Dr. Kasun Nagodavithana

A Para Psychotherapist, Spiritual Healer & Business Strategic Consultant.

Dr. Nagodavithana`s Philosophy is to awaken the spiritual being hidden within each person, empowering and healing the world through the power of Spirituality specialized in treatment of patients with ailments due to spiritual entities, using treatments composed of Buddhist Psychotherapy. Dr. Nagodavithana operates not only as a spiritual guider but also as a scientific researcher while actively engaging in the realms of spiritual philosophies.

He further expanded his horizons as a Business Strategic Consultant and a Professional Counsellor, seamlessly blending insight with expertise.

Vishwaprãni Parapsychology Research and Spiritual Healing Centre
33/1, Dharmapala Mawatha,
Madiwela, Kotte, 10100,
Sri Lanka

Contact: +94 715 221 273
E Mail: guru@kasunnagodavithana.com
Website: www.kasunnagodavithana.com
Face Book: facebook.com/kasun.nagodavithana


Dr. Kasun Nagodavithana

විශ්වප්‍රාණි අපි කාලයක පටන් "ප්‍රඥා පාරමිතා" නමැති මහායාන ඉගැන්වීම ගුරු කොට ගෙන ශුන්‍යතා ධර්මය පුරුදු පුහුණු කරන්නෙමු. එහිදී "රූපය ශූන්‍ය වේ ශූන්‍යතාවයම රූපය වේ" යන සංකල්පීය රාමුව අප විසින් ලියාහා ගන්නා ලදී. පුද්ගලයා අත්දකින ලෝකය ලෙස ප්‍රකට වන පංචේන්ද්‍රිය ආරම්භනයන් ශූනතාවය මත පදනම්වන බවය.
පටිච්චසමුප්පාදය (Pratītyasamutpāda) සහ ශූන්‍යතාවය (Śūnyatā) අතර සම්බන්ධය මහයාන බුදුදහමේ ඉතාම ගැඹුරු දාර්ශනික කරුණකි. ඇත්ත වශයෙන්ම, බොහෝ මහයාන ආචාර්යවරුන් පෙන්වා දෙන්නේ ශූන්‍යතාවය යනු පටිච්චසමුප්පාදයේම ගැඹුරුම අවබෝධය බවයි.
පටිච්චසමුප්පාදය යනු කුමක්ද?
බුදුන් වහන්සේ දේශනා කළේ:
"ඉදං සති ඉදං හෝති; ඉදං අසති ඉදං න හෝති"
(මෙය තිබෙන විට එය හටගනී; මෙය නොමැති විට එය නොහටගනී.)
එනම් ලෝකයේ කිසිවක් ස්වාධීනව හෝ තනිව පවතින්නේ නැත. සෑම දෙයක්ම හේතු හා ප්‍රත්‍යයන් මත පදනම්ව පවතී.
මලක් හටගැනීමට බීජය, ජලය, පස, හිරු එළිය, කාලගුණය සහ තවත් නොයෙක් සාධක අවශ්‍යය. ඒවා නොමැතිනම් මලක් නැත.
ශූන්‍යතාවය යනු කුමක්ද?
ශූන්‍යතාවය යනු "කිසිවක් නැත" යන්න නොවේ.
ශූන්‍යතාවය යනු:
කිසිදු දෙයකට ස්වාභාවික, ස්ථිර, ස්වාධීන, වෙනස් නොවන ආත්මීය සාරයක් නොමැති බවයි.
මල තුළ "මල" නමින් වෙනම, ස්ථිර, ස්වාධීන සාරයක් සොයාගත නොහැක.
එය හේතු-ප්‍රත්‍යයන්ගේ සංකලනයක් පමණි.නාගාර්ජුන ආචාර්යතුමාගේ විග්‍රහය අනුව "යම් දෙයක් පටිච්චසමුප්පන්න නම්, එයම ශූන්‍යතාවයයි."එනම්:
යමක් හේතු මත පවතී නම්,
එයට ස්වභාවයෙන්ම පවතින ස්ථිර සාරයක් නැත.එබැවින් එය ශූන්‍යය.
එසේ නම්,පටිච්චසමුප්පාදය = ශූන්‍යතාවය දෙස බලන තවත් ආකාරයකි.උදාහරණයක් ලෙස
රථයක් ගැන සිතන්න.රෝද, ඇක්සල්, බොඩිය, එන්ජිම ආදිය එකතු කළ විට අපි එය "රථය" ලෙස නම් කරමු.නමුත් ඒ කොටස් අතරින් එකක්වත් "රථය" නොවේ.කොටස් සියල්ල ඉවත් කළ විට "රථය" සොයාගත නොහැක.එබැවින්:
රථය පවතී (සම්මුති සත්‍යයෙන්)
නමුත් ස්වාධීන රථ-ස්වභාවයක් නැත (පරමාර්ථ සත්‍යයෙන්)මෙයම ශූන්‍යතාවයයි.
යෝගාචාර සම්ප්‍රදාය තුළ, බාහිර වස්තූන් පවා විඥානය සමඟ පටිච්චසමුප්පන්න ලෙස දක්වයි.
Yogacara අනුව: වස්තුව(object) විෂය (subject):දැනගැනීම (perceptions)මේ තුනම අන්‍යෝන්‍යව පවතී.එබැවින් ඒවාටද ස්වාධීන ස්වභාවයක් නැත.එයද ශූන්‍යතාවයයි.
එසේම භාවනාමය අවබෝධයක් ලෙස
ශූන්‍යතාවය තේරුම් ගැනීම බුද්ධිමය අදහසක් පමණක් නොවේ.භාවනාවේදී:
සිතුවිල්ලක් මතුවේ.එය හේතු ගණනාවක ප්‍රතිඵලයක් බව පෙනේ.එය ස්ථිර දෙයක් නොවන බව පෙනේ.එයට අයිතිකරුවෙකු සොයාගත නොහැක.එවිට සිතුවිල්ලේ ශූන්‍ය ස්වභාවය දක්නට ලැබේ.එයම පටිච්චසමුප්පාදය සජීවීව දැකීමයි.
අවසානයේ පටිච්චසමුප්පාදය කියන්නේ:
"සියල්ල හේතු-ප්‍රත්‍යයන් මත හටගනී."
ශූන්‍යතාවය කියන්නේ:
"එබැවින් කිසිවකට ස්වාධීන ස්වභාවයක් නැත."
එබැවින් මහයාන බුදුදහමේ ගැඹුරුම අවබෝධය වන්නේ,"යමක් පටිච්චසමුප්පන්න නිසාම එය ශූන්‍යය; යමක් ශූන්‍ය නිසාම එය පටිච්චසමුප්පන්නය."මෙය බුදුදහමේ මධ්‍යම මාර්ගයයි. එය "සියල්ල පවතී" යන සදාතනවාදයත්, "කිසිවක් නැත" යන උච්ඡේදවාදයත් දෙකම ඉක්මවා යන ප්‍රඥාවේ දොරටුවයි.
බුදුන් වහන්සේගේ මුඛය ඉගැන්වීම වන ශූන්‍යතා ධර්මය අර්ථයෙන්ම දැන දැක පිරිසිඳ ගන්න කැමතිනම්... ඔබට ඒ සඳහා මානසික සහ කායික අවකාශය ඇත්නම් විශ්වප්‍රාණි අධ්‍යාත්මික කථිකා මණ්ඩපයේදී පෝය දිනයේ දී හමු වෙමු.


ආචාර්ය කසුන් නාගොඩවිතාන
අධ්‍යාත්මික උපදේශක.
විශ්වප්‍රාණී අධ්‍යාත්මික එකමුතුව.

1 month ago | [YT] | 25

Dr. Kasun Nagodavithana

විශ්වප්‍රාණි අපි කාලයක පටන් "ප්‍රඥා පාරමිතා" නමැති මහායාන ඉගැන්වීම ගුරු කොට ගෙන ශුන්‍යතා ධර්මය පුරුදු පුහුණු කරන්නෙමු. එහිදී "රූපය ශූන්‍ය වේ ශූන්‍යතාවයම රූපය වේ" යන සංකල්පීය රාමුව අප විසින් ලියා ගන්නා ලදී. පුද්ගලයා අත්දකින ලෝකය ලෙස ප්‍රකට වන පංචේන්ද්‍රිය ආරම්භනයන් ශූනතාවය මත පදනම්ව ඇතිවීම නැතිවීම සම්බන්ධව න්‍යායාත්මකව අවබෝධයට පත්වුනෙමු. ඉන් ඉක්බිතිව ශූන්‍යතා ධර්මය ප්‍රායෝගිකව අපගේ ජීවිත තුල අත්දැකීමක් ලෙස අත්දකින්න උත්සාහ දරන ලදී. එහිදී ම පුද්ගලයා ගොඩනැගී ඇති භෞතිකමානය, මානසිකමානය සහ ඊතරිකමානය තුළින් අත්දකින්න උත්සාහ කරන ලදී. එම අධ්‍යයනයේදී තවදුරටත් පුද්ගලයාගේ භෞතිකමානය තුළදී ශූන්‍යතාවය ප්‍රායෝගික අත්දැකීමක් ලෙස භාවිතා කිරීම සඳහා සුවිශේෂ බෞද්ධ තන්ත්‍රයාන භාවනාවක් වන"මනසින් ක්‍රියාව අතහැරීම" යන කමටහන පුහුණු කිරීම සිදු කරයි. එය පුද්ගලයා තුළ ගිලී පවතින ශූන්‍යතා මනස මතු කර ගැනීම සඳහා අතීතයේ විසූ තිලෝපා මුනිවරයා විසින් දේශිත ඉතා සුවිශේෂී භාවනා කමටහනකි. එමඟින් යම්තාක් දුරට පුද්ගලයාගේ කර්මපථයේ ක්ෂය වීමක්ද අත්දැකිය හැකි බව පැවසේ.

බුදුන් වහන්සේගේ මුඛය ඉගැන්වීම වන ශූන්‍යතා ධර්මය අර්ථයෙන්ම දැන දැක පිරිසිඳ ගන්න.

2 months ago | [YT] | 29

Dr. Kasun Nagodavithana


විශ්වප්‍රාණී සුව කිරණ අධ්‍යාත්මික ආශිර්වාද සැසිය.
නොවැම්බර් 01 සෙනසුරාදා දින රාත්‍රී 9.00 සිට සජීවීව...

Download Suwakirana Suthra - tinyurl.com/ymsnh5vv

සුව කිරණ වැඩසටහනට සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන ඔබ ඉහත සඳහන් අංකයට whatsapp පණිවිඩයක් යොමු කර ලියාපදිංචි වන්න



Vishwaprani Spiritual Healing Global
For a Modern Spiritual State...

8 months ago (edited) | [YT] | 28

Dr. Kasun Nagodavithana

විශ්වප්‍රාණී සුව කිරණ අධ්‍යාත්මික ආශිර්වාද සැසිය.
ඔක්තෝබර් 11 සෙනසුරාදා දින රාත්‍රී 9.00 සිට සජීවීව...

Download Suwakirana Suthra - tinyurl.com/ymsnh5vv

සුව කිරණ වැඩසටහනට සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන ඔබ පහත සඳහන් අංකයට whatsapp පණිවිඩයක් යොමු කර ලියාපදිංචි වන්න.



Vishwaprani Spiritual Healing Global
For a Modern Spiritual State...

9 months ago (edited) | [YT] | 30

Dr. Kasun Nagodavithana

මීලඟ විශ්වප්‍රාණී සුව කිරණ අධ්‍යාත්මික ආශිර්වාද සැසිය.
සැප්තැම්බර් 06 සෙනසුරාදා දින රාත්‍රී 9.00 සිට සජීවීව...
Download Suwakirana Suthra - tinyurl.com/ymsnh5vv


Vishwaprani Spiritual Healing Global
For a Modern Spiritual State...

10 months ago (edited) | [YT] | 35

Dr. Kasun Nagodavithana

බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි පසුගිය සෙනසුරාදා තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ සුව කිරණ සජීවී ආධ්‍යාත්මික වැඩසටහන නිකිණි පොහෝ දින රාත්‍රී 9 සිට 10 දක්වා පැවැත්වෙන බව සතුටින් දන්වා සිටිමු.
Vishwaprãni Spiritual Healing Global...

11 months ago | [YT] | 44

Dr. Kasun Nagodavithana

youtube.com/live/sP9HhRnb0K0?feature=share
විශ්වප්‍රාණී සුව කිරණ අධ්‍යාත්මික ආශිර්වාද සැසිය
අද රාත්‍රී 9.00 සිට 10.00 දක්වා සජීවීව Youtube අවකාශයෙන්...

11 months ago | [YT] | 15

Dr. Kasun Nagodavithana

මීලඟ විශ්වප්‍රාණී සුව කිරණ අධ්‍යාත්මික ආශිර්වාද සැසිය.
අගෝස්තු 02 සෙනසුරාදා දින රාත්‍රී 9.00 සිට සජීවීව...


Vishwaprani Spiritual Healing Global
For a Modern Spiritual State...

11 months ago (edited) | [YT] | 32

Dr. Kasun Nagodavithana

තම සාරය සොයා යන අධ්‍යාත්මික ඔබට යම් නිදහස් අවකාශයක් ඇත්නම් විශ්වප්‍රාණි අධ්‍යාත්මික කථිකා මණ්ඩපයේදී මේදිනට හමු වෙමු.
ආචාර්ය කසුන් නාගොඩවිතාන ,
අධ්‍යාත්මික උපදේශක.
විශ්වප්‍රාණී අධ්‍යාත්මික එකමුතුව.

11 months ago | [YT] | 38