සදහම් මාවත - Sadaham mawatha

තෙරුවන් සරණයි

ධර්ම දානය පිණිස වෙනත් නාලිකා තුලින් උපුටා ගත් දේශනා ඔබට නැවත ශ්‍රවනය කිරීම පිණිස මෙසේ පුද කරනු ⁣ලැබේ. මෙ⁣ම දේශනා පටිගත කිරීමට දායකත්වය දුන් සියලුම පින්වත් පිරිසටත්, ඒවා ගුවනට මුදා හල සියලුම දෙනාටත්, මේ පුණ්‍ය ශක්තිය උතුම් නිර්වානය පිණිසම හේතු වේවා...සාධු සාධු සාධු

මෙම ධර්ම දේශනා වල සම්පූර්ණ අයිතිය මේවා පටිගත කර මුදා හල මුල් අයිති කරුවන්ට හිමි වන අතර ඕනෑම අවස්ථාවක මෙම ධර්ම දේශනා ඉවත් කිරීමට අප සූදානම්

මෙම චැනලය පවත්වාගෙන යන්නේ හුදෙක් ධර්ම දානය උදෙසා පමණක් බැවින් copyright strike නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ධර්ම දානය දීමේදී මා අතින් යම් කිසි වරදක් සිදුවහොත් මා වෙත දැනුම් දෙන ලෙස ඉතාමත් මෙත් සිතින් සිහිපත් කරමි.
තෙරුවන් සරණයි

#සදහම් මාවත.


සදහම් මාවත - Sadaham mawatha

පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේගේ දේශනා ශෛලිය විශේෂ වන්නේ උන්වහන්සේ සර්වරාත්‍රික දේශනා සිදු කරනා නිසාම නොවේ. උන්වහන්සේගේ සුලලිත දහම් ස්වරයේ ඇති උච්චාරණ සෘද්ධිය, සිංහල භාෂා ව්‍යාකරණ, භාෂා අලංකරණ, අල්පප්‍රාණ මහප්‍රාණ ආදී යෙදුම් තුළ විශේෂතාවය, වාග් චාතුර්ය පිළිබිඹු වන පරිදි දේශනා කිරීමයි.
සුමට යෙදුම්, ඊටම අනන්‍ය වූ පාලි හා සංස්කෘත ආදී භාෂා රත්නයන්ගෙන් පෝෂණය වූ පිටකය අටුවා ටීකා මනා අධ්‍යනයක් සහිත සූදානමක් ඇති උන්වහන්සේ ශ්‍රාවකයාගේ මනෝද්වාරය හැර ගනිමින් අවධානය රඳවා ගැනීම උදෙසා ශ්‍රාස්තෘන්වහන්සේ කෙරෙහි ශ්‍රාවක හදවත් තුල චිත්ත රූප ජනනය කරමින් විස්තර කතාව මිසක, බොළඳ හරසුන් කතා, උසුළු විසුළු, රාජ කතා නොමැත්තේය.

වේගයෙන් ගලා එන වාග් සම්භා‍රය ගැඹුරු ධර්ම කාරණා දේශණය භාෂණය ඔස්සේ අපව හුන් තැනින් එදා බුදු සිරි මුව මඬලින් ධර්මස්වරය ගලා ගිය ජේතවනය, වේළුවනය ආදී ශාස්තෘන් වහන්සේ අභියස හිඳ යැයි ශ්‍රාවකයාට හැඟෙන පරිද්දෙන් එකත්පස්ව දෝත් මුදුනටත් කර ගත් දෑත් නලලතම රැඳෙන පරිද්දෙන් සාධූ කාර නංග්වමින් ශ්‍රද්ධා ගුණය වඩවමින් ඇඳ බැඳ තබා ගන්නා අයුරු ආශ්චර්යයකි. බුද්ධ පුත්‍රයෙකු ලෙසින් පරම ගම්භීර වූ නෛර්ය්‍යානික ශ්‍රී සද්ධර්මය ට දේශකයාණන් වහන්සේ නමකගෙන් වියයුතු මනා ආදර ගෞරව බහුමානය එලෙසින්ම සුරැකිව තබා ගනිමින්, ශරීරය ද බිඳෙකුඳු නොසෙල්වමින්, ඇල් පැන් පොදක් හෝ වලඳන්නට උනන්දු නොවී ඒකාසනාරූඪ වෙමින් පෑ ගණන් ලෝකයාට ධර්මය දේශනා කරන්නේ උභයාර්ථය පිණිසමය. ශ්‍රාස්තෘ ගෞරවය නිසාමය. තුරුණු වියේ දීම උන්වහන්සේ සතු භාෂා කෞෂල්‍යය, ව්‍යක්ත විශාරද ධර්ම දැනුම, ස්මරණ ශක්තිය පෙර සසර වැඩූ කුසලක්ෂේත්‍රය මය. ඊට ම පණ පොවන්නට උන්වහන්සේ ට ලැබුනු ලාංකීය ථේරවාදී පාරිශුද්ධ විනයාචාර්යන් වහන්සේලා ධර්මාචාර්යන් වහන්සේලාගේ මනා ගුරු ඇසුර භාග්‍යවතුන්වහන්සේගේ සුවිසුද්ධ ධර්ම රත්නය බබුළු වන්නට මනා ශිෂ්‍යරත්නයක් සසුසනට දායාද කර වන්නට හේතුවකි.

බුදු දහම තාරුණ්‍යයේ දහමකි. බුද්ධත්වය ලැබූ සිදුහත් කුමාරයන්ගෙන් පටන් ශාසනයේ ආරම්භය මෙන්ම අග්‍රස්ථාන ලැබූ බොහෝ පිනැතියන් තාරුණ්‍යයේ ශක්තියෙන් සාසනය බැබළවීය. පින්වත් රාධ ස්වාමීන්වහන්සේ ද තාරුණ්‍යයේ ජව සම්පන්න ශක්තියෙන් එදා අතීතයේ අනුරපුර පොලොන්නරු යුගයන් හී රහත් උත්තමයන් එදා සැදැහැවතුන්ගෙන් පිරී පැවති දේශනා සිදු කළ තුන් තිස් පැයේ දේශනා සර්වරාත්‍රික දේශනා වර්තමානයට ගෙන විත් ජාතක භාණක ශෛලිය, සරභඤ්ඤ දේශනා ක්‍රම ආදී ක්‍රම මනාව හදාරමින්, ඒ තුල මනාව දේශනා පවත්වමින් ජනතාවගේ ශ්‍රද්ධා ගුණය වඩවාලමින් දෙව් මිනිසුන් සතුටු කරවා ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලබනා කල්ප අසංඛයක් කුසල ආනිශංස කොතෙක් නම් ලැබේ ද...
කී දාහක් බුදු ගුණ කෙරෙහි සවන් යොමා සිත් නිවා ගන්නට ඇත් ද..,
පිනැතියන් කී දාහක් උන්වහන්සේ දේශනා අසමින් මනා වූ ශ්‍රාස්තෘ ගෞරවයෙන් භාග්‍යවතුන්වහන්සේ ට උත්තම තුණුරුවනට දන් පැන් පූජා කරන්නට ඇත්ද...,
අමා දොර විවර කර ගන්නට මාර්ගෝපදේශණයක් වන්නට ඇත් ද..,

සාසන අම්බරෙහි දිදුළ රුවනක් වූ අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ යනු ලංකා ධරණී තලයේ මෑත කාලයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ශෝභමාන භික්ෂු රත්නයක් බව පසක් කර ඇත. උන්වහන්සේගේ පුණ්‍යවන්ත ජීවිතය දෑ සසුන් මෙහෙවර පිණිස සුවිසල් ශක්තියක් වේවා...!
දෙවියෝ ආරක්ෂා කරත්වා..!
උපරිමාර්ථ වූ උතුම් නිවන් අවබෝධය පිණිසම මේ ලැබූ සසුන් දිවිය පාරමිතාවක් ම වේවා...!!!

© වජිර අසංක✍️

උපුටාගැනීමකි

1 year ago | [YT] | 424

සදහම් මාවත - Sadaham mawatha

දිනක් ප්‍රඥාවෙන් අග තැන්පත් සැරියුත් මහා රහතන් වහන්සේ විවේකීව බුදු රජාණන් වහන්සේ පිළිබඳව මෙනෙහි කරන්නට වූ කල්හි අනන්ත අප්‍රමාණ වූ බුදු ගුණ, බුද්ධ මහිමය, බුද්ධ බලය දැක, ඇති වූ බුද්ධාලම්භන ප්‍රීතියෙන් අතිශය ප්‍රමෝදයට පත්ව, තමන් වහන්සේ මේ අත් දකිනා අතිශය ප්‍රීතිය, ශ්‍රද්ධාව කාට නම් පවසම්ද යැයි සිසාරා බැලුවද, බුදුරජාණන් වහන්සේම හැර, එය වටහා ගන්නට සමත් කෙනෙක් මේ විශ්වය තුළ නොවන බව දත් සේක. බුදුවරයකුගෙ ගුණ දන්නේ තවත් එවැනිම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණි. සැරියුත් මහ රහතන් වහන්සේ බුදු රජාණන් වහන්සේ සොයා ගොස් ඒ මහා කාරුණිකයන් වහන්සේගේ සිරිපතුල් ළඟ දණින් වැටී, ඒ නීල කාන්තී වූ, කරුණා දිය දහරා ගලා බසින නෙතු සඟල දෙස බලාගෙනම හදවත තුළ උතුර උතුරා ගලන ශ්‍රද්ධාව වචන වලින් දියකර හරින්නට වූ සේක.

" ස්වාමීනි, මාගේ ශාස්තෘන් වහන්ස, අපරිමාණ මහා සාගරයේ ජලය බිංදුව බිංදුව බැගින් ගෙන කෙනෙක් මහා සාගරයේ ජල ප්‍රමාණය මනින්නෙමියි කියා සිතම්ද, එය කෙසේවත් කළ නොහැකිය..
මහා සාගරය කෙළවර කොට ඇති ගංගා තීරයේ වැලි කැට ප්‍රමාණය ඇටයෙන් ඇටය ගෙන ගනින්නෙමියි කියා කෙනෙක් යයිද එය කෙසේවත් කළ නොහැකිය..
එසේ නමුත් බුදු පියාණන් වහන්ස, ඒවා කෙසේ හෝ කළ හැකි වූවද, බුදු ගුණ මෙතෙකැයි කියා කෙසේවත් මැනිය නොහැකිය..
එය අනන්තය..අප්‍රමාණය...!!!"

වැටෙන වැස්සේ වැහි බිංදුවෙන් බිංදුවට දැකිය හැකි තරම් වූ අති ජවන ප්‍රඥාවෙන් යුත්,
"යම් දෙසක මාගේ අග්‍ර ශාවක සැරියුත් ස්වාමින් වහන්සේ වෙසෙයිද ඒ පෙදෙස දෙස මට නැවත බැලීමට අවශ්‍ය නොවේ" යැයි බුදු පියාණන්ගෙන්ම ප්‍රශංසා ලද සැරියුත් මහ රහතන් වහන්සේද බුදු ගුණයන්හි මහන්තත්ව භාවය, අපරිමිත භාවය හමුවේ, මහා සාගරයට වැටුණු සා පැටවකු මෙන් වූ සේක..

ඔබත් මාත් මේ ලද ජීවීතය තුළ, මාගේ එකම ශාස්තෘන් වහන්සේ යැයි සරණ ගොස් තිබෙන්නේ , දැත නළලේ තබා උදේ හවස මේ වන්දනා කරන්නේ , එසේ වූ මහ පොළොවට පවා දරන්නට නොහැකිව බෝධිසත්ව කාලයේ පටන් ලක්ෂ වාරයකට වඩා දෙදර දෙදරා කම්පනය වූ, මහා ගුණ සාගරයකින් යුත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වය. එය එසේ මෙසේ වූ වාසනාවක්ද, භාග්‍යයක්ද කියා ඔබටවත් මටවත් තවමත් ප්‍රමාණ කොට සිතා ගත නොහැකිය.

එකම වන්දනාවකින් අවීචි දුක් ගින්න පවා අඩුකරවන්නට සමත්, එකම ශ්‍රද්ධා මාත්‍රයක් නිසා කල්ප ලක්ෂ ගණන් සුගති සම්පත් උදා කරදෙන්නා වූ, මේ දරණි තලයේ බිහිවූ අග්‍ර වූම උත්තමයාණන් වහන්සේ සම්මා සම්බුදු රජාණන් වහන්සේය...!!!

එවන් වූ බුදු ගුණ ඇසෙන වාරයක් වාරයක් පාසා සිතේ ඇතිවන නිරාමිස ප්‍රීතිය , සතුට, සැනසීම, නිවීම, නිකෙලෙස් භාවය වචන වලට නඟන්නට තරම් භාෂාව පොහොසත් මදිය..

තුන් වරුවක් පුරා බුදු ගුණ සජ්ජායනය කළ රහතන් වහන්සේ පැවසූවේ,
"අහසේ පියාසර කරන පක්ෂියකුගේ පියාපතින් අහසේ වැසෙන ප්‍රමාණය යම්සේද දෙසූ බුදු ගුණ එපමණයි, ඉතිරි වූ හිස් අනන්ත ආකාශයම නොදෙසූ බුදු ගුණ ප්‍රමාණයට සරි" බවයි..

මහ පොළොවට දරන්නට නොහැකි වූ බුදු ගුණය, ලාමක අප සිත් වලට දරාගන්නට කෙසේ නම් හැකිවේද යැයි බිඳක් හෝ අවබෝධ වන්නේ , වතුර පොදකින් උගුර තෙමා ගන්නේ වත් නැතිව නොනවත්වා අති මහත් වූ ශ්‍රද්ධාවෙන් බුදු ගුණ දේශනා කරන අති පූජනීය රාධ ස්වාමින් වහන්සේගේ බුදු ගුණ දේශනාව ශ්‍රවණය කරද්දී දැනෙනා ශ්‍රද්ධාව දරාගන්නට නොහැකිව ලය පුපුරා යන්නට තරම් ශ්‍රද්ධාවත්, නිරාමිස ප්‍රීතියත් භුක්ති විඳිනා විටය..

ශ්‍රද්ධාව යනු අයෝමය ශක්තියකි...!

ඔබ වහන්සේ බිඳකුදු නොසෙල්වී, දැස පියා දැහැනකට සමවැද , ඒ බුදුගුණය විඳිමින් ඒ රසය විඳිමින්, ඒ බුදු පහසේ ගිලී යමින්, දේශනා කරද්දී සතර වරම් දෙවිවරු, බ්‍රහ්ම රාජවරු ඔබ වහන්සේට දුර තියා නමස්කාර කරනු නො අනුමානය.. ඔබ වහන්සේට සුකය සලසමින් පවන් සලනු නො අනුමානය...
ඉතින් ඔබ වහන්සේට වෙහෙසක්, පීඩාවක් , නොදැනෙනු අරුමයක් නොවේ..

සුවහසක් අප වැනි වූ සත්වයන්ගේ දෙසවනට අමා පැන් වත්කරමින් බුදු ගුණය ඇසෙන්නට සලසමින් ඔබ වහන්සේ කරනා මේ කාර්යය , ආශ්චර්යයකි.. ඔබ වහන්සේද ශ්‍රද්ධාවේ ගිලී ඉතිරී යමින්, අප හදවත්ද ශ්‍රද්ධාවේ ගිල්වාලමින් ඔබ වහන්සේ රැස් කරගත් කුසලයේ තරම මෙතෙකැයි කියා පවසන්නට සමත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේම පමණය..
අසුරු ගසන ක්ෂණයකට වුව බුදු පියාණන් ගැන ඇති කරගන්නා ශ්‍රද්ධා මාත්‍රය කල්ප ගණනකට මහත්වූ සැප පිණිස හේතුවන අග්‍ර වූම කුසලයක් බව 'අග්ගප්පසාද සූත්‍රයේදී' බුදු රජාණන් වහන්සේ විසින්ම දේශනා කරන ලද සේක. එසේ වී නම් තුන් යමක් පුරා අඛණ්ඩවම ඔබ වහන්සේද බුදු පියාණන් කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුතුව, ශ්‍රවණය කරනා සුවහසක් පිරිස තුළඳ ඒ ශ්‍රද්ධාව ජනිත කරවීමේ විපාකය කොතෙක් නම් වනු ඇත්ද...!

ඔබ වහන්සේ වැනි වූ සිල්වත්, ගුණවත්, සුපේශල, ධර්මධර, විනයධර, දැකීමෙන් පවා සිත සැනසී නිවී පැහැදී යන, උතුම් සංඝ රත්නයේ දැකීම පවා අප ලද භාග්‍යයකි. ඔබ වහන්සේගේ දෙපා පහස විඳින්නට ලැබීම මේ ලංකා මාතාවගේද භාග්‍යයකි..
ධර්ම මාර්ගයේ යන්නා වූ සුවහසක් දෙනාට ඔබ වහන්සේ වැනි වූ මහා යථිවරු සැබවින්ම වාසනාවකි... නම් වශයෙන් ලියා දැක්වීමට නොහැකි වූවද එවැනි වූ තවත් බොහෝ ස්වාමින් වහන්සේලා මේ භූමිය තුළ වැඩ සිටින බැව්, වැඩ සිටි බැව් ඒකාන්ත සත්‍යයකි..

නිවැරදි වූ නිර්වාණ පටිපදාවට බැස, අන් අයවද ඒ මාර්ගය තුළ හික්මවනා, දුර සිට ගෙනෙනා සිව්පසය පිළිගැනීමට සුදුසු වූ, දැත නළලේ බැඳ වන්දනා කිරීමට සුදුසු වූ, සත්වයාට පින් කෙතක් වූ , සැරියුත් , මුගලන්, කාෂ්‍යප ආදී මහා රහතන් වහන්සේලාගෙන් පර්ම්පරාවෙන් පැවත එන්නා වූ ආර්ය මහා සංඝ රත්නයට, මේ කෙටි සටහන ගුරු පඬුරක්ම වේවා..!!!

සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, සාමිචී පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ,
යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ,
ආහුනෙය්‍යෝ, පාහුනෙය්‍යෝ, දක්ඛිනෙය්‍යෝ, අංජලිකරණීයෝ,
අනුත්තරං පුඥඥංඛෙත්තං ලෝකස්සාති...!!!

"මහණෙනි, ඔබලාට යම් බියක්, තැතිගැන්මක්, ලොමුඩැහැගැන්වීමක් ඇතිවූ කල්හි,
බුද්ධ රත්නයේ ගුණ සිහි කරන්න. ධර්ම රත්නයේ ගුණ සිහි කරන්න...
සංඝ රත්නයේ ගුණ සිහි කරන්න.."

එය එසේම වේවා...!!!
නමස්කාර වේවා...!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

FB පිටුවෙන් උපුටා ගෙන පලකර ඇත

1 year ago | [YT] | 601

සදහම් මාවත - Sadaham mawatha

🌷🌿අපගේ භාග්‍යවතුන් වහන්සේ පහන්සිලක් නිවී යනවා සේ පිරිනිවන් පෑ වදාළා පසු ශ්‍රී දේහය ගිනි ජාලා මධ්‍යයේ දැල්වෙමින් තිබියදී සාරිපුත්‍ර මහරහතන් වහන්සෙගේ ශිෂ්‍ය පුත්‍ර ඛේම මහරහතන් වහන්සේ මහත් වූ ඍධි බලයෙන් ශ්‍රී වාම දළදා වහන්සේ සුරතින් දරාගෙන පිටතට වැඩම කළ සේක.🌷🌿

🌸ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වන්දනා කිරීම බුදුරජාණන් වහන්සේ වන්දනා කළා සේම පුණ්‍ය ධර්මයන් රැස් වේ.🌸

මහා පෙළහර පාමින් වැඩ සිටි සෙංකඩගල සුගන්ධ කුටියේ වැඩ හුන් උත්තම ශ්‍රී දළදා වහන්සේ සමීපයේ සිටම මහා පුරුෂ ලක්ෂණ දැකගනිමින්ම ඊයේ දින වන්දනා කිරීමට අවස්ථාව උදා වුනා බුද්ධ ශ්‍රීය දෑසින් දැක්කා ඒ ආශ්චර්‍යය අත්වින්දා ඒ සියලු පිං ඔබ සියලු දෙනාට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා! සාධූ සාධූ සාධූ!!!

🙏🌼🙏🌼🙏🌼🙏🙏🌷🙏🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

......... ඔබ සියලු දෙනාට දළදා සමිදු පිහිටයි .........

1 year ago (edited) | [YT] | 232

සදහම් මාවත - Sadaham mawatha

දෙසවන් යොමාගෙන අහන්න ඒ උතුම් දළදා වහන්සේගේ ආශ්චර්යය...🌼🌼🌼

1 year ago | [YT] | 7

සදහම් මාවත - Sadaham mawatha

දළදා සමිඳු දැකීමට රොද බැදගත් ජනයා ගැන අනුකම්පා කළයුතු නැත.මන්ද යත් ඔවුන් මේ සිදුකරන්නේ කායපූජාවෙන් නැතහොත් කායද්වාරයෙන් භාග්‍යවතුන් වහන්සේට ආමිස පූජාවකි.එහි ඵලය සුළුපටු නැත.එය ඔවුන්ට දෙව් මිනිස් සැප පිණිසම හේතු වේවි.මඟඵල පිළිවෙලින් නිවන පිණිසම හේතු වේවි.
ලෙවී ලොව්තුර සැප පිණිසම හේතු වේවි.

තවද,ඔවුන් සැඩ හිරු රැස් මැද පෝළිම් වල සිට දහදිය වැගිරුවද කම් නැත.මන්ද යත් භාග්‍යවතුන් වහන්සේ මාද ඔබද වෙනුවෙන් විසි අසංඛේය කල්ප ලක්ෂයක් පුරා දුක් විඳ ඇත.එක් සත්වයෙකු වෙනුවෙන් කල්පයක් නිරයේ පැසුණහොත් අනන්ත සක්වළ අනන්ත සත්වයා වෙනුවෙන් කල්පය බැගින් පැසී නිමවුණු තැන බුදුබව ලැබේ යැයි යමෙක් නියතයෙන් කියතහොත් ඒ අසීරු කර්තව්‍ය පවා සිදු කිරීමට ඒ මහා බෝසතාණෝ පසුබට නොවන තරම් මහා කරුණාවකින්,මහා වීර්‍යකින් අප සැම මේ රුදුරු බව නොමදන්නා භව කතරින් එතෙර කරනු පිණිස,ගැඹුර නොමදන්නා භව සයුරින් ගොඩගනු පිණිස කයෙන් මනසින් අනෝරා දුක් ඉවසමින් අසීමාන්තික දරාගැනීමකින් කළා වූ ඒ මහා කැපකිරීමට,ගත් මහා වෙහෙසට මෙවන් පෝළිම් නොව පොළෝ තලයේ පටන් භවාග්‍රය තෙක් දිවෙන මාවතක රැඳුණු පෝළිමක ගියද ණය ගෙවා නිමකළ නොහැක.

ඒ මහා බෝසතාණන් වහන්සේගේ දනට යමක් නොලැබූවෙකු අප අතර නැත.වරක් දෙවරක් නොව කෝටි ප්‍රකෝටිවර අප ඒ බෝසත් ශ්‍රීමතාණන්ගෙන් දන් ලබන්නට ඇත.ඒ දනින් සා පිපාසා සංසිඳුවා ගන්නට ඇත.ගත විලි වසාගන්නට ඇත.ගත සරසාගන්නට ඇත.හිසට සෙවණක් ලබන්නට ඇත.

අප යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩාදී අමනුෂ්‍ය ආත්ම වල හිඳ ලේ පිපාසාවෙන්,මාංශ ආශාවෙන් පෙළෙමින් ඒ මහා පුරුෂයා වෙත එළඹි කල සිරුර සිදුරු කොට වගුර වගුරා ලේ දන් දෙන්නට ඇත.සිරුර ඉර ඉරා ඇඟ මස් දන් දෙන්නට ඇත.අප අනේකවර කණයන් වී ඇස් ඉල්ලා ඒ මහා පුරුෂයා කරා එළඹි කල සියතින්ම ඇස් කුහර හාර ඇස් ගළවා දන් දෙන්නට ඇත.වස්තුවට ගිජු බවින් හිස ඉල්ලා ඒ මහා පුරුෂයා කරා එළඹි කල සියතින්ම ගෙල සිඳ දන් දෙන්නට ඇත.මෙහෙවර පිණිස කෙනෙකු ඉල්ලා ඒ මහා පුරුෂයා කරා එළඹි කල දිව්‍ය ස්ත්‍රීන් සම තම සෙනෙහෙවන්ත අඹුවන් දන් දෙන්නට ඇත.වරපටින් ගැට ගසා තම කීකරු දරුවන් දන් දෙන්නට ඇත.වරක් දෙවරක් නොව,කෝටි ප්‍රකෝටි ගණනින් එසේ අප ඒ මහා පුරුෂයාගෙන් දන් ලබන්නට ඇත.ඉතින් අප කෙතරම් ඒ පුරුෂෝත්තමයාණන් වහන්සේට ණයගැතිද?

පෙරුම් පුරනා සමයේ පමණක් නොව බුද්ධත්වය ලද පසුවද සංසාර සත්වයාගේ සුව පිණිස පැය දෙකකටත් වඩා අඩු කාලයක් පමණක් විවේක ගෙන රෑ දිවා නොතකා පන්සාළිස් වසක් පුරා නොනිමි වෙහෙසක් නොගත්තේද? බුදුනට අකීකරුවීමේ ඵලයක් වශයෙන් හෝ,වෙනයම් සම්‍යක් පැතුමක් හේතුවෙන් හෝ අප සසර දිගුකර නොගන්නට ඒ මහෝත්තමයාණන් වහන්සේගේ පිහිට පිළිසරණ ලැබ අප සසර ගිනි නිවාගෙන නිවනින් නිවී සැනසී හමාරය.වරද අපගේය.පමාවට හේතුව අපගේය.ඉතින් අප කෙතරම් ඒ පුරුෂෝත්තමයාණන් වහන්සේට ණයගැතිද?

අද සදෙව් ලොව දෙවියන් දෙව්සැප ලබන්නේ ඒ මහා පුරුෂෝත්තමයා නිසාය.ඔබද මමද මනුලොව මනුසැප ලබන්නේ ඒ මහා පුරුෂෝත්තමයා නිසාය.ඒ මහා පුරුෂෝත්තමයාට මදකින් හෝ අවනතව කීකරුව සිල් රැකි නිසා අද මනු තලයේය.නැතිනම් සතර අපායකය.ඒ පුරුෂෝත්තමයාගේ බස මදකින් හෝ අසා දන්දුන් නිසා අද කිසිවෙකුට අත නොපා මනුසැප විඳින්නේය.නැතිනම් සෙම්,සොටු පොදක් නොලැබ දුක් ගන්නා ප්‍රේත විෂයෙහිය.නැතිනම් ලේ රස සොයන අසුර යෝනියෙහිය.නැතිනම් බලවතා දුබලයා ආහාරය කරගන්නා තිරිසන් කුලයෙහිය.නැතිනම් නිමක් නැති දුකින් වේදනාවෙන් ගහණ නිරයෙහිය.ඉතින් අප කෙතරම් ඒ පුරුෂෝත්තමයාණන් වහන්සේට ණයගැතිද?

කෙටියෙන්ම කියතහොත් අද ඔබ විකලතාවයෙන් මිනිස් සිරුරක් දරාගෙන විකලතාවයෙන් තොර මනසකින් යුතුව දළදා වහන්සේ වැඳපුදා ගැනීමට තරම් භාග්‍යවන්ත වූ මනුෂ්‍යාත්මභාවයක් ලද ඔබ හා මම ඒ මහා පුරුෂෝත්තමයා හට බෙහෙවින් ණයගැතිය.

එහෙයින් ගෙවා නිමකාල නොහැකි මහා ණය කඳක් සහිත ඔබ සහ මම ඒ මහා පුරුෂෝත්තමයාණන් වහන්සේගේ දළදා වහන්සේ වැඳපුදා ගැනීමට මේ ගන්නා වෙහෙස කම් නැත.ඒ මහා පුරුෂයා අපව සසරින් නිදහස් කරනු පිණිස අනවරාග්‍ර සසර ගත් මෙපමණ යැයි ගැනිය මිනිය නොහැකි අපමණ වෙහෙස ඉදිරියේ ඔබත් මමත් මේ පෝළිමක රැඳී ගන්නා වෙහෙස වෙහෙසක් නොවේ.එය ඒ මහා පුරුෂෝත්තමයා අප වෙනුවෙන් ගත් මහමෙර තරම් වෙහෙස ඉදිරියේ වැලි කැටයක්වත් තරම් නොවේමය.....

ඉතින් ඒ සුවාසුදහසක් ධර්මස්කන්ධයේ පහස ලද්දා වූ අසිරිමත් දළදා වහන්සේ දැක වැඳපුදා ගැනීමට පෝළිමේ රැඳි සිටින විට ඒ මහා පුරුෂෝත්තමයාණන් වහන්සේ ඔබත් මමත් වෙනුවෙන් කළ ඒ මහා කැපකිරීම ගැන සිතන්න.ගත් මහා වෙහෙස ගැන සිතන්න.විඳි මහා දුක් සම්භාරය ගැන සිතන්න.මහා පොළවට පවා දරා ගත නොහැකි,මහා පොළොව පවා කම්පා කළ ඒ මහා පුරුෂ රත්නයේ සොඳුරු ගුණ ගැන සිතන්න.දෙව් බඹුන් පවා සරණ ගිය ඒ අසිරිමත් ශාස්තෲවරයාගේ ශාස්තෲ ගුණ ගැනම සිතන්න.ඔබේ වෙහෙස ආකාස ගංගාවෙන් හෙලූ සීතල දිය දහරාවකින් නැහැවී ගියාක් සේ නිවී යාවි.ඒ සැඩ හිරු රැස් සෞම්‍ය සඳරැස් මෙන් ඔබව සනසාවි.ඒ දැනෙනා සා පිපාසාව අනවතප්ත විල්දිය වැළඳු කලෙක මෙන්,දිව බොජුන් වැළඳූ කලෙක මෙන් නිවී සංසිඳී යාවි.

කෙසේ නමුත් දළදා සමිඳු වැඳපුදා ගැනීමට පැමිණෙන සැදහැති ජනයාට දළදා සමිඳුගේ පිහිටින් රැකවරණයෙන්,සමිදිටු දෙවියන්ගේ ආශිර්වාදයෙන් අනුග්‍රහයෙන් කිසිඳු කායික,චිත්ත පීඩාවකින් තොරව තම වන්දනාව සඵල කරගැනීමට කටයුතු සැලසේවා......!!!

යන්න,තුටින් ඒ ශ්‍රීමතාණන් වහන්සේගේ ශ්‍රීමත් දළදා වහන්සේ වැඳගන්න.මන්ද යත් යළි කෙදිනක ඒ වටිනා පින්බර අවස්ථාව එළඹේදැයි ඔබත් මමත් නොදන්නා නිසාය.එළඹුනද රසඳුනක් බඳු ඒ පින්වත් දසුන ඔබේ නෙතට දිස්වන්නට ඔබගේ ආයුෂ පවතී යැයිද නොදන්නා නිසාය.ආයුෂ පැවතුණද ඔබගේ දෙනෙත් වල ආලෝකය රැඳේදැයි නොදන්නා නිසාය.

බුදුවරයෙකුගේ උත්පාදය දුලභය...එවන් බුදුවරයෙකු ධාතුන් වහන්සේලා විසිරීමට අදිටන් කරනු දුලභය.එවන් බුදුවරයෙකුගේ ධාතුන් වහන්සේලා දුලභය.ධාතුන් වහන්සේලාගේ දසුන දුලභය.එමෙන්ම මනුසත් දිවිය දුලභය.කය මනස පිරිපුන් මනුසත් දිවිය දුලභය.මේ පින්බිමේ ඉපදීම දුලභය.දුලභව ලද මේ සුභ මුහුර්තයෙහි ඵල නෙළාගන්න.දළදා රත්නයෙන් බුද්ධ රත්නය දකින්නටද,බුද්ධ රත්නයෙන් ධර්ම රත්නය දකින්නටද,ධර්ම රත්නයෙන් බුද්ධ රත්නය දකින්නටද වෙර දරන්න.
දළදා සමීඳු පිහිටයි...!

ජීවන්ත සමරනායක
18.04.25
( ඉතාම අනර්ඝ ලිපියකි පද ගැලපුමකි එය එලෙසම උපුටාගෙන පලකලෙමි තෙරුවන් සරණයි)

පින්වත් ගලිගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ FB පිටුවෙනි.. 🌸🌸🌸

මගේ පින්වතුනේ මෙය ඔබේ අවසන් අවස්ථාව විය හැකියි.. මාගේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය "අප්‍රමාදී වෙන්න" ඉතින් ඔබත් දැන්ම දෙව් ලොව දොරටු විවර කර ගැනීමට පිං සිතින් ඒ උතුන් දළද නැමදුමට පියවර තබන්න 🌸🌸🌸

1 year ago | [YT] | 111

සදහම් මාවත - Sadaham mawatha

සාධූ සාධූ සාධූ

1 year ago | [YT] | 10

සදහම් මාවත - Sadaham mawatha

මෙවර මහමැතිවරණයේ ජයග්‍රහණය කරන්නේ ?

1 year ago | [YT] | 72

සදහම් මාවත - Sadaham mawatha

පින්වත් ඔබට දායකත්වය දැරිය හැක. තෙරුවන් සරණයි...💐💐

1 year ago | [YT] | 97

සදහම් මාවත - Sadaham mawatha

මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ මනාපය කාටද ?

1 year ago | [YT] | 51