාලයකින් එම විමර්ශන සම්පූර්ණ කර, මාර්තු මාසය ඇතුළත අදාළ චෝදනා ගොනු කරමින් නඩු පැවරීමට කටයුතු කරන බවද ඔහු අධිකරණයට දැනුම් දී තිබුණි.
විමර්ශන අවසන් වීමෙන් අනතුරුව මාර්තු මාසය තුළදී අධිචෝදනා ගොනු විය හැකි වුවද, නඩුව නැවත කැඳවන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. එලෙස චෝදනා ගොනු වුවහොත්, නඩුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉහළ අධිකරණයකට යොමු වනු ඇති බවට අපේක්ෂා කෙරේ.
මේ අතර, අදාළ සිද්ධියට සම්බන්ධ අනෙකුත් නඩු කටයුතු හෝ චෝදනා පිළිබඳ ඉදිරි විභාග කිරීම් අප්‍රේල් 29 වනදා පැවැත්වීමට නියමිතව ඇතත්, ප්‍රධාන අවධානය යොමුවන්නේ මෙම මාර්තු මාසය තුළ සිදු විය හැකි නඩු පැවරීමේ පියවර වෙතය.
රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මේ වනවිට අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් පනවා නොතිබුණද, අධිචෝදනා ගොනු වීමෙන් අනතුරුව එවැනි තහනමක් පැනවීමට හැකියාවක් පවතින බව නීතිවේදීන් පෙන්වා දෙයි. ඒ අනුව, ඔහුගේ මෙම විදේශ ගමන නඩු කටයුතු තාවකාලිකව මගහැරීමට අවස්ථාවක් සපයනු ඇතැයිද සමහරුන්ගේ අදහස වේ. කෙසේ වෙතත්, සිංගප්පූරුවේ සංචාරක වීසා කාලය මාසයකට වඩා දිගු කරගැනීම සාමාන්‍යයෙන් පහසු නොවන බවද සඳහන් වේ.

2 months ago | [YT] | 45

Sinha Sri

පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහා­ර­යට සම්බන්ධ බවට සැකකරන පුල­ස්තිනී මහේ­න්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්ට අදා­ළව තෙවැනි ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණය සිදුකිරී­මට 2022 වස­රේදී එව­කට සිටි ජනා­ධි­ප­ති­ව­රයා විසින් දී ඇති නියෝග සම්බ­න්ධ­යෙන් වහාම විම­ර්ශ­න­යක් කර අධි­ක­ර­ණ­යට වාර්තා­වක් ගොනුකරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් ඉසුරු නෙත්ති­කු­මා­රගේ ඊයේ (11) අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට නියෝග කෙළේය.
පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් අන­තු­රුව කොළඹ සිට කල්මු­ණේට පළාගිය සහ­රාන්ගේ පවුලේ සාමා­ජි­ක­යන් ඇතුළු පිරි­සක් සයි­න්ද­ම­රුදු හි පිහිටි නිවෙසකදී 2019.04.26 වැනිදා සිදුවූ පිපු­රු­ම­කින් මිය­ගි­යේය. මෙම පිපු­රුම සිදු­වන විට එම නිවෙසේ සිටි සාරා ජෙස්මින් නමැති කාන්තාව මිය‍ගොස් නැති බව ඩී.එන්.ඒ. පරී­ක්ෂණ දෙක­කින්ම තහ­වුරු වී තිබිණි.
එසේ තිබි­ය­දීත් 2022 වස‍රේ පැවැති ආර­ක්ෂක මණ්ඩල රැස්වී­ම­කදී සාරා ජෙස්මින්ගේ තෙවැනි ඩී.එන්.ඒ පරී­ක්ෂා­වක් සිදු කිරී­මට එවක ජනා­ධි­ප­ති­ව­රයා විසින් නියෝග ලබාදී ඇත්තේ විම­ර්ශන හරි මඟට ගැනී­ම­ටද එසේ නැත්නම් සාක්ෂි වසන්කිරී­මට සහ කඩා­ක­ප්පල් කිරීම සඳ­හාද යන්න විම­ර්ශ­නය කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.
එහි අප­රාධ වර­දක් තිබේද නැද්ද යන්න සම්බ­න්ධ­යෙන් වහාම විම­ර්ශන කර අධි­ක­ර­ණ­යට වාර්තා­වක් ගොනුකරන ලෙසත් මෙහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.
එසේම එම නියෝග දී ඇත්තේ කුමන පද­න­ම­කින්ද කාටද යන්න සම්බ­න්ධ­යෙන්ද විමසා බලන ලෙස­ටද මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙහි දී නියෝග කළේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­ර­යට අදා­ළව චැනල් 04 නාළි­කාව විසින් හෙළි­කළ කරුණු සම්බ­න්ධ­යෙන් කෙ‍ෙරන විම­ර්ශ­නයේ තෙවැනි සැක­කරු ලෙස නම්කළ හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සැක­ක­රු­වෙක් ලෙස නම් කිරී­මට අදාළ සාක්ෂි ඇතු­ළත් පිටු 25න් යුක්ත සාක්ෂි සම්පි­ණ්ඩන වාර්තා­වක් ද රහස් පොලී­සිය විසින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළේය.
මෙහි පළමු සැක­කරු වන රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් සැර­යන් ජැකීල් පාරස්, පොලිස් බුද්ධි අංශයේ පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් වන නිශාන්ත යන දෙදෙනා පාස්කු ප්‍රහා­ර­යට සම්බන්ධ බවට සාක්ෂි ඉදි­රි­පත් කරන ලෙස දී තිබූ අධි­ක­රණ නියෝග ප්‍රකා­රව සිදු කළ විම­ර්ශන ප්‍රග­තිය ඇතු­ළත් වාර්තා­වක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළේය.
මෙහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා එම වැඩි­දුර වාර්තා­වට අදා­ළව වවු­න­තිව් සිද්ධිය හැරුණු විට පාස්කු ඉරු­දින ප්‍රහා­ර­යට අදා­ළව තොර­තුරු අනා­ව­ර­ණය වී තිබේද යන්න විමසා සිටි අව­ස්ථාවේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව දැනුම් දුන්නේ ඊට අදාළ තොර­තුරු අනා­ව­ර­ණය නොවන බවය.
වවු­න­තිව් විම­ර්ශන නොමඟ යැවී­මට අදා­ළව ජැක­ට්ටු­වක් හඳුන්වා දෙමින් එම විම­ර්ශන නොමඟ යැවී­මට ඔවුන් කට­යුතු කර ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණය හමුවේ කියා සිටි­යේය.
ජනා­ධි­පති නීතිඥ අනුජ ප්‍රේම­රත්න තම සේවා­දා­ය­කයා වන සුරේෂ් සලේ යන අය වෙනු­වෙන් ඇති සාක්ෂි සම්බ­න්ධ­යෙන් විමසා සිටි අව­ස්ථාවේ පිටු 25කින් යුක්ත වාර්තා­වක් ඉදි­රි­පත් කර ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.
මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඒ සම්බ්න­ධ­යෙන් කෙටි­යෙන් කරුණු දක්වන්න යැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට දන්වා සිටි­යේය.
එහිදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කරුණු තුනක් සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කර­මින් කරුණු දැක්වීය.
ශ්‍රී ලංකා බුද්ධි අංශයේ දීර්ඝ කාල­යක් ඔත්තු­ක­රු­වෙක් ලෙස සේවය කළ මීග­මුව පදිංචි අයෙක් මුස්ලිම් අන්ත­වා­දීන්ට කටු­වා­පි­ටිය දේව­ස්ථා­නය පෙන්වා ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කියා සිටි­යේය.
“තවත් යුද හමුදා බුද්ධි අංශයේ සිටි පාණ­දුර පදිංචි ඔත්තු­ක­රු­වෙක් මාර්තු මාස­යේදී සහ­රාන්ගේ කණ්ඩා­යම මෙලෙස ප්‍රහා­ර­යක් එල්ල කළ හැකි බව යුද හමුදා බුද්ධි අංශ­යට දැනුම් දී තිබෙ­නවා. යුද හමුදා බුද්ධි අංශය කිසිදු ක්‍රියා­මා­ර්ග­යක් ගෙන නැහැ. එම ප්‍රහා­රය සිදු වූ පසුව එම ඔත්තු­කරු මෙම ප්‍රහා­රය පිටු­පස යුද හමුදා බුද්ධි අංශයේ වසර 20කවත් අද්දැ­කීම් ඇති අයෙක් සිටිය යුතු බවට කියා ති‍බෙනවා. එම ප්‍රකා­ශ­යෙන් පසුව ඔහු අත්අ­ඩං­ගු­වට ගෙන ත්‍රස්ත වාම­ර්ශන කොට්ඨා­ස­යට භාර දී තිබෙ­නවා” යැයි රහස් පොලී­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.
එමෙන්ම සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍ය­ක්ෂ­ව­රයා වූ පසුව එම විම­ර්ශන සිදු කරන ආකා­රය සම්බ­න්ධ­යෙන් ඔහු­ගෙන් තොර­තුරු ලබා ගෙන ඇති බවට සිදු කළ විම­ර්ශන අනා­ව­ර­ණය කර ඇතැ­යිද රහස් පොලී­සිය සඳ­හන් කළේය.
ඔහු අත්අ­ඩං­ගු­වට ගෙන සිටි­යදී ඔහුගේ නිවස බලා ගෙන ඇති බවත්, ඔහුගේ පුතාට යුද හමුදා බුද්ධි අංශයේ පරි­ග­ණක අංශයේ රැකි­යා­වක් සොයාදී ඇති බවත් රහස් පොලී­සිය අධි­ක­ර­ණය දන්වා සිටි­යේය.
යුද හමුදා බුද්ධි අංශ­යට ඔත්තු­ක­රු­වන් නඩත්තු කිරී­මට හැකි වුවද ඔහු අත්අ­ඩං­ගු­වට ගෙන සිටි­ය­දීත් මෙලෙස කට­යුතු කර තිබේද යන්න මෙහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා විමසා සිටි­යේය.
එහිදී රහස් පොලී­සිය කියා සිටියේ, ඊට අදාළ සාක්ෂි ඇති බවය. නීති­ප­ති­ව­රයා විසින් ලබා දුන් උප­දෙස් ප්‍රකා­රව එම ඔත්තු­කරු නිද­හස් කර තිබි­ය­දීත් සුරේෂ් සලේ මහතා විසින් කොළඹ හෝට­ල­ය­කදී ඔහු හමු වී ස්තූති කර ඇතැ­යිද රහස් පොලී­සිය කියා සිටි­යේය.
2019.04.26 වැනිදා කල්මුනේ සයි­න්ද­ම­රුදු නිවෙ­සක සිදු කළ එම සාමූ­හික ස්වයං ඝාත­න­යේදී පුල­ස්තිනී මහේ­න්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් මිය­ගොස් ඇති බව සනාථ කරී­මට අදාළ මුල් ඩී එන් ඒ වාර්තා ගැළ­පුණේ නැති බවත් සුරේෂ් සලේ විසින් හිටපු පොලි­ස්පති චන්දන වික්‍ර­ම­රත්න මහ­තාට සහ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට තෙවැනි ඩී එන් ඒ එකක් සිදු කරන ලෙස බල­පෑම් කර ඇතැයි රහස් පොලී­සිය අධි­ක­ර­ණ­යට කියා සිටි­යේය.
එහිදී පොලි­ස්ප­තිට බුද්ධි නිල­ධා­රි­යෙක් බල­පෑම් කළා කිය­ලද කියන්නේ කියා මහේ­ස්ත්‍රා­ත්ව­රයා විමසා සිටි­යේය.
ස්වාමීනී, බුද්ධි රැස්වී­ම්ව­ලදී දිගින් දිග­ටම බල­පෑම් කර තිබෙ­නවා යැයි විම­ර්ශ­ක­යන් කියා සිටි­යේය.
බල­පෑම් කරද්දී තුන්වැනි ඩී එන් ඒ එකක් නොකර සිටි­යදී ආර­ක්ෂක මණ්ඩ­ල­යට පොලි­ස්ප­ති­ව­රයා කැඳවා තුන්වැනි ඩී එන් ඒ එකක් සිදු කරන ලෙස බල­පෑම් කර තිබෙ­නවා. මේ බල­පෑම් සිදු කර තිබෙන්නේ එවක ජනා­ධි­ප­ති­ව­රයා හමු­වේයි.
බුද්ධි රැස්වී­ම්ව­ලදී බල­පෑම් කළද සිදු කළේ නැති නිසා ආර­ක්ෂක මණ්ඩල රැස්වී­මේදී හිටපු ජනා­ධි­ප­ති­ව­රයා හරහා මේ බල­පෑම සිදු කර තිබෙ­නවා.
මේ බල­පෑම හමුවේ හිටපු පොලි­ස්ප­ති­ව­ර­යාට ආර­ක්ෂක මණ්ඩ­ල­යේදී හෘද­යා­බා­ධ­යක් පවා වැල­ඳුණු බවත් රහස් පොලී­සිය කරුණු දක්ව­මින් කියා සිටි­යේය. ඒ සම්බ­න්ධ­යෙන් හිටපු පොලි­ස්ප­ති­ව­රයා පවා ප්‍රකාශ සට­හන් කර තිබෙ­නවා යැයිද පොලී­සිය කීවේය.
ජනා­ධි­පති නීතිඥ අනුජ ප්‍රේම­රත්න මහතා සුරේෂ් සලේ වෙනු­වෙන් කරුණු දක්ව­මින් මෙසේ කීවේය.
මෙයට පෙර අභි­යා­ච­නා­ධි­ක­ර­ණය හමුවේ ගොනු කළ රිට් පෙත්ස­මක් තිබෙ­නවා. 2023 වසරේ මේ සම්බ­න්ධ­යෙන් නියෝ­ග­යක් තිබෙ­නවා එහි තිබෙන්නේ රැඳ­වුම් භාරයේ සිටි­යදී කට­යුතු කළ යුත්තේ කෙසේද කියලා. දැන් කට­යුතු සිදු වන්නේ එහෙම නෙවෙයි. සුරේෂ් සලේ රඳවා සිටී­මෙන් අව­මන් සහ­ගත සැල­කිලි ලැබෙන බවට තොර­තුරු ලැබී තිබෙ­නවා. පවුලේ කෙනෙක් ඔහු බලන්න එනවා නම් උප්පැන්න සහ­තික ඇතුළු සහ­තික කළ ලේඛන රැගෙන එන ලෙස දැනුම්දී තිබෙ­නවා. එසේ සිදු කරන එක වැර­දියි. නීති­ඥ­ව­රුන් හමු­වෙද්දි රහස් පොලී­සිය ඒවා අහ­ගෙන වාර්තා කර ගන්නා බවත් නීති­ඥ­ව­රයා සහ සේවා දාය­කයා අතර තිබෙන රහස් සම්බ­න්ධ­තා­වට එය ගැට­ලු­වක්. සුරේෂ් සලේ රහස් පොලී­සි­යෙන් පිට­තට රැගන යාමේදී අධි­ක­රණ අව­ස­ර­ය­කින් තොරව රැගෙන නොයන ලෙස නියෝග නිකුත් කරන ලෙසත් ජනා­ධි­පති නීති­ඥ­ව­රයා දීර්ඝ විස්ත­ර­යක් සිදු කර­මින් ඉල්ලා සිටි­යේය. එමෙන්ම මේ තොර­තුරු ලැබී ඇත්තේ ඉන්දි­යා­වෙන්. එව­කට සිටි පොලි­ස්ප­ති­ව­රයා ඇතුළු පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගෙන විම­ර්ශන කළත් මේ විම­ර්ශන සම්බ­න්ධ­යෙන් ජැයිකි ද අල්විස් කමි­ටුව යම් නිර්දේශ සිදු කළා. ඒ සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණය හමුවේ විවෘත කරුණු දක්වන්නේ නැහැ. එම ලේඛන මහේ­ස්ත්‍රා­ත්ව­ර­යාට කිය­වී­මට ලබා දෙයි.
සියලු කරු­ණු­ව­ලට සවන් දුන් මහේ­ස්ත්‍රා­ත්ව­රයා සිද්ධිය සම්බ­න්ධ­යෙන් අයැද සිටි නියෝග ලබන 25 නිකුත් කරන බවත් එදි­නට අදාළ වාර්තා ගොනු කරන ලෙසත් නියෝග කළේය.
මෙහිදී සුරේෂ් සලේ මහතා වෙනු­වෙන් මෝස­මක් ගොනු කර­මින් ජනා­ධි­පති නීතිඥ අනුජ ප්‍රේම­රත්න මහතා ඇතුළු නීතිඥ මඬු­ල්ලක් සිදු කරන ලද ඉල්ලී­ම්ව­ලට අදාළ නියෝග ඉදිරි දින නිකුත් කරන බවත් ඇතැම් කරුණු සම්බ­න්ධ­යෙන් ලිඛි­තව ඉල්ලීම් කරන ලෙසත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා එම පාර්ශ්ව­යට දන්වා සිටි­යේය.
සුරේෂ් සලේ වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ අනුජ ප්‍රේම­රත්න ඇතුළු නීතිඥ මඬු­ල්ලක් පෙනීසිටි­යේය.
අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් නීතිඥ මනු­ෂිකා කුරේ පෙනීසිටි අතර පළමු සහ දෙවැනි සැක­ක­රු­වන් වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ එම්. නිසාම් කාරි­ය­ප්පර් අධි­ක­ර­ණය හමුවේ පෙනීසිටි­යේය

2 months ago | [YT] | 138

Sinha Sri

මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි!



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට අයත් පෞද්ගලික බැංකු ගිණුමකට රුපියල් මිලියන 17ක මුදලක් බැර වීම සම්බන්ධයෙන් පවරා තිබූ මුදල් විශුද්ධිකරණ නඩුවට අදාළ අධි චෝදනා පත්‍රය අද (10) හෝමාගම මහාධිකරණයේදී භාර දෙන ලදී. හෝමාගම මහාධිකරණ විනිසුරු ක්‍රීෂාන්ති අමරතුංග මහත්මිය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම විමර්ශනයට අදාළ ඉදිරි නීතිමය පියවර ප්‍රකාශයට පත් කෙරිණි.


නඩුව සලකා බැලීමෙන් අනතුරුව විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළාය. 


ඇප කොන්දේසිවලට අමතරව එළඹෙන මාර්තු මස 19 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විත්තිකරුට විදේශ ගමන් තහනමක් ද පැනවීමට විනිසුරුවරිය පියවර ගත්තාය.


එමෙන්ම සෑම මසකම පළමු සහ තෙවන ඉරිදා දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිට වාර්තා කරන ලෙසට ද යෝෂිත රාජපක්ෂ මහතාට මෙහිදී නියෝග කෙරිණි. 


මෙම මූල්‍ය වංචා විමර්ශනයට අදාළ ඉදිරි නඩු විභාගයන් පිළිබඳව දේශපාලන හා නීතිමය ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමු වී පවතී

2 months ago | [YT] | 59

Sinha Sri

බැසිල් බැසිල් ඇරපු හැටි මතකද ගායිස්

2 months ago | [YT] | 293

Sinha Sri

වැඩබැරි බිග් කුච්චන්ලා බැරි මගුල් කරන්න ගිහින් රටම පච කරනවා…! – චාමර සම්පත් දසනායක…



ලක්ෂ්මන් කදිරගාමර් වැනි ලෝකයේම අවධානය දිනාගත් විදේශ ඇමතිවරු බිහිකළ රටේ වර්තමාන විදේශ ඇමතිවරයා අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ විහිළුවට ලක්කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.


සියලු දෙනාටම හැකියාවන් සහ කළ නොහැකි දේ ඇති අතර තමන්ට ඉංග්‍රීසි බැරි බව පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කළ බවත් දෙමළ භාෂාව කතා කාරීමේ හැකියාව තමන්ට ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.


වැඩබැරි ටාසන්ලා පිරිසක් බලයට පත්ව බැරි දේවල් පුළුවන් යැයි සිතාගෙන ලෝකය ඉදිරියේ රටම පච කරමින් ඇතැයිද ඔහු චෝදනා කරයි.


මේ දෙවන අවස්ථාව බවත් මීට පෙර මාතර බිග් කුච්චන් ද මේ ආකාරයටම රට ලැජ්ජාවට පත්කළ බවත් ඉදිරියට යන විට ආණ්ඩුවේ සියලුදෙනාම බිග් කුච්චන්ලා බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.


ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රීලනිප ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එකතු වෙමිනි

2 months ago | [YT] | 44

Sinha Sri

මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඩොලර් 100 ඉක්මවයි: G7 රටවලින් හදිසි මැදිහත්වීමක් – ශ්‍රී ලංකාවට කුමක් වෙයි ද?

දැඩි යුධමය උණුසුම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 2022 වසරෙන් පසු පළමු වතාවට බැරලයක් ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙම තත්ත්වය හමුවේ වෙළෙඳපොළ ස්ථාවර කිරීම සඳහා ගත හැකි පියවර සාකච්ඡා කිරීමට ජී-7 (G7) රටවල මුදල් අමාත්‍යවරුන්ගේ හදිසි රැස්වීමක් කැඳවා තිබේ


විදේශ මාධ්‍ය වාර්තාවලට අනුව කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් මෙහිදී ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) සම්බන්ධීකරණය යටතේ හදිසි ඉන්ධන සංචිත වෙළෙඳපොළට මුදා හැරීමේ යෝජනාවක් කෙරෙහි අවධානය යොමු කර ඇත.


ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් දැනටමත් මෙයට එකඟතාව පළ කර ඇති අතර, යුද්ධය හේතුවෙන් බලශක්ති සැපයුමට එල්ල වී ඇති බලපෑම තක්සේරු කිරීම සඳහා IEA විධායක අධ්‍යක්ෂ ෆාති බිරෝල් ද අද මධ්‍යහ්නයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට එක්වීමට නියමිතය.


අද දිනයේදී බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 120 දක්වා ඉහළ ගිය අතර, පසුව එය ඩොලර් 107.39 දක්වා යම් පහත බැසීමක් පෙන්නුම් කළේය. එසේම ඩබ්ලිව්.ටී.අයි (WTI) තෙල් මිල ද ඩොලර් 117.66 දක්වා ඉහළ ගොස් පසුව ඩොලර් 103.59 දක්වා අඩු විය.


මෙලෙස මිල යම් ප්‍රමාණයකින් පහත වැටුණේ G7 රටවල් සතු හදිසි තෙල් සංචිතවලින් බැරල් මිලියන 300ත් 400ත් අතර ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් වන බවට ලැබුණු වාර්තාත් සමඟය. මෙය IEA සතු සමස්ත හදිසි සංචිතවලින් 25%ත් 35%ත් අතර ප්‍රමාණයකි.


ශ්‍රී ලංකාවේ තෙල් මිලට අත් විය හැකි ඉරණම පිළිබඳ විද්‍යාත්මක සමාලෝචනයක්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ යාම ශ්‍රී ලංකාව වැනි ආනයනික ඉන්ධන මත යැපෙන රටකට එල්ල කරන්නේ ප්‍රබල ආර්ථික බලපෑමකි. පවතින දත්ත සහ මිල සූත්‍ර ක්‍රියාවලියට අනුව මෙම තත්ත්වය විද්‍යාත්මකව විශ්ලේෂණය කළහොත් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු විය හැකි ඉරණම මෙසේය:


පිරිපහදු කළ තෙල් මිල (Singapore Platts) සහ බොරතෙල් මිල අතර වෙනස

ශ්‍රී ලංකාව බොරතෙල්වලට වඩා වැඩිපුර ආනයනය කරන්නේ පිරිපහදු කළ ඉන්ධන (ඩීසල් සහ පෙට්‍රල්) වේ. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල (Brent) ඩොලර් 100 සීමාව ඉක්මවා යන විට, සිංගප්පූරු ප්ලැට්ස් (Singapore Platts) මිල ඊටත් වඩා ඉහළ අගයක් ගනී. බොරතෙල් මිල 15% කින් ඉහළ යන විට, පිරිපහදු කළ ඉන්ධන මිල සාමාන්‍යයෙන් 18% – 22% ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකිය.


ඉන්ධන මිල සූත්‍රය සහ දේශීය මිල සංශෝධනය

ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ඉන්ධන මිල සූත්‍රය අනුව, දේශීය මිල තීරණය වන්නේ ප්‍රධාන සාධක තුනක් මතය:


ගොඩබෑමේ පිරිවැය (Landing Cost): ජාත්‍යන්තර මිල + නැව් ගාස්තු + රක්ෂණ ගාස්තු.

විනිමය අනුපාතය (Exchange Rate): රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය.


බදු සහ මෙහෙයුම් පිරිවැය (Taxes & Operational Costs): රජයේ බදු, ප්‍රවාහන සහ බෙදා හැරීමේ වියදම්.


බොරතෙල් මිල ඩොලර් 107 සීමාවේ ස්ථාවර වුවහොත්, වත්මන් මිල සූත්‍රයට අනුව ලංකාවේ ඉන්ධන මිල ලීටරයකට රුපියල් 40 – 70 ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට දැඩි පීඩනයක් එල්ල වේ.


විනිමය සංචිත සහ රුපියලේ අගය හෑල්ලු වීම

තෙල් මිල ඉහළ යාම යනු තෙල් ආනයනය සඳහා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පිටතට ගලා යාමය. ශ්‍රී ලංකාව මසකට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 350 – 450 ක තෙල් ආනයනය කරයි නම්, මිල 20% කින් වැඩි වීමත් සමඟ අමතර ඩොලර් මිලියන 80-90 ක් මාසිකව සොයා ගැනීමට සිදු වේ. මෙලෙස ඩොලර් සඳහා ඇති ඉල්ලුම වැඩි වීම නිසා රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමක් පවතී.


උද්ධමනය සහ සැපයුම් දාමයට එල්ල වන බලපෑම

විද්‍යාත්මකව බලන කල, ඉන්ධන මිල ඉහළ යාම “Cost-push inflation” (පිරිවැය මත පදනම් වූ උද්ධමනය) ඇති කරයි.


ප්‍රවාහන වියදම්: ඩීසල් මිල වැඩි වීම නිසා භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යයි.

විදුලි බලය: තාප විදුලි ජනනය සඳහා වැය වන පිරිවැය ඉහළ යාම නිසා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට සිදු විය හැකිය.


කෘෂිකර්මය සහ නිෂ්පාදන: යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීමට යන පිරිවැය වැඩි වීම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යයි.


රටක මිනිස්සු විදිහට හිතන්න මොහොතක්…  

අවබෝධ කරගත යුතු මූලික කාරණාවක් තිබේ.  ලෝකය මුහුණ දෙන අර්බුදයකින් වියුක්ත වීමට ඒ ලෝකය ඇතුළේ ඇති රටකට නොහැකිය.  අසීරුවෙන් ඩොලර් සංචිත රැස් කරගෙන ඉන්ධන ආනයනය කරන කුඩා රටක් ලෝකයේ එහා කොණේ ඉන්නා උන් උන්ගේ බලය වෙනුවෙන් මරා ගන්නවිට ඒ පීඩනයෙන් තැලී පොඩිවී යෑම මේ මොහොතේ සිදුවිය හැක්කක්ව තිබේ.


තේරුම් ගත යුත්තේ මෙම තත්ත්වය සදාකාලික  අර්බුදයක් නොවන බවය. අර්බුදයට ලංකාවේ මිනිස්සුන් ලෙස මුහුණ දීමට තමන්ගේ ගෙදර එකතු කරගන්නා පෙට්‍රල් ලීටරය හෝ දෙක ප්‍රමාණවත් නොවන බවය.   මේ අවබෝධය පුරවැසියන් ලෙස අඩුම තරමින් මාස කීපයකට හෝ නොතිබුණහොත් ජාතියක් වශයෙන් අප පත්වන බිහිසුණු තත්ත්වය සම්බන්ධව වෙනම තක්සේරුවක් රජයට තිබිය යුතුය. මක්නිසාද යත්  මේ ජනතාව එක් මොහොතකින් වෙන්සවන සුළු බියපත් සහ තැතිගන්නා බහුතරයකගෙන් සමන්විත ආත්මාර්ථය ප්‍රමුඛ කරගත් පිරිසක්  වීමය.


යම් අවබෝධයක් ඇති පුරවැසියෙක් වේ නම් පොදුවේ මේ අවස්ථාවට මුහුණ දීමේ සැබෑ අර්ථය තේරුම් ගත යුතුය. සැකයක් උපන් වහාම තෙල් පෝලිම් හදාගෙන අනවශ්‍ය පරිභෝජනයක් ඇතිකරවන  ඉන්ධන එක් රැස් කීරීමේ අමානුෂික උත්සාහය සහ වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමේ කුපාඩි අභිලාෂය වැලැක්වීම වෙනුවෙන් නීතිය ක්‍රියාත්ම කිරීමේ සැලසුමක් අවශ්‍ය වී තිබේ. ගමේ ෂෙඩ් එකේ පොම්ප කරුවා මේ අශිෂ්ට තෙල් රැස් කරන්නන් ගැන දන්නා බව ගමේ පොලිසියේ ඉන්ට් එකේ එකා දනී.  කළ යුත්ත ගැන නීතිය ක්‍රියාත්මක කරන අංශවලට අමුතුවෙන් කිව යුතු නැත.


එමෙන්ම  මින් පෙර සාර්ථකව භාවිතා වුන QR කේත ක්‍රමය යළි රැගෙන ඒමට ක්‍රමානුකූල ක්‍රමවේදයක් ඇති කිරීම වඩාත් ප්‍රායෝගික පිළිතුර වනු ඇති බව සිතේ.

2 months ago | [YT] | 9

Sinha Sri

මාල හොරාට දෙන්න ඕන දඩුවම කමෙන්ට් කරන්න

2 months ago | [YT] | 220

Sinha Sri

ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2026) ශූරතාව දිනාගැනීමට අද (8) රාත්‍රී සමත් විය.

අහමදාබාද්හිදී අද (8) රාත්‍රී පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 96 කින් නවසීලන්තය පරාජය කිරීමට සමත් වූහ. ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන ශූරයන් වූ තෙවැනි අවස්ථාව මෙය වේ.


ජයග්‍රහණය සඳහා ලකුණු 256 ක ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ඉනිම ඕවර 19 කදී ලකුණු 159 කට සීමාවිය.


පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල වෙනුවෙන් සංජු සැම්සන් පන්දු 46 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 8 ක් සමගින් ලකුණු 89 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.


අභිෂේක් ශර්මා පන්දු 21 කින් ලකුණු 52 ක් සහ ඉෂන් ක්‍රිෂාන් පන්දු 25 කින් ලකුණු 54 ක් රැස්කරමින් ලකුණු 255 ක් දක්වා ඉන්දීය පිල රැගෙන ඒමට සමත් වූහ.


ඉන්දියාව ඕවර 20 කදී කඩුලු 5 ට 255


(සංජු සැම්සන් 89, අභිෂේක් ශර්මා 52, ඉෂන් ක්‍රිෂාන් 54, හර්ද්‍රික් පාණ්ඩයා 18, ශිවම් ඩුබේ නොදැවී 26, ජේම්ස් නිෂාම් 46/3) නවසීලන්තය ඕවර 19 කදී සියලු දෙනා දැවී 159 (ටිම් සයිෆටර් 52, මිචෙල් සෑන්ට්නර් 43, අක්ෂර් පටෙල් 27/3, ජස්ප්‍රිට් බුම්රා 15/4)

(යොහාන් භාසුර)

2 months ago | [YT] | 13

Sinha Sri

ට්‍රම්ප්ලාගේ යුද්ධයේ ප්‍රතිඵල එළියට – බොරතෙල් මිල ඩොලර් 100 පනී!


ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ඇති බව වාර්තා වේ.

බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 108.73 දක්වා ද අමෙරිකානු WTI බොරතෙල් මිල 20% කින් පමණද ඉහළ ගොස් ඇති අතර එහි බැරලයක් ඩොලර් 108ක් ලෙස සටහන් වී තිබේ.

එක්සත් ජනපදය සහ ඊශ්‍රායෙලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කර ඇරඹූ යුද්ධයේ අතුරුපල ලැබෙමින් පවතින බව විචාරකයෝ පවසති. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා තවදුරටත් පැවතීම සහ සැපයුම සීමා වීම හේතුවෙන් මෙසේ  බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.

මේ අනුව යමින් පාකිස්තානය සිය ඉන්ධන මිල විශාල ගණනකින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.

2 months ago | [YT] | 50

Sinha Sri

කෙහෙළියගේ දුව ඇප මත නිදහස්!

3 months ago | [YT] | 11