Hi..lovely and beautiful peoples🤗 welcome to my channel❤️

I am the owner of the Glamourth you tube channel and i am a certified Ayurvedic beautician,Pancha karma therapist,Ayurvedic and western cosmetics manufacturer

The purpose of this channel is to share my knowledge with you🙏

Stay with me and do subscribe my channel

Follow me on facebook and instagram

Thank you !

Business inquiries :✉️glamourth1000@gmail.com



GLAMOURTH

I didn’t choose teaching 🧿 teaching chose me.
What started unexpectedly became a beautiful chapter of my life.
Feeling grateful for this journey. ❤️

2 weeks ago | [YT] | 77

GLAMOURTH

බුරියට එඩරු තෙල් බින්දු දෙක තුනක් දාල හැමදාම රෑට මසාජ් කරොත් මොකද වෙන්නෙ කියල දන්නවද? 👇

මේක සාමාන්‍ය එකක් වගේ පෙනුනට ආයුර්වේදයේ ඉස්සර ඉදන් එන ඉතාමත්ම හොද සත්කාර ක්‍රමයක්

✨ Castor Oil Belly Button Therapy Natural Ayurvedic Secret!

රාත්‍රියේ නින්දට යන්න කලින් Castor Oil drops එහෙමත් නැත්නම් එඩරු තෙල් බින්දු 2–3 ක් belly button (නාවි) එකට දාලා කවාකාරව massage කරන්න.

ලැබෙන වාසි:

✅ ආහාර ජීර්ණය හරියාකාරව පවත්වාගෙන යන්න උදව් කරනවා
✅ බඩ පිපුම මලබද්දය අඩු වෙන්න උදව් කරනවා
✅ හම ඉතාමත් ලස්සන කරලා Glow එක වැඩි කරනවා
✅ ශරීරයට සහනයක් දීල සැනසීමක් ඇතුව නිදා ගන්න උදව් කරනවා
✅ වේලුනු ඉරි තැලුනු හම මෘදු කරල ලස්සන කරන්න උදව් වෙනවා
✅ සන්දි වේදනාව ශරීර වේදනාව නැති කරන්න උදව් කරනවා

භාවිතා කරන ආකාරය:

1️⃣ නාවල් (බුරිය ප්‍රදේශය) පිරිසිදු කරගන්න
2️⃣ මද රස්නෙ එඩරු තෙල් බින්දුබ්2–3ක් දාන්න
3️⃣ උඩු අතර කවාකාරව විනාඩි 2-3ක් සම්බාහනය කරන්න
4️⃣ රැයක් තුයෙන්න අරින්න

⚠️ Note: Sensitive skin, ගර්භණී අය සහ යම්කිසි රෝග වලින් පෙලෙන්නේ නම් දොස්තර කෙනෙක් හරහා මුලින්ම උපදෙස් අරගන්න

ස්වාභාවික සත්කාර වලින් ප්‍රතිඵල එන්න ටික කාලයක් යන නිසා ඉවසීමෙන් මේක කරල බලන්න
ඔයාල කවුරුහරි මේක මීට කලින් කරල තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න

#CastorOil #Ayurveda #NaturalHealing #BellyButtonTherapy #HealthyLife #Glamourth #SkinGlow #WellnessJourney #NaturalBeauty #SriLanka

3 weeks ago | [YT] | 33

GLAMOURTH

මීට අවුරුදු 4කට කලින් හදුන්වල දුන්නු පිණ්ඩ තෙල් එක නිසා ගොඩාක් අය ලස්සන වෙලා ඉන්නව දැක්කම හරි සතුටුයි.ඒ වගේම තවත් ගොඩක් අය ඒ වෙනුවෙන් උනන්දු වෙනව සහ ඒ ගැන දැනගන්න ගොඩක් ආසාවෙන් ඉන්නව කියලත් facebook එකට ආවම මට පෙනුනු දෙයක්.ඉතින් මගෙ you tube එකට ගියහමත් ඔයාලට පිණ්ඩ තෙල් සත්කාර ඕනෙ තරම් කරගන්න හැටි බලාගන්න පුලුවන්.හැබැයි මොන දේ උනත් හරියටම දැනගෙන මේක පාවිච්චි කරනවනම් තමයි වඩාත් හොද මොකද තව කෙනෙක් කරල තියෙන දෙයක් කොපි කරල පේජ් වල දාගත්ත වගේ නෙවෙයි කිසි කෙනෙකුට හානියක් වෙන්නෙ නැතුව දෙයක් කරන්න කියල දෙන එක තමයි වටින්නෙ.මොකද ඒ ඔයාලග සම ඒකට එක පාරක් හානියක් උනොත් ආයෙ හදන්න මාර මහන්සියක් වෙන්න වෙනව විතරක් නෙවෙයි සදාකාලික කැලැල් වෙන්නත් පුලුවන්.ඉතින් මට මේක කියන්න ඕනෙ කියල හිතුන ඔයාලට සහ පිණ්ඩ oil එක ගැන සම්පූර්න විස්තරයක් වෙලාවක් ලැබුනු ගමන් අරගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා..ආදරෙයි හැමෝටම🤗 #පිණ්ඩ #තෙල් #post #skincare #skincareroutine #ayurvedic #AyurvedicSkincare

3 months ago | [YT] | 86

GLAMOURTH

දවස් 30න් කොන්ඩෙ දිගට වවාගන්න අනුගමනය කරන්න පුලුවන් ලේසි ක්‍රම කිහිපයක් කියල දෙන්න තමයි මේ පෝස්ට් එකෙ අරගෙන ආවෙ

1..🌹දවසට එක පාරක් හැමදාම විනාඩි 10ක් හෝ 15ක් හිස් කබල හොදට ඇගිලි තුඩු වලින් සම්බාහනය කරන්න.මේ ක්‍රමය රෑට නින්දට කලින් කරන්න පුලුවන්නම් වඩාත්ම හොදයි.

2..🌹රතු ළූණු යුශ මද රස්නෙ තියෙන පොල්තෙල් වලට එකතු කරල සතියට එක පාරක් හිසේ ආලේප කරල පැයක් තියල සෝදල දාන්න.

3..🌹සතියට එක පාරක් හාල් වතුර හෝ රෝස්මරී තම්බපු වතුර හිස් කබලට ස්ප්‍රේ කරල පැයක් තියල මද රස්නෙ වතුරෙන් කොන්ඩෙ සෝදල දාන්න.මේ වතුර වර්ග දෙකම එකට මිශ්‍ර කරල ස්ප්‍රේ කරන්න උනත් පුලුවන්

4..🌹කොන්ඩෙ තද කරල බදින්නෙ නැතුව නිතරම ලිහිල්ව තියාගන්න.

5..🌹හන ඇට(flaxseeds)හා ආමන්ඩ් ඇට නිතර ආහාරයට එකතු කරගන්න

මේ ක්‍රමය මාසයක් අනුගමනය කරල බලන්න අනිවාර්යයෙන්ම කොන්ඩෙ දික් කරගන්න සහ නීරෝගී කරගන්නත් පුලුවන්.

👉✨පෙර සහ පසු 4ටෝ එකක් අරගෙන තියාගෙන ආයෙමත් මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා ඒ තරමටම මේ ක්‍රම ටික මාර වටිනව.ඊලග පෝස්ට් එකෙන් ඕනෙ මොනවද කියලත් කියන්න.🤗

3 months ago | [YT] | 36

GLAMOURTH

මුලු ඇගම එකම ලස්සන පාටකට ගේන්න පුලුවන් සත්කාරයක් අරගෙන තමයි අද ආවෙ

✨..හාල් පිටි
✨..කඩල පිටි
✨..අමු කහ කුඩු

මේ ද්‍රව්‍ය ටික විතරයි ඕනෙ වෙන්නෙ ඉතින් මේ ටික විතරක් බලල පෝස්ට් එක ස්කිප් කරන්න එපා මේකෙ හොදම ටික පටන් ගන්නෙ දැන් තමයි

මුලු ඇගටම පාවිච්චි කරන නිසා ටිකක් වැඩිපුර ප්‍රමාණයක් හදන්න වෙනව.ඒ නිසා එක දවසකට ගාන්න හදනවනම් හාල් පිටි තේ හැදි 3ක්,කඩල පිටි තේ හැදි 2ක් සහ අමුකහ තේ හැදි 1ක් වගේ වෙන්න ගන්න.මෙතනදි කලින් පෝස්ට් එකේ කිව්ව වගේ කස්තුරි කහ උනත් එකතු කරගන්න පුලුවන් හැබැයි එහෙම ගන්නවනම් තේ හැදි බාගයක් වගේ වෙන්න ගන්න ඕනෙ මොකද කස්තුරි කහ වලට හම දැවිල්ල ගන්න නිසා.

ඉතින් දැන මේ ඔක්කොම මිශ්‍ර කරගන්න ඕනිනෙ ඒකට ඔයාලට ගන්න පුලුවන් කෝමාරිකා ජෙල්,අමු කිරි,මී කිරි හෝ යෝගට්.කිරි,මී කිරි යෝගට් වගේ දේකින් මිශ්‍ර කරනවනම් ගොඩාක් හොදයි මොකද ලැක්ටික් ඇසිඩ් අඩංගු වෙන නිසා සම ඉක්මනටම සුදු කීරීමෙ හැකියාවක් තියෙනව.මී පැණි බින්දු කීපයකුත් ඕනෙ නම් මේකට එකතු කරගන්නත් පුලුවන්

දැන් මේ ඔක්කෝම හොදට මිශ්‍ර කරල හැමදාම රෑට මුහුනේ සහ මුලු ඇගේම ආලේප කරල විනාඩි 45ක් ඉදල ස්ක්‍රබ් කරන ගමන් මේක සාමාන්‍ය වතුරෙන් හෙමිහිට සෝදල අයින් කරන්න.සතියට එක පාරක් ස්ක්‍රබ් කරන්න මතක තියාගන්න හැමදාම නැතුව.පැය තුනක් වත් යනකම් සැර සබන් ෆේස් වොශ් බොඩි වොශ් වගේ දේවල් ගාන්න එපා.ඉතින් මේ විදිහට හැමදාම කරනකොට ඔයාලට තේරෙයි ඔයාල කොයිතරම් සුදු වෙනවද කියල.

වෙන ප්‍රශ්න තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න.තව දැනගන්න ඕනෙ දේවලුත් කමෙන්ට් කරන්න🤗

3 months ago | [YT] | 67

GLAMOURTH

දවස් 7ක් වගේ පොඩි කාලෙකින් සුදුම සුදු මුහුනක් ගන්න කැමති අයට තමයි මේ පෝස්ට් එක අරගෙන ආවේ..පෝස්ට් එකේ අවශ්‍ය දේවල් දාල තිබුනට ඒව විතරක් බලල පෝස්ට් එක ස්කිප් කරන්න එපා වැදගත්ම දේ ඔයාලට මිස් වෙන්න පුලුවන්👇

✨කෝපි කුඩු
✨කහ කුඩු
✨කෝමාරික ජෙල්,කිරි හෝ යෝගට්

මේ ද්‍රව්‍ය ටික විතරයි ඔයාලාට අවශ්‍ය වෙන්නෙ මේ පැක් එක හදාගන්න.කෝපි කුඩු තේ හැන්දක් ගන්නවනම් කහ කුඩු තේ හැදි බාගයක් තමයි ඔයාල මිශ්‍ර කරන්න ඕනෙ මොකද කහ කුඩු වල පාට මුහුනෙ රැදෙන නිසා.හැබැයි ඔයාලට අමු කහ වෙනුවට කස්තුරි කහ උනත් මේකට එකතු කරගන්න පුලුවන් බෝහෝම චූටි ප්‍රමාණයක් මොකද කස්තුරි කහ වලට හම දැවිල්ල ගන්න නිසා මේ පැක් එක ඇස් වටේට ආලේප කරන්න බැරි වෙනව.පොඩි වෙලාවකට ඔයාලට ඇස් දැවිල්ල දරාගන්න පුලුවන්නම් කස්තුරි කහ දාන එක තමයි හොදම.අමු කහ වලින් වගේ කස්තුරි කහ වලට පාට මූනෙ රැදෙන්නෙ නෑ
ඉතින් මේ ඔක්කොම එකට දාල කෝමරිකා ජෙල් වලින් මිශ්‍ර කරගන්න නැත්නම් කිරි හෝ යෝගට් ගොඩක්ම හොදයි.
ඒ හදාගත්තු පැක් එක හැමදාම රෑට මූනෙ සහ බෙල්ලේ ගාල විනාඩි 45ක් වගේ තියල සාමාන්‍ය වතුරෙන් හෝදල දාන්න සබන් ෆේස් වොශ් කිසි දෙයක් ගාල හෝදන්න එපා.
හැමදාම පැක් එක හදන්න බැරි කෙනෙකුට අයිස් කියුබ් එකක් හදාගෙන උනත් මේ ක්‍රමයට පාවිච්චි කරන්න පුලුවන්.ඉතින් කරල බලන්නකො කොයිතරම් වෙනසක් මූනට එනවද කියල.සතියක් එක දිගට කරල ඊගාව දවසෙ ඉදන් සතියට දවස් දෙකක් වගේ වෙන්න එක දිගට මේක ගාන්න උනත් පුලුවන්.
තවත් මේ වගේ සත්කාර ඕනෙ නම් කමෙන්ට් එක දාන්න🤗

3 months ago | [YT] | 57

GLAMOURTH

කලු තොල් රෝස පාට කරන වේලුනු ඉරි තැලුනු තොල් වලට හොද තෙතමනයක් දෙන්න පුලුවන් සත්කාරයක් අරගෙන තමයි අද පෝස්ට් එකෙන් ආවෙ.

🌹අමු කහ තේ හැදි බාගයක්
🌹අමු කිරි (fresh milk) තේ හැන්දක්
🌹මී පැණි තේ හැදි බාගයක්
🌹ලෙමන් යුශ හෝ දෙහි යුශ තේ හැන්දක්

මේ ඔක්කොම අමුද්‍රව්‍ය ටික එකට දාල හොද පේස්ට් එකක් වගේ එනකම් මිශ්‍ර කරගන්න.ඊට පස්සෙ හොදට වහන්න පුලුවන් ජා එකකට දාල මේක දවස් තුනක් වගේ යනකම් ෆ්‍රිජ් එකේ තියාගෙන පාවිච්චි කරන්න පුලුවන්.දවසට දෙපාරක් මේක තොල් වල ආලේප කරන්න.ආලේප කරාට පස්සෙ තොල් ආවරනය කරල විනාඩි 20ක් වගේ තියාගන්න පුලුවන්නම් ගොඩාක් හොදයි.තොල් ආවරනය කරන්න ක්ලියර් රැපින් රෝල්(Cling film roll) හරි ටිශූ හරි පාවිච්චි කරන්න පුලුවන්
විනාඩි 20ට විතර පස්සෙ තොල් දෙක හොදට ස්ක්‍රබ් කරන ගමන් සෝදල අයින් කරන්න.සෝදන පලවෙනි පාරෙන්ම
තොල් දෙකට ලොකු මෘදු බවක් ඔයාලට දැනෙයි ඉතින් මේ විදිහටම ටික දවසක් කරනකොට තොල් ගොඩාක් ලස්සන වෙලා රෝස පාට කරගන්න පුලුවන්🤗
#Lipscare #pinklips #blacklipstopink #beauty #lippack #foryoupageシ #glamourth

3 months ago | [YT] | 37

GLAMOURTH

😢

6 months ago | [YT] | 94

GLAMOURTH

❤️

10 months ago | [YT] | 169

GLAMOURTH

Toxic පවුලක් ඇතුලෙ ඉඳලා ඒකෙන් එලියට එන්න හදන බොහොම ශක්තිමත් කෙනෙක් මෑතක මාව හොයාගෙන ආවා. මගේ coaching session වලට සහභාගී වෙලා එයාට අවශ්‍යය විදිහට එතනින් එලියට ඇවිත් අද වෙද්දි එයාගෙ dream life එකේ එයා ජීවත්වෙනවා.

මෑතකදි අපි අහම්බෙන් මුණගැහුණ වෙලේ තමයි මට මතක් උනේ එයා වගෙම තවත් Toxic පවුලක් අස්සෙ ඉඳලා තමන්ගෙ හීන පස්සෙ යන්න, හිනාවෙන්න හේතු හොයාගන්න හදන කොයිතරම් නම් මිනිස්සු ඇතිද කියලා. ඉතින අන්න ඒ වගේ අය වෙනුවෙන් මම ක්‍රම 4ක් කියාදෙනවා. Try කරලා එතනින් එලියට එන්න.

මොකද කවුරු හරි Toxic පවුලක් බේරිලා එලියට ගියත් එයාට තමන්ගෙ අතීතය අමතක වෙන්නේ නෑ. ඇත්තටම toxic පවුලක් කියන්නේ අනිත් මිනිස්සු හිතන හැටි කොහොමවත්ම තේරෙන්නෙ නැති පවුලකට. ඒ පවුල අස්සෙ ඉන්න අයට,
• මගේ feelings වලට වටිනාකමක් නෑ.
• මම කොච්චර කලත් මට appreciation නෑ.
• මට ලැබෙන්න ඕන ආදරේ, මට නෑ.

වගේ හැඟීම් වලින් පිරුණ ජීවිතයක් විතරයි ලැබෙන්නෙ. ඒ වගෙම එයාලා විශ්වාස කරනවා "මම deserve කරන ආදරේ මට මම ලබාදෙන්නම ඕනි" කියලා. අන්න ඒ නිසා එයාලා එහෙම Toxic පවුල් වලින් එලියට එනවා.

ඔයා එහෙම කෙනෙක් නම්, දැන් ඔයාගෙ ජීවිතේ නැවත හදාගන්න ඔයා මෙහෙම කරන්න:

01. Self-worth එක හදාගන්න
ඔයාගෙ වටිනාකම පවුලේ toxic view එකෙන් define වෙන්න දෙන්න එපා. “මම වටින කෙනෙක්. මගේ හැඟීම් වලට වටිනාකමක් තියෙනවා.” කියලා හැම දවසම මතක් කරගන්න. ඔයාගෙ වටිනාකම හදාගන්න.

02. Therapy or Coaching / journaling වලින් space එකක් හදාගන්න.
ඔයා මනස හදාගන්නවා කියන්නෙ ඒක “erase” කරන එකට නෙවෙයි. ඒක “release” කරන එකටයි ඒ නිසා අඩුම දවසකට වචන 5ක්වත් ඒ ගැන ලියන්න. හරියට "ඔයා අද මම වෙනුවෙන් කළ දෙයක්…” වගේ හරි ලියන්න.

03. New support system එකක් හදාගන්න
ඔයාව uplifting කරන, understanding තියෙන යාලුවෝ හරි mentor කෙනෙක් හරි හොයාගන්න. මොකද “Chosen family” කියන්නෙ පරණ ඔයාගෙ Toxic පවුලට තියෙන replacement එකක් නෙවෙයි. ඒක healing එකට path එකක් විතරයි.

04. Boundaries හදාගෙන guilt නැතිව ජීවත්වෙන්න.
“මට මේක කරන්න බැහැ” කියන එක self-respect එකක් කියල මතක තියාගන්න. මොකද ඔයා ඒ ගැන Guilty feeling එකකට එන්න එපා. මොකද ඔයාට Boundaries තියෙන්නෙ අනිත් හැමදේම දුරින් තියාගන්න නෙවෙයි, ඔයාගෙ හදවත පරිස්සම් කරගන්න විතරයි.

ඔයත් toxic පවුලක් අතෑරලා හීන වෙනුවෙන් ජීවත්වෙන්න, හිනාවෙන්න හේතු හොයාගන්න තීරණේ කරා නම්, ඔයා තමන්ගෙ යහපත වෙනුවෙන් ගන්න ලොකුම තීරණය අරගෙන ඉවරයි. දැන් ඔයාගෙ ජීවිතය තියෙන්නෙ ඔයාගෙ අතේ. ඒක හිනාවෙන්, සාමයෙන්, ආදරයෙන්, ස්වයං විනයෙන් සම්පූර්ණ කරගන්න ඔයාට පුළුවන්.

“ඔයාට දැන් පුළුවන්, කලින් ජීවිතේ ඇතුලෙම broken Soul එකක් නොවී, හිනාවෙන්න හේතු හොයාගෙන, build up වෙන්න.” 🫂 ❤️

Pramod Weerarathna
Motivator | Life Coach
Transformation Mentor

11 months ago | [YT] | 64