Step into the narrative universe of Shani Upathissa. As a novelist, I believe in the power of stories to illuminate, inspire, and entertain.
This channel is where I share the heartbeat of my creative process – from the initial spark of an idea to the final polished manuscript. Whether you're a fellow writer, a voracious reader, or simply curious about the journey of a story, I invite you to join me here. Let's create and discover together.

Don't foget to subscribe my channel.

ආදරය විශ්වීය භාෂාවක්... රාගයෙන් තොර ආදරයක් නොමැති වුවත් රාගිකත්වයට පලමුව ආදරණීයන් වැළඳගන්නා ප්‍රේමණීය මොහොතවල් හරිම සුන්දරයි... එන්න මාත් එක්ක එවන් සොඳුරු ආදරණීය ලොවක් කරා පියමං කරන්න...

මම ඔබේ ආදරණීය කතුවරිය
ශානි උපතිස්ස...


Shani Upathissa

ළමයි... කතාව පුළුවන් උන ගමන් ගේන්නම්. හස්බන්ඩ් දවස් දෙකක් හොස්පිට්ල් ඉඳලා අදයි ගෙදර ආවෙ. මැසේජ් ගොඩක් ඇවිත් ඔයාලගෙන්. එකකටවත් මං රිප්ලයි දාලා නැතුව ඇති. බලන්න වෙලාවක් තිබ්බෙ නෑ ළමයි.සොරි...

6 days ago | [YT] | 620

Shani Upathissa

අද හන්තාන මේඝ ගේන්න බැරිවෙයි ළමයි. මම හෙට හෝ අනිද්දට කොටසක් දෙන්නම්. කතාව අගේ කරනවා නෙවෙයි
මේ දවස් ටිකේ හුස්මක් ගන්න වෙලාවක් නැතුව ඉන්නෙ. තරහා වෙන්නෙපා.... පුළුවන් ඉක්මනින් එන්නම්...

1 week ago | [YT] | 732

Shani Upathissa

ඉදිරියේදි බොහෝ වෙලාවට මම කතා ලියන එක නතර කරයි. එහෙම නැත්නම් සරල ආදර කතා විතරක් ලියයි. මොකද අපි දෙයක් විනෝදාංශයක් විදිහට තෝරගන්නෙ ඒකෙන් මානසික සතුටක් ලබන්න. ඔයාලා මගෙ කතාව කියවලා දාන කමෙන්ට් එකක් ලැබෙන මැසේජ් එකක් දැකලා සතුටක් දැනෙන නිසා මිසක් මේක මගෙ වෘත්තිය හෝ ජීවනෝපාය නෙවෙයි. ඉතිං ඒ ලැබෙන මානසික සතුට වෙනුවට මානසික වදයක් උනොත්? කමෙන්ට් බලන්න ආවම ඔළුව රිදෙනවා බෝනස් ඉල්ලනවා දිග කොටස් ඉල්ලනවා දවසක් නොදුන්නොත් ඒකට හිලව් වෙන්න තව කොටස් ඉල්ලනවා සෙනසුරාදා ඉරිදා දුන්නෙ නෑ කියනවා. ඕවා විතරයි. කතාව ගැන අදහසක් තියෙන්නෙ අතලොස්සයි. මට බෝනස් දෙන්න වෙලාවක් තිබ්බා නම් මං දෙනවා. බබත් අසනීපෙන් ඉඳලත් මං කතාව දුන්නෙ එන මැසේජ් නිසාමයි.

කතාවට ඔයාලා ආසයි. ඊළඟ කොටස දෙනකන් බලන් ඉන්න අමාරුයි. ඒත් ඉතිං මම දැනටමත් දවසේ වැඩි වෙලාවක් ගත කරන්නෙ මේකට. තවත් ඒ වෙනුවෙන් වැය කරන්න කාලයක් නැහැ. මං කීප වතාවක්ම ඒක කියලා තියෙනවා. කෙනෙක් කියයි මෙයා ලොකුකම් කියවනවා අනේ අපිනම් බලන්නෑ ඔයාගෙ කතා කියලා. මං දන්නෑ ඒ ඔයාලගෙ විදිහ. හැබැයි හැමෝම එහෙම නෑ තේරුම්ගත්ත ආදරණීය රසික පිරිසක් ඉන්නවා. එයාලා එහෙම නෑ. එයාලා දන්නවා ගෙදරක වැඩයි පොඩි බබෙක්ගෙ වැඩයි බිස්නස් වැඩයි එක්ක කොහොමද වෙලාව ඉතුරු වෙන්නෙ කියන එක. ඉතිං සරල ආදර කතාවක් ලිව්වම ඔයාලා බලන් ඉන්නෙ නෑ. කතාව දැම්මම කියවනවා. නැත්තම් ගානක් නෑ. ලියන එක නැවැත්තුවොත්... මොකද ඔයාලා කියන්නෙ? ඔයාලම නිකමට ගිහින් බලන්නකො කමෙන්ට් සෙක්ෂන් එක. 100ක් තිබ්බොත් 75ක්ම මම කියපු කමෙන්ට්ස් නෙවෙයිද කියලා.

ආයෙම කියනවා මම කාගෙන්වත් සල්ලි අරන් නෙවෙයි මේ කතා දාන්නෙ මගෙ සතුට වෙනුවන් සහ කියවලා හිත් සනසගන්න අය වෙනුවෙන් පමණයි. ඒ උනාට යූටියුබ් එකෙන් ගෙවනවනෙ ඔයාට... එහෙම නේද? කතා ලියන තව අය ඉන්නවනේ... එහෙම කෙනෙක්ගෙන් අහන්න ඔය කියනවා වගේම යූටියුබ් එකෙන් ඔයාලට ගෙවනවද කියලා🤭 එහෙම ගෙවනවා අපිට නෙවෙයි Traveling ,vlogs,cooking වගේ කරන අයට. මේවට ගෙවන සත ගනන් එකතු කරලා ඩොලර් සීයක් ගන්න අපි අවුරුද්දක් විතර ඉන්න ඕනි😊 ඩොලර් 100 අවුරුද්දෙන් බෙදලා බැලුවම ඉන්ටර්නෙට් පැකේජ් එකට ඊට වඩා ගොවනවා මාසෙට🤫

ඉතිං ආයෙත් කියනවා කාගෙහරි හිත රිදුනා නම් සමාවෙන්න. බෝනස් නම් නෑ.... හන්තාන මේඝ ඉක්මනින් දීලා ඉවර කරන්නම්. නවතින්නද සරල ආදර කතාවක්ද කියලා ඔයාලම කියන්නකෝ

1 week ago | [YT] | 582

Shani Upathissa

කතාව දෙනවා ළමයි පොඩ්ඩක් ඉවසන් ඉන්න. මට අමතක නෑ. දෙන්නෙ නැත්නම් මම කලින්ම කියනවනේ. බබාට වෛරස් උණ හැදිලා. දොස්තර ළඟ ඉන්නකොටත් කෝල් දීලා හන්තාන මේඝ දෙන්නැද්ද තව වෙලා යනවද අහනවා. කියවන්න ආසයි තමයි. ඒත් ඉතිං ඉවසන්න. බබාට සැරෙන් සැරේ උණ එනවා. ඒ බල බල ඉඩක් ලැබෙන වෙලාවෙ තමයි කතාව ලියන්නෙ. දීලා තියෙන ෆෝන් නම්බර්ස් වලට මැසේජ් කෝල් ගන්නෙපා කතාවම අහලා. සමහර අය උදේ ඉඳන් මැසේජ් හතර පහක් එවනවා. අද දෙනවා තව ටික වෙලාවකින්.

2 weeks ago | [YT] | 587

Shani Upathissa

අද හන්තාන මේඝ දෙන්න වෙන එකක් නෑ ළමයි. මම හදිසි වැඩකට එළියට ඇවිත් ඉන්නෙ. ගෙදර යද්දි රෑ වෙයි. ඒ වෙනුවට හෙට හෝ අනිද්දා කොටසක් අරන් එන්නම්. සොරි... ඔයාලා ආසාවෙන් බලන් ඉන්නවා කියලා දන්නවා. ඒත් වචනයක්වත් ලියලා නෑ ළමයි. සඳුදට කලින් දෙන්නම් කොහොම හරී.... තරහා වෙන්නෙපා.....

3 weeks ago | [YT] | 736

Shani Upathissa

රොටි කවලා ඔළුව අතගාලා මකරා නිදිකළාට පස්සෙ දන්නෙම නැතුව කෙල්ල නිදි- සේල අබිමන්...

FB- shani upathissa
pdf මිලදී ගන්න 0728997710 whatsapp
youtube ඉවත්කර ඇත. ඉදිරියේදි අනිත් චැනල් එකේ දානවා.

3 weeks ago | [YT] | 404

Shani Upathissa

මතකද වැස්සෙ තෙමිලා උණ හදාගෙන මකර අධිරාජයා අකිලාගෙ කෑම වර්ජනය කරලා ඉන්නකොට කෙල්ල රොටියි බතුයි හදන් ඇවිත් කවලා නින්ද යනකන් ඔළුව අත ගගා හිටියා....

අමතක අයට කතාව fb කියවන්න පුළුවන්... ඉවසන්න බැරි අයට 0728897710ට වට්සැප් කරලා pdf එක සම්පූර්ණ කතාවම රු.400/- මිලදී අරන් නිවී සැනසිල්ලේ කියවන්න පුළුවන්.
ඉවසීම ප්‍රගුණ කරපු අයට ඉදිරියේදී sinhala novels by su channel එකේ පරණ විදිහටම දානකොට කියවන්න පුළුවන්.

3 weeks ago | [YT] | 514

Shani Upathissa

ඔයාලා අමාරුවෙන් වතුර බිංදුව බිංදුව පුරවලා අන්තිමට කලේ බිඳලා දානවද ළමයි🤔🤔🤔






එන්න එහෙනම් සහසක් කියන්න 🤫🤫🤫


ශානි ශෝකාන්ත ලියන්නෑ 🫣🫣🫣

4 weeks ago | [YT] | 411

Shani Upathissa

මගෙ උපන්දිනේට ඊයෙ සුබ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි..... ආදරෙයි හැමෝටම....

කේක් ඉල්ලන්නෙපා... කේකූ නෑ... ඕනි නම් ඊළඟ කොටසට බෝම්බ කෑල්ලක් දාලා දෙන්නම්😁😁😁

හන්තාන මේඝ හවසට අරන් එන්නම්....

1 month ago | [YT] | 1,136

Shani Upathissa

හන්තාන මේඝ

කතාව ඊළඟ කොටස අඟහරුවාදා ළමයි. මම හෙට ඉඳන් සඳුදා වෙනකන් ගෙදර නෑ ළමයි. මේ දවස්වල පරණ කතා සේරම කොටස් අවුස්සලා අරන් ඉන්නෙ. ඉතිං බෝනස් නම් කොහොමත් නැහැනේ... මං දන්නවා ඔයාලා කතාවට ආසයි කියලා. ඒත් ඉතිං මටත් චූටි නිවාඩුවක් ඕනි ළමයි. මේ දවස් ටිකේ පෞද්ගලික වැඩ වගයක් නිසා මාරම ප්‍රෙෂර් එකේ හිටියෙ. කතාව ලිව්වත් නිකන් හීනෙන් වගේ ලිව්වෙ. ඒ නිසා අපි අනිත් කොටස අඟහරුවාදට බලමු... එතකන් හස්තිගෙ පරණ අලි බෙටි ටික බලමු නේහ්....

සමාවෙන්න... රීෆ්‍රෙෂ් වෙලා එන්නම් ලස්සන බෝම්බ ටිකකුත් පැක් කරන්. මේ ටිකේ බෝම්බයක්වත් හරියට දාගන්න බැරි උනා...ඒකට සෑහෙන දුකින් ඉන්නෙ මං 😔

1 month ago | [YT] | 438