Your Gateway to Sri Lanka's Latest News and Visual Stories

For more information:

Website :- newsandimage.org/

Facebook :- www.facebook.com/newsandimage.org

YouTube :- youtube.com/@newsandimage

E-mail :- info@newsandimage.org

Contact :- +94710529937

WhatsApp Groups

01 :- chat.whatsapp.com/JfuzLYfnEKk0zhudRTLWPj

02 :- chat.whatsapp.com/HsIX5m7zZ1j6o9xyOBEOmx

03 :- chat.whatsapp.com/Laa9lUJoHTi0aMR87crA7K

04 :- chat.whatsapp.com/JdMPVBZ7quuGsFhmRxwKnu


News and Image

🙏🫂🇱🇰"​ඔලිම්පික් රන් පදක්කම් ලාභීන්ටත් කිට්ටු කරන්න බැරි දුරකට හෙල්ලය විසි කරලා, ලක්මව රනින් සරසලා මව්බිමට ආපු අපේ "ලෝක වීරයා" රුමේෂ් තරංගව පිළිගන්න අන්තිමට ඉතිරි වුණේ පවුලේ අයයි, ගුවන් හමුදාවේ සහෝදරයෝ ටිකයි විතරයි!

​සෝෂල් මීඩියා වල කුණු රහ හොයන, හෙ.ළුවටයි ර.ණ්ඩුවටයි කැමරා උස්සන් දුවන අයට රටට රන් ගෙනාපු මේ වීරයාව පෙනුණේ නැහැ. ක්‍රිකට් තරගයක් පරාද වෙද්දී ටීවී කුඩු කරන, පාරට බැහැලා කෑගහන මිනිස්සු ඉන්න රටක, නිහඬවම ලෝකය දිනපු පුතෙක් තනියම ගෙදර යන එක තරම් කණගාටුවක් තවත් නැහැ.🙂

​මීටර් 89.37ක් කියන්නේ ඔය කියවන තරම් ලොකුද කියලා අහන අයට,

​මේ වසරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකයේ වැඩිම දුරක් වාර්තා කළ ක්‍රීඩකයා ඔහුයි. (දැනට ලෝකයේ හොඳම දක්ෂතා (Top 2) දෙකම තියෙන්නෙ රුමේෂ්ට).

ඒ වගේම ​හෙල්ල විසිකිරීමේ වත්මන් ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන්නේ ඔහුයි.

ලෝක මලල ක්‍රීඩා ඉසව්වලින් ඉහළම ශ්‍රේණිගත කිරීම්වලට ගිය ලාංකිකයා ඔහුයි. (අපේ අභිමානය වුණු සුසන්තිකා සහ යුපුන් පවා සිටින්නේ රුමේෂ්ට පිටුපසින්).

​මේ වෙනකොට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 09 වෙනි ස්ථානයත්, ලෝක ඉතිහාසයේ වැඩිම දුරක් හෙල්ල විසිකළ ක්‍රීඩකයන් අතර 30 වෙනි ස්ථානයත් ඔහු දිනාගෙන අවසන්.

​ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ 07 වෙනි ස්ථානය දිනාගනිමින් ඔහු ලෝකයටම තමන් කවුද කියලා ඔප්පු කළා.

​මේ හැමදේමත් එක්ක රුමේෂ්ට තාම අවුරුදු 23යි. 2036 වෙනකම් ක්‍රීඩා කළත් එතකොටත් අවුරුදු 33යි. ඒ කියන්නේ මේ කොල්ලා අනිවාර්යයෙන්ම ලංකාවට ඔලිම්පික් පදක්කම් එකකට වඩා අරගෙන එන එක සහතිකයි!

​රුමේෂ් මල්ලියේ... උඹ විසි කළේ හෙල්ලයක් විතරක් නෙවෙයි, මේ වගේ කුහක සමාජයක මූණට දෙන අතුල් පහරක්! රටක් විදියට අපි උඹව හරියට අගය නොකළත්, ඉතිහාසය දවසක උඹේ නම රන් අකුරින් ලියයි.

​ලංකාවේ නම ලෝකය ඉහළින්ම තියන්න උත්සාහ කරන මේ වීරයාට උපරිම හයියක් වෙමු 🇱🇰💪

සටහන-Supun Liyanarachchi-

🙏🙏උපුටාගැනීම හා වාර්තාකරනය :-💪 ඊ. එච් දිසුල චලංග"​

1 month ago | [YT] | 15

News and Image

Breaking News ⛔⛔⚠️️

🙏❤️‍🔥වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුනාතිලක මහතා බලශක්ති අමාත්‍යදූරයේ වැඩ බාර ගැනීම 🙏💥

වාර්තාකරනය :- ඊ.එච්. දිසුල චලංග

❤️🔥Minister of Ports and Civil Aviation Anura Karunathilaka assumes duties as Minister of Energy 🙏💥 Reporting by:-E.H. Disula Chalanga

#breakingnews #lankanews #trending #viral #srilanka #newsupdate #latestnews #truth #hotnews #headlines #srilankanews #todaysnews #newsalert #worldnews #fastnews #topnews #disulatechnical #youtubeviral #news2026 #lankatod #post #lanka #hotnews #2026 #today

1 month ago (edited) | [YT] | 7

News and Image

🙏👊💥ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න-බණ්ඩා මහතා වැඩ අරඹයි.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) 15 වන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ප්‍රමුඛ පෙළේ විද්වතෙකු සහ ආර්ථික විද්‍යාඥයෙකු වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න-බණ්ඩා මහතා අද දින (2026 අප්‍රේල් 20) මහරගම පිහිටි එම ආයතන පරිශ්‍රයේදී නිල වශයෙන් රාජකාරි ආරම්භ කරන ලදී.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයාරත්න-බණ්ඩා මහතා මෙරට මෙන්ම ජාත්‍යන්තර අධ්‍යාපන හා පර්යේෂණ ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණයෙකි. මෙම පත්වීමට පෙර ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ අතර, එම විශ්වවිද්‍යාලයේම ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති (2015-2021) ලෙසද සේවය කර ඇත. මීට අමතරව ඔහු ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති ලෙසද කටයුතු කර තිබේ.

සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයෙන් (National University of Singapore) සිය ආචාර්ය උපාධිය (PhD) ලබාගත් ඒ මහතා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව සාමර්ථ්‍ය සහිත උපාධිධාරියෙකි. කැනඩාවේ වෝටර්ලූ විශ්වවිද්‍යාලය ඇතුළු ජාත්‍යන්තර විශ්වවිද්‍යාල කිහිපයක ආරාධිත පර්යේෂණ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු, ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ පර්යේෂණ පත්‍රිකා සහ කෘති රැසක කතුවරයෙකි.

ව්‍යවහාරික සාර්ව ආර්ථික විද්‍යාව, ජාත්‍යන්තර වෙළඳාම, බැංකු හා මූල්‍ය සහ ආර්ථික සංවර්ධනය යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන මහාචාර්යවරයාගේ විද්වත් නායකත්වය, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය සහ ගුරු පුහුණු කටයුතු නවීකරණය කිරීමෙහිලා විශාල දායකත්වයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මාධ්‍ය ඒකකය. (ඊ.එච්. දිසුල චලංග)🙏🙏🙏

#breakingnews #lankanews #trending #viral #srilanka #newsupdate #latestnews #truth #hotnews #headlines #srilankanews #todaysnews #newsalert #worldnews #fastnews #topnews #disulatechnical #youtubeviral #news2026 #lankatod #post #lanka #hotnews #2026 #today #04.21

👊🙏මෙය හොද තීරනයක් කියා ඔබ සිතනවාද 🤔❤️‍🩹

1 month ago (edited) | [YT] | 8

News and Image

4 months ago | [YT] | 3

News and Image

මෙතෙක් පැවති වැඩවසම් ආණ්ඩු නිදහස් උළෙලවල් හා වර්තමාන අනුර කුමාර රජයේ නිදහස් උළෙල බලා ප්‍රතිචාර දක්වමු .

1 year ago (edited) | [YT] | 1

News and Image

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ. වෛද්‍ය. අරුණ ජයසේකර ගේ මුහුණුපොතෙන්. 📍
..........................................

අවශ්‍යතා, ප්‍රමුඛතා, පරිත්‍යාග සහ නලින්ද

සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතා අසීමිතය. එබැවින් සෞඛ්‍ය සේවයට වෙන් කෙරෙන ප්‍රතිපාදන වැය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම අත්‍යාවශ්‍යය. රජය මගින් විශාල මුදලක් සෞඛ්‍ය සේවාව සඳහා වැයකරන අතර විදේශීය ආයතන සහ දේශීය දානපතියන් විසින්ද රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන වලට සැලකිය යුතු තරම් ප්‍රමානයක් (05% පමන) ලබාදෙයි. සියළු රෝහල් වලට මෙලෙස පරිත්‍යාග ලැබෙන අතර ඒ අතරින් ප්‍රධානතම රෝහල් වන්නේ අපේක්ෂා රෝහල සහ ළමා රෝහලයි. මෙලෙස ලැබෙන පරිත්‍යාග රෝහලේ ප්‍රධාන සැලැස්මට සහ ප්‍රමුඛතාවට අනුව ලබාගැනීම සේවාවටද පරිත්‍යාගයටද සාධාරණය ඉටුකිරීමකි.
අපේක්ෂා රෝහලට ළමා පිලිකා සඳහා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් යනු හඳුනාගත් ප්‍රමුඛතාවකි. ඒ වෙනුවෙන් එක්සත් රාජධානියේ පුහුනුව ලත් විශේෂඥ වෛද්‍යවරියක්ද අනුයුක්ත කොට ඇති අතර පසුගිය වසර කිහිපය තුල අලුත් ගොඩනැගිලි සෑදීම නතරකර තිබූ නිසා ප්‍රමාද වූ මෙම ප්‍රමුඛ අවශ්‍යතාව ඉටුකිරීමට කතරගම දේවාලයේ බස්නායක නිළමේ සහ අනිකුත් පරිත්‍යාගශීලීන් ඉදිරිපත්වීම පැසසියයුතු කරුනකි. එම ඒකකය විවෘත කිරීමට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුනි දෙදෙනාම සහභාගී වන්නේ එම පරිත්‍යාගයට සහ පරිත්‍යාගශීලීන්හට කරන ගෞරවයක් වශයෙනි. එහිදී වෛද්‍ය නලින්ද සිය කතාවේදී පරිත්‍යාගශීලීන් සියළු දෙනාහට ස්තුතිකරන අතර රජයේ අරමුදල් සහ අනිකුත් අරමුදල් රෝහල් වල අවශ්‍යතාවයන් ගේ ප්‍රමුඛතාව අනුව වැයකිරීමේ වැදගත්කම පැහැදිලිකරන ලදී. නලින්ද ගේ කතාවට අත් දෙකම උස්සා එකඟවිය හැකිය.
විසිවසරකට ආසන්න මගේ වෛද්‍ය පරිපාලන ජීවිතයේදී මා දුටු අවශ්‍යතාව හා ප්‍රමුඛතාව නොසලකා කරනලද වැයකිරීම් පිළිබඳ සියගනන් උදාහරන දිය හැක.
වරක් එවකට සිටි ඇමතිවරයා මා අමතා නුවර එළිය රෝහලට MRI යන්ත්‍රයක් ලබාදෙන්නදැයි විමසූ විට නුවරඑළිය රෝහලේ ප්‍රමුඛතාව CT Scanner යන්ත්‍රයක් මිස අඩු අවශ්‍යතාවක් සහ අධික නඩත්තු පිරිවැයක් සහිත MRI යන්ත්‍රය නොවන බව දැනුම් දුන්නෙමි. MRI යන්ත්‍රයක් ලබාදෙන්නේනම් වඩා සුදුසු ස්ථාන වන්නේ බදුල්ල පලාත් මහ රෝහල හෝ පේරාදෙනිය හෝ මහනුවර රෝහල් බවද දේශපාලන බලපෑම් මත හම්බන්තොට රෝහලට MRI යන්ත්‍රයක් ලබාදීමට තීරණය කිරීමද වැරදි ක්‍රියාවක් බවත් එය ලබා දීමට සුදුසු රෝහල මාතර මහරෝහල බවත් පැවසුවෙමි. කලකට පෙර විදේශීය ආයතනයක් මගින් ඩෙංගි සහ ලෙප්ටොස්පයිරෝසිස් හඳුනාගැනීම සඳහා PCR යන්ත්‍ර දෙකක් යාපනය සහ නුවරඑළිය රෝහල් වලට ලබාදීමට ඉදිරිපත් වූ අතර එම පරිත්‍යාග වෙනත් කිසිම රෝහලකට කල නොහැකි බවත් දැනුම්දෙන ලදී. ඒ කොරෝනා පැමිනීමට කලකට පෙර බැවින් PCR යන්ත්‍ර රෝහල් වල බහුල කාලයක් නොවිනි. යන්ත්‍රයට එක් වරකට අවශ්‍ය සාම්පල් ගනන මාස ගනනකටවත් එකතු නොවන නුවරඑළිය රෝහලේ අවශ්‍යතාවයක් නොවුනු මේ යන්ත්‍රය ඉඩපහසුකම් නොමැති බැවින් තාවකාලික පදනමින් බව පවසා අවශ්‍යතාව පැවති පේරාදෙනිය රෝහලේ ස්ථාපිත කර පරිත්‍යාග ආයතනයේ සිතද සතුටුකර රටේ අවශ්‍යතාවද ඉටුකර ගතිමි.
තැන තැන අපිලිවලට ගොඩනැගිලි සාදා ඉතා සීමිත ඉඩකඩක් ඉතිරි ව ඇති මාතර මහරෝහලට තනිතට්ටුවේ ගොඩනැගිල්ලක් පරිත්‍යාග කිරීමට පැමිනි දේශීය ආයතනයකට පරිත්‍යාගය නොලැබුනත් මේ සුළු ඉඩකඩේ තවත් තනිමහල් ගොඩනැගිල්ලක් සෑදීමට ඉඩදිය නොහැකි බව පවසා දීර්ඝ ලෙස සාකච්ඡා කර එම පරිත්‍යාගයෙන් බාහිර රෝගී අංශය, සායන සහ ඩිස්පැන්සරිය අළුත්වැඩියා කිරීමට එකඟකරගතිමි.
ප්‍රමුඛතා හඳුනා නොගත් පරිත්‍යාග පිළිබඳ උදාහරන අපේක්ෂා රෝහලෙන්ම ලබාදිය හැක. පරිත්‍යාගශීලියාට අවශ්‍ය වූයේ PET Scanner යක් ලබාදෙන්නය. ඒ ඔහුගේ පෞද්ගලික මුදලින් නොව ජනතාවගෙන් මුදල් එකතුකිරීමෙනි. රෝහලේ ප්‍රමුඛතාව MRI යන්ත්‍රයකි. (ප්‍රධානම අවශ්‍යතාවක් වුවද තවමත් MRI නැත. රජයේ අරමුදල් මගින් මේ වසරේදී මිලදී ගැනීමට සැලසුම් කර තිබේ). විශේෂඥ වෛද්‍යවරුන් සහ පරිපාලනයේ ඉල්ලීම නොසලකා දේශපාලන සම්බන්ධකම් හරහා පරිත්‍යාගශීලියා අඩු ප්‍රමුඛතාව පරිත්‍යාග කලේය. මිලියන සිය ගනනක යන්ත්‍රයක් මහරගමද, ජාතික රෝහලේද තිබේ. මිලියන ගනනක් වාර්ෂික නඩත්තුව සඳහාද කාර්යමණ්ඩලය සඳහාද වැයකරන අතර මහරගම යන්ත්‍රය සතියට එක් දිනක්ද, ජාතික රෝහලේ යන්ත්‍රය සතියට එක් දිනක්ද ක්‍රියාත්මක කරයි. ජාතික රෝහලේ PET යන්ත්‍රය පමනක් තිබුනේ නම් සතියට දින දෙකක් වැඩකර මිලියන් සිය ගනනක් ඉතිරිකර පිලිකා රෝහලට අත්‍යාවශ්‍ය MRI යන්ත්‍රයක්ද ලබාගත හැකිව තිබුනි. වසර කිහිපයකට පෙර රෝහලේ රෝගීන්ගේ අවශ්‍යතාව නොසලකා ළමා වාට්ටුවට යාබදව පරිත්‍යාගයකින් ඉඳිකල තට්ටු හතරක ගොඩනැගිල්ලේ තට්ටු දෙකක්ම කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි තත්වයකය.
තවත් උදාහරණ බොහෝය. වෛද්‍ය පරිපාලකයින් බොහෝ දෙනෙකුට කියන්න මෙවැනි කතා ඇත. රජයේ අරමුදල් වුවද, ජනතාවගේ පරිත්‍යාග වුවද සියලු මුදල් වගකීමෙන් වියදම් කිරීම අත්‍යාවශ්‍යය. නලින්ද කිව්වේ එයයි.
Dr Aruna Jayasekara
Director
Apeksha hospital
Maharagama

1 year ago | [YT] | 15

News and Image

රාජ්‍ය ළමා නාට්‍ය උළෙල 2024!

1 year ago | [YT] | 0

News and Image

ඔබ මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිතා කරන්නේ කුමන අපේක්ෂකයාටද?

1 year ago | [YT] | 8

News and Image

ශ්‍රී ලංකා අක්‍ෂිදාන සමාජයේ වෙසක් කලාපය - ඔබ සැමට ආරාධනා!

2 years ago | [YT] | 0