ඔබේ ජීවිතයටම ඇත්තටම ප්‍රායෝගිකව වටිනාකමක් එකතු කරන බලාපොරොත්තුවෙන් ලෝකයේ නූතන විද්‍යා හා තාක්ෂණ පෙරලියන් ගැනත්, ජීවිතයට වැදගත් දර්ශනවාදයන් ගැනත්, ඒ වගේම ඔබේ රැකියාවේ මෙන්ම පෞද්ගලික හැකියාවන් ඊලඟ තලයට ඔසවා තබන්නට වැදගත් පණිවිඩත් ඔබත් එක්ක මේ අවකාෂය තුල මම බෙදා ගන්නවා.

With the hope of adding real practical value to your life, I will share with you insights on modern scientific and technological revolutions, important philosophies relevant to life, and valuable messages that can help elevate both your professional and personal skills to the next level.


Sam's Talk

ඔබ ඇඳුමක තීන්ත, චොකලට්, ඉඳුල් පැල්ලම්, තේ කහට, වයින් හෝ ඇලුණු චුයින්ගම් එකක් ඉවත්කර ගන්නේ කොහොමද?

6 days ago | [YT] | 54

Sam's Talk

සනීප නැති නිසා මේ සතියෙත් වැඩසටහනක් කරන්න බැරි වුනා 😒

පොරොන්දු වූ විදියට ගිය සතියේ වැඩසටහනක් කරන්න බැරි වුණ නිසා බොහෝ දෙනෙක් ඒ ගැන අහලා තිබුණා. ඒ වගේම ඔබේ ප්‍රශ්න වලටත් පිළිතුරු දෙන්න තවම බැරි වුණා. තවම සම්පූර්ණ‍යෙන් සනීප නැති නිසා මේ සතියෙත් වැඩසටහනක් ඉදිරිපත් කරගන්න බෑ. එන සතියේ පොරොන්දු වූ පරිදිම වැඩසටහනක් ගේන්න බලාපොරොත්තු වෙනවා.

ඉදිරි සති කීපයේ වැඩසටහන් ලැයිස්තුව මෙහෙමයි...


* අව් කණ්නාඩි, night driving glasses සහ වර්ණ අන්ධතාවය ගැන
* කෘත්‍රිම බුද්ධිය නිසා බොන්න වතුර ටිකක් නැති වෙයිද? වතුර බිල වැඩි වෙයි ද?
*ගෙදරදීම රුධිර පීඩනය, සීනි සහ හෘද ස්පන්ධනය බලන යන්ත්‍ර වැඩ කරන්නේ කොහොමද? ඒවා කොයිතරම් නිවැරදිද?
*ශරීරය ඇතුල බලන පරීක්ෂණ වල වාසි-අවාසි (ultra sound, CT, MRI, PET scans ගැන සවිස්තරාත්මකව)
*ජාන නවීකරණය කරන ලද ආහාර කෑවොත් මොකද වෙන්නේ?
*බාගෙට බෙහෙත් බීලා අතරමග නැවැත්වීමේ බරපතල කම (ප්‍රතිජීවක ඖෂධ වලට ප්‍රතිරෝධී වීම )

ලබන සතියේ ඉරිදා හමු වෙමු !

1 week ago | [YT] | 261

Sam's Talk

ඔබ සැමටම මේ උදාවෙන අලුත් අවුරුද්ද ගතේත් සිතේත් සහනය නිරතුරුවම රැඳී තිබෙන, අඩියෙන් අඩිය ජීවිතය ඉහලටම යන නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! ❤

2 months ago | [YT] | 202

Sam's Talk

දත් කැක්කුමට බොන පෙනඩොල් පෙත්ත දන්නේ කොහොමද දතක් රිදෙනවා කියලා?

අපි බොහෝ දෙනෙක් විවිධ වස්ථාවල් වලදී විවිධ වේදනා නාශක බෙහෙත් බොනවා. ඔලුව රිදෙනකොට, ඇඟපත රිදෙනකොට මේ වගේ බෙහෙත් නිතර බොනවා. ඒත් මේ බෙහෙත් වැඩ කරන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට උත්තරත් අරගෙන, අතිසංකීර්ණ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය සරල සිංහලෙන් ඔබට කියලා දෙන්න මේ ඉරිදා උදේ ‪@DrSamsTalk‬ තුලින් මම එනවා.

2 months ago | [YT] | 167

Sam's Talk

අපි බොහෝ දෙනෙක් පිරිසිඳුව වගේම ලස්සනට ඉන්න උත්සාහ කරනකොට නිතර භාවිතා කරන දේවල් විදියට සුවඳ විලවුන් (perfumes), හිස සේදුම්කාරක (Shampoo and conditioner) වගේම රෙදි සෝදන සබන් දියර (laundry detergents) වර්ග හඳුනාගන්න පුලුවන්. ඒත් මේ දේවල් වල ඇත්තටම තියෙන්නේ මොන වගේ රසායනික ද්‍රව්‍යයද, ඒවා අපිට බලපාන්නේ කොහොම්ද කියන කාරණාව ගැන බොහෝදෙනෙක් හිතන්නේවත් නෑ, ඒ නිසා වෙලඳ දැන්වීම් වල අහන දකින දේවල් වලට පමණක් සීමා නොවී මේ දේවල් වල ඇති රසායනික සංයෝග අපිට බලපාන ආකාරය ගැන විද්‍යාත්ක්මකව තේරුම් ගැනීමට මේ ඉරිදා ‪@DrSamsTalk‬ තුලින් හමු වෙමු.

3 months ago | [YT] | 85

Sam's Talk

ඔබත් එකම ආහාරය කීපවතාවක් රත් කරනව ද?

අහාරයක් මත බැක්ටීරියා වර්ධනය වීමට වගේම එම බැක්ටීරීයා වලින් නිපදවෙන විෂ ධූලක ශරීරයට ඇතුලු වීම නිසා ඔබ බොහොම ඉක්මනින් ලෙඩ වෙන්න පුලුවන්. අද තියෙන කාර්යබහුල ජීවන රටාවත් එක්ක එකවර ආහාර උයලා අවශ්‍ය වේලාවට නැවත නැවත රත් කර ආහාරයට ගන්න සමහර අය පුරුදු වෙලා තියෙනවා. ආහාරයේ උෂ්ණත්වය නිසියාකාරව පාලනය නොකිරීම නිසා ආහාරයේ ගුණාත්මක බව නැතිවී ඒ මත බැක්ටීරියා ඉක්මනින් අධි වර්ධනය වන ආකාරය ගැන මේ සතියේ ‪@DrSamsTalk‬ තුළින් මම ඔබත් එක්ක කතා කරනවා. ඒ වගේම ආහාර නිවැරදිව ශීතකරණයය කල්තබා ගන්නා විද්‍යානුකූල ක්‍රමය ගැනත් මම ඔබට කියන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉරිදා ‪@DrSamsTalk‬ තුළින් හමු වෙමු.

4 months ago | [YT] | 189

Sam's Talk

මදුරු දඟර දුම සිගරට් 75 කර සමාන ද?

මදුරු කරදරයෙන් බේරෙන්න ලංකාවේ තියෙන ගෙවල් වලින් 45% ක් මදුරු දඟර භාවිතා කරනවා. නාගරික ප්‍රදේශ වල වැඩියෙන්ම භාවිතා වෙන්නේ මදුරු විකර්ශක වාෂ්පය (mosquito liquid vaporizer). පැය 8-10 ක් පුරාවට වහපු කාමරයක නිදාගෙන මේ මදුරු දඟරයේ දුම ආශ්වාස කිරීම ඔබට කොයිතරම් හානි දායකද කියලා ඔබ හිතලා තීයෙනවද? එය සිගරට් 75 ක් පමණ භාවිතා කිරීමට යම් ලෙසකින් සමාන බව පරීක්ෂණාත්මකව පෙන්වා දී තිබෙනවා. මේ මඳුරු දඟර දුම තුල තියෙන්නේ මොනවද? ඒ ගැන ඔබ දන්නවද? ඒ විතරක් නෙමෙයි හඳුන් කූරු, සාම්බ්‍රාණි, වගේම පොලිතීන් පුලුස්සනකොට පිටවෙන වායූන් නිසා ඔබ ලක්වෙන බරපතල සෞඛ්‍යය අවදානම ගැන විද්‍යාත්මකව කතාකරන්න මේ ඉරිදා‪@DrSamsTalk‬ තුළින් හමු වෙමු.

5 months ago | [YT] | 147

Sam's Talk

කව්ද හිතන්නේ තමන්ගේ ගෙදර තියෙන ප්ලාස්ටික් තේ පෙරණය හෝ ඉක්මනට තේ එකක් හදාගන්න භාවිතා කරන tea bag එකෙන් ශරීරයට වින කරන ක්ෂුද්‍ර ප්ලාස්ටික් එකතු වෙයි කියලා. ඒ විතරක් නෙමෙයි, අද වෙනකොට ලෝකයේ සෑම පරිසර පද්ධතියක්ම පාහේ මේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් වලින් දූශ්‍ය වෙලා ඉවරයි. මේ වසංගතය ගැන විද්‍යාත්මකව කතා කරමු...ඒ වගේම මේකෙන් පරිස්සම් වෙන විදිය ගැනත් කතා කරමු මේ ඉරිදා උදේට ‪@DrSamsTalk‬ තුලින්

5 months ago | [YT] | 167

Sam's Talk

ජාන නවීකරණය කරන ලද හෙවත් Genetically Modified (GM) (ලංකාවේ නම් කියන්නේ "ජාන විකෘති" කරන ලද කියලා) ශාක වලින් ලබාගන්නා අස්වැන්න (උදා: සහල්, බඩ ඉරිඟු, එලවලු වර්ග) ආහාරයට ගැනීම

6 months ago | [YT] | 65

Sam's Talk

ලංකාවේ අපේ මිනිස්සුන්ට ගංවතුර බැහැලා ගියත්, එකෙන් ගොඩ එන්න මිනිස්සුන්ට වගේම රටටත් අපි හැමෝගෙම උපරිම උදව් ඕනේ. ඒක නිසා පිටරට ඉන්න අපේ මිනිස්සු "අපි කොහොමද උදව් කරන්නේ ?" කියලා තවමත් අහන නිසා මේ තොරතුරු ඔබත් එක්ක බෙදා ගන්නවා. ඔබට දැනටමත් මේ තොරතුරු ලැබිලා ඔබේ යුතුකම් ඉටු කරලා වෙන්න පුලුවන්. එහෙම නම් අවශ්‍යය දන්න කියන අයටත් මේ තොරතුරු දෙන්න. පුලුවන් උපරිමයෙන් උදව් කරන්න දිරිගන්වන්න කියලත් ඔබ හැමදෙනාගෙන්ම ආදරයෙන් ඉල්ලනවා ❤.

ඒ වගේම ගෞරවයෙන් ඉල්ලන දෙයක් තමයි අපේ රටේ මිනිස්සුන්ගේ නහයට උඩින් වතුර ගිහින් තියෙන වෙලාවේ ඔබේ හිතට පටු අදහස් හෝ දේශපාලනය ගැන හෝ කඩ කැඩිච්ච කතාවක් කියන්න හිතෙනවා නම්...දිව හපාගෙන හරි ඒක නොකියා ඉන්න. ❤‍🩹 මේ වගේ වෙලාවක විවේඡනයෙන් වැඩක් නෑ නේද? අපි ඒ වැඩේ පස්සේ කරමු.

www.cbsl.gov.lk/sites/default/files/cbslweb_docume…

6 months ago | [YT] | 101