ජේසු වෙනුවෙන් මොහොතක් - Time For Jesus SL

දිනපතා බයිබලය කියවීමට වෙලාව සොයාගැනීමට අපහසු කාර්‍යබහුල ජන සමාජයක,
දිනෙන් දින ජේසුගේ වචනය මඟහරවා ගැනීමට තියෙන ඉඩ ප්‍රස්ථාව අඩු කිරීම මෙම You Tube චැනලයේ ප්‍රධාන අරමුණයි.

දිනපතා දවස පටන් ගැනීමේදී මුලින්ම එදිනට අදාල දේව වචනය ශ්‍රවණය කිරීමට සැලැස්වීම තුලින් ජේසු වෙතට ලංවීමට ඉඩ සැලසේ යැයි අපි සිතමු.
ජේසු පිහිටයි.

ඉදිරිපත් කිරීම - ගරු. සමිත නවෝද වර්ණකුල පියතුමා (දිව්‍ය සත්ප්‍රසාද නිකාය)
Video Editing & Creating - ඇන්ජලෝ ශෙවෝන් ෆ්‍රැන්සිස්


ජේසු වෙනුවෙන් මොහොතක් - Time For Jesus SL

දවසේ මෙනෙහි කිරීම ඔබට දිනපතා ලබා ගැනීමට,
1. "Y tube"නාලිකාව ඔස්සේ "ජේසු වෙනුවෙන් මොහොතක්" සිංහලෙන් ටයිප් කර ලබා ගත හැකිය.
2. නැතිනම් යූටියුබ් චැනලය සබ්ක්‍රයිබ් කර ලබා ගත හැකිය.

** වට්සප් හරහා මා හට වැඩි ප්‍රමාණයක් දේව පණිවිඩය යැවීම නිසාම, පණිවිඩ 35ක් අවසානයේදී මට වාරණයක් පැවරේ.

ඒ නිසාවෙන් ඔබ හා සමග සම්බන්ධ වෙන්නට, පණිවිඩ හුවමාරුවට මා හට කළ නොහැකි නිසා මේ ආකාරයට ඔබව දැනුවත් කරන්නට මා කටයුතු කරමි.

මසකට හැකි පමණ එදිනෙදා දේව පණිවිඩය ඔබ වෙත එවන අතර, ඉන්පසුව ඔබට මා ප්‍රකාශ කළ සම්බන්ධතා තුළින් එය ශ්‍රවණය කළ හැකිය.

ස්තූතියි.
ජේසු පිහිටයි.
සමිත නවෝද දි.ස.නි.පියතුමා

2 weeks ago | [YT] | 30

ජේසු වෙනුවෙන් මොහොතක් - Time For Jesus SL

දින කිහිපයක් තුල එදිනෙදා දේව වචනය දැමීමට නොහැකිවීම පිළිබඳම කණගාටුව.
පියතුමා වෙනුවෙන් දෙවිඳුන් යදින්න.

4 months ago | [YT] | 4

ජේසු වෙනුවෙන් මොහොතක් - Time For Jesus SL

ශුද්ධෝත්තම XIV වන ලියෝ සුදතුම් පියාණන් විසින් බදුල්ල රදගුරු තැම්පත් අති උතුම් ජූඩ් N. සිල්වා හිමිපාණන්ව වතිකානුවේ අන්තර් ආගමික කොමිසමේ සාමාජිකයෙකු ලෙස පත්කර ඇත.

ශ්‍රී ලාංකික කතෝලිකයින් ලෙස උන්වහන්සේට අපගේ සුභපැතුම් පිරිනමමින් රදගුරු හිමිපාණන්ගේ දූත කාර්යයට ඇවැසි ශුද්ධාත්ම මඟපෙන්වීම ලැබෙන පිණිස අපි යාච්ඤා කරමු.

The Holy Father Leo XIV appointed Most Rev. Dr. Jude N. Silva, the bishop of Badulla as a member of the Pontifical Decastery for Interreligious Dialog. Congratulations Your Lordship!

11 months ago | [YT] | 15

ජේසු වෙනුවෙන් මොහොතක් - Time For Jesus SL

ජූලි 2වන දිනට යෙදෙන මඩු මාතාවන්ගේ මංගල්‍යය නිමිත්තෙන්, ආරම්භ කෙරෙන නුවාන මෙහෙයන් ආරම්භ කරමින් 2025 ජූනි මස 24 දින පැවැති දිව්‍ය පූජාමෙහෙය.
ජේසු පිහිටයි!

https://youtu.be/bsVQv_RuKJY?si=5TrPY...

11 months ago | [YT] | 25

ජේසු වෙනුවෙන් මොහොතක් - Time For Jesus SL

මරුද මඩු මෑණියන්ගේ ජූලි 2ට යෙදෙන මංගල්‍යය අරඹයා පැවැත්වෙන නුවානය සහ කොඩි ගස එසවීම අවස්ථාව.

11 months ago (edited) | [YT] | 13

ජේසු වෙනුවෙන් මොහොතක් - Time For Jesus SL

ඇමෙරිකානු ක්‍රමයට හාත්පසින්ම වෙනස් ජීවිත පැවැත්මක් පෙන්වන, ඇමෙරිකානු පාප්තුමා..

13 වැනි ලියෝ පාප්තුමාගෙ සාමාජීය දැක්මත් එක්ක, ෆ්‍රැන්සිස් පාප්තුමාගේම ඉදිරි ගමන වේවි යැයි ඉඟි පෙනෙන, අවම පහසුකම් එක්ක ජීවිත ගෙවන මිනිස්සු ඉන්න පේරු රටේ ග්‍රාමීය මිනිස්සු වෙනුවෙන් අමිල සේවයක් කල, අලුතින් තේරීපත් වූ 14 වැනි ලියෝ පාප්තුමා ගැනයි මේ සටහන.

2025 මැයි 8 වන දින සිට විශ්වීය කතෝලික සභාව තමන්ගෙ නව පාප්තුමන් ලෙස තෝරාපත් කරගත්තෙ එක්සත් ජනපදයේ කාදිනල් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවොස්ට්. එතුමා පාප් ධූරය සඳහා 14වැනි ලියෝ යන නාමය ලබගත්තේ, වසර 2,000 ක ඉතිහාසයේ කතෝලික සභාවට දෘශ්‍යමාන නායකත්වය දෙන 267 වන පාප් වහන්සේ සහ පළමු ඇමරිකානු ජාතික පාප්තුමා බවට පත්වෙමින්.

ඇමෙරිකාවේ, චිකාගෝ හි උපත ලැබූ 14 වැනි ලියෝ පාප්තුමන් ට දැන් වයස අවුරුදු 69ක් වෙනවා. එතුමා ජාත්‍යන්තර අත්දැකීම් සම්භාරයක් තියන කෙනෙක්. එතුමා පේරු රාජ්‍යයෙහි හි සැලකිය යුතු ධුත කාර්‍යයක් සිදු කලා වගේම ජාත්‍යයන්තර වශයෙන් කතෝලික සභාවෙහි, සභා නායකයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කලා. එමෙන්ම හිටපු ෆ්‍රැන්සිස් පාප් තුමන් විසින් එතුමාව වතිකානුවේ රදගුරු පත්වීම් අධීක්ෂණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ තනතුරක් ද ලබා දී තිබුණා.

14 වැනි ලියෝ යනු 1 වැනි ෆ්‍රැන්සිස් පන්නයේම සහකම්පනයෙන් හෙබි, නීතිය වෙනුවට ප්‍රේමය ආදේශ කල හැකි පාප් තුමෙකු බව එතුමාගේ ජීවිත ගමන සහ එතුමාගෙ අදහස් අපිට පෙන්වා දෙනවා. එතුමාගේ මෙම තේරී පත්වීම විශ්වීය කතෝලික සභාව තුළ දෘෂ්ටිවාදාත්මක බෙදීම් (ගතානුගතික අදහස් සහ ප්‍රගතිශීලී අදහස් වල ගැටීම්) වෙනුවට සියලුදෙනා එක්සත් කරනා මධ්‍යස්ථ පාළමක් ලෙස සැලකීමට අපිට පුලුවන්. එතුමා කතෝලික සභාව තුල ඇති විවිධ මතභේදාත්මක කරුණු සම්බන්ධයෙන් කිසිදු අන්තයකට නොයා මධ්‍යස්ථ ස්ථාවරයක සිට කටයුතු කරනා පුද්ගලයෙක්. ඒ වගේම තීරණ ගැනීමේදී ඊට අදාළ කණ්ඩායම් එක්ක නිරන්තර සාකච්ඡා ඇති කරයි කියන බලාපොරොත්තුවත් අපිට තියාගන්න පුලුවන්. ​

කාදිනල් තුමෙක් වෙන්න කලින්, රොබට් ෆ්‍රැන්සිස් කියන්නෙ සාමාන්‍ය පියතුමෙකුට එහා ගිය සාමාජීය කාර්‍යයක් සිදුකල කෙනෙක්. එතුමා පියතුමෙක් විදියට පූජකවරය ලබන්නෙ 1982 දි ශු. අගෝස්තූනි නිකායේ පූජකයෙක් විදියට. ඉන් අනතුරුව එතුමා ධර්මදූතවරයෙක් ලෙස පේරු රාජ්‍යයට පිටත් වෙනවා එහි සේවය කරන්න. දශක දෙකකට වැඩි කාලයක් එතුමා පේරු රටේ මිනිස්සු එක්ක වැඩ කරනවා. සේවකත්වය පෙරදැරි කරගත් නායකත්වය සඳහා කීර්තියක් ගොඩනඟාගන්නවා. අර අපි කියන්නෙ "නායකයා සේවකයා වෙන්න ඕනෙ කියලා". එතුමා ගැන ලියැවිලා තියෙන්නෙ ගොඩක් වෙලාවට තමන්ට අවධානය ලබා ගැනීමෙන් වැළකිලා, තම සේවය නිහඬව මිනිසුන් උදෙසා ඉටු කල කෙනෙක් විදියට. එතුමා පේරු රටේ දේශීය වෘත්තීන් පෝෂණය කරමින්, දරිද්‍රතාවය නැති කරලා, ජන ජීවිතය නගා සිටුවන්න වගේම සමාජ අසමානතාවය පිටු දැකීමට මිනිස්සු එක්කම කටයුතු කල කෙනෙක්.

2014 වසරේදී රදගුරුතුමෙකු ලෙස පත්කෙරෙන එතුමා තවත් වසර 10කට ආසන්න කාලයක් අර්‍ර්ථික සාමාජීය ගැටලු වලින් හෙබි පේරු රටෙහි උතුරු කොටසෙහි සේවය කරමින් සිටියදී 2023 වසරේදී හිටපු ෆ්‍රැන්සිස් පාප්තුමන් විසින් කාදිනල්තුමෙකු ලෙස පත්කරනු ලබනවා.

එතුමා සිනෝඩල් ක්‍රියාවලියට සහාය දක්වන කෙනෙක්. සිනෝඩල් කියලා කියන්නෙ ෆ්‍රැන්සිස් පාප්තුමන් ආරම්භ කල ක්‍රියාවලියක්. සිනොඩිලිටි කියලා කියන්නෙ සංගමනීය කියන එක. ඒ කියන්නෙ "එක්ව ගමන් කිරීම" කියන තේරුම. තව ටිකක් සරල කරගත්තොත්, ෆ්‍රැන්සිස් පාප්තුමා මතුකරන්න හදපු කාරණය තමයි දෙවියන් ඉදිරියේ අපි කිසිම කෙනෙක් සමාජ මට්ටම්, ස්ත්‍රී පුරුෂ, ජාතීන්, රැකියාවන්, පූජක-ගිහි යනුවෙන් උස් හෝ පහත් නොවන බව. ඒ වෙනුවට අපි හැමෝම දෙවියන් තුල එක්ව ගමන් කරන සමානාත්මක මිනිසුන් කියන දේ එතුමා පෙන්වා දුන්නා. ඉතින් මේ අදහස එක්ක ධනාත්මකව හිටගත්ත කෙනෙක් තමයි දැන් පාප්තුමන් විදියට තේරී පත්වෙලා ඉන්නෙ.

14 වැනි ලියෝ පාප්තුමා ප්‍රතිසංස්කරණයට කැමති කෙනෙක්. සාම්ප්‍රදායික නීති වලටම හිර වෙන්නෙ නැතුව සංවාදයට විවෘත කෙනෙක් විදියට තමයි දකින්න ලැබෙන්නෙ. ඒ නිසාම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රේමයේ ක්‍රියාවන් එතුමාත් ඉදිරියට රැගෙන යාවි කියන විශ්වාසය අපිට තියාගන්න පුලුවන්.

අවසාන වශයෙන් මේකත් කියලම මේ සටහන ඉවර කරන්නම්. 14 වැනි ලියෝ කියන නම ඇයි එතුමා තෝරගන්න ඇත්තෙ?

සාමන්‍යයෙන් පාප් ධූරයට පත්වෙන කාදිනල් කෙනෙක්, පාප්වරය සඳහා නමක් තෝරගැනීම ඇතුලෙ අපිට එතුමාගෙ ඉදිරි දැක්ම ගැන ඉඟියක් ගන්න පුලුවන්. උදාහරණයක් විදියට පලමුවන ෆ්‍රැන්සිස් පාප්තුමා එම නම ලබාගත්තෙ අසීසියෙ ෆ්‍රැන්සිස් තුමාගෙ ධූත කාර්‍යය ඉදිරියට ගෙනයාමක් විදියට. ඒ කියන්නෙ, උන්වහන්සේගේ අභිලාෂයන් වුනේ දරිද්‍රතාවයෙන් පෙලෙන, පීඩිතභාවයෙන් පෙලෙන් මිනිසුන් වෙනුවෙන් පෙනී ඉන්න එක. ඉතින් 14 වෙනි ලියෝ, අපේ අභිනව පාප් තුමා ඒ නම ගන්න ඇත්තෙ ඇයි? අපි ටිකක් බලමු 13 වැනි ලියෝ පාප්තුමා මොනවගේ කෙනෙක්ද කියලා.

13 වැනි ලියෝ පාප්තුමා කතෝලික සභාවෙ 256 වැනි පාප් වහන්සේ විදියට කටයුතු කලා. ඒ ක්‍රි.ව. 1878 ඉඳලා 1903 වෙනකල් (කලු සුදු පින්තූරය). උන්වහන්සේව හඳුන්වන්නෙ "කම්කරුවාගේ පාප්තුමා" කියන අනවරථ නාමයෙන්. එතුමා විසින් "නූතන සමාජ ගැටළු සහ කම්කරු අයිතිවාසිකම්" පිලිබඳව ආමන්ත්‍රණය කරන ලේඛනයක් ද නිකුත් කරනු ලැබුවා. එහිදී එතුමන් විසින් කම්කරුවාගේ ශ්‍රමයේ ගෞරවය, පෞද්ගලික දේපළ අයිතිය, සාධාරණ වැටුප් සඳහා අවශ්‍යතාවය, අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය විට රාජ්‍ය මැදිහත්වීම වැනි බරපතල සමාජීය කරණා වෙනුවෙන් පෙනී සිටියා. ඉතින්, හිතවතුනි, අපට යම් ඉඟියක් ලබා ගන්න පුලුවන් 14 වැනි ලියෝ පාප්තුමන් මොන විදියෙ පාප්තුමෙක් වේවිද කියන දේ.

ඇමෙරිකාවෙ ඉපදුනාට, අවුරුදු ගාණක් පේරු රාජ්‍යයේ වැඩ කරන මිනිස්සු එක්ක මහ පොළොවෙ පය ගහලා ඉඳලා, 13 වැනි ලියෝ පාප්තුමාගෙ සාමාජීය දැක්මත් දරාගෙන, සහම්කම්පිත හදවතක් ඇති ෆ්‍රැන්සිස් මොඩලයේ පාප්තුමෙක් ලෝකයට ලැබීම, කතෝලික මිනිස්සුන්ට විතරක් නෙවෙයි, මුලු මහත් මිනිස් වර්ගයාටම ආශිර්වාදයක් වේවි!

ලෝකයට සාමය උදා වේවා!

සටහන - චරිත් ජීවන්ත රොඩ්‍රිගෝ

1 year ago | [YT] | 31

ජේසු වෙනුවෙන් මොහොතක් - Time For Jesus SL

අප චැනලයේ එදිනෙදා දේව වචනය ඔබ සමඟ බෙදාගන්න, ගරු.සමිත නවෝද පියතුමා මේ දිනවල රෝගී තත්ත්වයෙන් පසු වේ.
ඒ නිසා මේ දිනවල එදිනෙදාට අදාල මෙනෙහි කිරීම් ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.
එතුමාට නිරෝගී සුවය පතා දෙවිඳුන් යදින්න.
එදිනෙදා මෙනෙහි කිරීම් හැකි ඉක්මනටම ඔබ හමුවට ගෙන එන්නම්.
ජේසු පිහිටයි!

1 year ago | [YT] | 19

ජේසු වෙනුවෙන් මොහොතක් - Time For Jesus SL

මීළග ශුද්ධෝත්තම 'පාප්: පදවිය සදහා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝගේ නාමයත්,

=================================

ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් හිමිපාණෝ ගෙන් හිස්වී ඇති පාප් පදවිය සදහා දැනට ලොව පුරා සිටින කාදිනල් හිමිපාණෝ 09 දෙනකුගේ නම් යෝජනා වී තිබේ. එම නාම ලේඛනයේ ශ්‍රී ලංකා ධජය යටතේ ආචාර්ය මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝගේ නාමයද ඉදිරිපත් කර තිබේ.

වර්ෂ 2013 දී අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් රදගුරු හිමිපාණෝ විශ්‍රාම යාමෙන් පසු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ අගරදගුරු පදවියට පත්විය. සිංහල, දෙමළ , ඉංග්‍රීසි , ඉතාලි , ප්‍රංශ, ජර්මන් , හීබ්රූ , ග්‍රීක , ස්පඤ්ඤ , ලතින් යන භාෂා හැසිරවීමේ නිපුණතාවයකින් යුතු උන් වහන්සේ බෞද්ධ, හින්දු , මුස්ලිම් ආගමික සංහිඳියාව වෙනුවෙන් සහ සිංහල , දෙමළ සහ මුස්ලිම් ජාතීන් අතර ජාතික සමගිය ඇතිකරලීම සදහා පසුගිය කාලය මුළුල්ලේම කැපවී ක්‍රියාකර තිබේ. උන්වහන්සේට මීළග අති උතුම් පාප් පදවිය ලැබේවායි ශ්‍රී ලාංකික ජනතාව ලෙස ආගමික භේදයකින් තොරව ප්‍රාර්ථනා කරමු.

(පෝද්දල ජයන්ත)

1 year ago (edited) | [YT] | 55

ජේසු වෙනුවෙන් මොහොතක් - Time For Jesus SL

අප්‍රේල් 21 කියන්නේ ලංකාවට විතරක් නෙවෙයි මුලු ලෝකෙටම මහා අදුරු දවසක් 🥹

තවත් එක් ශුද්ධවන්තයෙකුගේ නික්මයාම 😔🥺

සුබ ගමන් පියාණනි 🤍🥺

1936-2025 🤍
GOD BLESS YOU!

🙏🥺

1 year ago | [YT] | 35

ජේසු වෙනුවෙන් මොහොතක් - Time For Jesus SL

මාස 06ක් වැනි කෙටි කාලයක් තුල, අප
"ජේසු වෙනුවෙන් මොහොතක්"
YouTube චැනලය සමඟ රැඳීසිටමින්
Subscribersලා 1000 සම්පූර්ණ කිරීමට
සහය දුන් ඔබ සැමට බොහොම ස්තූතියි.
දිගටම Time For Jesus SL චැනලය සමඟ රැඳී සිටමින් දේව වචනය මෙනෙහි කරන්න.
ජේසු පිහිටයි!
Rev. Fr. Samitha Warnakula SSS
&
Angelo Francis
Subscribe Our YouTube Channel

1 year ago | [YT] | 45