Everyone loves video gaming. But only a few of them go deep into game stories, details, news, rumors, and backstage. So my channel is for discussing what you always miss about gaming. It is worth subscribing, turn on notifications, and share my channel among your friends. There is no point to think twice. This is your chance and grabs it. Happy gaming. Cheers!
වීඩියෝ ක්‍රීඩා වලට අපි හැමදෙනාම අඩු-වැඩි වශයෙන් කැමතියි. ඒත්, ඒවාගේ ඇතුලෙ සැගවුණු කතා, අළුත් තොරතුරු, කටකතා, පුවත් සහ විස්තර ගැන කතා කරන තැනක් තවමත් හැදිලා නෑ... ඉතින් මේ වෑයම ඒ සදහායි. දෙපාරක් හිතන්න දෙයක් නෑ. ඔයා ගේම්ස් වල හොයන රහ අපි ගාව තියනවා. ඔයාට තියෙන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරල, නොටිෆිකේශන් ඔන් කරලා, අපේ චැනල් එක ගැන යාලුවන්ට කියන්න විතරයි. ජයවේවා හැමදෙනාටම..
Planet 361
ඔයා Call of Duty : Black Ops play කළා නේද? ඒකෙ Tunnel Rats mission එක මතකද? Alex Mason සහ Frank Woods දෙන්නා වියට්නාමයේ Vietcong ගරිල්ලන් විසින් නිර්මාණය කරපු උමං වලට රිංගලා කරපු මෙහෙයුමේ කතාව තමයි ඒ Tunnel Rats mission එකේ තියෙන්නෙ.
මගෙ ලෝක සංචාරය ඇතුළෙදි එදා Mason සහ Woods දෙන්නා සටන් කරපු වියට්නාමයේ ඒ උමං ඇතුළෙ ඇවිදගෙන යන්න මටත් පුලුවන් වුණා. අපි computer එකක් ඉස්සරහ ඉඳගෙන mission එකක් විදියට play කරාට, එදා මේ ඇත්තම tunnels ඇතුළෙ බැහැගෙන කොහොම යුද්ධ කරාද කියලා හිතාගන්නවත් බෑ. ඔයාටත් ඕනනම් ඒ game එකේ ගත්ත feeling එක ඇත්තටම ගන්න, මේ video එක බලන්න. Channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා....
වියට්නාම් යුද්ධය උඩුයටිකුරු කළ වියට්කොං Cu Chi උමං | Exploring Vietnam 🇻🇳 | වියට්නාමයේ දෙවැන්න
https://youtu.be/84ghyLNkUNY
2 months ago | [YT] | 50
View 0 replies
Planet 361
ලංකාවේ අය ටිකෙන් ටික Gaming Industry එකේ ඉහළට යනව දකින මම 😍
Best of Luck Gehan Pathiraja. #ForzaHorizon6 #Playgroundgames
3 months ago | [YT] | 599
View 17 replies
Planet 361
මම ඉන්නෙ ලංකාවේ. ඒ කතාව පස්සෙ කියන්නම්.
පහුගිය දවස් ටිකේ ලංකාවෙ සිද්ධවුණ දේවල් එක්ක ගොඩක් කාර්‍යබහුල වුණා. රස්සාව, කෑගල්ලෙ ගෙදර, සෞඛ්‍ය කඳවුරු සහ ඒ අතර ලැබෙන නිදහස් වෙලාවන්වලදි පුලුවන් තැන්වලට ගිහින් කරපු උදව් නිසා හුස්මක්වත් ගන්න ලැබුණෙ නෑ. ඒ නිසා comments වලට reply කරන්න තියා channels දිහා හැරිලවත් බලන්න ලැබුණෙ නෑ. පහුගිය දවස්වල publish වුණ videos ඔක්කොම scheduled ඒවා. ඒ ගැන sorry හොඳේ..
වුණ දේ වුණා. දැන් තමයි ලොකුම ගේම තියෙන්නෙ. ඉස්සරහට වැඩ ගොඩක් තියෙයි. ඒව අපේ මිනිස්සු හැමෝම බර කරට අරගෙන කරයි. මට මේ post එකෙන් කියන්න ඕන එක දෙයයි. ලෝකෙ අනිත්පැත්ත පෙරලුණත් ඉගෙනගන්න එක උඹලා නතර කරන්න එපා. ඒ බර කරට ගන්න වෙන්නෙ ඔයාලටමයි. මිනිස්සු එක්ක එකතු වෙලා, අහිමි වුණ දේවල් ගැන හිත හිතා අඬ අඬා ඉන්න එක ඕන එකෙක්ට කරන්න පුලුවන්. හැබැයි ඒව කර කර පහු කරන්න තරම් ජීවිතේ උඹලට වෙලාව ඉතුරු කරල දීල නෑ. සතියක් දෙකක් අඬන්න. ඊට පස්සෙ නතර කරපු තැන ඉඳන් ටික ටික පටන් ගමු. ඉගෙනීම කියන්නෙ අත්තටු. පස් කඳු හාරගෙන ගොඩට ඇවිත්, ගං වතුර දෙබෑ කරගෙන අහසටම පියාඹමු.
අපි ඉන්නවා ඔයාලත් එක්ක.
5 months ago | [YT] | 391
View 12 replies
Planet 361
Insta ඉන්න අයට මගෙ personal account එක මෙතනින් follow කරන්න පුලුවන් 👇
www.instagram.com/kasun_planet361?igsh=bWJvY29obm9…
7 months ago | [YT] | 424
View 12 replies
Planet 361
මට ඕන වුණේ මගෙ ගමන් බිමන් වල සහ මගෙ ජීවිතේ සිද්ධ වෙන දේවල් වල වීඩියෝ සාක්ෂි තියාගන්න. YouTube අවකාශය කියන්නෙ ඒකට හොඳ ගබඩාවක්. ඒ වගේම මට තවත් දෙයක් හිතුණා.
ලංකාවෙ මිනිස්සු ඕපදූප වලට ගොඩක් කැමති. මම කියන්නෙ බොරුනම් ලංකාවෙ නළුනිලියන්ගෙ YouTube සහ Facebook pages වලට ගිහින් බලන්න. ඉතින් එහෙම පසුබිමක් ඇතුළෙ අපේ ජීවිත වල සිද්ධවෙන දේවල් තව කෙනෙක් එක්ක බෙදාගැනීමෙන්, ඒ බලන කෙනාගෙ ජීවිතේට ලොකු බලපෑමක් කරන්න පුලුවන් බව මං තේරුම් ගත්තා. ඒ විදියට තමයි planet 361 Stories ඔයාලට බලන්න පුලුවන් වෙන්නෙ.
"අපි හොඳට ඉගෙන ගමු, ඉගෙනගෙන ලෝකය දකිමු. සංචාරය නොකරන්නා ජීවිත පොතේ කියවන්නේ එක් පිටුවක් පමණයි". ඕපාදූප වෙනුවට මේ පණිවිඩේ දෙන්න මට ඕන වුණා. අවුරුදු 3ක් පුරාවට මේ බලපෑම විඳිමින් මා හා එකතුවූ 50000ක් වූ ඔබට ස්තූතියි!
7 months ago (edited) | [YT] | 457
View 17 replies
Planet 361
පරිගණකයේ හදිසියේ ඇතිවුණ දෝෂයක් නිසා video එකේ වැඩ ටික ඉවර කරගන්න බැරිවුණා. ඒ වගේම තව හදිසි කාරණා කීපයක් නිසා මේ සතියේ ඒ video එක පළ කරගන්න බැරිවෙනවා. ඒකට සමාව ඉල්ලනවා.
ලබන සතියේ පටන් Videos පළ කෙරෙන රටාවේ වෙනසක් සිද්ධ වෙනවා. මට හදිසි විභාග කටයුත්තක් තිබ්බ නිසා මාස 3ක් වගේ කාලයක් ඉරිදා දින පමණයි video එකක් දාන්න පුලුවන් වුණේ. ඔයාලගේ ඉවසීමෙන් ඒකට ඉඩ දුන්න නිසාවෙන් ඒ විභාගය සමත් වෙන්නත් මට පුලුවන් වුණා. බොහොම කෙටි කාලයකින්, වැඩ ගොඩාක් එක්ක විභාගයට මුහුණ දෙන්න වුණ නිසයි videos අඩු කරන්න සිද්ධ වුණේ.
ලබන සතියේ ඉඳන් සිද්ධ වෙන වෙනස්කම තමයි මේ කාලයේදී සතියට එක බැගින් වූ videos ප්‍රමාණය, සතියක් හැර සතියක් videos දෙකක් දක්වා වැඩි වීමයි. ඒ කියන්නෙ හැම සතියකම ඉරිදා දවසක video එකක් සහ, සතියක් හැර සතියක් සති මැද video එකක් පළ කෙරෙනවා. හරියටම සති 4කට videos 6ක් ඔයාලට බලන්න පුලුවන්.
ඒ වගේම මට ඉදිරි අවුරුදු 2-3ක කාලය ගොඩක් කාර්‍යබහුල කාලයක් වෙනවා. ඒ නිසා ඉවසීමෙන් මාත් එක්ක ඔයාල රැඳේවි කියලා බලාපොරොත්තු වෙනවා. Subscribersලා ප්‍රමාණය වැඩිකර ගැනීමේ, channel එකෙන් ලොකු මුදලක් සෙවීමේ, Gaming සම්බන්ධ ඕනම දෙයක් පළකර contents ප්‍රමාණය වැඩි කිරීමේ වගේ අරමුණු planet 361 වල නෑ. Content quality එක උපරිම මට්ටමෙන් පවත්වාගෙන, නිවැරදිම සහ ගුණාත්මක දේ ඔයාල ළඟට අරගෙන එන එක තමයි මගෙ අරමුණ. කොහොමත් තව අවුරුදු 5ක් වගේ කාලයකින් channel එක පිලිබඳ ලොකු තීරණයක් ගන්න ලොකු සම්භාවිතාවයක් තියනවා.
ගොඩක් ස්තූතියි. ජයවේවා!
7 months ago | [YT] | 585
View 22 replies
Planet 361
ඔයා Metro game series එක play කරල තියනවද?
1979 රුසියාවෙ මොස්කව් වල ඉපදෙන About Dmitry Glukhovsky විසින් Metro 2033 පොත ලියලා පල කරන්නෙ 2005දි. න්‍යෂ්ඨික යුද්ධයකින් පස්සේ රුසියාවෙ Metro system එක ඇතුළේ ජීවත්වෙන රුසියානුවො ගැන ලියවුණු මේ පොතෙන් තමයි යුක්‍රේන video game developer කෙනෙක් වෙන 4A games විසින් Metro game series එක පටන් ගන්නෙ. ඔයා මේ Metro series එක play කරාට ඇත්තටම මේ Metro system එක හැබැහින් දැකල තියේද? මගෙ රුසියානු සංචාරෙදි මට ඒ වාසනාව උදා වුණා. Artyom ඇත්තටම සටන් කරපු Moscow metro system එක තමයි මේ
Moscow Metro සහ කිලෝමීටර් 700ක කෝච්චි ගමන | Exploring Russia 🇷🇺 | රුසියාවේ නවවැන්න
https://youtu.be/UowKxniI8xQ
8 months ago | [YT] | 49
View 1 reply
Planet 361
මට ඔයාලට දෙයක් කියන්න අමතක වුණානෙ මේ වැඩ රාජකාරි අස්සේ. ගිය ජූනි මාසේ මම ගියා අපූරු සංචාරයක්, ඒ රුසියාවේ. ඔයාල දන්නවා ඇති මේ job එකත් කරගෙන, games play කරන අතරවාරයේදී මම ලෝකෙ වටේ සංචාරයක යනවා කියලා. "මැරෙන්න කලින් රටවල් 100ක" යන මේ ගමනේ මම ගියපු 11 වෙනි රට තමයි රුසියාව. මොස්කව් සහ සෙන්ට් පීටර්ස්බර්ග් යන ප්‍රධාන නගර දෙකේ දවස් 12ක් ගත කරපු මට අහම්බෙන් ත්වේර් වලටත් යන්න ලැබුණා. මේ සංචාරේ රසමුසු තැන්, වැරදුණු තැන්, ඉගෙනගත්ත තැන් ඔයාලටත් බලන්න පුලුවන්. ඒ @Planet361Stories channel එකෙන්. මෙන්න එහෙනම් පළවෙනි video එක
ලෝකයේ පියස්ස | Exploring Russia 🇷🇺 | රුසියාවේ පළමුවැන්න | මගෙ 11 වෙනි රට
https://youtu.be/9NwkYxk-Cec
8 months ago | [YT] | 52
View 1 reply
Planet 361
කාලෙකින් අමුතු රැල්ලක් හැදීගෙන එනවා දැක්කා. ඉගෙනගන්න අයට ලාවට Motivation එකක් ඔන්න. හැබැයි කොච්චර ඉගෙනගත්තත් ඔළුව නමාගෙන, කන පාත් කරගෙන ඉන්න තරමට ගේමක් ගහන්න ලේසී. ඒ වගේම කොළවල Print කරල දෙන ඒව වගේම, හදවතට දැනෙන ඒවත් ඉගෙනගන්න ඕන. එතකොට තමයි මනුස්සයෙක් සම්පූර්ණ වෙන්නෙ. තමන්ගෙ ජීවිතේ ඉරණම වෙනස් කරන්න බලාගෙන, උත්සාහයෙන් ඉගෙනගන්න හැමෝටම ජය!
10 months ago | [YT] | 1,477
View 67 replies
Planet 361
මීට සති කීපයකට කලින් මම පෝස්ට් එකක් දාල ඔයාලට දැනුම් දුන්නා ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල මම කාර්‍යබහුල වෙන නිසා මාත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් කතා කරන්න කියලා. නමුත් ඒකට සාධනීය උත්තරයක් හම්බවුණේ නැති නිසා ඒ මාස තුන ඇතුළෙ කණගාටුවෙන් වුනත් දාන videos ප්‍රමාණය අඩු කරන්න සිද්ධ වෙනවා.
මම මේ වෙනකන් හැම සතියටම videos දෙකක් දැම්මා. ඒ බදාදා සහ ඉරිදා. සාමාන්‍යයෙන් එක video එකකට research එකක් කරලා, script එක හදාගෙන, video and recording කරලා edit කරන්න පැය 8ක් වගේ යනවා. මේ මාස තුන ඇතුලෙ මගෙ නිදහස් කාලයෙන් පැය 16ක් සතියට මේ වෙනුවෙන් වෙන් කරන්න අමාරුයි. ඒ නිසා ඒ මාස තුන ඇතුළෙ බදාදා දාන video එක දාන්න වෙන්නෙ නැහැ. නමුත් හැම ඉරිදම ඔයාලට video එකක් අරගෙන එන්න මම පොරොන්දු වෙනවා. ඔක්තෝබර් මාසය පටන් ගැනීමත් එක්ක නෑවත පුරුදු රටාවට සතියට videos දෙක ගානෙ පළ කරන්න බලාපොරොත්තු වෙනවා (ඔයාල කැමතිනම් විතරක්)
අන්තිමට කියන්න තියෙන්නෙ මේ කාර්‍යබහුල කාලයේදි channel එක අමතක නොකර ඒත් එක්කම රැඳිලා ඉන්න කියලයි. ඒ වගේම මම කලින් කිව්ව වගේ මේ channel එක මට හැමදාම කරගෙන යන්න පුලුවන් එකකුත් නෙමේ. මම හිතන්නෙ තව උපරිම අවුරුදු 5ක් මට මේක කරගෙන යන්න පුලුවන් වෙයි. ඊට පස්සෙ මේ බැඳීම් සහ වගකීම් වලින් මිදිලා නිදහස් මනුස්සයෙක් විදියට ජීවිතේ ඉතිරි කාලය ගෙවන්න ඕන. ඒ නිසා මම හැමෝගෙන්ම ඉල්ලන්නෙ මේ තැන ගන්න කවුරුහරි සූදානම් වෙන්න. හැබැයි එයාට සිද්ධ වෙනව කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී මේක කරන්න. ඒකට හේතුව මේ දෙවෙනි පින්තූරෙ බැලුවම ඔයාලට හිතාගන්න පුලුවන් වෙයි. ජයවේවා!
10 months ago | [YT] | 545
View 42 replies
Load more