Welcome to SL PC Mode! On this channel, I bring you the latest in gaming, PC hardware, and tech reviews.
My PC Specs:
● CPU: Intel Core i5-12400F
● GPU: NVIDIA GeForce RTX 3050
● RAM: 16 GB
● Mic: Fifine A6T Microphone
Don’t forget to subscribe for more gaming content!
SL PC Mode
GTA V Series එක ගැන විශේෂ පණිවිඩයක්! ❤️
ඇත්තටම කියනවා නම්, මම හිතපු තරම් ලොකු Audience එකක් මේ GTA V Series එකට ලැබුණේ නැහැ. ඒ ගැන පොඩි කණගාටුවක් තිබුණත්, මේ Series එක අතරමඟ නවත්තලා දාන්න මට කොහෙත්ම හිත දෙන්නෙත් නැහැ. ඉදිරියේදී හරි, මේ ගමනට තවත් ගොඩාක් දෙනා එකතු වෙයි කියලා මට තවමත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
මේ Series එකට මේ වෙනකම් Like එකකින්, Comment එකකින් සහ Share එකකින් මට ලොකු Support එකක් දුන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි! ඔයාලගේ සහයෝගය තමයි මාව තවත් ඉදිරියට ගෙනියන්නේ.
දැන් GTA V අවසානයත් ළඟයි... ඉතින් මේ Series එක ඉවර වුණාට පස්සේ, ඊළඟට අපේ චැනල් එකෙන් ඔයාලට බලන්නම ඕන මොන ගේම් එකද? පහළින් තියෙන Poll එකෙන් ඔයාලගේ කැමැත්ත පළ කරන්න! 👇
1 week ago | [YT] | 18
View 12 replies
SL PC Mode
🎮 GTA 6 ගන්න කලින් මේක කියවන්න! Standard Edition ද? Ultimate Edition ද? 🤔💥
Gaming ලෝකයේ ලොකුම පෙරළිය වෙන GTA 6 Pre-order කරන්න බලාගෙන ඉන්න ඔයාලට, ගන්න ඕනේ මොන Edition එකද කියලා ප්‍රශ්නයක් තියෙනවාද? මෙන්න Standard සහ Ultimate Editions අතර තියෙන සම්පූර්ණ වෙනස්කම් ටික සරලවම! 👇
🔴 Standard Edition ($79.99)
ඔයාට කිසිම අමතර බෝනස් එකක් නැතුව, GTA 6 හි මූලික ක්‍රීඩාව (Base Game / සම්පූර්ණ Story Mode එක) විතරක් රසවිඳින්න ඕනේ නම් මේක තමයි හොඳම Choice එක.
💰 මිල අඩුයි: Ultimate Edition එකට වඩා $20 ක් ලාභදායී වේ.
👕 සීමිත Customization: විශේෂ ඇඳුම්, ටැටූ 50+ කට වඩා වැඩි ප්‍රමාණය සහ විශේෂ කොණ්ඩ මෝස්තර මේකට ලැබෙන්නේ නැහැ.
🔒 වසා ඇති සාප්පු: ක්‍රීඩාව ඇතුළත ඇති සුවිශේෂී සාප්පු 5ක් Standard Edition එකේදී වසා (Locked) පවතී.
🚗 සාමාන්‍ය වාහන සහ ආයුධ: Ultimate Edition එකෙන් මුලදීම ලැබෙන සුපිරි මෝටර් රථ, ස්පීඩ් බෝට්ටු හෝ විශේෂ ආයුධ (Skins) මේකට ලැබෙන්නේ නැහැ.
🗺️ මිෂන් සීමා: 'Classic Car Collection' වැනි සමහර අමතර සයිඩ් මිෂන් (Side Missions) මේ සංස්කරණයට ඇතුළත් නොවේ.
කෙටියෙන් කිව්වොත්: ඔබට අමතර ඇඳුම්, වාහන හෝ විශේෂ සාප්පු අවශ්‍ය නැතිනම්, ක්‍රීඩාවේ ප්‍රධාන කතාව (Story Mode) පමණක් ලබා ගැනීමට Standard Edition එක ප්‍රමාණවත්!
👑 Ultimate Edition ($99.99)
මිලෙන් $20 ක් වැඩි වුණත්, Leonida ප්‍රාන්තයේ සම්පූර්ණ අත්දැකීම උපරිමයෙන්ම විඳින්න කැමති අයට මේක සුපිරිම Deal එකක්! මේකෙන් සුවිශේෂී වෙළඳසැල් 5ක්, අමතර Side Missions 2ක් සහ වාහන/ආයුධ රැසක් Unlock වෙනවා.
🏪 Ultimate Edition එකටම පමණක් වෙන්වූ සාප්පු 5 (Locked Shops):
01. Ride Out Customs: සාමාන්‍ය වාහන, අතිශය සුඛෝපභෝගී මට්ටමට (Detailed Interiors & Rims සහිතව) Modify කළ හැකි ස්ථානය.
02. One-Eyed Willie’s: Off-road වාහන Modify කිරීමට සහ විශේෂ Paint jobs සඳහාම වෙන්වූ තැනක්.
03. Sara’s Unisex Salon: Jason සහ Lucia සඳහාම වෙන් වූ සුවිශේෂී කොණ්ඩ/රැවුල් මෝස්තර මෙන්ම Lucia සඳහා විශේෂ Makeup & Nails හැඩගැන්වීම්.
04. Stock 305: නවතම Streetwear විලාසිතාවේ ඇඳුම් පැළඳුම් මිලදී ගත හැකි සුපිරි සාප්පුව.
05. Electric Fang Tattoo: චරිත දෙකටම ගැසිය හැකි සුවිශේෂී Tattoo මෝස්තර 50කට වඩා අඩංගු තැනක්.
🕵️♂️ අමතර Side Missions & Activities:
● Classic Car Collection Commission: අත්හැර දමා ඇති පැරණි වාහන (Classic Cars) සොයාගෙන අලුත්වැඩියා කිරීමේ මෙහෙයුම. (මෙහි වාහන 4ක් Ultimate අයටම පමණි).
● PTT Youngin$ Illegal Goods Store Raid: නීතිවිරෝධී භාණ්ඩ ගබඩාවක් වටලා, සතුරන්ගෙන් බේරී විශේෂ හොර බඩු පැහැරගෙන යාමේ ක්‍රියාදාම මෙහෙයුම.
🏎️ ලැබෙන විශේෂ වාහන සහ ආයුධ (Chapters ඉදිරියට යද්දී Unlock වේ):
● වාහන: 1995 Grotti Cheetah (Super Car), 1967 Vapid Dominator Buggy, Dinka Enduro යතුරුපැදිය, Shitzu Squalo බෝට්ටුව සහ Crest Kayak.
● ආයුධ: Tommy Vercetti ව මතක් කරන 'Hawk & Little Morgan' රිවෝල්වරය සහ Jason & Lucia සඳහාම වෙන් වූ විශේෂ කැටයම් සහිත Girardi ES9 සහ Klose K17 පිස්තෝල.
🎁 Pre-Order Bonuses (සංස්කරණ දෙකටම පොදුයි!)
ඔබ නොවැම්බර් 19 දිනට පෙර මේ කුමන සංස්කරණයක් Pre-order කළත් මේ දේවල් නොමිලේම ලැබෙනවා:
✨ Vintage Vice City Pack: 1980 දශකයේ Vice City විලාසිතාවේ රෙට්රෝ ඇඳුම් සහ කොණ්ඩ මෝස්තර.
🚗 1955 Vapid Stanier: සම්භාව්‍ය Sedan වර්ගයේ මෝටර් රථයක්.
🔫 Tropical Pattern Weapon Skins: Tommy Vercetti ගේ සුප්‍රසිද්ධ කමිසයේ මෝස්තරය සහිත ආයුධ ස්කින්ස්.
🔥 නොමිලේ මාසයක GTA+ සාමාජිකත්වය (ඩිජිටල් ලෙස ප්‍රී-ඕඩර් කරන අයට පමණි).
🤔 ඉතින් ඔයා මේ දෙකෙන් තෝරාගන්නේ මොන Edition එකද? පහළින් Comment එකක් දාගෙන යන්න! 👇
#GTA6 #GTAVI #GrandTheftAuto6 #GamingCommunity #StandardVsUltimate #PreOrder #GamingNewsSriLanka #RockstarGames
1 week ago | [YT] | 44
View 6 replies
SL PC Mode
ගොඩ කාලයක් බලාගෙන හිටපු GTA 6 ගැන Update එකක් Rockstar එකෙන් දාලා තියෙනවා, Pre-Orders June 25 වෙනිදා පටන් ගන්නවලු, Trailer 3 එකත් ලගදීම Release කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් Guys. 😍😍😍😍
මේ Link එකෙන් ගිහිල්ලා බලන්න පුළුවන්.
https://www.youtube.com/watch?v=EiQEB...
2 weeks ago | [YT] | 51
View 14 replies
SL PC Mode
Hi යාලුවනේ, 👋
කලින් දවස් ටිකේ පොඩ්ඩක් වැඩ වැඩි වුන නිසා හරියට වීඩියෝ එකක් ගේන්න බැරි වුනා. ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. 🙏 ලබන සතියෙත් වැඩ කටයුතු එක්ක වීඩියෝස් එන එක පොඩ්ඩක් විතර අක්‍රමවත් වෙන්න පුළුවන්.
හැබැයි, හැම සිකුරාදාම ඔයාලා බලාගෙන ඉන්න GTA 5 Story Telling වීඩියෝ එක පොඩ්ඩක් පරක්කු වුනත්... අද හවසට අනිවාර්යයෙන්ම චැනල් එකට එනවා! 🎬🔥
දිගටම සෙට් වෙලා ඉන්න. Thank you හැමෝටම! ❤️
1 month ago | [YT] | 14
View 8 replies
SL PC Mode
Forza Horizon 6 Loading... ⏳🔥
Gaming PC එක ලෑස්ති පිට තියෙන්නේ. කවුද ලෑස්ති අලුත්ම Map එකේ රේස් පදින්න? 🏎️💨 Stay tuned ෆ්‍රෙන්ඩ්ස්, සුපිරි Gameplay එකක් ළඟදීම එනවා!
1 month ago | [YT] | 47
View 13 replies
SL PC Mode
අපි 2,000යි! 🎉🔥
මුලින්ම, SL PC Mode පවුල වටා එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. චැනල් එක පටන් ගත්තු දවසේ ඉඳන් අද වෙනකම් අපි කරපු හැම වීඩියෝ එකකටම, හැම Live Stream එකකටම ඔයාලා ලබා දුන්න සහයෝගය තමයි අද මාව මේ 2,000 සීමාවට අරගෙන ආවේ. 💻✨
Youtube කියන්නේ ලේසි ගමනක් නෙමෙයි කියලා අපි හැමෝම දන්නවා. ඒත් වීඩියෝ එකක් දැම්මම ඔයාලා දාන Comment එකක්, Like එකක් දකිද්දී දැනෙන සතුට ඒ හැම මහන්සියකටම වඩා වටිනවා. Gaming ලෝකයේ අලුත් තොරතුරු, PC Hardware updates සහ Game Lore ගැන අපි කතා කරපු දේවල් ඔයාලා වැළඳගත්ත විදිහ ඇත්තටම සතුටුයි. 🎮🇱🇰
ඉදිරියට මොකද වෙන්නේ?
2,000 පහු කළා කියන්නේ වගකීම තවත් වැඩි වීමක්. ඉදිරියට මීට වඩා ගුණාත්මක භාවයෙන් වැඩි, ඔයාලට වැදගත් වෙන අලුත්ම content අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ Discord community එකත් මීට වඩා active කරන්නත් සැලසුම් කරලා තියෙන්නේ.
ඉතින් මේ ගමනේදී මගේ අඩුපාඩු පෙන්නලා දීපු, මාව දිරිමත් කරපු ඔයාලා හැමෝටම නැවතත් ස්තූතියි! අපි අපේ ඊළඟ ඉලක්කය වෙන 5,000 සීමාවටත් ඉක්මනින්ම යමු. 🚀📈
දිගටම අපිත් එක්ක සෙට් වෙලා ඉන්න!
#SLPCMode #2000Subscribers #YouTubeSuccess #GamingCommunitySL #TechLife #Milestone #ThankYouAll
1 month ago | [YT] | 52
View 11 replies
SL PC Mode
අවුරුදු සිරියෙන් බැබළෙන මේ මොහොතේ, අපේ YouTube පවුලේ සැමටම ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කිරි ඉතිරෙන්නාක් මෙන් වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා! 🥛🔥
අවුරුදු නිවාඩුව සතුටින් ගත කරන අතරම, මේ අවුරුද්දේ ඔබ ජයගන්න බලාපොරොත්තු වන ලොකුම ඉලක්කය මොකක්ද? පහළින් Comment එකක් දාගෙන යමු. 👇😊
#HappyNewYear #SriLankanFestival #Celebration #CommunityLove
2 months ago | [YT] | 25
View 7 replies
SL PC Mode
🚨 Rockstar Games නැවතත් හැකර් ප්‍රහාරයකට මුහුණ දෙයි? 🚨
Rockstar Games සමාගමට එරෙහිව නැවතත් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මෙවර ප්‍රහාරය පිටුපස සිටින්නේ 'Shiny Hunters' නම් කුප්‍රකට හැකර් කණ්ඩායමයි.
මෙහි වැදගත්ම කරුණු කිහිපයක්:
● දත්ත කාන්දුව: මෙවර හැකර්වරුන් පද්ධතියට ඇතුළු වී ඇත්තේ 'Anodot' සහ 'Snowflake' වැනි තෙවන පාර්ශවීය දත්ත විශ්ලේෂණ සේවා හරහායි.
● මොනවද නැතිවෙලා තියෙන්නේ?: දැනට ලැබෙන වාර්තා අනුව GTA 6 ක්‍රීඩාවේ දර්ශන හෝ Source Code මෙවර කාන්දු වී නැහැ. නමුත් Rockstar සමාගමේ අභ්‍යන්තර ව්‍යාපාරික දත්ත, මූල්‍ය වාර්තා සහ ක්‍රීඩකයන්ගේ හැසිරීම් රටා පිළිබඳ ඉතා රහසිගත තොරතුරු හැකර්වරුන් සතු වී තිබෙනවා.
● අන්තිම නිවේදනය: අප්‍රේල් 14 වනදා ඒ කියන්නේ හෙට දින වන විට කප්පම් මුදල් නොගෙවන්නේ නම් මෙම දත්ත ප්‍රසිද්ධ කරන බවට හැකර්වරුන් තර්ජනය කර තිබෙනවා.
● GTA 6 වලට බලපෑමක් වෙයිද?: මෙය ව්‍යාපාරික දත්ත සම්බන්ධ ප්‍රහාරයක් නිසා ක්‍රීඩාවේ සංවර්ධන කටයුතු වලට සෘජු බලපෑමක් නොවනු ඇතැයි අපේක්ෂා කරනවා.
Rockstar සමාගම මෙතෙක් මේ පිළිබඳව නිල ප්‍රකාශයක් කර නැති අතර, ඉදිරි දින කිහිපය මේ සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක වනු ඇත.
මේ ගැන වැඩි දුර තොරතුරක් වීඩියෝ එකකින් ඉදිරියේදී රැගෙන එන්නම්.
ඔබේ අදහස මොකක්ද? මේක ඇත්තටම සිද්ධ වුණු දෙයක්ද නැත්නම් තවත් එක කටකතාවක් විතරක් වෙයිද? පහළින් Comment එකක් දාන්න! 👇
#RockstarGames #GTA6 #CyberAttack #ShinyHunters #GamingNews #SLPCMode #SinhalaGaming
2 months ago (edited) | [YT] | 18
View 6 replies
SL PC Mode
❤️1,000 Subscribers! මේ ජයග්‍රහණය ඇත්තටම මගේ නෙවෙයි, ඔබ සැමගේයි!❤️
අද මම මේ ඉන්න තැන ගැන ආපසු හැරී බලද්දී ලොකු සතුටක් දැනෙනවා. ඇත්තම කිව්වොත් මේ 1,000 සීමාව පසු කරන්න මට ගොඩක් උදව් කළේ ඔබයි. මම වීඩියෝ එකක් දාපු ගමන් ඒක බලලා, මගේ වැරදි අඩුපාඩු පෙන්නලා දීලා, මාව දිරිමත් කරපු නිසා තමයි අද මම මෙතන ඉන්නේ. ඒ නිසා මම මේක මගේ ජයග්‍රහණයක් කියලා හිතන්නේ නැහැ—ඔයාලා නැත්නම් මම මෙතන නැහැ.
මේ විශේෂ අවස්ථාව සමරන්න මම හිතුවා ඔබට පොඩි පුදුම කිරීමක් (Surprise) කරන්න! 🎁
මම මීට කලින් Giveaway එකක් ගැන පොරොන්දු වෙලා නොතිබුණත්, මගේ මේ ගමනට ශක්තියක් වුණ ඔබට මගේ ස්තූතිය ප්‍රකාශ කරන්න මේක හොඳම අවස්ථාව කියලා මම හිතුවා. ඒ නිසා අපේ චැනල් එකේ පළමු "1K Celebration Giveaway" එකේ ජයග්‍රාහකයාව මම දැන් තෝරාගෙන අවසන්!
🏆 ඊළඟ වීඩියෝවෙන් මම ප්‍රකාශ කරනවා:
👉 මේ ජයග්‍රාහකයා කවුද?
👉 මම ලබා දෙන ඒ විශේෂ තෑග්ග මොකක්ද?
ඇත්තටම මේක ලොකු වටිනාකමක් තියෙන තෑග්ගක් කියලා හිතන්න එපා. මට පුළුවන් විදිහට මගේ ප්‍රේක්ෂක ඔබට කරන පුංචි ඇගයීමක් සහ ස්තූතියක් විදිහටයි මම මේ තෑග්ග ලබා දෙන්නේ. එහි මිලට වඩා මම ලබා දෙන ආදරය සහ ගෞරවය වටිනවා කියලා ඔබ විශ්වාස කරයි කියලා මම හිතනවා.
ඉදිරියටත් මේ වගේම මාත් එක්ක එකතු වෙලා ඉන්න. මගේ වැරදි තියෙනවා නම් දිගටම කියන්න, මොකද මම අදටත් ඉගෙන ගන්න Content Creator කෙනෙක්.
මීළඟ වීඩියෝවෙන් ජයග්‍රාහකයා සමඟ හමුවෙමු! ✨
ආදරයෙන්,
SLPCMode
#SLPCMode #1KSubscribers #SinhalaGaming #GamingSriLanka #GiveawaySriLanka #GameAndTec
3 months ago (edited) | [YT] | 32
View 6 replies
SL PC Mode
ඇත්තටම මේක අපේ චැනල් එකේ සාමාන්‍ය විෂය පථයට අදාළ නැති පෝස්ට් එකක්. නමුත් අද අපි හැමෝම එක වගේ මුහුණ දෙන ප්‍රශ්නයක් නිසයි මේ ගැන ඔබෙන් අහන්න හිතුනේ.
ලෝක වෙළඳපොළේ තත්ත්වය සහ ලංකාවේ පවතින ගෑස්, ඉන්ධන අර්බුදය හමුවේ රජය ගන්නා තීරණ ගැන ඔබ මොකද හිතන්නේ? මේ තත්ත්වය පාලනය කරන්න වත්මන් රජයට පුළුවන් වෙයිද? නැත්නම් පාලනය වෙනස් විය යුතුයි කියලා ඔබ හිතනවාද?
පහළ Poll එකෙන් ඔබේ අවංක අදහස පළ කරන්න. 👇
#SriLankaEconomicCrisis #SriLanka #LKA #FuelCrisis #GasCrisis
3 months ago | [YT] | 16
View 2 replies
Load more