Hi !!! Welcome to my channel 🥰🧿💜️
I'm Pubuduni °🤎 A teacher trainee👩🏻🎓👩🏻🏫.
This is all about the simple pleasures & beautiful days in my life🎡. In addition, I will share study vlogs & successful experiences in my education journey too..🙌
👊Check my playlists for,
🏷️Study tips
🏷️Study vlogs
🏷️A/L, O/L Study tips
🏷️NCOE (Vidyapeeta) facts
🏷️Day vlogs
🏷️Travel vlogs
If you like my videos, don't forget to 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 to my channel🤝🥂
Love You All 🌹 Stay tuned for more videos...
______________________________________
📈 Milestones
1st Video - 22.11.16
100 Subscribers - 22.12.10
500 Subscribers - 22.12.27
1K Subscribers - 23.01.18
______________________________________
📩 Let's connect through
👇
pubusdiaries1123@gmail.com
Pubu's Diaries
2025 A/L කරපු අයට Results ඇවිත්..😎❤️
හැමෝටම සුබ පැතුම්💜️✨️
විභාගෙ වෙනුවෙන් කැපවුණු, මහන්සි වුණු තරමට වටින ප්‍රතිපලයක් අද ඔයාට ලැබිලා ඇති..❤️
හැමදෙයක්ම සතුටින් භාරගන්න..💪 ඊළඟට මොනවද ඔයා කරන්නෙ කියලා බුද්ධිමත්ව හිතලා තීරණ ගන්න🎯
ආයෙත් විභාගෙට මුහුණ දෙන්න හිතාගෙන ඉන්න අය මේ ප්‍රතිපලය ඔයාගෙ ජීවිතේ හැරවුම් ලක්ෂයක් කියලා හිතන්න. ඊළග වතාවෙ ඔයාගෙ හීන දිනාගන්න අධිෂ්ඨානයෙන්, අඩුපාඩු තැන් හදාගෙන වැඩ කරමු..❤️ ඔයාලට පුලුවන් !💪 මහන්සි වෙලා වැඩ කරන හැමෝටම සතුටු වෙන්න දවසක් එනවා..💜️✨️
@PubusDiaries
1 month ago | [YT] | 61
View 7 replies
Pubu's Diaries
විද්‍යාපීඨ Interview අලුත්ම තත්ත්වය‼️🥰
⭕2023 A/L සහ 2024 A/L ප්‍රතිපල මත විද්‍යාපීඨ අයදුම් කරපු නංගිලා මල්ලිලාට සුබ ආරංචියක් තියෙනවා❤️..මේ වෙද්දි සමහර විද්‍යාපීඨවලින් සම්මුඛ පරීක්ෂණවලට කැඳවන සිසුන්ට තොරතුරු දැනුවත් කිරීමේ පහසුව සඳහා ඒ අයව ඇතුළත් කරලා නිල වශයෙන් Whatsapp Groups හදමින් පවතිනවා..ඉක්මනින්ම සම්මුඛ පරීක්ෂණ ආරම්භ වෙනවා කියලා ආරංචි ලැබිලා තියෙනවා (අප්‍රේල් මුල් සතියේ සිට)🤝
⭕ ඒ වගේම මේ වෙද්දි විද්‍යාපීඨවල එක් එක් පාඨමාලාවලට සම්මුඛ පරීක්ෂණවලට කැඳවන්න නියමිත සිසුන්ගෙ නම් ලැයිස්තු නිල වශයෙන් තීරණය කරලා ඒ ලැයිස්තු වෙබ් අඩවිවල පළ කරන්න පටන්ගෙන තියෙනවා..(හරියටම තහවුරු වුණ තොරතුරු දෙන Website link මේ post එකේ pin comment විදියට දාන්නම්👇)
විද්‍යාපීඨ අයදුම් කරපු අය ඔයාලා Apply කරද්දි දුන්න phone numbers වලට මේ දවස්වල එන messages, calls ගැන, ඔයාලව විද්‍යාපීඨවලින් whatsapp සමූහවලට Add කරලා තියෙනවද කියලා අවධානයෙන් ඉන්න🥰❤️
වැදගත් ‼️ - (සම්මුඛ පරීක්ෂණවලට කැඳවන සිසුන්ගෙ ලැයිස්තුවෙ ඔයාගෙ නම තිබූ පමණින්ම ඔයාව පාඨමාලාවට තෝරාගත්තු බව 100%ක් තීරණය වෙන්නෙ නෑ..සම්මුඛ පරීක්ෂණවලින් පස්සෙ තමා ඒ ගැන හරියටම දැනගන්න ලැබෙන්නෙ)
✅ Interview සම්බන්ධයෙන් වැදගත් වෙන තොරතුරු ඉදිරි වීඩියෝවලින් ගේන්නම්👩🏻🏫💜️
Good Luck නංගිලා මල්ලිලා හැමෝටම❤️
#vidyapeeta #ncoe #interview
@PubusDiaries
1 month ago (edited) | [YT] | 86
View 16 replies
Pubu's Diaries
https://youtu.be/6PC4EUYFB9o
පාඩම් කරන දේවල් Exam එකේදී අමතක වෙන, පාඩම් කරන දේවල් වැඩි කාලයක් මතක තියාගන්න බැරි ප්‍රශ්න තියන අයට මමත් අනුගමනය කරලා හොඳ ප්‍රතිපල ලැබුණු හොඳම Study Tips 5 ක් වගේම තව Bonus Tips ගැන මේ වීඩියෝ එකේදි මම කතා කරනවා...🥰 මේ Study Tips හරියටම follow කරලා බලන්න💪
4 months ago | [YT] | 16
View 0 replies
Pubu's Diaries
2026 HAPPY NEW YEAR 🥰💜️🎉️
අලුත් අවුරුද්දක් පටන්ගන්න දවස අලුත් සිතුවිලි එක්ක, අලුත් ශක්තියක් ඇති කරගෙන, ජීවිතය අලුත් කරගන්න ආරම්භයක් ගන්න හොඳම දවසක්❤️
ඉතින්, තමන්ව දිනවන්න, තමන්ගේ හීන සැබෑ කරගන්න උවමනාවක් තියන කෙනෙක්ට අද ඉඳන් අලුත්ම කෙනෙක් විදියට, හොඳ සැලැස්මක් ඇතුව ඒ වෙනුවෙන් වැඩ පටන්ගන්න පුලුවන්🥰✨️
මෙතෙක් කාලයක් ඔයාට මුහුණදෙන්න සිද්ධවුණු හැම අත්දැකීමකටම ස්තූතිවන්ත වෙන්න..❤️ ඒ උගත් පාඩම් තුළින් හිටියාටත් වඩා ශක්තිමත්ව, අඩුපාඩු හදාගෙන, හොඳ ගමනක් යන්න අලුත් පියවරක් තියන්න💪
තමන්ට අවංක වෙලා
හොඳ දේවල් හිතන්න❤️
හොඳ දේවල් කරන්න❤️
හොඳ දේවල් ලබන්න සුදුස්සෙක් වෙන්න🌌🧿
♡︎♡︎♡︎
@PubusDiaries 💕
4 months ago | [YT] | 15
View 1 reply
Pubu's Diaries
https://youtu.be/pFD7dBDcqic
විද්‍යාපීඨ ජීවිතේ අපිට තියෙන අමතක නොවෙන සුන්දර මතක ගොඩක් අතරේ විශේෂ ම තැනක් ලැබෙනවා Teaching practise වලට..👩🏻🏫 විද්‍යාපීඨය තුළ වසර 2ක් නේවාසිකව ඉඳිමින් අධ්‍යයන කාලයෙදි විෂයන් ගණනාවක් යටතේ ගුරුවරයෙක් / ගුරුවරියක් වෙන්න න්‍යායාත්මක දැනුමක් ලබනවා වගේම ප්‍රායෝගික වශයෙන් කාණ්ඩ ඉගැන්වීම් පුහුණුව විදියට අවස්ථා 4 කදී පාසල්වලට ගිහින් දින 10 බැගින් සම්පූර්ණ දින 40ක් දරුවෝ එක්ක පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හොඳින් කරන්න අපි පුහුණු වෙනවා..ඒ අතරතුර අපිව විධිමත් අධීක්ෂණයකට ලක්වෙනවා..ගොඩක් කැපවීමෙන්, නිදි නැති රැයවල් ගත කරලා පාඩම් සැලසුම් Lesson plan ලියාගෙන, අලුත් අලුත් ආකර්ෂණීය ඉගෙනුම් ආධාරක හදාගෙන සූදානම් වෙලා, උදෙන්ම සුදු සාරිය ඇඳලා , College සාරිය ඇඳලා අපි ඒ දවස්වල පාසලට යන්නෙ ආදරණීය දරුවන්ට අකුරක් හෝ හොඳින් උගන්වලා එයාලගෙ අනාගතේ ලස්සන කරන්න හරිම ආසාවෙන්..🤗 පුංචි දරුවො එක්ක ගත කරන කාලය ජීවිතේට සතුටු මතක ගොඩක් එකතු කරනවා...🥰❤️ ඒ කාලෙ කාර්‍යබහුල දවස් මැද්දෙ එකතුවුණු මතකවලින් බොහොම පුංචි කොටසක් විතරයි මේ..🌸🧿
@PubusDiaries
5 months ago | [YT] | 23
View 2 replies
Pubu's Diaries
A/L කරන නංගිලා මල්ලිලාට අවශ්‍ය හැම විෂයකම Notes එකතුවක් හදලා දීලා🙏❤️
💯 Special Thanks to නෝට් කොක්ක Admin✍️
Links පළවෙනි Comment එකේ👇
5 months ago | [YT] | 27
View 1 reply
Pubu's Diaries
🔴 2023 A/L , 2024 A/L කරලා විද්‍යාපීඨ අයදුම් කරන නංගිලා මල්ලිලාට ඒකට තිබුණු Closing Date එක අයහපත් කාලගුණය නිසා 2025 දෙසැම්බර් 05 දක්වා දීර්ඝ කරලා තියෙනවා. ඒ ගැන නොදන්න අයට දැනුවත් කරන්න💛
@PubusDiaries
6 months ago | [YT] | 8
View 3 replies
Pubu's Diaries
🔴 මේ ගෙවෙන්නෙ ශ්‍රී ලංකාවෙ අපි හැමෝටම ජීවිතවල වටිනාකම ගොඩක්ම දැනෙන දවස් ටිකක්..🙏 සොබාදහම දරුණු වුණාම අපිට ඒත් එක්ක හැප්පෙන්න අමාරුයි..
හැමෝම තමන්ගෙ ගෙදර හෝ ආරක්ෂිත ස්ථානයකට වෙලා පරිස්සමට ඉන්න 🙏 ගමන් බිමන් අඩු කරන්න🙏
🔴 ඒ වගේම , මේ සැරේ විද්‍යාපීඨ අයදුම් කරන නංගිලා මල්ලිලාට ඒකට තිබුණු Closing Date එක අයහපත් කාලගුණය නිසා දෙසැම්බර් 05 දක්වා දීර්ඝ කරලා තියෙනවා. ඒ ගැනත් නොදන්න අයට දැනුවත් කරන්න💛
@PubusDiaries
6 months ago | [YT] | 17
View 0 replies
Pubu's Diaries
💜️🖋️හෙටින් පටන්ගන්න A/L Exam එකට මුහුණ දෙන නංගිලා මල්ලිලා හැමෝටම ඔයාලා බලාපොරොත්තු වෙන විදියෙ හොඳ ප්‍රතිපල ගන්න , ඔයාලට පුලුවන් උපරිම හොඳින් ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියන්න පුලුවන් වෙන්න කියලා මමත් wish කරනවා❤️
විභාගෙ වෙනුවෙන් ඔයාලා කරපු කැපකිරීම්වලට වටිනාකමක් දෙන්න..💪 තමන්ව විශ්වාස කරන්න..💪
කලබල නොවී කල්පනාවෙන් වැඩ කරන්න..💪
ඔයාට පුලුවන් 💪❤️✨️
@PubusDiaries
6 months ago | [YT] | 24
View 0 replies
Pubu's Diaries
https://youtu.be/tdN1QaPz1wY
ගොඩක් දෙනෙක් අහපු, ඉවසීමෙන් බලන් හිටපු ඒ සුබ ආරංචිය🥰💜️
කලබල නොවී ගැසට් එක හොඳට කියවලා බලලා, සුදුසුකම් ගැන, නීති රීති, කොන්දේසි ගැන හොඳ අවබෝධයක් ඇතුව Apply කරන්න👊 Good Luck නංගිලා මල්ලිලා හැමෝටම❤️✨️
#vidyapeeta
6 months ago | [YT] | 16
View 7 replies
Load more