Life is always Warm & Cozy 💫✨♡ Wakeup & be Amazing💫✨♡
I create inspirational lifestyle videos for you. Specially I create videos for Sri Lankans who live across the world.
Welcome to my channel !
✨ How to clean home.
✨ How to decorate home.
✨ Daily routine
✨ Morning routine
✨ Meal prep videos
✨ Aesthetic videos
✨ Day vlogs Sinhala
✨ How to keep the kitchen clean
✨ How to clean home before going to work
✨ Skin care routine
✨ Gardening in small space
✨ Shopping vlogs
✨ Life in Japan
✨ Sinhala vlogs
Where's Tishi ?
මේ තමයි මම ආසම මාසේ 💖🌷ලස්සනම ලස්සන ජූනී මාසටක් වේවා ඔයාලා හැමෝටම !!!
1 day ago | [YT] | 5
View 0 replies
Where's Tishi ?
අපි චූටී කාලෙ ඉඳන් අවුරුද්ද පුරාවට ආස එක එක කාල 🗓️ තියෙනවනෙ. වෙසක් ☸️ කියන්නෙත් ඒ වගේම ආස කාලයක්. ඒ කාලෙට ලංකාව පුරාම ලස්සන පාට පාට මල් 🌼🪷එහෙම පිපිලා අමුතුම සිරියාවක් තියෙන්නේ.
පාප්ප 🥣 එකක් හදාගෙන පවුලේ ඔක්කොම එකතුවෙලා පාට පාට සව් කොළ කප කප 🟥✂️ උදේ ඉඳන් වෙසක් කූඩු 🏮 හදනවා. හවස් වරුවෙ ගෙදර ළඟපාත ඉන්න නෑදෑ කට්ටියත් එක්ක මල් 🌼 කඩාගෙන තෙල්, පහන් හඳුන් කූරු අරන් සුදු පාටට ඇඳගෙන පන්සල් ගිහින් වැඳලා 🪔🙏 එහෙමම පයින් ඇවිද ඇවිද නානාප්‍රකාර හැඩතල වලට හදලා තියෙන වෙසක් කූඩු, 🏮මහා තොරණ් රාජයන් බලන ගමන්ම දන්සැල් වලට යනවා
පොල්කටු 🥥 කෝප්ප වල උණු උණුවේ බෙලිමල්, පාට පාට ප්ලාස්ටික් කෝප්ප වල සව් 🍵, ලුණුමිරිස් එක්ක කැන්ද කොලේ මඤ්ඤොක්කා කාලා ඊළඟට බත් දන්සලේ දිග පෝලිමේ ඉන්නේ අඹ ඇඹුල්, පරිප්පු, ලූණු තෙල් දාලා, සෝයත් එක්ක දෙන රස කහ බත් එකක් 🍛 කන්න. කියද්දිත් කටට කෙළ උනනවා. දන්සැල් පෝලිං වල හැතැප්ම ගණන් දුරට හිටන් හිටියත් කවදාවත් මහන්සියක් නම් දැනෙන්නේ නෑ.
බත් කෑවම ඉතින් අයිස්ක්‍රීම් 🍦 දන්සලක් හොයාගෙන ඒකෙන් වැනිලා අයිස්ක්‍රීම් කෝන් එකක් කන ගමන් ආයෙත් ලස්සන වෙසක් සැරසිලි බල බල ගෙදරට 🏠 පයින්ම එනවා. පහුවදත් ඉස්කෝල නිවාඩු නිසා අම්මේ ඉතින් ඇඟ හෝදලා, ඇඳට පැනලා සැපට නිදාගන්නවා 😴 ඒ වගේ ලස්සන, නිදහස් ළමා කාලයක් ආයිත් එනවනම් කියලා හිතෙන වාර ගාන අනන්තයි 🥹
Tishi ❤️
2 days ago | [YT] | 26
View 0 replies
Where's Tishi ?
හැමදේම එකවැරම කරන්න ඕනේ නෑ. ටිකින් ටික, පියවරින් පියවර ලස්සන ගමනක් යමු. දවස ගානේ දියුණු වෙමු 🧡
Grow a little every day ✨
Good morning ✨
Tishi ❤️
4 days ago | [YT] | 14
View 1 reply
Where's Tishi ?
හොඳට මතක තියාගන්න හැම දවසක්ම නැවුම් ආරම්භයක් 🍀🦚 Every Day is a Fresh Start 🤍✨
.
.
.
.
GOOD MORNING ✨
Tishi ❤️
#goodmorning #morningvibes #motivation #morningmotivation #wherestishi #viral
5 days ago | [YT] | 14
View 1 reply
Where's Tishi ?
අද මම නිවාඩු 🗓️ මේ තමයි මගේ උදේ කෑම 🥪 මැදට තෙල් දාපු අල 🥔 දාල toast කරගත්ත පාන් පෙති දෙකයි 🍞 දොඩම් ගෙඩි බාගයයි 🍊ඇපල් ගෙඩි බාගයයි 🍎 මගේ kitty 🐈⬛ mug එකට හදාගත්ත සීනි නැති කිරි කෝපි එකයි ☕️
Tishi ♡
1 week ago | [YT] | 14
View 1 reply
Where's Tishi ?
මම අද දවල්ට කන්නේ ජපන් අය කන විදියට🍱💌 බත් ටිකයි 🍚, තම්බපු බිත්තර එකයි🐣, සකස් කරපු කුකුල් මස්කෑලි දෙකයි 🍗🍗, තම්බපු බ්‍රොකොලි කැබලි දෙකයි 🥦🥦, පොඩි තක්කාලි ගෙඩි දෙකයි 🍅🍅. මේක කාලා පොඩි පළතුරක් 🍓🍓කෑවම රෑ කෑම වේල වෙලාව වෙනකම් මට බඩගිනි වෙන්නැහැ. කාලා ඉවර උනාම කැතට බඩ ඉස්සරහට එන්නෙත් නෑ. 🤭 ශෝයි අනේ හැබැයි මෙතන බත් තව ටිකක් අඩු උනානම් තවත් හොඳයි 🙈
වැඩට යන අය, school යන අය මේක ලස්සනට පෙටියක හදාගෙන යන්නේ. බෙන්තො (bento) 🍱 කියලා තමයි ඒකට කියන්නේ. ජපන් අයනම් මේකට සැමන් මාලුත් 🐟එකතු කරගන්නවා ගොඩක් වෙලාවට.
මම මේ ගැන දන්න දේවල් තමයි කිව්වේ. තව මේ ගැන ඔයාලා දන්න දේවල් comment කරන් යන්න බලන්න. ඔයාලා ලස්සනට හදපු කෑම පෙට්ටි, බත් පිඟන් වල photo ටික්කුත් comment වල දාන්නකො බලන්න.
ආදරෙයි ♡
Tishi
#bentobox #bento #japanesefood #healthylifestyle #healthyfood #wherestishi #lifestyleblogger #lifeinjapan #wherestishi #tishi
1 week ago | [YT] | 14
View 2 replies
Where's Tishi ?
Day in Life Shopping Vlog 🛍️🍛🤯✨
1 week ago | [YT] | 2
View 0 replies
Where's Tishi ?
☕️✨
1 week ago | [YT] | 0
View 0 replies
Where's Tishi ?
මගේ අලුත් vlog එක 🌼
2 weeks ago | [YT] | 0
View 0 replies
Where's Tishi ?
ඔයාලා හැමෝටම ලස්සන මැයි මාසයක් !!!
1 month ago | [YT] | 23
View 2 replies
Load more