ආයුබෝවන් 🙏

Welcome to our YouTube channel 🙏
Work with my deaf (🦻) child, Lifestyle, and everything else..



Momchanu

සුබ උදෑසනක් ආදරණීය යාළුවො හැමෝටම ,හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා .ඔන්න අද අලුත් vlog akak බලමු නේද ?තෙරුවන් සරණයි හැමෝටම 🥰🙏🙋‍♂️

1 year ago | [YT] | 31

Momchanu

කොහොම ද ඉතින් අපේ යාළුවනේ ,හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා,චූටි දුවලා පුතාලා ජනවාරි 27 ඉදලා අලුත් වසරට යනවා නේද ,ඔන්න අපි නම් අලුත් පොත් වලට කවර දාලා සුදානම් වෙලා ඉන්නේ ,මම හරිම ආස දෙයක් අලුත් පොත් වලට ලස්සනට කවර දාලා ඒවායේ හැඩ බලන්න ,එහෙනම් ඉතින් පුංචි පැටවුනේ හැමෝම හොදින් පාසල් වැඩ කටයුතු කරගන්න ඕනි ,💪👍🥰💐අලුත් vlog akak අරන් එන්නම් පුලුවන් වුනොත් අද ,,ටිකක් වෙනස් දෙයක් ,මේ ලෝකේ බෑ කියලා දෙයක් නෑ ,අපි හිතුවොත් ඕනම දෙයක් කරන්න පුලුවනි ,ඒ වගේම තමයි දරුවන් මොන විදියට අපි ලගට ආවත් එයා ලගේ හැම දෙයක් ම පියවරෙන් පියවර ගොඩනගා ගන්න එයාලා ලගින් ම ඉන්න ලොකු ම හයිය අම්මා තාත්තා විතරමයි💪🥰 මගහැරගන්න එපා කොයින්ම වේලාවකවත්ම ඔබේ දරුවන්ව,ආදරෙයි ඔයාලා හැමෝටම ,තෙරුවන් සරණයි 🙏🥰

1 year ago | [YT] | 25

Momchanu

කොහොම ද යාලුවනේ ඔයාලට,ඔන්න චනු බබයි මමයි Hospital visit එකකට ඇවිල්ලා ඉන්නේ ,හෙට එයාට CT scan එකක් කරන්න තියනවා ,වැඩි විස්තර පස්සේ කියන්නම්කො,පුංචි පැටව් ගැන නිතරම අවධානයෙන් ඉන්න ,එයාලගේ මොනවමහරි පොඩි issue එකක් හරි දැක්කොත් අනිවාර්යයෙන් ඒ ගැන විමසිලිමත් වෙන්න ,මොකද කුඩා අවදියේ දීම අපිට පෙනෙන අඩුපාඩු කම් හදාගන්න හරිම ලේසියි,,,නෑ ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි තව ටිකක් බලමු කියලා හිටියොත් සමහරවිට වයසින් මුහුකුරා ගියාම දරුවන්ගේ ඒ දේවල් නිවැරැදි කරගන්න බැරි මට්ටමකට එන්නත් පුලුවනි ,ඒ නිසා ඔයාලට මේ ගැන ආදරෙන් මතක් කරන්න ඕනි කියලා හිතුනා 🥰එහෙනම් ඉතින් අදට නතර වෙනවා ,තෙරුවන් සරණයි ,ආදරෙයි 🥰🙏මම නිතරම ප්‍රාර්ථනා කරන දෙයක් තමයි මේ ලෝකේ ඉන්න හැම දරුවෙකුගේම නීරෝගී සම්පත රැකදෙන්න ඒ වගේම මෙලොව එළිය දකින්නට සිටිනා වු හැම දරුවෙක්ම නීරෝගිමත් වෙන්න කියලා 😌💪❤

1 year ago | [YT] | 35

Momchanu

සුබ උදෑසනක් ආදරණීය යාළුවො හැමෝටම ,අද මටයි චනු බබාටයි special දවසක් 🥰මොකද අද මගේ sweet hubby ගේ birthday day එක ,එයාට හදවතින් ම සුබ පතනවා නීරෝගිමත් වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා කියලා ,මේ ලෝකේ සුන්දරම හමුවීම තමයි මගේ මහත්තයා ,ඒ වගේම චනු බබාට ලැබීලා තියෙන්නේ මේ ලෝකේ ඉන්න හොදම තාත්තා 😘ඉදලා හිටලා ලොකු වගේම පොඩි පොඩි රණ්ඩුත් යනවා අපි දෙන්නා අතරේ,මම හිතන්නේ ඒ ආදරෙට තියන ලෝබ කමට වෙන්න ඇති ,මොකද ගොඩාක් වේලාවට මම තමයි මුලින්ම පටන් ගන්නේ 😉🥰,මගේ හැමදෙයක්ම රැදිලා තියෙන්නේ එයා මත,කිසිම දෙයකට බෑ නොකියා මම ගන්න හැම තීරණයක් ගැනම මා මත විශ්වාස තියලා හැම දේකටම මාත් එක්කම ඉන්න එයා ගැන කොච්චර නිර්වචන දුන්නත් මදි,😌අද චනු බබයි මමයි කොළඹ යන ගමන් ඉන්නේ ,ඒ ගැන පස්සේ විස්තර කියන්නම්කො,මේ අවුරුද්දේ 1st vlog aka අද upload karanawa ,අපිත් එක්ක එකතු වෙලා ඉන්න ,ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ,ආදරෙයි 🙏🥰💐🥳

1 year ago | [YT] | 22

Momchanu

ලැබුවා වු 2025 නව වසර වාසනාවන්ත සුබ ම සුබ නව වසරක් වේවායි හදවතින් ප්‍රාර්ථනා කරනවා 🥰🙏තෙරුවන් සරණයි 💐

1 year ago | [YT] | 16

Momchanu

ලැබුවා වු 2025 අවුරුද්ද ඔයාලා හැමෝගෙම සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ ම සුබ අවුරුද්දක් වේවායි හදවතින් ප්‍රාර්ථනා කරනවා ,තෙරුවන් සරණයි ,ආදරෙයි 🥰❤🙏ජිවිතේ පළවෙනි වතාවට චනු බබයි මමයි 31st night එක සැමරුවා,2025 අලුත් අවුරුද්දට ගොඩාක් සුන්දර වෙනස්කම් ජිවිතේට එකතු කරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ,ඒ වගේම ජිවිතේ හැම සුන්දර මොහොතක්ම අපි වෙත ළගා කරදුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ,විශේෂයෙන්ම මට ආදරණීය පවුලක් ලබලා දුන්නට🙏🥰ඒ වගේම අපි දෙන්නගේ ජිවිතයට සුන්දර සිනහවන් එකතු කරන අපේ පුංචි පුතාට ,වගේම මේ ලෝකය පුරාම විසිරී සිටින පුංචි දරු පැටවුන්ගේ මුහුණට සතුටු සිනහවන් පමණක් ම එකතු වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා 😃🙋‍♂️🙋‍♀️

1 year ago | [YT] | 21

Momchanu

සුබ උදෑසනක් ආදරණීය යාළුවො හැමෝටම ,ලැබුවා වු නත්තල ලෝකවාසී සියලු දෙනාටම වාසනාවන්ත සුබ ම සුබ නත්තලක් වේවා ☃️

1 year ago | [YT] | 26

Momchanu

කොහොම ද යාළුවනේ ඔයාලට,ඔන්න ඔයාලට කියන්නෙත් නැතිව අපි හොරෙන් ම ආපහු ආවා,එන්න හේතු කිහිපයක් තියනවා ,පලවෙනි එක තමා ඔයාලා දන්නවනේ ඉතින් ඉවරයක් නැති වැස්ස,චනු බබාගේ අසනීප තත්ත්වය හොඳ අතට හැරෙන්න විදියක් ඇත්තෙම නෑ ගමේ පරිසරය ගොඩාක් සීතල නිසා ,ඒ වගේම බෙහෙත් ගන්න ගියත් ටිකක් කරදරයි.ඒ නිසා අපි හිතුවා එයාට මේ තත්ත්වය මගහැරෙනකන් මාතර ඉදිය නම් හොදයි කියලා ,මෙහෙටත් වහිනවා හැබැයි ගමේ තරම් සීතල නෑ ,වැඩ ගොඩාක් ඔලුවේ තියන් තමා ගෙදර ගියේ ඒත් ඉතින් මොනවා කරන්නද ,අනිත් දේ තමයි husband ට වැඩ වගයක් තියනවා කරගන්න ,ඒ දේවල් වලට පහසුයි මෙහේ ඉන්න එකත් ,බලමු නිවාඩුවට කලින් ආයිමත් යන්න පුලුවන් කම ලැබුනොත් ගමේ යනවා,අනිත් ඒක චනු බබා පලවෙනි වතාවට තමයි මේ විදියට අසනීප වුනේ,inhaler කවදාවත් use කරලා තිබුනේ ,ඒත් ඒ කැස්ස කොච්චර අමාරුද කිවුවොත් inhaler වර්ග දෙකක් use කරනවා ,recovery වෙන්නේ හරිම හෙමින් ,virus akak ,ඒ නිසා චුටි පැටවුන්ව පරිස්සමෙන් බලාගන්න ,ගොඩාක් සමාවෙන්න අපේ youtube යාලුවන්ගේ vlog ගොඩාක් මගහැරුනා බලන්න මේ දේවල් එක්ක ,පුලුවන් විදියට අනිවාර්යයෙන් බලනවා ,මොකද මම අලුතින් vlog akak upload කරනවට වඩා මම කැමතියි ඔයාලගෙ vlog බලලා comment කරන්න ,මොකද youtube aka හරහා මුනගැහැනු අපේ යාලුකම මට ගොඩාක් වටිනවා ,එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ,ගොඩාක් ආදරෙයි ,ඉක්මනටම vlog akak ගේන්න try කරන්නම් ,මොකද චනු බබාට ඉස්කෝලේ වැඩ ගොඩාක් අතපසු වුනා ,එයාව ආපසු ඒවට හොඳ අවදානෙන් යොමුකරගන්න වැඩි කාලයක් යොදවන්න ඕනි ,මොකද deaf child කෙනෙකුට දවස ගානේම remind akak තියෙන්නේ ඕනි එයාට පීඩනයක් නොදී,පත්තරේ වගේ විස්තරයක් 😉🥰

1 year ago (edited) | [YT] | 28

Momchanu

යාළුවනේ ඔන්න අපි අපේ ගෙදර ආවා,චනු බබා නම් හොදටම 😴 නිදි,ගමන් මහන්සියයි,තාමත් අසනීප ගතිය අඩු වෙලත් නෑ ,ඒ නිසා ,මම ඉතින් ගෙදර වැඩ කරගන්න කම් එයා ඔය පුටුව උඩ තමා නිදියන්නේ,කාමරේ තනියම නිදියන්නේ නෑ ,බයයි 😉🤭signal වටසියයක් විතර කැරකි කැරකි තමයි යාන්තම් මේ post aka upload කරන්න signal හොයා ගත්තේ 🙆‍♂️,එහෙනම් ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ,ආදරෙයි ,තෙරුවන් සරණයි 🥰

1 year ago | [YT] | 42

Momchanu

කොහොම ද අපේ යාළුවනේ ,ඉතින් ඔන්න හෙට ඉදන් පුරා මාසයක්ම පාසල් නිවාඩු කාලය පටන් ගන්නවා,අපි හෙට ගමේ යන්නයි හදන්නේ ,ගොඩාක් සතුටුයි හැබැයි පුංචි දුකකුත් තියනවා 😔අපිට ඔයාලව මුනගැහෙන්න ,vlog upload කරන්න බැරි වෙයි ඉතින් ,දන්නවනේ phone signal හොදටම 😕 ,ඒක නිසා යන්න කලින් vlog akak upload කරන්න හිතුවා ,එහෙනම් යාළුවනේ ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ,අපි ගිහින් එනකල් සතුටින් පරිස්සමෙන් ඉන්න ,ඉඩක් ලැබුණු ගමන්ම ඔයාලව බලන්න එන්නම් 🥰🙆‍♂️🙏

1 year ago | [YT] | 26