ශ්‍රී ගෞතම ශාක්‍යමුනි සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මුල, මැද, අග යහපත්, ස්වක්ඛාත වූ සාන්දිට්ඨික වූ සද්ධර්මය අන්තර්ගත, පළමු ධර්ම සාංගීතියේදී චතුපටිසම්භිධාලාභී මහරහතන් වහන්සේලා විසින් සංගෘහිත ත්‍රිපිටක ධර්මයේ ඇතුළත් සූත්‍ර, විනය සහ අභිධර්මයෙහි එන ධර්ම කොට්ඨාසයන් ත්‍රිපිටක පාලිය හා අට්ඨකථා නය පදනම් කරගෙන අධ්‍යයනය කිරීමේ පාඨමාලාවට අදාළ නිල YouTube මාධ්‍ය නාලිකාව - ධම්මවිචය | Dhammavicaya යයි.
අප ධම්මවිචය ආයතනය මගින් සිදුකරණ ධර්ම අධ්‍යයන පන්ති:
ශ්‍රී ලංකාවේ වේලාවෙන්,
➤ සූත්‍ර පන්තිය සඳදා රාත්‍රි 7.30 - 8.30 (GMT +5:30) දක්වා,
➤ විනය පන්තිය අගහරුවදා රාත්‍රි 7.30 - 8.30 (GMT +5:30) දක්වා, ZOOM තාක්ෂණය හරහා සජීවීව පැවැත්වේ.
සම්බන්ධ වීමට;
🆔 Meeting ID: 860 0963 6645
🔑Passcode - dhamma
📞 තාක්ෂණික සහාය සඳහා +94 71 125 1640 | +94711251640
ධම්මවිචය Dhammavicaya
🌝 අද පින්බර වෙසක් පොහොය දිනය යි. දසබලධාරී ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏.
වෙසක් පොහොය යනු බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය හා පිරිනිවන් පෑම සිහිපත් කරන ලෝකවාසී බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම ආගමික උත්සවයයි.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා! තෙරුවන් සරණයි! ☸️
#Vesak #Buddha #Buddhism #SriLanka #Vesak2026 #BuddhaStatue #Buddhist #Shorts #VesakShorts
1 month ago | [YT] | 35
View 2 replies
ධම්මවිචය Dhammavicaya
🌞“දුප‍්පබ‍්බජ‍්ජං දුරභිරමං, දුරාවාසා ඝරා දුඛා;
දුක‍්ඛොසමානසංවාසො, දුක‍්ඛානුපතිතද‍්ධගූ;
තස‍්මා න චද‍්ධගූ සියා, න ච දුක‍්ඛානුපතිතො සියා”ති.(ධම්මපදපාළි)🌹
අද දින (මැයි 11) ට මා පැවිදි දිවියට ඇතුළත්ව විසි වසරක් සම්පූර්ණ වෙනවා. මාගේ පින්බර මාපිය දෙපළත්, පැවිදි දිවියට මන් පෙත් විවර කර දුන් ලබුනෝරුව කන්ද අරණ්‍ය සේනාසනාධිපති ආචාර්ය අතිපූජනීය මාන්කඩවල නන්දරතන ස්වාමින් වහන්සේ, ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ හා පළමු ප්‍රවෘජාචාර්යන් වහන්සේ වන මිහිඳු අරණ්‍ය සේනාසනාධිපති අතිපූජනීය ගල්පාත සුමන ස්වාමින් වහන්සේ ඇතුලු සාමණේර සමයේ පැවැදි දිවියට ආලෝකය ලබා දුන් ආචාර්ය උපාධ්‍යාය මහෝත්තමයන් වහන්සේලා හා කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ද ශාසන භාරධාරී භික්ෂුවක් ලෙස උපසම්පදා භූමියට ඇතුළත් වීමේ දී මාගේ උපාධ්‍යාය මහෝත්තමයන් වහන්සේ වන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරන්ධරව වැඩ විසූ මහා කම්මට්ඨානාචාර්ය, ත්‍රිපිටක වාචීශ්වරාචාර්ය අතිපූජනීය නා උයනේ මා හිමිපාණන් වහන්සේ, වත්මන් යෝගාශ්‍රමාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මාහෝපාධ්‍යාය අතිපූජනීය විටියල ජනානන්දාභිධාන මහා ස්වාමින් වහන්සේ ඇතුලු මාගේ කර්මාචාර්ය මහෝත්තමයන් වහන්සේලා ද මාගේ නිස්සයාචාර්යෝත්තම අතිපූජනීය මීගොඩ සංඝසෝභන මාහිමිපාණන් වහන්සේ, කර්මස්ථානාචාර්යෝත්තම නා උයන ආරණ්‍ය සේනාසනාධිපති අතිපූජනීය අගුල්ගමුවේ ආරියනන්ද මාහිමිපාණන් වහන්සේ ඇතුලු ආචාර්ය උපාධ්‍යාය මහෝත්තමයන් වහන්සේලා ද මගේ පැවිදි දිවියට නොමද අත් වැලක් වන අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ ගරු සභාපති ධූරන්ධර පූජ්‍ය වේරපිටියේ දේවානන්ද ස්වාමින් වහන්සේ, ගරු උපසභාපති ධූරන්ධර පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින් වහන්සේ ගුරු ලේඛකාධිකාරී පූජ්‍ය උඩදිගන සිද්ධත්ථාලංකාර ස්වාමින් වහන්සේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය පැල්මඩුල්ලේ විජිතානන්ද හිමියන් ඇතුලු සියලුම කල්‍යාණ මිත්‍ර උත්තමයන් වහන්සේලා කෘතඥතා පූර්වකව සිහිපත් කරමින් මා පැවිදි දිවිය පුරාවට කරගත් සකලවිධ පුණ්‍ය සම්භාරය ධර්මයෝ අනුමෝදන් කරමි🙏 සාධු සිතින් අනුමෝදන් වෙත්වා 🙏 එසේම සියලුම සබ්‍රහ්මචාරීන් වහන්සේලා ද ගිහි ජීවිතයේ අඳුරු උතුමන් ද සහෝදර ඥාති මිත්‍රාදීන් ද පැවිදි ජීවිතය පූරාවට අතීතයෙත් ඉදිරියටත් සිව් පසයෙන් සංග්‍රහය කළ, කරන සියලුම සත්පුරුෂ පින්වතුන් කෘතඥතා පූර්වකව සිහිපත් කරන අතර ඒ සැමට ද ශාසනාරක්ෂක, ලෝක පාලක, ආත්මාරක්ෂක ආදී කොට ඇති සදෙව් ලොව වාසී සම්‍යක් දෘෂ්ටි සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා හටත් ශාසනයට උර දී ළය දී අපවත් වී වදාළ සියලුම සංඝ පීතෘන් වහන්සේලාටත් පරලොව සැපත් සියලු පින්වතුන්ටත් පින් කැමති සකල සත්ත්වයන්ටත් මා කරගත් විපුල පුණ්‍ය සම්භාර ධර්මයෝ අනුමෝදන් කරමි🙏 අනුමෝදන් වෙත්වා 🙏 සෑම දෙනා වහන්සේලාගේ, සෑම දෙනාගේම සම්‍යක් ප්‍රාර්ථනා පුරපස මෝරන සඳ මෙන්, භද්‍රඝටයක් මෙන්, චින්තා මාණික්‍යයක් මෙන් සපල වෙත්වා🙏 පාරමී මුදුන් පමුණුවා ගෙන පැතූ, පතන අධිගම ඥානයකින් අමා මහ නිවනින් සැනසෙන්නට ලැබෙත්වා🙏
"සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා" 🙏 🙏 🙏
"සබ්බෙ සත්තා භවන්තු සුඛි තත්තා" 🙏🙏🙏
1 month ago | [YT] | 31
View 5 replies
ධම්මවිචය Dhammavicaya
🌝🌹අද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ත්‍රීවිධ මංගල්‍ය සිහිකරන වෙසක් පුන් පොහොය දිනය යි. 🌹 සියලු ලෝක වාසීන්ගේ සිත් සතන් සදහම් සුවයෙන් නිවී සැනසේවා 🙏 මෙත්, කරුණා, මුදිතා ගුණ දම් දස දෙස පැතිරේවා 🙏 ලෝ දන්න තුඩ තුඩ බුදු ගුණ වැයේවා 🙏 ලෝ දසත බුදු ගුණයම පැතිරේවා 🙏 බුදු ගුණ බලයෙන් සැම සතුන්ගේ දුක් වේදනා දුරු වෙත්වා 🙏 සැමට සැනසීම උදා වෙත්වා 🙏
1 month ago | [YT] | 51
View 4 replies
ධම්මවිචය Dhammavicaya
බුදුරදුන් මහියංගණයට වැඩම වු පින්බර දුරුතු පොහොය...
දුරුතු මාසයේ යෙදෙන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය , ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඉතා වැදගත් දිනයක් වනු ඇත.
☸️ බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ තුන් බෑ ජටිලයින් ප්‍රධාන දහසක් ජටිල පිරිස දමනය කිරීමෙන් පසුව ප්‍රථම වරට ලංකාවට වැඩමවීම හා එහිදී යක්ෂ ගෝත්‍රිකයන් දමනය කිරීම, කේශ ධාතු නිදන්කොට මහියංගණ දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහරජුගේ ආරාධනය පරිදි බුදුරදුන් රහතන් වහන්සේලා දහසක්ද සමඟ රජගහනුවරට වැඩමවීම හා ආරාම පූජාව අනුදැන වදාළේදුරුතු පොහෝ දිනකදී ය.
● බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නව වැනි මාසයේදී දුරුතු පුර පසළොස්වක පොහෝදා මහියංගණයෙහි මහවැලි ගඟ අසබඩ යොදුන් තුනක් දුරින් පිහිටි මහානාග වනෝද්‍යානයට වැඩම කළහ. මෙම ඓතිහාසික සිද්ධිය පිළිබඳ මහාවංසයෙහි පළමු පරිච්ඡේදයෙහි මෙසේ සඳහන් වෙයි.
බෝධිතො නවමේ මාසෙ - ඵුස්සදුණ්ණමියං ජිනො
ලංකාදීපං විසොධෙතුං - ලංකාදීප මුපාගමි
එදින මහවැලි නදිය අසබඩ පිහිටි මහානාග වනෝද්‍යානයෙහි යක්ෂ ගෝත්‍රිකයන්ගේ මහා සමුළුවක් පැවතිණ. ඒ වන විට ලක්දිව ඉතා බලසම්පන්නව සිටියේ යක්ෂ ගෝත්‍රිකයෝය. ඔවුන්ගේ දරුණුූ ක්‍රියාවන් නිසාම මෙසේ නම් ලද බව පිළිගත හැකිය. මෙරට ප්‍රාග් ඓතිහාසික පුරවැසියන් ලෙස හඳුන්වා දිය හැක්කේ නාග ගෝත්‍රිකයෝ. මෙම දෙපිරිස අතර කාලාන්තරයක පටන් පැවැති අසමගිය දුරුකිරීම බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනයෙහි ප්‍රධාන අරමුණ විය. ලක්දිවට වැඩමවා එහි වෙසෙන දරුණු මිනිසුන් දමනය කිරීමෙන් සිදුවන යහපත දැකීම එයට හේතුවෙයි. මේ සඳහා ලක්දිවට වැඩමවන ලෙස බුදුරදුන්ට ඇරයුම් කළේ සුමන සමන් දිව්‍යාරාජයා වන බවද බෞද්ධයෝ විශ්වාස කරති.
ඳැනට මහියංගණ චෛත්‍යය පිහිටි ස්ථානයෙහි පත්කඩ අතුට වැඩසිටි බුදුරජාණන් වහන්සේ යක්ෂ සේනාව දමනය කිරීම සඳහා ධර්මය දේශනා කළහ. එම බණ ඇසු ඉතා විශාල වූ පිරිසක් ධර්මාවබෝධය කළහ. යක්ෂ ගෝත්‍රිකයන් රුදුරු ගති පැවතුම් ඉවතලා යහපත් පිරිසක් බවට පත්වීමද මෙහිදී ඉතා වැදගත් වෙයි.
● බණ අසා සෝවාන් භාවයට පත් වූ සුමන සමන් දිව්‍යරාජයා විසින් ස්වාමීනි, අපට පූජාර්හ වස්තුවක් දුන මැනවැයි” යි.ආයාචනා කරන ලදී. බුුදුරජාණන් වහන්සේ ඔහුට කේශධාතු මිටක්දී පෙරලා උරුවෙල් දනව්ව බලා වැඩම වූහ.
● ඉක්බිති සුමන සමන් දිව්‍යාරාජයා බුදුරදුන්ගේ කේශධාතු ස්වල්පය රන් කරඬුවක තැන්පත් කොට සත් රියනක් උස සෑයක නිදන් කළේය. එම සෑය ඉදි කළේ එදා බුදුරදුන් ධර්මය දේශනා කරමින් වැඩසිටි ස්ථානයේ මය. මෙසේ ලෝකයේ ප්‍රථම දාගැබ මහයියංගණ දාගැබ බුදුරදුන් ජීවමානව සිටිය දීම නිර්මාණය කොට පූජෝපහාර දැක්වීමේ ගෞරවය සුමන සමන් දිව්‍යාරාජයාට හිමිවෙයි. මෙකී මහියංගණ සෑය හෙවත් මියුගුණසෑය ලොව ප්‍රථම බෞද්ධ සංකේතයද වන අතර ප්‍රථම ථූප මූර්තියද වේ. සුමන සමන් දිව්‍ය රාජයාගේ මියුගුණ සෑය එදා පටන් යක්ෂ නාග දෙපිරිසගේම වන්දනාමානයට ලක් විය.
● පසුකාලයක සැරියුත් මහරහතන් වහන්සේගේ අතවැසි වූ සරභූ රහතන් වහන්සේ විසින් කුසිනාරා නුවර පිරිනිවි බුදුරදුන්ගේ ශී‍්‍ර දේහය ආදාහනය කළ චිතකයේ ගී‍්‍රවා ධාතුව ගෙන නිදන් කොට මියුගුණ සෑය වටකොට දොළොස් රියන් චෛත්‍යයක් ඉදිකරවන ලදහ. එය පළමු චෛත්‍යය යට කොට වසා කළ හෙයින් කඤ්චුක චෛත්‍යය නම් විය. කලකට පසු දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරෙකු වූ උද්ධ චූලාභය, රජු මහානුභාව සම්පන්න වූ මෙම මනෝහර මියුගුණ සෑය දැක බෙහෙවින් තුටුපහටු වී දොළොස් රියන් සෑය වසා තිස්රියන් කොට සෑයක් කරවීය. දුටුගැමුණූ රජු එම තිස් රියන් සෑය වසා අසූරියන් උස්කොට කඤ්චුක චෛත්‍යයක් කරවීය. ඉන්පසු නොයෙක් කාල පරිච්ඡේදවලදී ගරාවැටුණු මෙම චෛත්‍යය ධාතුසේන, සිරිසඟබෝ, අග්බෝ, පරාක්‍රමාබාහු ආදී ශ්‍රේෂ්ඨ නරවිරුවන් විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදහ. මේ වන විට ලෝකයා ගේ වන්දනාමානයට යෝග්‍ය වන අයුරින් මියුගුණ සෑයෙහි සියලු ප්‍රතිසංස්කරණයන් නිමකොට තිබේ.අද අප දකින මියුගුණ සෑය බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය සිහිපත් කරවන ප්‍රබලතම සාධකයක් වනු ඇත.
එබැවින් සැදැහැති බෞද්ධයෝ බුදුරජුන්ගේ ප්‍රථම ලංකාගමන සිහිකරමින් මහියංගණ සෑය මෙසේ නමදිති.
“ලංකාය යත්ථ පඨමං සුගතෝ නිසජ්ජ
යක්ඛේ දමේසි නිජ සාසන පාලනාය
ඨානේ තහිං නිහිතකුන්තල ගී‍්‍රව ධාතුං
වන්දාමි සාදු මහියංගණ ථූප රාජං”
“බුදුරජාණන් වහන්සේ ස්වකීය ශාසනය ආරක්ෂා කරනු සඳහා පළමු කොට ලක්දිව යම්තැනක වැඩ හිඳ යක්ෂයන් දමනය කළ සේක් ද, එම ස්ථානයෙහි කේශධාතු හා ගී‍්‍රවා ධාතු නිධන් කොට පිහිටුවන ලද මහියංගණ චෛත්‍යරාජයා වඳිමි.
● ප්‍රථම ලංකාගමනයෙන් පසු බුදුරදුන් මගධයේ අධිපති බිම්බිසාර මහරජුගේ ආරාධනයෙන් උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේලාද සමග රජගහනුවරට වැඩම වූයේද දුරුතු මාසයේය. කිංසච්ච ගවේසීව සිටි සමයේ රජු දුන් පොරෙන්දුවක් ඉටු කිරීම එසේ රජගහනුවරට වැඩමවීමට හේතුවයි. එහිදී බිම්බිසාර මහරජු බුදුරදුන් හමුවීම සඳහා පැමිණියේ විසි දහසක් පමණ වූ පිරිසක්ද පිරිවරා ගෙනය. උන්වහන්සේ රජු ප්‍රමූඛ පිරිසට ධර්මය දේශනා කළහ. මෙය බිම්බිසාර මහ රජුගේ ප්‍රාර්ථනා පහම ඉටු වූ අවස්ථාව විය. ඉතා සැදැහැවත් මහෝපාසකයෙකු වු බිම්බිසාර මහරජු පසුව වේළුවනාරාමය ද බුදුරදුන් ප්‍රමුඛ සංඝයාට පිදීය. ඒ අනුව වාසය සඳහා ආරාම පුජාව පිළිගැනීම යෝග්‍ය බව බුදුරදුන් භික්ෂූන් වහන්සේ සඳහා නියම කෙළේද මෙම දුරුතු මාසයේ දීය.
මෙසේ විමසා බැලූ කල දුරුතු පුර පසළොස්වක පොහොය දිනය වූ කලී ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් සිදු වූ දිනය මෙන්ම ලක්මව බුදුරදුන් දුටු මුල්ම දිනයද වන හෙයින් ශ්‍රී ලංකා වාසීන් ලෙස මෙම දිනය සදා අනුස්මරණීය දිනයක්ව පවත්නා බව සිහිපත් කළ යුතුය.
5 months ago | [YT] | 18
View 1 reply
ධම්මවිචය Dhammavicaya
*ත්‍රිවිධ රත්නයේ අනන්ත සූවීසි මහා ගුණ බෙලෙන්,*
*ද්‍රොණයක් සර්වඥ ධාතුන් තැන්පත් රත්නමාලි මහසෑ* *රදුන්ගේ අනුහසින්,*
*විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ* *සමිඳු අනුහසින්,*
*සතර දළදා වහන්සේගේ* *අනුහසින්,*
*සතර ශ්‍රී පදාස්ථානයේ* *අනුහසින්,*
*කෙල ලක්ෂයක් ලෝක ධාතූන්හී ජින ආඥා චක්‍රය* *පතුරුවාලු පරිත්‍රාණ* *ධර්මයෙ අනුහසින්,*
*අනන්ත නය සමන්වාගත* *සමන්ත* *පට්ඨානයේ මහානූභාව* *බෙලෙන්,*
ඔබට / ඔබවහන්සේට සියලු යහපත ආරාක්ෂාව පහසු විහරණය නිදුක් නීරෝගි සුව සම්පත්තිය ගෙන දෙන වාසනාවන්ත වූත්, අර්ථ සම්පන්න වූත් 🪷*නව වසරක් වේවා !
5 months ago | [YT] | 9
View 0 replies
ධම්මවිචය Dhammavicaya
🌝 අද පෙර වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහ පවාරණය සිදු කරන පුණ්‍යවන්ත දිනයයි. "අනුජානාමි, භික‍්ඛවෙ, වස‍්සං වුත්‍ථානං භික‍්ඛූනං තීහි ඨානෙහි පවාරෙතුං දිට‍්ඨෙන වා සුතෙන වා පරිසංකාය වා". යන බුද්ධ ආඥාව අනුව භික්ෂූන් වහන්සේ පවාරණ විනය කර්මය සිදු කරයි. පෙර වස් පවාරණය කළ භික්ෂූන් වහන්සේට "අනුජානාමි භික‍්ඛවෙ, වස‍්සං වුත්‍ථානං භික‍්ඛූනං කඨිනං4 අත්‍ථරිතුං." යන බුද්ධ නියමය අනුව කඨිනයක් ඇතිරීම සිදු කළ හැකිය. එහෙයින් කඨිනයක් සඳහා වස්ත්‍ර පූජා කර සැදැහැවත් බෞද්ධ ජනයා මහත් අනුසස් ලැබෙන උතුම් පිංකම් කර ගනිති.
8 months ago | [YT] | 21
View 0 replies
ධම්මවිචය Dhammavicaya
🌝 බෞද්ධ සාහිත්‍යයට අනුව වප් පොහොය දිනයේ වැදගත්කම නො වන්නේ.
8 months ago | [YT] | 8
View 0 replies
ධම්මවිචය Dhammavicaya
🌝 අද නිකිණි පුන් පොහොය දිනයයි. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව පළමු ධර්ම සංගායනා සිදු කිරීම ආරම්භ කරන ලද්දේ අද වැනි පුන් පොහොය දිනයක ය.🌹 "බුද්ධ සාසනං චිරං තිට්ඨතු!"🌹
10 months ago | [YT] | 10
View 0 replies
ධම්මවිචය Dhammavicaya
අද ඇසළ පුන් පොහෝ දිනය යි. සැම සිත් සතන් සුවපත් වේවා 🙏 පාරමීදම් සපිරෙන පිංවන්ත දිනයක් වේවා 🙏
11 months ago | [YT] | 9
View 0 replies
ධම්මවිචය Dhammavicaya
🌝 අද පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි. සියලු ලෝ වැසි සත්ත්වයන් සදහම් සුවයෙන් නිවී සැනසේවා! මෙත් කරුණා මුදිතා ගුණ දස දෙස පැතිරේවා!🙏🙏🙏
1 year ago | [YT] | 7
View 0 replies
Load more