සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බං රසං ධම්මරසො ජිනාති
සබ්බං රතිං ධම්මරතී ජිනාති
තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති.
ධර්ම දානය සියලු දානයන් දිනන්නේ ය.
ධර්ම රසය අන් සියලු රසයන් දිනන්නේ ය.
ධර්මශ්‍රවණාදි වශයෙන් ඇතිවන ධර්මය පිළිබඳ වූ ප්‍රීතිය සියලු ප්‍රීතින් දිනන්නේ ය.
තෘෂ්ණාක්ෂය සංඛ්‍යාත නිර්වාණය සියලු දුක් දිනන්නේය.
Budu Dahama බුදු දහම
බුදු ගුණ අනන්තයි!
4 days ago | [YT] | 280
View 12 replies
Budu Dahama බුදු දහම
“බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං,
කප්පම්පි චෙ අඤ්ඤමභාසමානො;
ඛීයෙථ කප්පො චිරදීඝමන්තරෙ,
වණ්ණො න ඛීයෙථ තථාගතස්සා”ති.
“බුදුරජාණන් වහන්සේ නමක් වුවද ඉදින් වෙනත් කිසිවක් නොවදාරමින් කල්පයක් මුළුල්ලෙහි
බුදු කෙනෙකුගේ ගුණ දේශනා කරන්නේ නමුදු දීර්‍ඝ කාලයකගේ ඉක්මීමෙන් කල්පය ගෙවී යන්නේය.
බුදු ගුණ නොගෙවෙන්නේය”යි.
2 weeks ago (edited) | [YT] | 228
View 9 replies
Budu Dahama බුදු දහම
🌼 වැඩූ බුදුගුණ 🌼
පැවිදි වීමට පෙර නිවසේදී සිංහල විශුද්ධි මාර්ගයේ දැක්වෙන (මාතර පණ්ඩිත ධම්මවංස නාහිමි) බුද්ධානුස්සති භාවනාව සවිස්තරව පොතේ ඇති සැටියෙන්ම පාඩම් කරගෙන සිටියෙමි. නාථගණ ආරණ්‍යෙය් දී සැම දා රාත්‍රී 7.30. සිට 9.30. තෙක් පර්යංකයේ දී එය ඉමහත් චිත්තප්‍රසාදයෙන් දිනපතා භාවිතා කෙළෙමි. එහි විශේෂ අනුසස් ද ලැබිණ.
1960. පෙබරවාරි 04. වෙනිදා පූජනීය පණ්ඩිත කඩවැද්දුව මාහිමියන් වහන්සේ අපේම ගරුකටයුතු සම්භාවනීය ස්වාමීන් වහන්සේලා සමඟ දඹදිව පූජනීය ස්ථාන වැදපුදා ගැනීමට පිටත් වූහ. මාර්තු මස මුල් සතියේදී ලංකාවට පෙරලා වැඩම කළ සේක. දඹදිව බුද්ධගයාවෙන් සඳුන් නවගුණ වැලක් රැගෙන පැමිණ මා අතට දී මෙසේ නියම කළ සේක. "අරියධම්ම නම! මේ නවගුණ වැලට ඉතිපි සෝ ගාථාවෙන් ලක්ෂ වාරයක් පුරවන්න, නිරෝගීව ශාසනික කටයුතු කර ගැනීමට මෙයින් ශක්තියක් ලැබෙනවා"
පුහුල්වැල්ල ශ්‍රී රෝහණ යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ වැඩ සිටින එම කාලයේ විනය පිටකය ප්‍රධාන කොට අධ්‍යයනය ලබමින් දවසේ මොහොතක් වත් නොසිස්ව ගතකරද්දී ද ලැබුණු ඒ නියමය අනුව බුදුගුණ ලක්ෂවාරය පිරීමට ද පටන්ගතිමි.
වචනින්ම භාවිතා කරමින් දිනකට 300. ක් 400. ක් පමණ බැගින් නොකඩවා පුරවමින් 1964 ජූලි මාසයේ 12. වෙනිදා පමණ දිනක බුදුගුණ පාඨයෙන් ලක්ෂ වාරයක් සම්පූර්ණ කෙළෙමි. ඒ මාසයේම 24. වෙනිදා පූජ්‍ය පණ්ඩිත ගැටමානේ ශ්‍රී විමලවංස ස්මාමීන්ද්‍රයන් වහන්සේ අතින් කරඩුවක් සහිත ශ්‍රීමත් සර්වඥ ධාතූන් වහන්සේ නමක් මා වෙත පරිත්‍යාග කළ සේක.
නැවත එතැන් සිට සිතින් ආවර්ජනා කරමින් වර්ෂයකට ලක්ෂවාරයක් බැගින් බුදුගුණ වැඩුවෙමි.
1969. සිට වසර එකහමාරක් තුල ඉතිපි සෝ - ස්වාක්ඛාතෝ - සුපටිපන්නෝ යනාදී සූවිසි මහා ගුණ ගාථා පාඨ තුනෙන්ම ලක්ෂ වාරයක් පිරුවෙමි.
1971 ත්‍රස්තවාදී විපත් සමයේදී සබ්බ පාපස්ස ගාථා පාඨයෙන් ලක්ෂවාර දෙකක් සපුරා රටට සෙත් පැතීමි. නැවත ඉතිපි සෝ ගාථා පාඨයෙන් බුදුගුණ වැඩීමට පටන්ගෙන 1973. ජනවාරි 10. වෙනිදාට ලක්ෂවාර 10. ක් සම්පූර්ණ කෙළෙමි. එවකට ගල්දූවේ වැඩ සිටිය පූජනීය බැඹියේ මාහිමියන් වහන්සේ විසින් මෙසේ නියම කෙරිණි. "මෙතැන් සිට රතන සූත්‍රයෙන් ලක්ෂවාරයක් පුරන" ලෙසය
ඒ නියමය අනුව එකම දිනයකදී රතන සූත්‍රයේ 137 වාරය පිරුවෙමි. එදින රාත්‍රී අළුයම සිහිනෙන් දෙවි කෙනෙක් මෙසේ කීය "ස්වාමීනි! තමන් ගමන් කරමින් සිටි මාර්ගයේම ගමන් කරන්න ඒ මාර්ගයේ යාමෙන් ස්වාමීන් වහන්සේ සිතන තැනට සුව සේ යාගත හැකි වෙයි" යනුවෙනි.
පසු දින උදයේ එම ස්වාමීන් වහන්සේට කාරණය මතක් කොට අවසර ගෙන නැවතත් ඉතිපි සෝ ගාථා පාඨය වඩන්නට පටන් ගතිමි. 1975. සැප්: 10. වෙනිදාට ඉතිපි සෝ ගාථා පාඨයෙන් 40. වෙනි ලක්ෂ වාරයත් සපිරිණි. එදින අළුයම සිහිනෙන් පූජනීය විහාරස්ථානයකට මා පැමිණ සිටින තැනට සුදුවතින් සැරසුණු බ්‍රහ්ම රාජයෙක් පැමිණි අතර භූතාවේශ වූ ආතුරයෙකු මා ඉදිරියට පිරිසක් විසින් ගෙන එනු දැක බ්‍රහ්මරාජයා මෙසේ කීය "ස්වාමීනි! ස්වාමීන් වහන්සේට මෙවැනි රෝගියෙකු ඉතිපි සෝ ගාථා පාඨය සිහිකළ පමණින් සුවපත් කිරීමට පුළුවනි" මම එය සිතින් පිළිගෙන නිහඬ වීමි. නැවත මෙසේ ද කීය "ස්වාමීනි! ස්වාමීන් වහන්සේගේ ප්‍රර්ථනාව ඉෂ්ඨ සිද්ධවන කාලය ස්වාමීන් වහන්සේ දන්නවාද" මා දන්නේ නැති බව කී විට "1800" මේ ගණන කියා බ්‍රහ්මරාජයාත් අතුරුදහන් විය. මමත් සිහිනෙන් අවදි වීමි. එයින් වැඩි විස්තර අසන්නට වේලාවක් හෝ සිතක් හෝ නොවීය.
නැවතත් ඉතිපි සෝ ගාථා පාඨය පිරීම දිගටම සිදු කෙළෙමි. ලක්ෂවාරය සපිරෙන ඇතැම් දිනවලදී අළුයම සිහිනෙන් නොයෙක් අසිරිමත් දේ දක්නට ලැබිණි.
2002. පෙබරවාරි 20. වෙනිදා වනවිට ඉතිපි සෝ ගාථා පාඨයෙන් ලක්ෂ වාර 735. ක් සපිරී ඇත. ඉදිරියේ තවදුරටත් බුදුගුණ වඩන්නෙමි. හේතුව සියලුම කර්මස්ථාන මාර්ගයන් දේශනා කරන ලද්දේ සර්වඥයන් වහන්සේ විසිනි. බුදුගුණ වඩන්නාහට ඕනෑම කර්මස්ථානයක් අතරමං නොකොට නිවරදිව අභිමතාර්ථය තෙක්ම දියුණු කරගැනීමට ශක්තිය ආරක්ෂාව සැලසෙන බැවිනි.
🔸 උපුටා ගැනීම - අසිරිමත් බුදුමග පියසටහන් ග්‍රන්ථයෙනි (අතිපූජනීය අනුනායක මහබෝසත් නා උයනේ ශ්‍රී අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ ස්වයං ලිඛිත ආත්ම සහතිකය ඇසුරෙන් සැකසුණු ග්‍රන්ථයයි)
1 month ago | [YT] | 516
View 23 replies
Budu Dahama බුදු දහම
දෙවි බඹුන්ගෙන් පවා නිති වන්දනා ලබමින් සිල් සුවඳින්, ගුණ සුවඳින් සේම ඥාණාලෝකයෙන්ද සිව්බඹ විහරණවලින්ද බැබලෙමින් අපගේ ගෞතම සම්‍යක් සම්බුද්ධ සර්වඥරාජෝත්තමයන් වහන්සේගේ ත්‍රිවිධ ශාසනයේ, සාරිපුත්ත මොග්ගල්ලාන මහකාශ්‍යාපාදී උත්තම සඟරුවනේ වත්මන් චින්තාමානික්‍ය රත්නය මෙන් සංඝනේතෲත්වයෙන් වැඩසිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අධිපති අති පූජනීය වන්දනීය බුද්ධාංකුර නා උයනේ ශ්‍රී අරියධම්මාභිධාන මහා ස්වාමින් වහන්සේ, මෙසේ සීලාදි ගුණයන්ට ආකරයක් වෙමින් ත්‍රිපිටකධාරී වෙමින් අෂ්ට සමාපත්ති ලාභී වෙමින් සංඛාරුපෙක්ඛා ඥානය දක්වා විදසුන් සුව විදිමින් ලෝකසාසනික මහා සේවයක් කරමින් බෝධිසත්ව පාරමි පූර්ණය කරමින් වැඩ සිටි මහෝත්තමයන් වහන්ස.. ඔබවහන්සේ අනාගත ආත්මභාව එක්දහස් අටසියයකින් පසු තුන්ලොවට පිහිටවන්නට මතු උතුම් සම්මා සම්බුද්ධත්වයම ලබත්වා...!
1 year ago (edited) | [YT] | 567
View 82 replies
Budu Dahama බුදු දහම
1 year ago | [YT] | 87
View 1 reply
Budu Dahama බුදු දහම
1 year ago | [YT] | 87
View 3 replies
Budu Dahama බුදු දහම
1 year ago | [YT] | 200
View 8 replies
Budu Dahama බුදු දහම
1 year ago | [YT] | 108
View 9 replies
Budu Dahama බුදු දහම
1 year ago | [YT] | 401
View 41 replies
Budu Dahama බුදු දහම
1 year ago | [YT] | 159
View 7 replies
Load more