Hey there, I’m Sada! travel the world and live a life of freedom, documenting my life and travels through my videos here on YouTube. Subscribe and stay tuned for weekly videos about travel, lifestyle, food, productivity, and some chill vlogs!


SL Sada Travel

සුබ දවසක් වේවා....සියලුම දෙනාට🙏❤️

1 year ago | [YT] | 7

SL Sada Travel

මං මිනිස්සුන්ට ලං වෙන්නෙ බොහෝම කලාතුරකින්.....
මං හැමෝම එක්ක සුහදශීලී...
ඒත් මං මිනිස්සුන්ට ලං වෙන්නේ බොහෝම අඩුවෙන්...
මොකද මම කෙනෙක්ට ළං වුනොත්...
මං එයාට සීමා රහිතව ආදරය කරනවා...
මං කෙනෙක්ට ළං වුනොත්...
එයා වෙනුවෙන් සීමා රහිතව පෙනී සිටිනවා...
මං කෙනෙක්ට ළං වුනොත්..
එයා වෙනුවෙන් එයාගේ සතුට වෙනුවෙන් මගේ කාලය කැප කරනවා...
ඒක ආදරේදිත් යාළුකමේදිත් එකයි...
ඒ නිසාම මං මිනිස්සුත් එක්ක ආශ්‍රය කරන්නේ බොහෝම පරිස්සමෙන්..
මං දන්නවා මම හොඳ යාළුවෙක් කියලා...
දවසක මං හොඳ ආදරවන්තියක් වෙයි...
ඒත් මං බොහෝම පරිස්සම් වෙනවා ,
ඒ හැම තැනකදීම...
මොකද මං දන්නවා මං ඒ ලං වෙන තරමට මට රිදෙන්නත් බොහෝම ලොකු අවස්ථාවක් තියෙනවා කියලා....❤️

උපුටා ගැනීමකී ...✍️

1 year ago | [YT] | 6

SL Sada Travel

උතුම් වූ ... වෙසක්පුර පසළොස්වක පොහෝ දිනය අදයී....!ලෝකවාසී සියලූම දෙනාගේ සිත් නිවී සුවපත් වේවා.....!!!🙏🙏🙏🌹🌹

1 year ago | [YT] | 6

SL Sada Travel

සුබ දවසක් වේවා...❤

1 year ago | [YT] | 3

SL Sada Travel

මම කියනවට, ...
වැඩිය කලුවරත් නැති,
වැඩිය එලියත් නැති ,
තැනින් තැන ලයිට් එකින් එක පත්තු වීගෙන එන
මෙන්න මේ වගේ වෙලාවට
ඔයා ආසම කෙනා එක්ක..
කඩචෝරු ටිකකුත් අරගෙන...
අතිනුත් අල්ලගෙන....🥰
හිතට එන එක එක පිස්සු විකාර දේවල් කියව කියව..
නුවර වීදි දිගේ
ඔහේ කියව කියව ඇවිදින්න...
මොකද දන්නවද..එහෙම. දවස් එහෙම හවස්
හරිම ලස්සනයි..
හරිම ලස්සන මතක විදිහට අපේ හිතේ අපි මැරෙනකල්ම
තියෙයි...
එහෙම දවස් අපරාදෙ කියලා හිතෙයි..
නුවර කියන්නේම...
ආදරයට ,,
ප්‍රේමයට වෙන්වූ ...
''ප්‍රේමයේ අග්‍ර නගරය යි..............♥️♥️♥️
මම කියනවට ඔයා ආසම කෙනා එක්ක නුවර ඇවිත් බලන්නකො........

1 year ago | [YT] | 6

SL Sada Travel

ඔබ ලෝකයාට කොච්චර හොඳ කෙනෙක් වුණත්
තමන්ට , තමන්ගේ ආදරණීයයන්ට ඒ හොඳ නැත්නම්
ඉන් ඇති පළක් නැහැ...

තමන්ට, තමන්ගේ පවුලට අතිශය හොඳ වුණත්
ලෝකයාට අතිශය අයහපත් නම්
ඒ හොඳෙනුත් ඇති පළක් නැහැ..

ලෝකයා සනසන්න සතුටින් තියන්න අවශ්‍යම නැහැ..
නමුත් අපි හැම කෙනෙක්ටම පුළුවන්
තමන්ගෙන් තව කෙනෙකුට අයහපතක්
නොවෙන්න වග බලා ගන්න..

නොඑසේ නම්...
ඔයා ලෝකයාට වපුරන අයහපතේ අස්වැන්න
දවසක...ඔයාට ඔයාගේ ආදරණීයයන්ට නෙළා ගන්න වෙන බව
හොඳින් හිතට ගන්න..

හොඳ කෙනෙක් වෙන්න...❤ඔයාට , ඔයාගේ ආදරණීයයන්ට..❤
හොඳ වෙන්න බැරිම නම් ලෝකයට
එපා නරකක් නපුරක් අයහපතක් කරන්න..
ඒ නපුර ගිණි පුපුරක්ව ඔයාගේ ජීවිතය
දවා අළු කරන මොහොත ඔයාටත් නොදැනේවී..
ඔයා මම නොදකින ගොඩක් දේවල්
මේ සොබාදහම හරි අපූරුවට දකින බව එපා අමතක කරන්න...🙂❤

උපුටා ගැනීමකී..✍️

1 year ago | [YT] | 9

SL Sada Travel

ජීවිතයේ .....
හැමදෙයක්ම හරියටම වෙනකම්
සතුටින් ඉන්න හිතාගෙන හිටියොත්?

දන්නවද...
එහෙම අය වැඩිපුරම ජීවත් වෙන්න දුකෙන්...
කණස්සල්ලෙන්... ආතතියෙන්...කළකිරීමෙන්...

ඔයාගේ ජීවිතයේ ....
අඩියෙන් අඩිය ඉදිරියට යන හැම පුංචි පියවරක්ම
ඔයාගේ හදවතින් ඉහළින්ම celebrate කරන්න..
ඔයාටම ස්තූතියි කියන්න...
ඔයාගේ ඉලක්කයට යන අතරතුර ලැබෙන
සෑම අත්දැකීමකින්ම පන්නරය ගන්න..
සතුටින් යන ගමනක් තමයි වඩා සාර්ථක වෙන්නේ..

සාර්ථකත්වය ලැබෙන්නේ
හැම පුංචි පියවරකම එකතුවෙන්..
ඉතින් ගොඩක් සතුටු වෙන්න ....
පුංචි පියවරක් හරි ඉදිරියට යනවා කියන්නෙම
ඔයාගේ ලොකුම දිනුමට ළං වෙන බවට ඉඟියක්..
ඒ සතුට...
ඔයාගේ ජීවිතයේ මහන්සිය අඩු කරයි..
ඔයාගේ ගමන පහසු කරයි..

උපුටා ගැනීමකී....✍️

1 year ago | [YT] | 7

SL Sada Travel

එහෙම මිනිස්සුන්ව අගය කරන්න..! ❤️

අපි නිහඬ වෙලා ඉන්න කාල වලදි පවා අපි ගැන හොයලා බලන මිනිස්සුන්ව අගය කරන්න.

අපිට අපි ගැන විශ්වාසයක් නැති වෙලාවටත් අපිට ඉස්සරහට යන්න තල්ලුවක් දෙන මිනිස්සුන්ව අගය කරන්න.

කොයිතරම් බිසී වුණත් අපි වෙනුවෙන් කාලය වෙන් කරන මිනිස්සුන්ව අගය කරන්න.

අපි කැමති දේවල් මොනවද- අකමැති දේවල් මොනවද කියලා මතක තියන් ඉන්න මිනිස්සුන්ව අගය කරන්න.

අනිත් හැමෝම අපේ ජීවිතෙන් අතුරුදහන් වෙලා යන නරක කාල පවා අපි වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සුන්ව අගය කරන්න.

එයාලා තමයි අපේ ජීවිත වටේ ඉන්නම ඕනි මිනිස්සු..! 🤍💫

උපුටා ගැනීමකී.....✍️

1 year ago | [YT] | 7

SL Sada Travel

ජීවිතය කියන්නෙ මොකද්ද කියලා ඇහුවොත් මගේ උත්තරය ;

ඒක එක්තරා යුද්ධයක් ! 🤍🍂

නිතර වෙනස් වෙන මිනිස්සු එක්ක හිමි වීම් , අහිමි වීම් මැද හුස්ම ගන්න කරන එක්තරා අරගලයක්...

හිත කෑලි කෑලි වලට කැඩිලා යද්දි කදුලු පිහ පිහ සතුට හොයන්න දගලන පුදුමාකාර සටනක්...

ඔව් ජීවත් වෙන්න ඕනම නම් යුද්ධ කරන්නම වෙනවා...

කදුලු කොච්චර වැටුනත් දෑතින්ම ඇස් පිහන් හිනා වෙන්නනම වෙනවා !

හිමි වුන හැමදේම අහිමි වුණත් දරාගන්නම වෙනවා !

" ජීවිතේ කියන්නේ ම යුද්ධයක් ! " 🩶

උපුටා ගැනීමකී.....✍️

1 year ago | [YT] | 4

SL Sada Travel

මේ මොහොතේ ඔබ
තනිව වුවත්...
අතිශය වෙහෙසකාරී වුවත්
අසීමිත වේදනාවකින් වුවත්...
විස්තර කළ නොහැකි ලෙස,
ඔබේ හිත නොසන්සුන් වී ඇතත්...
එය තාවකාලික බව හිතන්න...

සියල්ල ඔබ හිතන ලෙස ඉටු වන බව විශ්වාස කරන්න...
සැම විටම ඔබට උවමනා දේ නොලැබුණත්...
ඔබේ ජීවිතයට අවශ්‍යම දේ
වෙනස් ආකාරයකින් හෝ ලැබෙනු ඇත...
සියළු දුෂ්කර තත්වයන් තුළ
ඔබ නොසැලී සිටින තාක්...
සුළඟට ගසාගෙන නොපෙනී යන දුහුවිල්ලක් සේ
දුක වේදනාව ඔබෙන් ඉවත්ව යනු ඇත...

ජීවිතයේ හැමදාම දුකද නැත...සතුටද නැත...
යථාර්ථය තේරුම් ගැනීම තුළ ජීවිතය පහසුය...

උපුටා ගැනීමකී...✍️

1 year ago | [YT] | 5