Welcome to Mom & Kids Paradise!
Hi everyone , I m Shani from kurunegala, Sri Lanka & I m a house wife & mom of lovely two little girls .
This is our little green paradise, dedicated only to gardening.
Join me and my kids as we share our journey of growing things! You’ll find content focused entirely on home gardening tips, vegetable growing, flowering plants, easy DIY garden projects, and making the best of our small space.
Let's grow together and create our own little Eden!
🌿 Don't forget to subscribe for our weekly garden updates!
Stay blessed n happy . Love you all 😘.
Thank you so much
Mom & Kids Paradise
අනන්තයක් වී ඔබේ ආදරේ 🍃🍃🍃
ඔයා මුළු ලෝකයටම ආලෝකයක් වෙන්න හැදුවත්,
ඒ ආලෝකය අස්සේ තියෙන පුංචිම පුංචි හෙවනැල්ලක් දැකලා ඒක විවේචනය කරන්න බලන් ඉන්න මිනිස්සු මේ ලෝකේ ඕනෑතරම් ඉන්නවා...
ඔයා දහසක් යහපත් දේ කරද්දී නිහඬව ඉන්න අය, ඔයාට එකම එක තැනකදී පොඩ්ඩක් හරි වැරදුණොත් ඒක ලොකුවට දකින්න බලන් ඉන්නවා...
ඔයා කා වෙනුවෙන් මොනතරම් ආදරයෙන් කැපකිරීම් කළත්, ඒ හැමදේම එක මොහොතකින් අමතක කරලා දාන අයත් ඔයාට මුණගැහෙනවා...
ඒත් මගෙ රත්තරනේ,
හැමෝම සතුටු කරන්න ගිහින් ඔයාගේ ඔය ලස්සන, පිවිතුරු හදවත රිද්දගන්න එපා...
කාටවත්ම මේ ලෝකේ හැමෝවම සතුටු කරන්න බැහැ. වැදගත් වෙන්නේ
ලෝකයා ඔයා දිහා බලන විදිහ නෙවෙයි
ඔයා ඔයාගේ හෘද සාක්ෂියට එකඟව
කොයිතරම් අවංකද කියන එක විතරයි...
ඒ නිසා ඔයාගේ වටිනාකම දන්න,
ඔයාට ඇත්තටම ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් විතරක් ඔයාගේ ආදරයත්, කාලයත් ඉතිරි කරන්න...
ප්‍රේමණීයම මිනිසා හමුවෙන්නෙම
අහම්බයකින්...
එ අහම්බය, අහම්බයක්ම නොවෙයි...
සරළයි 🫰🫰🫰🍃🍃🍃
𝗔𝘂𝗿𝗮 𝗩𝗶𝗯𝗲 𝗟𝗞 ✍️
#auravibelk #trending #viral #sinhalaquotes #caption
1 day ago | [YT] | 9
View 4 replies
Mom & Kids Paradise
මන්ද මානසික ලෙඩ්ඩු
හිතාන ඉන්නවා...
උන් අඩියටම අපේ හිත රිද්දුවාම
අපි උන් එක්ක
වෛරයෙන් පලිගන්න ගැම්මට එයි කියලා...
යන්නෙපා පොර බදින්න...
යනවා නම් උඹත් ලෙඩෙක්
මානසික...
හැබැයි ඇත්තම කතාව තමා,
හම්බවුණු තැනකදී මාරම හොඳින් හිනාවෙලා,
වෙනදා වගේම සුහදව කතා කරපං...
හැබැයි ඒ හිතේ ඉඩක් තියෙන නිසා නෙවෙයි...
ජීවිතේට, මිනිස්සු කියන පොතේ
ලස්සනම පාඩම කියා දුන්නට
පිං දීලා...
දන්නවද...
එකම මනුස්සයා දිගින් දිගටම එකම විදිහට
හිත රිද්දද්දී ,
හදවත ඇතුළෙන් ඒ පුද්ගලයා ගැන
තියෙන හැඟීම් ඔක්කොම ක්ෂණිකවම දියවෙලා යනවා
ඒක සාමාන්‍යයි...
මම් නෙවෙ උත්තර දෙන්නෙ...
මොකද, තර්ක කරලා දිනන්න තියා,
වචනයක්වත් නාස්ති කරන්න බැරි තරමටම
ඒ මිනිස්සු මගේ ජීවිතේ
දූලි වෙලා ඉවරයි...
කෑගහලා දේවල් පාලනය කරන්න හදන,
බොරු රංගනයන්ගෙන් රගන,
කරන උපරිම රිදවීම්වලට පස්සෙත්
කිසිම හැඟීමක් නැතුව නිහඬවම ඉන්න
ඉගෙනගනිං...
ඒක ජීවිතේට මාරම හයියක්.
මිනිස්සුන්ට තර්ක කරන එකත් වදයක් වෙන
කාලයක් එනවා...
අන්න ඒ කාලෙදි අපිට දැනෙන නිහඬ බව පිටුපස තියෙන්නේ ලොකු තේරුම් ගැනීමක්...
දන්නවද...
මිනිස්සුන්ගෙ වැරදි රටවටා පතුරන
පුවත් කරුවන්
කලින්ම උන්ගෙ ජීවිත වල මැරිච්ච උන්...
හොයලා බැලුවොත් සොහොන දිහා
සිහියෙන් ඉන්න උඹට පෙනේවි...
සිහියෙන් බලපං..
පව්...
අනුකම්පා කරලා නිහඩ වෙයන්...
සරළයි 🫰🫰🫰🍃🍃🍃
✍️
@Momandkidsparadise
#auravibelk #sinhalaquotes #viral #trending #post
1 day ago | [YT] | 48
View 15 replies
Mom & Kids Paradise
සමහර මිනිසුන් අපේ ජීවිතවලට එන්නේ
කුණාටුවක් මැද
රෑට පායාන එන සියුම්
සද එළිය වගේ...
ඔවුන් එක්ක ජීවිතය බෙදාගන්න වචන ඕනෙම නැහැ
මොකද අපේ නිශ්ශබ්දතාවත් ,
සගවා පවසන දේත් සියුම්ව ඔවුන්ට දැනෙනවා...
දෙන්නටම...
පැය ගණනක් එකට නිශ්ශබ්දව ඉන්න පුළුවන් නම්, ඒ නිශ්ශබ්දතාවය ඇතුළේ මහමෙරක් වදන් සැඟවිලා තියෙනවා නම්, අන්න ඒක දෙන්නටමත් තේරෙනවා නම්..
ඒක හරි ආත්මීයම බැඳීමක්...
ලෝකය අපෙන් හැමදාම මොනවා හරි බලාපොරොත්තු වෙද්දී,
කිසිම බලාපොරොත්තුවක් නැතුව
අපේ ආත්මයට නිදහසේ
හුස්ම ගන්න ඉඩ දෙන ඒ මිනිසුන් ඇත්තටම
#විශ්වයෙන් ලැබුණු විශ්වාශිර්වාදයක්...
ඔව් ජීවිතේට ලැබෙන්නම ඕන
නිදහසේ හුස්ම ගන්න දෙන මනුස්සයෙක්...
එහෙව් මනුස්සයෙක් ළග
ඇත්තමයි
හුස්ම ගන්න ජීවිතයක් ඕන නෑ...
ඒ තරම් සැනසුමයි...
ආදරේ කරනවනම් අනෙකාට
ඉස්සෙල්ලම
නිදහසෙ හුස්ම ගන්න දියං...
මුලු ජීවිතේම " ආ ඉදා " කියලා
සන්තකයේම තියාවි...
විටෙක ආදරේ
අන්න ඒ වගෙ....
සරළයි 🫰🫰🫰🍃🍃🍃
✍️
@Momandkidsparadise
#auravibelk
#viral #sinhalaquotes #trending
2 days ago | [YT] | 41
View 4 replies
Mom & Kids Paradise
දන්නෙම නෑ ආදරණීයනෙ...
මාස ගනනක නිහැඩියාව තුලත් ආදරය නොඅඩුව ලැබුනෙ, ස්වාභාවදර්මයට කවදත් මම් එකග නිසාම වෙන්න ඇති...
නොදැක මේ තරම් ආදරයෙන් මාව හදවතින්ම වැළදගත් මගේ ආදරණීය හැම අම්මා කෙනෙක්ටම, හැම තාත්තා කෙනෙක්ටම,සහෝදරයෙක්, සහෝදරියක්ටම අත් දෙක එකතු කරලා මම් බොහොමත්ම ස්තූතියි කියනවා...
ඇත්තමයි මහමෙරක් ආදරෙයි❤❤
කාටවත් මම් , නොකියා මඩ ගැසීමක්වත් මගෙ වීඩියො තුලින් මම් කියලා නැහැ, කරලා නැහැ, හිතින් වට්ටවන්නවත් කරලා කියලා නැහැ🍀🍀🪴🪴🌷🌷 ...
ජීවිතේට ලැබුනු අත්දැකීම් පන්නරයක් කරගන මරණය තෙක්ම මම් යන්නෙම මගෙ පාඩුවේ ගමනක්...
ඉතිම් ඒ ගමනට මට අත්වැල් දුන්නු ඔයාලා හැම කෙනෙක්ටම ඇත්තමයි මම් බොහොමත්ම ණය ගැති...
ඉදිරියේදී වීඩියෝස් නවතන්නෑ...
ඒක පොරොන්දුවක්...
ඉතිම් ආයිත් කියන්නෙ.මෙතුවක් මගෙත් එක්ක රැදිලා උන්නු හැම කෙනෙක්ටම ඇත්තමයි මහමෙරක් මම් මාරම ආ....දරෙයි 💚💛🧡🩷🩷🧡💛💚
✍️
@Momandkidsparadise
2 days ago | [YT] | 40
View 20 replies
Mom & Kids Paradise
මෙලෙසින් සමුදෙන්න, ප්‍රේමණීයම මිනිසුනි 🍃🍃🍃
මගේ මතකයන් ඔයාගේ හදවතින් සදහටම මැකී යා යුතුය.
මං ගැන සෙවීමක් හෝ මං වෙනුවෙන් දැනෙන අනුකම්පාවක් ඔයාගේ සිතින් අතුරුදහන් විය යුතුය.
අප ආදරයෙන් සිටි බව පවා ඔයාගේ මතකයෙන් ඈත් විය යුතුය.
ඒ හැමදේම අස්සේ මං නිසාවෙන් ඔයාගේ සිතට කිසිදු මොහොතක වේදනාවක් නොදැනිය යුතුය.
මට පිපෙන්නට වරම් නැති වුණු ඒ සතුටේ මල් ඔයාගේ ජීවිතය තුළ ලස්සනටම පිපිය යුතුය.
සැනසීමත්, සැබෑ ආදරයත් ඔයාටම හිමි විය යුතුය.
ඔයා අහිමි වීමෙන් මං විඳින මේ මහා වේදනාව කවදාවත් ඔයාට නොදැනිය යුතුය.
ඉතින් මගේ හිතවන්තය/ හිතවතිය පවසන්නට ඇත්තේ එකම දෙයකි
ඔයා සදහටම සතුටින් සිටිය යුතුමය....
ඔව්...
මාව සදහටම අමතක කර දැමීමට ඔයාගේ හිතට ශක්තිය ලැබිය යුතුමය.
මං ගැන හොයන්නට හෝ මං දෙස බලා සුසුම්ලන්නට ඔයාට අමතක විය යුතුමය.
ඒ සොඳුරු අතීතය ඔයාගේ ලෝකයෙන් සදහටම නැති වී යා යුතුමය.
මා නිසාවෙන් ඔයාගේ නෙතට කඳුළක් හෝ හිතට බරක් කිසිම දිනක නොදැනිය යුතුමය.
මගේ ජීවිතයට අහිමි වුණු ඒ සතුට හා ප්‍රේමය ඔයාටම හිමි විය යුතුමය. මගේ හදවතේ හැමදාමත් තිබුණේ ඔයා කොහේ හෝ ලස්සනට ජීවත් විය යුතුය කියන අවධාරණයයි...
මාව අහිමි වීමෙන් මගේ හිත විඳින මේ බිඳුණු වේදනාව කවදාවත් ඔයාට නොදැනිය යුතුමය.
ඔබ හැමදාමත් සතුටින්ම සිටිය යුතුමය.
එච්චරයි ..........
සදහටම සමුගනිමි..........
✍️
@Momandkidsparadise
#auravibelk #post #trending #sinhalaquotes #viral
2 days ago | [YT] | 21
View 13 replies
Mom & Kids Paradise
මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි 🍃🍃🍃
සමහරුන් ඉන්නවා...
අපි, අපි ගැන දන්නවාටත් වඩා දේවල් දන්න...
සමහරු හිතනවා නිහඬව ඉන්න මිනිස්සු පරාදයි, නැත්නම්
ඔවුන්ට කියන්න දෙයක් නැහැ කියලා...
හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි.
දන්නවද ...
මිනිස්සුන්ට තර්ක කරන එකත්
වදයක් වෙන කාලවල් එනවා...
නිහඬ බව පිටුපස තියෙන්නේ ලොකු
තේරුම් ගැනීමක්...
තමන්ගේ නිදහස සහ
හිතේ සාමය වෙනුවෙන්
හැම දේකටම උත්තර නොදී ඉන්න තරම්
ඔවුන් මනසින් මුහුකුරා ගිහින්...
ඔව් එහෙම වෙන්නෙම
ජීවිතේ ඉරාගනම ගියපු
අත්දැකීම් තුලින්...
ඔවුන් දන්නවා හැම තර්කයකින්ම
දිනන්න අවශ්‍ය නැහැ කියලා...
කෑගහලා දේවල් පාලනය කරන්න හදන ලෝකෙක, නිහඬව ඉඳගෙන තමන්ගේ ගමන නිස්කලංකව යන්න ඔවුන් ඉගෙනගෙන තියෙනවා...
ඒක කීවට බැරි
කාපු කුන දන්න නිසාම එන
හැමෝටම නොඑන
ෆීලින් එකක්...
අම්මාහ්...
රැවටීම්, බොරු රංගනයන් සහ
මිනිස්සුන්ගේ ද්විත්ව චරිත දිහා
ඔවුන් බලාගෙන ඉන්නේ උපේක්ෂාවෙන්...
හැබැයි බබා වගෙ බලන් ඉන්නවා...
නිහඬ බව කියන්නේ දුර්වලකමක් නෙවෙයි
ඒක ලෝකය සහ මිනිස්සුන්ගේ ස්වභාවය උපරිමයෙන්ම තේරුම් ගත්තු කෙනෙකුගේ
ප්‍රබලම ආයුධය...
ඒ නිසා නිහඩ මිනිස්සු
අවුස්ස ගන්නෙපා...
උන් ඇවිස්සුවත් හරි
නිහඩයි බං...
හති වැටෙන්නෙ උඹමයි...
සරළයි 🫰🫰🫰🍃🍃🍃
✍️
@Momandkidsparadise
#mom&kidsparadise #caption #post #sinhalaquotes #trending
3 days ago | [YT] | 34
View 26 replies
Mom & Kids Paradise
මගේ කාලවර්ණ කුමරුනි... 🍃🍃🍃
ඒ කාලවර්ණ කුමරුට
පෙම් බදින්න,
හැම හිතකටම ධෛර්යයක් නෑ...
ඒත් නුඹේ ඒ ඝන ඇහිබැමි යට තිබුණේ,
මාව උමතු කරපු අමුතුම මායාවක්..
නින්දත් නොනින්දත් අතර මැදියම් රැයක,
නුඹ මගේ හුස්ම රටාවත් සමඟ සෙල්ලම්
කරද්දීනුත්..
පලවා හරින්න තරම් මට වෛරයක් නෑ,
ළං කරගන්න තරම් අයිතියකුත් නෑ..
දුම්මල කබලෙන් නැගෙන කළු පැහැ දුම් වලා
අස්සෙන්,
මං දැක්කා නුඹේ ඒ අභිමානවත්, මායාකාරී වූ
අභිමානවත් රූපය..
මුළු ලෝකයම නුඹට සාප කරද්දී,
මගේ ඇස් සිරවුණේ නුඹේ ඒ තේජවන්ත නීල
දේහයට පමණමයි..
උඩුකුරු කළ වංගෙඩිය මත මා හිඳුවා,
නූල් බැඳ, මල් තටු පුදා, නුඹව පන්නන්නට
මතුරන ඒ සජ්ඣායනා මැද..
තොවිල් බෙර හඬ පරයා මට ඇසුණේ නුඹේ
ආදරණීය කෙඳිරිල්ල පමණමයි..
ඇදුරා නුඹට පලයන් කියද්දී,
මගේ මුළු ආත්මයම රහසින් ඉල්ලුවේ,
තව එකම එක වතාවක් නුඹේ ඒ කළු සළුව
අස්සේ සැඟවෙන්නට
ඇත්නම්...
ඉතින් මගේ සරාගී නීල කුමරුණි,
නුඹ මාව සදකාලිකවම උමතු කළ,
මගේ හදවත අයිති එකම ශාප ලත්
කුමරා...
කාල වර්ණ...
✍️
@Momandkidsparadise
#kalukumaraya
#kalawarna
#post
#sinhalapost
#captionsinhala
#auravibe
#kalukumarayapost
3 days ago | [YT] | 19
View 2 replies
Mom & Kids Paradise
කෝ මා පැතූ ඔබෙ ආදරේ - රළු පිරිමින්ට🍃🍃🍃
වියළි කලාපයේ, ඉරිතලා ගිය තද පොළොවක් උඩ අභිමානයෙන් හිටගෙන ඉන්න
"කුඹුක් ගහක්"
දිහා බලලා බොහෝ දෙනෙක් හිතන්නේ
ඒකේ තියෙන රළු බව සහ
මතුපිටින් පේන දැඩි බව ගැන විතරයි...
ඒත් කවුරුත් වැඩියෙන් හිතන්නේ නැහැ...
ඒ රළු පොතු අස්සේ කොච්චර ජීවයක් රැඳිලා තියෙනවද,
දිය බිඳක් සොයාගන්න පොළොව පතුලටම විහිදුණු කොච්චර ඉවසීමක් තියෙනවද,
මහා සැඩ සුළඟකටවත් නොසැලී ඉන්න කොච්චර ශක්තියක් හැංගිලා තියෙනවද කියලා.
හිත හයිය පිරිමිත් ඒ වගේමයි...
ජීවිතේ කොච්චර රළු කුණාටු ආවත්, කොච්චර දුකක් හිත ඇතුළේ හිර කරන් හිටියත්, ඒ හැමදේම නිහඬ හිනාවකින් වහගෙන ඉස්සරහට යන පිරිමි...
කඳුළු වැටෙන රාත්‍රීන් ගැන ලෝකෙට නොකියා, උදේට ආයෙමත් හිනාවක් අරගෙන ජීවිතේට මුහුණ දෙන අය.
ඔවු ඔවුන්ට ගොරෝසු රැවුලක් හිමී.
ඒ හෙබි පවුර්ශය ලෝකයාට පෙනෙන එක්
අංගයක්
වුනත්...
ගෑණු අකමැති,
තමන්ටම සන්තක පිරිමියාගෙ එ පපුව
ලෝකයා දකිනවට...
ඔව් ඔවුනුත් ඉරිසියයි...
මොකද ගැහැණු හරි ඊරිසියයි...
ඒ රෝම පිරි පපුව තුල කැකෑරෙන
ප්‍රශ්න, වේදනාවන්,තැලීම් දකින්නට
සිසිලසක් වෙන්න
සිසිල් දියක් වෙන්න ගෑණු අපි දැනගන්නම ඕනි...
ඔලු ගෙඩි හූරන් කන ගෑනුනි
බලාපන්
පෙන්වාවි රෝම පිරි පපුව අඩියම
බැලුවොතින් එබී...
ඔව් දැනෙයි උඹට...
මතුරයි උඹම...
"මෙච්චර පීඩනයක්" මිමිනෙයි උඹටම...
ඔවුන් මතුපිටින් දරදඬුයි, රළුයි වගේ පේන්න පුළුවන්. ඒත් ඒ රළු බව හැදුණේ කාටවත් රිද්දන්න නෙවෙයි...
තමන්වම වගේම,ගෑනිව, දරුවන්ව රැකගන්න...
අතීතයේ ලැබුණු වේදනා, බලාපොරොත්තු කඩා වැටීම්, අහිමිවීම් සහ අගය නොකිරීම් ඔවුන්ට ජීවිතය කියල දීපු පාඩම් නිසා.
ඔවුන් බලන කෝනය හරි අමුතුයි...
ඒත් ලස්සනම දේ තමයි...
ඔවුන්ට ඕනෙ ලොකු ලොකු වචන නෙවෙයි:
සත්‍යවාදී ආදරයක්.
බොරුවක් නැති රැකවරණයක්, වගේම හයියක්...
තුවාල වෙච්ච හදවතත් තේරුම් ගන්න පුළුවන් කෙනෙක්...
මොකද හිත හයිය පිරිමි කියන්නේ හැඟීම් නැති, ගල්ගැහිච්ච උන් නෙවෙයි...
උන් හරි මෙලෙකයි
ගෑණු අපෙ ආදරේ ළග...
හරියට පොඩි ළමයි වගෙ...
දන්නවද ඉන්නවා...
වැටුණත් නැගිටින්න,
රිදුණත් හිනාවෙන්න,
අඬන්න හිතුණත් හදවතින්ම ඔහුට ශක්තියක් වෙන,
ආදරේ කළොත් මුළු හදවතින්ම ආදරේ කරන අසාමාන්‍ය ගෑණු...
ඒ නිසා, රළු ගහක මතුපිට පොත්ත විතරක් බලලා ඒකේ වටිනාකම තීරණය කරන්න බැරි වගේම තමයි...
හිත හයිය තමන්ගෙ පිරිමියගේ නිහඬ බව,
පිටින් බලලා කවදාවත් තේරුම් ගන්න බෑ...
ඔහුට ලයාන්විත වෙයන්...
තේරුම් යයි සියල්ල
සරළයි 🫰🫰🫰🍃🍃🍃
✍️
@Momandkidsparadise
#mom&kidsparadise
#trending #caption #post #sinhalaquotes
4 days ago | [YT] | 36
View 18 replies
Mom & Kids Paradise
සුභම සුභ දවසක් ආදරණීය ඔයාලා හැම කෙනෙක්ටම... 🌸🌸🌸
දන්නවද මම් හරි ආසයි ලියන්න...
Tiktok එකෙ, facebook එකේ මම් ගොඩක් අයගෙ ජීවිත කතා හුගාක් ලියලා තියෙනවා.
නිහඩව උන්නු කාලයෙ ඔන්න ඒ දේත් පොඩ්ඩ පොඩ්ඩ ඔපමට්ටම් උනා ...
ඉතිම් නංගි කෙනෙක් ඉල්ලීමක් කලා ඒ "සෝශල් මීඩියා දෙකේම එයා නැහැ, පුලුවනි නම් යූටියුබ් චැනල් එකේ පෝස්ට් විදියට ඒවා දාන්නකෝ අක්කේ" කියලා.
කැමති අය කියවන්න...
දැනුනනම් පුංචියට කමෙන්ටුවක් දාන්න.
මේ ලියපු එකක්......................
සවිය මගේ දරු දෙන්නගේ අප්පච්චි 🍃🍃🍃
මනුස්සයෙක් තමන්ගේම ජීවිතේ ඇතුළේ
සෑහෙන්න රිදිලා, බිඳිලා වැටෙද්දී…
ඒ මනුස්සයාව ආයෙමත් නැගිට්ටවන්න පුළුවන්
ලෝකේ තියෙන බලවත්ම ඖෂධය
"ප්‍රේමය"
විතරමයි...
හැමෝටම ඕනේ තමන් වැටෙද්දී අත්නෑර අල්ලගන්න, තමන්ගේ හිත නිවනකම් අහන් ඉන්න
පුළුවන් කෙනෙක්...
ජීවිතේ අතරමඟදී පය පැටලිලා වැටෙන්න නොදී, අවසානය වෙනකම්ම එකට පියවර
තියන්න පුළුවන්
හරි මනුස්සයෙක්...
එහෙව් කෙනෙක්
ජීවිතේට ලැබෙන එක
ඇත්තටම වාසනාවක්...
මගේ ජීවිතේ හැම හුස්මක් ගාණෙම මට ඒ
ආරක්ෂාව සහ ආදරේ දැනෙන්න සලස්වන
නුඹට..
බොහොමත්ම පිං...
ඔව්...
ජීවිතේ මල් පිපෙන්නේ හරි දෑතක වෙලුන දවසට
විතරයි ...
ඉතිම් ලෝකයාට කියන්නේ...
වනසලා පොළොවටම වැට්ටුවත් ඉතින් නම් හිතින් වැටෙන්නෑ...
ජීවිතේ සැබෑම වෙනසක් වෙන කාල වකවානු අපි හැමෝගෙම ජීවිත වලට එනවා...
ඒවා ස්වාභාවදර්මයට අනුකූල දේවල්.
ඔව්...
ස්වාභාවදර්මය හැමදාමත් මම් විශ්වාස කලා...
දැන්නම් ඇත්තමයි වනසලා පොළොවටම වට්ටන්න
කත් ඇද්දත්
හිතින් නම් වට්ටන්න කෝමටවත් බෑ...
මොකද...
ඒ තමා මගෙ එකම
හයිය...
ඉතිම්
අවසානයට කියන්න තියෙන්නේ...
මේ ලස්සන පොළොවෙ මට ලස්සනට පැලවෙන්න පුලුවන් ....
මොකද...
ඒ මහ පොළොව මට
නුඹ...
සවිය දුන් මගෙම ඔබට
ආදරෙයි මෙරක් මහ...
බොහොමත්ම පිං මෙ සවියට...
එ නුඹ
මගෙ දරු දෙන්නගෙ
අප්පච්චි ... 🍃🍃🍃
✍️
@Momandkidsparadise
#auravibelk #hearttouching #trending #purelove #caption
4 days ago | [YT] | 24
View 6 replies
Mom & Kids Paradise
රාජ පොහොට්ටු මල් හොයන්නෙ කවුද?
අනිවාර්යයෙන්ම එන්න අද හවස 6ට හරියටම අපේ @Momandkidsparadise යූටියුබ් චැනල් එක බලන්න...
දුර්ලබ මල් වලට කැමති ඔයාලටමයි
Subscribe කරල තියාගන්න .මම එනවා අද හවස හරියටම 6ට.🍃🍃🍃🍃
ආ ....දරෙයි 💚💛🧡🩷🩷🧡💛💚
✍️
@Momandkidsparadise
1 week ago | [YT] | 34
View 4 replies
Load more