Sankalpa සංකල්ප

෴ 🇱🇰 ශ්‍රී ලංකා මාතෘ භුමියත් 🇱🇰 🏵️ නිර්මල ථේරවාදී සම්බුුදු සසුනත් සුරකිමු 🏵️ ෴



Sankalpa සංකල්ප

බුදුරජාණන් වහන්සේ සතු වූ තෙසැත්තෑ ඤාණ

39 අත්‍ථ සංදස්සන ඤාණය

නොයෙක් තේරුම් අනුන්ට මනාලෙස දැක්වීමට, දහම් පදයක යම්තාක් තේරුම් ඇද්ද සියල්ල අසා සිටින අයට අවබෝධ වන ලෙස පැහැදිලි වන ලෙස දේශනා කිරීමට ඇති ඥානය අත්‍ථසංදස්සන ඤාණයයි.

5 hours ago | [YT] | 1,089

Sankalpa සංකල්ප

බුදුරජාණන් වහන්සේ සතු වූ තෙසැත්තෑ ඤාණ

38 විරියාරම්භ ඤාණය

වීර්යය පිළිබඳ ආරම්භය පටන් ගැනීම පිළිබඳ නුවණ විරියාරම්භ ඤාණයයි.නොමැලි බව, නොපසුබට උත්සාහය, රුකුල්දීම, උත්සාහය ඇරඹීම යන මෙතෙක් පැවති ගති පිළිබඳ යෙදුනා වූ ප්‍රඥාව විරියාරම්භ ඤාණයයි.

1 day ago | [YT] | 2,356

Sankalpa සංකල්ප

බුදුරජාණන් වහන්සේ සතු වූ තෙසැත්තෑ ඤාණ

37 සල්ලෙඛට්ඨ ඤාණය

විරුද්ධ ධර්ම මනාලෙස ලියා දමයි. කපා දමයි. මනාලෙස සිඳිනු ලබයි. විරුද්ධ ධර්ම නම් දුෂ්ශීල බව වැනි අලාමක බව සිඳනු ලබයි. එහෙයින් ඒ හා යෙදුන නුවණ සල්ලෙඛට්ඨ ඤාණයයි.

2 days ago | [YT] | 2,982

Sankalpa සංකල්ප

බුදුරජාණන් වහන්සේ සතු වූ තෙසැත්තෑ ඤාණ

36 සමසීසට්ඨ ඤාණය

සියලු ධර්ම මනාලෙස සඳීමෙහි ද, නිරුද්ධ කිරීමේද,නොඉපදවීමේද නුවණ සමසීසට්ඨ ඤාණයයි. නව ලෝකෝත්තර මාර්ගයන්හිදී මනාකොට සිඳීම නම් නැවත නූපදින පරිද්දෙන් ඉවත්කිරීමයි.

3 days ago | [YT] | 3,966

Sankalpa සංකල්ප

බුදුරජාණන් වහන්සේ සතු වූ තෙසැත්තෑ ඤාණ

35 පරිනිබ්බාණ ඤාණය

මනාව දන්නහුගේ කෙලෙස්වලට ස්කන්ධවලද පැවැත්ම අවසාන කිරීමේ ප්‍රඥාව පරිනිබ්බාණ ඤාණයයි. ඤාණයේ දියුණුම අවස්ථාවට මෙය ගෙනේ.

4 days ago | [YT] | 3,139

Sankalpa සංකල්ප

බුදුරජාණන් වහන්සේ සතු වූ තෙසැත්තෑ ඤාණ

34 නිරෝධ සමාපත්ති ඤාණය

ප්‍රථම ධ්‍යානයට සමවැදීමෙන් පිළිවෙළින් චිත්ත, චෛතසිකයන්ගේ පැවැත්ම නතරවීම නිරෝධ සමාපත්ති ඤාණයයි.

5 days ago | [YT] | 4,260

Sankalpa සංකල්ප

බුදුරජාණන් වහන්සේ සතු වූ තෙසැත්තෑ ඤාණ

33 අරණ විහාර ඤාණය

කෙලෙස් නොමැතිව විසීම මේ නම්වේ. රාගාදී කෙලෙස්වලට “ රණ”නම්වේ. මෙම කෙලෙස් නිසා සත්වයෝ හඬා වැලපෙති.

6 days ago (edited) | [YT] | 2,818

Sankalpa සංකල්ප

🙏 පින්බර පොසොන් පෝය අදයි 🙏

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්ථිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක උපාසකවරයාත් බුදු රජාණන් වහන්සේගේ නිර්මල බුදු දහම රැගෙන අනුරාධපුර මිහින්තලා පව්වට වැඩම කරවීම අද වැනි දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිස චුල්ලහත්ථි පදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම සිදුවූයේද අද වැනි පොසොන් පොහොය දිනක බව සඳහන් වේ.

6 days ago | [YT] | 2,080

Sankalpa සංකල්ප

බුදුරජාණන් වහන්සේ සතු වූ තෙසැත්තෑ ඤාණ


32 අනාන්තරික සමාධි ඤාණය

තමාගේ පැවැත්මට අනතුරුව නියම ලෙස ඵල ලබාදෙන ආනන්තරික නම් ඇති මග්ග සමාධිය (මාර්ග අවස්ථාවට පත්වීම) සමඟ යෙදුනා වූ නුවණ ආනන්තරික සමාධි ඤාණයයි.

1 week ago | [YT] | 3,274

Sankalpa සංකල්ප

බුදුරජාණන් වහන්සේ සතු වූ තෙසැත්තෑ ඤාණ


31 විහාරට්ඨ ඤාණය

ඵල සමාපත්තියට පෙර සංඛාරුපෙක්‍ඛා ඤාණයෙහි සිටියහුගේ විදර්ශනාව, විහාර පිලිබඳ වෙනස් බවෙහි නුවණ විහාරට්ඨ ඤාණයයි.

1 week ago | [YT] | 3,218