Welcome to the Jathika Jana Balawegaya (NPP), a dynamic political movement comprising 21 diverse groups, including political parties, youth organizations, women's groups, trade unions, and civil society organizations. Established in 2019, NPP is driven by a shared vision of fostering a more progressive Sri Lanka. Our core objectives encompass cultivating an uncorrupted, service-oriented, accountable, and transparent political culture, promoting economic democracy for fairer wealth distribution, strengthening social protections, and championing an inclusive, democratic Sri Lankan identity. Our organizational structure, from the Steering Committee to District Executive Councils, empowers voices at all levels, making NPP a force for positive change in the nation. Join us in shaping a brighter future for Sri Lanka.


NPP Dedigamuwa

අද දින අප 77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තු හද දරමිනි. ශ්‍රී ලංකා ඉතිහාසය ප්‍රව‍ර්තනය කරමින් උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක් ව ගොඩනැඟූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අප මේ වන විට අලුත් මඟකට පිවිස ඇත. පසුගිය සියවසේ අපට අහිමි වූ සහ අපට මඟහැරුණු පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් යළි ගොඩනඟා ගැනීමේ අභියෝගය සමඟ අපි සැමදෙනා මේ වන විට සාමුහිකව පොරබදමින් සිටිමු.

අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතුය. රුහිරෙන් කඳුලින් අරගල කළ ඉතිහාසයේ සියලු විරුවන්ගේ කැපකිරීම්වල අපේක්ෂාව වූයේ ද එයයි. ඒ අනුව පුද්ගලිකවත් සාමූහිකවත් අප ඒකීය පද්ධතියක් ලෙස සමාජීය, පාරිසරික හා ආචාරධාර්මික මං ඔස්සේ සංවර්ධිත නූතන ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැඟිය යුතුය.

නව රජය ලෙස එහිදී පසුගිය මාස හතර තුළ මූලික වශයෙන් සවිමත් ආර්ථිකමය පදනමක් මත රට ස්ථාවර කිරීම, නව දේශපාලන සංස්කෘතියක් අභ්‍යාස කරමින්, දේශපාලනය හා දේශපාලනඥයා පිළිබඳ වූ නව පරමාදර්ශයක් වෙනුවෙන් කැපවීම, ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් තොරව අනෙකා දෙස සමානාත්මතාවෙන්, ගෞරවනීය හා සහකම්පනීය ලෙස බැලීම හා සැලකීම කෙරෙහි ජනතාව මෙහෙය වීම හා නීති බල ගැන්වීම, ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ අපගේ මුඛ්‍ය පරමාර්ථ සාධනය කර ගැනීම සඳහා වූ ප්‍රතිපත්තිමය හා ක්‍රියාකාරී එළැඹුම සනිටුහන් කරමින්, අවදානමට ලක් වූ හා ලක් විය හැකි කිසිඳු පුරවැසියෙක් මඟ නොහැරෙන පරිදි අත්‍යවශ්‍ය සමාජ කණ්ඩායම් වෙත ප්‍රවේශය සහතික කරන සුබසාධන යාන්ත්‍රණ සැකසීම, අපට මඟහැරුණු නව්‍ය විද්‍යා හා තාක්ෂණ දියුණුව අත්පත් කර ගැනීම සඳහා ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමට අවැසි මුල් පියවර තැබීම, දූෂිත පාලකයන් සිටින රටක් ලෙස වූ පූර්ව නිගමනය බැහැර කර ලෝකයේ සියලු රටවල් හා ජාතීන් සමග වඩා විශ්වාසනීය ලෙස ගනුදෙනු කළ හැකි නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් සහිත රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ යළි ශ්‍රී ලංකාව සන්නාම ගත කිරීම යන කාර්ය වෙත අපගේ අවධානය යොමු විය.

මේ අනුව පැවැති දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද මෙරට පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව නමුත්, ස්ථාවරව ඉදිරියට යමින් සිටී. අපගේ පොරොන්දුව පරිදිම අද වන විට අප ජාතික පුනරුද යුගයක් වෙත ශ්‍රී ලංකාව කැඳවා යාමට මේ වන විට සමත්ව සිටිමු. ඒ අනුව දැන් ඇත්තේ ඉහත කී පදනම මත ක්‍රමානුකූලව සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ කරගැනීම පිළිබඳ වූ ඉතිහාසයේ වඩා නිර්මාණශීලීම කාර්‍යය නොසැලෙන විශ්වාසයෙන් යුතුව ඉදිරියට රැගෙන යාමයි. ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාව වඩා ශක්තිමත්ව හා විශ්වාසයෙන් යුතුව පෙළගැසෙන ලෙසත්, නිදහස පිළිබඳ වූ නූතන සුසමාදර්ශයක් ගොඩනැඟීමේ කාර්යය හා එක්වන ලෙසත්, පුනරුද යුගය සඳහා වන සාමුහික ඇරඹුමට එක්වන ලෙසත්, 77 වන ජාතික නිදහස් දිනය සමරන මෙම අවස්ථාවේදී මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවට මම ආරාධනා කර සිටිමි.

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 පෙබරවාරි 04 දින

இன்று நாம் 77 ஆவது தேசிய சுதந்திர தினத்தை ஒரு புதிய சுதந்திரத்திற்கான எதிர்பார்ப்புடன் கொண்டாடுகிறோம். நாம் தற்போது, இலங்கையின் வரலாற்றை மாற்றியமைத்து, வடக்கு, கிழக்கு, மேற்கு, தெற்கு என அனைத்து மக்களாலும் கட்டியெழுப்பப்பட்ட மக்கள் அரசாங்கத்துடன் புதிய பாதையில் நுழைந்துள்ளோம். கடந்த நூற்றாண்டில் நாம் இழந்த மற்றும் தவறவிட்ட வளமான நாட்டையும் - ஒரு அழகான வாழ்க்கையையும் மீண்டும் கட்டியெழுப்புவதற்கான சவாலுடன் நாம் அனைவரும் இப்போது ஒன்றாக போராடுகிறோம்.

நமது எதிர்கால சந்ததியினருக்காக நாட்டை புதிய நிலைக்கு உயர்த்த வேண்டும். இரத்தம், கண்ணீரால் போராடிய வரலாற்றின் அனைத்து தலைவர்களினதும் தியாகத்தின் எதிர்பார்ப்பு அதுவேயாகும். அதற்கிணங்க, நாம் தனித்தனியாகவும், கூட்டாகவும், ஒருங்கிணைந்த சமூகக் கட்டமைப்பாக, சுற்றாடல் மற்றும் ஒழுக்கநெறியூடாக அபிவிருத்தியடைந்த நவீன இலங்கை தேசத்தைக் கட்டியெழுப்ப வேண்டும்.

புதிய அரசாங்கம் என்ற வகையில், கடந்த நான்கு மாதங்களில், வலுவான பொருளாதார அடிப்படையில் நாட்டை ஸ்திரப்படுத்துதல், புதிய அரசியல் கலாசாரத்தை நடைமுறைப்படுத்துதல், அரசியல் மற்றும் அரசியல்வாதிகள் தொடர்பிலான புதிய முன்னுதாரணத்துக்காக அர்ப்பணித்தல்,இனவாதம்,மதவாதம் இன்றி மற்றவர்களை சமத்துவம், கௌரவம்,கரிசனையுடன் பார்ப்பது, நடத்துவது மற்றும் சட்டத்தை அமுல்படுத்துதல், ஆகியவற்றில் முக்கிய கவனம் செலுத்தப்படுகிறது.

கிராமப்புற வறுமையை ஒழித்தல் உள்ளிட்ட முக்கிய நோக்கங்களை அடைந்துகொள்வதற்கான எமது கொள்கைகள் மற்றும் செயற்பாடுகளை உறுதிப்படுத்தி, பாதிக்கப்பட்ட மற்றும் பாதிக்கப்படக்கூடிய சமூகக் குழுக்களை கைவிடாத அணுகுமுறையை உறுதிப்படுத்தும் நலன்புரி பொறிமுறையை உருவாக்குதல், நாம் தவறவிட்ட புதிய அறிவியல் மற்றும் தொழில்நுட்ப முன்னேற்றங்களைப் அடைந்துகொள்ள பொருளாதாரத்தை டிஜிட்டல் மயமாக்க தேவையான முதல் நடவடிக்கைகளை எடுத்தல், ஊழல் ஆட்சியாளர்கள் நிறைந்த நாடு என்று முன்பு காணப்பட்ட பிம்பத்தை தவித்து, உலகின் அனைத்து நாடுகளுடனும், நாடுகளுடனும் மிகவும் நம்பகத்தன்மையுடன் கொடுக்கல் வாங்கல் செய்யக்கூடிய நாடென சர்வதேச சமூகத்தின் முன் இலங்கையை மீள அடையாளப்படுத்துவதில் நாம் கவனம் செலுத்துகிறோம்.

இவ்வாறாக, ஊழல் ஆட்சியாளர்களின் ஆயிரம் அவதூறுகள் மற்றும் இடையூறுகளுக்கு மத்தியில் இந்த நாட்டின் பொது மக்களால் கட்டியெழுப்பப்பட்ட மக்கள் அரசாங்கம் சீராக முன்னோக்கிச் சென்று கொண்டிருக்கிறது. எமது வாக்குறுதியின்படி இலங்கையை தேசிய மறுமலர்ச்சி யுகத்தை இட்டுச் செல்வதில் நாம் வெற்றி கண்டுள்ளோம். அதன்படி, மேற்கூறிய அடிப்படையில், பல நூற்றாண்டுகளாக நாம் கண்ட கனவை நனவாகிக்கொள்ள வரலாற்றில் மிகவும் ஆக்கபூர்வமான பணிகளை அசைக்க முடியாத நம்பிக்கையுடன் முன்னெடுத்துச் செல்லவேண்டியுள்ளது.

அதற்காக, அனைத்து இலங்கை மக்களையும் உறுதி மற்றும் நம்பிக்கையுடன் அணிதிரளுமாறும், 77ஆவது தேசிய சுதந்திர தினத்தை கொண்டாடும் இச்சந்தர்ப்பத்தில்,சுதந்திரத்தின் நவீன முன்னுதாரணத்தை கட்டியெழுப்பும் பணியில் இணையுமாறும், மறுமலர்ச்சி யுகத்திற்கான புதிய திருப்பத்துடன் கூடிய கூட்டு முயற்சியில் இணையுமாறும், அனைத்து இலங்கை மக்களுக்கும் அழைப்பு விடுக்கிறேன்.

அநுர குமார திசாநாயக்க
ஜனாதிபதி
இலங்கை ஜனநாயக சோசலிச குடியரசு
2025 பெப்ரவரி 04

Today, as we celebrate the 77th National Independence Day, we do so with hopes and aspirations for a new kind of freedom. Reflecting on Sri Lanka’s history, we have now embarked on a new path, with a government built through the collective efforts of the people from the North, East, West, and South. At this moment, we stand together to take on the challenge of rebuilding a thriving nation – a beautiful life; something that was lost and eluded us over the past century.

For the sake of our future generations, we must elevate our nation to new heights. This was the very expectation of all the heroes in our history who struggled to achieve it with their blood and tears. Therefore, both individually and collectively, we must build a modern, developed Sri Lankan nation, guided by social, environmental, and ethical principles.

As the new government, over the past four months, we have laid the foundation for a stable economy, introduced a new political culture, and committed ourselves to a new political ideal. We strive for a society where people regard each other with equality, respect, and empathy; —free from racism and religious divisions. We focus on governance through public engagement and the rule of law, while prioritising the eradication of rural poverty. Our policies and actions aim to ensure that no citizen, particularly the most vulnerable, is left behind. Steps have also been taken towards digitalising the economy to embrace advancements in science and technology that we previously missed. Additionally, we are committed to transforming Sri Lanka’s global image—from a country known for corrupt governance to one that upholds an independent foreign policy and earns trust in international relations.

Despite countless obstacles and the deep-rooted flaws of the past corrupt political system, the people's government, built by the collective will of the citizens, is steadily progressing forward. As promised, we have successfully ushered Sri Lanka into an era of national revival. Now, the task ahead is to systematically build upon this foundation and realise a centuries-old dream with unwavering confidence and creativity.

On this 77th National Independence Day, I invite all Sri Lankans to stand strong and united, to take part in shaping a modern vision of freedom, and to contribute to the collective beginning of this new era of revival.

Anura Kumara Dissanayake
President
Democratic Socialist Republic of Sri Lanka
4 February 2025

1 year ago | [YT] | 3

NPP Dedigamuwa

ශ්‍රේෂ්ඨයන් යනු කඩා නොවැටුන මිනිසුන් නොව,

මහා කඩා වැටීම් මැදත් නැගිටින මිනිසුන්ය…

ඔබ පක්ෂයට ශ්‍රේෂ්ඨයෙකි!

කඩා වැටුණු රට ගොඩ නගා, ජනතාව වෙනුවෙන් පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් තනන්නට පොර බදන ශ්‍රේෂ්ඨයෙකු වීමට අපෙන් සුබ පැතුම්!

සුබ උපන්දිනයක් ආදරණීය ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා..!

ජය! 🧭🇱🇰

#NPP #nppsrilanka #ANURAKUMARADISSANAYAKE #nppdedigamuwa

1 year ago | [YT] | 23

NPP Dedigamuwa

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්

01. බිමල් රත්නායක
ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික,

02. ආචාර්ය අනුර කරුණාතිලක
කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

03. මහාචාර්ය උපාලි පන්නිලගේ
රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති,
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

04. එරංග උදේශ් වීරරත්න
සමාගම් ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

05. අරුණ ජයසේකර
විශ්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානී

06. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික

07. ජනිත රුවන් කොඩිතුවක්කු
නාවුක සහකාර ඉංජිනේරු, ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික

08. පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි
ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික

09. රාමලිංගම් චන්ද්‍රසේකර්
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක

10. වෛද්‍ය නජිත් ඉන්දික
සමාජ ක්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු

11. සුගත් තිලකරත්න - ඔලිම්පික් ක්‍රීඩක

12. නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික

13. සුනිල් කුමාර ගමගේ
වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී,
ආර්ථික කවුන්සිල සාමාජික, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති

14. ගාමිණී රත්නායක
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු

15. මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති

16. සුගත් වසන්ත ද සිල්වා
සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති

17. අබුබකර් ආදම්බාවා
(දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාශයේ අපේක්ෂක) රුහුණු විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබද විද්‍යාවේදී උපාධිධාරි, අධ්‍යාපනවේදී පශ්චාත් උපාධිදාරි, ලංකා ගුරු සේවා සංගමයේ උප ලේකම්

18. ආර්. එච්. උපාලි සමරසිංහ
(වන්නි මැතිවරණ කොට්ටාශයේ අපේක්ෂක) ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ වව්නියාව දිස්ත්‍රික් සංවිධායක

1 year ago | [YT] | 7

NPP Dedigamuwa

මැතිසබය Clean කිරීමේ මහා ශ්‍රමදානයේ දී, ජාතික ජන බලවේගය පිළිබඳ විශ්වාසය තැබූ ඔබ සියලුම දෙනාට ස්තූතියි!

ඔබ තැබූ විශ්වාසය ආරක්ෂා කරමින් යුක්තිගරුක යහපත් සමාජයක් ගොඩ නැගීමට අපි කැප වන්නෙමු.

ජනතාවට ජය! 🧭🇱🇰
#NPP #nppsrilanka #nppdedigamuwa

1 year ago | [YT] | 17

NPP Dedigamuwa

හෙට (08) දින අගමැති හරිනි සහෝදරිය ඔබ අමතන කඩුවෙල ජන හමු මාලාව...

1 year ago | [YT] | 13

NPP Dedigamuwa

🧭❤️

1 year ago | [YT] | 14

NPP Dedigamuwa

දෙරණ 360
අද (28) රාත්‍රී 10.30ට...
#NPP #nppsrilanka #nppdedigamuwa

1 year ago | [YT] | 10

NPP Dedigamuwa

ඓතිහාසික ජයග්‍රහණයක් වෙනුවෙන් කඩුවෙල සුදානම...
#NPP #nppsrilanka #nppdedigamuwa

1 year ago | [YT] | 11

NPP Dedigamuwa

"රට හදන අපි එකට මාලිමාවට"
ජයග්‍රාහී ජනතා රැලි මාලාව | ඔක්තෝබර් 20

1 year ago | [YT] | 14

NPP Dedigamuwa

තංගල්ල ජයග්‍රාහී ජනතා රැලිය | රට හදන අපි එකට මාලිමාවට | NPP Srilanka | AKD | 2024.10.19
youtube.com/live/DDl_KMwuhTQ?si=D-yvGaX7wCr6SA7t

1 year ago | [YT] | 22